Wednesday, January 29, 2014
video -- Gayesha wada pitiye patta athal
watch from 04.00 min....
ගයේෂා පෙරේරා කදුළු මාර්කට් කරයි පට්ට ආතල් ...... ගු 7 බොක නායි
Sunday, January 26, 2014
කෝටිපතියෙකු_වූ ස්‌ට්‍රෝබෙරි වවන්නා
රුපියල් එකසියහැටක් අරගෙන
නුවරඑළියට පැමිණ කෝටිපතියෙකු වු ස්‌ට්‍රෝබෙරි වවන්නා
* ගම කුරුණෑගල
* නුවරඑළියට ආවෙ 2001
* අද කුරුඳුවත්තෙත් හෝටල් තියනවා
නුවරඑළියට පැමිණ කෝටිපතියෙකු වු ස්‌ට්‍රෝබෙරි වවන්නා
* ගම කුරුණෑගල
* නුවරඑළියට ආවෙ 2001
* අද කුරුඳුවත්තෙත් හෝටල් තියනවා
සුද්දෝ අපට අරුම දෑ ඉතිරි කර ගියහ. තේ වැව්වේ සුද්දෝය. රබර් වැව්වේත් සුද්දෝය. කෝපි මෙන්ම වාණිජ වගාවක් ලෙස කුළුබඩු වගා කරන්නට පටන් ගත්තේත් සුද්දෝය.මේ වගාවන් අදත් අපේ රටේ ආර්ථිකය පෝෂණය කරන්නේය. ඒත් සුද්දෝ වැවූ අමුතු වගාවක් තවමත් අපේ රටේ අප්‍රකටව ඉතිරිව තිබෙන්නේය. ඒ වගාව කරන්නේ නුවරඑළියේය. නුවරඑළියේ සැපට හදන භෝගය ස්‌ට්‍රෝබෙරිය.
ලංකාවේ ස්‌ට්‍රෝබෙරි වගාකරන්නට පුළුවන් පරිසරයක් තියෙන්නේ නුවරඑළියේ පමණය. ලෝකයක් රසවත් කළ මේ ඉමිහිරි පලතුර සුද්දෝ ලංකාවට ගෙනාවේ මීට අවුරුදු එකසිය හැටකට පමණ ඉහතදීය. වාර්තා වන ආකාරයට ස්‌ට්‍රෝබෙරි ලංකාවට අරගෙන එන්නේ 1842 දී මෙහි පැමිණි බේකර්ස් සාමිවරයාය. ඒ අලංකාරයට ඔහුගේ ගෙවත්ත වටේ වගා කරන්නටය. වත්ත වටේ වගා කරන්නට බේකර්ස් සාමි ගෙනා ස්‌ට්‍රෝබෙරි වගාවෙන් අද නුවරඑළිය පැත්තේ බොහෝ දෙනෙක් ජීවත් වන්නේය.
අපේ රටට අවුරුදු 160 කට කලින් ආවත් මිනිස්‌සු ස්‌ට්‍රෝබෙරි ගස ගැන දැනගෙන සිටියේ ශිෂ්ටාචාරවත් වෙන්නටත් පෙරය. එනම් මීට අවුරුදු 22000 එපිට කාලයේය. මිහිරි සුවඳක් සහිත, රෝස කුළයට අයත් ස්‌ට්‍රෝබෙරි ශාකය සොයාගෙන තිබුණේ යුරෝපීයයන් විසිනි. පසු කාලීනව රුසියාව, ඇමරිකාව, ප්‍රංශය, කැලිෆෝනියාව වැනි රටවලට මෙම පලතුර ව්‍යාප්ත වූයේය. ආසියාවට මේ පලතුර පැමිණියේ යටත් විජිතකරණයත් එක්‌කය.
ස්‌ට්‍රෝබෙරි සම්බන්ධව ස්‌ට්‍රෝබෙරි තරම්ම රසවත් කතා ඇත්තේය. ප්‍රංශයේ ජීවත් වූ තෙරේසා ටැලියන්, ඇයගේ සම දීප්තිමත්ව සහ මෘදුව පවත්වා ගෙනයැමට මෙන්ම සමෙහි ඇති කැලැලි මකා ගැනීමට ස්‌ට්‍රොබෙරි ස්‌නානය කර තිබුණේය. 18 වන සියවසේ ජීවත් වූ ලේඛකයකු වන Fontenelle ඔහුගේ ආයුෂ වැඩිකර ගැනීම ස`දහා දිනපතා නැවුම් ස්‌ට්‍රෝබෙරි ආහාරයට ගත් බවද කියෑවුණේය. අතීතයේ සිටම මිනිස්‌සු රුව වඩවා ගන්නටත්, රක්‌ත වාතය වැනි රෝග සුව කරගන්නටත්, අධි රුධිර පීඩනය වලක්‌වා ගන්නටත්, මුත්‍රාශයේ සහ වකුගඩු වල සිදුවන ආබාධ වළක්‌වා ගන්නටත් ස්‌ට්‍රෝබෙරි උපකාරී වන වග දැනගෙන උන්හ.
ස්‌ට්‍රෝබෙරි පලතුර අපේ රටේ නුවරඑළිය ප්‍රදේශයේදී පමණක් වැවෙන්නට හේතුවක් තිබේ. ඒ දහවල් කාලයට උණුසුමත් රාත්‍රී කාලයට සීතලත් ස්‌ට්‍රෝබෙරි ශාකය වැඩීමට අවශ්‍ය කරන නිසාය. මෙසේ මහා පරිමාණ වගාවක් ලෙසින් ස්‌ට්‍රෝබෙරි වවන මිනිස්‌සු අපේ රටේ සිටින්නෝය. එවන් මනුස්‌සයෙක් පසුගියදා අපට මුණගැසුණේය. නුවරඑළියේ ග්‍රෙගරි වැවට කිලෝමීටර 2 පමණ එපිටින් ඔහුගේ ගෙවත්තත්, ස්‌ට්‍රෝබෙරිවලින් සකසන ලද ආහාර සහිත අවන්හලත් පිහිටා තිබුණේය. ගෙවත්ත සැරසී තිබුණේ ස්‌ට්‍රෝබෙරි ගස්‌වලිනි. ස්‌ට්‍රෝබෙරිවලින් සැකසු ආහාර සහිත අවන්හල දේශීය සංචාරකයන්ගෙන් පිරී තිබිණි. මේ මිනිස්‌සුන්ට මේ ස්‌ට්‍රෝබෙරි වත්ත හා අවන්හල නුවරඑළිය තරම්ම අපූරු බව හැඟිනි.
