Pages

Monday, October 31, 2011

Aruni Rajapaksha


2007 වසරේ ශ්‍රී ලංකා රූ රැජින ලෙස කිරුළු පැළඳීමට සමත්කම් ලැබූ ඇය එම වසරේ දී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ජාත්‍යන්තර රූ රැජිණ තරගාවලියට සහ ජාත්‍යන්තර සංචාරක රූ රැජිණ තරගාවලියට ඉදිරිපත්විය. එමෙන්ම 2008 වසරේ පැවති විශ්ව රූ රැජින තරගාවලියටත් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගිවීමට ඇයට අවස්ථාව හිමිවිය. මෝස්තර නිරූපණ ශිල්පිණියක ලෙස ඔබ වඩාත් හොඳින් හඳුනාගත් ඇය ළඟදීම තිරගතවීමට නියමිත "සුපර් සික්ස්" චිත්‍රපටය තුළින් සිනමා රංගනයට ද පිවිසි සිටියි. ඒ අතරම රූපවාහිනී නිවේදිකාවක ලෙසත් ඇය තවත් තවත් අවස්ථාවක සිය කලා හැකියාවන් ඔබ වෙත ඉදිරිපත් කරයි.

ඇය අරුණි රාජපක්ෂ. . .

*සම්පූර්ණ නම

අරුණි මධූෂා රාජපක්ෂ.

*උපන්දිනය

1984. 01. 05

*ලග්නය

කුම්භ

*උස

අඩි 05 අඟල් 08

*ඉතිං අරුණි, කොහොමද මේ දවස්වල වැඩ කටයුතු?


මගේ පළමුවැනි චිත්‍රපටය ජනවාරි මාසයේදී තිරගතවීම ආරම්භ වනවා. එහි ගී තැටිය එළිදැක්වීම පසුගිය දවසක සිදුවුණා. හිතුවට වඩා එය මට ලොකු අත්දැකීමක් වුණා. ඒ වගේම තවත් වැඩ කටයුතු කිහිපයක්ම කරගෙන යනවා.

*රංගනය සඳහා ඔබේ ඉදිරි දායකත්වය කොහොමද?

මුල ඉඳන්ම මගේ දැඩි තීරණයක් තිබුණා මම රඟපාන්නේ නම් නෑ කියලා. නමුත් යම් යම් කාලවලදී තීරණ, බලාපොරොත්තු වෙනස් වෙනවනේ. "සුපර් සික්ස්" චිත්‍රපටය සඳහා ආරාධනා ලැබුණම මම තීරණය කළා එය බාරගන්නවා කියලා. නිරූපිකාවක් විදිහට කටයුතු කිරීමෙන් තමයි මම වැඩිපුර සතුටු වෙන්නේ. ඒ වගේම නිවේදිකාවක් ලෙසත් මම සන්තෝෂයක් ලබනවා. මම වෙළඳ දැන්වීම් ගණනාවකට සම්බන්ධ වෙලා තියෙනවා. වෙළඳ දැන්වීමක වැඩ කටයුතු කෙටි කලකින් ඉවරවෙනවා. නමුත් ටෙලි නාට්‍යයක් හෝ චිත්‍රපටයක් එහෙම නෙමෙයි. ඇතැම් විට ඇතැම් වැඩ කටයුතු නවතලා කැපවීමකින්, ලොකු කාලයක් තුළ කළ යුතු දෙයක්. ඒ නිසාමත් නෙමෙයි මට ඉස්සර ඉඳන් ලොකු ආසාවක් තිබුණේ නෑ. රඟපාන්න කියලා. මම මෙවැනි වැඩ සටහන්වලදිත් කියලා තියෙනවා මම රඟපාන්නේ නම් නෑ කියලා. නමුත් "සුපර් සික්ස්" චිත්‍රපටයට ආරාධනා ලැබුණම දැනගත්තා එය දැවැන්ත නිර්මාණයක් බව. ඒ නිසා මම හිතුවා ඒ අවස්ථාව මම අරගන්න ඕන කියලා. මීට කලින් මම මගේ පවුලේ හිතවතෙකුගේ ටෙලි නාට්‍යයක රඟපාලා තියෙනවා. සාමාන්‍ය පෙළ කරපු කා‍ලේ වගේ වේදිකා නාට්‍යයක රඟපාලා තියෙනවා. ඒ වගේ පොඩි පොඩි අත්දැකීම් තිබුණත් දිගටම රඟපානවා කියලා බලාපොරොත්තුවක් තිබුණේ නෑ. නමුත් "සුපර් සික්ස්" චිත්‍රපටයේ ගීත තැටිය නිකුත්වුණාට පස්සේ මට අදහසක් ඇතිවුණා තවත් එවැනි නිර්මාණවලට දායකවෙන්න. මට මේ වනවිට එම චිත්‍රපටයේම නිෂ්පාදකවරයාගෙන් මට තවත් නිර්මාණයකට ආරාධනා ලැබිලා තියෙනවා.

*ඔබ මේ වෙද්දි වෘත්තීය වශයෙන් තෝරාගෙන තිබෙන්නේ මෝස්තර නිරූපණ ක්ෂේත්‍රයද?

මම නිරූපණ ක්ෂේත්‍රයෙන් ඉවත්වෙන්න කැමති නෑ. එය මගේ වෘත්තීය වගේම විනෝදාංශය. නමුත් මම නිරූපණ ශිල්පිණියක් වගේම රංගන ශිල්පිණියක් විදිහටත් දැකගන්න ලැබෙයි.

*අරුණි, ඔබට මෝස්තර නිරූපණ ක්ෂේත්‍රයට පිවිසීමට අවස්ථාව ලැබෙන්නේ කොහොමද?


මගේ ගම නුවර. මගේ ගෙදරින් මම නිරූපණ ක්ෂේත්‍රයට පිවිසෙනවට එතරම් කැමැත්තක් තිබුණේ නෑ. අවුරුදු 19 න් විතර තමයි මට නිරූපණ ක්ෂේත්‍රයට එන්න වුවමනාවක් ඇතිවුණේ. නමුත් එන්න මාර්ගයක් එකපාරටම තිබුණේ නෑ. ගෙදර අය අකමැතිවීමත් එක් හේතුවක් වුණා. නමුත් මම නුවර පැවති උඩරට මැණිකේ කියන තරගයෙන් ජයග්‍රහණය කළා. ඒ ජයග්‍රහණයත් එක්ක මට අවස්ථාව ලැබුණා ප්‍රවීණ මෝස්තර නිර්මාණ ශිල්පී මයිකල් විජේසූරිය මහතා හඳුනාගන්න. ඔහු මට ආරාධනා කළ ඔහුගේ වැඩ කටයුතුවලට සම්බන්ධ වෙන්න. ගෙදරිනුත් බොහොම අමාරුවෙන් අවසර ගත්තා. 2005 දී මම කැප්රි රූ රැජිණ කිරුළ දිනාගත්තා. එතැන් සිට මට වෘත්තීය වශයෙන් මෝස්තර නිරූපණ ක්ෂේත්‍රයේ නියැලෙන්න අවස්ථාව ලැබුණා.

*ජාත්‍යන්තර වශයෙන් මෝස්තර නිරූපණ ශිල්පය ඉතාමත් ඉහළ මට්ටමක පවතිනවා. ඉහළ ප්‍රමිතීන් පවතිනවා. ජාත්‍යන්තරය සමග සසඳද්දි ශ්‍රී ලංකාවේ නිරූපණ ක්ෂේත්‍රය ඒ හා සමගාමීව පවතිනවා කියලා ඔබ හිතනවාද?

අපේ රට තුළ පමණක් රැඳිලා මේ ක්ෂේත්‍රයේ නියැලෙනවා නම් පවතින මට්ටම ප්‍රමාණවත්‍. දැන් වෙනකොට තිබුණාට වඩා සෑහෙන ඉදිරි ගමනක් ඇවිත් තියෙනවා. ජාත්‍යන්තරය සමග සසඳද්දි අපි ගොඩක් වෙලාවට දකිනවා අතැම් මෝස්තර දැක්මවල්වලදී ශ්‍රී ලංකාවේ ශිල්පීන් කැමති නෑ නාන ඇඳුම්වලින් සැරසෙන්න. එතනදී වෙනත් රටවලින් ශිල්පීන් ගෙන්වන්න සිද්ධවෙනවා. එවැනි සීමාවන් තියෙනවා. මම ජාත්‍යන්තර තරග 03 ට සහභාගි වුණා. ඒ තරගවලදී මම නාන ඇඳුමින් සැරසුණාට ලංකාවේදී මම වුණත් පෞද්ගලිකව කැමතිවෙන්නේ නෑ ඒ විදිහට අඳින්න. එය අපේ සංස්කෘතියක් එක්ක හැදුණු දෙයක්. එය වැරදි නෑ. ඒ සීමාව ලංකාවේ නිරූපණ වෘත්තිය තුළ රැඳිලා ඉන්න ප්‍රමාණවත්. ලංකාවෙන් එහාට යනවා නම් ඒ සීමාවල් තියාගන්න අමාරුයි.

