Pages

Tuesday, December 8, 2015

Only In Sri Lanka..........





































ජීවිතයේ කුජීත භාවය යනු.

1.ෆෝන් එකේ Battery low වී ඕෆ් වූ අවස්ථාවක කරන්ට් යෑම
 2.රෙදි වැලේ ජොක්කු 4ක් විතර දමා ඇති අවස්ථාවක නංගිගේ යාළුවො සෙට් එක ගෙදරට පැමිණිම. 3.යාළුවෙකුගේ ගෙදර ගොස් සිටියදී උන්ගේ ගෙදර අය ඉදිරිපිට කුණුහරුපයක් කියවීම.
 4.මං නිදාගෙන ඉන්නා අතරේ අල්ලපුගෙදර එකා පාඩම් කරන සීන් එකක් අපේ අම්මා දැකීම.
5.ටීවී එකේ තනියම ෆිල්ම් එකක් බලන අතර තාත්තා එතනට එනවිටම ෆිල්ම් එකේ ජින්කි ජිකා සීන් කෑල්ලක් පෙන්වීම
 6.ඩවුන්ලෝඩ් වෙන්න දාපු එකක් 99%දී ෆේල් වීම
7.පොඩි ෂෝටකුත් දාගෙන කඩේට ගිය අවස්ථාවක ටෝක් කරන කෑල්ල සහ ඒකිගෙ යාළුවො 25කින් යුක්ත ගැන්සිය හමුවීම.
 8.පට්ට කෑල්ලක් චැට් එකට සෙට් වෙනකොටම ඩේට පැකේජ් එක ඉවරවීම.
 9.අම්මාගෙන් ආපු කෝල් 25ක් විතර ආන්සර් කරන්නට බැරිවී ඊළගට එන එක ආන්සර් කරන්නට සිදුවීම. 10.පන්තියේ ඉස්සරහ පේලියක වාඩිවී ෆෝන් එක සයිලන්ට් දමා නොතිබූ දවසක කස්ටමර් කෙයා එකෙන් කෝල් කිරීම.
11.ගෙදරින් හිඟාකාගෙන ඩේට කාඩ් එකක් දමාගෙන ෆේස්බුක් ලොග් වෙන්න බලද්දී වයිරස් ගාඩ් එක අප්ඩේට් වීම නිසා පැකේජ් එක ඉවර වී තිබීම.
 12.කලින් කෑල්ලට පට්ට සල්ලිකාර,හැන්ඩ්සම් කොල්ලෙක් සෙට් වී තිබීම
 13.යකෙක් කන්න බඩගිනි සෙට් වී ගෙදර එන අවස්ථාවක අම්මා කරවිල සාදා තිබීම.
 14.ක්ලාස් එකේදි ලොකු පම්ප් එකක් සෙට් වී ඇති දවසක සර් කාරයා ඉන්ටවල් එක පරක්කු කරමින් බණ කිය කිය සිටීම.
15.බස් එකේ හිටගෙන පට්ට සෙනගක් මැද කට්ට කාගෙන හිරවී යන අවස්ථාවක ඩ්‍රයිවර් කාරයා අජිත් මුතුකුමාරණගේ සිංදුවක් දැමීම
