Pages

Saturday, September 1, 2012

නයාට පෙම්කරනා කොල්ලුපිටියේ "නයි නළඟන"

නයාට පෙම්කරනා කොල්ලුපිටියේ "නයි නළඟන"





කොල්ලුපිටියේ පිහිටි "ක්ලියෝපැට්රා" සමාජ ශාලාවේ නාගයෙකු ඇඟේ දවටාගන නර්තනයේ යෙදීම නිසා පසුගියදා තරුණියක් අත් අඩංගුවට පත් වුණා.

පසුව අධිකරණය විසින් ඇය නිදහස් කල අතර මේ පිළිබඳව සම්පූර්ණ විස්තරයක් පලවුනේ නැහැ.

ඇය ආර්.එම් නිරෝෂා විමලරත්න හෙවත් ඩිලානි ය. නාගයා හා ඇය අතර සම්බන්ධය හෙළිදරව් වන ඇය හා පැවති සාකච්ජාවක් පහතින්.

ඩිලානිගේ ගම් පළාත කොහෙද?
පිළිමතලාවේ දන්තුරේ. පාසල් ගියේ දන්තුරේ ජාත්‍යන්තර පාසලකට

ගමේ හිටපු කෙල්ලෙක් සමාජ ශාලා ජිවිතයකට පුරුදු වුනේ කොහොමද ?
ඉස්කෝලෙන් අයින් වෙලා මම කටුනායක ගුවන්තොටුපලේ රස්සාවක් කළා. මම පුංචි කාලේ ඉදලම හොදට නටන්න පුළුවන්. එතැනදී හදුනාගත්ත යාලුවෙක් මාව කටුනායක ප්‍රසිද්ධ සමාජ ශාලාවක රස්සාවක් හොයල දුන්නා.

මට තිබුනේ එතන එන පිරිසව නටල සතුටු කරන්න. ඒ කාරිය මම බොහොම කැමැත්තෙන් කළා. එත් ඒ සමාජ ශාලාවේ හිමිකාරය මට අනවශ්‍ය බලපෑම් කරන්න ගත්තා. මට ඒවාට එකඟ වෙන්න බෑ. ඒ නිසා මම එතනට ආයුබෝවන් කිව්වා..."

මෙතැන හම්බවුනේ කොහොමද?
මම මෙතනට දවසක් ආවේ විනෝද වෙන්න. එදා මම හොදට නැටුවා.මම නටනවා දැකලා මේකේ කළමනාකරුවෙක් තමයි මෙහෙ රස්සාව කරන්න කැමතිද කියල ඇහුවේ..මම දෙවරක් හිතන්නේ නැතුව කැමති වුනා.මේ හිමිකරුවෝ හරි හොදයි. අනවශ්‍ය බලපෑම් නෑ. මගේ ඇගටවත් අත තියල නෑ.

ඔය හිතුවක්කාර ජිවිතයට ගෙදරින් කැමති වුනාද?
"ඒ ඇයට ඕනෑ මගේ සල්ලි විතරයි." ඇය හිස් අවකාශයට සිනාසෙන්නීය.

ඩිලානි බැඳලද ?
නෑ....

කොල්ලුපිටිය පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක මංගල දෙහිදෙණිය මහතා කියනවා "මීට කලිනුත් මේ ගෑනු ළමය ගැන පැමිණිල්ලක් කරලා තියනවා. ඒ.. ගෑනු ළමයාගේ තාත්තයි , සැමියයි. ඒ අයට මෙයාව ගෙදර එක්ක යන්න ඕනෑ වුනා. මෙයා කැමති වුනේ නෑ. දියුණුවෙන්න ඕනෑ කියලා නැවතුනා." කියලා.
මම බැඳලා කියන කතාව බොරු. ඔය කියන එක්කෙනාත් එක්ක මගේ ප්‍රේම සම්බන්ධයක් තිබුනා. මම එයාලගේ ගෙදර මාස දෙකක් විතර නැවතිලාත් හිටියා. ඒ අම්මයි තාත්තත් මට ආදරෙයි. එත් මට තේරුනා එයා මට ගැලපෙන් නෑ කියලා .... මම ඒ ගෙදර හිටියාට අපි කවදාවත් අඹුසැමියන් විදිහට හිටියේ නැහැ.

