Pages

Monday, December 26, 2011

කති‍්‍රනාගේ ‘නිල්’ වීඩියෝව


 

බොලිවුඩ් නිලි කත‍්‍රිනා කයිෆ්ගේ යැයි පැවසෙන අසභ්‍ය වීඩියෝවක් අන්තර්ජාලයට එක්කර ඇතැයි වාර්තා වේ.

කති‍්‍රනා කයිෆ් සෙක්ස් ස්කැන්ඩල්’ ලෙස නම් කර ඇති මෙම වීඩියෝව කති‍්‍රනාට සමාන රුවක් ඇති තරුණියක් සිටින වීඩියෝවක් බව මේ වන විට අනාවරණය වී ඇත.

කෙසේ වෙතත්, අන්තර්ජාලයට එක්කර පැය කිහිපයක් ඇතුළත වැඩිපුරම බාගත කරන ලද වීඩියෝව ලෙස මෙය නම් වී ඇතැයි ඉන්දීය මාධ්‍ය පවසයි.

මෙම සිද්ධියෙන් දැඩි ලෙස කනස්සල්ලට හා කෝපයට පත් ව ඇති කති‍්‍රනා පවසා ඇත්තේ අදාළ වීඩියෝ දර්ශනය ඉතා පිළිකුල් සහගත බවත්, එහි පෙනී සිටින කාන්තාව ‍තමා නොවන බවත්ය.

Friday, December 23, 2011

රයිනිගේ පෙම බිඳිලා !



- ජනපි‍්‍රය ගායක යුවලක් වන රූකාන්ත හා චන්‍ද්‍රලේඛාගේ දියණිය රයිනි චාරුකා පසුගිය කාලයේදී පෙම් පලහිලවුවක් නිසා හිත් වේදනාවන් සිටි බව  වාර්තා වේ.
රයිනිගේ පේ‍්‍රමවන්තයා ජනපි‍්‍රය නළුවෙක් බවත්, ඔහු රයිනි මඟ හැරියේ තවත් ජනපි‍්‍රය සම්මානනීය නිළියක් සමඟ තිබූ හාදකමක් නිසා බවත් පැවසේ.

ඇය මෙම පෙමට මුල පුරා ඇත්තේ ‘සිංහාව ලෝකනය’ චිත‍්‍රපටය රූගත කරන කාලයේදී බවද වාර්තා වේ.

කෙසේවුවද එම ආදරයට ආයුෂ තිබී ඇත්තේ ඉතා කෙටිකලක් පමණකි.

කෙසේවුවද මෙම ජනපි‍්‍රය නළුවා විවාහකයෙක් බවත් මේ අතර වාර්තා වේ.
Raini Charuka Goonatillake sexy Image Raini Charuka hot Photos Raini Charuka Goonatillake Cute Photos Raini Charuka unseen Photos

Monday, December 19, 2011

අර්ජුන හා අරවින්ද තරඟ පාවා දුන්නා - ගාමිණි ලොකුගේ

1996 දී ලෝක කුසලානය දිනාගනිමින් මෙරට ජනතාවගේ ප්‍රසාදයට ලක්වූ අර්ජුන රණතුංග හා අරවින්ද සිල්වා යන ක්‍රීඩකයන් දෙදෙනා තරඟ පාවා දී ඇති බව හිටපු ක්‍රීඩා ඇමතිවරයකු වන ගාමිණි ලොකුගේ මහතා පසුගිය දිනෙක පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

ඔහු පැවසුවේ මෙම ක්‍රීඩකයන් දෙදෙනා මුළු ක්‍රීඩා ඉතිහාසයම අඳුරු කර ඇති බවත් ඒ අවස්ථාවේදී ඔවුන් බේරා ගත්තේ එවකට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයාව සිටි තිලංග සුමතිපාල මන්ත්‍රීවරයා බවත්ය. 

නමුත් මෙම චෝදනා ප්‍රතික්ෂේප කරන අර්ජුන රණතුංග මහතා ප්‍රකාශ කර සිටින්නේ තරඟ පාවාදීමේ චෝදනාවලින් අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය තමා නිදොස් කොට නිදහස් කර ඇති බවයි. 

ලොකුගේ අමාත්‍යවරයාගේ කතාව හා අර්ජුනගේ පිළිතුර පහතින් බලන්න 


"මේ ක්‍රීඩා ඉතිහාසයම බ්ලැක් ලිස්ට් කරපු දෙන්නෙක් ඉන්නවා..ඒ දෙන්නම ඉන්දියාවේ පරික්ෂා කරලා..වාර්තා කරලා..අපේ රටවල් වලට ඉදිරිපත් කරලා තියෙනවා..එදා ඒ දෙන්න බේරුවේ කව්ද තිලංග සුමතිපාල මන්ත්‍රීතුමා..බේරුවේ කොහමද..

ලෝක ක්‍රිකට් සභාව ඒ කාලේ ක්‍රිකට් ෆික්ස් කරන එක දඬුවම් කරන කරුණක් නෙවෙයි කියන කාරනාව උඩ..ලෝකේ අනිත් හැම රටම ඒ වාර්තාවේ ආපු අයට දඬුවම් දුන්නා..ඉතින් මම නම් කියන්න යන්නේ නැහැ..ඔව් නම් කියන්නම් ඕන නම්..තමුන්නාසේ එක්කෙනෙක්, අර්ජුන රණතුංග එක්කෙනෙක්.."

පොන්සේකාට ජනවාරියේ ජනපති සමාව?



