Pages

Monday, January 31, 2011

Hot


 කුමන බාධා ආවත් මහාබෝධි සමාජ සත්කාරයන් නවතන්නේ නෑ
Jan 31, 2011
කුමන බාධා එල්ලවුණද ශ‍්‍රී ලංකා මහාබෝධි සංගමය මගින් සිදුකෙරෙන සමාජ සත්කාරයන් නොනවත්වා ඉදිරියට ගෙන යන බව එහි සභාපති පූජ්‍ය බානගල උපතිස්ස හිමියන් පවසයි.

චෙන්නායි නුවරදී සැමරෙන ශ‍්‍රී ලංකාවේ 63 වන නිදහස් දින සැමරුම් උළෙල පිළිබද මාධ්‍ය වෙත අදහස් පළකරමින් උන්වහන්සේ මේ බව අවධාරණය කළේය.

එළඹෙන පෙබරවාරි 4 වනදාට යෙදෙන නිදහස් දිනය වෙනුවෙන් චෙන්නායි හී ශ‍්‍රි ලංකා නියෝජ්‍ය මහා කොමසාරිස් කාර්යාලයේ නිල උත්සවය පැවැත්වෙන අතර 5 වනදා පෙරවරුවේ මහා බෝධි මධ්‍යස්ථානයේ නිදහස් උළෙල වෙනුවෙන් විශේෂ සැමරුම් වැඩසටහනක් ක‍්‍රියාත්මකය.

මේ සඳහා දෙමළ බෞද්ධ සංවිධාන ගණනාවක සහයද හිමිවන අතර පසුගියදා චෙන්නායි මහා බෝධි විහාරයට එල්ල වු ප‍්‍රහාරය එම සංගමයේ සමාජ සත්කාරයන් සඳහා බාධාවක් නොවන බව පූජ්‍ය බානගල උපතිස්ස හිමියන් පැවසුවේය.

මේ අතර මෙවර චෙන්නායි නිදහස් දින සැමරුම සඳහා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සහ හොල්සිම් සමාගමේ සමාජික ජියෝ සයිකල් සමාගම් ද්විත්වය සත්කාරක සම්මාදම දරයි.

චෙන්නායි නිදහස් දින සැමරුම සඳහා ටීවී දෙරණ රූපවාහිනි මාධ්‍ය අනුග‍්‍රාහකත්වය දරයි
ශ්‍රී ලංකාවට ලකුණු 246 ක ඉලක්කයක්
ශ්‍රී ලංකාවට ලකුණු 246 ක ඉලක්කයක්
Jan 31,2011
සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පළමු එක්දින ක්‍රිකට් තරගය අද(31) කොළඹ එස්. එස්. සී. ක්‍රීඩාංගණයේදී ආරම්භ විය.

තරගයේ කාසියේ වාසිය හිමිකරගත් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පන්දුවාර 50 අවසානයේදී කඩුලු 05 ක් දැවී ලකුණු 245ක් රැස්කරනු ලැබීය.

ඒ අනුව ජයග්‍රහණය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 246 ක ඉලක්කයක් හඹා යා යුතුය.
ඊ නිව්ස් ගින්න ගැන කඩිනමින් විමර්ශනය කරන්නැයි ජනපතිගෙන් නියෝගයක්
ඊ නිව්ස් ගින්න ගැන කඩිනමින් විමර්ශනය කරන්නැයි ජනපතිගෙන් නියෝගයක්
මාලඹේ පිහිටි "ලංකා ඊ නිව්ස්"වෙබ් අඩවි කාර්යාලයෙහි අද(31) පෙරවරුවෙහි ඇතිවූ ගින්න සම්බන්ධව කඩිනමින් විමර්ශන කටයුතු ආරම්භ කරන ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් පොලිස්පතිවරයා වෙත උපදෙස් ලබා දී තිබේ.

එමෙන්ම එම හදිසි ගින්න සම්බන්ධව වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසත් ජනාධිපතිවරයා විසින් උපදෙස් ලබා දී ඇති බව ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් බන්දුල ජයසේකර මහතා අද දෙරණ වෙත සඳහන් කළේය.
ලංකා ඊ නිව්ස් කාර්යාලයේ ගින්නක්
ලංකා ඊ නිව්ස් කාර්යාලයේ ගින්නක්
Jan 31,2011
මාළඹේ, යහන් මාවතේ පිහිටි "ලංකා ඊ නිව්ස්" වෙබ් අඩවියට අයත් කාර්යාලයේ ගින්නක් හටගෙන තිබේ.

අද(31) අළුයම දෙකට පමණ හටගෙන ඇති මෙම ගින්න ප්‍රදේශවාසීන් එක්ව මැඩපවත්වා ඇති බව පොලිසිය පැවසීය.

ගින්න හටගන්නා අවස්ථාවේදී කාර්යාලයේ ප්‍රධාන දොර විවෘත කර තිබී ඇති අතර කිසියම් පිරිසක් විසින් කාර්යාලයට ගිනි තබන්නට ඇතැයි පොලිසිය සැක පළ කරයි.

මේ වන විට සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇති බව තලංගම පොලිසිය පැවසීය.

කාර්යාලයෙහි සියලුම පරිගණක යන්ත්‍ර මෙම ගින්නෙන් විනාශයට පත්ව ඇති අතර බරපතල දේපළ හානියක් සිදුව ඇති බව ද වාර්තා වේ. 


මනාප අංක නිකුත් කිරීම හෙටින් ඇරඹෙයි
මනාප අංක නිකුත් කිරීම හෙටින් ඇරඹෙයි

Jan 31,2011

පළාත් පාලන මැතිවරණයට අදාළ නාමයෝජනා ඉදිරිපත් කළ පිළිගත් දේශපාලන පක්ෂ සහ ‍ස්වාධීන කණ්ඩායම්වල අපේක්ෂකයන්ට අදාළ මනාප අංක නිකුත් කිරීම හෙටින්(01) ආරම්භ කරන බව මැතිවරණ මහලේකම් කාර්යාලය පවසයි.

දිස්ත්‍රික් මැතිවරණ කාර්යාල වලින් අදාළ නාමයෝජනා මේ වන විට කොළඹ මැතිවරණ මහලේකම් කාර්යාලය වෙත ලැබී ඇති බව වාර්තා වේ.

මැතිවරණ කොමසාරිස් දයානන්ද දිශානායක මහතා විසින් එම නාමයෝජනා නීරීක්ෂණය කොට නිවැරදි බවට තහවුරු කළ යුතු වේ.

දේශපාලන පක්ෂවල සහ ස්වාධීන කණ්ඩායම්වල අපේක්ෂකයින්ගේ නම් සිංහල අකාරාදි පිළිවෙලට සකස් කර මනාප අංක තීරණය කිරීමට නියමිතය.

අදාළ මනාප අංක දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීවරුන්ගෙන් සහ සහකාර මැතිවරණ කොමසාරිස්වරු‍න් මගින් ලබාගත හැකි බව මැතිවරණ මහලේකම් කාර්යාලය සඳහන් කරනු ලැබීය.

මේ අතර තැපැල් ඡන්ද ඉල්ලුම් කිරීමේ කාලය අදින් අවසන් වේ.

මෙවර මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද අයඳුම් කිරීමේ දී පැවති අඩු උනන්දුව හේතුවෙන් අවස්ථා දෙකකදී ඒ සඳහා ලබාදී තිබු කාලය දීර්ඝ කෙරුණි.

කෙසේ වුව ද මේ වන විට තැපැල් ඡන්ද අදුම්පත් දෙලක්ෂ පනස් දහසකට ආසන්න ප්‍රමාණයක් ලැබී ඇති බව දිස්ත්‍රික් මැතිවරණ කාර්යාල සඳහන් කරනු ලැබීය

වැඩිම තැපැල් ඡන්ද අයදුම්පත් ප්‍රමාණයක් කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ලැබී ඇති අතර එම ප්‍රමාණය හතළිස් තුන්දහසක් පමණ වේ.

අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් තැපැල් ඡන්ද අයඳුම්පත් හතළිස් දහසක්, කෑගල්ල දිස්ත්‍රික්කයෙන් දහ අට දහසක් සහ කළුතර දිස්ත්‍රික්කයෙන් දහසය දහසක් වශයෙන් අයදුම්පත් ලැබී ඇති බව වාර්තා වේ. 

මැතිවරණයේ ආරක්ෂාවට කැරළි මර්දන කණ්ඩායම් පිහිටුවයි

Jan 31,2011

පළාත් පාලන මැතිවරණය සමයේ ආරක්ෂාව සඳහා දිවයිනේ සෑම පොලිස් ස්ථානයකම කැරළි මර්දන කණ්ඩායම බැගින් පිහිටුවීමට තීරණය කර තිබේ.

හෙට(01) සිට ක්‍රියාත්මක වන පරිදි පිහිටුවා ඇති මෙම කැරළි මර්දන කණ්ඩායමට අදාළ චක්‍රලේඛය පොලිස්පති මහින්ද බාලසූරිය මහතා විසින් නිකුත් කර ඇති බව වාර්තා වේ.

ප්‍රචණ්ඩකාරී ක්‍රියාවන් සඳහා මුහුණදීමට කැරළි මර්දන කණ්ඩායම් පැය 24 පුරාම සේවයේ යෙදවීමට තීරණය කර තිබේ.

මේ අතර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ සිට පහළ ශ්‍රේණී දක්වා වූ පොලිස් නිලධාරීන්ගේ නිවාඩු සීමා කිරීමට ද පියවර ගෙන ඇති බව සඳහන්ය. 

 

අනුරාධපුර දිස්ත්‍රික්කයේ වැව් 60ක් යළි වාන් දමයි


Jan 31,2011

අනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට ඇද හැලෙන ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් මධ්‍යම ප්‍රමාණයේ වැව් 60ක් යළි වාන් දැමීමට පටන් ගෙන ඇති බව අනුරාධපුර කලාප වාරිමාර්ග අධ්‍යක්ෂ වසන්ත බණ්ඩාර පලුගස්වැව මහතා දිනමිණට කීය.
මේ දිනවල අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවලට යළිත් කඩින් කඩ මහ වැසි ඇදහැලීම ආරම්භ වී තිබෙනවා. හුරුලුවැව හා නුවරවැව තවමත් වාන් මට්ටමෙන් අගල් 04 ක් ඉහළින් වාන්දමමින් පවතිනවා යැයි හෙතෙම පැවසීය.
කැකිරාව ප්‍රදේශයේ දැඩි වර්ෂාපතනය නිසා යළි කලාවැව පිරී ඉතිරි යමින් තිබෙන නිසා කලාඔය මගින් ඉදිරි දින දෙක තුළ අති විශාල ජල ප්‍රමාණයක් ගලාවිත් රාජාංගනය ජලාශයට එක් රැස් වීමට ඉඩ ඇති අතර එසේ වුවහොත් දැන් වසා දමා ඇති වාන් දොරටු යළි විවෘත කිරීමට සිදු වන බවද කලාප වාරිමාර්ග අධ්‍යක්ෂවරයා අවධාරණය කළේය.

සෑම පොලිස් ස්ථානයකම මැතිවරණ මෙහෙයුම් කාර්යාංශයක්

Jan 31,2011

ඉදිරි පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් සෑම පොලිස් ස්ථානයකම මැතිවරණ මෙහෙයුම් කාර්යාංශයක් බැගින් පිහිටුවීමට යයි.
සියලු දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම්වල අපේක්ෂකයන්ව මැතිවරණ නීතිය පිළිබඳව දැනුවත් කිරීමට ද පොලිසිය ඊයේ (30) සිට ආරම්භ කර තිබේ.
දේශපාලනඥයන්ගේ සහ ජනතාවගේද සහාය ලබා ගනිමින් නිදහස් හා සාධාරණ මැතිවරණයක් තහවුරු කිරීම පොලීසියේ අපේක්ෂාවයි.
ඉදිරි දින කිහිපයේදී මනාප අංක ප්‍රකාශයට පත්වීමත් සමඟ එක් පක්ෂයක අපේක්ෂකයන් අතර මෙන්ම පක්ෂ අතරද ප්‍රචාරක කටයුතුවලදී දේශපාලන උණුසුම වර්ධනය වීමට ඉඩ ඇති බැවින් මැතිවරණ ක්‍රියාවලියේ සාමකාමී බවට බාධා පැමිණවීමට ඉඩ දිය නොහැකි බව පොලීසිය කියයි.

දිස්ත්‍රික්ක 10ක නාය යාමේ අවදානමක්

 Jan 31,2011
ලංකාවේ දිස්ත්‍රික්ක 10ක නාය යාමේ අවධානමක් ඇති වර්ග කිලෝමීටර් 12500 භූමි ප්‍රදේශයක් ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය කළ පර්යේෂණයකින් හඳුනාගෙන ඇත.
බදුල්ල, කෑගල්ල, රත්නපුර, නුවරඑළිය, ගාල්ල, මාතර, හම්බන්තොට, මාතලේ, මහනුවර හා කළුතර දිස්ත්‍රික්කවලින් හඳුනාගෙන ඇති මේ අවදානම් සහිත භූමි ප්‍රදේශ සිතියම් ගත කරගෙන යන බව එම ආයතනයේ නායයාම් පිළිබඳ පර්යේෂණ අංශයේ අධ්‍යක්ෂ ආර්. එම්. එස්. බණ්ඩාර මහතා සඳහන් කරයි.
මෙලෙස නාය යෑම්වලට ප්‍රධාන හේතුව මිනිස් ක්‍රියාකාරකම් බව පවසන ඒ මහතා ඉදිකිරීම් පතල් කැනීම් ආදි ක්‍රියාවන් ඒ සඳහා බලපා තිබෙන බව පෙන්වා දෙයි. ඒ අනුව මේ සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා බවත් දිස්ත්‍රික් ලේකම්වරුන් හා ප්‍රාදේශීය ලේකම්වරුන් හරහා අදාළ බලධාරීන් වෙත උපදේශන මාලාවක් ලබාදීමට කටයුතු කරන බවත් කියා සිටී.
මේ අතර අධ්‍යක්ෂවරයා ප්‍රකාශ කරන්නේ මෙවැනි නාය යාමේ අවදානමක් පවතින ප්‍රදේශවල ජනතාව ඒ සම්බන්ධයෙන් පූර්ණ අවධානයක් යොමු කළ යුතු බවයි.

ශවේන්ද්‍රගේ දේශනයට කොටි හිතවාදීන්ගෙන් සුබ පැතුම්

ඇමෙරිකාවේ බොස්ටන් නුවර සිංහල සංගමයේ විශේෂ දේශනයක් සඳහා පැමිණි නිව්යෝර්ක් හි එක්සත් ජාතීන්ගේ නියෝජ්‍ය නිත්‍ය නියෝජිත මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාට විරෝධය පළ කළ කොටි හිතවාදී පිරිස් එම දේශනය අවසානයේ දී ඒ මහතාට සුබ පැතූ බව වාර්තා වෙයි.