එයාට එහෙම වුනත් මම එකට කැමති වුනේ නෑ. යන්න එන්න තැනක් නැතුව නැවතුනාට මම එයාව කසාද බැඳලා හිටියේ නැහැනේ. එත් මගේ පවුලේ අයත් එයාලත් කියන්නේ මම එයාගේ බිරිය කියලා. මම ඒකට කැමති නෑ. නොගැලපෙන කෙනෙක් එක්ක ජීවත්වෙන්න බෑනේ. ඒකයි මම එයාටත් හොරෙන් ගෙදරින් ඇවිත් මෙහෙ රස්සාවට ආවේ.

දැන් මොකක්ද මේ නයා එක්ක තියන සම්බන්ධය.?
මෙහෙමයි.. එක මට පුංචි කාලේ ඉඳලම දැනෙන දෙයක්. මට වචනයෙන් විස්තර කරන්න බෑ නයෙක් දැක්කහම මට ආදරයක් ගෞරවයක් දැනෙනවා. මට පුංචි කාලේ ඉඳලම පෙනෙන හීනත් හරිම අමුතුයි.

හීනෙන් පේන්නෙත් නයිද?
නැහැ .. දෙවියෝ...

දෙවියෝ..?
මම පුදුම වීමි. දෙවියන් සිහිනෙන් පෙනෙනා යුවතියක්. නාගයන්ට ආදරය කරන යුවතියක් මේ මට හමුවුනාමය. "මම මුලින්ම හීනෙන් දැක්කේ රාමා සීතා .... එතකොට මට අවුරුදු පහක් විතර ඇති. ඊට පස්සේ ගණදෙවි, පත්තිනි, ඊශ්වර වගේ දෙවිවරු මට හීනෙන් පේනවා..."

රාත්‍රී සමාජශාලාවක නළගනක් වෙනවට දෙවිවරු විරුද්ධ වුනේ නැද්ද?
නෑ... මම වැරදි වැඩක් නෙමෙයි නේ කරන්නේ..

ඇත්තටම ඩිලානිට හිතෙන්නේ නැද්ද ඔය රස්සාව හොද මදි කියල..?
දන්නවා.. කවදාහරි කසාද බඳින දවසට ඔය ප්‍රශ්නේ මතුවෙයි. වැදගත් මහත්වරු සමාජශාලවට ආවට ඒවගේ තැනක වැඩකරන කෙනෙක් කසාද බඳින්න ඒ අය කැමති නැති බව මම දන්නවා. එත් එක මට ප්‍රශ්නයක් නෙවෙයි මම කවදාවත් ලංකාවේ කෙනෙක් කසාද බදින්නෙත් නෑ . මම වැඩි දවසක් ලංකාවේ ඉන්නෙත් නෑ... මම මගේ ඇත්ත අම්මා හොයාගෙන යනවා...

දෙවිවරුයි නාගයොයි අතර තියන සම්බන්ධය මොකද්ද?
මට දෙවිවරු හීනෙන් පේන බව මේ දැන් ඔයාට කියනකම් කාටවත් කියල නෑ.... අඩුතරමේ අම්මාට තාත්තට, ආච්චිට, සීයටවත් .... දවසක් මම අත්තම්මල එක්ක පිළිමතලාවේ දොඩන්වල දේවාලයට ගියා. එතන නාථ දේවාලය ළඟ නා ගස් හතක් තියනවා. අත්තම්මලගෙන් ඈත් වෙලා මම තනියෙන් ඒ නා ගස් ලඟට ආවා... මගේ හිතට අමුත්තක් දැනුනා. මම ඒ නා ගස් දිහාම බලන් හිටියා. ටිකකින් දැක්ක නා ගස් ලඟින් විශාල නයෙක් මතුවෙනවා. නයෙක් කිව්වට හැපින්නක් .