හිටපු යුද හමුදාපති සරත් පොන්සේකා ජනපති සමාව යටතේ 2012 වසර ආරම්භයේදී හිරෙන් නිදහස් කරතියි රජයේ ඉහල පෙළේ ආරංචි කියයි. මේ අනුව ඔහු 2012 ජනවාරි 01 වැනිදා නිදහස් කිරීමට බොහෝ දුරට ඉඩ ඇතැයි එම ආරංචි සඳහන් කරයි.
මේ අතර මල්වතු අස්ගිරි මහානාහිමි වරුන් ඇතුළු පාර්ශව ගණනාවක් පොන්සේකාට නිදහස දෙන ලෙස ඉල්ලා තිබිණි. පොන්සේකාගේ බෑනාවන දණුන තිලකරත්නගේ හයිකෝප් සමාගමේ යුද හමුදාවට උපකරණ කීපයක් මිලට ගත්තැයි දෙවැනි යුද්ධාධිකරණයෙන් වැරැදිකරු වූ පොන්සේකාට මාස 30ක සිර දඬුවමක් නියම විය. ඒ සමග ඔහුගේ මන්ත‍්‍රීධූරයද අහිමිවිය. යුද්ධයේ අවසන් දිනවල සුදුකොඩි රැගෙන එන කොටි නායකයින් වෙඩි තබා මරා දමන්නැයි ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා කළැයි කියන ප‍්‍රකාශයක් සන්ඬේ ලීඩර් පත‍්‍රයේ පළවීම සම්බන්ධයෙන් පොන්සේකාට එරෙහිව පැවැති නඩු විභාගයකින් පසුව ඔහුට රුපියල් 5000ක දඩයක් නියම කර තවත් තුන් වසරකට සිරගෙට නියමවිය.
ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් ජනපතිට පැවරෙන බලතල යටතේ ඔහුට නිදහස ලැබෙතියි දැනගන්නට ඇත.
පාර්ලිමේන්තු මන්ත‍්‍රී ටිරාන් අලස් මහතා පැවැසුවේ සමාව ලබාදීම පිළිබඳව ජනපති මහින්ද රාජපක්‍ෂ මහතා සමග කීප වරක් සාකච්ඡා කළ බවත් ඊට ඇති ගැටළු ගැන අවධානය යොමුකළ බවත් එහෙත් පැවැති සාකච්ඡුා මොනවාදැයි හෙළිකළ නොහැකි බවත්ය.

Thursday, December 15, 2011

කෙල්ලෝ ගැන ඇත්ත!!!!


නිව්යෝර්ක් නගරයේ අලුත් වර්ගයේ සාප්පුවක් විවෘත වුනා.මේ සාප්පුවෙන් කාන්තාවන්ට සැමියන් අලෙවි කල අතර කාන්තාවන්ට පැමින තමන් කැමති ආකාරයේ සැමියෙක් තෝරා මුදල් දී ඔහුව රැගෙන යාමේ හැකියාව තිබුනා.

මෙම සාප්පුවට ඇතුල් වෙන දොර ලග සාප්පුවෙන් සැමියෙකු මිලදී ගැනීමේදී අනුගමනය කල යුතු උපදෙස් අඩංගු බෝඩ් එකක් එල්ලා තිබුනු අතර එහි තිබුනේ පහත උපදෙස්,

▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀
•ඔබට මෙම සාප්පුවට ඇතුල් විය හැක්කේ එක් වරක් පමනයි.
•මෙම සාප්පුව මහල් 6කින් සමන්විත වේ.
•මහල් ඉහලට යන විට ඒ මහලේ සිටින පුරුෂයන් ගේ සුදුසු කම් ඉහල යයි.
•ඔබට එක් මහලකට ගිය විට කල හැක්කේ ඒ මහලෙන් පුරුෂයෙක් තෝරා ගැනීම හෝ ඉහල මහලට යාම පමනයි.
•ඔබට නැවතත් පහත මාලයකට යා නොහැකි අතර කල හැක්කේ සාප්පුවෙන් පිටවීම පමනයි.
▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀

ඉතින් ඔන්න ලස්සන කාන්තාවක් දවසක් මේ සාප්පුවට ගොඩ උනා ස්වාමි පුරුෂයෙක් මිලදී ගන්න.

පලමු මහලට ඇතුල් වෙන තැන දොරේ මෙහෙම බෝඩ් එකක් ගහල තිබුනා.

►පලමු මහල:මෙහි සිටින පුරුෂයන්ට රැකියා ඇති අතර ඔවුන් ආගම දහමට ලැදිය.

පලමු මහලේ වටයක් ගියපු කාන්තාව දෙවෙනි මහලට ගියා,දෙවෙනි මහලට ඇතුල් වෙන තැන දොරේත් බෝඩ් එකක් ගහලා තිබුනා.

►දෙවෙනි මහල:මෙහි සිටින පුරුෂයන්ට රැකියා ඇති අතර ඔවුන් ආගම දහමට ලැදිය,කුඩා දරුවන්ට බෙහෙවින් ආදරේ කරයි.

දෙවෙනි මහලෙත් වටයක් කැරකුනත් හිතට හරි නොගිය නිසා මෙයා තුන් වෙනි මහලටත් ගියා,තුන් වෙනි මහලට ඇතුල් වෙන දොරේ ගහල තිබුනු බෝඩ් එකේ ගහලා තිබුනේ මෙහෙම කතාවක්.

►තුන්වෙනි මහල :මෙහි සිටින පුරුෂයන්ට රැකියා ඇති අතර ඔවුන් ආගම දහමට ලැදිය,කුඩා දරුවන්ට බෙහෙවින් ආදරේ කරයි,බෙහෙවින් කඩවසම්ය.

තුන් වෙනි මහලේ වට 2ක 3ක් මෙයා කැරකුනා..ගොඩක් කඩවසම් පුරුෂයෝ දැකලා දෙතුන් පාරක් "ෂා..." කියලා කියවුනත් මෙයා හතර වෙනි මහලටත් යන්න තීරනය කලා.
සුපුරුදු පරිදි හතර වෙනි මහලට ඇතුල් වෙන දොරෙත් බෝඩ් එකක් තිබුනා.