ලොව හොඳම සෞඛ්‍ය වෘත්තිකයින් දහයට ශ්‍රී ලාංකික සේවිකාවක් ඇවිත්
Jan 30,2011
ලොව හොඳම සෞඛ්‍ය වෘත්තිකයින් දස දෙනා අතරට ශ්‍රී ලාංකික පවුල් සෞඛ්‍ය සේවිකාවක ද තේරී පත්වී තිබේ.
දිඹුලාගල ප්‍රදේශයේ සේවය කළ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීනියක් වන ලලිතා පද්මිනි මහත්මිය මෙලෙස ලොව හොඳම සෞඛ්‍ය වෘත්තිකයින් දස දෙනා අතරට පැමිණීමට සමත්ව ඇති බව සඳහන් වේ.
පසුගියදා තායිලන්තයේ පැවති අදාළ තරගාවලියේදී ඇයට මෙම ජයග්‍රහණය හිමිවී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ඇය ‍එහිදී ආසියානු කලාපයේ මෙන්ම අග්නිදිග ආසියානු කලාපයේ ද ප්‍රථම ස්ථානයට ද පත්ව ඇති බව සඳහන් වේ. 
සෑම පාසල් සිසුවෙකුටම ශිෂ්‍ය භට පුහුණුව දිය යුතුයි
Jan 30,2011
සෑම පාසල් ශිෂ්‍යයෙකුටම ශිෂ්‍ය භට පුහුණුව ලබාදිය යුතු බව ඩලස් අලහප්පෙරුම අමාත්‍යවරයා පවසයි. එමගින් රටේ තරුණ පරම්පරාව විනය ගරුක පිරිසක් බවට පත්වන බව හෙතෙම පෙන්වා දෙයි.

ඇතැම් රටවල් වලද තරුණ පරම්පරාව ඉලක්ක කර ගනිමින් එවැනි වැඩසටහන් ක්‍රියාත්මක කරන බව ඩලස් අලහප්පෙරුම අමාත්‍යවරයා පවසයි. දියතලාව ශිෂ්‍ය භට පුහුණු පාසලේ පැවති උත්සවයකදි හෙතෙම මේ බව කියා සිටියේය. 
අනුරාධපුරයෙන් ජීව අත්බෝම්බයක්

Sunday, January 30, 2011

සින්ඩ්‍රෙල්ලා රංගනයට අකලංක – උපේක්ෂා



වැඩිම ජාත්‍යන්තර සම්මාන ගණනාවක් දිනාගත් සුළං කිරිල්ලී අධ්‍යක්ෂණය කළ ඉනෝකා සත්‍යාංගනීගේ දෙවැනි සිනමා නිර්මාණය වන ‘සින්ඩ්‍රෙල්ලා’ හි මුහුරත් උළෙල පසුගියදා රාජගිරිය ඔපියුලන්ට් රිවර් ෆේස් හෝටල් පරිශ්‍රයේදී පැවැත්වුණි.
ක්‍රීඩා කටයුතු භාර කැබිනට් අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සහ එම මැතිණිය එදින ප්‍රධාන ආරාධිතයෝ වූහ. ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපති කුමාර් අබේසිංහ, කලා කීර්ති, ආචාර්ය ඩී. බී. නිහාල්සිංහ, ටෙලිවිව් අධිපති සුනිල් රත්නායක, සනත් ගුණතිලක ඇතුළු කලාකරුවන් රැසක් ද මෙයට සහභාගි වූහ.
සුපිරි ක්‍රිකට් ක්‍රීඩක අකලංක ගනේගම ප්‍රධාන චරිතයකට පණ පොවමින් සිනමාවට පිවිසෙන මෙහි ප්‍රධාන නිළිය වී සිටින්නේ උපේක්ෂා ස්වර්ණමාලිය. සනත් ගුණතිලක, ඉන්ද්‍රචාප ලියනගේ සහ පුබුදු චතුරංග ද මෙහි රඟති.
අරුණ දුනුකේවිල සහාය අධ්‍යක්ෂණයෙන් ද, නිෂ්පාදන විධායකත්වයෙන් සමන් වික්‍රමරත්න ද, කලා අධ්‍යක්ෂණයෙන් බිමල් දුෂ්මන්තද, අංග රචනයෙන් ජමින්ද බණ්ඩාර ද, පසුබිම් සංගීතයෙන් නදීක ගුරුගේ ද, ගී තනු නිර්මාණයෙන් නවරත්න ගමගේ ද පසුබිම් ගායනයෙන් ඉන්ද්‍රචාප ලියනගේ සමඟ දෙරණ නාලිකාවේ ඩ්‍රීම් ස්ටාර් රියැලිටි තරගයේදී ගී ගැයූ ජනිත් දිල්රුක්ද මෙහි ගී ගයයි. මෙය  An‘Art Vs Art’ නිෂ්පාදනයකි.
                                      

Hot

අනුරාධපුරයෙන් ජීව අත්බෝම්බයක්
අනුරාධපුරයෙන් ජීව අත්බෝම්බයක්
Jan 30,2011
අනුරාධපුර , සාවස්ථීපුර ප්‍රදේශයේ මල්වතු ඔය ආසන්නයේ සඟවා තිබූ ජීව අත්බෝම්බයක් සොයා ගෙන තිබේ. අනුරාධපුර පොලිසියට ලැබුණු තොරතුරකට අනුව සිදු කරන ලද සෝදිසියක දී මෙම අත්බෝම්බය සොයා ගෙන ඇති බව පොලිසිය පවසයි.

සූක්ෂම ලෙස පාලම අසළ මෙම අත්බෝම්බය සඟවා තිබූ බව අනුරාධපුර පොලිසිය ප්‍රකාශ කරයි. අනුරාධපුර පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි. 
එළවළු ප්‍රවාහනයේදී ප්ලාස්ටික් අසුරන අනිවාර්යයි
එළවළු ප්‍රවාහනයේදී ප්ලාස්ටික් අසුරන අනිවාර්යයි
Jan 30,2011
එළවළු ප්‍රවාහනයේ දී ප්‍ලාස්ටික් අසුරන භාවිතා කිරීම පෙබරවාරී පළමු වැනි දින සිට අනිවාර්ය බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද යාපා අබේවර්ධන මහතා පවසයි.

එය පාරිභෝගික සේවා අධිකාරිය සමඟ එක්ව නීතීගත කොට ඇති බව අමාත්‍යවරයා සඳහන් කරයි.

එළවළු ප්‍රවාහනයේ දී සිදු වන සියයට‍ 35% ක අපතේයාම වළක්වා ලීම සඳහා මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇති බවත් මින් පසු එළවළු ගෝනි වල පටවා ඒ මත නිදා ගෙන එළවළු ප්‍රවාහනය කිරීම නතර කරන බවත් මහින්ද යාපා අබේවර්ධන මහතා ප්‍රකාශ කළේය.

මාතලේ ප්‍රදේශයේ පැවති උත්සවයකට එක් වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කරන ලදී.
 
යතුරුපැදි හා ටයර් සොරාගත් සෙබළු දෙදෙනෙක් අත්අඩංගුවට
Jan 30,2011
වව්නියාව ප්‍රධාන යුද හමුදා කඳවුරෙන් යතුරු පැදි 2ක් හා ටයර් ‍සොරකම් කළ බවට සැකපිට යුද හමුදා සෙබළුන් දෙදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

යුද හමුදාවේ හිටපු සැරයන්වරයෙකු සහ සෙබළෙකු මෙසේ ඊයේ අත්අඩංගුවට ගත් බව වව්නියාව පොලිසිය ප්‍රකාශ කරයි.

යුද සමයේ දී අයිතිකරුවන් නොමැතිව හමු වූ මෙම භාණ්ඩ අයිතිකරුවන්ට භාර දීම සඳහා හමුදා කඳවුරේ තිබිය දී සොරා ගෙන ඇති බව වාර්තා වේ.

යුද හමුදාවේ කපිතාන්වරයෙකු මේ පිළිබඳව වව්නියාව පොලිසියට සිදු කළ පැමිණිල්ලකට අනුව පරීක්ෂණ ආරම්භ කළ වව්නියාව පොලිසිය මොවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා හෙට දිනයේ වව්නියාව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. 
කිලිනොච්චියේ බෝම්බයක් පුපුරයි-අයෙක් මරුට
Jan 30,2011
කිලිනොච්චි , විශ්ව මඩු ප්‍රදේශයේ දී බෝම්බයක් පිපිරීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් වී තිබේ. තවත් පුද්ගලයෙකු එම පිපිරීමෙන් තුවාල ලබා රෝහල් ගත කර ඇති බව කිලිනොච්චි පොලිසිය ප්‍රකාශ කරයි.

මොවුන් මාර්ග පිළිසකර කිරීමේ නිරතව සිටිය දී එල්.ටී.ටී.ඊ ය විසින් වළලා තිබූ බිම් බෝම්බයක් මෙසේ පුපුරා ගොස් ඇති බව පොලිසිය පවසයි.

මෙසේ මරණයට පත්ව ඇත්තේ එස්.රමනන් නමැති 19 වියැති පුද්ගලයෙකු වන අතර තුවාල ලබා යාපනය රෝහලට ඇතුළත් කර ඇත්තේ එන්.රදන් නමැති අයෙකි. මීට අමතරව ත්‍රිකුණාමලය උප්පුවේලී , සිරුප්පිට්ටි කැලෑ ප්‍රදේශයේ තිබී කිලෝග්‍රෑම් 5ක් බර ක්ලේමෝ බෝම්බයක් සොයා ගෙන තිබේ.

ඊට අමතරව විද්‍යුත් පිපුරුම් උපකරණයක් , ස්විචයක් සහිත විදුලි කෝෂයක් සහ වයර් අඩි 1205ක් සොයා ගෙන ඇති බව ද පොලිසිය පවසයි. 
ලාදුරු රෝහල කෞතුකාගාරයක් වෙයි
Jan 30,2011
වැලිසර පිහිටි ලාදුරු රෝහල කෞතුකාගාරයක් වශයෙන් පවත්වා ගෙන යාමට සෞඛ්‍ය අමාත්‍යාං‍ශයේ අවධානය යොමු වී තිබේ.

මේ වන විට ලාදුරු රෝගල නිට්ටාවටම සුවකළ හැකි රෝගයක්ව පවතිනු බැවිනුත් නේවාසිකව ‍ප්‍රතිකාර ගන්නා රෝගීන් නොමැති බැවිනුත් එම රෝහල කෞතුකාගාරයක් වශයෙන් පවත්වාගෙන යාමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබේ.

එම රෝහලේ දැනට වසර සියයකට වඩා පැරණි වාහන සහ යන්ත්‍ර විශාල ප්‍රමාණයක් ඇති බැවින් ඒවා කෞතුක භාණ්ඩ ලෙස භාවිතා කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

මේ වන විටත් අතීතයේ ලාදුරු රෝගය සඳහා නේවාසිකව ප්‍රතිකාර ලබා ගත් පුද්ගලයින් 46 දෙනෙකු සිටින බව වාර්තා වේ.

රෝගය සුව වී ඇතත් ඔවුන්ගේ භාරකරුවන් නොමැති වීම නිසා ඔවුන් තවදුරටත් රෝහලේ රැඳී සිටින බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

අද(30) ජාතික ලාදුරු දිනය ලෙස නම් කර තිබේ.
කූඬැල්ලකු නිසා මිය ගිය දරුවා වෙනුවෙන් පරීක්ෂණ කණ්ඩායම් දෙකක්
කූඬැල්ලකු නිසා මිය ගිය දරුවා වෙනුවෙන් පරීක්ෂණ කණ්ඩායම් දෙකක්
Jan 30,2011
කූඩැල්ලෙකු ලේ උරා බීම හේතුවෙන් නාවලිපිටිය රෝහලට ඇතුළත් කෙරුණු අවුරුදු එක හමාරක් පමණ වයසැති දරුවෙකු මියයා‍මේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට විශේෂ කණ්ඩායම් දෙකක් පත් කර තිබේ.

ඒ අනුව අමාත්‍යාංශයෙන් එක් කණ්ඩායමක් සහ පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් තවත් කණ්ඩායමක් පත් කර ඇති බව අමාත්‍යාංශය පවසයි.

මෙම දරුවා රෝහල් ගත කළ පසු ලබාදුන් එන්නතක් විෂවීමෙන් මරණය සිදුව ඇති බවට සැක පළකරමින් එම දෙමාපියන් රෝහල් අධ්‍යක්ෂවරයාට සහ නාවලපිටිය පොලිසියට මේ සම්බන්ධයෙන් පැමිණිලි කර තිබේ.

මේ සම්බන්ධයෙන් ඊයේ පස්වරුවේ සෞඛ්‍ය අමාත්‍යාංශ අතිරේක ලේකම් වෛද්‍ය පාලිත මහීපාල මහතා ඇතුළු නිලධාරීහු පිරිසක් විශේෂ සාකච්ඡාවක් පවත්වනු ලැබූහ.

එහි දී පාලිත මහීපාල මහතා උපදෙස් දී ඇත්තේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් කඩිනමින් සොයා බලා ‍දරුවා මිය යාමට හේතුව අනාවරණය කර ගන්නා ලෙසයි.

ඒ අනුව ඒ සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශ නිලධාරීන්ගෙන් සැදුම්ලත් කණ්ඩායමක් සහ ‍මධ්‍යම පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂිකා වෛද්‍ය ශාන්තිනි සමරසිංහ මහත්මියගේ ප්‍රධානත්වයෙන් යුත් තවත් කණ්ඩායමක් පත් කර තිබේ.
ප්‍රචණ්ඩ ක්‍රියා 6 යි-අපේක්ෂකයින් දැනුවත් කිරීමේ වැඩසටහනක්
Jan 30,2011
පළාත් පාලන මැතිවරණයට අදාළ සිද්ධීන් 6ක් මේ වන විට වාර්තා වී ඇති බව පැෆ්රල් සංවිධානය පවසයි.

එයින් හතරක් එකම පක්ෂයේ අපේක්ෂකයින් අතර ඇති වූ ආරවුල් බව එම සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා සඳහන් කරයි.

ඉදිරියේදී මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා වර්ධනය විය හැකි බැවින් යම් නීතිමය හා විනය ක්‍රියා මාර්ගයක් තුළින් මැතිවරණ කටයුතු සිදුවිය යුතු බවට තමන් ඒ ඒ පක්ෂ වල වගකිවයුත්තන්ගෙන් ඉල්ලා සිටින බවද හෙතෙම අද දෙරණට කියා සිටියේය.