එත් මට බයක් දැනුනේ නැහැ. මම බලාගෙනම හිටියා. මට දැනුනා ... නයා මට මොනවාහරි කියන්න හදනවා කියලා. ටික වෙලාවකින් මගේ දිහා බලාගෙන හිටපු නයා හෙමින් යන්න ගියේ අමුතු එලියකුත් එක්ක. මම මගේ ඇස අහකට ගත්තෙම නෑ. නයා ගියාට පස්සේ මම දැක්ක එතන පෙන්ඩන්ට් එකක් තියනවා. එක පැත්තක රාමා ඉන්නවා අනික් පැත්තේ හනුමා ඉන්නවා. මම එක අහුලා ගත්තා. ඊට කළු නුළක අමුනලා කරේ දාගත්ත. එදා ඉඳන් මාව බන්ධනාගාර ගත කරනකන්ම ඒ කළු නුලයි පෙන්ඩන්ට් ඒකයි මගේ බෙල්ලේ තිබුනා.

එත් බන්ධනාගාර නිලධාරීන් බලහත්කාරයෙන් එක ගලවගන්න හැදුවා. එපා කියල මම වැන්දේ නැතුවා විතරයි. එත් ඒ අයට මට ඇහුම්කන් දෙන්න ඕනෑකමක් තිබුනේ නැහැ. බලහත්කාරයෙන් ඒ අය නූල කැපුවා. ඒ වෙලාවේ මට සිහිය නැතුව වැටුනා..."

නයාව මට හම්බවුනේ මම ඉස්කෝලේ පොඩි පන්ති වල ඉදිද්දී . එදා ඉදන් ඉඩක් ලැබුන ගමන් මම නාථ දේවාලයට යනවා. ටිකක් ලොකු වුනහම අත්තම්මලට හොරෙන් තනියමත් ගියා. ඒ ගිහින් නා ගස් ලඟට වෙලා " මට ඔයාව බලන්න ඕනෑ.. " කියල හිතුවාම නාගයා මතුවෙනවා... අපි දෙන්නට දෙන්න බලා ඉන්නවා.

වචනයෙන් කතා නොකලට එයා හිතන පතන දේ මට දැනෙනවා.... මම හිතන පතන දේ එයාට දැනෙනවා කියල මම දන්නවා.."ඔයාට හිතෙනවා ඇති මට පිස්සු කියල...ඔයාට විතරක් නෙමෙයි රෝහලේදී වෛද්‍යවරුන්ටත් එහෙම හිතුනා. මාව මානසික වෛද්‍යවරයකුටත් යොමු කළා. එත් ඒ වෛද්‍යවරයාට තේරුනා මට මානසික රෝගයක් නෑ කියලා. මගේ කතාව අහගෙන ඉඳල වෛද්‍යවරයා කිව්වා " මට හිතෙනවා ඔයාට මොකක් හරි බලවේගයක් තියනවා කියල ." මටත් එහෙම දැනෙනවා.

ඔයා නටන්නේ එතකොට ඔය දකින්න එනවා කියන නාගයා එක්කද?
ඔය කතාව කොහොම හැදුනද මන්ද! මම නයෙක් එක්ක නටන්නේ නෑ ..."

ඔයා පොලිස් අත්අඩංගුවට පත්වෙනකොටත් නයෙක් ඇගේ දවටාගෙන නේ හිටියේ...?
අත්අඩංගුවට ගන්නකොට නයා මගේ ඇගේ හිටියේ. එක ඇත්ත. එත් නයා දවටාගෙන හිටියේ නෑ. චුටි නයි පැටියෙක් කොහොමද ඇගේ දවටාගන්නේ..?