*මෝස්තර නිරූපණ ක්ෂේත්‍රයේ දී ශරීරයේ මනා පැවැත්ම පිළිබඳව විශේෂ සැලකිල්ලක් දක්වන්න සිද්ධවෙනවා. මෙහිදී ඔබ ඒ සඳහා මොන වගේ අවධානයක් ද යොමුකරලා තියෙන්නේ?

ලංකාවේ බොහොම වැරදි මතයක් තියෙනවා මෝස්තර නිරූපණ ප්‍රසංගයකදී මිනිස්සු බලන් ඉන්නේ නිරූපණ ශිල්පිණිය දිහායි. කවදාවත් ඇය ඉදිරිපත් කරන ඇඳුම දිහා බලන්නේ නෑ. නිරූපණ ශිල්පිණියක් කියන්නේ ඇඳුම් රඳවනයක්. නමුත් ලංකාවේ නිරූපණ ශිල්පිණියන් දිහා බලද්දි අවධානය යොමුකරන්නේ ඇඳුම් නිර්මාණය ගැන නොවෙයි. ඇගේ රූපය, කොණ්ඩය, වේශ නිරූපණය වගේ කරුණු දිහායි. එය වැරදි මතයක්. ලස්සන පිළිබඳව අවධානය යොමුකරනවා ඇරෙන්න ඒ ඇඳුම් නිර්මාණය දකින්නේ නෑ. එය නිවැරදි නෑ. අනිවාර්යයෙන්ම සිරුරේ පැවැත්ම වෙනුවෙන් ලොකු කැපකිරීමක් කරන්න වෙනවා. ජාත්‍යන්තර වශයෙන් ඒ සඳහා වූ වෘත්තීයමය පෙනුමක් තිබෙනවා. ලංකාවේදී වුණත් සිරුරේ හැඩය, උස මේ කරුණු ගැන විශාල අවධානයක් යොමුකළ යුතුයි.

*ඔබේ වෘත්තිය තුළ ඔබට සීමා, මායිම්, කොන්දේසි තිබෙනවාද?


සීමා, මායිම් වශයෙන් විශේෂයෙන් පනවා ගන්න අවශ්‍යතාවයක් ඇතිවෙලා නෑ. ආරම්භයේ සිටම මම පවත්වාගෙන ආව තත්ත්වයක් එක්ක මට බාධාවල් ඇතිවෙලා නෑ. මම අමුතුවෙන් සීමාවන් පනවගෙන නෑ. ක්ෂේත්‍රයේ ඉන්න ගොඩක් අය දන්නවා අරුණි කවුද? අරුණි මොනවද කරන්න කැමති, ඇයට ගැළපෙන විලාසිතාව මොකක්ද කියලා. ඒ නිසා ඔවුන් මට ගැළපෙන සහ සුදුසු දේවල්වලට විතරක් ආරාධනා කරනවා.

*ඔබ මේ වනවිට ලබා තිබෙන ජනප්‍රියත්වය ඔබ දකින්නේ කොහොමද?

ජනප්‍රියත්වය ආභරණයක් වගේම කරදරයක් වෙනවා. කරන්න දෙයක් නෑ. මිනිස්සු අපිට නිතර මාධ්‍ය ඔස්සේ දකිනවිට ඒ කෙනාව හැබැහින් දැක්කම කිහිපවාරයක් දකින්න හිතෙනවා. එය වරදක් නෙමෙයි. සමහරවිට අපි ඒ ඉන්න අවස්ථාව අනුව අපි ඔවුන් සමග සිනානොවු‍ණොත් එය අපේ ආඩම්බරකම කියලා හිතනවා. සාමාන්‍ය ජීවිතයේදී මම කැමතියි සරලව ඉන්න. නමුත් අපි නිතරම මේකප් භාවිත කරනවා. අපිව ඒ දකින විදිහට සාමාන්‍ය ජීවිතයේදී දකින්නත් මිනිසුන් කැමතියි. එවැනි දේවල් අපිට ඇතැම් අවස්ථාවලදී බාධාවක් වෙන්න පුළුවන්. නමුත් මම හිතන්නේ ජනප්‍රියත්වය කියන දෙය බාධාවකට වඩා එහි තිබෙන සුන්දර පැත්ත වැඩියි.

*අරුණි, අපි දැන් ඔබේ පෞද්ගලික ජීවිතය ගැනත් විස්තර ටිකක් කතාකරමු. ඔබේ පවුලේ සාමාජිකයින් ගැන කතාකළොත්?

අපේ පවු‍ලේ පස්දෙනයි. මගේ තාත්තා විශ්‍රාමිකයි. පොලිස් දෙපාර්තමේන්තුවේ වැඩ කළේ. අම්මා ‍ගෙදර ඉන්නේ. අපේ පිටිපස්සෙන් ඉඳගෙන හැමදාමත් අපේ වැඩවලට උදව් කරනවා. අක්කා රැකියාවක් කරනවා. අයියාත් රැකියාවක් සඳහා විදේශගත වෙලා ඉන්නේ. ඔවුන් හැමවෙලේම මට ලොකු සහයෝගයක් දෙනවා සහ නිතරම මාව දිරිගන්වනවා.

*ඒ වගේම අපට දැනගන්න පුළුවන්ද අරුණි රාජපක්ෂ කියන්නේ මේ වෙද්දි ආදරණීය පෙම්වතියක්ද කියලා?

නැහැ. ආදරය ගැන අත්දැකීම් තියෙනවා. සරලව කියනවා නම් වර්තමානයේ මම කාගෙවත් පෙම්වතියක් නෙමෙයි. දෛවයේ ලියවිලා තියෙන විදිහට ඒ දේවල් සිද්ධවෙයි. ඉස්සර මගේ අදහසක් තිබුණෙ නෑ මේ වගේ කෙනෙක් මගේ ස්වාමි පුරුෂයා වෙන්න ඕන කියලා. දැන් එහෙම හිතනවා. මොකද කාලයත් එක්ක හරි වයසට එද්දි එහෙම හිතෙනවා ඇති. නමුත් මම හිතන්නේ බාහිර රූපය ගැන නෙමෙයි. කොහොමත් කඩවසම් කෙනෙක්ට කාගේ වුණත් හිත යනවා. නමුත් අත්දැකීම් එක්ක ගතිගුණ අතින් මෙන්න මේ වගේ කෙනෙක් වුණොත් හොඳයි කියන අදහස තියෙනවා.

*ජනප්‍රිය පුද්ගලයෙකුට සාර්ථක පෞද්ගලික ජීවිතයක් ගතකරන්න අපහසුයි කියන මතය එක්ක ඔබ එකඟවෙනවද?

මට ඒක පෞද්ගලිකව බලපාලා නැති නිසා මම ඒක මගේ පැත්තෙන් පිළිගන්නේ නෑ. ජනප්‍රියත්වය නිසා මගේ ජීවිතයට වටිනාකමක් එකතුවෙලා තියෙනවා ඇරෙන්න ගැටලුවක් නම් ඇතිවෙලා නෑ.

*සාමාන්‍ය ජීවිතයේ අරුණි රාජපක්ෂ හඳුන්වාදෙන්න පුළුවන් කොහොමද?

සරලව කිව්වොත් මම හරිම නිහතමානියි. සමහර වෙලාවට මම හිතනවා ඒක මගේ දුර්වලකමක් කියලා. මොකද ක්ෂේත්‍රයේ සිටියදී බොහෝදෙනෙක් ඇසුරුකරද්දි ගොඩක් නිහතමානීවීම මට පාඩුවක් වෙලා තියෙනවා. මම සංවේදීයි. ගොඩක් වෙලාවට අවංකයි. එයත් මට පාඩුවක් වෙලා තියෙනවා.

*මෝස්තර නිරූපණය හෝ කලා ක්ෂේත්‍රයට පිවිසුණේ නැත්නම් ඔබේ ජීවිතය මොන වගේ පැත්තකට යොමුවෙයිද?

එහෙම වුණොත් මම යම්කිසි ආයතනයක පෞද්ගලික ලේකම්වරියක් වෙලා ඉඳියි. මම උසස් පෙළින් පස්සේ ඒ සම්බන්ධ පාඨමාලාවක් හැදෑරුවා. ගුවන් සේවිකාවක් වෙන්න කැමැත්තක් තිබුණත් ගෙදරින් අවසර ලැබුණේ නෑ.


HARD TALK

*කිසියම් දේශපාලන පක්ෂයක ප්‍රචාරණ කටයුතු වෙනුවෙන් සැකසුණු කලා නිර්මාණයකට දායකවෙන්න අවස්ථාවක් ලැබුණොත් ඔබ එය බාරගන්නවද?

බාරගන්නවා.

*ක්ෂේත්‍රයේ ශිල්පියෙකු කවදා හෝ ඔබට විවාහ යෝජනාවක් ඉදිරිපත් කරලා තියෙනවද?

නැහැ.

*තරුණයෙකුගෙන් ප්‍රථමවරට ආදර යෝජනාවක් ලැබුණේ වයස අවුරුදු කීයෙදිද?

2 වසරේදි පිරිමි ළමයෙකුගෙන් ලිපියක් ලැබුණා.