මේ අතර දිවයින පුරා මැතිවරණ නීතී රීතී පිළිබඳ අපේක්ෂකයින් දැනුවත් කිරීමේ වැඩසටහනක් ආරම්භ කර ඇති බව පොලිසිය පවසයි.

පොලිස් ස්ථාන මට්ටමින් එම දැනුවත් කිරී‍මේ වැඩසටහන ක්‍රියාත්මක කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි ප්‍රිශාන්ත ජයකොඩි මහතා ප්‍රකාශ කරයි.

අත්හිටවූ ජලය යළි ලැබෙන්නේ රාත්‍රී 8 ටයි
අත්හිටවූ ජලය යළි ලැබෙන්නේ රාත්‍රී 8 ටයි
Jan 30,2011
කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක අද දිනයේ ජල සැපයුම අත්හිටවූ බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

ඒ අනුව ජල සැපයුම අද (30)උදෑසන 8.00 සිට රාත්‍රී 8.00 දක්වා පැය 12 ක කාලයක් අත්හිටුවීමට නියමිතව තිබේ.

ඒ අනුව මහරගම, කෝට්ටේ, කොළොන්නාව, දෙහිවල , ගල්කිස්ස මහනගර සභා බල ප්‍රදේශ සහ මොරටුව මහනගර සභා බල ප්‍රදේශයේ කල්දෙමුල්ල , සොයිසාපුර සහ තෙලවල යන ප්‍රදේශ , පෑලියගොඩ , මාබෝල , කැස්බෑව සහ බොරළැස්ගමුව නගර සභා ප්‍රදේශ , ජාඇල , කැලණිය , වත්තල , මහර , දොම්පේ , බියගම , කොටිකාවත්ත , මුල්ලේරියාව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශ වල අද දිනයේ ජල සැපයුම අත්හිට‍වනු ඇත.

එමෙන්ම කඩුවෙල ප්‍රාදේශීය සභා‍වට අයත් බත්තරමුල්ල , හෝකන්දර , මාලබේ සහ බියගම අපනයන ප්‍රවර්ධන කලාපය , දෙකටන හා මල්වාන අවට ප්‍රදේශවල ද ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ප්‍රකාශ කරයි.

මීට අමතරව මහරගම නගර සභා බල ප්‍රදේශය , හෝමාගම , කැස්බෑව , බොරළැස්ගමුව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශ සහ පාදුක්ක , මීපේ , ‍සහ ගොඩගම යන ප්‍රදේශයන්හි ද අද පෙරවරු 8 සිට රාත්‍රී 8 දක්වා ජල සැපයුම අත්හිටුවීමට නියමිතය. 

රුහුණු සරසවියේ පිහි ඇනුමකින් සිසුන් දෙදෙනෙක් රෝහලේ
රුහුණු සරසවියේ පිහි ඇනුමකින් සිසුන් දෙදෙනෙක් රෝහලේ
Jan 29,2011
රුහුණු විශ්ව විද්‍යාලයෙහි සිසුන් අතර සිදුවූ ගැටුමකින් තුවාල ලැබූ සිසුන් දෙදෙනෙකු මාතර රෝහලෙහි ප්‍රතිකාර ලබන බව එම විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සුසිරිත් මෙන්ඩිස් මහතා පවසයි.

ඊයේ(28) පස්වරුවෙහි ඇතිවූ ගැටුමක් අතර සිදුවූ පිහි ඇනුමකින් මෙම සිසුන් දෙදෙනා තුවාල ලබා ඇති බව ද උපකුලපතිවරයා සඳහන් කළේය.

තුවාල ලැබූ සිසුන් අතරින් එක් සිසුවෙක් කළමනාකරණ හා මූල්‍ය පීඨයේ අධයාපනය ලබන බවත්, අනෙක් සිසුවා විද්‍යා පීඨයේ අධ්‍යාපනය ලබන සිසුවෙකු බවත් ඔහු ප්‍රකාශ කළේය.

විශ්ව විද්‍යාල භූමියෙන් පිටත මෙම ගැටුම ඇතිවී ඇති නමුත් සිද්ධිය සම්බන්ධව විශ්ව විද්‍යාල මට්ටමෙන් පරීක්ෂණයක් පවත්වන බව මෙන්ඩිස් මහතා අවධාරණය කළේය.
 
චූටිපුතාට තැබූ වෙඩිල්ල වැදුණු තරුණයා මියයයි
Jan 29,2011
ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය අසලදී පලා යමින් සිටි සැකකරුවෙකුට පොලිසිය සිදුකළ වෙඩි ප්‍රහාරයක දී තුවාල ලබා කළුබෝවිල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි තරුණයා ජීවිතක්ෂයට පත්ව තිබේ.

දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි අදාළ තරුණයා ඊයේ(28) රාත්‍රී ජීවිතක්ෂයට පත්වූ බව එම රෝහලේ ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

අපරාධ රැසකට සම්බන්ධ "චූටිපුතා" නම් සැකකරුවෙකු පසුගිය බදාදා ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවකට ඉදිරිපත් කළ අවස්ථාවේ ආරක්ෂක නිලධාරීන්ගෙන් මිදී පලාගොස් තිබුණි.

එහිදී පොලිසිය සිදුකළ වෙඩි ප්‍රහාරයෙන් අසල සිටි අදාළ තරුණයා තුවාල ලැබූ අතර පසුව ඔහු ප්‍රතිකාර සඳහා කළුබෝවිල රෝහලට ඇතුළත් කරනු ලැබීය.

32 හැවිරිදි මොණරාගල ප්‍රදේශයේ පදිංචිකරු‍වෙකු වන මියගිය තරුණයා රත්මලාන ප්‍රදේශයේ රැකියාවක නිරත වූවෙකි.
අනුරාධපුර බන්ධනාගාර ගැටුම -තවදුරටත් පරීක්ෂණ සිදුවෙයි
අනුරාධපුර බන්ධනාගාර ගැටුම -තවදුරටත් පරීක්ෂණ සිදුවෙයි
Jan 29,2011
අනුරාධපුර බන්ධනාගාරයේ කටයුතු සාමාන්‍ය තත්ත්වයට පත්කර ඇති බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් මේජර් ජනරාල් වී. ආර්. ද සිල්වා මහතා පවසයි.

පසුගිය දිනවල බන්ධනාගාරය තුළ ඇති වූ සිද්ධීන්ට සම්බන්ධ රැඳවියන් පිළිබඳ අංශ කිහිපයකින් තවදුරටත් පරීක්ෂණ සිදුකරන බව ඔහු පෙන්වා දෙයි.

බන්ධනාගාරය තුළ රැඳවියන් පිරිසක් පසුගියදා වහලය මත නැඟී විරෝධතාවක නියලුනු අතර එය විසුරුවා හැරීමට ආරක්ෂක අංශ මැදිහත් වු අවස්ථාවේදී ඇතිවු ගැටුම් වලින් රැඳවියන් දෙදෙනෙකු මේ වන විට මියගොස් තිබේ.

එහිදි බන්ධනාගාර නිලධාරීන් ඇතුළු තවත් පිරිසක් තුවාල ලැබු අතර බන්ධනාගාර දේපළ වලට ද දැඩි හානි සිදුව ති‍බුණි.

අදාළ ගැටුමෙන් පසු රැඳවියන් යළි ආහාර වර්ජනයක නියලුනු ද පසුව එය සමථයකට පත්ව තිබේ.
ජනපතිගෙන් මිලියන 30 ක් ඉල්ලා ඇමරිකානු අධිකරණයකට නඩුවක්
ජනපතිගෙන් මිලියන 30 ක් ඉල්ලා ඇමරිකානු අධිකරණයකට නඩුවක්
 Jan 29,2011
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව ඇමරිකාවේ අධිකරණයක නඩුවක් ගොනු කර ඇති බව විදෙස් මාධ්‍ය උපුටා දක්වයි.

අත්තනෝමතික ලෙස ද්‍රවිඩ ජනයා ඝාතනය කළේ යයි චෝදනා කරමින් ජනාධිපතිවරයාට එරෙහිව මිලියන 30 ක වන්දියක් ඉල්ලා ද්‍රවිඩ ජාතිකයින් විසින් මෙම නඩුව පවරා තිබේ.

ජනාධිපතිවරයා පුද්ගලික සංචාරයක් සඳහා හදිසියේ ඇමරිකාවට පැමිණීමත් සමග ‍ද්‍රවිඩ ඩයස්පෝරාවේ ක්‍රියාකාරීන් විසින් මෙම නඩුව පවරා ඇතැයි සඳහන් වේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් අමානුෂික ලෙස පහරදීම් හා වධහිංසා පමුණුවීම් මගින් පාපොච්චාරණය කිරීම් වැළැක්වීම සඳහා 1991 වසරේදී සම්මත කර ගනු ලැබූ නීතියකට අනුව මෙම නඩුව ගොනු කළ බව වොෂිංටනයේ නීතිඥවරයෙකු වන බෲස් ෆේන් නැමැත්තා සඳහන් කර තිබේ. 

Saturday, January 29, 2011

Hot

 33 වියැති රූමත් කාන්තාවක් අතවර කළැයි සැක 6ක් දැලේ
බලපිටිය සමූහ - දිලිප් නිශ්ශංක
Jan 29,2011
තිස් තුන් හැවිරිදි විවාහක කාන්තාවක් දූෂණය කිරීම සම්බන්ධයෙන් අහුන්ගල්ල පොලිසිය විසින් සැකකරුවන් හය දෙනකු අත්අඩංගුවට ගනු ලැබීය.බලපිටිය ඇලතොට පදිංචි මේ කාන්තාවගේ කට බැඳ ත්‍රිරෝද රථයක දමාගෙන පැහැරගෙන ගොස් අම්බලන්ගොඩ රන්දොඹේ වැල්ලේ දී සැකකරුවන් විසින් ඇයට දරුණු ලෙස අතවර කර ඇති බව පොලිස් පරීක්‍ෂණවලදී අනාවරණය විය.
අධිකරණය වෙත ඉදිරිපත් කළ සැකකරුවන් බලපිටිය මහේස්ත්‍රාත් එන්. ටී. අයි. අබේගුණසේකර මහත්මිය විසින් පෙබරවාරි 01 දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කළාය. අතවරයට පත් කාන්තාව බලපිටිය මූලික රෝහලේ හතරවැනි වාට්ටුවේ ප්‍රතිකාර ලබන අතර තත්ත්වය යහපත් නොවන බවද වාර්තා වේ. අහුන්ගල්ල පොලිසිය වැඩිදුර පරීක්‍ෂණ පවත්වා ගෙන යයි.

මාතලෙන් උණු දිය උල්පත් මතුවෙයි

සමන්ති වීරසේකර
Jan 29,2011
මාතලේ බෝවතැන්න ජලාශයේ උමං මාර්ගය කෙළවර උණු දිය උල්පත් කිහිපයක් මතුවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ නාය යෑම් අධ්‍යයන අංශය ඊයේ (27) පරීක්ෂණ ආරම්භ කර තිබේ.
භූ විද්‍යාඥ එම්. එන්. සි. යු. බී. මොරේමඩ මහතා ඇතුළු කණ්ඩායමක් එහිගොස් ජල සාම්පල කිහිපයක් ලබාගෙන ඇත. අවට ප්‍රදේශයේ හුණු ගල් ස්ථර පැවතීම නිසා මෙම තත්ත්වය ඇතිවූයේද යන්න සැක කරන බව මොරේමඩ මහතා කීය.

එංගලන්තයේ දී ‘සක්විති’ රැඟුම් පෑ ශ්‍රී ලාංකිකයා වසර 8ක් සිපිරිගෙට

මූල්‍ය වංචාව කෝටි 15ක්
විජයානි එදිරිසිංහ
Jan 29,2011
එංගලන්තයට ගොස් එහි සිටින ශ්‍රී ලාංකිකයන් මුලාකොට රුපියල් කෝටි ගණනක් වංචාකළ ශ්‍රී ලාංකිකයෙකුට එරට අධිකරණය මඟින් වසර 8 ක සිර දඬුවම් නියම කර තිබේ.
මොහු විසින් සිදු කරන ලද මහා පරිමාණ මූල්‍ය වංචාවන් සම්බන්ධයෙන් මීට මාස කීපයකට පෙර ස්කොට්ලන්ඩ් යාඩ් පොලිසිය මඟින් මොහු අත්අඩංගවට ගෙන තිබුණි. පිරමීඩ මූල්‍ය වංචා ක්‍රමයට සමාන “පොන්සි’ නමැති ක්‍රමය යටතේ අධික පොලී ගෙවන බවට ප්‍රකාශ කර මොහු කෝටි ගණනක් මුදල් වංචා කර ඇත.
එංගලන්තයේ සිටින ශ්‍රී ලාංකිකයන් විසින් කරන ලද පැමිණිල්ලකට අනුව සැකකරු අත්අඩංගුවට ගත් ස්කොට්ලන්ඩ් යාඩ් පොලිසිය සිදුකළ පරීක්‍ෂණවලදී ඔහු විසින් සිදුකර ඇති මූල්‍ය වංචාව කෝටි 15 ක් පමණ වන බව හෙළිවී තිබේ. මොහු සමඟ තවත් හයදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබුණි. සෙසු පිරිසද මේ මූල්‍ය වංචාවලට වරද පිළිගෙන ඇත.
ස්කොට්ලන්ඩ් පොලිසිය යටතේ ඇති වංචා විමර්ශන අංශය මෙහෙයවූ පරීක්‍ෂණවලදී හෙළි වී ඇත්තේ මේ තැනැත්තා සතුව ස්ටර්ලින් පවුම් මිලියනයක් පමණ වටිනා නිවෙසක් හිමි බවයි. මොහුගේ එරට තිබූ ගිණුම් ගණනාවකටද සීල් තබා තිබේ. මෙසේ දඬුවම් ලැබූ තැනැත්තා මෙරට ප්‍රසිද්ධ නිලියකගේ පුතෙකි.