කොහෙන්ද ඒ නයි පැටිය..?
"ඒ මම ඇති කරන නයා "

නයෙක් ඇති කරනවා..?
ඔව්. අර නා ගස් යටදී හම්බවෙන හපින්නගේ පැටියා... හැපින්න තමයි මට නයි පැටිය දුන්නේ ... ගිය මාසේ පෝය දවසේ (අගෝස්තු 1) මම ගෙදර ගියා .ඒ ගමන් දෙවලෙටත් ගියා. වෙනද වගේම මම නා ගස් ලගට ගිහින් ප්‍රර්ථනා කළා නයාව දකින්න. ඒ ප්‍රර්ථනා කළා විතරයි වෙනදා වගේම නාගයා ආව.

එත් තනියම නෙවෙයි චුටි පැටියෙකුත් එක්ක පැටියා දැක්කාම මට ආදරේ හිතුනා. මගේ දිහා පෙනේ පුප්පලා බලාගෙන හිටපු හැපින්න පැටියා දාල යන්න ගියා ... මම පැටියාට අත දික්කලා.... පැටියා මගේ අතට ආවා... මට දැනුනා හැපින්න නයි පැටියව මට බාරදුන්න කියල. මම පැටියව ගෙදර ගෙනාවා. පහුවෙනිදා කොළඹ එන්න ඕනෑ නිසා ගේ ළඟ තිබුන තුඹසට පැටියාව දාල මම කොළඹ ආවා.

නයි පැටියා කොළඹට ආවේ කොහමද?
මම යාලුවොන්ට කිව්වා මම නයෙක් හදනවා කියලා. මට ඕන උනා මම කියන්නේ ඇත්ත කියල එයාලට පෙන්නන්න. ගිය සතියේ ගෙදර ගිහින් එන ගමන් මම නයාව ගෙනාවා.

බස් එකේ?
නෑ මම ගෙදර යන්නේ එන්නේ මෝටර් බයිසිකලේ. මේ රස්සාවට ආවට පස්සේ තම මොටර්සයිකලේ ගත්තේ. ඩිස්කවරියක්. පෙට්ටියක දාල ආරන් ආව. ගෙන්න කලින් මම ගමේ පන්සලට එක්ක ගිහින් බුදු හාමුදුරුවොන්ට පෙන්නලා, බෝධිය වටේ තුන් වටයක් එක්කගෙන ගිහිනුයි මම එක්ක ආවේ.

නයාට කන්න දෙන්නේ බිත්තරද?
ඔව්. බිත්තරේ කඩලා මම ටිකක බොන්න ඕනා. ඊට පස්සේ තමයි එයා බොන්නේ. මම මෙහෙ ගෙනල්ලා බිත්තර පොවනවා දැකලා මගේ යාළුවොන්ගේ ඇස්වලට කඳුළු ආවා.

කොහමද පොලිසිය දැනගත්තේ ඔයාගේ නයා ගැන?
උඩින් යාළුවො වගේ හිටියට මාත් එක්ක ගොඩක් අය තරහයි. ඒ මම ලස්සනට නටන හින්ද. එයාලට වඩා මුදල් හොයන හින්ද. ඔත්තුව දීල තියෙන්නේ සමාජශාලාවේ කෙනෙක්.

පිලිමතලාවෙන් සෙනසුරාදා කොළොඹ පැමිණි නයි පැටියා පොලිසියට හසුවූයේ අඟහරුවාදාය. එතෙක් නයි පැටියා ඩිලානිගේ සුරතලය විඳිමින් නිරුපද්‍රිතව සිටියේය.

"මේ කෙල්ල නයාව හුරතල් කරනවා..ඉඹිනවා..මේ සම්බන්ධය මොකද්ද කියල හිතාගන්න බැහැ" මෙසේ පැවසුවේ පොලිසියේ වගකිවයුතු නිලධාරියෙකි.