*ඔබ ආදරය කළ/කරන පෙම්වතකුගෙන් ඔබට අවසන් වරට ලැබුණු තෑග්ග?



මුද්දක්.



*ක්ෂේත්‍රයේ ශිල්පියෙකු හෝ ශිල්පිණියක සමග සුළු හෝ මත ගැටුමක් ඇතිකරගත් අවස්ථාවක් තියෙනවාද?



නැහැ.



*ජ්‍යොතිෂය විශ්වාස කරනවාද?



ඔව්.

දුමින්ද ඇමරිකාවට ගෙනයාමේ සුදානමක් !




Srilankamirror - වෛද්‍ය අනුමැතිය ලැබු විගසම පාර්ලිමේන්තු මන්තී‍්‍ර  දුමින්ද සිල්වා මහතා ඇමරිකවට හෝ වෙනත් ඕනෑම රටකට රැගෙන යන බව ඔහුගේ සමීපතම ඥාතියකු .ශ්‍රී ලංකා මිරර්. වෙත පැවසිය.

,දුමින්දගේ ජීවිතයට අනතුරක් නෑග නමුත් තත්ත්වය සතුටුදායකයැයි කියන්න බැහැග හිස ඇතුළේ උණ්ඩයක් තිබෙනවා,යයි ද හෙතෙම සදහන් කළේය.

දුමින්ද  යම් යම් ආහාර ගන්නා බවටත්ල කතා කළ බවටත් ඇතැම් මාධ්‍ය වල අතිශයෝක්තියෙන් පළ වාර්තා වි ඇතැයිද ඔහු සදහන් කළේය.

කෙසේවෙතත්ල  පාර්ලිමේන්තු මන්ත‍්‍රී දුමින්ද සිල්වා මහතා වැඩිදුර ප‍්‍රතිකාර සඳහා විදේශිය රටකට රැගෙන යාමට පවුලේ ඥාතීන් අවසර ඉල්ලා නොමැති බව ශ‍්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ අධ්‍යක්‍ෂ වෛද්‍ය ශවේන්ද්‍ර ගමගේ මහතා පවසයි.
නමුත්ල  පසුගිය දින කිහිපය තුළ එවැනි ප‍්‍රචාරයක් පැතිර ගිය බවත්ල  කෙසේ වෙතත්  වෛiවරයෙකුගේ සහය මත මන්ත‍්‍රීවරයා වැඩිදුර ප‍්‍රතිකාර සඳහා විදේශිය රටකට රැුගෙන යාමට හැකි බවත් ඔහු කියා සිටියි.

දුමින්දට දැන් හොඳයි - බතුත් කනවා - කතාත් කරනවා


දුමින්දට දැන් හොඳයි - බතුත් කනවා - කතාත් කරනවා 

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිරින දුමින්ද සිල්වා මන්ත්‍රීවරයා මේ වන විට බොහෝ සෙයින් යතා තත්වයට පත්වී ඇති බව එහි වෛද්‍යවරුන්ගේ අදහස් උපුටා දක්වමින් සිරස නිව්ස් ෆස්ට් වාර්තා කරනවා.

ඒ අනුව 26 වනදා වන විට මුමුනමින් සිටි දුමින්ද සිල්වා මේ වනවිට වෛද්‍යවරුන් සමග හොදින් කතා කිරීමට පටන්ගෙන තිබේ.

සිරස වාර්තා කල එම පුවත 
වෙඩි වැදීමෙන් තුවාල ලබා ප්‍රතිකාර ලබන දුමින්ද සිල්වා මන්ත්‍රිවරයා මේ වනවිට වෛද්‍යවරුන් සමග කථාබහ කරන බව ශ්‍රි ජයවර්ධනපුර රෝහලේ වෛද්‍යවරු පවසති.


මන්ත්‍රීවරයාට සැත්කම සිදුකළ ශ්‍රි ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ ස්නායු ශල්‍ය වෛද්‍ය මහේෂි විජේරත්න මහත්මිය පැවසුවේ, වෛද්‍යවරුන් විමසන ප්‍රශ්නවලට මන්ත්‍රීවරයා ඉතා හොදින් පිළිතුරු දෙන බවයි.


මේ වනවිට දුමින්ද සිල්වා මන්ත්‍රීවරයාට බත් ආදී ඝන ආහාර ලබාදීම ආරම්භ කර ඇති බව ඇය සඳහන් කළාය.


වෛද්‍යවරිය පැවසුවේ, තවත් මාස 4ක් පමණ ගතවන විට දුමින්ද සිල්වා මන්ත්‍රිවරයාගේ සෞඛ්‍ය තත්ත්වය සාමාන්‍ය වනු ඇති බවයි. 


දෙරණ ආයතනයේ ප්‍රධානින් දෙදෙනාට හා දුමින්ද සිල්වා හා ඔහුගේ සොහොයුරාට වෙන්වුණු  ඉන්ටර්කෝන් හි විශේෂ කාමරයක් 

දුමින්ද සිල්වා රෝහල්ගත වීම - මත්කුඩු වෙළඳපොල කඩා වැටීම - කොටස් වෙළඳපොල බිඳ වැටීම අතර සම්බන්ධයක් තියෙනවා

දුමින්ද සිල්වා රෝහල්ගත වීම - මත්කුඩු වෙළඳපොල කඩා වැටීම - කොටස් වෙළඳපොල බිඳ වැටීම සම්බන්ධයෙන් හෙලිකිරීම නිසා ටි.එන්.එල් ඉසිර ගුවන් විදුලියේ ප්‍රධානියා වන ශාන් වික්‍රමසිංහට මරණ තර්ජන එල්ලවී තිබෙනවා.


ශාන් වික්‍රමසිංහ මහතා පසුගිය සතියේ සිකුරාදා (21) දිනයේ උදෑසන හතට සජීවීව විකාශය වන දවසේ පුවත්පත් පිලිබඳ සිදුකරන සාකච්චාවකදී හෙළිකොට සිටියේ දුමින්ද සිල්වා රෝහල්ගත වීම - මත්කුඩු වෙළඳපොල කඩා වැටීම - කොටස් වෙළඳපොල බිඳ වැටීම අතර සම්බන්ධයක් පවතින බවයි.

එයට හේතුව මෙරට කොටස් වෙළඳපොලට කුඩු ජාවාරම මගින් උපයන කළු සල්ලි එයට ආයෝජනයකර ඒවා නිත්‍යානුකුල මුදල් බවට පරිවර්තනය කරගැනීමේ ජාවාරම බවයි.

දැනට කොටස් වෙළඳපොලේ කැපිපෙනෙන ආයෝජකයන් දෙපලක් වන දිලිත් ජයවීර සහ සරත් අමුණුගම අමාත්‍යවරයාගේ දියණිය වරුණි අමුණුගම (දෙරණ මාධ්‍යය ආයතනයේ හා ට්‍රයි ඇඩ් ආයතනයේ කලමනාකර අධ්‍යක්ෂවරු යුවල),දුමින්ද සිල්වා මන්ත්‍රීවරයා සහ ඔහුගේ සහෝදරයාට ඉන්ටර්කොන් හෝටලේ විශේෂිත කාමරයක් වෙන් කර තිබු බවත් එහිදී විශාල වශයෙන් ඔවුන් සාකච්චා සිදුකර ඇති බවත් එහිදී සිදුකල කතාවක් හෙළි කිරීම නිසා ඔවුන් කලබල වී මරණ තර්ජන සිදු කොට ඇති බව ශාන් වික්‍රමසිංහ මහතා කියා සිටිනවා.

මේ පිලිබඳ අදහස් දක්වන ශාන් වික්‍රමසිංහ මහතා

"භාරත ලක්ෂ්මන්තුමා මැරුණට පස්සේ දුමින්ද සිල්වා කියන එක්කෙනා ඉස්පිරිතාලේ හිටියා.කුඩු මාකට් එක වැටිලා කියල පත්තර වල තිබුනා දැන් කුඩු නෑ කියල මාකට් එකේ.ඒ වගේම ස්ටොක් එක්ස්චේන්ජ් එක වැටිලා කියල චෙක් කරන් යනකොටඅපි දැක්ක රිලේෂන් එකක් තියෙනවා කියල කුඩු මාකට එකටයි ස්ටොක් එක්ස්චේන්ජ් එකටයි.


මේ කුඩු ගෙන අය තමයි බ්ලැක් මනි ගෙනත් ස්ටොක් එක්ස්චේන්ජ් එක වටේ දුවන්නේ. මොකද රජය කියනවා ස්ටොක් එක්ස්චේජ් එක තමයි ආසියාවේ හොඳම එක කියල. ඉතින් අපි බැලුව ස්ටොක් එක්ස්චේන්ජ් එක බහින්නේ කොහමද එකපාරට කුඩු මාකට් එක හින්දා.