පා.ම. නිශාන්ත මුතුහෙට්ටිගමට වරෙන්තු

Jan 28,2011
පාර්ලිමේන්තු මන්ති‍්‍ර නිශාන්ත මුතුහෙට්ටිගමට එරෙහිව ගාල්ල මහේස්ත‍්‍රාත්වරයා විසින් අද (28) වරෙන්තු නිකුත් කර ඇත.
2009 වසරේ නොවැම්බර් මස 05 වැනි දින දකුණු පළාත් සභාවේ එවකට වැඩ බලන ප‍්‍රධාන ලේකම්වරයාට නිශාන්ත මුතුහෙට්ටිගම මන්ති‍්‍රවරයා විසින් බැණ වැදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ගොනු කළ නඩුවක් අද, ගාල්ල මහේස්ත‍්‍රාත් අධිකරණයේ සලකා බැලූණු අතර,  ඒ සඳහා විත්තිකාර නිශාන්ත මුතුහෙට්ටිගම මහතා අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන්  මහේස්ත‍්‍රාත්වරයා මෙසේ මන්ත‍්‍රීවරයාට එරෙහිව වරෙන්තු නිකුත් කළේය

Friday, January 28, 2011

hot

 මැතිවරණයට ඉදිරිපත් වූ නාමයෝජනා 450 ක් ඉවතට
Jan 28,2011
ඉදිරි පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් ඊයේ(27) දිනයෙන් බාරගෙන අවසන්වූ නාමයෝජනා අතරින් 450 ක් ප්‍රතික්ෂේප වී ඇති බව මැතිවරණ කොමසාරිස් දයානන්ද දිශානායක මහතා පවසයි.

ප්‍රකාශයට පත් කර ඇති පළාත් පාලන ආයතන 301 සඳහා නාමයෝජනා පත්‍ර 2047ක් ඉදිරිපත්ව තිබු බව මැතිවරණ කොමසාරිස්වරයා සඳහන් කරයි.

ඒ අතරින් 1597ක් ඒ ඒ දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීවරුන් විසින් පිළිගෙන තිබේ. අම්පාර දිස්ත්‍රික්කයේ වැඩිම නාමයෝජනා සංඛ්‍යාවක් ප්‍රතික්ෂේප වී ඇත.

අම්පාර දිස්ත්‍රික්කය සඳහා ඉදිරිපත්ව තිබු නාමයෝජනා 164 අතරින් 48ක් ප්‍රතික්ෂේප වී තිබේ.

ඉන් නාමයෝජනා පත්‍ර 43 ක් ස්වාධීන කණ්ඩායම් ඉදිරිපත් කර තිබු නාමයෝජනාය
එෆ්.එම් දෙරණට උරණ වී හඩ්සන් උම්බෑ කියයි
එෆ්.එම් දෙරණට උරණ වී හඩ්සන් උම්බෑ කියයි
Jan 28,2011
මෙරට පෞද්ගලික ගුවන්විදුලි නාලිකා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් එෆ්.එම් දෙරණ ශ‍්‍රී ලංකාව තුළ ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ විස්තර විචාරය ගෙන ඒම සඳහා වන නිල හිමිකාරීත්වය ඊයේ දිනයේදී ලබාගන්නා ලදී..

ටී.වී දෙරණ, එෆ්.එම් දෙරණ ක‍්‍රීඩා ලෝලීන්ට මේ සතුටුදායක ආරංචියක් වුවත් ඇතැමුන් මේ පුවතින් අනවශ්‍ය ලෙස කලබලයට පත් වී ඇති බව අද දිනයේදී අපට දැකගන්නට ලැබුණි.

ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ ගුවන් විදුලි විස්තර විචාරයේ නිල හිමිකාරීත්වය ලබාදීම සඳහා අන්තර් ජාතික ක‍්‍රිකට් කවුන්සිලය විවෘත අවස්ථාවක් ලබාදී තිබුණි.

එම තරගකාරී අවස්ථාවෙන් අනතුරුව ශ‍්‍රී ලංකාව තුළ ලෝක කුසලාන තරගාවලියේ එම නිල විකාශන හිමිකාරීත්වය අන්තර් ජාතික ක‍්‍රිකට් කවුන්සිලය විසින් එෆ්.එම් දෙරණ වෙත ලබාදෙන ලදී.

අප ඒ බව අනාවරණය කිරීමෙන් අනතුරුව ශ‍්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපති වන හඞ්සන් සමරසිංහ නැමැත්තා අද(27) මද කිපුණු අලියෙකුසේ හැසිරෙනු දකින්නට ලැබීම කනගාටුවට කරුණකි.

මාධ්‍යය ක්ෂේත්‍රයේ ප‍්‍රවීණයෙකු යැයි කියාගන්නා පුද්ගලයෙකු මාධ්‍ය සදාචාරය මෙතරම් පහත් තැනකට ඇද දැමීම ගැන ජාතියක් ලෙස අප කනගාටුවට පත්වන්නෙමු.

ශ‍්‍රී ලංකාව ආසියාවේ ආශ්චර්ය කරා යන ගමනේදී මෙවන් කුහක, පෞද්ගලික අභිමතාර්ථයන් පමණක් වෙනුවෙන් ක‍්‍රියාකරන පුද්ගලයන් රජයේ මෙබදු උසස් තනතුරු හෙබවීම කෙතරම් සදාචාරත්මකවේද යන්න අපගේ හැඟීමය.

එබඳු පහත් හැසිරීම් ඇති අයෙකු රජයේ ප්‍රධාන මාධ්‍ය ආයතනයක මුල් පුටුවේ හිඳීම ආණ්ඩුව අපකීර්තියට පත්කිරීමට හේතුවන බව අමුතුවෙන් කිවයුතු නොවේ.

එබැවින් ඒ ගැන රජයේ අවධානය යොමුවනු ඇතැයි හුදෙක්ම අප බලාපොරොත්තු වන අතරම මෙබදු පුද්ගලයන් ගැන මෙලෙස අප හෙළිදරව් කරන්නේ ඉමහත් සංවේගයෙනි.
ගංවතුරින් අවතැන්වූ ජනයාට පකිස්ථානයෙන් ආධාර
ගංවතුරින් අවතැන්වූ ජනයාට පකිස්ථානයෙන් ආධාර
Jan 28,2011
ගංවතුරින් අවතැන්වූ ජනතාව සඳහා ආධාර ලබාදීමට පකිස්ථානු රජය ඉදිරිපත් වී සිටියි.

එහි පළමු අදියර වශයෙන් කූඩාරම් සහ බ්ලැන්කට් ‍තොගයක් පකිස්ථානු මහකොමසාරිස් සිමා ඉලායි බාලොක් මහත්මිය විසින් ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා වෙත ලබාදෙනු ලැබීය.

ඊයේ(27) කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ දී මෙම ආධාර තොගය භාරදී ඇති බව ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය පවසයි.

තවත් ආධාර තොගයක් ඉදිරි සති කිහිපය තුළ ශ්‍රී ලංකා රජය වෙත ලබාදීමට පාකිස්ථානු මහකොමසාරිස්වරිය පොරොන්දු වී තිබේ. 
කොදෙව් පිල අද ශ්‍රී ලංකාවට
ලෝක කුසලාන උණුසුමට කොදෙව් තරග ඉතා වැදගත් - සංගක්කාර
ප්‍රින්ස් ගුණසේකර
Jan 28,2011
ශ්‍රී ලංකාව සමඟ ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් තරග 3 කට සහභාගි වන බටහිර ඉන්දීය කොදෙව් පිල අද පෙරවරු 8.30 ට ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය. මේ තරග තුනට අමතරව ශ්‍රී ලංකාව සමග ලෝක කුසලාන පෙරහුරු තරගයකටද බටහිර ඉන්දීය කොදෙව් පිල සහභාගි වීමට නියමිතය. කොළඹ එස්. එස්. සී ක්‍රීඩාංගණයේදී මේ මස 31, පෙබරවාරි 3 හා පෙබරවාරි 6 වැනිදා ජාත්‍යන්තර ක්‍රිකට් තරග තුන පැවැත්වෙන අතර පෙබරවාරි 16 දා ඛෙත්තාරාම ක්‍රිකට් පිටියේ දී ලෝක කුසලාන පෙරහුරු තරගය පැවැත්වේ. අනතුරුව බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩකයෝ පෙබරවාරි 18 දා නවදිල්ලිය බලා පිටත්ව යන අතර එහිදී ලෝක කුසලාන තරගාවලියට එක් වී පසුව මාර්තු මුල් දින කිහිපයේදී බංග්ලාදේශය බලා පිටත්ව යති.
බටහිර ඉන්දිය කොදෙව් පිල සමග තරග වදින ශ්‍රී ලංකා එක්දින පිලට ක්‍රීඩා ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ අනුමැතිය ඊයේ වන විට ලැබී තිබුණි. ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට නම් කළ ක්‍රීඩකයන් පහලොස්දෙනාම මේ ක්‍රිකට් තරගාවලියටත් නම් කර තිබේ. ලබන මාසයේදී ඇරඹෙන ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය පිළිබඳ උද්යෝගයක් ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට මේ තරගාවලියෙන් අනතුරුව වඩාත් දැනෙනු ඇතැයි ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර පැවැසීය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේදී පසුගියදා මාධ්‍යවේදීන් හමුවූ අවස්ථාවේදී ලඟ එන කොදෙව් පිලේ එක්දින සංචාරයේ වැදගත්කම සංගක්කාර අවධාරණය කළේය.
ලෝක කුසලාන තරගාවලියට පෙර කොදෙව් පිල සමග තරග අපට ලැබීම හැම පැත්තකින්ම හොඳයි. කණ්ඩායමට ජාත්‍යන්තර තරග අත්දැකීම් ලැබීම ලෝක කුසලාන තරගාවලියට හොඳ පෙරහුරුවක් වෙයි. ඒ වගේම ලෝක කුසලාන තරගාවලිය ගැන ඇත්තටම ඇඟට දැනෙන්නේ කොදෙව් තරගාවලියෙන් පසුවයි. ඒ උණුසුම ක්‍රීඩා ලෝලීන්ටත් දැනෙයි. සංගක්කාර පැවැසීය. බටහිර ඉන්දීය කොදෙව් පිල ශ්‍රී ලංකාවේදී අවසන් වරට එක්දින තරගාවලියකට සහභාගි වුයේ 2005 වසරේදී වන අතර එහිදී පැවැති එක්දින තරග දෙකක් ජය 1 – 1 ක් ලෙස විය. ශ්‍රී ලංකාව හා බටහිර ඉන්දීය කොදෙව් අතර 2008 වසරේ අප්‍රේල් මාසයේ කොදෙව් දූපත් හි පැවැති තරගාවලියේ ජය කෙදෙව් පිලට 2 – 0 කින් හිමි විය.
එක් දින ක්‍රිකට් තරග ඉතිහාසයේ කොදෙව් - ශ්‍රී ලංකා අතර තරග 46ක් පවත්වා එයින් කොදෙව් පිල තරග 26 ක ජයද ශ්‍රී ලංකාව තරග 18කද ජය හිමි කරගෙන ඇත. තරග දෙකක් තීරණයක් නොමැතිව නිමාවට පත් විය. ශ්‍රී ලංකාව හා කොදෙව් අතර පැවැත්වෙන මේ තරග ලෝක කුසලානයට පෙර පැවැත්වෙන එකම අන්තර් ජාතික එක්දින ක්‍රිකට් තරගාවලිය බැවින් දෙපිලටම ඉතා වැදගත් වනු ඇත.
මහාබෝධී ප්‍රහාරය -07 දෙනෙක් අත්අඩංගුවට
Jan 28,2011
පසුගියදා ඉන්දියාවේ චෙන්නායි නුවර මහාබෝධී විහාරයට එල්ල වූ ප්‍රහාරයට සම්බන්ධයෙන් සැකපිට පෙරියර් ද්‍රාවිඩ කලහම් කණ්ඩායමේ සාමාජිකයින් 07 දෙනෙකු පොලිස් අත්අඩංගුවට පත්ව ඇත.

කන්චීපුරම්හි පදිංචි 30 හැවිරිදි ඩේවිඩ් පෙරියාර්, සිරුසෙරිහි පදිංචි 30 හැවිරිදි රවිකුමාර්, පොන්නේරිහි පදිංචි 32 හැවිරිදි බාස්කර්, 25 හැවිරිදි සුරේන්ද්‍ර හෙවත් නතිගත්, මලයපෝර්හි පදිංචි 30 හැවිරිදි අප්පු, 37 හැවිරිදි සුගුමාර් සහ රොයපෙටාහි පදිංචි 32 හැවිදිරි සම්පත් යන පුද්ගලයින් මෙසේ අත්අඩංගුවට පත්ව ඇති අතර ඔවුන් මේ වනවිට රිමාන්ඩ් භාරයේ පසුවන බව සඳහන්ය.

ඉන්දියාවේ කෙන්නෙත් වීදියේ අවන්හල් කිහිපයකින් ලබාගන්නා ලද ආරක්ෂිත කැමරා කිහිපයක දර්ශන මගින් අදාළ පුද්ගලයින් පිළිබඳව තොරතුරු පොලීසිය විසින් රැස්කරගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

පසුගිය 24 වන දින රාත්‍රියෙහි චෙන්නායිහි මහාබෝධී විහාරයට එල්ල වූ ප්‍රහාරයෙන් භික්ෂූන් වහන්සේලා තුන් නමක් තුවාල ලැබූ අතර ඒ අතර ශ්‍රී ලාංකික භික්ෂූන් දෙනමක් හා එක් නේපාල ජාතික භික්ෂුවක විය.
මහ වැසි නිසා පොළොන්නරුවේ ප්‍රධාන වැව්වල වාන් දොරටු විවෘතයි
මහ වැසි නිසා පොළොන්නරුවේ ප්‍රධාන වැව්වල වාන් දොරටු විවෘතයි
Jan 28,2011
පොළොන්නරු දිස්ත්‍රික්කයට ඇද හැලෙන වර්ෂාවත් සමග ප්‍රධාන වැව්වල වාන් දොරටු විවෘත කර තිබේ.

පරාක්‍රම සමුද්‍රය, ගිරිතලේ, මින්නේරිය, කවුඩුල්ල යන වැව්වල වාන් දොරටු විවෘත කර ඇති බව පොළොන්නරුව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

පරාක්‍රම සමුද්‍රයේ වාන් දොරටු 8 ක්, කවුඩුල්ල වැවේ වාන් දොරටු 06ක් ද විවෘත කර ඇති බව සඳහන්ය.

මේ අතර ගිරිතලේ සහ කන්තලේ ජලාශවල වැසි ජලය මුදාහැරීම සඳහා ඇති වාන් දොරටු සියල්ලම විවෘත කර ඇති බව පොළොන්නරු දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වැඩිදුරටත් සඳහන් කරනු ලැබීය.

මේ අතර අද(28) දිනයේ ද නැගෙනහිර පළාතේ ස්ථාන රැසක වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 

Charitha hot

 
 
 
k
k
 
 
 
 
 
 

Thursday, January 27, 2011

hot


ආණ්ඩුවට හරි පාර පෙන්නන්න එජාපයට සහය දෙන්න
ආණ්ඩුවට හරි පාර පෙන්නන්න එජාපයට සහය දෙන්න
Jan 27,2011
ආණ්ඩුවට නිවැරදි මාර්ගය පෙන්වාදීම සඳහා මෙවර මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයට සහයෝගය ලබාදෙන ලෙස එක්සත් ජාතික නියෝජ්‍ය නායක කරූ ජයසූරිය මහතා පවසයි.