මේ අපුරු ස්‌ට්‍රෝබෙරි වවන්නා එඩ්මන් සමරනායකය. ඔහු ඔහුගේ අප සමග කතා කරමින්ම ඔහුගේ වගාව දකින්නට අප කැඳවාගෙන ගියේය.
පළමුව අප දකින්නේ පලදාව නෙළා අවසන් කරන ලද ස්‌ට්‍රෝබෙරි පැළ පේළියකි. ඒ අතරින් අප අලුත් ස්‌ට්‍රෝබෙරි පැළ සිටවූ ප්‍රදේශයට යන අතරතුර ඇඩ්මන් සමරනායක අපට ඔහුගේ කතාව කීවේය.
මගෙ ගම කුරුණෑගල. මම නුවරඑළියට ආවේ 2001 දී. මෙහෙට එනකොට මගෙ ළග තිබුණේ රුපියල් 160යි. ඒ රුපියල් 160ත් එක්‌ක තමයි මම මේ තරම් දුර ගමනක් ආවේ.
ඔහු සිනාසෙමින් අතීතය මතක් කළේය.
මුලදී මම පොඩි පොඩි වැඩ කළා. ඊට පස්‌සේ හිතුවා ස්‌ට්‍රෝබෙරි වවන්න. මුලින්ම මම වවන්න ගත්තේ පැළ 100ක් විතර. ඒ කාළේ යුද්ධෙ තිබුණ නිසා මේ වගාව කරගෙන යන්න අපහසු වුණා. මේ පළාතේ මම දන්න කිසි කෙනෙක් හිටියේ නෑ. ඒ වගේම මම ස්‌ට්‍රෝබෙරි ගැන මොනවත්ම දැනගෙන හිටියේ නෑ. කෘෂිකර්මය ගැන දැන හිටියෙත් නෑ. ඒත් මං උත්සාහ කළා. ඒ උත්සාහයෙදී ලබපු ප්‍රායෝගික අත්දැකීම්වලින් තමයි මං ගොඩනැගුනෙ.
යුද්දෙ කාලයේ මේ වගාව කරගෙන ගියේ ගොඩක් බාධක මැද්දේ. වෙළෙඳපළක් නෑ. සංචාරක ව්‍යාපාරයක් නෑ. හැබැයි යුද්දෙ අවසන් වුණ ගමන් ස්‌ට්‍රෝබෙරිවලට තිබුණු ඉල්ලුම ගොඩක් ඉහළ ගියා. ඊට පස්‌සේ ඉහළ ආදායමක් ලබන්න හැකි වුණා. ලංකාවට ස්‌ට්‍රෝබෙරිවලින් කෑම හදුන්වලා දුන්නේ මම. ජැම්, පෑන්කේක්, පීසා, ජූස්, සෝස්, වගේ කෑම ජාති ගොඩක් හදුන්වලා දුන්නා. ඒවා ගොඩක් ජනප්‍රියයි. ඒ වගේම face wash, ක්‍රීම්වර්ග හදන අයටත් ස්‌ට්‍රෝබෙරි තොග වශයෙන් දෙනවා. මගේ ළඟ දැන් සේවකයො 165ක් ඉන්නවා. ඔහු අපි සමග පැවසුවේ සාඩම්බරයෙනි.
එක් ස්‌ට්‍රෝබෙරි පැළයකින් ග්‍රෑම් 750ත් කිලෝ එකත් අතර ප්‍රමාණයක් පලදාව ලබාගන්න පුළුවන්. පැලයක ආයු කාලය මාස 08 යි. මල් පිපිලා දින 14ක් ඇතුළත අස්‌වැන්න නෙළීමට හැකි තත්ත්වයේ ගෙඩි හට ගන්නවා. හො`ද තත්ත්වයේ පැළයකින් දිනක් හැර දිනක් ගෙඩි කඩන්න පුළුවන්. වැඩි හිරු රැස් වලට හසු වුවහොත් මේ තත්ත්වය වෙනස්‌වන්නට ඉඩ තිබෙනවා. එඩ්මන් සමරකෝන් තම වගාව ගැන කියන්නේ එසේය.
ස්‌ට්‍රෝබෙරි වර්ග ගොඩක් තිබෙනවා. ලංකාවට ගැළපෙන්නේ චන්ල කියන වර්ගය. ඒවා හදන්න ග්‍රීන් හවුස් අවශ්‍ය නැහැ.කොහොම වුණත් ස්‌ට්‍රෝබෙරි කියන්නේ හොද ආදායමක් ලබන්න හැකි වගාවක්. මේක දියුණු කරගන්න ඕන අපිමයි.මගේ ඉඩම්වලට අමතරව මා දැන් අනෙක් අයට සල්ලි දීලා වවල අස්‌වැන්න මිලදී ගන්නවා.මම දන්නෙ නෑ අනෙක් අය ගැන. ඒත් මට නම් ඉල්ලන ප්‍රමාණය දෙන්න තරම් ස්‌ට්‍රෝබෙරි නැහැ. ඒ තරම් ඉහළ ඉල්ලුමක් පවතිනවා. දැන් මගේ ආදායමත් තියෙන්නෙ ඉහළ තත්ත්වයක. මගේ තව පැක්‌ටරියක් ලබුකැලේ තියෙනවා. ඒ විතරක් නෙවෙයි, මට කොළඹ හතෙත් හොටෙල් එකක් තියනවා. මම මේ ඔක්‌කෝම කළේ ස්‌ට්‍රෝබෙරි වවලා උපයපු සල්ලි වලින්. මම අනෙක් අයටත් කියනනේ මේක ඉතාම හොඳ ව්‍යාපාරයක්. ඒ නිසා මේ ව්‍යාපාරයට එක්‌වෙන්න කියලා, ඔහු පවසන්නේය.