ගිය සිකුරාදා උදේ අපිට ආරංචි උනා හොඳ මාධ්‍යයකින් දැන් මේ දිලිත් ජයවීර මහතත්යත් දුමින්ද සිල්වා මහත්තයත් එයාගේ අයිය රෙනොර් සිල්වාත්, වරුණි අමුනුගම අමුණුගම අමාත්‍යවරයාගේ දියණියටත්  තියෙනවා කියල ඉන්ටර්කෝන් එකේ ලොකු කාමරයක්.එකේ ඉදන් ගොඩක් ඒවා කියල තියෙනවා..එකේ කියපු එක කාතාවක් මම කිව්වේ..ඒ ගොල්ලෝ බය වුනා මම කොහමද මේක දැනගත්තේ කියල.


මේ අතර දිලිත් ජයවීර මහත්තයගේ දෙරණ නාලිකාවේ මාධව මහත්තය මගෙන් කතා කරලා ඇහුවා ඇයි අපේ බොස්ට කුඩු කාරය කිව්වේ හොරා කිව්වනම් කමක් නෑ කියල.


වරුණි අමුණුගමත් මේකේ පාර්ට්නර් කෙනෙක්.ඊයේ ෆෝන් කරලා තියෙනවා මගේ දුවට.කතාකරලා ඉස්සෙරලා හොඳට කියල..ඔයාගේ තාත්තටමේ වගේ දේවල් කියන්න එපා කියලා.ඊට පස්සේ කියල හිතන්නෙපා ඔයාගේ තාත්තට ජිවතුන් අතර ඉන්න දෙනවා කියල තර්ජනය කරලා"

ROSIE SENANAYAKE'S DAUGHTER



Sunday, October 23, 2011

රෝසි - දයාසිරි පාර්ලිමේන්තුවේ කුණුරෙදි හෝදයි !

අද () පාර්ලිමේන්තුව රැස්වූ අවස්ථාවේදී ආණ්ඩු පක්‍ෂයෙන් ප‍්‍රශ්නයක් ඇසීම සඳහා නැගී සිටි දයාසිරි ජයසේකර මන්තී‍්‍රවරයා පසුගිය සැප්තැම්බර් මස ජනාධිපතිවරයා එක්සත් ජාතින්ගේ සමුළුව සඳහා නිව්යෝක් නුවරට යෑම සඳහා කොපමණ මුදලක් වැය කර ඇතිදැයි විමසූ අවස්ථාවේදී,
ආණ්ඩු පක්‍ෂයේ මන්ත‍්‍රීවරුන් ‘‘තමුන්නාස්සෙට ඒ කාලේ බෝගොල්ලාගමගේ නංගිත් එක්ක සිංගප්පූරු ගිහින් සැප ගන්න කීයක් වියදම් උනාදැයි අපිත් අහන්නද?’’ යැයි විමසූ විට දයාසිරි මන්ත‍්‍රීවරයාගේ පරණ පෙම්වතිය වූ රෝසි සේනානායකත් ඔහු අසල සිට ‘‘ඇද්ද ඔය අහගත්තේ? තමුන්ගේ අතේ කුණු තියාගෙන අනුන්ගේ කුණු පෙන්නන්න යනවට හොඳ පාඩම.’’ යයි පවසා තිබේ.

මෙයින් අතිශය කෝපයට පත්වී ඇති දයාසිරි මන්ත‍්‍රීවරයා ‘‘පට්ට බැල්ලී .... ඇයි මම තොට දුන්න ඒවා මදිද? යනුවෙන් පෙරළා විමසා තිබේ. ‘‘තමුසෙ මොනාද මට දුන්නේ එක එක එකීලා එක්ක දඩාවතේ ගිය හැටි  ඕන මිනිහෙක් දන්නවා.’’ යැයි විපක්‍ෂයේ සියලූ මන්ත‍්‍රීවරුන්ට ඇසෙන සේ පවසා තිබේ.

ඇගේ උත්තරයෙන් ප‍්‍රකෝපවී ඇති දයාසිරි මන්ත‍්‍රීවරයා ‘‘පට්ට වේසී’’ යනුවෙන් පවසමින් තමා අත තිබූ පොතකින් පාර්ලිමේන්තුව තුළ දී ඇයට පහර දී ඇත. පසුව වහාම විරුද්ධ පක්‍ෂයේ මන්ත‍්‍රීවරුන් විසින් දෙදෙනා දෙපසට කැඳවා සිද්ධිය සමතයකට පත් කොට ඇති අතර, රෝසි මන්ත‍්‍රීවරිය මහහඩින් පවසා ඇත්තේ, ‘‘කරපු කුප්පකම් සේරම මාධ්‍යවලට කියලා ළඟදිම දයාසිරිගේ කලිසම ගලවන බවයි.

ඊට පිළිතුරු දී ඇති දයාසිරි මන්ත‍්‍රීවරයා පවසා ඇත්තේ, ‘‘ලංකාවේ හැම එකාටම දීලා....  උඹ මෙතනට ආපු හැටි මාත් ඒ මාධ්‍යවලටම කියලා උඹෙත් රෙද්ද ගලවනවා’’ කියාය

Friday, October 21, 2011

Gaddafi's dead latest vedeo

The next shot of Gaddafi on film shows him with his eyes shut.
Later footage showed fighters rolling Gaddafi's lifeless body over on the pavement, stripped to the waist and a pool of blood under his head.






Steve Jobs ගැන ගැඹුරින්...


මෙම ලිපිය කලින් ලියූ ලිපිවලටද සම්බන්ධයි. මෙන්න ඒ ලිපි
හිටපු ඇපල් ලොක්කා හා ඔහුගේ කොම්පැනිය ගැන සමබරව
මෙම ලිපි පෙලේ කතා නායකයා වන Steve Jobs ගේ උපත හා ඉන් ඔහු තම ජීව විද්‍යාත්මක මව්පියන් විසින් වෙනත් පවුලකට ඔහුව හදාගැනීමට දුන් බව ඔබ පළමු ලිපියේ දකින්නට ඇති. කෙසේවෙතත් එම ලිපියේ මා අතින්ද පොදු වැරැද්දක් සිදුවුනි. ඒ මෙම මාතෘකාව ගැන බොහෝ ලිපිවල තිබෙන්නාක් මෙන් එකවරම Steve Jobs ඇපල් පරිගණක හැදීම ගැන කියන්නට යාමයි. ඉතින් ඒ වැරැද්දද නිවැරදි කර ගනිමින් මෙම අග්‍රගණ්‍ය තාක්‍ෂනික නිර්මාණකරුවා පිළිබදව තවත් දේ මධ්‍යස්ථව කතාකිරීම තමයි මෙම ලිපියේ බලාපොරොත්තුව.
Jobs පවුල තුල ඇති දැඩිවන Steve තම අධ්‍යාපනය ලැබීම සදහා Cupertino කණිෂ්ඨ පාසලට හා ඉන්පසුව  Homestead උසස් විද්‍යාලයට ඇතුළුවේ. ඉන් අනතුරුව  1972 දී ඔරිගන්හි පිහිටි Reed College විද්‍යාලයට ඇතුළුවන්නේ උපාධියක් ලබාගැනීම සදහායි. කෙසේවෙතත් මිනිසෙකුගේ සාර්ථකත්වයට උපාධියක් අත්‍යාවශ්‍යමද කියන පැනය? තහවරුකරමින් එක් සෙමෙස්ටරයකට පසු මෙම උපාධි සිහිනය අත්හැර එම වැඩසටහනින් නික්මීමට Steve තීරණය කරයි. කෙසේවෙතත් උපාධියක් ලබානොගත්තත් එහි පංතිවලට සහභාගී වන ඔහු එහිදී ඉගැන්වූ අත් අකුරු කලාව පිළිබද දේශන වලට හිත ඇදී යන අතර එහිදී එම කලාව ප්‍රගුණකිරීම පසුකාලීනව ඇපල් පරිගණකවල ඉතා දර්ශනීය ලෙස  අකුරු යොදාගැනීම සදහාද ඉවහල් වූ බව ඔහු පසුකාලීනව ප්‍රකාශ කලේය. ‍
මෙම කාලයේ ඔහු ඉතා දුෂ්කර දිවියක් ගෙවූ බවද ඔහු සදහන් කරන අතර ඒ අවධියේ නිදාගත්තේ මිතුරෙකුගේ කාම‍රයේ බිම බවත්, ආහාර සදහා මුදල් සොයාගත්තේ කොකාකෝලා බෝතල් එකතුකරදී ලබා ගත් මුදලින් බවද 2009 දී Stanford විශ්වවිද්‍යාලයේ උපාධි ප්‍රධානෝත්සවයේදී ඔහු පැවත්වූ තිත් යා කිරීම, ආදරය හා අහිමිවීම සහ මරණය තුන්වැදෑරුම් දේශනයේදී සදහන් කරයි. තවද සතියකට වරක් නොමිලේ ආහාර ලබාදුන් හරේ ක්‍රිෂ්ණා දෙවොලටද ගිය බව ඔහු සදහන් කිරීමට අමතක නොකරයි. (මෙම කතාවේ සම්පූර්ණ විස්තරයක් සිංහල බ්ලොග් සටහනක් වන 
තරුණ ගුරුවරයකුගේ සටහන්(A young teacher’s thoughts) හිදී දක්නට ලැබේ).
Homestead High School ඉගනුම ලබන කාලයේදී ඔහුගේ ප්‍රියතම පංතියක් වූයේ ඉලෙක්ට්‍රොනික් පංතියයි. මෙම පංතිය පැවැත්වූ ගුරුතුමාවූ McCollum මහතා හරහා Hewlett- Packard සමාගමේ නිර්මාතෘවරයෙකු වන Bill Hewlett හදුනාගන්නට ලැබෙන අතර පසුව ඔහුට එහි මැයි සිට සැප්තැම්බර් දක්වා තාවකාලිකව සේවයේ යෙදිය හැකි Summer employee කෙනෙක් වීමේ හැකියාවද ලැබේ. 

