Pages

Tuesday, December 30, 2014

agamathi kudu

බඩ ගැන හිතන්න එපා රට ගැන හිතපං කියලා උඹ මට බනිනවා..ඇයි බං උඹ මට එහෙම බනින්නෙ?මං රටට ආදරේ නැද්ද?මම රට ගැන හිතන්නේ නැද්ද?

බඩ ගැන හිතන්න එපා රට ගැන හිතපං කියලා උඹ මට බනිනවා..ඇයි බං උඹ මට එහෙම බනින්නෙ?මං රටට ආදරේ නැද්ද?මම රට ගැන හිතන්නේ නැද්ද?
මගේ රටත් දියුණු සංවර්ධිත රටක් කියලා මිනිස්සුන්ට කියන්න මං ආස නැද්ද?උඹ කොහොමද බන් නෑ කියන්නේ?උඹට මගේ හිත පේනවන් ටින් ද?කියපං උඹටපේනවද?මගේ තාත්තත් හමුදාවේ හිටියා.අවුරුදු ගානක් යුද්ධ කලා..මගේ උපන් දිනේට මගේ නංගි ලොකු ලමයෙක් උන දවසේ සිංහල අලුත් අවුරුද්දට මගේ තාත්තා අපිත් එක්ක හිටියේ නෑ..මගේ ජීවිතේ වැදගත් එක දවසකවත් තාත්තට මං එක්ක ඉන්න බැරි වුනේ මේ රට වෙනුවෙන් මගේ රට වෙනුවෙන් අපේ රටවෙනුවෙන් යුධ පිටියට වෙලා සටන් කරපු නිසා..ඒ වෙලාවේ මගේ තාත්තට බයක් නොදැනුනත් ගෙදර හිටපු මායි නංගියි අම්මයි තමා එයා ගැන බය වුනේ.මගේ නෑදෑයෝ යාලුවෝ සීල් කරපු පෙට්ටි වලින් ගෙදර එද්දි අපිට දැනුන හැඟීම උඹලට තේරෙනවද මචන්?අපි එදා හිත සනසගත්තේ ඒ මරුණෙ රට
වෙනුවෙන් කියලා හිතලා මිසක් පුලුවන් කමකට නෙමෙයි.දුක නැති නිසා නෙමෙයි..කොහොම කොහොම හරි යුද්දෙත් ඉවර වුණා..ප්‍රභාකරන්ගේ මළකඳ
නන්දිකඩාල් කලපුව ලගින් හම්බවුණා කියද්දි අපි හැමෝම සතුටින් කෑගහුවා.රතිඥ්ඥා පත්තු කළා..ගමේ හැමෝම එකතු වෙලා කැවුම් කිරිබත් කළා ප්‍රිති වුණා.බඩ විතරක් නෙමෙයි අපේ හිතේ සන්තොසෙත් කැප කරා මචන් අපි යුද්දේ වෙනුවෙන්..උඹ තවම කියනවද මං බඩ ගැන විතරයි හිතන්නේ කියලා?