►හතරවෙනි මහල:මෙහි සිටින පුරුෂයන්ට රැකියා ඇති අතර ඔවුන් ආගම දහමට ලැදිය,කුඩා දරුවන්ට බෙහෙවින් ආදරේ කරයි,බෙහෙවින් කඩවසම්ය,ගෙදරදොරේ වැඩ කටයුතු වලට උදව් කරයි.

"අනේ දෙවියනේ මේ ලෝකේ මෙහෙම පිරිමිත් ඉන්නවාද..." කියලා හිත හිතා හතර වෙනි මහලෙත් වට 3-4ක් කැරකුනා.අන්තිමේදි මෙයා පස්වෙනි මහලටත් යන්න පිටත් උනා.
පස් වෙනි මහලට ඇතුල් වෙන දොරේ ගහලා තිබුනේ මෙහෙම බෝඩ් එකක්.

►පස්වෙනි මහල:මෙහි සිටින පුරුෂයන්ට රැකියා ඇති අතර ඔවුන් ආගම දහමට ලැදිය,කුඩා දරුවන්ට බෙහෙවින් ආදරේ කරයි,බෙහෙවින් කඩවසම්ය,ගෙදර දොරේ වැඩ කටයුතු වලට උදව් කරයි,සෑම දිනකම භාර්යාවට තෑගිබෝග ලබා දෙනු ඇත.

පස්වෙනි මහලේ නම් මෙයා වට 10ක් 12ක් කැරකුනා..සමහර වෙලාවට ඇස් දෙක ලොකු කරන් බලන් හිටියා...අනාගත සැමියා ගැන සිහින මැව්වා.
ඒත් මෙයාට හිතුනා අන්තිම මහලටත් ගිහින් බලන්න ඕනි කියලා.

අන්තිම මහලට ඒ කියන්නේ හයවෙනි මහලට ඇතුල් වෙන තැන දොරේ ගහලා තිබුනේ අමුතුම විදියේ බෝඩ් එකක්,ඒකෙ මෙහෙමයි තිබුනේ.

►හය වෙනි මහල:ඔබ මෙම මහලට ඇතුල් වන 4758943 වන කාන්තාව වන අතර මෙම මහලේ කිසිම පුරුෂයෙක් නොමැත.
මෙම හයවෙනි මහල පිහිටවීමේ එකම අරමුණ නම් කාන්තාවන් සෑහීමකට පත් කල නොහැකි බව ඔප්පු කිරීමයි.
ස්වාමිපුරුෂයෙක් මිලදී ගැනීමට අප සාප්පුවට පැමිනි ඔබට ස්තූතියි!!!

ඉස්සුවේ ෆේස් බුක් එකෙන්

Wednesday, December 14, 2011

sachini ayendra

මම ඒ ගැන පසුතැවෙන්නේ නෑ...

මම ඒ ගැන පසුතැවෙන්නේ නෑ...
(ඇයට කලා ක්ෂේත්‍රයට එක්වීමට අවස්ථාව ලැබෙන්නේ 2003 වසරේ "මිස් ශ්‍රී ලංකා" කිරුළ දිනාගැනීමත් සමගය. සෙනේෂ් බණ්ඩාර දිසානායකගේ "වස්සාන සිහිනය" චිත්‍රපටය ඇය ප්‍රථම රංගන දායකත්වය ලබාදුන් නිර්මාණය වේ. එම ප්‍රථම රංගනය වෙනුවෙන් හොඳම සහය රංගන ශිල්පිණිය ලෙස සම්මානයට පාත්‍රවීමටද ඇය සමත්වූවාය. ‍එමෙන්ම ප්‍රසන්න ජයකොඩිගේ "සංකාරා" චිත්‍රපටය ඇගේ රංගන ජීවිතයේ නව වෙනසක් ඇතිකළ නිර්මාණයකි. රූපවාහිනී වෙළෙඳ දැන්වීම්, ටෙලි නාට්‍ය, චිත්‍රපට සඳහා සිය රංගන දායකත්වය ලබා දී ඇති ඇය මේ වන විට චිත්‍රපට නිෂ්පාදනයට ද යොමුව සිටියි.)

ඇය සචිනි අයේන්ද්රා .... 






ඡායා -ඩීනා රඹුක්කන්ගේ


*සම්පූර්ණ නම


සචිනි අයේන්ද්‍රා ස්ටැන්ලි

*උපන්දිනය

අප්‍රේල් 08

*ලග්නය

මිථුන

*උස

අඩි 05 අඟල් 03

*පදිංචිය

බත්තරමුල්ල


*සචිනි, ඉතින් කොහොමද මේ දවස්වල ඔබේ ජීවිතය ගතවෙන්නේ?

මේ දවස්වල නම් හරිම කාර්යයබහුලයි. ප්‍රධාන වශයෙන් මම මේ වනවිට බිරිඳක් වගේම මවක් වන නිසා. දැන් මගේ දුවට මාස 08 යි. ඇයගේ වැඩ කටයුතු නිසා බොහොම කාර්යයබහුලයි. ඒ එක්කම මගේ අනෙක් වැඩ කටයුතුත් කරගෙන යනවා. ඒ නිසා ඇත්තටම දවස ගෙවෙනවා දැනෙන්නෙ නෑ.

*විවාහයෙන් පසුව ඔබ කලා කටයුතුවලින් ඈත්වෙන්න තීරණය කරලද?

