Pages

Thursday, March 22, 2012

Super Six Movie Music Videos Released! (HD)

Raya Pibidee - Shihan Mihiranga & Deva (HD Video)





Mada Pinne - Rookantha & Deva De Silva (HD Video)






Hangum Danawwe - Surendra Perera (HD Video)






Sakkara Deiyo - Rose Alagiyawanna & Shanika (HD Video)





Raya Pibidee - Shihan Mihiranga & Deva (HD Video)





Mada Pinne - Rookantha & Deva De Silva (HD Video)






Hangum Danawwe - Surendra Perera (HD Video)






Susumata Susumak - Sanka Dineth & Uresha Ravihari (HD Video)


Tuesday, March 20, 2012

ඔබට නිවන් සුව !!!!!!!!!!!!!!!!

හෘදයාබාධයකින් අප අතරින් වියෝ වූ, අප සිනාවෙන් කුල්මත් කල කලාකරුවානෙනි,ඔබට නිවන් සුව!!!
ඔබ සමාදානයේ සැතපේවා!!!
අප සිනහවෙන් සැනසීමට යලිත් ලක් පොලව මතටම පැමිනේවා!!!

මේ සොදුරු මිනිසාට කරනා උපහාරයක් ලෙස මෙය SHARE කරන්න

sms


Sunday, March 18, 2012

නිළියක වීම මගේ වාසනාව

නිළියක වීම මගේ වාසනාව

පියුමි බොතේජු

අද ‘තරුවක් සමඟ වරුවක්’ විශේෂාංගයෙන් හමුවන්නේ පියුමි ශානිකා බොතේජු ය. වේදිකාව, සිනමාව, රූපවාහිනිය යන ක්ෂේත්‍ර තුනේදීම තම රංගන හැකියාව මනාව ප්‍රකට කරන පියුමි දක්ෂ නිවේදිකාවක ද, රූපවාහිනී වැඩසටහන් ඉදිරිපත් කරන්නියක ද වන්නීය. ඇය පේ‍්‍රක්ෂකයින් අතර වඩාත්ම ජනපි‍්‍රය වූයේ ‘පබා’ ටෙලි නාට්‍යයේ හිමාලි ගේ චරිතයෙනි.

ඉතින් කොහොමද පියුමි මොනවද අලුත් තොරතුරු...?
හොඳින් ඉන්නව. මේ දවස්වල ටිකක් විතර වැඩ වැඩියි. නදී චන්ද්‍රසේකරගේ අලුත්ම ටෙලි නාට්‍යයේ වැඩවලට සම්බන්ධ වෙලා ඉන්නව. ඒ වගේම වේදිකා නාට්‍ය දෙකකටත් සම්බන්ධ වෙලා ඉන්නවා. ඒ; “රෝමය ගිනිගනී”, “සිකුරු සවාරි” කියන වේදිකා නාට්‍ය දෙක. ඊට අමතරව ‘සිරි දළදාවත’ චිත්‍රපටයටත් දිනේෂ් පි‍්‍රයසාද්ගේ ‘ඔළුව ජපන් කඳ ජර්මන්’ කියන චිත්‍රපටයටත් රංගනයෙන් දායක වෙනවා. මෙය ප්‍රහසනාත්මක චිත්‍රපටයක්. ඒ වගේම දෙරණ රූපවාහිනී නාළිකාවේ “t - පාටි” වැඩසටහන ඉදිරිපත් කිරීමටත් මම දායක වෙනවා. මේ වගේ වැඩත් එක්ක තමයි කාලය ගතවෙන්නේ.

දෙරණ “t - පාටි” වැඩසටහනට හොඳ ප්‍රතිචාර ලැබෙනව ඇති...?
ඇත්තෙන්ම ඔව්. සමාජයේ විවිධ මට්ටම්වල පේ‍්‍රක්ෂකයින් ගෙන් විවිධ ප්‍රතිචාර මට ලැබෙනව. මම ඒ වැඩසටහන ඉදිරිපත් කළාට බොහෝ දෙනෙකුගේ මහන්සියේ ප්‍රතිඵලයක් ලෙස තමයි “t - පාටි” වැඩසටහන එන්නේ. ළඟදී ඉදිරිපත් කළ “කුස පබා” චිත්‍රපටයේ ශිල්පීන් සම්බන්ධ වුණු වැඩසටහන ගැන ගොඩක් දෙනෙක් කතා කළා.