ඉතිං මෙහෙම යුද්දේ ඉවර වෙනකොට අපේ හිත්වල හුගාක් බලාපොරොත්තු ඇති වුණා..අපේ රට හැම අතකින්ම ඉදිරියට යයි කියලා හිතුනා.මොකද අපේ
දේශපාලඥයෝ හැමදාම අපිට කීවේ අපේ රට සංවර්ධනය කරන්න බෑ ජනතාවට සහන දෙන්න බෑ යුද්දෙට යන වියදම් නිසා කියලා..ඉතිං ඒ ප්‍රශ්නෙත් ඉවර
වුණු නිසා අපිට හොඳ කලදසාවක් යයි කියලා ඇත්තටම අපි හිතුවා..මෙච්චරකල් තද කරගෙන හිටපු පටි ගලවලා අපේ බඩ ගැනත් අපි හිතන්න පටන් ගත්තා.
කියපං බලන්න ඒක වැරදිද?මෙච්චර කාලයක් සේරම විද දරාගෙන හිටපු අපි බඩ ගැන හිතපුවම අපි දේශද්‍රොහියොද මචන්?ක්‍රිඩකයෝ ගායකයෝ දේශපාලුවෝ
ටිවි එකට ඇවිල්ලා බඩ ගැන නෙමෙයි රට ගැන හිතන්න කියලා තාම කියද්දි මට මළ පනින එක වැරදිද මචන්?උන්ට අපිට වගේ ප්‍රශ්ණ තියනවද?මාසෙට ලක්ෂ
ගණන් හොයන උන් අතරෙයි මාසෙට 25000 හොයන මගෙ තාත්තයි අතර වෙනසක් තියනවා කියලා උඹට තේරෙනද මචන්?අම්මා කඩේට ගිහින් පොඩි ෂොපින් උරයක එලවලු කෑලි 2 3 කුයි සැමන් ටින් එකකුයි තේ කුඩු 100 ගෙද්දි රැපියල් 1000 ඉවර වෙනවනම් මොකද්ද බන් මේක?ඔව් උඹලට හිනා යනවා ඇති.හිනා වියං.හොදට හිනා වියං..ඒත් අපිට රු 1000 කියන්නේ ලොකු ගානක් මචන්.ඉස්සර අපිත් කිරි බීවා මචන්..ඒත් 200 කිරි පැකට් එක 400 වෙද්දි අම්මා
අසරණ වෙලා වගේ මගේ පුතේ අද තේ බොමු කියනකොට මට මොනවද හිතෙන්නේ කියලා උඹලට තේරෙනවද?අපි අලුත් ඇඳුමක් ගන්නේ අවුරුද්දට
එක පාරයි..ඩෙනිමයි ෂර්ට් එකයි ගන්නත් රු 4000 විතර යනවා කියලා දැනෙද්දි මං ඇදුම් එපා කියන්නේ මට නැතත් මගේ තාත්තට නැතත් අම්මටයි නංගිටයි
ඇදුමක් ගන්නවට තියන ආසාව නිසා බන්..අපි හඩ්ඩෝ වගේ ඉදියත් කොහොමද බන් ගැනියක් එහෙම ඉන්නේ?උඹට තේරනවද මචන්?උඹත් ඒ අත්දැකීම
විදපු කොල්ලෙක්ද?ඇදලා කරලා ඉන්න මාලු පිනි 2 3 එක්ක බත් ටිකක් කන්න අපිත් ආසයි මචන්.ඒත් උඹලා තාම කියනවා අපිට බඩ ගැන හිතන්න එපා
කියලා..අපි මෙහෙම නම් අර දවසට දෙතුන්සියක් හොයන වතු කම්කරුවෝ ජීවත් වෙන්නේ කොහොමද කියලා උඹලට නිකමටවත් හිතුනද මචන්?එක ලයිම් කාමරයක නැතිව හොඳ ගෙයක කාලා බීලා සතුටින් ඉන්න උන් ආස නැති වෙයිද මචන්?දැන් කියයි උන් නූගත් මිනිස්සු කියලා..උන් නූගත් වෙන්නේ උන්ගේවරදින් විතරද මචන්?පොතක් පතක් අරන් දුන්නොත් ඒ මිනිස්සු කාලා බීලා ඉන්නේ කොහොමද කියපන්කෝ එහෙනම්?හොදට ඉගනගෙන කැම්පස් ගිහින්