අපි මේ අපූරු වවන්නා දෙස බලාගෙන සිටියෙමු. හේ කුරුණෑගල උපන් හද්ද පිටිසර දුගී ආගන්තුකයකු සේ නුවරඑළියට පැමිණියෙකි. අතේ තිබෙන්නේ රුපියල් එකසියහැටකි. අවුරුදු දහතුනකට පසු ඔහු යටතේ සේවය කරන සේවක පිරිස 165 කි. කොළඹ කුරුඳුවත්තේත් හෝටල් හිමි සාර්ථක ව්‍යාපාරිකයෙකි. අපේ රටේ සැපයුම් කිරීමට අපහසු තරමේ ඉල්ලුමක් සහිත ස්‌ට්‍රෝබෙරි වවන්නට හේ අපට ආරාධනා කරන්නේය. අලුතින් හිතන මිනිස්‌සු අලුත් විධියේ අලූත් පාරවල් විවර කර ගනිති. ඒ මග යමින් තවත් මිනිස්‌සුන්ට ඒ මග පැමිණෙන්නට ඇරයුම් කරති. ලෝකය ලස්‌සන වන්නේ එවැනි මිනිසුන් නිසාය.
කුමාරි තල්පාවිල
ඡායාරූප අශේන් කිරිආරච්චි
divaina news paper
Thursday, January 23, 2014
ලංකාවේ ලස්සන, කුරුල්ලෙකුට පෙනුන විදිහ
Type any name to tag: Type any name |
Tuesday, January 21, 2014Sunday, January 19, 2014සිංහල අත් බෙහෙත් 100ක්
කාට හෝ වැදගත් වෙයි කියල හිතපු නිසා දැම්ම
1. සෙම්ප්‍රතිශ්‍යාවක් සෑදීගෙන එනවිට සෙම පැසවා ඉවත්කරවා සුවවීට අමු ඉගුරු,කොත්තමල්ලි,පත්පාඩගම්,කටුවැල් බටු,කළං 3 බැගින් ගෙන වතුර පත 8-1 සිඳුවා සීනි අනුපානය කොට පත 1/2 බැගින් උදේ සවස වඬි 4 ක් පමණ බොන්න. සහිද ලුණු අනුපානය කොට බීම වඬාත් හොදයි. 2. සෙම්ප්‍රතිශ්‍යා උණට අමු ඉගුරු,කොත්තමල්ලි,පත්පාඩගම්,කටුවැල්බටු,දේවදාර කළං දෙකයි. මදටිය 8 බැගින් ගෙන වතුර පත 8-1 සිඳ සහිඳ ලුණු අනුපානය කොට උදේ සවස පත භාගය බැගින් බොන්න.(වඩි 3 පමණ) 3. කැස්ස සහිත සෙම්ප්‍රතිශ්‍යා උණට තිප්පිලි කළං 1 යි, අමු ඉගුරු කළං 2යි, බැදපු කොත්තමල්ලි කළං 3 යි, වතුර පත 8-4 සිඳුවා වී පොරි කළං 6 ක් දමා පත එකට සිඳුවා සහිඳ ලුණු කළඳක් දමා උදේ හිස්බඩ එකවර පතම බොන්න. 4. සෙම සහිත කැස්සට අමු ඉගුරු,කටුවැල්,බටු තිප්පිලි,සුවඳ කොට්ටන් කළං 3 බැගින් ගෙන වතුර පත 8-1ට සිඳ උදේ සවස සීනි දමා වඩි කීපයක් බොන්න. 5. පපුවේ සෙමට සරිතේක්කු,අමු ඉගුරු,කළං 6 බැගින් ගෙන වතුර පත 8-1 සිඳුවා පත 1/2 බැගින් සූකිරි අනුපානය කොට උදේ සවස වඩි 4 ක් බොන්න. 6. සෙම් ගෙඬිවලට I – නිල් කටරොල් මුල්,මුරුංගා පොතු සිවිය,නිකමුල් සමව ගෙන තම්බා මී පැණි දමා උදේ සවස බොන්න. II – මුරුංගා මුල්,ඇඹුල් දොඬම් යුෂින් ගලගා හක්කේ තියා සෙම අරින්න. III – ගම්මිරිස් කුඬු,දිය ලුණු වතුරට දමා උගුර සෝදන්න. (සෙම්ගෙඬි නිතර සෑදේ නම් හොඳ නැත.භයානක රෝග ඇතිවිය හැකි බැවින් වෛද්‍යවරයෙකු හමුවන්න. 7. කල්ගිය සෙම්ප්‍රතිශ්‍යාවට රසකිඳ,කටුවැල් බටු,අමු ඉගුරු,කලාඳුරු අල,සුවඳ කොට්ටං කළං 2 යි. මදටිය 8 බැගින් ගෙන වතුර පත 8-1 සිඳ සීනි දමා උදේ සවස පත 1/2 බැගින් වඩි 4 ක් පමණ බොන්න. 8. කැස්සට I – කටුවැල් බටු මුල්,පොල්පලා මුල්,එළබටු මුල් රසකිඳ කළං 2 බැගින් ගෙන වතුර පත 8-1 සිඳ වී පොරි කළං 4 ක් දමා එකට සිඳ උදේ සවස පත 1/2 බැගින් මී පැණි දමා බොන්න. II – වැල් මී,මුද්දරප්පලම්,තල් සූකිරි සමව ගෙන තම්බා ටික ටික බොන්න. 9. වේලුම් කැස්සට ආඞතෝඬා මුල්,රසකිඳ,කටුවැල් බටු කළං 3 බැගින් ගෙන වතුර පත 8-1 සිඳ පත 1/2 බැගින් තිප්පිලි කුඩු දමා උදේ සවස බොන්න. 10. පීනසයට අසමෝදගම්,තිප්පිලි,බෙලිමුල්,සිද්ධි ගුරු,බැදපු කොත්තමල්ලි,කුරුඳු පොතු කළං දෙක බැගින් ගෙන වතුර පත 8-1 සිඳ සීනි දමා උදේ සවස පත 1/2 බැගින් බොන්න. (වඩි 4 ක් 5 ක් බොන්න.) 11. ඇදුමට I – කටුවැල් බටු,සිද්ධි ගුරු,නෙඵම් ඳඩු,කර්කටගසිංගි,කලාඳුරු අල,රසකිඳ කළං 2 බැගින්ගෙන වතුර පත 8-1 සිඳ පත 1/2 බැගින් සීනි අනුපානය කොට උදේ සවස බොන්න. (වඩි 4 ක් 5 ක් ) II – පොල්පලා අස්වැන්න,කටුවැල්බටු,එඩරුමුල්,මිදි මුල්,බෙලි මුල්,ඇත් දෙමට මුල්.