නිවේදිකාවක් ලෙස ඔබ ක්ෂේත්‍රයට ආ ගමන ගැන සිහිපත් කරමු?
මම මුලින්ම නිවේදිකාවක්. මම මුලින්ම සම්බන්ධ වුණේ ලක්හඬ ගුවන් විදුලියට. ඉන් පසුව මම ජාතික රූපවාහිනියට සම්බන්ධ වුණා සහාය නිෂ්පාදකවරියක් ලෙස පුහුණු වෙන්න. ඒ කාලෙ රූපවාහිනී වැඩසටහන් කීපයක් ඉදිරිපත් කරන්නත් මට අවස්ථාව ලැබුණා. ඒ දිනවල මම ජාතික රූපවාහිනියේ “ටී බ්රේක්” වැඩසටහන ඉදිරිපත් කළා. ඉන් පසුව මම ස්වර්ණවාහිනියෙත් වැඩ කළා.

රංගනයේදී ඔබට වේදිකාවත් හොඳට හුරුයි නේද?
ඔව් මම වේදිකා නාට්‍ය ගණනාවක රඟපාල තියෙනව. මේ දිනවලත් මම වේදිකා නාට්‍ය දෙකක් එක්ක ඉන්නවා. මුලින්ම මම රංගනයෙන් දායක වුණේ හේමන්ත ප්‍රසාද්ගේ “මල්සර බිසව්” වේදිකා නාට්‍යයට. ඉන් පසුව “දෙනුවර දෙන්නෙක්” ‘තාරාවෝ ඉගිලෙති’ වැනි වේදිකා නාට්‍යවලටත් සම්බන්ධ වුණා. 2007 වසරේ රාජ්‍ය නාට්‍ය උලෙළේදී කුසලතා සම්මානයක් මට හිමි වුණා.

ඔබ වඩාත් කැමැති වේදිකාවට ද, සිනමාවට ද, ටෙලිනාට්‍යවලට ද?
මේ ක්ෂේත්‍ර තුනේම ඉන්න කෙනෙක් විදියට මම මේ තුනටම කැමැතියි. හැබැයි වේදිකාවෙන් අපට හැම තිස්සෙම ඉගෙන ගන්න යමක් තියෙනව. වේදිකාව, රංගනය පිළිබඳ පාසලක් වගෙයි. ඒ වගේම වේදිකාව හරිම සජීවියි. නමුත් මම මේ ක්ෂේත්‍ර තුනටම කැමැතියි.

“භාර්යාවෝ” ටෙලි නාට්‍යයේ රංගනය ගැන කතා කරමු...?
මේ ටෙලි නාට්‍යයේ මම රඟපාන්නේ ශේනු කියන කාන්තාවගේ චරිතය. ශේනු කට්ට ගැහැනියක්. ඇය තමන්ගේ අරමුණ වෙනුවෙන් ඕනෑම දෙයක් කරන්න සූදානම් කාන්තාවක්. නමුත් ඇය හොඳින් ආදරය කරන කෙනෙක්. මට ලැබෙන හැම චරිතයක් වගේම ශේනුගේ චරිතයත් මම හරිම කැමැත්තෙන් කළේ. මගේ දිගට තිබුණු කොණ්ඩය ළඟදි කැපුවා. ඉන් පසුව රංගනයෙන් දායක වුණු පළමු ටෙලි නාට්‍යය තමයි ‘භාර්යාවෝ.’ ඒ වෙනසටත් එක්ක හොඳ ප්‍රතිචාර ලැබෙනවා.
මොනවද ඔබේ පවුලේ තොරතුරු?
මගෙ සැමියා චමල්. ඔහු වැඩිපුර ඉන්නෙ රට. ඒ ඔහුගෙ රැකියාව නිසා. මම මගේ වැඩ කටයුතු හොඳින් කරගෙන යනවා.