මේ කාලයේ ඔහුගේ තවත් මිතුරෙකුවන්නේ අසල්වැසි නිවසක සිටි Bill Fernandez. ඔහුද Steve Jobs මෙන්ම ඉලෙක්ට්‍රොනික් පිස්සෙකු වූ අතර ඔහු තවත් මෙවැනිම ඉලෙක්ට්‍රොනික් ඇබ්බැහිකාරයෙකුවූ ඔවුන්ට වඩා ටිකක් වයසින් වැඩි Stephen Wozniak හෙවත් Woz, Steve Jobs ට හදුන්වාදෙයි. මේ බන්ධුතාවයන් ඇතිවූයේ 1969 දී වන අතර එවිට Steve Jobs ට වයස අවුරුදු 14 ක් ගැ‍ටයෙක් වූ අතර Stephen Wozniak හෙවත් Woz වයස 19 ක තරුණවියේ එළපත්තේ සිටියෙකුවිය. මෙම Woz ද ඒ කාලයේ Hewlett- Packard සමාගමේ Summer employee කෙනෙක් ලෙස සේවය කල අතර මහු හා ඔහුව Steve Jobs ට හදුන්වාදුන් Bill Fernandez හා එක්ව පරිගණක පරිපථයකට සමාන මූලික මට්ටමේ පරිපථයක් ගොඩනැගීය. එයට ඔවුන් දෙදෙනා “the Cream Soda Computer” නම තබා Steve Jobs ටද පෙන්වන ලදි. එය Steve Jobs ගේද සිත්ඇදගත් දෙයක් විය.
(කෙසේවෙතත් මෙම Steve-Woz මිතුරු හවුල ඇතිවූ කාලය පිළිබදව විවිද මූලාශ්‍රවල විවිද තොරතුරු ඇති අතර ඇතමක එය 1969දීද, තවකෙක 1970 දීද, තවත් සමහරෙක 1972 දී Hewlett- Packard සමාගමේදී සිදුවූ බවක්ද කියවේ).
Jobs සහ Woz

අද කාලයේ පරිගණක හැකර්කරුවන් සිටිනවාසේම පරිගණකය එතරම් මිතුරු මෙවලමක් නොවූ ඒ අවධියේ ඉලෙක්ට්‍රොනික් ශිල්පයේ වැඩපෙන්වූ ඉලෙක්ට්‍රොනික් හැකර්කරුවන්ද විය. Woz ද ඒකාලයේ එවැනි  ඉලෙක්ට්‍රොනික් හැකර්කරුවෙකි. Steve-Woz එක්ව 1972 දී පොඩි ජල්තරස්වැඩක්ද කලේය. ඒ “blue boxes” නම් ඉලෙක්ට්‍රොනික් මෙවලමක් තනා එමගින් විදුලි සංදේශ ව්‍යාපාරයේ කැපීපෙනෙන ස්ථානයක් හිමිකරගෙන සිට AT&T සංනිවේදන පද්දතිය මුලාකිරීමේ වැඩපිළිවලයි. මෙමගින් නොමිලේ දුරකථන ඇමතුම් ගැනීමේ හොර වැඩක් සිදුකල හැකිවූ අතර එම උපකරණය විශ්වවිද්‍යාල සිසුන්ට අලෙවිකරන ලදි. මෙය තැනුවේ Woz බව කියන අතර එය මුදලට අලෙවි කිරීමේ සංකල්පය ඉදිරිපත්කලේ අපගේ කතානායක Jobs විසින් බව පැවසේ. ඉතින් ඔවුන් දෙදෙනා එය තමන් දන්නා ශිෂ්‍යයන්ට පෞද්ගලිකව හමුවී අලෙවි කර තිබෙන අතර පසුව එය අවසන්ව ඇත්තේ ඔවුන් දෙදෙනාව පොලීසියට හසුවෙන්නට ගොස් අනූනවයෙන් බේරුන පසු බවද කියයි.
The blue box built by Steve Wozniak, on display
at the Computer History Museum, gift of Rick Prelinger
මෙම Reed විද්‍යාලයේ සිටි කාලවකවානුවේදීම Steve ගේ සිත පෙරදිග ආගම් දර්ශණයන්කරා ඇදී යාම සිදුවූ බව කියයි. බොහෝවිට එයට හේතුවන්නට ඇත්තේ ඔහු සතිපතා හරේ ක්‍රිෂ්ණා දෙවොලට යාමද විය හැකිය. එසේම 60 දශකයේ ඇරඹි හිපි ව්‍යාපාරය ලෝකය පුරා ව්‍යාප්තවී තිබූ ඒ අවධියේ Steve ඒ අන්තයටද නැඹුරුවක් විය. එසේම ඔහු‍ගේ ඒ අවධියේ හොදම මිතුරා වූ එම උසස් විද්‍යාලයේ ඉගැනුම ලැබූ Dan Kottke  ටද තිබුනේ Steve ටම සමාන දර්ශනයකි. ඉතින් ඔවුන් දෙදෙනා අතර මෙම අදහස් හුවමාරුවද මේ රැල්ලට Steve ද එක්වීමට හේතුවන්නට ඇත. එසේම Steve Jobs ඒ අවධියේ ලෝකයේ සුප්‍රකටව පැවති Beatles සංගීත ලෝලියෙකුවූ අතර එම සංගීත කණ්ඩායමද මෙම ලෝකයේ හිපි සංස්කෘතිය හා බද්ධවී පැවතුනක් නිසා එයද මෙම තත්වයට හේතුවන්නට ඇත. මෙම සංකල්පයන් රැගත් විකාර පොත්පත් කියවීමද ඔහුගේ පුරුදු අතර‍ට මේ කාලයේ එක්වී තිබින. ( Dan Kottke පසුව ඇපල් සමාගමේ සේවය කලේය).

මුදල් අමාරුකම් තවදුරටත් Steve Jobs ට දැනෙන්නට විය. ඔහු Atari සමාගමේ සේවයට එක්විය. මෙම Atari සමාගම ලෝකයේ පළමු විඩියෝ ක්‍රීඩාව නිපදවූ සමාගමදවේ. මෙම කාලය වන විට Steve ගේ පෙරදිග චින්තනය මෙන්ම හිපි සංස්කෘතිය තුල වූ පරිසරයට හිතකාමීත්වය හා ද්‍රව්‍ය පරිභෝජනය අඩුවෙන් සිදුකිරීම වැනි සංකල්පයන් නිසා එහි කොටස්කරුවෙකු වූ Steve ද බොහෝවිට ආහාරයට ගත්තේ පළතුරුයි. නැත්නම් නිරාහාරව සිටින්නට ඔහු පුරුදුවිය (වසර 10 කට පසු ඔහු බහුමිලියනපතියෙකු වු පසුවද මෙම පුරුද්ද තිබූ බව කියයි).

එසේම ස්නානය හා ජලයෙන් පිරිසිදුවීමද ඔහු අඩුවෙන්ම කරන ලද්දකි. ඉතින් ඉන්පසු අහලපහල සිටින්නන් පත්වන අපහසුව විස්තරකල යුතු නැහැනේද? ඉතින් මෙම තත්වය නිසා Steve, වැඩිදෙනෙක් නොසිටින රෑ වැඩමුරයට යෙදවීමට ඔහුසේවය කල අංශයේ ප්‍රධානියා වගබලාගන්නා ලදි. කෙසේවෙතත් තමන්ගේ සරල ජීවිතය පවත්වාගෙන අතරතුරදීම Atari සමාගමේ නිර්මාතෘ Nolan Bushnell විසින් තමන්ගේ සමාගම නිපදවන ලද  pinball ක්‍රීඩායන්ත්‍රය නිසා ගොඩක් මුදල් උපයන ආකාරය Steve ගේ සිත ආකර්ශනය කරන ලද්දක් විය. ඒ නිසා මෙම Nolan Bushnell, Steve ගේ පරමාදර්ශී චරිතයක්ද වූ අතර වසර කිහිපයකට පසු ඇපල් සමාගම ආරම්භකිරීමට හේතුපාදකවූ කරුණු අතරට මෙයද එක්විය.