ඔව් මම නයාව ඉඹිනවා තමයි. එයා පෙනේ පිප්පුවම පිට පැත්ත ඉඹිනවා. මම එහෙම කරන්නේ හරි ආදරෙන් ගෞරවයෙන්. නාගයාට වන්දනා කරනවා කියල හිතාගෙන. නාගයෙක් කියන්නේ දේව ආත්මයක්.




නයි පැටියාගේ විෂ දල ගැලෙව්වද?
මම නම් ගැලෙව්වේ නෑ. නයි පැටියාගේ විෂ දල නෑ කියල දැනගත්තේ පොලිසිය කිව්වට පස්සේ.

නයා දෂ්ඨ කෙල් නැද්ද?
පොලිසිය එන වෙලාවේ මම වෙරි මර ගාතේ හිටියේ. නයාත් මාත් එක්ක නිදාගෙන හිටියේ. කලබලය දැනිලයි මටත් ඇහැරුනේ. එත් වෙරි හිඳිලා තිබුනේ නැහැ. නමුත් මම හොඳ සිහියෙන් සිටියේ. පොලිස් නිලධාරීන් නයාට කරදර කළා. ඌට කොහු මිටෙන් ගැහුවා.

ඒ හිරිහැර විදගන්න බැරුව ඌ වේදනාවෙන් මගේ ඇඟට පැන්න. "ඇයි මේ ය මට හිරිහැර කරන්නේ කියල" නයා මගෙන් අහනවා දැනුන. එයා වේදනාවට පත්කරනකොට මගේ අතට බෙල්ලට එයා දෂ්ඨ කළා. මේ දළ පාරත් තියෙනවා. මට කරදරයක් කරන්න හිතාගෙන නෙවෙයි එයා එහෙම කලේ. එයාට වේදනාව ඉවසගන්නම බැරි උනා.

ඒ පිළිබඳව කොල්ලුපිටියේ පොලීසිය පවසන්නේ මෙවැන්නක්
"නයාව පෙට්ටියට දාලා පොලීසියට එක්ක ආවා. පෙට්ටිය අයින් කළා විතරයි සිහිය නැතිවුණා. නයි විෂ ශරීර ගතවෙලාද දන්නේ නැති නිසා අපි ඉක්මනට ජාතික රෝහලට ඇතුලත් කළා."

එහෙත් නිරෝෂා හෙවත් ඩිලානි පවසන්නේ වෙනත් කතාවකි.

පොලීසිය එක්ක ගිහින් මට හොඳටම ගැහුවා. ඊට පස්සේ මට සිහිය නැතිවුණා. සිහිය එනකොට මම හිටියේ ඉස්පිරිතාලේ ඇඳ උඩ.

ආර්.එම් නිරෝෂා විමලරත්න හෙවත් ඩිලානි රෝහලින් නිදහස් කලේ ඉකුත් බ්‍රහස්පතින්දාය.

වෛද්‍ය අධ්‍යක්ෂ අනිල් ජාසිංහ මහතා ඒ ගැන පවසන්නේ මෙවැන්නක්

"ඇය රෝහලට ඇතුලත් කළේ නයි විෂ ශරීරගත වෙලාද බලන්න. එහෙම තත්ත්වයක් තිබුනේ නැහැ. ඒ නිසා බ්‍රහස්පතින්දා ඇයව නිදහස් කළා"

උසාවියද ඇය ඇප පිට මුදා හැරියේ නැවත සැප්තැම්බර් 27 උසාවියේ පෙනී සිටීමේ පොරොන්දුව පිටයි, එදිනට ඇය මානසික වෛද්‍යවරයෙකුගෙන් වාර්තාවක්ද රැගෙන ආ යුතුය. ඇය පවසනා පරිදි ජාතික රෝහලේ මානසික වෛද්‍යවරයෙක් පවසා ඇත්තේ ඇයට මනෝ රෝගයක් නොමැති බවයි.