තොටිල්ල මුල්,එළබටු මුල්,පළොල් මුල් කළං 1 යි. මදටිය 4 බැගින් ගෙන වතුර පත 8-4 සිඳ වීපොරි කළං 12 ක් දමා පත දෙකට සිඳ තිප්පිලි කුඩු දමා උදේ සවස පත බැගින් වඩි 4 ක් පමණ බොන්න. 13. මුහුණේ තිත් ලප වලට කටු ඉඹුල් ගහේ කටු එළ කිරෙන් අඹරා රාත්‍රි නින්දට යනවිට මුහුණේ ගාන්න. උදේට ඇල්වතුරෙන් මුහුණ සෝදන්න.(සති 2 යි) 14. මුහුණේ තිත් ලප නැති වීමට කහ,වෙනිවැල් ගැට ලොන් සුඹුලු,අබ,මනෝසිල සමව ගෙන තැඹිලි වතුරෙන් අඹරා රාත්‍රි නින්දට යනවිට මුහුණේ ගාන්න. උදේට ඇල් දියෙන් මුණ සෝදන්න. (ක්‍රීම්,පුයර වර්ග ගෑම තහනම්) 15. කුරුළෑවලට I – ලොන් සුඹුලු,වද කහ,කොත්තමල්ලි ඇල්වතුරෙන් අඹරා ගාන්න. II – නස්නාරං මුල්,මනෝ සීල එක පමණ ගෙන පළමුව එළගොම ඉස්මෙන් අඹරා දෙවනුව ගිතෙලින් අඹරා ගාන්න. (මනෝසීල විෂ ද්‍රව්‍යයකි. කටේ නොගෑවෙන්න ගෑ යුතු බව හොඳින් සලකන්න.) තිත් ලප කුරුලෑ සම්පූර්ණ නැතිවේ.) 16. මුහුණ සෞම්‍ය වීමට ඉතා ප්‍රත්‍යක්ෂ ඹෘෂධයක් I – ගම්මිරිස් ඇට 5 යි,ගොරෝචන කළං 1 යි,ඇල් දියෙන් අඹරා දවාලට ගාන්න. II – (කෙමකි) දිනපතා ආහාර අනුභව කොට,කතා වරක් සෝදා තුන් වරක් මූණේ අත අතුල්වන්න. කිසිදා කුරුළෑ නොඑයි. 17. කට ගඳ නැතිවීමට ගස් කරල් හැබෝ පැළෑටි පුඵස්සාගත් අඵ,අඹකොළ ඉස්මට දමා අව්වේ කකාරා වේලා රැගෙන බුලත් සමග උදේ සවස කන්න. මනා සුවඳ හමයි. 18. කටහඩ මිහිරි වීමට I – සිද්ධි ගුරු,වදකහ,කොට්ටම්,අරලු,වැල්මී,තිප්පිලි,අසමෝදග ම්,සහ ිඳ ලුණු සමානව ගෙන චූර්ණයක් සාදා මී පැණි,ගිතෙල් සමග උදේ සවස වලඳන්න. වරකට කළං 1/2 යි II – බැමිතිරිය මුල්,සිද්ධිගුරු,වඳකහ,සහිඳ ලුණු සමව ගෙන කුඩුකර පිරිසිදු මී පැණියෙන් අනා උදේ සවස ටික ටික අනුභව කරන්න. (මෙම ප්‍රතිකාර දෙකම හඩ මිහිරි වීමට ඉතා ප්‍රත්‍යක්ෂයි) 19. දත් ඇදෙනවාට සවිවීමට කටුකරඞු,සමන්පිච්ච කොළ,කරඳ මුලේ පොතු කළං 6 බැගින් ගෙන කයිප්පු,සීනක්කාරං,රත් හඳුන් කළං 3 බැගින් දමා වතුර පත 16 පත 4 ට සිඳුවා දිනකට 3 වරක් වරකට විනාඩි 5 ක් වතුර කටට ගෙන කකාරා කට සෝදා හරින්න. (දත් රෝග නසා තදින් දත් සවිවේ.) 20. අකාලයේ දත් සෙලවීමට කයිප්පු,සහිඳ ලුණු කළං 3 බැගින් ගෙන කුඩුකර තාච්චියකට තල තෙල් තුන්කාලක් දමා එයට කුඩු දමා කාලට සිඳුවා හොඳින් නිවුනු පසුව බෙහෙත් බිදක් කටට ගෙන විනාඩි 5 ක් පමණ කලතමින් සිට කට සෝදා හරින්න.(දිනකට 3 වරයි.දත් සවිවේ.) 21. දත් කැක්කුමට සීනක්කාරං පුඵස්සා කුඩුකර බෝතලයක දමා වතුර පුරවා තබාගෙන නිතර සොලවා කට සෝදන්න. 22. දත් පණුවන් කෑමට I – තිබ්බටු ගෙඩි තලතෙලින් මලවා කැක්කුම ඇති පැත්තේ දත්වලින් හපා දියලුණු වතුරෙන් කට සෝඳන්න. II – වියළි ඉගුරු,ගම්මිරිස්,පිලමුල් පොතු,දියලුණු සමව ගෙන දෙහි ඇඹුලෙන් අඹරා දත මුල තබන්න. 23. දත් සුද්ද කිරීමට ඉඳුන බිලිං ගෙඩි කිහිපයක් ගෙන කටට දමා හොඳින් සපා විනාඩි 10 ක් පමණ බුරුසුව ගෙන දත් දෙපල මදින්න. දත් සිදුරු ආදිය හොදින් මදින්න.