Pages

Friday, June 28, 2013

රස හිනා Rasa Hina

ඔන්න අපේ ජනාධිපතිතුමා එංගලන්තේ සංචාරේක ගිය ගමන බකිංහැම් මාලිගාවට ගියාලු මහා රැජින ව බැහැ දකින්න.
එංගලන්තේ හැම කටයුත්තක්ම බොහොම විනයානුකූලව සිදු වෙනවනේ.ඇඟිල්ලෙන් ඇන ඇ න කියන්න ඕනි නෑ නේ.ඉතින් ජනාධිපති තුමාට හරිම පුදුමයි ලු කොහොමද මෙහෙම වෙන්නේ කියල.
ඉතින් රැජින එක්ක සතුටු සාමීචියේ දීගෙන ඉන්නකොට ජනාධිපති තුමාට ඒ ගැන රැජිනගෙන් අහන්න හිතුනලු.

ජනාධිපති තුමා : රජිනියනි,ඔබතුමියගේ රටේ හැම වැඩක් ම බොහොම ක්‍රමානුකූලව සිදු වෙනවා.මොකක්ද මේකේ රහස..?

රැජින : මේකනේ මිස්ට මහින්ද.මගේ රටේ ඇමතිවරු මන්ත්‍රී වරු බොහොම බුද්ධිමත්.කෙලින් කතා කරන,ඒ විදිහට වැඩ කරන මිනිස්සු.ඒ නිසා තමා අපේ රට දියුණු වෙන්නේ.ඉන්නකෝ මම ඔයාට ඔප්පු කරලා පෙන්නන්න.

මෙහෙම කියපු රැජින එංගලන්තේ අගමැති ඩේවිඩ් කැමරන් ට කෝල් එකක් ගත්තලු.

රැජින: මිස්ට කැමරන් මම දැන් ඔයාගෙන් ප්‍රශ්නයක් අහනවා.ඔයාගේ තාත්තට ළමයෙක් ඉන්නවා.එයා ඔයාගේ සහෝදරයෙක්වත් සහෝදරියක්වත් නෙවේ.එහෙනම් එයා කවුද..??

කැමරන් : ඒ මමනේ රැජිනියනි.

තත්පර පහක්වත් ගන්නේ නැතුව කැමරන් ඒ ප්‍රශ්නෙට උත්තර දුන්නලු.
කොහොමහරි සංචාරය නිමා කරලා ලංකාවට ආව ජනාධිපතිතුමා ට එතුමාගේ ඇමතිවරුන් ගේ බුද්ධි මට්ටම පරීක්ෂා කරලා බලන්න හිතක් පහල වෙලා එතුමාව මුණ ගැහෙන්න ආව ජී.එල් පීරිස් මහත්තයාගෙන් අර ප්‍රශ්නේ ඇහුවලු.

අනේ ඉතින් ඒ මහත්තයා අහස පොලොව ගැටගහන්න කල්පනා කරනවලු කරනවලු.ම්හු උත්තරයක් දී ගන්න බැරිලු.මල පැන්න ජනාධිපති තුමා "මොනාද ඔයි තමුසෙට මෙච්චර ලේසි ප්‍රශ්නෙකට උත්තර දීගන්න බැරි ද..?? හරි මම පැය 24 ක් කල් දෙන්නම්.උත්තරේ හොයාගෙන ඇවිත් මට කියන්න" කියල කිව්වලු.

ජී.එල් මහත්තයා ගෙදර ආව ගමන් කෝල් එකක් ගත්තලු එස්.බී දිසානායක ඇමතිතුමා ට.එතුමගෙනුත් ප්‍රශ්නේ ඇහුවට එතුමා උත්තරේ දන්නෙත් නෑ ලු.උත්තරේ මොකක්ද කියා කියා කල්පනා කරනකොට එස්.බී මහත්තයා එක පාරටම කිව්වලු "අපේ චම්පික නම් මේකට උත්තරේ ෂුවර් එකටම දන්නවා ඇති.අපි මිනිහට කෝල් එකක් දීල බලමු" කියල.

චමිපික මහත්තයාට කෝල් එකක් දීල ප්‍රශ්නේ කිව්වම එතුමත් කිව්වලු "ආ..ඒ මමනේ" කියල.
ඔන්න ඉතින් අර දෙන්නට ෆුල් සැටිස්.දෙන්නම ගියාලු හවස ජනාධිපතිතුමා ව බැහැ දකින්න.