එහෙම කියන්න බෑ. විවාහය සමග මම ඊට වැඩි කාලයක් දුන්නා. කොළඹින් පිට රූගත කිරීම්වලට මම ටිකක් අඩුවෙන් සම්බන්ධ වුණේ. විවාහයට පෙර වගේ නෙමෙයි දැන් කලා කටයුතු සමබරව තමයි කරගෙන යන්නේ. දුව ලොකුවෙද්දි මගේ කාර්යයබහුලත්වය අඩුවෙයි. මේ වගේම ඉදිරියේදීත් කලා කටයුතුවලට සම්බන්ධ වෙන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. කාලය හොඳින් කළමනාකරණය කරගන්න පුළුවන් නම් හැම කටයුත්තක්ම ලස්සනට කරගෙන යන්න පුළුවන්.

*සචිනි කලා කටයුතුවලට අමතරව ඔබ මේ වනවිට ව්‍යාපාරික ක්ෂේත්‍රයටත් යොමුවෙලා තිබෙනවා. ඒ වැඩ කටයුතු කළමනාකරණය කරගන්නේ කොහොමද?

සාමාන්‍යයෙන් මම කාර්යාලය තුළ උදේ 8 ඉඳන් 5 වෙනකං වැඩ කරන කෙනෙක් නෙමෙයි. එය මට ලැබිලා තියෙන වාසියක් කිව්වොත් නිවැරදියි. දවසකට පැය 3 ක් පමණ මම ව්‍යාපාරික කටයුතුවලට යොදලා තියෙනවා. ඒ විදිහට මම කාලය කළමනාකරණය කරගෙන වැඩ කරනවා.

*එතකොට ඔබ මේ වනවිට ඔබේ වෘත්තිය විදිහට තෝරාගෙන තිබෙන්නේ කුමන ක්ෂේත්‍රයද?

දැන් මගේ පූර්ණකාලීන වෘත්තිය තමයි මව සහ බිරිඳ. ඒ සඳහා තමයි මම වැඩි කාලයක් ගතකරන්නේ. නමුත් එය වෘත්තියක් ලෙසම හඳුන්වන්න බෑ. මම කැමතියි තවමත් මාව නිළියක් විදිහට හඳුන්වනවා නම්. නමුත් දැනට මම කරන වැඩ කටයුතුත් එක්ක එක් දෙයක් වෘත්තිය විදිහට සලකන්න බෑ.

*විවාහය කලා ශිල්පිණියකට තමන්ගේ කලා කටයුතුවලට බාධාවක් වෙනවා කියලා ඔබ හිතනවාද?

කලාවට බාධාවක් නෙමෙයි. නමුත් කලා කටයුතුවල ඉස්සර තරම් නියැලෙන්න වෙලාවක් නෑ. මම එය බාධාවක් විදිහට දකින්නේ නෑ. මම විවාහවෙන්න තීරණය කරද්දි කලාව වෙනුවෙන් මගේ මුළු කාලයම කැපකරලා තිබුණේ. ඒ නිසා මම දැනං හිටියා විවාහය වෙනුවෙන් කැපකිරීමක් කළ යුතුයි කියලා. ඒ සඳහා සූදානම් වෙලා තමයි මම විවාහ වුණේ. ඉතින්, මං ඒ ගැන දුක්වෙන්නේවත්, කලකිරෙන්නෙවත් නෑ. මම ඒ දෙකම සමබර කරගෙන ආසාවෙන් කරගෙන යනවා.

*පෙම්වතියගේ චරිතයට තවමත් ඔබට සාධාරණයක් ඉෂ්ට කරන්න පුළුවන් කියලා හිතනවද?

අනිවාර්යයෙන්ම. මවක් දරුවන්ට ආදරය කරනවා. බිරිඳක් සැමියාට ආදරය කරනවා. මා තුළ ඒ ආදරවන්තිය තවම ඉන්නවා. මම හිතන විදිහට බිරිඳක්, මවක් වුණා කියලා මගේ පෞර්ෂත්වය තුළ වෙනසක් සිදුවෙලා නෑ. එකම දේ සීමාවල් තියෙනවා. පෙම්වතියගේ චරිතය කියන්නේ රංගනයක් විතරයි. මම හිතන්නේ නෑ විවාහය, වයසට යාම තුළින් පුද්ගලයින් තුළ වෙනසක් ඇතිවෙනවා කියලා.

*පුංචි තිරයේ හෝ රිදී තිරයේ ඔබ පෙම්වතියගේ චරිතය නිරූපණය කරනවා දකිද්දි ඔබේ සැමියා ඒ ගැන මොනවගේ ප්‍රතිචාරයක්ද දක්වන්නේ?

මගේ සැමියා බොහොම බුද්ධිමත් පුද්ගලයෙක්. එය මට වාසනාවක්. ඔහු ඒ දේවල් අනවශ්‍ය විදිහට දකින, ඊර්ෂ්‍යා හිතන කෙනෙක් නෙමෙයි. ඔහු බුද්ධිමත්ව ඒ දේවල් දකිනවා. බිරිඳක් විදිහට මමත් කටයුතු කරන්නේ ඒ ගෞරවය රැකෙන විදිහටයි. විවාහ වූ දා සිටම මම බාරගන්න සෑම චරිතයක් ගැනම ඔහුට දැනුම් දෙනවා. ඒ ගැන ඔහුගේ අදහස් දැ‍නගෙන, විරුද්ධත්වයක් නැත්නම් මම ඒ චරිතය බාරගන්නවා. ඉන්පසුව ඔහු ඒ සම්බන්ධව මට කිසිම අකමැත්තක් ප්‍රකාශ කරන්නේ නෑ.

*අකමැත්තක් නැත්නම් පොඩ්ඩක් විතර ඔබේ ඒ ලස්සන අතීතයට ගිහින් ඔබේ ආදර කතාව ගැනත් මතක්කරමුද?

ඔහු මට මුණගැහුණේ 2008 වසරේ. ඔහු ඇඟලුම් නිෂ්පාදන ක්ෂේත්‍රයේ ව්‍යාපාරිකයෙක්. ඔවුන්ගේ හෝමාගම ඇඟලුම් කර්මාන්ත ශාලාවක තිබුණු අවුරුදු උත්සවයක අවුරුදු කුමාරී තේරී‍ම සඳහා මම සහභාගි වුණා. ඔහුව මුලින්ම මුණගැහුණේ එතනදී. ඔහු ඉෂංග මහීපාල.