Zoophillia යනු Paraphillia (පැරපීලියා ) මානසික තත්ත්වයේ එක් ප්‍රභේදයකි. සතුන් ස,අඟ ලිංගිකව සංසර්ගයේ යෙදීම, එහි රෝගී ලක්ෂණයයි. ගවයන්, සුනඛයන් සමඟ සංසර්ගයේ යෙදෙනා ඇතැම් අය ගැන අප අසා ඇත්තෙමු. එහෙත් නාගයෙක් සමඟ?

නයි පැටියෙක් එක්ක මොන සෙක්ස්ද? සමාජය ඇය හමුවේ කරනා චෝදනාවට ඇය පිළිතුරු බැන්දේ එලෙසිනි. නාගයන් සමඟ බැඳීම, දෙවිවරුන්ගේ බැල්ම මේ සියල්ල ඩිලානි පවසන කතාය. එහෙත් එහි ඇත්ත නැත්ත දන්නේ ඇය හා ඇයට කතා කරනා ගීනෙන් පෙනෙනා නාගයින් හා දෙවිවරු පමණි.

ඔයාට නයි පැටියා දකින්න ආසද?
නැත්නම්, මම දින ගැන ගැන ඉන්නේ ඒ දවස උදා වෙනකම්. එයාව උසාවියට ගේන දවසට මම එයාව අල්ලනවා.

ලැබුනොත්?
මම එයාව එයාගේ අම්මට බාර දෙනවා. මම එයාටයි අම්මටයි කළේ ලොකු වැරැද්දක්. පැටියව අම්මට බාරදූන්නට පස්සේ තමයි මට සැනසීමක් දැනෙන්නේ. එහෙම නැත්නම් මම සදාකල් විඳවයි.

ඇගේ පැතුම ලාංකේය නීතිය යටතේ කොයිතරම් සාදාරණ දැයි අපි නොදනිමු. එහෙත් ඇයට එලෙස සිතීමට නිදහස ඇත. ඇගේ සිතිවිලි වලට වෑ බැඳීමට අපට තබා ලාංකේය නීතියටටත් අවසර නැත.

Thursday, August 30, 2012

ලාංකික තරුණියක් Miss Italy අවසන් වටයට

ඉතාලියේ විදේශ සංක්‍රමනිකයන් සඳහා වූ තරඟයක රූපසුන්දරිය තේරීම වෙනුවෙන් පැවැත්වෙන "Miss Italia nel Mondo 2012" තරඟයේ අවසන් වටයේ 6 දෙනා අතරට පිවිසීමට ලාංකික තරුණියකට හැකිවී තිබෙනවා.

ඇගේ නම නයෝමි ඇඳිබදුගේ ය. ඇය ඉපදී ඇත්තේ රෝම නගරයේය. 18 හැවිරිදි ඇගේ දෙමව්පියන් ලංකාවේ සිට ඉතාලියට සංක්‍රමණය වූවන්ය.

ලාංකීය තරුණියක් යුරෝපීය රටක පැවැත්වෙන මෙවන් තරඟයක් සඳහා අවසන් වටයට පැමිණි ප්‍රථම අවස්ථාව මෙයයි.

මෙහි අවසන් වටය පැවැත්වීමට නියමිතව ඇත්තේ සැප්තැම්බර් 9 වනදාය. නයෝමිගේ ජායාරූප කිහිපයක් පහතින්

















Tuesday, August 28, 2012

ගායන ශිල්පී අමල් පෙරේරා අත්අඩංගුවට

ගායන ශිල්පී අමල් පෙරේරා අත්අඩංගුවට

 

ජනප්‍රිය ගායන ශිල්පී අමල් පෙරේරා මහතා දකුණු කළුතර පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
කලකට ඉහතදී අධිකරණය විසින් නිකුත් කරන ලද විවෘත වරෙන්තුවකට අදාළව මො‍හු අත්අඩංගුවට ගත් බවත් අද (28) දින මොහු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවත් පොලිසිය සඳහන් කරයි.