ජනාධිපතිතුමා : ආ..දෙන්නම ආවද..? මොකද හොයාගත්තද මගේ ප්‍රශ්නෙට උත්තරේ..?

ඩබල : එහෙමයි.උත්තරේ තමා චම්පික රණවක.

ජනාධිපතිතුමා : (මල පැන) තමුසෙලාට ඇමතිකම් දුන්නටත් පාඩුයි ඕයි.මෙච්චර ලේසි ප්‍රශ්නෙකට උත්තරේ දන්නේ නැති තමුසෙලා කොහොමද මම බාර දෙන වැඩ හරියට කරන්නේ..?

ඩබල : (ඉතා අහිංසක ලීලාවෙන්) එහෙනම් හරි උත්තරේ මොකක්ද ජනාධිපති තුමනි..?

ජනාධිපතිතුමා : උත්තරේ ඩේවිඩ් කැමරන් නේ ඕයි


Wednesday, June 12, 2013

දිනක්ෂි ප්‍රියසාද් ළමයෙක් ජාතක කරලා

දිනක්ෂි ප්‍රියසාද්ව ඔයාලා දැකලා හොදට පුරැදු ඇති,ක්ලබ් ඵහෙකට ගියත් ඵයා ඵතන  ඉන්නවා.ඵහාට මෙහාට ගිහිල්ලා වැඩිකමට දිනක්ෂි ප්‍රියසාද් පහුගිය දවසක ළමයෙක් ජාතක කලා .ඵයාට නම තියලා තියෙන්නෙ  සෙනුරි ප්‍රියසාද්.මෙයා පුංචි දියණියක්,දිනක්ෂි කියන්නෙ මට ලැබිච්ච මේ සම්පත ආදරෙන් රැකබලාගන්නවා කියලා.ඵ්ත් sheshadri priyasad හා sanudri priyasad මේකට වැඩි කැමැත්තක් දක්වන්නේ නෑ.ඵයාලා කියන්නෙ හම්බෙච්ච ළමයට අම්මෙක් තාත්තෙක් නෑ කියලා.ඵයා කෙළින්ම හොල්මනක් ඵ් ෂේසාද්‍රගෙ අදහසයි.ඵයා ෂූටින් වලට යනවා ළගදි ඉදලා වැඩියි,ඵ් ෂනුද්‍රි‍ගෙ අදහසයි.
Dinakshi Priyasad දියණිය ජාතක කොට රෝහලෙන් නික්ම යාමට පෙර

දිනක්ෂි ප්‍රියසාද් හැම ප්‍රශ්නයක් ඉදිරියේම නිහඩව ඉන්නවා.ඵයා නම් කියන්නෙ ඵ්ක ඵයාගෙ ප්‍රතිපත්තිය කියලා.අපිටත් තිබ්බා පාරම්පරික උරැමයක්,ඩී බ්‍රෑන්ඩරි ඵ්ක අද වෙන කාටවත් සින්න වෙලා.ඵ්වා ගැන මතක්වෙන කොට දුකයි.ඵ්ත් මම මේවා ගැන වැඩිය හිතන්නෑ.මේක සිදාදියනෙ කියලා හිතහදාගන්නවා.මටත් ඕවයෙ අයිතිවාසිකම් තිබ්බා,ඵ්ත් මම රණ්ඩු කරන්නෑ.දරැවා ඵක්ක පාඩුවේ හිතහදාගෙන ඉන්නවා.ඊට වැඩි දෙයක් මගෙ හිතේ නෑ.ඉතා දුක්මුසු ස්වරයෙන් දිනක්ෂි ප්‍රියසාද් ඵසේ අප සමග පැවසුවා.

මෙහිදී ප්‍රියසාද් යන පටබැදි නාමය ගැන විශේෂ විමසීමකට ලක්කල අපට දැනගැනීමට ලැබුනේ ප්‍රියසාද් යන්න ප්‍රිය උපදවන සුළු යන්නයි.ඵහෙයින් ඇගේ පියා උපත ලබන සෑම දරැ උපතක්ම මෙසේ නම් කළ බවට සාක්ෂි තිබෙනවා.මෙහිදී දිනක්ෂි පවසා සිටියේ තමන් දියණියන් ඉපැද්දවීමට වැඩි නැඹුරැවක් දක්වන බවයි.ඵහෙයින් ඉදිරියේ උපත ලබන සෑම දියණියක්ම ප්‍රියසාද් යන පටබැදි නාමයෙන් හැදින්වීමට ඇය තීරණය කර තිබෙනවා