 16.යාළුවන් සමග අඩියක් ගසා රෑ 11ට විතර ගෙදරට එද්දී තාත්තා අවදියෙන් සිටීම.
 17.මං නිදාගෙන ඉන්න වෙලාවට ලයිට් එක දමාගෙන කාමරයට එන අපේ ගෙදර එවුන් ලයිට් එක නිවන්නේ නැතුව ආපසු යෑම.
 18.කෑල්ලත් එක්ක බීච් එකේ ඉන්න අවස්ථාවක අල්ලපුගෙදර ඇන්ටී හමුවීම.
 19.ඉස්කෝලෙදි කුප්ප වැඩක් කිරීම නිසා දඬුවම් ලබා ඇති අවස්ථාවක තාත්තා පාසලට පැමිණිම. 20.යාළුවො එක්ක මළගෙදරක නයිටක් සෙට්වී සිටින අවස්ථාවක මළගෙදරක උදවිය ඉදිරියේ මහ හයියෙන් හිනා යෑම.
 21.අඩි 6ක් විතර උස රම්බො සයිස් නස්පානියෙක් පස්සෙන් එනවා යැයි කෑල්ල කංකෙඳිරි ගෑම.
 22.ෆෝන් එක ගෙදර සෙට් එකට ගසා ගමටම ඇහෙන්නට සිංදු දමා ඇති අවස්ථාවක වැලක් ප්ලේ වීම. 23.යාළුවො සෙට් එක එක්ක ගැසූ,මාව ඉතාම අවලක්ෂණ කුජීත ස්වරූපයෙන් දිස්වන ගෲප් ෆොටෝ එකක් යාළුවෙක් විසින් ෆේස්බුක් අප්ලෝඩ් කර මටද ටැග් කර තිබීම.
 24.බාබර්කාරයා වෙන එවුන්ගේ කොණ්ඩා කැපීමට සෑහෙන වේලාවක් ගැනීම නිසා සැලූන් එකේ පැය ගාණක් බලාහිඳ මගේ වාරය ආ පසු ඌ මගේ කොණ්ඩය ඌට ඕන විදියට විනාඩි 5න් කපාදැමීම සහ ඒක මහ කැත කට් එකක් වීම.
 25.යාළුවෙකුගේ අතින් මගේ මෙමරි කාඩ් එක ෆෝමැට් වීම.
 26.යාළුවො සැට් එකම වට කරගෙන මං කියපු විහිළු කතාව අවසානයේ එකෙක්ටවත් හිනා නොයෑම 27.සෙනග පිරුණු බසයක ලස්සන කෙල්ලන් හා බොහෝදෙනෙක් හිටගෙන යද්දී සහ අනෙක් සියලුම සීට් වල දෙන්නා බැගින් වාඩිවී සිටියදී මං ඉන්න සීට් එකේ එකෙක්වත් වාඩි නොවී තනියම යෑමට සිදුවීම.
 28.බස් එකේ සියලුම දෙනා වාඩිවී සිටියදී මට විතරක් හිටගෙන යෑමට සිදුවීම.
 29.කෙල්ලො සෙට් එකකට ලයින් පාරක් දාගෙන යනකොටම උන් ඉස්සරහදී බයිසිකලේ චේන් එක පැනීම.