Atari සමාගමේ සිටින අතරතුරේදී තමන්ට ඉන්දියාවට චාරිකාවක් ‍ගොස් ඒමට ප්‍රතිපාදන ලබාදෙන මෙන් තම ප්‍රධානියාගෙන් ඉල්ලා සිටියේය. ඉන්දියාවට කෙසේවෙතත් ජර්මනියට යාමට සමාගමෙන් ඔහුට මුදල් ලැබුන අතර ඒ එහි තිබූ සමාගම විසින් අලෙවිකල යන්ත්‍ර කිහිපයක් අළුත්වැඩියාව පිණිසයි. ජර්මනියේදී මේ කාර්යය කරන අතරතුරදී ඔහුගේ හිපි මිතුරා වන Reed විද්‍යාලයේ Dan Kottke ද Steve හමුවීමට ජර්මනියට පැමිනෙන අතර ඔවුන් දෙදෙනා පෙරදිග දර්ශනයේ විමුක්තිය සොයා ඉන්දියාමට පියාසර කරයි. ඔවුන් දෙදෙ‍නා මහත්වූ විශ්වාසයෙන් යුක්තය එවකට භාරතයේ Kainchi Ashram හි සිටි සුප්‍රසිද්ධ ගුරු Kairolie Baba හමුව තමන් පැමිණි කාරණය සාක්‍ෂාත් කරගනුවස් ඔහු හමුවී බලාපොරොත්තුවූවත් ඔවුන්ගේ සිත් කලකිරීමට ලක්වේ. ඒ මෙම සන්නාසි ගුරාද ඔවුන් බලාපොරොත්තුවූ විමුක්තිය ලබාදෙන්නෙකු නොව තවත් බො‍රුකාරයෙකු බව වටහාගත් හෙයිනි.

අපේක්‍ෂාභංගත්වයෙන් නැවත සිය රට පැමිනෙන Steve තවදුරටත් Atari ම සේවය කරනු ලබන අතර primal scream therapy චිකිත්සාව සදහා ඔහු Los Altos හි පිහිටි Zen ආශ්‍රමය කරා යයි. මෙහිදී Kobun Chino Otogawa, Zen ගුරුතුමාද හමුවන අතර බොහෝවිට Steve Jobs විසින් Zen බුදුදහම වැලද ගන්නට ඇත්තේ මෙහිදී විය යුතුය. එහෙත් ඇතැම් මූලාශ්‍ර වල පවසන්නේ Steve Jobs ඉන්දියාවේ සිට නැවත පැමිනෙන විට බෞද්ධ දර්ශනය වැලඳගෙන තිබූ බවත්, ඔහු හිස මුඩු‍කොට, සාම්ප්‍රධායික ඉන්දියානු පූජක ඇදුමෙන් සැරසී, පෙරදිග අධ්‍යාත්මික හරයන්ගෙන් සිය ආධ්‍යාත්මය පෝශනය කර ගෙන පැමිණි බවට බොහොම ලස්සන වාක්‍යවලින් සරසා තිබේ. එසේම මෙම දර්ශනයන්ගෙන් ලද පන්නරය නිසා ඔහු තුල සැහැල්ලු බව, සරල බව දකින්නට ලැබුන බවද කියයි. තවද ආයතනය තුලදී ඔහුගේ ඇදුම වූ නිල්පැහැ ජීන්ස් කලිසමද, පයට පාවහන් නොමැතිව එහි ඇවිද්ද බවද, ඔහුගේ සමාගමේ නිශ්පාදන වලද එම සරල බව තිබූ බව පුන පුනා පසුගිය දිනවල පලවූ වෙබ් ලිපි හා පුවත්පත් මෙන්ම සඟරා ලිපි වලද දැක්විනි. මේවා සියල්ලකින් පුද්ගලයෙකුගේ ඇතුලාන්තය මැනිය හැකිද?

කෙසේවෙතත් බහුතරයක‍ගේ නම් අදහස Steve Jobs, සිලිකන් නිම්නයේ සිටි සැරපරුෂම පරිපාල‍කයෙක්  බවයි. ඔහු මියගිය පුවතද සමග අපේ රටේ  බහුතරයක් ඇපල් පරිගණක භාවිතා කරනවා තබා දැකවත් නොමැති තත්වයකදී Steve Jobs ගැන කතා කරන්නටද ‍එක් හේතුවක් වූයේ ඔහුගේ පරිගණක ලෝකයට හෝ තාක්‍ෂනික ප්‍රගතියට ‍ඔහු ලබා දුන් දායකත්වය කෙසේවෙතත් ඔහු බෞද්ධයෙකුවීමයි. මෙය ඒ දිනවල පලවූ සෑම ලිපියකම කැපී පෙනෙන ලෙස සටහන් කර තිබූ අතර ඒ සමගම ඔහුද "අපෙන් එකෙකි වෙයි ඒ මිනිසා" බවට පත්වුනේය. දැන් මෙලොවින් සමුගෙන ඇති මේ අග්‍රගණ්‍ය මිනිසාට අගෞරවයක් කිරීමට මේ දේ නොලිව්වත්, බෞද්ධයෙකු සතුවිය යුතු ත්‍යාගශීලීබව, නිහතමානීකම, අන්‍යයන්ට ගරුකිරීම ඔහුතුල තිබුනේදැයි කිසිදු ලිපියක හරිහැටි නොතිබුනි. සෑම විටකම ඔහුගේ මඟපෙන්වීම යටතේ ඔහුගේ සමාගම විසින් නිශ්පාදනය කල උපාංග මිලෙන් අධික වූ අතර මිනිසුන් ගැන අනුකම්පාවෙන් ඒවා අඩුමිලට හෝ නොමිලේ ප්‍රධානය කල බවක් නම් කිසිදා අසා නැත. ඔහු හොද පරිපාලකයෙකි. එහෙත් හොද පරිපාලකයෙකු යනු බෝසත්ගුණ ඇත්තෙකු නොවන බවට සාක්‍ෂි ඕනෑතරම් ඇති අතර ඔවුන් බහුතරයක්ම (සමහරවිට සෑමකෙනෙක්ම වුවද විය හැක) තම ඉලක්ක ඉටුකරගැනීම විනා අනෙකා ගැන සිතන බවක් ප්‍රායෝගිකව දැක නොමැත. ලෝකයේ කිසිවෙකුත් සර්ව සම්පූර්ණ නොවේ. ඒ කොහොමවුනත් අප කතානායකයාගේ මෙවැනි ගතිපැවතුම් ගැන ඉදිරියේදී කතා කිරීමට තබා නැවතත් සුපුරුදු මාවතට පිවිසෙමු.

හිපි ජීවිතයත්, පෙරදිග දර්ශනයත්, සෙන් බෞද්ධ දර්ශනයත් අතර ලොවක සිටි Steve Jobs‍ ට පෙම්වතියක්ද සිටියේය. ඇය නමින් Chrisann Brennan විය. මෙම ‍ජෝඩුව හා තම හිපි මිතුරා වන  Dan Kottke සමග ඔරිගන් හි තිබූ හිපි සමූහ එකතුවටද සහභාගීවූයේය. එහිදී මෙම පිරිස ඇපල් වැවූ අතර නිරාහාර ප්‍රතිපත්තියේ නොසිටින අවස්ථාවක Steve Jobs‍ ද ඇපල් අනුභව කලේය.

1976 දී තමන් අරඹන සමාගමට ඇපල් යන නම තැබීමට එක් හේතුවක් වූයේද මෙම ඇපල් වැවීමයි. එසේම තමන් ඉතාමත් ප්‍රියකල සංගීත කණ්ඩායම වන Beatles කණ්ඩායම සිය තැටි නිකුත්කලේද ඇපල් යන නාමය යටතේයි (Apple Corps Ltd./ Apple Records). එයද Steve ගේ සිත්ගත් දෙයක් විය. මේ අදහස්ද සිතේ ඇතිතබාගෙන තම නව සමාගමේ නම ලෙස Apple නාමය Steve විසින් Woz ට පවසන ලදි. කෙසේවෙතත් ඔවුන් දෙදෙනාම මෙම නම නිසා Apple Records විසින් නඩුමගට ඉක්මනින්ම හෝ පසුව තමන් හා එළඹෙන බව තේරුනත් වෙන කිසිම නමක් ඒ මොහොතේ සිතට නොආ නිසා ඔවුන් විසින් සිය සමාගමට Apple, Inc. යන නම තබන ලදි. කෙසේවෙතත් ඒ කාලය වන විට ඇපල් පරිගණක සමාගමට වඩා Beatles Apple Corp. හි බලවත්බාවයද වැඩිනිසා තමන් ලොකු අමාරුවක වැටෙනබව මේ මිතුරන් දෙදෙනාට හොදින්ම වැ‍ටහී තිබුනි. ඇපල් සමාගම අරඹා වසර 4 ක් ඉක්මගිය තැන එනම් 1981 දී Apple Computer සහ Apple Corps. යන ආයතන දෙක අතර ගිවිසුමක් අත්සන් තැබෙන අතර එමගින් ඇපල් පරිගණක ආයතනයට ඇපල් නාමය භාවිතා කිරීමේ හැකියාව ඇතත් එය කිසිදුවිටක සංගීතමය කාර්යයක් සදහා යොදානොගෙන සිටීම කොන්දේසිය වේ. කොහොමවුනත් තිරයෙන් පිටුපසදී ‍ඇපල් පරිගණක සමාගම මේ වෙනුවෙන් හොර රහසේ $80,000 ක් බීට්ල්ස්ගේ ඇපල් සමාගමට දුන් බවද කියයි.
ඇපල් සංගීත සමාගමේ සලකුන
එහෙත් වැඩිකාලයක් මේ දෙගොල්ලා අතර සාමය පැවතුනේ නැත. 1989 දී Apple Corps.  විසින් Apple Computer  ට එරෙහිව නඩු පවරන්නේ ඇපල් ලාංඡනය ගිවිසුමට එකඟනොවන පරිදි භාවිතා කරන්නේය යන චෝදනාව මතයි. එහිදී පරිගණක වලට අමතරම ඇපල් සමාගමේ සංයුක්ත තැටි වලද ඇපල් ලාංඡනය භාවතා කරන බවත් සංයුක්ත තැටි වල ගීතද අඩංගු කල හැකි නිසා එය තමන්ට වන අගතියක් බව ඔවුන් ප්‍රකාශකරයි. 1991 දක්වා මෙම නඩුවද ඇදී යන අතර එය සමතයකට පත්වුනේ ඇපල් පරිගණක සමාගම විසින් ඇපල් තැටි සමාගමට $ මිලියන 26.5 කටත් වඩා ගෙවූ පසුද පැවසේ.