රාත්‍රී සමාජ ශාලාවකට නාගයෙක් ඇවිත්


රාත්‍රී සමාජ ශාලාවකට නාගයෙක් ඇවිත්


කොළඹ කොල්ලුපිටිය ප්‍රදේශයේ රාත්‍රී සමාජ ශාලාවකට නාගයෙක් රැගෙන පැමිණි කාන්තාවක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
එම කාන්තාව ඊයේ (27) රාත්‍රී නාගයෙකු රැගෙන සමාජ ශාලාවේ රැගුම් දක්වා තිබේ.

පිළිමතලාව ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් වන ඇය අදාළ රාත්‍රී සමාජ ශාලාවේ සේවිකාවක් වශයෙන් කටයුතු කරන බවද පොලිසිය අනාවරණය කර ගෙන ඇත.

ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් අද (28) පෙරවරුවේ අදාළ කාන්තාව අත්අඩංගුවට ගෙන ඇති අතර ඇය අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බව පොලීසිය පවසයි.

Nehara & Menaka ????????????????


Tuesday, August 14, 2012

Romesh Sugathapala Wedding

Romesh Sugathapala's Engagement - රොමේෂ් විවාහ ගිවිස ගනී

දිගු දෑස දු‍ටුවාම..
හැ‍ඟෙනවා පෙර සේම..
උන්නු හැටි මගෙ ගාව..
ඔය හිතට අමතකද..
බිඳ දමා මගෙ සිහිනේ..
ඇයිද ඔබ හැංගෙන්නේ..
මට දෙන්න මගෙ සිහිනේ..
ළඟ ඉන්න පෙර වාගේ.....

මේ ගීතය මේ කාලේ නිතර දෙවේලේ ඇහෙන ජනප්‍රියම ගීතයක්.. ගායනා කරන්නෙ නව පරපුරේ දක්ෂ, ජනප්‍රිය ගායන ශිල්පියෙක් වන රොමේෂ් සුගතපාල.

ප්‍රේමයෙන් පැරදුනු පෙම්වතෙකුගේ දුක්බර හදවත මෙම ගීතයෙන් මනාව පිලිබිඹු වෙනවා. ඒත් මේ ගීතය ගායනා කරන ගායකයා නම් තමන්ගේ ප්‍රේමය ජය අරන් කියල අපිට ආරංචි උනා. පාසල් කාලයේ පටන් බැඳුනු පෙම විවාහය දක්වා ගෙන ඒමට තරම් රොමේෂ් වාසනාවන්තයෙක් වෙලා.

රොමේෂ්ගේ ගම් පළාත වන කඩුගන්නාවෙම කෙනෙකු වන ඇය නමින් වින්ධ්‍යා ඕමාලි හේරත්ය.

පහුගිය මාර්තු 12 වැනිදා විවාහ ගිවිස ගත් මේ දෙන්නාගේ විවාහය අගෝස්තු මාසයේදි ගන්නලු හිතාගෙන ඉන්නෙ.

රොමේෂ් ඕමාලි පෙම් කතාවට මුල් කාලයේදී වැඩිහිටියන්ගේ තදබල වීරෝධතා එල්ල උනත්,අන්තිමේදී මේ දෙන්නගෙ අදරේ ජයගත්තා.

මේ වෙනකොට රොමේෂ් පදිංචි වෙලා ඉන්නෙ ජා-ඇල ගෙදරක. රොමේෂ්ගෙ බලාපොරොත්තුව ඕමාලිව කසාද බැඳලා ඒ ගෙදරට එක්කගෙන එන්නයි. එත් ඉක්මනට ඉඩමක් අරගෙන තමන්ගෙම කියල අලුත් ගෙයක් හදගෙන යන එක තමයි රොමේෂ්ගෙ ලොකුම හීනය..

රොමේෂ්,ඕමාලිගේ හීන සැබෑ වෙන්න කියල  ප්‍රාර්ථනා කරනවා.