ක්ෂේත්‍රයේ ප්‍රවීණයින්ට ඔබේ ගරුත්වයක් තිබෙනවා ද?
ඔව්. ප්‍රවීණයන්ට මම අනිවාර්යයෙන්ම ගරු කරනවා. ප්‍රවීණයන්ට විතරක් නෙමෙයි ක්ෂේත්‍රයේ ඉන්න සෑම දෙනාටම මම ගරු කරනව. මා එක්ක වැඩ කරන අය ඒකට සාක්ෂි දරාවි. සමහරු කියනව ටෙලි නාට්‍යවල වැඩ කරද්දි කාර්මික ශිල්පීන්ව වැඩිය කරේ දාගන්න එපා කියල. මම එහෙම කරන්නෙ නෑ. කාර්මික ශිල්පීන් හැටියට ඔවුන්ගෙ විෂය ඔවුන් හොඳින් ප්‍රගුණ කළ අය. ඒ ප්‍රවීණත්වයට, දක්ෂතාවයට මම ගරු කරනවා. ඒ සියලු දෙනාටම ඔවුන්ට ලබා දෙන්න ඕන ගෞරවය මම ලබා දෙනවා.

මොනවද ඔබේ අනාගත බලාපොරොත්තු?
මේ වන විට මට අවස්ථාව ලැබිල තියෙනව විවිධාකාර චරිත රඟපාන්න. ඉදිරියේදීත් චරිතාංග නිළියක් ලෙස විවිධ වූ චරිත රඟපාමින් රංගනයෙන් ඉදිරියට ඒමයි මගේ අරමුණ.

රංගන ශිල්පිනියක් වීම ගැන ඔබ සතුටු ද?
අනිවාර්යෙන්ම. නිළියක් වීම මගේ වාසනාව නිසා සිදුවූ දෙයක් කියලයි මම හිතන්නෙ. මේ තරම් ජනතාවකගේ ආදරය දිනාගන්න ලැබෙන්නේ නළුවකුට හෝ නිළියකට පමණක් බවයි මගේ හැඟීම.

රංගනය තුළ මෙතෙක් ආ ගමන ගැන ඔබ සතුටු ද?
ඔව්. මම ආවෙ සෙමෙන් ගමනක්. එක රැයකින් ජනපි‍්‍රය වෙලා පහුවදා නැතිවෙලා යන්න මම මේ ක්ෂේත්‍රයට ආවෙ නෑ. ඉදිරි ගමනත් ස්ථාවරව සාර්ථකව යාමයි මගේ අරමුණ.

දේශපාලනයට පිවිසෙන්න අදහසක් නැති ද?
නෑ. එහෙම අදහසක් නෑ.


Friday, March 9, 2012

චතුරිකා කටකතා වලට පිළිතුරු දෙයි




ටෙලි නාට්‍යය නිලි චතුරිකා පිරිස් හා රොෂාන් පිලපිටිය විවාහය දිගින් දිගටම කල් යාම හේතුවෙන් කලකිරීමට පත්ව සිටින චතුරිකා, රන්ජන් රාමනායක සමග සමීප ඇසුරක් ගොඩනගා ගෙන ඇති බව පසුගියදා විවිධ මාධ්‍යයන් ඔස්සේ පලවී තිබුනා.

එම කට කතා ප්‍රතික්ෂේප කරමින් චතුරිකා සති අන්ත පුවත්පතකට පවසා තිබුනේ මෙවැන්නක්

රංජන් රාමනායකත් එක්ක සම්බන්ධයක් තියෙනවා කියලා රාවයක් පැතිරිලා තිබුණා. ඔබ ඒක ප‍්‍රතික්ෂේප කළේත් නෑ
මම කටකතා ගණන් ගන්නේ නෑ. කටකතාවලට හේතු ඇති. නමුත් හේතු නැතිව කියන කටකතා තමයි වැඩිපුර තියෙන්නේ. රංජන් අයියා විතරක් නෙමෙයි මීට කළින් ධනංජය, සුරාජ්මාපා, රොෂාන් රවීන්ද්‍ර මේ අයත් එක්ක මාව පටලවලා කතා හැදුවා. 


මම ඕවට උත්තර දුන්නේ නෑ. මිනිස්සුන්ගේ කටවහල් වහන්න අපට බෑනේ. කටකතා ගොතලා පතුරුවලා කවුරු හරි තෘප්තියක් ලබනවනම් ඒකත් මට පිනක්.

කවද්ද විවාහ වෙන්නේ

දැන්මනම් විවාහ වෙන්නේ නෑ මට තව ටිකකාලයක් නිදහසේ ඉන්න ඕනේ. ගෙදර වැඩත් තවම ඉවර නෑ. ඉතිං රොෂානුයි මමයි තීරණය කළා මේ හැම ප‍්‍රශ්නයක්ම විසදගෙන තව ටික කාලයක් ඉඳලා විවාහ වෙන්න.