අවුරුදු 4 දෙමාපියන්ගේ අහිංසක සල්ලි ඒ මිනිස්සු වියදම් කරන්නේ අනේ මගේ දරුවට දවසක හොද කලදවසක් යාවි කියලා හිතලා.ඒත් අවුරුදු 4 ඉවර වුනාමත්
උන්ට ජොබ් නැතිනම් හම්බෙන ජොබ් එකත් 10000 පඩියට නම් අපි ඉගන ගන්නේ මොකටද බන්?අධයාපනයක් මොකටද අපිට?කොහොමද අපි 10000න්
ජීවත් වෙන්නේ?රු 25000 හැරෙන්න පුලුවන්ද බන් අද කාලෙ?කසාදයක් බදින්න ඔන ලමයෙක් හදන්න ඔන වාහනයක් ගන්න ඔන..මෙවා කරන්න පුලුවන්ද
මේ සොච්චමෙන්?උන් අපේ ජන්දෙන් මාලිගා වල ඉන්නවනම් අපි කාමර දෙකයි සාලෙයි හදලා ජීවිත කාලෙම ණය ගෙවනවනම් මොකද්ද යකෝ මේකේ
තියන සාධාරනේ?අපි එලෙවල් පාස් නිසාද?කැම්පස් ගිය නිසාද?නැත්නම් 8 පාස් වෙලා ඇමතිලා නොවුන හින්දද?අපි අපේ අම්මලා තාත්තලා අමාරුවෙන් ණය
වෙලා ලීස් කරලා ලක්ෂ 2 3 බයික් එකක් ගන්න කොට පිට රටක ඊටත් වඩා අඩු ගානට කාර් එකක් ගන්න පුලුවං කියලා උඹලා දන්නවද?එහෙනම් අපේද වැරැද්ද
මේ රටේද කියලා නිකමට හිතලා බලපං?අපිට හැමදාම උරුම බයික් එකයි වීල් එකයි විතරද?උන්ට විතරක් 8 පාස් උන් විතරක් ලැමිබොගිනි පදිද්දි උඹලට
ආතල්ද?අපේ තාත්තගේ අහිංසක බයික් කට්ටට මේ රටේ හයි වේ තහනම්..වීල් එකට හයිවේ තහනම්..ඇයි බන් ඒ?කොටි 2 පාර කොටි 80 හදලා ලැම්බොගිනි
පැදලා උන් ආතල් ගනිද්දි උන්ගේ කරුමත් අපි ගෙවන එකද බඩ ගැන හිතන්නවා කියන්නේ ?කියපං?උත්තර දීපං..උන් ලක්ෂ 2 3 සප්ත්තු දාද්දි උන්ගේ
ලයිට් බිල් ලක්ෂ ගණන් වෙද්දි උන් අදින ෂර්ට් 45000 50000 වෙද්දි උන් උදේ නැගිටලා හෙලිකොප්ටරේ නැගලා නුවරඑළි ගිහින් අශ්වයෝ පදිද්දි උන්ගේ
ළමයි රට රටවල් වල ගිහින් ඉගන ගනිද්දි උන්ගේ අසාවල් සපුරගන්න රොකට් අරිද්දි දළදා මාලිගා වටේ ලැම්බොගනි පදිද්දි උඹලට හෙන ආතල්ද බන්?
ඒ උන්ගේ සල්ලිද?උන් හම්බ කරප සල්ලිද?උන්ට හම්බෙන පඩියද ඒ?තේරුම් ගනිල්ලා බං..ඔය සේරම අපේ සල්ලි.අපේ අම්මගේ තාත්තගේ දාඩිය කදුල
ඔය..රු 100 දෙන්න පුලුවන් ප්‍රෙටල් ලිටරේ 160 දීලා හොයාගන්න සල්ලි බන් ඔය..අපිට උදේට කිරි ටිකක් බොන්න තියන සල්ලි ඔය..තේරුමි ගනිං.දැන්වත්
තේරුමි ගනිං..උන්ගේ විතරක් නෙමෙයි අපෙත් තියෙන්නේ බඩවල් බං.කුඩුකාරයන්ට නීතයක් නැත්නම් එතනෝල් කාරයන්ට නීතයක් නැත්නම්
මිනීමරුවන්ට නීතියක් නැත්නම් තියන ෆයිලුත් එලියට දාන්නේ නැත්නම් මොකද්ද බං මේ?ෆයිල් එලියට නොදාන්නේ අපේ බඩට තියන ආදරේ නිසාද මචන්?
කසිප්පු කාරයාට විතරද මේ රටේ නීතිය?අහිංසකයට විතරද මේ රටේ නීතිය?එදා රනවිරුවෝ කියලා මහා වැදුම් පිදුම් ලබපු මිනිස්සු අද කානු සුද්ද කරද්දි