ඉන්පසු ඉවත් කොට තල තෙල් ටිකක් කටට ගෙන විනාඩි තුන හතරක් දත් සිදුරු ඇතුළ ආදියට හොදින් කලතා කට සෝදා හරින්න. මුතුමෙන් බැබළේ. 24. කණ් කැක්කුමට I – නික කොළ,සහිඳ ලුණු,සුදු ඵෑණු කොටා මිරිකා හොඳින් පෙරා කණට බිංදු කීපයක් වත් කරන්න. I – සුදු ඵෑණු,කඹුරු ඇට මඳ,පෙරුන්කායම්,සිරැස්සවාලු සමව ගෙන අඹරා කෙසෙල් කොළයක ඔතා උණු අලුපල්ලේ තම්බා මිරිකා පෙරා කණට බිංදු කීපයක් වත් කරන්න. 25. කණ පැසවීමට I – සහිඳ ලුණු,ළපටි කපු ගෙඩි,තලතෙල් සමව ගෙන තලා පෙරා කනට බිංදු කීපයක් වත් කරන්න. II – දෙමට මුල් පොතු කුඩු,මිරිස්ස මුලේ පොතු,වියළි කහ,මගුල් රඳමුල් පොතු තල තෙලින් අඹරා රත්කර කන ගැටේ ගා ඉස්ම බිංදු කීපයක් කණට වත් කරන්න. III – අමු කහ,කොහොඹ කොළ කොටා ඉස්ම රත්කර බිංදු කීපයක් කණට වත්කරන්න. 26. කණේ සතෙක් ගිය විට දියලුණු බිංදු කීපයක් කණට වත් කරන්න. 27. ඉස්හොරි I – දෙහිගෙඩි කීපයක්,පොල් කිරෙන් තම්බා,පොඩිකර හිසේ ගා විනාඩි 30 ක් සිට නාන්න. දින 3 කින් පසු සුවවේ. II - ඉදුනු ඇඹුල් කෙසෙල් ගෙඩි පොඩිකර හිසේ ගා විනාඩි 30 කින් නාන්න. දින 3 කින් සුව වේ. 28. උකුණන් වඳකර ගැනීමට I – කොහොඹ මල් අඹරා හිසේ ගා විනාඩි 30 ක් සිට නාන්න. උකුණෝ වැටෙති II – අබ,ගොඩපර එකට තම්බා එම වතුරින් හිස සෝදා නාන්න.දින කීපයක් කිරීමෙන් උකුණෝ වඳවෙති. 29. හිසකෙස් ක්‍රේල්ව දිගුව වැඩෙන්නට වලස් තෙල් 1/4 කට ඉතා පිරිසිදු තල තෙල් 1/2 ක් දමා හොදින් කළවම් කර දින 3 ක් ගියපසු,දිනපතා හිසගල්වන්න.දීර්ගව කඵපාටට කෙස් වැඩේ. 30. අකලට සුදුවෙන කෙස් කඵවීමට කීකිරිදිය කොළ ඉස්ම පත 8 යි. නෙල්ලි ඉස්ම පත 8 යි.හොඳින් කළවම් කර රාත්‍රි මඳ ගින්නේ ගිණි අගුරු වලින් පමණක් රත් කර කකාරා,සතකුප්ප,සුදුහඳුන්,කංකුමප්පු,කොල්ලං කොළ,ජටා මාංශ සමව ගෙන හොඳ ප්‍රසිද්ධ බෙහෙත් කඩයකින් කස්තුරි පොඩ්ඩක් ගෙන (කස්තුරි මිල අධික නිසා පොඩ්ඩක් ගන්න) සමව අඹරා ඉහත බෙහෙත් බඳුනට දමා පදමට සිඳුවා හිස ගල්වන්න. සුදු කෙස් කඵවේ. 31. හිසේ කෙස් යනවාට උදේ පමණ ඇල්වතුර නා ඉතා හොඳින් හිස පිරිමැද ඉහත ආකාරයට සුදුවන කෙස් සඳහා වූ තෙල් සාදා ගන්න. (ඉතා වටිනා ඖෂධයකි.) 32. තද හිස රුදාවට I – ඉගිනි ඇට,අරඵ,නෙල්ලි,සියඹලා,සුදු හඳුන්,කෝමාරිකා,කුර මුල් මුකුණු වැන්න සමව ගෙන තැඹිළි වතුරෙන් අඹරා නළලේ ආලේප කරන්න. II – සුදු හඳුන් තන කිරෙන් ගලගා රෙදි කෑල්ලක ගා නළලේ එලන්න. III – දෙහි ඇඹුලෙන් ඉගුරු ගලගා නළලේ එලන්න. IIII – රතුඵණු විනාකිරෙන් අඹරා නළලට පැලැස්තර එළන්න. IIIII – කහ කුඩු රෙදි කඩක දමා,පහන් තිරයක් මෙන් සාදා ගිතෙලින් පොගවා දල්වා දුම නාසයට උරන්න. ඉහත ප්‍රතිකාර කන ගමන් අමු කහ,කොහොඹ කොළ නම්බා උදය කාලයේ හිස සෝදා හොඳින් තෙත සිදුවා සිතෝදක තෛලය නිතර ගාන්න. 33. ඉරුවාරදයට I – සුදුඵෑණු,තලඇට,සහිඳ ලුණු මී පැණියෙන් අඹරා නළලේ ගාන්න. II – අබ,සුදු හඳුන්,අමු ඉගුරු ඇඹුල් දොඩම් යුෂින් අඹරා පැළැස්තරයක් සාදා නළලට එලන්න. III – සියඹලා කොළ,උඳුපියලිය කොළ,රතුඵෑනු කොටා පොට්ටනි කර වන්ඩුවේ තම්බා නළල තවා(හොඳින් තවන්න)නිශාදි