Monday, March 5, 2012


නිවෙසෙන් පිට සමාගම්

එක් රාජ්‍ය නොවන සංවිධානයක් වරක් අපූරු සමීක්‍ෂණයක් දියත් කළාය. එම සංවිධානයේ නිලධාරීහු නගරයේ තෝරාගත් පෙදෙසක නිවෙස්වල පිරිමි පෞද්ගලිකව හමුවී ඔවුන්ගේ ස්ත්‍රී සමාගමයන් පිළිබඳව ප්‍රශ්නාවලියක් ඔවුන් වෙත ඉදිරිපත් කළෝය.

එම පිරිමි අය වෙත යොමුවූ එක් පැනයක් වූයේ ‘ස්ත්‍රී පුරුෂ සමාගමයෙන් අනතුරුව කුමක් කරන්නේද? යන්නයි. සමස්ත පිරිමින් ගෙන් 10% ක් කියා සිටියේ ඉන්පසු නින්දට යන බවය. තවත් 10% ක් පැවසුවේ කිසියම් සුළු ආහාරයක් ගන්නා බව හෝ කිසියම් සිසිල් බීමක් පානය කරන බවය. ඉතිරි 80% ම පවසා තිබුණේ එම සමාගමයෙන් පසු ගෙදර යන බවය.







ඉගැන්වූ පාඩම

මනෝජ් හද්දා පිටිසර තම ගම් පළාතේ සිට මුල් වතාවට කොළඹ ආවේ විශ්ව විද්‍යාලයට තේරුණු අවස්ථාවේදී ය. එහිදී තමාට මුහුණ පාන්නට වූ අපූරු සිදුවීමක් ඔහු ඊළඟ සතියේ ගමේ ගිය වේලේ තම මිතුරන් හට විස්තර කෙළේ ය.

“කොළඹ කප්පං ගන්න ලොකු චණ්ඩියෙකුට මම හොඳ පාඩමක් ඉගැන්නුවා.”

“මොනවා? උඹ මිනිහට ගැහැව්වද?” නෝන්ජලයකු වූ මනෝජ් ගේ කතාව අදහනු බැරි මිතුරකු වහා ඇසීය.

“නෑ... මං කෝච්චියෙන් බැහැලා කොළඹ කොටුවේ ලොකු තට්ටු බිල්ඩිමක් දිහා පුදුමයෙන් බලා හිටියා. කොහෙන්දෝ එතනට කඩා පාත් වුණු කප්පං කාරයෙක් මගෙ පිටට රිදෙන්ඩ තට්ටුවක් දාලා සැරෙන් මෙහෙම කිව්වා.”

“දොරේ තමුසෙ මෙහාට කෝඩු කාරයෙක් කියල ඔය සෝමාරි මූණ බැලුව ගමන් මට කිව්වැකි. තමුසෙට මේ බිල්ඩිම දිහා නිකං බලන් ඉන්ඩ බෑ. තමුසෙ බලන තට්ටුවට මට රුපියල ගානෙ ගෙවන්ඩ ඕනෙ.”

“දැන් තමුසෙ බලා හිටියේ මොන තට්ටුව දිහා ද?”

මිනිහා තදින් ඇහැව්වා. මම කිව්වා මම බලා හිටියේ දෙවැනි තට්ටුව දිහා කියල.

“එහෙමනං මෙහාට ගන්නවා රුපියල් දෙකක් කියලා, මිනිහා මගෙන් රුපියල් 2 ක් ඩැහැගෙන යන්ඩ ගියා.”

“ඉතිං කොහොමද බං උඹ මිනිහට පාඩමක් ඉගැන්නුවයි කියල කියන්නෙ?” මිතුරා සාවඥ ලෙස ඇසීය.

“මොකද නැත්තෙ? මං බලා හිටියේ අටවැනි තට්ටුව දිහා නෙ.” මනෝජ් විරිත්තමින් කීවේය.







අන්තිමට අත්හරින්නෙ මොකක්ද?