වැලි කොට්ට අදිද්දි පාරවල් අතු ගාද්දි උන්ට මොනවා හිතෙනවද?උන්ගේ ළමයින්ට ගෑනිට මොනවා හිතෙනවද කියලා උඹලට කල්පනා වුනාද මචන්?මහා ලොකුවට බඩ ගැන හිතන්න එපා රට ගැන හිතපන් කියලා මොර දෙන උන් දන්නවද ආය යුද්දයක් ඇති වුනොත් උඹලා වෙනුවෙන් යුද්දෙට යන්නේ උන් කියලා?මිනිස්සු කොටවලා ජතාබේද ආගම්බේද ඇති කරන නානසාරලා උන්ට නායකත්වය දෙන මහ එවුන් දවසක යුද්දයක් ඇති කළත් යන්නේ අර පාරවල්
සුද්ද කරන කානු අදින ආමිකාරයාම තමයි..උන් ඔය ප්‍රශ්න ඇති කරන්නේ ඇති කලේ මිනිස්සු කොටවන්නේ ජතාබේද ආගම්භේද ගැන කියවන්නේ උන්ගේ
පැවැත්මට මේ රටේ ප්‍රශ්ණයක් තියෙන්න ඔන ජාතිය ආගම ගැන හැමවෙලේම කියවලා මිනිසුන්ගේ ඔලු කුරුවල් කරලා උන්ගේ පැවැත්ම තියාගන්න
ඔනි නිසා කියන පොඩි දේ උඹලගේ ඔලුවලට නොතේරෙන්නේ ඇයි බන්?උන් හදන ප්‍රශ්ණ වලට අපි අපේ බඩ නැති කරගන්න ඔනිද බන්?තේරැම් ගනිල්ලා
බං මේවා..නිදහසේ අදහසක් ප්‍රකාශ කරන්න පුලුවන් රටක්..සුදු වැන් එන්නැති රටක් මාධ්‍ය ආයතන ගිනි තියන මාධ්‍යෙව්දියෝ නොමරන රටක් අපිට ඔන නැද්ද බන්?හැමතැනම කටවුටි ගගහා මඩගහගන්න දේශපාලනයක් වෙනුවට අර පිටරට වගේ ප්‍රධාන අපේක්ෂකයෝ දෙන්නම එකම වේදිකාවට ඇවිල්ලා වාද විවාද කරගන්න වැදගත් දේශපාලනයක් නෙමෙයිද බන් අපිට ඔනි?තේරුමි ගනිං බන් සිරාවට..මේ හැමදේම වෙනස් වෙන්න ඔන..නීතයක් ඕනි අපිට සාධාරණයක්
සමානාත්මතාවක් ප්‍රජාතන්ත්‍රවාදයක් හැම කෙනාම බඩ කට පිරෙන්න කාලා ඇදලා වාහනයක් අරගෙන හොදට ජීවත් වෙන්න පුලුවන් රටක් ඔන බං අපිට..
ඒක තමයි දියුණුව කියන්නේ ඒක තමා ආශ්චර්ය කියන්නේ.පිටරට වෙන්නේ ඒකයි.නිවැරදි මිනිස්සු උගත් මිනිස්සු දේශපාලනය කරන කොට නිවැරදි දේශපාලනක් වෙනකොට ඒක ඉබේම සිදුවෙනවා.නැතිව උන් මැජික් එකකින් ඒවා ලබාගෙන නෑ..හැබැයි 8 පාස් උන් කුඩ්ඩෝ එතනෝලකාරයෝ ස්ත්‍රිදූෂකයෝ මිනිමරුවෝ දාගෙන හයිවේ හද හද ගසා කකා රේස් පදිනකොට එක පැලැන්තියක් වෙනුවෙන් මුදල් අතට අරන් රට පාලනය කොට සේනාවල්
හදලා ජාතිවාදයයි ආගම්වාදයයි පතුරවනකොට දෙකයි පනහේ ගොන් නිලියෝ කියන දේවල් මේ මිනිස්සු අහනකොට පැය 24ම රට ජාතිය රට ජාතියකියලා කියව කියව හිටියත් ඒ රටෙන් ලොකෙට වැදගත් කිසිම නිෂ්පාදනයක් නොවෙන කොට මේ රට ආශ්චර්යක් වෙනවා කියලා සිරාවටම උඹ හිතන්ඉන්නවනම්..උඹට කියන්න වෙන්නෙත් උඹ හරි පව් කියලා තමයි මචන්...