මේ අය අතර සාමය නැවත බිදවැටුනේ 2003 වසරේදීය. ඒ කතෘ අයිතියක් ඇපල් පරිගණක ආයතනය විසින් කඩකිරීමකට එරෙහිවයි.  ඒ ඇපල් පරිගණක විසින් iTunes Music Store සහ iPod යන නිපැයුම් ඔස්සේ ගීත ‍නීතිවිරෝධී ලෙස බෙදාහරින බවට චෝදනාවද එල්ල කරමිනුයි. කෙසේවෙතත් මේ නඩුවෙන් නම් Apple Corps. පරාජය වූ අතර ජය අප කතා නායකයාගේ ඇපල් පරිගණක වෙත හිමි‍විය. 2007 දී මේ සමාගම් දෙක නැවතත් උසාවියේදී හමුවූ අතර එහිදීද Apple Corps. විසින් චෝදනාකලේ ඇපල් පරිගණක සිය "Granny Smith" ‍ලාංඡනයට සමාන ලාංඡනයක්ද, ඔවුන්ගේ පරිගණක නිශ්පාදනවලට යොදාගන්නා නිසා, ඇපල් සලකුන භාවිතා කිරීම තමන්ට පමණක් ඉඩලබාදෙන ලෙසයි. කෙසේවෙතත් නඩුව ‍අවසන්වූයේ දෙගොල්ලන්ටම නඩු ගාස්තු ගෙවන ලෙස දන්වමින් වූ අතර එහිදී සමාගම් දෙකටම ඇපල් සලකුන තවදුරටත් භාවිතා කිරීමට අවසරය ලැබුනද එයට පැනවූ කොන්දේසි රහසක් විය.

බාගෙට කෑ ඇපල් ගෙඩිය ඇපල් පරිගණක වල ලාංඡනය වූයේ ඇයි? මෙය මීට පෙර ලිපිවලදී ඔබලා අසා තිබුනි. එම ඇපල් ගෙඩිය දැමුවේ තවත් විද්‍යාඥයෙකුට ගරුකිරීමක් ලෙස කිව්වොත් ඔබ සමහර විට විශ්මයට පත‍්වේවි. Alan Turing ඒ තමයි ලෝකයේ ප්‍රථම වරට පරිගණක තාර්කික ක්‍රියාකාරීත්වය ගැන කතාකල විද්‍යාඥයා. බ්‍රිතාන්‍ය ජාතිකයෙකුවූ මොහු ඒ අවධියේ සිටි ප්‍රමුඛපෙලේ පරිගණක විශේෂඥයෙකු ලෙසද පැවසෙනවා. සමරිසියෙකු (homosexual)වූ මොහු 1952 දී සිරභාරයට පත්වන්නේ එකල මේ සමරිසි හැසිරීම් බ්‍රිතාන්‍යයේ නීතිවිරෝධී වු නිසයි. එසේම ඔහු සිරභාරයේ සිටියදී පවා ස්ත්‍රී හෝමෝන එන්නත්කරගත් බවද පැවසෙනවා. කෙසේවෙතත් මේ විද්‍යාඥයා 1954 දී මිය යන්නේ තමන්ට වයස 42 ක් වීමට තවත් සතිදෙකක් තිබියදීයි. මෙය සියදිවි හානිකරගැනීමක් ලෙස මරණ සහතිකයේ සටහන්වූවත් ඇතෙමෙක් පවසන්නේ මෙය හදීසි අනතුරක් බවයි. ඔහුමිය යාමට හේතුව වූයේ සුරංඟනා කතාවක් වන "Snow White" මෙන් විශ අඩංගු ඇපල් ගෙඩියක් කෑමෙනුයි. එනම් සයන‍යිඩ් එන්නත් කරන ලද ඇපල් ගෙඩියක් අනුභවයෙනුයි. මෙම විශ අඩංගු ඇපල් ගෙඩිය බා‍ගෙට කන අතරෙදීම ඔහු මිය ගොස් ඇති අතර එම ඇපල් ගෙඩිය ඔහු මිය ගොස් සිටි ස්ථානයේ වැඩී තිබී තිබෙනවා ඒ ඇපල් ගෙඩිය තමයි පසු කලෙක මම/ඔබ දුටු ඇපල් පරිගණකයේ බාගෙට කෑ ඇපල් ලාංඡනය වූයේ.
Alan Mathison Turing
හැබැයි ඔවුන්ගේ මුල්ම ‍සලකුන වූයේ මෙම ඇපල් ගෙඩිය නොව එනම් 1976 සිට 1977 දක්වා ‍සලකුන වූයේ Ronald Wayne විසින් අදින ලද අයිසැක් නිව්ටන්ගේ හිස මතට ඇපල් ගෙඩිය කඩා වැටෙන පින්තූරයයි (“Newton… A Mind Forever Voyaging Through Strange Seas of Thought … Alone.”).

පසුව එයට වඩා මෘදුබාවය ඇතිකරනුවස් වර්ණවත් තීරුවලින් යුතු බාගෙට කෑ ඇපල් ගෙඩිය වූ අතර එය 1977 සිට 1998 දක්වා භාවිතා වුනි. මෙම ලාංඡනය “bite” නම් වූ අතර පරිගණක දත්ත ඒකක මැනෙන bite/byte සමග එය පෑහෙන නිසා එය වඩාත් සුදුසු නාමයක් ලෙස ඔවුන් සැලකූහ.

1998 දී නව සලකුනක් ඇතිවූ අතර එය පැරණි බාගෙට කෑ ඇපල් ගෙඩිය වූවත් එය වර්ණවත් නොවී තනි කළු වර්ණයෙන් පමනක් යුක්තවිය.

2003 දී නැවතත් සලකුන වෙනස් කරනු ලැබූ අතර එය පැරණි සලකුනම වීදුරුවලින් තැනූ ලෙස නවීකරණයවිය.

තවද 2001 සිට 2003 කෙටිකලක් නිල්පැහැ Aqua ලෝගෝවක්ද භාවිතා කර තිබේ.

කොළඹට විදුලි දුම්රිය

කොළඹ තදාසන්න දුම්රිය සේවා විදුලිකරණය කිරීමට සැලසුම් කර ඇතැයි ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
මේ යටතේ වේයන්ගොඩ සිට දකුණු කළුතර දක්වා විදුලි දුම්රිය ධාවනය කිරීමට සැලසුම් කොට ඇත.

මේ සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා කමිටුවක් ද පත්කර ඇති අතර ශක්‍යතා අධ්‍යයනයක් ද සිදුකෙරේ.

මේ අතර කොළඹ නගරය තුළ මෙට්‍රෝ දුම්රිය සේවාවක් ද ක්‍රියාත්මක කිරීමට නියමිත අතර ඒ සම්බන්ධයෙන් ද ශක්‍යතා අධ්‍යයනයක් කරමින් පවතින බව එහි අධ්‍යක්ෂ (සැලසුම්) විජය සමරසිංහ මහතා රජයේ නිල පුවත් වෙබ් අඩවිය‍ වෙත සඳහන් කළේය.

මීට අමතරව දුම්රිය දෙපාර්තමේන්තුව විසින් සිදුකිරීමට නියමිත ඉදිරි සංවර්ධන සැලසුම් යටතේ කුරුණෑගල සිට හබරන දක්වා ද, කොළඹ සිට හම්බන්තොට දක්වා ද, මැදවච්චිය සිට ත්‍රිකුණාමලය දක්වා මෙන්ම ත්‍රිකුණාමලය - මහව - පුත්තලම දක්වා ද නව දුම්රිය මාර්ග ඉදිකිරීමට සැලසුම් කර ඇත. මේ සම්බන්ධයෙන් වන ශක්‍යතා අධ්‍යයන ද සිදුකොට ඇත.

එසේම වැල්ලවාය - බිබිල - බදුල්ල ඔස්සේ ද නව දුම්රිය මාර්ගයක් ඉදිකිරීමට නියමිත අතර පොල්ගහවෙල සිට මහව දක්වා ද්විත්ව මාර්ගයක් ඉදිකිරීමට ද යෝජිතය.