මනෝ නිවාඩුවක් ගත කිරීම සඳහා තම බිරිඳ සමඟ නැඟෙනහිර මුහුදුබඩ පෙදෙසෙකට ගියේය. දිනක් හදිසියේම අහස තදින් කළුකර වැසි වැටෙන්නට වූ අතර කුණාටුවක් ද හමා යන්නට විය. ඒ සමඟම බෝට්ටුවේ ඇන්ජිම ද ක්‍රියාවිරහිත විය.

තදින් බියපත් වූ මනෝ බෝට්ටුවේ බිම දණ ගසා අහස දෙස බලා දෑත් දිගු කොට, මෙසේ දෙවියන් යදින්නට විය.

’අනේ දෙවියනේ මේ විපතෙන් අපේ ජීවිත බේරලා දෙන්ඩ. මම මීට පස්සෙ මත්පැන් බීම අතහරිනවා. දුම්බීම අතහරිනවා. අනුන්ගෙ රීරි මාංස කාලා ජීවත්වීම අතහරිනවා. අනුන්ට උගුල් අටවන එක අතහරිනවා.. මම...?

මනෝ ගේ යාදින්න මැදට ඔහුගේ බිරිඳ වසන්තා කෝපයෙන් කඩා පැන මෙසේ කීවාය.

”ඊළඟට තමුසෙ කියන්ඩ හදන්නෙ මාවත් අත හරිනවා කියලද? මෝඩයෙක් නොවී ඔන්න ඔය හබල අරගෙන බෝට්ටුව පදිනවා.”







ගැහැනු කරන වැඩ

”මහත්මයා, අපි හඳුන්වා දෙන මේ අලුත්ම යන්ත්‍රයට පුළුවන් ගෑනු තුන්දෙනකුගේ වැඩ තනියම කරන්න. ඒ නිසා මේ කන්තෝරුවට මේ වගෙ යන්ත්‍රයක් හුඟක් ප්‍රයෝජනවත් වේවි. දෙපාර්තමේන්තුවේ 3 වැනි මහල වෙත පැමිණි වෙළෙඳ නියෝජිතයා අලුත් යන්ත්‍රයක් හඳුන්වාදෙමින් කීවේය.

”මොනවා! මේ යන්ත්‍රයට දවසකට පැය 06ක් ෂොපින් යන්නයි, ටෙලිෆෝන් කෝල්ස් 36ක් ගන්නයි, අවුරුද්දට තුන්පාරක් ප්‍රසූති නිවාඩු ගන්නයි පුළුවන් කියලද තමුසෙ කියන්නෙ? ගණකාධිකාරී වරයා වෙළෙඳ නියෝජිතයා වෙත සාවඥ බැල්මක් හෙළමින් ඇසීය.







මොන කූඩුවෙද?

”ඊයෙ අපි සත්වෝද්‍යානය බලන්න ගියා.” සඳුදා උදේ කාර්යාලයට පැමිණි චන්ද්‍රසේන තේ බොමින් සිටියදී තම මිතුරන් හා කීවේය.

”ඉතින් මාත් එහෙ හිටියනෙ” සුගත් වහා කීය.

”ඇත්තද? මං දැක්කෙ නෑනෙ. මොන කූඩුවෙද හිටියෙ?” චන්ද්‍රසේන ඇසීය.







ව්‍යාපාරික උපක්‍රම

‘තමුසෙ මොකද අර මනුස්සයට ඉස්ටෝරුවේ කම්කරු රස්සාවක් දීලා මිනිහට වඩා අඩු සුදුසුකම් තියෙන එයාගෙ පවුලව වැඩ පරිපාලකවරිය විදියට පත්කළේ?’ චමිල ඇසුවේ තම මිතුරු ලලිත්ගේ සමාගමේ සම්මුඛ පරීක්ෂණයක් නිරීක්ෂණය කිරීමෙන් අනතුරුවය.

‘ඔය දෙන්නා පදිංචි වෙලා ඉන්නෙ අපේ ලේන් එකේම පල්ලෙහා පොඩි ගෙදරක. මම දැකල තියෙනවා ඔය ගෑනි මිනිහගෙන් වැඩ ගන්න හැටි’ ලලිත් කීවේ සිනාසෙමිනි.







කෑගහන්නෙ මොකටද?

උදය වරුවට යොදා ගත් සියලු කටයුතු නිමා කොට ජයසේකර පියල් සමඟ හෝටලයකට ගොඩවන විට මධ්‍යහ්නය ගෙවී ගොස් තිබූ බැවින් බත් අහවර වී තිබිණ.