from elakiri by Matara_C

suraloke janith iddamalgoda marvelous

Friday, December 4, 2015

එහෙනම් එදා සිංහලයාගේ ජනප්‍රියතම "දිය බත් " හදන හැටි.




අහල තියනවද මෙහෙම කෑමක්
අතීතයේ මිනිස්සුගෙ ශක්තිය රැදවූ කෑමක්
අපේ ගෙවල් වල තාම ඉදලා හිටලා හැදෙනවා
සමහරු නම් කාල නැතිව ඇති


එහෙනම් එදා සිංහලයාගේ ජනප්‍රියතම "දිය බත් " හදන හැටි.

අවශ්‍ය දෑ :- රාත්‍රියේ උයා ඉතිරි උන බත් ටිකක්
එයට දැමීමට බත් වැසෙන තරමට ජලය
පොල් බෑවක්
රතුළුණු ගෙඩි 5-6 ක් හෝ රටලුණු ගෙඩි 1 ක්
වියලි මිරිස් කරල් 5-6 ක්
දෙහි ගෙඩියකින් බෑවක්
ලුණු අවශ්‍ය පමණට
සුද්ද කරපු පොල් කූරක්

අපේ ගෙවල් වල සාමානයෙන් කෑම හදන කොට ගෙදර ඉන්න අයට ගානට හදන්නේ නැ නොවැ. හදිසියෙවත් කවුරු හරි අවොත් කියලා තවත් මනුස්සයකුට ඇති මදි වෙන තරමට ටිකක් වැඩියෙන් තමා උයන්නේ පිහන්නේ. සිංහලයා එදා ඉඳන් ආගන්තුක සත්කාරයට ප්‍රසිද්දයි නොවැ. කන බොන වෙලාවට ගෙදරට එන බලු කුක්කට වත් කෑම කටක් නොදී ගෙදර මිනිස්සු කාපු නැති ජාතියක් උන අපි අද නම් වැඩියෙන්ම කරන්නේ ඉල්ලගෙන කන එක තමා. හා ඒවා ගැන කතා කරන්න ගියොත් කියන්න යන දේ කියන්න බැරි වෙන හින්දා මෙන්න මෙහෙම කරන්න.
රෑට කාපුවාම ඉතිරි වෙන බත් ටික දැනට නම් අපි පහුවදා උදේම කන්නේ නැ ඔකේ නිකන් සීතල ගතියක් එක්ක පොඩි පරණ රසක් එන නිසා ඕක එක්කෝ වීසි කරනවා නැත්නම් ඉතින් "හොඳමදේ දරුවන්ට දීලා හැමදාම ඉතිරිවෙන දේ කන අපේ අම්ම කනවා". කරන්න තියෙන්නේ මෙන්න මේ ඉතිරිවෙන බත් ටිකට වතුර ටිකක් වත් කරලා තියන එක විතරයි. හබැයි වතුර දානකොට දාන්න ඕන බත් ටික වැහෙන තරමට විතරයි. මහා ගොඩක් වක්කරනවා එහෙම නෙවෙයි. පොඩි මැටි කොප්පෙකට(කරි මුඩි) බත් ටික දාල වතුර දාල හොඳට වහලා තියන්න. හැදුවට පස්සේ මේගැන මතක් උන නිසා ඔන්න පින්තුරයක් ගන්න නම් බැරි උනා.
පහුවදා උදේ මේ බත් එක අරන් බලන්න අර දාපු වතුර උරාගෙන බත් ඇට ටිකක් පිම්බිලා තියෙනවා වතුරත් අඩුවෙලා තියෙන්නේ. දැන් කරන්න තියෙන්නේ පොල් ටිකක් ගාන එකයි. පොල් බෑවකින් 1/3 විතර ගාල උණුවතුර ටිකක් වෙන්න දාල හොඳ උකුවට මිටිකිරි තේ කෝප්ප 2/3 විතර හදා ගන්න.දිය කිරි වත් පොල්කිරි ගොඩක් වත් හදා ගන්න එපා එතකොට මේක වතුර ගතිය වැඩි වෙලා රස නැති වෙනවා. රතුළුණු ගෙඩි 5 -6 ක් සුද්ද කරලා හීනියට ලියා ගන්න. රතුළුණු නැතිනම් රටළුණු ගෙඩියකින් 1/2 හෝ 2/3 හෝ උනත් කමක් නැ. හැබැයි රතුළුණු නම් රස වැඩියි.

කපා ගත්ත රතුළුණු ටික, පුච්චලා කැබලි කරගත් මිරිස් ටික අර වතුර දාපු බත් එකට දාන්න. එකේ තියන වතුර ඉවත් කරන්න එපා. දැන් මේකට අවශ්‍ය තරම් ලුණු දමන්න. බත් එකටත් ලුණු දාලනම් උයලා තියෙන්නේ ලුණු ටිකක් විතර දාන්න. දැන් මේකට පොල්කිරි ටික එකතුකරන්න සමහරු නම් පොල්කිරි ටිකක් රත් කරලා දානවා එහෙම ඕන නැ. පොල්කිරි නිකම්ම දාන්න. දැන් දෙහි බැව අවශ්‍ය තරමට මිරිකන්න රස අනුව. වැඩේ ඉවරයි. මේක සිම්පල් ප්ලැන් එකක්. දියකිරි, හරි මිටිකිරි, හරි ගොඩක් වැඩි උනොත් රස ටිකක් අඩුවෙයි. එ හින්දා බත් එක වැහෙන ගානට විතරක් දා ගන්න. මොකද රෑ දාපු වතුරත් බත් එකෙ තියනවා කියල අමතක කරන්න එපා. රෑ දාපු වතුර පෙරන්න එපා එතකොට කන්න වෙන්නේ රොඩ්ඩ විතරයි.

Repost nam Sorry
ඉස්සුවෙ බුකියෙන්

මම සිංහල. ඇයි අවුල්ද?