*ඔබේ විවාහය සිදුවන්නේ කලා කටයුතු පැත්තෙන් ඔබ යම් ස්ථාවර මට්ටමකට පැමිණ සිටි අවධියක. හිතෙන්නේ නැද්ද විවාහයට ඉක්මන් වුණා වැඩියි කියලා?

නැහැ. මගේ ජීවිතේ හැමදෙයම මම කරන්නේ සැලසුමකට අනුවයි. මම විවාහය සම්බන්ධවත් එහෙම සැලසුම් කරගෙන තිබුණා. නමුත් ඇත්තටම විවාහය සම්බන්ධව එහෙම තීරණය කරන්න අමාරුයි. මොකද මේ කාලේ විවාහවෙනවා කියලා තීරණය කරං හිටියත් සුදුසු කෙනා මුණනොගැහෙන්න පුළුවන්. නමුත් මට මම හිතං හිටිය කාලෙම විවාහවෙන්න අවස්ථාව ලැබුණා. මම හිතාගෙන හි‍ටිය විදිහෙ කෙනෙක්ම මට ලැබුණා. ඉතින් ඒ කාලෙදී මම විවාහ වුණා. ඒ වගේම මම හිතාගෙන හිටියා මේ කාලේදී මට දරුවෙක් ලැබුණා නම් හොඳයි කියලා. යම් සැලසුමකට අනුව ඒ දේවල් සිදුවුණා. ඒ නිසා මම ඒ ගැන පසුතැවෙන්නේ නෑ. මම හිතනවා සුදුසුම කාලෙ තමයි මම විවාහ වුණේ. ඒ වගේම වෘත්තියම ජීවිතය කරගන්නත් බෑ. ඕනම කෙනෙක්ට පෞද්ගලික ජීවිතයක් තියෙන්න ඕන.

*කලා කටයුතුවලදී ඔබට සීමා, මායිම්, කොන්දේසි තිබෙනවාද?

වෘත්තියට පැමිණි දා ඉඳලම මම පනවාගත් සීමා, මායිම් කිහිපයක් තියෙනවා. ඒ සීමා, කොන්දේසි අදටත් තියෙනවා. විවාහයෙන් පසු ඒ දේවල් වෙනස්වුණේ නෑ. හොඳ අධ්‍යක්ෂවරයෙක්ගේ, හොඳ පිටපතක්, හොඳ චරිතයක් නම් මම එය තෝරාගන්නවා.

*ජනප්‍රිය පුද්ගලයෙකුට විශේෂයෙන් කාන්තා පාර්ශවය ගැන කතාකළොත් සාර්ථක පෞද්ගලික ජීවිතයක් ගතකරන්න අපහසුයි කියන මතය එක්ක ඔබ එකඟවෙනවද?

එය තීරණය වෙන්නේ අදාළ පුද්ගලයා මතයි. ඒ වගේම උදාහරණයක් විදිහට මම ගැන කතාකළොත් මම විවාහවෙන පුද්ගලයාත් බුද්ධිමත් විදිහට ඒ දේවල් දකින කෙනෙක් වෙන්න ඕන. දෙදෙනා අතර අවබෝධයක් තිබිය යුතුයි. බිරිඳත් විශ්වාසය රැකෙන අයුරින් කටයුතු කරන්න ඕන. සැමියා කොපමණ නිදහසක් දුන්නත් සීමාව දැනගෙන හැසිරෙන්න ඕන. ඒ විදිහට දෙදෙනාම අවබෝධයෙන් වැඩ කරනවා නම් මම හිතන්නේ වෙනත් අය මොන දේවල් කිව්වත් ගැටලුවක් වෙයි කියලා.

*ඇත්තද සචිනි ටිකක් ආඩම්බර චරිතයක් කියන්නේ?

මට නිතරම ඒ චෝදනාව ලැබෙනවා. මම නොදන්න අයත් එක්ක මම කතාකරනවා අඩුයි. බොහෝ පිරිසක් සිටින තැනකට ගියාම මම සාමාන්‍යයෙන් තරමක් නිහඬව ඉන්නවා. එය මම හිතලා කරන දෙයක් නෙමෙයි. ඒ නිසා වෙන්න ඇති එහෙම කියන්නේ. අදටත් මම බොහෝදුරට උත්සාහ කරනවා මගේ රසිකයෝ දැක්කම හිනාවෙලා කතාබහ කරන්න. නමුත් ඉතින් පුද්ගලයෙක් විදිහට එකවරම වෙනස්වෙන්න අමාරුයි.  නමුත් මම උත්සාහ කරනවා. මාව දන්න අය කවදාවත් මම ආඩම්බරයි කියන්නේ නෑ. නොදන්න අය තමයි එහෙම කියන්නේ.

*සාමාන්‍ය ජීවිතයේ සචිනි අයේන්ද්‍රා හඳුන්වාදෙන්න පුළුවන් කොහොමද?

මට ඒක උත්තර දෙන්න අමාරු ප්‍රශ්නයක්. මම මොනවගේ කෙනෙක්ද කියන එක මට ඇත්තටම විස්තර කරන්න අමාරුයි. මගේ සැමියා, අම්මා, මිතුරු මිතුරියන්ගෙන් ඇහුවොත් ඒකට උත්තර දෙයි. ඒත්, මට හරි අමාරුයි ඒ ප්‍රශ්නයට උත්තර දෙන්න.