තවද දෙමටගොඩ, රාගම, වේයන්ගොඩ සහ රත්මලාන යන ප්‍රදේශවල අභ්‍යන්තර බහලුම් අංගන ඉදිකිරීමට ද සැලසුම් කර තිබේ.

Tuesday, October 18, 2011

duminda's latest situation


ජනපති වීමට සිහින දුටු දුමින්ද සිල්වා


ටී.වී චැනල් එකකුයි මොබයිල් කම්පැනියකුයි තිබුනොත් ජනාධිපති වෙන හැටි දන්නවා

ඉරිදා ලංකාදීපයට ප්‍රසන්න සෝලංගආරච්චි මහතා දුමින්ද සිල්වාගේ දේශපාලනය ගැන හෙළිකොට තිබුනේ මෙසේය.

"ලකී අයියා ජීවත්ව ඉද්දී කියලා තියනවා මේ තැනැත්තා දැනට ඉන්දියාවේ සිටින තෙල්බාලා කියන පාතාල සාමාජිකයා හරහා මාලු පෙට්ටි වල සඟවලා තමා කුඩු ගේන්නේ කියලා. ලකී අයියා මෙවැනි ව්‍යාපාර ගැන දැනගන හිටියා.

මගේ යාවජීව දේශපාලන ගුරුතුමා මහ පාරේ බල්ලෙක් වගේ මරලා දැම්මා. ගිනි අවි විස්සකට ආසන්න සංඛ්‍යාවක් පාවිච්චි කරලා තියනවා. මේ වැඩි සංඛ්‍යාවක් නීති විරෝධියි. එයා මගේ අම්මට පයින් ගැහුවා. ඒ අහිංසක අම්මා බිම දැම්මා. එයාට කවදාවත් මගෙන් සමාවක් නෑ

ප්‍රජාත්‍රන්තවාදී රටක රටේ සම්මත නීතිය තුල කිසිම මිනිහෙකුට අයිතියක් නැති දෙයක් මෙයා කළා. එක්සත් ජනතා නිදහස සංධානයේ තබා කිසිම දේශපාලන පක්ෂයකය මේ පුද්ගලයා සුදුසු නෑ. ඔවුන් කිසිම දේශපාලන පක්ෂයක තියාගන ඉන්නව නම් ඒ පක්ෂය තුළ අපි කවුරුවත් අපේ යෞවනය කැපකරගන දේශපාලනය කිරීමත් සුදුසු නෑ.

මේ පුද්ගලයා අනිවාර්යයෙන්ම සිටිය යුත්තේ හිර ගෙදරයි. යලි කිසිමදාක මෙවැනි සිදුවීමක් ලංකා ඉතිහාසයේ නොවිය යුතුයි.

ලකී අයියා කවදාවත් හිතන්න නැතිව ඇති අර සමහර චිත්‍රපටිවල වගේ මෝඩඩ විදිහට තමන්ට වෙඩි තියයි කියලා. ලකී අයියා තමන්ට ආදරේ කලේ නෑ. එයා එයාව ආරක්ෂා කළේ නෑ. ඒකයි ඇඟ තිබුනට ඔලුවන් තිබුනට මොලයක් නැති මිනිහෙක් අතින් ලකී අයියට මැරෙන්න සිද්ධ වුණේ. එහෙත් මේ අවසාන සිදුවීම විය යුතුමයි" ඔහු කියයි

දවසක් මේ සංවිධායක වරයා මට කතා කළා. අංගොඩ සුපර්මාර්කට් එකක් හදන්න ඕනේ බයර්ස් කෙනෙක් මම ඉන්දියාවෙන් ගේනවා කිව්වා. මම කිව්වා බොහෝම හොඳයි කියලා. එයාගේ ගෝලයන්ට ඕනෑ වුනේ මං සංවිධායකතුමාට සර් කියනවා දකින්න. ඒත් මං කවදාවත් එයාට සර් කියලා කතා කළේ නෑ.

යට තට්ටුවේ පෙට්‍රල් ෂෙඩ් එකක්. ඊලඟට කඩ කාමර උඩම තට්ටුවේ ගෙවල් එහෙමයි මගේ ප්ලෑන් එක කියලා එයා කියද්දී මං ඇහුවා කඩකාමර දෙන්නේ කාටද කියලා.

මං ඔයාට කඩ පහක් දෙන්නම් කිව්වා මට කඩ ඕනේ නෑ සුපර් මාර්කට් එක හදද්දී කඩ නැතිවෙන අයටයි මේ කඩ දෙන්න ඕනේ කියලා මං කියද්දී ආසන සංවිධායකවරයා කිව්වා නැහැ උන්ට දෙන්නේ නැහැ මේවා විකුණලා සල්ලි අරන් අපි බයර්ස්ලටත් දෙන්න ඕනේ කිව්වා

මං ඇහුවා එහෙම කොහොමද එතකොට කඩ කරපු අයට මොකද වෙන්නේ ඒ මිනිස්සු හූල්ලයි ප්‍රශ්නයට උත්තරයක් නෑ කියලා

එයා කිව්වා මං එයාව බලාගන්නම් කියලා. මං කිව්වා නෑ මං සභාපතිකමේ ඉන්නකම් ඕන වෙන්න දෙන්නේ නෑ කියලා

ජනාධිපතිවරයා මහ මැතිවරණය පැවති කාල සීමා දෙක අතර කාලයේදී තවත් සිදුවීමක් වුණා.

අපට කැඳවීමක් ලැබුණා. අපි ගිහාම මෙයා අපට කුණුහරපෙන් බැනගන බැණගන ගියා. බනින්නේ කාටද කියලා අප කාටවත් පැහැදිලි නෑ

මං ඇහුවා ගරු සංවිධායක තුමනි කවුරුත් මීට පෙර අපට මෙහෙම කතා කරලා නෑ. කාටද මේ කතා කරන්නේ කියලා මුලින්ම දැනගන්න ඕනේ කියලා මම කිව්වා.

ඕනෑ....කියලා මෙයා ආයෙත් කුණුහරපයක් කිව්වා. මං කිව්වා සංවිධායක තුමා මේ ධූරයට ආවේ ඉතා මෑතකදී අපේ පක්ෂයට ආවෙත් මෑතකදී. ඊට කලින් අපත් දේශපාලනය කළා කියලා.

එතකොට එයා කිව්වා මේ ආසනයට වෙන එකෙක්වත් ගේන්න බෑ. ගෙනාවොත් මරණවා. ඔයා මට විතරයි වැඩ කරන්න ඕනෑ කියලා. අන්තිමට අපි මෙතනින් නැඟිටලා ගියා

මේ දේශපාලකයා මට කීවේ මට ටී.වී චැනල් එකකුයි මොබයිල් කම්පැනියකුයි තිබුනොත් ලේසියෙන්ම ජනාධිපති වෙන හැටි දන්නවා කියලා.

මං කිව්වා අපි ඉන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ආණ්ඩුවේ මිසක් පොල්පොට්ගේ ආණ්ඩුවේ නෙවෙයි ගෞරවයෙන් අපේ උදව් බාරගන්නවා නම් අපි උදව් කරන්නම් කියලා. මේ වගේ සිද්ධි නිසා තමයි එයා මගේ ලකී අයියාගේත් එක්ක හතුරු වුනේ" ප්‍රසන්න කියයි

Bollywood actress Sonakshi Sinha arrives in Sri Lanka

Wednesday, October 12, 2011

භාරතගේ දියණිය ගැන පැතිරෙන කට කතා



භාරතගේ දියණිය ගැන පැතිරෙන කට කතා 

මේවන විට භාර්තගේ මරණය සම්බන්ධයෙන් මෙන්ම භාරත ප්‍රේමචන්ද්‍ර මහතාගේ දියණිය සම්බන්ධයෙන්ද විවිධ කට කතා පැතිරෙමින් පවතිනවා. ඒ එක කටකතාවක් වනුයේ භාරත ප්‍රේමචන්ද්‍ර මහතාගේ දියණිය හා නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා අතර සම්බන්ධතාවයක් තිබුන බවයි.


මේ පිළිබඳව කල සොයාබැලීමකදී අපට හෙලිවුයේ භාරත ප්‍රේමචන්ද්‍ර මහතාගේ දියණිය සම්බන්ඳතාවයක් ඇතිකරගන තිබෙන්නේ දකුණු පළාතේ ජේෂ්ඨ අමාත්‍ය පියසේන ගමගේ ගේ පුත් දකුණු පළාත් සභා මන්ත්‍රී රන්දිම ගමගේ බවයි.රන්දිම ගමගේ හා හිරුනිකා අතර පැවති මෙම සම්බන්ධයට භාරත මහතාද කැමති වී ඇති අතර රන්දිම ගමගේ දකුණු පළාත් සභාව වෙත ඉදිරිපත්විමේදී එහි ජන්ද ව්‍යාපාරයට භාරත ප්‍රේමචන්ද්‍ර මහතාද ගාල්ල ප්‍රදේශයට පැමිණි ඔහුට සහයෝගය ලබාදුනි.