Romesh Sugathapala Wedding

 

Thursday, August 2, 2012

'කර්ණමුන්ඩි' පෙරේතිය




See video

දේවාලයේදී කපු මහත්තයාගේ වීඩියෝවට හසුවූ 'කර්ණමුන්ඩි' පෙරේතිය

Saturday, July 21, 2012

ඉන්දියාවේ තරුණියක් නිරුවත් කිරීමට හැදූ පිරිසට වැඩ වරදී


කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩ ක්‍රියා බහුල ප්‍රාන්තයක් ලෙස ඉන්දියාවේ අසෑම් ප්‍රාන්තය ප්‍රකටයි. පසුගිය සඳුදා දිනයේ දී ද තරුණයින් පිරිසක් විසින් පාරේ ගමන් කරමින් සිටි තරුණියකගේ උඩුකය ඇඳුම් ඉවත් කිරීමට උත්සාහ දරා තිබෙනවා.
පාරේ ගමන් කරමින් සිටි එම තරුණියව නිරුවත් කිරීමට උත්සාහ ගන්නා අයුරු වීඩියෝ පටයක සටහන් වීම නිසා මේ සඳහා හවුල් වූ සැකකරුවන් 12 දෙනෙකු හඳුනා ගැනීමට හැකි වී තිබෙන බවයි වාර්තා වන්නේ. එහෙත් අත් අඩංගුවට ගෙන තිබෙන්නේ සැක කරුවන් සිව් දෙනෙකු පමණයි.

මෙම සිදුවීම පෙන්වන වීඩියෝ පටයක් ද නිකුත් වී තිබියදීත් සැකකරුවන්ව අත් අඩංගුවට නොගැනීම සම්බන්ඳයෙන් එරට පොලීසිය වෙත චෝදනා එල්ලවී තිබෙනවා.

අසෑම් ප්‍රාන්තයේ මෙවැනි සිදුවීමක් මීට පෙර ද වාර්තා වී තිබෙනවා. මේ එහි සිදු වූ දෙවන සිදුවීමයි. තරුණයින් වැඩි වශයෙන් මෙවැනි ක්‍රියාකාරකම් වලට පෙළබී තිබීමත් සමඟම ඉංදියාව තුළ මෙය අළුත්ම අර්බුධයක් බවට පත් වී ඇති බවයි මාධ්‍ය වාර්තා කරන්නේ.

Friday, July 20, 2012

පෙම්වතියට වදින ගාතාව

පෙම්වතියන් මහා ඇනයන්   -අකුසල කර්මන් පලිසන් දෙන්නන්
සල්ලි කන්නන් විනාශකාරීන්-බැට්‍රි බස්සන් ෆොන් කන්නන්
               පෙම්වතියන් නොපතන් නමාමී
සැ.යු.
මෙම ගතා රත්නය දිනකට තුන් වරක් ශබ්ද නගා කීමෙන් 
පෙම්වතියන්ගෙන් වන උවඩුරු වලින් බේරී සිටීමට හැක

උපුටා ගැනීම මුනු පොත

Wednesday, July 18, 2012

චීන කතට පදිකවේදිකාව තිඹිරි ගෙය වෙයි.


චීනයේ ගුආංඩොං පළාතේ ගුවන් ෂොආ නගරයේ ගැබිනියක දරුවා ලැබීම සඳහා සැමියා සමඟ රෝහලට යද්දී මගදී විලි රුදාව ඇතිවිය.
රෝහල පෙනෙන මානයේ පදික වේදිකාව ඇගේ තිඹිරි ගෙය විය. සැමියාගේ හා පාරේ ගිය අයගේ උදව්වෙන් දරුවා බිහිවිය. රෝහලෙන් ගිලන් රියක් එම ස්ථානයට ලඟාවන විටද ඇගේ සැමියා වින්නඹු සේවය කරමින් දරුවා මෙලොවට එමින් සිටියේය. මවත් දරුවාත් හොඳ සෞඛ්‍ය තත්වයකින් පසුවන බව චීන වෛද්‍යවරු කියති.