*ක්ෂේත්‍රයේ ඇතැම් පිරිස් අතර මතයක් තිබෙනවා ඔබ ඇතැම් අවස්ථාවලදී එකවර නිර්මාණ කිහිපයක වැඩ බාරගත්තොත් ඇතැම් නිර්මාණ හදිසියේ අතහැර දමනවාලු. ඒ වගේම ඇතැම් වැඩසටහන් සඳහා ආරාධනා බාරගෙන අවසන් මොහොතේ ඒ සඳහා දායකවෙන්න නොහැකි බව දැනුම් දෙනවලු. ඔබ මොකද මේ ගැන කියන්නේ?

ගින්නක් නැතිව දුමක් නගින්නේ නෑනෙ. යම්කිසි සිදුවීමක් නිසා තමයි එහෙම චෝදනා කරන්නේ. එහෙම සිදුවීමක් වුණා. එක්තරා ටෙලි නාට්‍යයක රූගත කිරීම් සිදුවන අතර වෙනත් චිත්‍රපටයක් සඳහා මම දින දීලා තිබුණා. නමුත් මම ඒ ගැන ඔවුන් දැනුවත් කර තිබුණේ නෑ. නමුත් මට දැනුම්දීමක් නොකර ටෙලි නාට්‍යයේ නිෂ්පාදක කණ්ඩායම තවත් මාස කිහිපයක් රූගත කිරීම් කරන්න. ඒ නිසා තමයි ප්‍රශ්නයක් ඇතිවුණේ. එතනදි දින ප්‍රශ්නයට වඩා ඔවුන් හැසිරුණු විදිහ, ඔවුන් මට චෝදනා කළ විදිහ ගැන කලකිරීම නිසා මම ටෙලි නාට්‍යයෙන් ඉවත්වුණා. ඒ ප්‍රශ්නෙදි ඔවුන්ට ඊට වඩා වෙනස් විදිහට ඒ සම්බන්ධව කටයුතු කරන්න තිබුණා. පසුව කතාව ඇතිවුණේ මම ටෙලි නාට්‍යය අතහැරලා චිත්‍රපටයට සම්බන්ධ වුණා කියලා.

*ඔබට සුළු හෝ විවේකයක් ලැබුණොත් ඒ විවේකය ගතකරන්න කැමති කොහොමද?

විවේකයක් ලැබුණු කාලයක් ඇත්තටම මතකත් නෑ. මගේ වෙනත් වැඩ කටයුත්තක යෙදෙන්නේ නැත්නම් මම ඒ හැම මොහොතක්ම ගතකරන්නේ මගෙ දුවත් එක්ක. ඒ ඇරුණම රූපවාහිනිය නරඹනවා. නැත්නම් පොතක් කියවනවා. රූපවාහිනිය නරඹනවාටත් වඩා පොතක් කියවීමෙන් මම විනෝදයක් ලබනවා. මේ දවස්වල ඒ වගේ පුංචි විවේක කාලයන් තමයි ලැබෙන්නේ.

*වෘත්තීය වශයෙන් වගේම පෞද්ගලික වශයෙනුත් ඔබේ ඉදිරි බලාපොරොත්තු මොනවද?

ඉදිරියෙදිත් මම කලා ක්ෂේත්‍රයේ නියැලිලා ඉන්නවා. අඩුම තරමේ වසරකට එක් චිත්‍රපටයක්වත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ව්‍යාපාරික පැත්තෙන් තව ගොඩක් දියුණුවෙන්න මගේ සැමියාට සහයවෙන්න ඕන. ඒ වගේම තව වැඩිපුර දරුවෝ හදන්න ඕන. ඒ වගේ හැම පැත්තකින්ම මගේ ඉදිරි බලාපොරොත්තු තියෙනවා. ඒ හැමදෙයක්ම මගේ හිතේ තියෙන පිළිවෙළට කරන්න තමයි බලාපොරොත්තුව ඉන්නේ. චිත්‍රපට නිෂ්පාදනයටත් යම් අවස්ථාවක් ලැබුණොත් දායකවෙනවා.

HARD TALK

*ඔබට බොහොම හොඳ මිලක් ලැබෙන, ඔබ බොහොම කැමති නිර්මාණ ශිල්පියෙකුගේ ඔබ කාලයක් තිස්සේ සිහින මවමින් සිටි නිර්මාණයකට දායකවෙන්න ආරාධනාවක් ඔබට ලැබෙනවා. නමුත් ඔබේ සැමියා කිසිදු හේතු පැහැදිලි කිරීමකින් තොරව ඒ නිර්මාණය ප්‍රතික්ෂේප කරන්න කියලා ඔබට කියනවා. ඔබ නිර්මාණය බාරගන්නවද? ප්‍රතික්ෂේප කරනවද?

ප්‍රතික්ෂේප කරනවා.

*ක්ෂේත්‍රයේ ශිල්පියෙකු කවදා හෝ ඔබට විවාහ යෝජනාවක් ඉදිරිපත් කරලා තියෙනවද?

අනිවාර්යයෙන්ම. ඕනතරම්.

*ඔබේ ප්‍රථම ආදරයෙන් ඔබට ලැබුණු ප්‍රථම තෑග්ග?

මාලයකුයි, අත් පළඳනාවකුයි.

*ඔබ දායක වූ කිසියම් කලා නිර්මාණයක් වෙනුවෙන් ඔබට පොරොන්දු වූ මුදලක් නොලැබී ගිය අවස්ථාවක් තියෙනවද?

අනිවාර්යයෙන්ම. ගොඩක් තියෙනවා.

*ක්ෂේත්‍රයේ ශිල්පියෙකු හෝ ශිල්පිණියක සමග සුළු හෝ මත ගැටුමක් ඇතිකරගත් අවස්ථාවක් තියෙනවාද?

ඔව්, අනිවාර්යයෙන්ම.

*ජීවිතයේ වැදගත් කටයුතුවලදී ජ්‍යොතිෂයට මුල්තැනක් දෙනවද?

නැහැ.