මෙවර පළාත් පාලන මැතිවරණය මගින් ආණ්ඩුව පෙරළිය නොහැකි වුවද ජනතාවට පණිවිඩයක් ලබාදිය හැකි බව ද ඔහු පෙන්වාදෙයි.

එමෙන්ම ඉතිහාසයේ ප්‍රථමවරට එක්සත් ජාතික පක්ෂය තනි පක්ෂයක් ලෙස දිවයිනේ සෑම කොට්ඨාශයකින්ම පළමුවරට මෙවර මැතිවරණය සඳහා තරගවදින බව අද(27) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ජයසූරිය මහතා ප්‍රකාශ කළේය.

නිදහස් පක්ෂ සාමාජිකයින්ද මැතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකත්වය ඉල්ලා සිටි මුත් එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයින්ට අවස්ථාව ලබාදීමට සිදුවූ නිසා ඔවුන්ට අපේක්ෂකත්වය ලබාදීමට නොහැකි වූ බව ඔහු සඳහන් කළේය.

මෙවර පළාත් පාලන මැතිවරණය රජයට වාසි ප්‍රදේශ වල පමණක් පැවැත්වීමට රජය තීරණය කර ඇති බවට ද කරූ ජයසූරිය මහතා වැඩිදුරටත් අවධාරණය කර සිටියේය. 
ජනපති යළි දිවයිනට
ජනපති යළි දිවයිනට
Jan 27,2011
අමෙරිකා එක්සත් ජනපදයේ පෞද්ගලික සංචාරයක නිරතව සිටි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද(27) පෙරවරුවෙහි නැවත මව්බිම වෙත ළඟා වූ බව ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් බන්දුල ජයසේකර මහතා පවසයි. 
අල් ජසීරා මාධ්‍ය ජාලයට පලස්තීනයෙන් දොස්
Jan 27,2011
අල් ජසීරා මාධ්‍ය ජාලය පලස්තීන රජයට එරෙහිව කුමන්ත්‍රණ කරන බවට ජ්‍යෙෂ්ඨ පලස්තීන බලධාරියෙකු පෙරේදා චෝදනා කර තිබේ. අල් ජසීරා අනාවරණය එතරම් සැලකිල්ලට නොගත යුතු බවට පලස්තීන ජනාධිපති මහමුඩ් අබ්බාස් ප්‍රකාශ කර තිබේ.
කටාර් සිට ක්‍රියාත්මක වන අල් ජසීරා චැනලය පලස්තීන බල අධිකාරය අපකීර්තියට පත් කිරීමටත් රජය පෙරළා දැමීමටත් උත්සාහයක් දරන බවට සාම සාකච්ඡාවල ප්‍රධානියා වන සයීබ් එරකාට් අවඥා සහිතව චෝදනා කර තිබේ.
දින දෙකකට ඉහත සිට අල් ජසීරා චැනලය “පලස්තීන පත්‍රිකා” යනුවෙන් හැඳින්වූ ලිපි ලේඛන 1600 පමණ ප්‍රසිද්ධියට පත් කිරීම ආරම්භ කර තිබේ.
අල් ජසීරා චැනලයට එරෙහිව රමල්ලාහි උද්ඝෝෂණ පැවැත්වෙන බව වාර්තා වේ’ අල් ජසීරා ලාංඡනය සහිත ඊශ්‍රායල ධජ මේ අවස්ථාවේදී පුළුස්සා දමා තිබේ.
මෙම අනාවරණ කිරීම් වල පිටුපස කටාර් රජයේ නායකයා සිටින බවට අබ්බාස්ගේ ජ්‍යෙෂ්ඨ සහායකයෙකුවූ යසර් අබෙඩ් රබ්බෝ චෝදනා කරයි.

මහා බෝධි ත්‍රස්ත ප්‍රහාරයේ අරමුණ දෙරටේ මිත්‍රත්වය පළුදු කිරීමයි

- ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්
චෙන්නායි නුවර පිහිටි මහා බෝධි විහාරයට කිසියම් පිරිසක් පහර දුන්නේ ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර තිබෙන මිත්‍රත්වය පළුදු කිරීමේ අරමුණින් බව ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ප්‍රසාද් කාරියවසම් මහතා ප්‍රකාශ කෙළේ ය.
මෙවැනි ප්‍රහාරයක් තුළින් දෙරටේ රාජ්‍යතාන්ත්‍රික සබඳතාවන්ට කිසිදු බලපෑමක් එල්ල කළ නොහැකි බව පෙන්වා දෙන මහ කොමසාරිස්වරයා ද්විපාර්ශවිය වශයෙන් ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර තිබෙන සම්බන්ධතාව තව තවත් ශක්තිමත් වන බවද අවධාරණය කෙළේ ය.
පසුගියදා (24) රාත්‍රියේ පිරිසක් චෙන්නායි මහා බෝධි විහාරස්ථානයට පහර දී එහි වැඩ සිටි හිමිවරුන්ට තුවාල සිදුකර තිබෙන බව සිහිපත් කරන ප්‍රසාද් කාරියවසම් මහතා මේ සිද්ධිය සැළවීමත් සමඟ ඉන්දියාවේ ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස්වරයා සමඟ චෙන්නායි බලා පිටත්ව ගොස් එම විහාරයට පූර්ණ ආරක්ෂාව සැපයීම වෙනුවෙන් ගත හැකි සෑම ක්‍රියාමාර්ගයක්ම ගන්නා ලද බවද හෙතෙම සඳහන් කෙළේ ය.
ඊට අමතරව තමිල්නාඩු ප්‍රාන්තයේ ප්‍රධාන ලේකම්වරයා හා තමිල්නාඩු ප්‍රාන්ත රජයේ අනෙකුත් නිලධාරීන් හමු වී සාකච්ඡා කළ බව පෙන්වා දෙන ඒ මහතා මහාබෝධි විහාරස්ථානයට පූර්ණ ආරක්ෂාව ලබා දීම සඳහා ඔවුන් කඩිනම් පියවර ගත් බවද කීවේ ය.
මේ අතර ඉන්දියානු මධ්‍යම රජය සමඟ ද මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබෙන අතර මේ සිදුවීම පිළිබඳ පුළුල් පරීක්ෂණයක් ක්‍රියාත්මක කරන බවට ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය මඟින් ශශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශයට දැනුම් දී තිබේ.
මේ ප්‍රහාරයෙන් මහා බෝධි විහාරයට තරමක හානි සිදුව තිබෙන අතර මහාචාර්ය කඹුරුගමුවේ වජිර, සමිත හා නේපාලයේ මෛත්‍රී හිමිවරුන් සුළු තුවාල ලබා තිබෙන බවද ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා වැඩිදුරටත් කීවේ ය.
හම්බන්තොට නිධන් හෑරීමට තැත්කළ 10 ක් කොටුවෙයි
Jan 27,2011
හම්බන්තොට, කෙම්හතේගල ප්‍රදේශ‍යේ නිධන් හෑරීමට තැත්කළ පුද්ගලයින් 10 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගනු ලැබු පුද්ගලයින් හම්බන්තොට, අම්බලන්තොට හා මාවරල යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලිසිය සඳහන් කරනු ලැබීය.

සැකකරුවන් අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔවුන් සතුව තිබු සුඛෝපභෝගී වෑන් රථයක් සහ නිධන් හෑරීමට යොදා ගන්නා උපකරණ කිහිපයක් ද පොලිස් භාරයට ගෙන ඇත.

අත්අඩංගුවට ගනු ලැබූ පුද්ගලයින් අද(27) හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිසිය පැවසීය. 
විද්වත් කමිටුව හමුවීමේ සැලැස්මක් නෑ -කැතරින් බ්‍රෙග්
විද්වත් කමිටුව හමුවීමේ සැලැස්මක් නෑ -කැතරින් බ්‍රෙග්
Jan 27,2011
ශ්‍රී ලංකාව සඳහා පත්කරන ලද එක්සත් ජාතීන්ගේ විද්වත් කමිටුව අදාළ කිසිදු කරුණක් පිළිබඳව තමන් සාකච්ඡා නොකළ බව පසුගිය සතියේ මෙරට සංචාරයක නිරත වූ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානූෂීය සේවා පිළිබඳ සහකාර මහ ලේකම් සහ ආපදා සහන සම්බන්ධීකාරක නියෝජ්‍ය ප්‍රධානී කැතරින් බ්‍රෙග් මහත්මිය පවසයි.

එමෙන්ම අදාළ කරුණු පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා විද්වත් කමිටුවේ සාමාජිකයින් හමුවීමේ කිසිදු සැලැස්මක් නොමැති බව ඇය‍ ශ්‍රී ලංකාවේ සිදුකළ මානුෂීය මෙහෙයුම පිළිබඳව කරුණු දක්වමින් බ්‍රෙග් මහත්මිය පෙන්වාදෙයි.

තෙදින නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණි එම මහත්මිය එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියකු නැගූ පැනයකට පිළිතුරුදෙමින් මේ බව සඳහන් කළාය.

ශ්‍රී ලංකාවේ මානූෂීය සේවා අවශ්‍යතා පිළිබඳ සමාලෝචනය කිරීම සහ එම අවශ්‍යතා අවධාරණය කිරීම ඇයගේ මෙරට සංචාරයේ අරමුණ වූ අතර ශ්‍රී ලංකාව තුළ මානුෂීය සේවා සම්පාදනයෙහි ලා එක්සත් ජාතීන් විසින් කෙරෙන කාර්යයභාරය සහ කිරීමට අපේක්ෂා කරන කාර්යයභාරය ද මෙම චාරිකාවේදී අවධානයට සහ කතාබහට විය.
 

කුණු කන්දකින් ඉදිවුණු හෝටලයක්


  
කුණු කන්දකින් ඉදිවුණු හෝටලයක්
සංචාරකයින් විසින් ඉවත දමන ලද අපද්‍රව්‍ය උපයෝගී කරගනිමින් නිර්මාණය කරන ලද බිත්ති වලින් යුත් අපූරු හෝටලයක් පිළිබඳව මෙම පුවත වාර්තා වේ. ජර්මානු කලා ශිල්පියෙකු විසින් ඉදිකර ඇති මෙම අපූරු හෝටලය සඳහා අවශ්‍ය අපද්‍රව්‍ය සපයාගෙන ඇත්තේ වෙරළ තීරයන් වලින් සහ යුරෝපානු වෙළඳසැල් අසලිනි.

‍ මෙම කුණු හෝටලයෙහි බිත්ති වල බෝතල්, ඉවත දමන ලද ප්ලාස්ටික්, කඩදාසි රබර් රෝද වැනි බොහෝ අපද්‍රව්‍ය අඩංගුව ඇත. පරිසරය ආරක්ෂා කිරීමේ අරමුණ ඇතිව ඉදිකරන ලද මෙම හෝටලය අපද්‍රව්‍ය වලින් නිර්මාණය කළද එය සැබවින්ම විවේකය ගතකිරීම සඳහා සුදුසු පිරිසිදු හෝටලයක් බව ද සඳහන්ය.

hot news

අනුරාධපුර බන්ධනාගාර ගැටුමින් තුවාල ලැබූ තවත් රැඳවියෙක් මරුට
Jan 27,2011
අනුරාධපුර බන්ධනාගාරයේ පසුගියදා ඇතිවු ගැටුමෙන් තුවාල ලබා රෝහල්ගත කෙරුණු තවත් රැඳවියෙකු මියගොස් තිබේ.

ඊයේ(26) රාත්‍රීයේ අදාළ රැඳවියා මියගිය බව රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

මේ අනුව අනුරාධපුර බන්ධනාගාරය තුළ පසුගියදා ඇතිවු ගැටුමෙන් මියගිය රැඳවියන් සංඛ්‍යාව දෙදෙනෙකි.

බන්ධනාගාරය තුළ ඊයේ දිනයේත් නොසන්සුන්කාරී තත්ත්වයක් ඇතිවු අතර රැඳවියන් කිහිපදෙනෙකු බන්ධනාගාර වහලය මත නැඟී විරෝධතාවක ද නිරත විය.
නාමයෝජනා බාර ගැනීම අදින් අවසන්
Jan 27,2011
පළාත් පාලන මැතිවරණය සඳහා නාමයෝජනා බාර ගැනීම අද(27) දහවල් 12න් අවසන් වේ. පසුගිය 20 වැනිදා නාමයෝජනා භාර ගැනීම ආරම්භ විය.

අද නාමයෝජනා භාර ගැනීමේ කාලය අවසන් වීමෙන් පසු නාමයෝජනා ලැයිස්තු පිළිබඳ විරෝධතා ඉදිරිපත් කිරීමට පැයක කාලයක් ලබාදෙනු ඇත.

දිවයිනේ පළාත් පාලන ආයතන 335න් 301ට මහජන නියෝජිතයින් තෝරා පත් කර ගැනීම සඳහා මෙම මැතිවරණය පැවැත්වෙයි.

මැතිවරණයට තරග කිරීම සඳහා ස්වාධීන කණ්ඩායම් වලින් ඇප මුදල් භාර ගැනීම ඊයේ(26) දහවල් 12න් අවසන් විය.

ඒ වන විට ස්වාධීන කණ්ඩායම් 914ක් ඇප මුදල් තැන්පත් කර තිබු බව මැතිවරණ මහලේකම් කාර්යාලය සඳහන් කරනු ලැබීය.

වැඩිම ස්වාධීන කණ්ඩායම් සංඛ්‍යාවක් අම්පාර දිස්ත්‍රික්කය සඳහා ඇප මුදල් තැන්පත් කර තිබු අතර එම කණ්ඩායම් සංඛ්‍යාව 115 කි.

මේ අතර නාමයෝජනා භාර ගැනීම අවසන් වන අද දිනයේ ඒ ඒ දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල පොලිස් ආරක්ෂාව තර කිරීමට ද පියවර ගෙන තිබේ
පොලීසියේ කනෙන් රිංගා චූටි පුතා පැන ගිහින්
Jan 26,2011
නම ගිය අපරාධකරුවෙකු වන"චූටි පුතා" නමැති අය ගල්කිස්ස උසාවි භූමියෙන් පලාගොස් ඇතැයි ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී දයා සමරවීර මහතා පවසයි.

බන්ධනාගාර ගත කර සිටි මොහු අද(26)ගල්කිස්ස අධිකරණයට ඉදිරිපත් කළ බවත්,එහිදී පසු පොලීසිය හා බන්ධනාගාර නිලධාරීන් නොමග යවා පැන ගොස් ඇති බවත් සඳහන් වේ.