තෛලය හිස ගල්වන්න. 34. නාසයෙන් ලේ යනවාට I – ගොටු ඳඞු,අසමෝදගම්,රතුඵෑනු,වළගසාල් සමව ගෙන තම්බා එම වතුරට සීනි දමා උදේ සවස බොන්න. II – දෙඵම් මල් තලා ඉස්ම බිංදු කීපයක් නහයට දමන්න. III – කෙසෙල් අල කොටා යුෂ ගෙන හිසේ ගාන්න. IIII – නීල්‍යාදි තෛලය ගෙන හිසේ ගල්වන්න. 35. නාසයේ මස් ඳඵ වලට වියළි කෙසෙල් කැන් නැටි,රත් නිටුල්,පල්මානික්කම් සමව ගෙන දවාගත් අඵ දෙහි ඇඹුලෙන් අනා,රෙදිකඩක ගා මස් දඵවේ එලන්න. 36. නාසයේ වේලුමට නීල්‍යාදී තෛලය නාසයට උරන්න.හිස ගල්වන්න. 37. අඵහම් වලට (පළමුව සැහැල්ලු බඩ විරේකයක් කරන්න.මෙහි බඩේ රෝග සඳහා වන සැහැල්ලු විරේකයක් සුදුසුය.) I – ඇත්තෝර කොළ යුෂ දෙහි ඇඹුල් කළවම් කර අව්වේ කකාරා ගා පැයකට පසුව නාන්න. II – ඇත්තෝර කොළ,පේර කොළ,අමු කහ සමව ගෙන කොටා යුෂ ගෙන අවුවේ කකාරා ගා පැයකින් නාන්න.(සතියයි) 38. පණු කැවිළි දද වලට I – ඇත්තෝර දඵ,බේත් එඞරු දඵ,කුකුරුමාං දඵ,කොහොඹ දඵ,දෙහි ඇට මද කොටා පොට්ටනි බැඳ වණ්ඩුවේ තම්බා උදේ සවස හොඳින් තවන්න. II – ඇත්තෝර කොළ,දෙහි ඇට මද,සුදු ඵෑණු සමව ගෙන දෙහි ඇඹුලෙන් අඹරා බඳින්න. ගාන්න. III – ලුනුවිල තැම්බු වතුරෙන් හෝ කොහොඹ දඵ,අමුකහ තැම්බු වතුරෙන් හෝ සෝදන්න. 39. අල්ලේ පණු කැවළි වලට I – රත් නෙටොල් කොළ,අමුකහ,දියලුණු එකට දමා කොටා මලවා බඳින්න. II – සියඵම පණු කැවිලි දද ඇති අය මෙම කසාය වඩි 4 ක් බීමෙන් නිට්ටාවටම සුවවේ. 40. පණු හොරි වලට I – නිදිකුම්බා,සමදරා කොළ තම්බා සෝදා හුණු,කපුරු,කහ සමව ගෙන පිරිසිදු තැඹිලි තෙලින් අඹරා ගාන්න. II – සහිඳ ලුණු,අරඵ,ඊතණ,කෙළිඳ හාල්,තෝර ඇට සමව ගෙන හාල් පාණු දියෙන් අඹරා ගාන්න. 41. ඉන්නන්ට I – වලා වැන්න ඉස්ම උණුකර ගාන්න. II – බුරුල්ල ගෙඩි පොඩිකර ඉන්නන් පිට උලන්න. III – දියලබු නැට්ට දින කීපයක් ඉන්නාගේ අතුල්ලන්න.ගැලවේ IIII – රතුඵෑණු ගෙඩියක් කපා කැපු පැත්තට හුණු ටිකක් ගා ඉන්නා මතුපිට අතුල්ලන්න.සමේ ගාන්න එපා තුවාල වේ. 42. කට තොල සුදු කබරවලට I – ඉරිවේරිය ගස සහමුලින් ගෙන පුච්චා අඵ ටික ඇල් වතුරෙන් අනා කබරවල ගාන්න. II – වරා කිරි භාජනයකට ගෙන,වියළි පොත් ගෙඩිවල කිරි හා තලතෙල් ටිකක් සමග කළවම් කරන්න.තද අව්වේ හොඳට සිඳුවා රෑ නින්දට පෙර ගාන්න. 43. ගතේ සුදු කබරවලට I – මොණර පිල්,සිවංගුරු සමානව ගෙන ගව මුත්‍රා වලින් අඹරා උදේ සවස සති දෙකක් ගාන්න. II – දිවි සම පුඵස්සා ගත් අඵ මී තෙලින් අඹරා ගාන්න. 44. ඇගේ පඵ නැගුන විට කරප්පන්වලට I – අබ තෙල් ගාන්න.නැතිනම් වාත විදුරංග තෙල් ගාන්න. II – අමු පොල්කොළ හීනියට ඉරා ගිණි කබලක් මත දමා දුම් අල්ලන්න. III – උණ දඞු පුඵස්සා ගත් අඵ තේ හැඳි 1 ක් පුරවා වතුර පීරිසි කෝප්පයකට දමා දියකර පෑදුනාට පසුව පෙරා එම ජලය දිනකට තුන්වරක් බොන්න. IIII – දුම්මෑල්ල,කොත්තමල්ලි කළං 6 බැගින් ගෙන වතුර පත 8-1 ට සිඳ පත 1/2 බැගින් උදේ සවස බොන්න. (ළමයකුට නම් කළං 3 බැගින් වතුර පත 1/2 සිඳ උදේ සවස දෙන්න.) 45. බඩේ අඡීර්ණයට I – අමු ඉගුරු උණු අඵ පල්ලේ දමා තම්බා සහිඳ ලුණු සමව ගෙන අඹරා,තිබ්බොටු ගෙඩියක් තරම් දිනකට තුන් වරක් කෑමට පැය 1/2 පෙර උණු වතුරෙන් බොන්න. II – පොල් හකුරු,අමු ඉගුරු,මුරුංගා පොතු සමව ගෙන දෙහි ඇඹුලෙන් අඹරා