*වෘත්තීය වශයෙන් සාර්ථක කලා ශිල්පිණියක් විදිහට ඔබ හඳුන්වන්නේ මූල්‍යමය වශයෙන් ඉහළම මට්ටමක ඉන්න ශිල්පිණියක් ද ඉහළම ජනප්‍රියත්වයක් තිබෙන ශිල්පිණියක්?

දෙකම.

Monday, December 12, 2011

යලි විවාහ වීමට පෙරුම්පුරණ උපේක්ෂා


කොහොමද දේශපාලන වැඩකටයුතු එහෙම ?
ඇත්තටම කාර්යබහුලයි. මේ දිනවල ඇය වැය විවාදය නිසා දිනපතාම පාර්ලිමේන්තු යෑමට සිදුවෙනවා. මට පුළුවන් ප්‍රමාණයෙන් ජනතාවට සේවය කරනවා.

ඔබ දේශපාලනයේදී පක්‍ෂ පාට මාරුකිරීම අනුමත කරනවාද?
ඒ දෙය සිදු කරන්න වන්නේ ඇයි කියන කාරනාව තමයි වැදගත් වෙන්නේ. දේශපාලන පක්‍ෂ වල ගැටළු තිබෙන්න පුළුවන්. නමුත් තමුන්ගේ හිතට එකඟව ස්වාධීන තීරණ ගැනීම වැදගත්. මොකද කුමන දෙයකින් හෝ ජනතාවට සේවය කිරීමයි වැදගත්.

ඔබ දේශපාලන පිල් මාරු කලේ ඇයි?
මම ඒ ගැන වැඩිය කතා බහ කරන්න කැමති නැහැ. ඒ සිදුවීම මට ගොඩක් දුරට බලපෑවා. ඒක පෞද්ගලික කාරණාවක්.

ඔබ ගෙවන මේ පාලු ජීවිතය ගැන මොකද හිතෙන්නේ?
යම්තාක් දුරට සතුටුයි. යම්තාක් දුරට දුකයි. හැබැයි ජීවිතය ගැන තව ඉගෙනගන්න ගොඩක් දේවල් තියනවා.ඇත්තටම වෙලාවකට ගොඩාක් පාළුයි. මොකද උපේක්ෂා කියන්නේ ආදරයට ලැදි චරිතයක්. පාළුව මකාගන්න කාර්යබහුලත්වය හොඳ සාධකයක්. විරහව මතක වෙද්දී අමුතු වේදනාවක් දැනෙනවා. නමුත් ඒ සියල්ල පිටුපස මගේ අම්ම ඉන්නවා. විරහව පාළුව මකාගන්න පුළුවන් වැදගත් දේවල් වලට සහභාගී වෙනවා.


යලිත් විවාහ උනොත් හොඳයි නේද?
මම විවාහ වෙන්නේ නෑ කියන්නේ නෑ. මගේ විවාහ ජිවිතයේ දරුවෙක් හිටියේ නැතිඑක හොඳයි. මගේ දෙමවුපියෝ වෙන උනේ මට අවුරුදු 3 දී. මම ඒ වේදනාව හොඳට දන්නවා. ඉතිං මට ඒ පාපයට අතගහන්න නොලැබීම භාග්‍යක්. මම යලිත් විවාහ වෙන්න කැමතියි. නමුත් ගිනිපෙනෙල්ලෙන් බැට කාපු මනුස්සයා කලාමැදිරි එළියටත් බයයි කියල කතාවක් තියනවනේ. ඒ නිසා මට ගැලපෙන කෙනෙක් ලැබුනොත් යලිත් විවාහ වේවි.

විවාහ වෙන්න මොන වගේ කෙනෙක්ද හොයන්නේ?
ඔක්කොටම කලින් මම කරන කළා, දේශපාලන,අධ්‍යාපන වැඩකටයුතු භාරගන්න කෙනෙක් විය යුතුයි. විශේෂයෙන් මෙහි තියෙන කටකතා , රූගත කිරීමේ ප්‍රමාදවීම් ගැන අවබෝධයක් තිබිය යුතුයි. තවද අම්මා කැමති විය යුතුයි. ඒ වගේම අම්මට ආදරය විය යුතුයි.

ඔබේ සුන්දරම කාලය තනිකඩව සිටීම අපරාධයක් කියා හිතෙන්නේ නැතිද?
මේ මගේ සුන්දරම කාලය කියා හිතන්නේ නැහැ. මේ වයස මම හිතන්නේ වැඩියෙන්ම කාර්යබහුල විය යුතු වයසක් කියලා. අවුරුදු 16 තමයි මගේ සුන්දරම කාලය. මගේ ඒ සුන්දර කාලය ඉවරයි. අනාගතය සුරක්ෂිත කරගන්න, රටට වැඩදායි වැඩක කරන්න, පෞද්ගලිකව දියුණුවෙන්න තමයි මේ කාලයේ මම වැඩ කරන්නේ.

නමුත් ඔබ ගෙවන ජිවිතයට අයුතු යෝජනා බලපෑම් ඇතිවෙනවා ඇති නේද?
අනිවාර්යෙන්ම. සමහර මන්ත්‍රීවරු පවා මට කිවා අයුතු යෝජනා එයි කියලා. ඒවාට මම හැරියට මුහුණ දුන්නොත් ජිවත් වෙන්න පුළුවන්. එවැනි යෝජනා එන කාලයක් තිබෙනවා. ඒ කාලය පාන්නට පසුව එවැනි යෝජනා එන්නේ නැහැ. හැබැයි ඒ කාලය තුල මම හොඳට සුරක්ෂිත විය යුතුයි.