චූ‍ටි පුතා පලා යද්දී පොලිස් නිලධාරීන් විසින් වෙඩි තැබූවද වෙඩි ප්‍රහාරයෙන් බේරී ඔහු පලා ගිය බව පොලිස් අධිකාරිවරයා අද දෙරණට කියා සිටියේය.

වරෙන්තු 100 ට වැඩි ප්‍රමාණයක් ඇති නම ගිය මෙම අපරාධකරුවා යළි අත්අඩංගුවට ගැනීම සඳහා ගල්කිස්ස පොලීසිය විසින් විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබේ.
ආරක්ෂක අමාත්‍යංශය මාරු වෙන්නේ විදෙස් ව්‍යාපෘති දෙකකට ඉඩ ගන්නයි
Jan26,2011
 දැනට ආරක්ෂක අමාත්‍යාංශය පිහිටි කොළඹ ගාලු මුවදොර පරිශ්‍රය විදේශ ආයෝජන ව්‍යාපෘති 2ක් සදහා ලබා දීමට රජය තීරණය කර තිබේ.

ඒ සඳහා කැබිනට් අනුමැතිය හිමි වී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.

ඒ අනුව එම පරිශ්‍රයේ පිහිටි ආරක්ෂක අමාත්‍යාංශය , ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාලය සහ යුද හමුදා මූලස්ථානය මෙන්ම නිල නිවාස පහසුකම් සහිත සියලු ආරක්ෂක හමුදා මූලස්ථාන බත්තරමුල්ල අකුරේගොඩ ප්‍රදේශයේ ඉදි කිරීමට තීරණය කර තිබේ.

ඩොලර් මිලියන 1000ක සෘජු ව්‍යාපෘති 2ක් සඳහා ගාලු මුවදොර පිහිටි ආරක්ෂක අමාත්‍යාංශ පරිශ්‍රය ලබා දී ඇති අතර ඉන් ලැබෙන ප්‍රතිපාදන මෙහි ඉදිකිරීම් කටයුතු සඳහා යොදා ගැනීමට නියමිතය.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ යෝජනාවකට අනුව මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරේ. 

පුංචි ඡන්දයෙන් යෝද පියවරක් තබනවා

පුංචි ඡන්දයෙන් යෝද පියවරක් තබනවා

Jan 26,2011

මෙම පුංචි ඡන්දය සමාජ වෙනසක් සඳහා තබන යෝද පියවරක් ලෙස සලකන බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසයි.

මෙම අවස්ථාව අලුත් දේශපාලනයක ප්‍රථම පියවර ලෙස සලකා ක්‍රියා කරන ලෙස තමා ජනතාවගෙන් ඉල්ලා සිටින බව ජ.වි.පෙ ලේකම්වරයා කියා සිටියේ අද(26)කොළඹ දිස්ත්‍රීක්කය වෙනුවෙන් නාම යෝජනා බාර දීමෙන් අනතුරුව මාධ්‍යයට අදහස් ප්‍රකාශ කරමිනි.

තට්ටුමාරු,මුහුණු මාරු,පාට මාරු දේශපාලනය වෙනුවට ප්‍රතිපත්තිමය වශයෙන් වෙනසක් සිදුකරන දේශපාලනයකට කාලය පැමිණ ඇතැයි ද හෙතෙම අවධාරණය කළේය.

ජනතාවට පොරොන්දු වූ කිසිදු පොරොන්දුවක් ඉටු කිරීමට නොහැකි වූ අණ්ඩුව විසින් මේ වන විට රටේ ප්‍රජාතන්ත්‍රවාදය බරපතල ලෙස අනතුරේ හෙලා ඇති බවද,අධිකරණය පවා හෑල්ලු කරමින් සිටින බවද හෙතෙම කියා සිටියේය. 


Wednesday, January 26, 2011

2012 ලෝක විනාශය ගැන වෙනස් කතාවක්


මේ දිනවල ලෝක විනාශ පිළිබද බොහෝ ලිපි පල වනවා.පලවන බොහොමයක් ලිපි අසත්‍ය ඒවා වන අතර සත්‍ය ලිපි ඉතා අල්ප වේ.

පසු ගිය දා weeklyworldnews මගින් පල කල ලිපියකින් දැක්වුණේ 2012 වනවිට ලෝකය විනාශ කිරීම සදහා පිටසක්වල ප්‍රහාරක යානා තුනක් පැමිණෙන බවයි.එම පුවත අපේ රටේ එක් පුවත්පතකද පල කොට තිබුණා.

මේ දිනවල ලංකාව ඇතුළු ලෝකය පුරාම ඇතිවී තිබෙන දේශගුණික විපර්යාසය නිසා බොහෝ දෙනෙක් මෙය ලෝක විනාශයේ පෙරනිමිතිදැයි සැක පහල කරනවා. සියලු කරනු කෙරෙහි සැක පහල නොකොට ලෝක විනාශයක් ඇති විය හැකි කරුණු පිලිබද මුලින්ම සොයා බැලිය යුතුය.

පසුගිය කාලය පුරාම විවධ පර්යේෂණ වල ප්‍රතිපල ලෙස විද්‍යාඥයින්ලෝක විනාශයට හේතු වන්නාවූ ප්‍රධාන කරුණු කිහිපයක් සොයා ගෙන ඇත.සයන්ටික් ඇමරිකා සගරාව හෙළි කල පරිදි එම කරුණු මෙසේයි.

දේශගුණික විපරීථ ,පෘතුවි පෘෂ්ටයේ ඇතිවන විපරීථ හා විශ්වයේ සිදුවන ග්‍රාහක ගැටිම්ය. 

මෙම සිදුවීම් තුල පහත දැක්වෙන ඒවාද ඇතුලත්වේ. 
  • පෘතුවියට කඩා වදින සුරිය ගිනි දැල්
  • ගෝලීය උණුසුම මුල්කොටගෙන සිදුවන ක්‍රියාවලි
  • මරණිය වසංගත
  • ගම කිරණ විශ්වයේ බුබුළු සංසිද්ධිය
  • ගිනි කදු පිපිරීම්
  • භූ චලන හා භූ විනාශයන්
  • ග්‍රාහක ගැටීම
මායාවරුන්ගේ දින දර්ශණය
2012 ලෝක විනාසය සිදු වන බව කියවන කතාවේ මුලාරම්භය වනුයේ මායාවරුන්ගේ දින දර්ශනය 2012 -12 -21 පසුව අවසන් වන බවත් ඉන් පසුව ලෝකය විනාශය සිදුවන බවට ගොඩ නැගුන කතාවයි.

ක්‍රිස්තුපුර්ව 2600 පමණ ආරම්භ වූ මාය ශිෂ්ටාචාරය සැබවින්ම ගණිත විද්‍යාව හා තාරක විද්‍යාව අතින් ඉතා ඉහල දැනුමකින් යුක්ත පිරිසක් වුහ.එම නිසා එම කාරණයද සුළුවෙන් බැහැර කල නොහැක.


නමුත් ලංකාව වැනි රටකට වඩා වැදගත් වනුයේ බුදු දහමේ හා ජෝතිශයේ අනුසාරයෙන් ලෝක විනාශය පිළිබද සත්‍ය අසත්‍ය සොයා යාමයි.බුදු දහමේ හා ජෝතිශයට අනුව ලෝක විනාශයක් සිදු වන්නේ කල්පයක් අවසන් වූ පසුවයි.එම නිසාම ලෝක විනාශය කල්ප විනාශය ලෙසින්ද හදුන් වනවා.

කල්පයක්         = මනු අන්තර 14
මනු අන්තර 1   = මහා යුග 71
මහ යුග 1         = අවුරුදු 4323000


ඒ අනුව ලෝක විනාශය සිදු විය යුත්තේ කල්පයක් හෙවත් මනු අන්තර 14 ක් අවසනයේදියි.නමුත් අප දැන් ගෙවා තිබෙන්නේ මනු අන්තර 6ක් පමණයි.

එම නිසා මෙම පැහැදිලිකිරීම් වලට අනුව 2012දී ලෝක විනාශයක් සිදු විය නොහැකියි.නමුත් 2012 දී කිසියම් භයානක උපද්‍රවයක් සිදුවන බවනම් ජෝතිෂ්‍ය මගින් පෙන්වා දෙනවා.

සොයා ගැනීම් වලට අනුව මෙය 2012 -12-12 වනදා සිදු විය හැකි අතර බොහෝ දුරට දැවැන්ත භුමි කම්පාවක් වීමට ඉඩ තිබේ. 

2012-12-12 වනදා උදැසන 5.30 ට යෙදෙන ග්‍රහචාරයක් නිසාවෙන් මෙම භූමිකම්පාව ඇතිවිය හැක.මෙම ග්‍රහ චාරය වන්නේ සුර්යා සහ පෘතුවිය අතරමැද සිටින ග්‍රහයින් එකම අංශගත හෙවත් එක පෙලට පිහිටිමයි.මෙම ග්‍රහචාරය යෙදුනුවිට පෘතුවියේ සමතුලිතබාවය නැතිවන අතර එහි ප්‍රතිපලයක් ලෙස කුමක් හෝ විපර්යාසයක් සිදු විය හැකියි. 
1976 ජුලි 28 චීනයේ අලුයම 3.42 ට සිදු වූ මහා භූමිකම්පව සිදුවූ අවස්ථාවෙදිද ග්‍රහයන් එක පෙලට පිහිට තිබුණි.

1934 ජනවාරි 15 නේපාලයේ සිදු වූ දරුණු භුමි කම්පවේදීද සදු හා බුද්ධ ග්‍රහය එක පෙලට පිහිට තිබුණි.

2004 වසරේ ඉන්දුනීසියාවේ තිබූ භුමි කම්පවේදීද 2010 හයිටියේ ඇති වූ දරුණුතම භුමි කම්පා ඇති වුවේද ඉහත සදහන් කරන ලද ග්‍රහ යෝගයන්ට සමාන අවස්ථාවලදීය.
කෙසේනමුත් 2004 සුනාමි තත්වයෙන් පසු පරීක්ෂණ කල විද්‍යාඥයින් පෙන්වා දෙන්නේ ඉදිරි වසර 20 තුලදී 2004 හටගත් සුනාමි තත්වයට සමාන තත්වයක් හට ගත හැකි බවයි.ඉන්දියානු සාගරයේ අලුතින් සිදුවන භූ තැටි නිසා එම කලාපයේ ඇතිවන භූ චලන නිසා ලංකාව හාඉන්දුනීසියාව ජාවා දුපත්වලට භිහිසුනු සුනාමි තත්වයන්ට අනාගතයේදී මුහුණ දිය හැකියි.


2012 උදාවන්නා වූ මෙම ග්‍රහචාරය නිසවෙන් භුමිකම්පාවක් අතිවුවහොත් එය ලංකාවටද බොහෝවිට බලපෑ හැක. නමුත් මෙම ග්‍රහචාරය අනුව මෙම ව්‍යවසනය සිදුවන්නේ ලෝකයේ කුමන කලාපයේද යන්න නිශ්චිතව කිව නොහැක. 
*ජෝතිෂ්‍ය අනාවැකිය - තිලක් ද සිල්වා මහතා  

HOT NEWS

බීමතින් අනතුරකට ලක්ව රෝහල් ගියොත් ගාස්තුව දෙදාහයි

සන්ධ්‍යා කරුණාරත්න
Jan 26,2011
බීමත්කම නිසා හදිසි අනතුරුවලට ලක්ව රෝහලගත වන රෝගීන්ගෙන් රුපියල් දෙදහක රෝහල් බිලක් අය කර ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගනියි. ඒ අනුව ලබන මස පළමුවැනිදා සිට මෙම තීරණය ක්‍රියාත්මක කෙරෙන අතර බීමත්කමින් රෝහල් ගත වන අයගේ බිල අය කරන චක්‍රලේඛයේ ප්‍රථම පියවර ලෙස මෙය ක්‍රියාත්මක වේ.
විශේෂයෙන්ම මාර්ග අනතුරකදී වාහනය පැද වූ පුද්ගලයා අනතුරට ලක්වීමට හේතුව මත්පැන් පානය කිරීම බව වෛද්‍යවරුන් සනාථ කළහොත් මෙසේ රෝහල් බිල අයකර ගැනීම කෙරෙයි. මෙම ක්‍රියාවලියේ මූලික පියවර ලෙස රුපියල් දෙදහසක මුදලක් අයකර ගැනීම සිදුකරන අතර පසුව රෝගීයාව සුව කිරීමට රෝහලෙන් ලබාදෙන සියලු ප්‍රතිකාරවලට සම්පූර්ණ මුදලම අය කිරීමටද සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු යොදා ඇත.
බොරැල්ල දකුණ බටහිර බෙහෙත් ශාලාව පෙරේදා (25) විවෘත කිරීමේ අවස්ථාවට සහභාගි වෙමින් සෞඛ්‍ය ඇමැති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව ප්‍රකාශ කළේය. බීමත්කම නිසා රෝගී වී රෝහල්ගත වන පුද්ගලයන්ගේ රෝහල් බිල මුළුමනින්ම අයකර ගැනීම සඳහා නීතිපතිවරයා සමඟ වැඩිදුරටත් සාකච්ඡා කරන ලෙසට සෞඛ්‍ය ඇමැති මෛත්‍රීපාල සිරිසේන මහතා, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට උපදෙස් ලබාදී තිබේ.