උඹට මේකෙන් මොනවා හරි දෙයක් දැනුනා නම් තේරුනානම් කරුණාකරලා මචන්..මේවා නොදන්න කෙනෙකුට කියපං..අම්මා තාත්තට කියපං..දන්න
අදුරන එකෙක්ට කියපං..නෑදෑයෙක්ට කියපං..උඹලට කරගන්න පුලුවං ලොකුම පින ඒක තමයි මචන්..නැත්නම් අපි සේරටම අබ සරණයි..එක ඔලුවක් අයින් කරලා එතනට තව ඔලුවක් ගේන එක නෙමෙයි මචන් මේ කියන්නේ..මේ ක්‍රමයයම අපි වෙනස් කරන්න පටන් ගමු දැන්වත්.ඒකට ආරම්බයක් ගමු අපි..ඒ නිසා සංවේදිකම පැත්තකින් තියලා මොළේ කල්පනා කරහල්ලා මචන්...

Thursday, December 25, 2014

වෛර, මර, බල, ගුටි බැට,එකාදිපති, කැසිනො ,බාර්, ගණිකා, කුඩු, බටහිර සොබන, හෝටල්, පාරවල්, ගොඩනැගිලි, සිංගප්පුරැ යුග නොව දැහැමි, පන්සල් ,නිදහස් සාමකාමි ,අවංක මෛත්‍රි පාලනය, සරල, නීතිය රකින, මිනිස් අයිතිවාසිකමි, සතුට, රැකියා, සංසකෘතික, මිනිසා රකින,නව මෛත්‍රි ආන්ඩු පාලන යුගයක් බිහි කිරිමට නව ආන්ඩුවක් පත්කරමු..

වෛර, මර, බල, ගුටි බැට,එකාදිපති, කැසිනො ,බාර්, ගණිකා, කුඩු, බටහිර සොබන, හෝටල්, පාරවල්, ගොඩනැගිලි, සිංගප්පුරැ යුග නොව දැහැමි, පන්සල් ,නිදහස් සාමකාමි ,අවංක මෛත්‍රි පාලනය, සරල, නීතිය රකින, මිනිස් අයිතිවාසිකමි, සතුට, රැකියා, සංසකෘතික, මිනිසා රකින,නව මෛත්‍රි ආන්ඩු පාලන යුගයක් බිහි කිරිමට නව ආන්ඩුවක් පත්කරමු..

අපි නැදැ හරි පරපුර එක මුතුයි ,මාගෙ 7වන සහොගේ පවුලේ උත්සව දවසේ අපි මෙි තීරනය ගත්තෙ එකට....මගේ නැදැ පරපුර පැත්තෙ ඡන්ද තවත් 15 කින් වැඩිවි ඡන්ද 95 ක් ම ලැබුණා...!
මෛත්‍රි දිනන ලකුනු තමා මට පේන්නෙ..මම දන්නෙ නැ එයාලා එ්ක වෙනස් කර ගනිද කියලා

මහින්දගෙන් අපට කිසි වරදක් වුනෙත් නැහැ, අපි එයාගෙන් උදවි ඉල්ලුවෙත් නෑහැ කිසිම බැදිමක් නැහැ.. ..ඒත් දුප්පත් රටක 3 වරක් බලය දිම අවු 18 ක් වැනි දිර්ග කාලයක් දිම මොලෙ ඇති කිසිදු කෙනෙක් රටක් අනුමත කරයිද මහින්ද එයාගෙ බඩ වියත රැකගන්න මිස අපිට ආදරේට එන්නැති බව අප දැනගත්තා