ඒ කියන්නේ දැන් ඔබ සුරක්ෂිතයි?
මම දැන් ඉන්නේ අවධානයෙන්. මම දැන් දන්නවා ඉන්න ඕනේ විදිහ. මම පාර්ලිමේන්ති මංත්‍රීවරියක් විදිහට සමහරු හිතනවා ඒ බලතල පාවිච්චි කරලා අයුතු වැඩ කරයි කියලා ඒ වගේම කලාකාරිනියක් විදිහට ජනප්‍රිය නිසා මා ලඟට කිට්ටු වෙන පිරිසකුත් ඇති. ඒ ඉල්ලිම් ප්‍රතික්ෂේප කළාට පසුව ඒ අයගේ හිත්වල ඇතිවන ගරුත්වය හරි පුදුමාකාරයි

ඇයි ඔබ මංගල මුද්ද තවම පලඳින්නේ?
මම තවම විවාහකයි. නීතියෙන් වෙන් වෙලා නැහැ. වෙන් වුනාට පසුවත් මංගල මුදුව ගලවන්නේ නැහැ. වෙන්වුණා කියන්නේ ලොකු ජයග්‍රහණයක් නෙවෙයි. ඒක මට ලොකු දුකක්. වෙන් වුනත් ඒ මුදුව දිගටම අතේ තියේවි.

පිරිමින් ගැන හිතන්නේ මොන විදිහටද?
මගේ තාත්තා මා සමඟ ජීවත් වුනේ නැහැ. ඒ වගේම මම ගොඩාක් ආදරේ කළ සැමියා මා ලඟ නොසිටි නිසා ඇත්තටම ලොකු වේදනාවක් කණගාටුවක් තියනවා. මෙහෙම අසාධාරණයක් වෙන්න තරම් මම වැරැද්දක් කරලා නැහැ. හොඳ පිරිමි මේ ලෝකයේ ඉන්නවා. මම ඒ අයව එච්චර අඳුරන්නේ නැහැ.

ලඟදී සැමියා කතා කළේ නැතිද?
නැහැ. එයාට වාරණයක් දමා තිබෙන්නේ. කතා කරන්න තහනම්.

උපේක්ෂාගේ ජීවිතේ වැරදුන තැන් මොනවද කියලා කිව්වොත්?
මට ජීවිතයේ වැරදුනේ ආදරය නිසා. මම ආදරයට වහල් වුණු ආදරය ජීවිතයේ කොටසක් කරගත්තු චරිතයක්. මම මගේ මුළු ලෝකයම ආදරය කරගත්තා. ඒ තමයි මම කරගත්තු ලොකුම වරද. ආදරයේදී හරි ලෝබයි. ඉස්සර වගේ නෙවෙයි දැන් මම. මම ආදරය කරන්නේ උපේක්ෂා ස්වර්ණමාලිට. උපේක්ෂව හොඳින් තියන්න මම වගකීමක් අරගන තියෙනවා.

ඇත්තටම උපේක්ෂා මොන වගේ චරිතයක්ද?
අවංක වෙන්න උපරිමයෙන් කැමති කෙනෙක්. හැම වෙලාවෙදිම අවංකයි කියන්න අමාරුයි. පොඩි බොරු කරන අවස්ථාත් තිබෙනවා. ඒ තමන්ගේ ආරක්ෂාව පතා. නමුත් උපරිම සැහැල්ලුවෙන් සරලව ඉන්න කෙනෙක්.

ලඟදී රූගතකිරීමකදී උපේක්ෂාට භයානක අත්දැකීමකට මුහුණදෙන්න සිදුවුනා කියලත් ආරංචියි?
මම ඒ වෙලාවේ දැනගන හිටියේ නැහැ ඒ වගේ භයනක රූගතකිරීමක් සිදුකරන්න තිබෙනව කියලා. නමුත් අධ්‍යක්ෂ ඉනෝකා මහත්මිය ඒ රූගත කිරීමේ භයානකත්වය දැනගන තමයි රූගතකිරීම සිදුකර තිබෙන්නේ. මම ඇත්තටම ගොඩාක් බය වුණා. අනික මම ලංකාවේ මුහුදේ පිහිනලා නැහැ. අකලංක සහ සහාය අධ්‍යක්ෂවරයා තමයි මාව බේරාගත්තේ. ඒ වෙලාවේ එක පැත්තකින් මට ලොකු තිගැස්සීමක් ඇතිවුණා වගේම එදා මාව ගහගන ගියා නම් ලොකු හානියක් වෙන්න තිබුණා. ඒ වගේ අවධානම් තත්ත්වයකට මාව පත්කරල නිර්මාණයකට සාධාරණය ඉටුකිරීම ගැන මම පොඩ්ඩක් කල්පනා කලා.

Saturday, December 10, 2011

එප්පාවල තිදෙනෙකු එල්ලී මියගොස් සිටි අයුරු



කාටවත් මෙහෙම දේවල් වෙන්න එපා......
මමත් හදිසියේ තමා දැනගෙන එතනට ගියේ... ඒ නිසා කැමරාවක් අරන් යන්න බැරි උනා..ෆෝන් එකෙන් තමා මේවා ගත්තේ... තව වීඩියෝ ටිකකුත් ගත්තා.......

මැරිලා ඉන්නේ ගනු ළමයි දෙන්නා අක්කයි නංගියි .පොඩි ගනු ළමයට වයස තාම 13 යි ලු.
කොල්ලා ගැනනම් එක එක කතා තියනවා .සමහර අය කියනවා ලොකු ගනු ළමයාගේ සැමියා කියල. ගනු ළමයිව මරල කියලත් කියනවා .. ප්‍රවෘත්ති වලට විස්තර කියයි.....
( ඔච්චර උස ගහකට ගෑනුලමයි දෙන්න නැග්ගා කියල හිතන්න අමාරුයි...)

ගත්ත වීඩියෝ වලින් පොඩි වීඩියෝ එකකුත් දැම්මා........



-------------------------------------------------------------------------


Edit..... Compressed pictures