මහා බෝධි ප්‍රහාරයට සැක දෙදෙනෙක් අත්අඩංගුවට

Jan 26,2011
ඉන්දියාවේ චෙන්නායිහි ශ්‍රී ලංකා මහාබෝධි මධ්‍යස්ථානයට පෙරේදා (24) රාත්‍රී මැර ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනකු තමිල්නාඩු ප්‍රාන්ත පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇතැයි විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.  මේ සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ මෙසේ ද දැක් වේ. විදේශ කටයුතු අමාත්‍යවරයා ද කොළඹ පිහිටි ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලය හරහා ඉන්දියන් රජය සමඟ මෙම සිද්ධිය සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබේ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් සිදු කරන බවට ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය එරට සිටින ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස් වඩිවෙල් ක්‍රිෂ්ණ මූර්ති මහතා අවශ්‍ය පියවර ගත් බව ඊයේ කොළඹ මහා බෝධි අග්‍රශ්‍රාවක මහා විහාරයේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකට එක් වූ ශ්‍රී ලංකා මහා බෝධි සංගමය නියෝජ්‍ය ලේකම් හා චෙන්නායි මහා බෝධි මධ්‍යස්ථානාධිපති පූජ්‍ය කිනියාවල පාලිත හිමියෝ පැවැසූහ.
ජනාධිපති මහින්ද රාජපක්ෂ ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ හා විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන් චෙන්නායි මහා බෝධි විහාරයට ආරක්ෂාව තර කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස උපදෙස් දුන් බවද උන්වහන්සේ පැවසූහ.  මේ කොටි හිතවාදීන්ගේ ප්‍රහාරයේදී කුඹුරුගමුවේ වජිර නායක හිමියෝ ඇතුළු හිමිවරුන් සුළු තුවාල ලබා ප්‍රතිකාර ලබා ගත් බවත් උන්වහන්සේලාගේ සිරුර අභ්‍යන්තරයට කිසිදු හානියක් නොමැති බවත් ප්‍රකාශ කළ කිනියාවල පාලිත හිමියෝ මීට පෙර කිසිදු අවස්ථාවක චෙන්නායි මහා බෝධි විහාරයට කිසිදු ප්‍රහාරයක් එල්ල නොවූ බව සිහිපත් කළහ.
මේ නිසා විශාල ගැටුමක් ඇති කර නොගන්නා ලෙසත් ද්‍රවිඩ ජනතාවට කිසිදු හානියක් නොවන ආකාරයට කටයුතු කරන ලෙසත් ඉල්ලා සිටි පාලිත හිමියෝ මේ සිද්ධිය පදනම් කරගෙන කිසිඳු ආකාරයකින් හෝ පසුබට නොවන බවත් පියවරෙන් පියවර ඉදිරියට ගමන් කරන බවත් සඳහන් කළහ. මීට පෙර වෙසක් උත්සවය මෙන්ම, නිදහස් සැමරුම් උත්සව අලංකාර ලෙස පැවැත්වූ බව සිහිපත් කළ මහා බෝධි මධ්‍යස්ථානාධිපති හිමියෝ එම වැඩසටහන් ඉදිරියටත් ක්‍රියාත්මක කරන බව පෙන්වා දුන්හ.
මේ අතර අදාළ සිදුවීම සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා නව දිල්ලි නුවර සිටින ශ්‍රී ලංකා මහකොමසාරිස් ප්‍රසාද් කාරියවසම් මහතා ඊයේ (25) චෙන්නායි නුවරට පැමිණ තිබෙන අතර මේ සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් ක්‍රියාත්මක කරන ලෙසට තමිල්නාඩු ප්‍රධාන ලේකම් වරයාගෙන් ඉල්ලා තිබෙන බව විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කරයි. මේ මාධ්‍ය සාකච්ඡාව සඳහා ශ්‍රී ලංකා මහාබෝධි සංගමයේ ප්‍රධාන ලේකම් වසන්ත සිල්වා, විධායක අධ්‍යක්ෂ රූපරත්න පෙරේරා, මාධ්‍ය අධ්‍යක්ෂ සමන් අතාවුද හෙට්ටි , මහත්වරුද එක්ව සිටියහ.

ෆොන්සේකාගේ ප්‍රකාශය සම්පූර්ණ අසත්‍යයක්

ආරක්‍ෂක ලේකම් සුදු කොඩි නඩුවේ සාක්කි දෙමින් කියයි
* කොටි නායකයන් මරන්න මා අණ කළේ නෑ
* එල්ටීටීඊ සාමාජිකයන් 11968ක් භාර වුණා

* ඔවුන්ට හොඳින් සළකන්න උපදෙස් දුන්නා
ශිරෝමි අබයසිංහ
Jan 26,2011
සුදු කොඩි රැගෙන යටත්වීමට පැමිණි එල්ටීටීඊ නායකයන් මරාදමන ලෙසට තමා අණ කළ බවට සන්ඩේ ලීඩර් පුවත්පතේ පළ වී තිබූ සරත් ෆොන්සේකා මහතාගේ ප්‍රකාශය සම්පූර්ණයෙන් අසත්‍යයක් බව ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා සුදු කොඩි නඩුවේ සාක්කි දෙමින් ඊයේ (25) පැවැසීය.යටත් වීමට පැමිණෙන එල්. ටී. ටී. ඊ. නායකයන් සහ අනෙකුත් සාමාජිකයන් නීතියට අනුව භාර ගෙන ඔවුන්ට හොඳින් සලකන ලෙස තමා හමුදාවට උපදෙස් දී තිබුණු බවද රාජපක්‍ෂ මහතා කීය.
එල්. ටී. ටී. ඊ. සාමාජිකයන් එකොළොස් දහස් නවසිය හැට අට දෙනෙක් හමුදාවට භාර වුණු බවත්, එයින් පන්දහසක් දෙනා පුනරුත්ථාපනය කර සමාජගත කෙරුණු බවද ආරක්‍ෂක ලේකම්වරයා වැඩිදුරටත් කීය. 2009 දෙසැම්බර් 08 දා සන්ඩේ ලීඩර් පුවත්පතේ ප්‍රධාන කර්තෘ ප්‍රෙඩ්රිකා ජෑන්ස් මහත්මිය සමඟ පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවක දී ජාතිවාදී හැඟීම් ඇති කරන තොරතුරු සැපයීම සහ එමගින් රජය කෙරෙහි මහජනතාව තුළ විරෝධතාවයක් ඇති කිරීමට තැත් කිරීම සඳහා සුදු කොඩි ප්‍රකාශය කිරීම සම්බන්ධයෙන් නීතිපතිවරයා අධිචෝදනා තුනක් යටතේ ෆොන්සේකා මහතාට එරෙහිව නඩු පවරා තිබේ.
විශේෂ අධිකරණ කටයුත්තක් සේ සලකා මහාධිකරණ ති‍්‍රත්ව විනිසුරු මඬුල්ලක් හමුවේ මේ නඩුව විභාගයට ගැනේ. කොළඹ මහාධිකරණ විනිසුරුවරුන් වන දීපාලි විජේසුන්දර මහත්මිය, ඩබ්ලිව්. ටී. ඇම්. පී. බී. වරාවැව මහතා සහ ගල්කිස්ස සිවිල් මහාධිකරණ විනිසුරු ඉසෙඩ් එම්. රෂින් මහත්වරුන්ගෙන් විනිශ්චය මණ්ඩලය සමන්විත වේ. වැඩිදුරටත් සාක්කි දුන් රාජපක්‍ෂ මහතා, එල්. ටී. ටී. ඊ. නායකයින් වූ දයා මාස්ටර්, ජෝර්ජ් මාස්ටර්, නඩේෂන්, සුසෙයි, ඔහුගේ බිරිය සහ කාන්තා අංශයේ නායිකාවන්ද හමුදාවට භාර වූ අතර, ඔවුන් තවමත් නිරුපද්‍රිතව ආරක්‍ෂා සහිතව සිටින බවත් කීය.
සන්ඩේ ලීඩර් පුවත්පතේ පළවූ සරත් ෆොන්සේකා මහතාගේ ප්‍රකාශය නිසා කැනඩාව, එංගලන්තය, අමෙරිකාව වැනි රටවල වෙසෙන මිලියනයකට ආසන්න ඩයස් පෝරාවේ දෙමළ ජාතිකයන්ගේ විරෝධය ශ්‍රී ලංකා රජයටත්, තමන්ටත් එල්ල වූ බවත් රාජපක්‍ෂ මහතා කීය. මේ ලිපිය නිසා ජාත්‍යන්තරය ශ්‍රී ලංකාවෙන් මේ පිළිබඳව ප්‍රශ්න කළ බවත් මේ පිළිබඳව පරීක්‍ෂණ පවත්වන ලෙසත් බල කරන බවත් කීය. මේ ලිපිය නිසා රටේ පවා ජනතාවගේ විරුද්ධත්වයක් ඇති වූ බවද රට තුළ අසමගියක් ඇති වූ බවද කී රාජපක්‍ෂ මහතා ඒ අසමගිය දුරු කිරීමට රජය ක්‍රියා කළ බවද කීය.
රතු කුරුස ප්‍රධානියා අද ලංකාවට
 රතු කුරුස ප්‍රධානියා අද ලංකාවට
Jan 26,2011
අන්තර් ජාතික රතු කුරුස ෆෙඩරේෂනයේ සභාපති තදතේරු කොනොයි මහතා අද (26) දිවයිනට පැමිණෙයි.

අයහපත් කාලගුණය හේතුවෙන් විපතට පත්වූ ජනතාවට සහන සැලසීම පිළිබඳ සොයා බැලීම ඔහු‍ගේ මෙම සංචාරයේ අරමුණයි.

කොනොයි මහතා සංචාරය අතරතුර දී ජනාධිපති මහින්ද රාජපක්ෂ, විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ යන මහත්වරුන් සමග සාකච්ඡා පැවැත්වීමට ද සැලසුම් කර තිබේ.

මීට අමතරව ඔහු උතුරු නැගෙනහිර සහ දකුණු පළාත්වල සංචාරයක නිරත වීමට ද නියමිතය.
තැපැල් ඡන්ද ඉල්ලුම්කිරීම 10% ටත් අඩුයි
තැපැල් ඡන්ද ඉල්ලුම්කිරීම 10% ටත් අඩුයි
Jan 26,2011
ප්‍රධාන දේශපාලන පක්ෂ කිහිපයක් අද(26) නාමයෝජනා භාර දීමට නියමිතව තිබේ. කොළඹ දිස්ත්‍රික්කය සඳහා අද දිනයේ නාම යෝජනා භාර දෙන බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.

මීට අමතරව එම පක්ෂය ගම්පහ , ගාල්ල , හම්බන්තොට , කුරුණෑගල , බදුල්ල සහ මොණරාගල යන දිස්ත්‍රික්ක සඳහා ද සිය නාමයෝජනා භාර දෙනු ඇත. එක්සත් ජාතික පක්ෂය ද අද දිනයේ නාම යෝජනා භාර දීමට නියමිතය.

නාම යෝජනා භාර ගැනීම හෙට දහවල් 12න් අවසන් වන අතර පස්වරු 12.30 සිට 1.00 දක්වා කාලය නාම යෝජනා පිළිබඳ විරෝධතා දැක් වීම සදහා වෙන් කර තිබේ.

පසුව සහකාර ‍මැතිවරණ කොමසාරිස්වරුන් විසින් පිළිගත් සහ ප්‍රතික්ෂේප වූ නාමයෝජනා පිළිබඳ දැනුම් දීමට නියමිතය. මේ අතර ස්වාධීන කණ්ඩායම් සඳහා ඇප මුදල් තැන්පත් කිරීම සඳහා ලබා දී තිබූ කාලය අද දහවල් 12න් අවසන් වේ.

මේ වන විට ස්වාධීන කණ්ඩායම් 450ක් පමණ ඇප මුදල් තැන්පත් කර ඇති බව වාර්තා වේ. මේ අතර මැතිවරණ රාජකාරී වල යෙදෙන නිලධාරීන්ගේ විස්තර දැනුම් දෙන ලෙස මැතිවරණ කොමසාරිස් දයානන්ද දිශානායක මහතා සියලු තේරීම්භාර නිලධාරීන්ට සහ සහකාර මැතිවරණ කොමසාරිස්වරුන්ට දැනුම් දී තිබේ.

මැතිවරණ රාජකාරී වල නිරත වීමට කැමති නිලධාරීන්ට ඔවුන්ගේ ආයතන ප්‍රධානීන් හරහා ඒ සඳහා ඉල්ලුම් කළ හැකිය. මේ අතර මෙවර මැතිවරණය සඳහා තැපැල් ඡන්ද ඉල්ලුම් කිරීම 10%ටත් වඩා අඩු මට්ටමක පවතින බව මැතිවරණ මහලේකම් කාර්යාලය පවසයි.

තැපැල් ඡන්ද අයදුම් කිරීමේ කාල සීමාව අනිද්දා අවසන් වන අතර එය යළි දීර්ඝ නොකරන බව මැතිවරණ මහලේකම් කාර්යාලය සඳහන් කරයි.

පළාත් පාලන මැතිවරණය ප්‍රකාශයට පත් කිරීමත් සමඟ තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම ආරම්භ වූ අතර එය පසුගිය 16 වැනිදා සිට ලබන 27 වැනි දින දක්වා දීර්ඝ කිරීමට මැතිවරණ මහලේකම් කාර්යාලය පියවර ගෙන තිබුණි.
අනුරාධපුර බන්ධනාගාරයේ යළි වර්ජනයක්
Jan 26,2011
අනුරාධපුර බන්ධනාගාර රැඳවියන් පිරිසක් යළි ආහාර වර්ජනයකට එක්ව සිටියි. පෙරේදා ඇති වූ ගැටුමින් පසු මෙම පිරිස වර්ජනය ආරම්භ කර ඇති බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් මේජර් ජනරාල් වී.ආර් ද සිල්වා මහතා පවසයි.

බන්ධනාගාරයේ දී ලැබෙන ආහාර වේල ප්‍රමාණවත් නොවීම , පිටතින් රැගෙන එන ආහාර පරීක්ෂාවට ලක් කිරීම , වාට්ටු වල රැඳවියන් ප්‍රමාණය ඉක්මවා රඳවා සිටීම ඇතුළු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් විරෝධය පළ කිරීම රැඳවියන්ගේ මෙම විරෝධතාවයේ අරමුණයි.

පසුගිය ඉරිදා සිට රැඳවියන් පිරිසක් බන්ධනාගාර වහලය මත නැඟී විරෝධතාවයක නියැලුණු අතර පසුව ඇති වූ ගැටුම් හේතුවෙන් එක් රැඳවියෙකු ජීවිතක්ෂයට පත්වී තවත් රැඳවියන් 17 දෙනෙකු සහ නිලධාරීන් 7 දෙනෙකු තුවාල ලැබීය.

මේ අතර අදාළ සිදුවීම සම්බන්ධයෙන් අංශ කිහිපයකින් පරීක්ෂණ ආරම්භ කර ඇති බව බන්ධනාගාර හා පුනරුත්ථාපන අමාත්‍ය චන්ද්‍රසිරි ගජධීර මහතා සඳහන් කරයි.

එසේම අනුරාධපුර බන්ධනාගාරයේ නව අධිකාරිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ බන්ධනාගාර අධිකාරි ගාමිණි කුලතුංග මහතා පත් කර තිබේ. 

Tuesday, January 25, 2011

nadee chandrasekara


ඒක මගේ ජීවිතයේ ලොකු කැළඹීමක්...
( වැඩි ප්‍රෙක්ෂකයින් පිරිසක් රංගන ශිල්පිණියක ලෙස ඇයව හඳුනගනු ලැබුවේ"අසනි වැසි ටෙලි නාට්‍යයේ මලිත්තිගේ චරිතය" තුළිනි. එමෙන්ම ඇයගේ පළමු ටෙලි නාට්‍ය වූ" අසනි වැසි"හි රංගනය වෙනුවෙන් ඇය සම්මානයට ද පාත්‍රවිය. මෑතකාලීනව විකාශය වූ රිදී ඉට්ටංකරය, සුවඳ හමන මනමාලි, කරුවල ගෙදර, ලාබයි ඇපල්, පිණි කුණාටුව, සිත් බිඳි රේඛා ආදිය නදීගේ රංගන දායකත්වය ලැබුණු තවත් ටෙලි නාට්‍ය කිහිපයකි. රංගනය මෙන්ම ගායන ශිල්පිණියක ලෙසත් ඇය සිය කලා දක්ෂතා ඉදිරිපත් කර තිබේ‍.මෙවර ආලින්දයට ගොඩවදින්නේ ඇයයි.)