තිබ්බොට ගෙඩියක් තරම් උණු වතුරෙන් කෑමට පැය 1/2 කට පෙර බොන්න. 46. අඡීර්ණ පිච්චී යාමට කොත්තමල්ලි,වියළි ඉගුරු,තිප්පිලි සමව ගෙන කබලේ බැද කොටා හලාගෙන කෝපි මෙන් උදේ සවස බොන්න. 47. කෑම අරුචිය I – රතුඵෑණු,සුදු ඵෑණු,අමු මිරිස්,දියලුණු,ගම්මිරිස් සුදුසු පරිදි ගෙන කරපිංචා කොළ ටිකක් කබලේ බැද එයට දමා දෙහි ඇඹුලෙන් අඹර බත් සමග කන්න. (ළමුන්ට වුවද දීමට හැකිනම් ඉතා හොඳයි) II – අමු ඉගරු,සහිඳ ලුණු සමව ගෙන දෙහි ඇඹුලෙන් අඹරා කෑමට පැය භාගයකට කලින් තිබ්බටු ගෙඩියක ප්‍රමාණයක් උණු වතුරෙන් දියකර බොන්න. දිනකට 3 වරයි. 48. බඩේ දැවිල්ලට I – රසකිඳ,කොහොඹ පොතු,දුම්මැල්ල තම්බා ගත් වතුර සීනි දමා උදේ සවස බොන්න. II – ආඩතෝඩා කොළ,නෙල්ලි,බාර්ලි සමව ගෙන තම්බා සීනි දමා උදේ සවස බොන්න. III – පුහුල් මද ඉස්ම බොන්න. 49. මෙම කසාය බොන්න කොත්තමල්ලි,වියළි ඉගුරු,කළාඳුරු අල,බෙලිමුල්,ඉරිවේරිය කළං 2 යි මදටිය 8 බැගින් ගෙන වතුර පත 8-1 ට සිඳ පත 1/2 බැගින් උදේ සවස බොන්න. 50. කිරි පණුගායට පෙරුම්කායම් කුඩු,වළගසාල් කුඩු කළඳ බැගින් කළවම් කර සුදුඵෑණු ඉස්මෙන් කළඳක් හිස් බඩ අනුභව කරන්න. ඉන්පසු ගොටු දඞු තැම්බූ වතුර පතක් හිස්බඩ බොන්න. (පණුවන් වැටේ. ඉතා වටිනා ප්‍රතිකාරයකි.)
Wednesday, January 15, 2014Monday, January 13, 2014Tuesday, January 7, 2014බොදු-බල-සේනාවේ-තවත්-වැඩකලින් දාපු පින්තුර ටික මෙන්න. එතකොට මෙව්වා ෆොටෝෂොප් කියපු උන්දලා දැන් මොකෝ කියන්නේ? Wednesday, January 1, 2014නදීෂා ???????????????
මම දකුණට උඩින් පාත්වුණේ නෑ
ප‍්‍රශ්නය: රංගන ශිල්පිනියක් ලෙසින් කාගේත් ආදරයට පාත‍්‍ර වූ ඔබ ඇයි දේශපාලනයට පිවිසුණේ? පිළිතුර: ජනතා සේවකයෙක් වෙන්නයි. මම නායකයෙක් කියලා කියන්නේ හොඳම සේවකයාටයි. හොඳම සේවකයා නායකයායි. මට අණ දෙන්නෙක් වෙන්න ඕනේ නෑ. සේවකයෙක් වෙන්නයි අවශ්‍ය. ඒ හින්දයි දේශපාලනයට ආවේ. ප‍්‍රශ්නය: කලා ක්‍ෂේත‍්‍රයෙන් ඇවිත් ඉන්න අය කරන දේශපාලනය මදි හින්ද ද ඔබත් මෙතැනට තල්ලූ වුණේ? පිළිතුර: මම දේශපාලනයට ආවේ අනෙක් අය කරන්නේ නොකරන්නේ මොනවාද කියන කාරණය උඩ නොවෙයි. මම දේශපාලනයට ආවේ මම මොනවද කරන්න ඕනේ කියන කාරණය උඩයි. මට මොනවද කරන්න පුළුවන් වෙන්නේ කියන එක අපි ඉස්සරහට බලමු. ප‍්‍රශ්නය: ඔබ එජාපය තෝරාගත්තේ ආණ්ඩු පක්‍ෂයෙන් එන්න බැරිවූ හින්ද ද? පිළිතුර: මම එක්සත් ජාතික පක්‍ෂය තෝරා ගත්තේ කරුණු 2 ක් මතයි. එකක් මගේ පවුල් පසුබිම එක්සත් ජාතික පක්‍ෂයට තිබෙන සම්බන්ධයයි. අනෙක් කරුණ මට ඇත්තටම මේ ක‍්‍රමයේ වෙනසක් දකින්න ඕනේ හින්දයි එජාපය තෝරා ගත්තේ. මෙය පුද්ගලයකුට විරුද්ධව කරන සටනක් නොවෙයි. මේ දියවෙලා, කුණුවී යන ක‍්‍රමයට විරුද්ධව කරන සටනක්. ඒ සටනට ප‍්‍රධාන බලවේගය තමයි එක්සත් ජාතික පක්‍ෂය, ඒ හින්දා මගේ ගමන එජාපයෙන් ආරම්භ කළා. ප‍්‍රශ්නය: එජාපය මොනවගේ බලාපොරොත්තුවක් ඇතිවද ඔබ මෙතැනට තල්ලූ කළේ? පිළිතුර: ඒක නම් අහන්න ඕනේ එජාපයේ මහලේකම් තුමාගෙන්. මම ඉල්ලගෙන ගිය එකක් නොවෙයි. මට ආරාධනා කළා. ඒ ආරාධනාව මම බෘරගත්තා. එච්චරයි. ප‍්‍රශ්නය: උපේක්‍ෂා එජාපයෙන් ඇවිත් ආණ්ඩු පක්‍ෂයට සම්බන්ධ වුණා. ඔබත් ඒ වගේ කරණමක් ගහන්නද ලෑස්තිවෙන්නේ? පිළිතුර: නෑ. පැහැදිලිවම