අපි කාටවත් පක්ෂ නැ... මහින්ද වෙිවා කවුරැ වෙිවා හො වෙිවා..අපිට මෛත්‍රිගෙ පාලනයත් එපා වුනොත් ඡන්දෙන්නෙ නැහැ හැබැයි එයාටත් අවු 4 හො 12 හොදටම ඇති.. අරවා මෙිවා කලා කියලා බලන්නෙ නැහැ..අපි එයාලව හුරතල් කරන්න යන්නෙ නැහැ.. යුද්ද ඉවර කල පලියට,ලමයි වඩාගත්ත පලියට එයාලා අපේ තාත්තා රජානෝ පියානන් අප්පචිචි දෙවියෝ වෙන්නෙ නැ.අපි බුද්ධිමත්ව හිතන පවුලක්...මහින්ද වගේ මෛත්‍රිත් වෙනස් වෙයි.. දැන් ඒක කියන්න බැහැ නේද??දැන් එයා හොදයි,ඒත් 2005 දි මහින්දත් හොදට හිටියා??

2005/ 2010 හිටපු මහින්ද නොවෙ අද ඉන්නේ, ඒක තේැමි ගන්න..සැමවිටම පාලනයට සුදුසු කෙනෙකු වසර 6 කින් තොරා ගත යුතුයි.. අපිට හිටිලර් ලා එකාපති ඉදි අමින්ලා අවශය නැහැ...

මහින්ද පාලනයේ වැරදි දැක දැක එයට අත ඔසවන අය පරාජයට පත්කරන ඡන්දයට තව ඇත්තෙ දින 16 යි ....

මෙවර තරැණ ඔබගේ බුද්මත් උගත් ඡන්දය භාවිතා කරන්න...මහින්දගේ පස්සේන් යන අන්ධ ගැහැනුන්ගෙ ඇස් පාදන්න...!!

නව ආන්ඩුවක් පත්කර, විධායක බලය මුලින් උදුරන්න බැරි නමි කමක් නහැ, අවු 4 ක පමනක් පාලනය බලය දිම වෙනුවෙන් අපිට තියන එකම :බලය ඡන්ද බලය: නිර්භීතව පාවිචිචි කරන්න...

මම කියන්නෙ නැ ඔයාලට අරයට දෙන්න මෙයාට දෙන්න කියලා භිශණ ඇති කරන්න රවටිටන්න ඔිනෙම නැහැ.. මට අමාරැවට ඇ.. මට ඔින වුනේ අවු 18 රට පාලන කාලය දීම සමිපුර්න වැරදි කියලා කියන්න..බැරි වෙලාවක් මහින්ද දින්නොත් ඉස්සරාට ඔයාලට තේරේයි...මට ප්‍රනශ්නයක්
නැහැ කාට දුන්නත් ..මමත් A/Lදේශපාලන විෂය ඉගනගත්තු කෙනෙක්,එ නිසා අවු 12 ක් පාලනය ඇති, අපේ රටට ඒක යහපත්...අවු 12ත් වැඩි වගේ පේන්නෙ..අවු 2ක් ඇති..

නැත්තමි මහින්දගේ බාබා ළමයි පවුල් මන්ත්‍රි ගෝලයොන්ගේ පාලනයන් මෙී රට කයි,...!! ඉදිරි වසර 8 මහින්දගෙන් බෙරාගනු,....!!

බලලා බමිප්/චොදනා/ තර්ජන/අදහස්/බැනුමි දැමිමට කමක් නැහැ/රස විදලා හිනා වුනත් කමක් නැහැ ඔයිිියියියියි/මට කිචි ඔයි,,,මට තරහා යන්නෙ නැහැ..

මෙික මගේ අවසාන දේශපාලන thread ඒක...බායි ...ආයි මැතිවරනකදි නමි sure එනවා

රටටම සුභ අනාගතයක් වෙිවා...

අමාරැවෙන් හරි නැවත ගොඩ එන්න..අලුත් ආන්ඩුවට මෛත්‍රි ට නිසැක ජය,...!!

නිවැරදි කිරිම;නැදැයො කටිටිය
50 දෙනයි අනිත් අය යාලුවො හිතවත් අයගෙ මනාප එක්කයි කිවෙි...




elakiriyeni

Member
anuraw123 is on a distinguished road