*සම්පූර්ණ නම

කිත්තම්බාහුගේ දෝන හිමන්ති නදීකා චන්ද්‍රසේකර.

*උපන්දිනය

මැයි 03

*ලග්නය

කන්‍යා

*පළමු වෘත්තිය

රංගනය

*පදිංචිය

බත්තරමුල්ල,

*පවුලේ සාමාජිකයින්

අම්මා, අප්පච්චි, මල්ලි

*ඉතිං නදී කොහොමද ජීවිතේ? 
ගොඩක් හොඳයි. සතුටින් ඉන්නවා. මේ දවස් වල ජාත්‍යන්තර නීතිය පිළිබඳ ඩිප්ලෝමාවක් කරනවා. ඉතින් ඒ අධ්‍යාපන කටයුතුත් එක්ක මේ දවස් ගෙවෙනවා.

*කලා ක්ෂේත්‍රය පැත්තෙන් මේ දවස් වල ඔබේ නිහඬතාවයට හේතුව මොකක්ද? 
සිද්ධවෙන දේවල් එක්ක නම් කලාවෙන් සමුගන්න හිතුණු අවස්ථාත් තියෙනවා. නමුත් මේ දවස් වල මට සෑහීමකට පත්වෙන්න පුළුවන් චරිතයකට ආරාධනා ලැබුණේ නෑ. මේ කාලය මෙගා රැල්ලට හසුවෙලා කියලා හිතෙනවා. ඒ රැල්ල දිහා බොහොම උපේක්ෂාවෙන් බලන් ඉන්න කෙනෙක් මම.

*නදී, පසුගිය දිනවල වීසා අයදුම්කිරීම සඳහා ව්‍යාජ ලේඛනයක් ඉදිරිපත් කිරීමේ සම්බන්ධව ඔබට චෝදනාවක් ඉදිරිපත් වුණා. නමුත් ඔබේ නිවැරදි බව තහවුරු වුණා. මේ සිද්ධීන් ඔබේ ජීවිත වලට බලපෑවේ කොහොමද? 
එය මගේ ජීවිතයේ ලොකු කැළඹීමක්. මම මුලින්ම ශ්‍රී ලංකාවෙන් පිටට ගියා නම් ඒ ගියෙත් අමෙරිකාවට. මේ අවස්ථාව ලැබුණේ ටොප් 10 සම්මානයත් එක්ක. අවුරුද්දක කාලයක් අමෙරිකාවේ ඉගෙනගන්න. මට ඒ ගැන කියන්න තියෙන්නේ මාඕ සේතුං කියලා තියෙනවා අපේ සාර්ථකත්වය මනින්නේ මිතුරන්ගේ ප්‍රශංසා වලින් නෙමෙයි අපේ සතුරන් අපිට නැගිටින්න බැරිවිදිහට අපට ප්‍රහාර එල්ලකරනවා නම් කියලා. එහි අදහස අපේ ගමන අපි සාර්ථකව යනවා කියන එකයි. කෙටි කාලයක් තුළ මම හොඳම නිළිය, නැගී එන නිළිය, හොඳම සහය නිළියට හිමි සම්මාන ලබාගත්තා. ඒ වගේම ශ්‍රී ලංකාවේ විශිෂ්ටයින් දසදෙනා අතරට තේරුණා. මෙය දරාගන්න බැරි පිරිසක් විසින් කළ කුමන්ත්‍රණයකටයි හසුවුණේ. එය එක් සිද්ධියක් විතරයි. මම ඒ දේවල් කරපු හැමකෙනෙක්ටම නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා කියලා කියනවා.

*ඒ තත්ත්වය නිසා ඔබේ ප්‍රේක්ෂකයින්ගෙන් ලැබුණු ප්‍රතිචාර මොන වගේද? 
මේ සිද්ධිය සම්බන්ධව ප්‍රේක්ෂකයින්ගෙන් සියයට දෙසීයක්ම හිටියේ මගේ පැත්තෙයි. මම ආව දවසේ ඉඳන්ම මට ආදරය කළ ප්‍රේක්ෂකයින් පිරිසක් හිටියා. ඔවුන් මා සමග හිටියා. මම වෙනුවෙන් බෝධි පූජා පවා තිබ්බා. මම මිතුරන් කියලා හිතාගෙන හිටිය අයට වඩා නියම මිතුරන් මම මේ සිද්ධියේදී හඳුනගත්තා. ඒකත් ජීවිතයට ලොකු හයියක්. මම නඩුව දිනපු අවස්ථාවෙත් ප්‍රේක්ෂකයින් විශාල සතුටක් ඇතිවුණා සත්‍යය ජයගත්තා. ඒ ගැන මට ගොඩක් සතුටුයි.

*ඔබ රංගනය, ගායනයට අමතරව මේ වෙද්දී නිෂ්පාදන කටයුතු වලටත් සම්බන්ධ වෙලා ඉන්නවා. මේ වෙනකොට ඒ කටයුතු වලට සම්බන්ධ වෙලා ඉන්නේ කොහොමද?

"සීතාවී"කියලා ටෙලි නාට්‍යයක නිෂ්පාදනයට සම්බන්ධ වුණා මෑතකදී. එය ඉදිරියේදී විකාශයට නියමිතයි. එය මගේ පළමුවන නිෂ්පානයයි.

*ඔබේ ආදරය, ඔබේ සහකරු ගැනත් අපි කතාකරමු? 
දැනට නම් එහෙම කෙනෙක් නෑ. නමුත් වසර එකහමාරක පමණ කාලයක් තුළ ගේ විවාහය සිදුවෙයි. මේ කාලය මට අපල කාලයක්. විවාහය කියන්නේ ජීවිතයේ කඩඉමක්. හොඳ කෙනෙක් ලැබුණොත් හොඳයි. එහෙම නැතිවුනොත් එතනින් ජීවිතයම වෙනස්වෙනවා. මම මෙතෙක් ආ සාර්ථකත්වය මගේ මව්පියෝ මට දුන්නා. මගේ ජීවිතයේ ඉතුරු කොටස රැගෙන යා යුත්තේ මගේ සහකරුයි. බහුතර රංගන ශිල්පිණියන් තමන්ගේ වත් පොහොසත්කම්, මිල මුදල් ගැන කියමින් නැත්නම් චරිත වලට ආදරය කරමින් ආදරය පතනවා. ඒ නිසා බුද්ධිමත්ම මැරෙනකන්ම ජීවිත්වෙන්න පුළුවන් කෙනෙක් තෝරාගත යුතුයි. මගේ සහකරු සියයට දෙසීයක්ම සාමාන්‍යථ සරල කෙනෙක් විය යුතුයි. පොළවේ පය ගහලා ජීවත්වෙන, ඕනම දෙයකට ඔරොත්තු දෙන කෙනෙක් විය යුතුයි.

*නදී, ඔබේ කලා ජීවිතය තුළ විශේෂයෙන් නිර්මාණ තෝරාගැනීමේදී ඔබ විසින් පනවාගත් සීමා, කොන්දේසි තියෙනවද?

වාසනාවකට අසනි වැසි, සඳවතක වරුණ, රිදී ඉට්ටංකරය දක්වාම මට හොඳ චරිත ලැබුණා. මගේ චරිත මගේ ප්‍රේක්ෂකයින්ට අයිතියි. මාව මගේ මව්පියන්ට අයිතියි. ඒ නිසා මගේ වගේම මගේ මව්පියන්ගේ ආත්ම ගරුත්වයට හානි නොවන දුක්විඳින ගැහැණියකගේ වවිධ පැතිකඩවල් නිරූපණය කරන්න පුළුවන් චරිත මම තෝරාගන්නවා. මම හිතනවා එයම තමයි මගේ ගමනේ සාර්ථකත්වයටත් හේතුවුණේ.

* අපේ සංස්කෘතිය, සදාචාරය, සම්ප්‍රදාය වගේ කරුණුත් නිසාත් අපේ රටේ කලා ශිල්පිණියන්ට විවිධ සීමා වලට මුහුණදෙන්න වෙනවා. ඔබ මේ සීමා පැනවීම සාධාරණයි කියලා හිතනවද? 
අපිට කරන්න පුළුවන් සීමාව තුළ අපි නිර්මාණ තෝරාගත යුතුයි. මම නිළියක් කියලා මගේ ආත්මයම පාවාදෙන්න මම සූදානම් නෑ. මම හැමවේලේම හොඳ නිර්මාණයක් තුළින් ජනතාව අතරට යන්න උත්සාහ කරනවා. මෙතෙක් එය සාර්ථක වුණා. ඒ ගමනෙදී නමත් රැකෙනවා, සම්මාන ලැබෙනවා. මිනිසුන්ගේ ආදරය, ගෞරවය ලැබෙනවා. ඉතින් ඒක නිසා ඒ තත්ත්වය හොඳයි කියලා මම හිතනවා.

*අධ්‍යාපන කටයුතු වෙනුවෙන් ඔබ විදේශ ගතවෙන්න සූදානම්වෙනවා කියලා අපිට දැනගන්න ලැබුණා. කොහොමද ඒ වැඩ කටයුතු? 
මට නැතිවුණ අවස්ථාව නැවත ලැබෙයිද කියන්න බෑ. ඒක ශ්‍රී ලංකාවටම ලැබුණු හොඳ අවස්ථාවක්. නමුත් කිසිදෙයක් සිද්ධවෙන්න කලින් පොල්ලෙන් ගැහුවා වගේ හැමදෙයම නැතිවෙලා ගියා. නොහිතපු කරදරයකට මුහුණදුන්නා. ජීවිතයේ දුක, සතුට හැමදෙයම ලැබෙනවා. හඬමින්, හිනාවෙමින් ශක්තිමත්ව ඒ දේවල් වලට මුහුණදෙනවා.

*ඇත්තද ඔබ ටිකක් විතර ආඩම්බර චරිතයක් කියන්නේ? 
නෑ, මම බොහොම සරලයි. ඕනම කෙනෙක් එක්ක මිතුරුයි. නමුත් බැලූ බැල්මට ගොඩක් අය හිතනවා මම ආඩම්බර ඇති කියලා. මාව කිට්ටුවෙන් ආශ්‍රය කරන අය දන්නවා මම කොච්චර හිතවත්, විනෝදකාමී චරිතයක්ද කියලා.

*ඔබේ ජීවිතයේ, ඔබේ චරිතය තුළ ඔබ දුර්වලකම් විදිහට ඔබ හඳුනගෙන තියෙන ගතිගුණ මොනවද? 
මම ඕනවට වඩා සංවේදීයි. පුංචි දෙයකින් පවා මට ඇස් වලට කඳුළු එනවා. සංවේදී වැඩිකම ජීවිතයේ ඉස්සරහට යන්න බාධාවක් කියලා මම හිතනවා. සංවේදී නොවී හිත ගලක් වගේ තියාගන්න ඕන අවස්ථාත් ජීවිතයේ තියෙනවා. නමුත් චරිත නිරූපණයේදී එය වාසියක් වෙනවා. නමුත් මේ කුරිරු සමාජයේ ජීවත්වෙන්න නම් ඒ සංවේදීකම හරියන්නේ නෑ.

*නදී, ඔබ කිසියම් කලා නිර්මාණයක් වෙනුවෙන් අයකරන නිශ්චිත මිලක් තිබෙනවාද? 
මගේ වටිනාකමට ගැළපෙන මුදලක් මම අයකරනවා. මාව චරිත සඳහා තෝරගන්නේ ඒ චරිතයට මම අතවශ්‍ය නිසා. එහෙම නැතුව හිතවත්කම වගේ හේතූන් මත මාව තෝරාගන්නේ නෑ. ඒ නිසා මගේ වටිනාකම කිව්වම ඒ මුදල ගෙවලා මම ඒ චරිතය සඳහා දායකකරගන්නවා.

*සාර්ථක ජීවිතයක් ඔබ අර්ථදක්වන්නේ කොහොමද? 
ජීවිතයේ සාර්ථකත්වය විදිහට මම දකින්නේ පවුලේ සාමාජිකයින් සතුටින් තියාගෙන පටන්ගත්ත තැනට වඩා වැඩි තැනක ඉන්නවා නම් එතැන අපි ජීවිතයේ සාර්ථකත්වයක් ලැබුවා වෙනවා.

HARD TALK *ඔබ බො‍හොම බලාපොරොත්තුවෙන් සිටි, ඔබේ අනාගත කලා ජීවිතයට ඉතාම වැදගත් වන ඒ වගේම ඔබ ඉතා කැමැත්තෙන් බාරගත් නිර්මාණයක් කිසිදු හේතු පැහැදිලි කිරීමකින් තොරව ප්‍රතික්ෂේප කරන ලෙස ඔබේ සැමියා ඉල්ලා සිටියොත් ඔබ එය පිළිගන්නවද?

පිළිගන්නවා.

*කිසියම් දේශපාලන පක්ෂයක ප්‍රචාරණ කටයුතු වෙනුවෙන් සැකසුණු කලා නිර්මාණයකට දායකවෙන්න අවස්ථාවක් ලැබුණොත් ඔබ එය බාරගන්නවද? 
නැහැ.

* ඔබ ආදරය කරන තරුණයෙකු සමග ඔබ විවාහවෙන්න සූදානම් වෙනවා. ඒ අවස්ථාවේ ජ්‍යොතිෂවේදියෙක් කියනවා මේ විවාහය කොහෙත්ම සිදුකරන්න එපා කියලා. ඔබ ජ්‍යොතිෂ මතය පිළිගන්නවද? ඔබේ ආදරය වෙනුවෙන් ඔහු සමග විවාහ වෙනවද? 
ඒක තීරණය වෙන්නේ ආදරයද ජ්‍යොතිෂය ද ඉදිරියෙන් ඉන්නේ කියන තැන මතයි

* ආදරය විවාහයෙන් කෙළවර විය යුතුයි කියලා ඔබ හිතනවද? 
ඔව්.

*ඔබේ ජීවිතයේ ඔබට කිසියම් අවස්ථාවක් ලැබුණොත් ඔබේ බාහිර ස්වරූපයේ කිසියම් වෙනසක් සිදුකරගන්න. ඔබ කැමති මොන විදිහේ වෙනසක් සිදුකරගැනීමටද? 
මේ විදිහ හොඳයි.