“හොඳටම බඩගිනියි බං. පාන්වත් කමු.” පියල් කීවේය. මාළු සමඟ පාන් ඇණවුම් කෙරිණ.

අත් සෝදා ගෙනැවිත් වාඩි වූ දෙදෙනාගෙන් ජයසේකර මාළු දීසිය මුලින්ම අතට ගෙන එහි වූ මාළු කෑලි දෙකෙන් ලොකු කෑල්ල තෝරා එය තම පිඟානට බෙදා ගත්තේය. එය බලා සිටි පියල්ට ඇතිවුණේ තද කෝපයකි.

“මොකක්ද බං ඒ කරපු කැත වැඩේ? උඹ නං මැනර්ස් කියන දේවල් නමටවත් දන්නෙ නැති මිනිහෙක්.” පියල් කීවේ කලකිරීමෙනි.

“හොඳයි උඹ මුලින්ම බෙදා ගත්ත නං ගන්නෙ මොන මාළු කෑල්ලද?” ජයසේකර ඇසීය.

“මං උඹ වාගෙ බාල වැඩ කරන්නෙ නෑ. මං එහෙම නං බෙදා ගන්නෙ පොඩි මාළු කෑල්ල” පියල් කීය.

“හරි එහෙම නං කෑනොගහ කාපංකො. දැන් උඹට පොඩි කෑල්ල දැනුත් තියෙන්නෙ.” ජයසේකර පාන් කමින් කීවේය.







විවාහ ජීවිතයේ තරම

‘කසාද බැඳපු මිනිස්සු හැමෝම වගෙ මරණින් පස්සෙ දිව්‍ය ලෝකෙ යනවා කියන්නෙ ඇත්ත ද අනේ?’ හන්දියේ ඉදිකර තිබු වෙසක් තොරණ බැලීමට ගොස් ආපසු නිවෙස බලා යමින් සිටි අනෝමා තම සැමියා ගෙන් විමසුවා ය.

‘නැහැ... නැහැ... ඒ මිනිස්සු අපායට ගියත් ඒ ගොල්ලො හිතන්නෙ තමන් දිව්‍ය ලෝකෙ ඉන්නවා කියලයි.’ නිහාල් කීවේය.







මොකෝ මං නොදන්නෙ?

එක් ගායකයකු සුප්‍රසිද්ධ FM නාලිකාවක් සමඟ සම්මුඛ සාකච්ඡාවක යෙදී සිටියේය. එහිදී එම නාලිකාවේ නිවේදකයාගේ ප්‍රශ්නයක් හමුවේ ඔහු වෙනත් FM නාලිකාවකට දොස් තබමින් මෙසේ කීවේය.

’මං මේක කියන්නෙ ලොකු වගකීමකින්. ඔය චැනල් එකෙන් මගෙ ගීත ලෝලියෝ, මගෙ ගීත ඉල්ලුවාම, ඒ අසන්නන් ගෙ නම් ප්‍රචාරය කරලා, වෙනින් ගායකයන්ගෙ ගීත ප්‍රචාරය කරනවා. ඒක මගෙ ජනපි‍්‍රයතාවයට විරුද්ධව හිතා මතා කරන නින්දිත වැඩක්.’

’ඉතින් ඔබ කොහොමද ස්ථිරවම කියන්නෙ ඒ අසන්නෝ ඉල්ලුවේ ඔබේ ගීතමයි කියල?’ වෙනත් FM නාලිකාවකට එරෙහිව තම නාලිකාව ඔස්සේ නැඟුණු චෝදනාවෙන් අසීරුතාවයට පත් නිවේදකයා ඇසීය.

’මොකෝ මං නොදන්නෙ? ඔය හුඟාක් අසන්නන් ගෙ නම් වලින් ඒ ගීත ඉල්ලන්නෙ මං මනෙ.’ ගායකයා කීවේය.





රීපෝස්ට් නම් සොරිවෙන්න ඕන.
දැකලා තියනවනම් දැකල නැති අයට බලන්න බම්ප් එකක් වත් දෙනවලු නේ.

uputa ganeema elakiriyeni


Mr.Truth's Avatar
Senior Member
Mr.Truth has a spectacular aura aboutMr.Truth has a spectacular aura aboutMr.Truth has a spectacular aura about