නෑ. ඒක ඉදිරියේදී ඔබලාට දැකගන්න පුළුවන් වේවි. ප‍්‍රශ්නය: කලාකරුවන් දේශපාලනයට එන එක දැන් වැඩිවෙලා. එහෙම වෙන්න හේතුව මොකක් කියලද ඔබ හිතන්නේ? පිළිතුර: විශේෂ හේතුවක් නෑ. මේක පශ්චාත් මධ්‍යතන සමාජයක්. ඒ සමාජයේ ජනප‍්‍රිය සංස්කෘතියට විශාල තැනක් තිබෙනවා. ජනප‍්‍රිය සංස්කෘතිය ඇතුළේ ප‍්‍රසිද්ධ චරිතවලට සාමජයේ ඉල්ලූමක් තිබෙනවා. එහි නරක දේ තමයි සමාජයේ අය හරයට වඩා පෙනුම වැදගත් කොට සැළකීමයි. අපේ වගකීම තමයි පෙනුම විතරක් නොව හරයත් එයට එකතු කරන්න ඕනේ කියන එකයි. ඒ සඳහා දැනුම හා පළපුරුද්ද අපි ලබාගත යුතුයි. ප‍්‍රශ්නය: කලාකරුවෝ මේ දේශපාලනයට ඇවිත් අනාගන්නවා. ඇවිල්ලා හැමෝගෙන්ම බැනුම් අහනවා. ඔයා ගෙනුත් ඒක බලාපොරොත්තු වෙන්න පුළුවන් නේද? පිළිතුර: දේශපාලනයේදී විතරක් නොවෙයි හැම ක්‍ෂේත‍්‍රයම හොඳ නරක වගේම බැණුම්ද අහන්න ලැබෙනවා. ඒක පොදු දෙයක්. ඒ වගේම අනෙක් අයගෙන් හොඳක් අහනවා වගේම මට වැදගත් වෙන්නේ අනෙක් අයගේ අඩි කෝදුවලින් මාව මැනගන්න එක නොවෙයි. මට මාව මනින්න මගේම මිනුමක් තිබෙනවා. මගේ හතුරාත් මමයි. මගේ මිතුරාත් මමයි. ප‍්‍රශ්නය: දකුණු පළාත් සභාවට ඉල්ලන්න ඔයාට තිබෙන සුදුසුකම මොකක්ද? පිළිතුර: පළමු කාරණය මම දකුණේ කෙනෙක් වීම. දෙවැන්න නීත්‍යානුකූලව මම ඡුන්දේ ඉල්ලන්න නුසුදුස්සෙක් නොවීමයි. මම දකුණට උඩින් පාත් වූ කෙනෙක් නොවෙයි. මම ඉපදුණේ අම්බලන්ගොඩ පොල්වත්ත ඉස්පිරිතාලේ. මොන්ටිසෝරි ගියේ පොඩි ඉඳුරුව හා මැටිවල, තෙල්වත්ත ප‍්‍රදේශවල මොන්ටිසෝරිවලටයි. පාසල් 1 වැනි ශ්‍රේණියේ ඉඳලා 8 වැනි ශ්‍රේණිය දක්වා අම්බලන්ගොඩ ප‍්‍රජාපතී ගෝතමී බාලිකා විදුහලේ ඉගෙන ගත්තේ. සා.පෙළ හා උ.පෙළ විභාග කැලණිය ප‍්‍රදේශවල විදුහල් 2 කින් ලබාගත්තා. මගේ ආච්චි අම්මා ඉන්නේ පොඩි ඉඳුරුවේ. සීයා ඉන්නේ හික්කඩුව, තෙල්වත්ත ප‍්‍රදේශවල. මගේ තාත්තාගේ අම්මයි, තාත්තයි බලපිටිය, මහලදුව, වතුගෙදර ප‍්‍රදේශවල. අනෙක් පවුලේ ඥාතීන් බටපොළ, දෙහිවල ඉන්නේ. එහෙම බලනකොට මුළු දිස්ත‍්‍රික්කය පුරාම අපේ සම්බන්ධය තිබෙනවා. මේවා සමහරු දන්නේ නෑ. ඒ හින්දයි සමහරුන්ට මම දකුණට ඉල්ලනවා කිව්වාම පුදුම හිතෙන්න ඇත්තේ. ප‍්‍රශ්නය: ඔබ හිතනවාද, රංගන ශිල්පිනියක් ලෙස තරුණ පරපුරේ අයගේ හිත දිනාගන්නත්, දේශපාලනයේදී දකුණේ තරුණ පරපුරේ විශ්වාසය දිනාගන්න පුළුවන් කියා? පිළිතුර: ඔව්. මම කරන ප‍්‍රතිපත්ති, මගේ දර්ශනය එක්ක තමයි මම දකුණට යන්නේ. ඉතිං ඒ දර්ශනය තරුණ තරුණියන් පිළිගනියි කියා මා හිතනවා. අවශ්‍ය වන්නේ ප‍්‍රතිපත්ති හා දර්ශනයයි. ඒ තුළ තමයි ඔවුන් මට කැමතිද? නැද්ද? කියා තීරණය කරන්නේ. මට ඔවුන් විශ්වාසයි. ප‍්‍රශ්නය: මෙවර දකුණු පළාත් සභාවට ගීතා කුමාරසිංහ, අනර්කලී ආකාර්ෂා සමගයි ඔබට තරග වදින්න සිදුවන්නේ. අන්තිමේදී නදීෂාත් කෙහෙවලූ පටලවා ගනියිද? පිළිතුර: පුද්ගලිකව නොවෙයි. නමුත් දේශපාලන මතවාද ඔස්සේ හොඳට කෙහෙවලූ පටලවා ගනියි ඉස්සරහට. ඒක ඉදිරියේදී බලාගන්න පුළුවන් වේවි. ප‍්‍රශ්නය: ගීතා හා අනර්කලී කලා ක්‍ෂේත‍්‍රයේ දිදුලන තරු දෙකක්. ඔබත් ජනප‍්‍රිය දිදුලන තාරකාවක්. ඔවුන් දෙදෙනා ඔබට අභියෝගයක්ද? පිළිතුර: මට කවුරුත් අභියෝගයක් නොවෙයි. මගේ අභියෝගය තිබෙන්නේ මගෙත් එක්කයි. මොකද මගේ ප‍්‍රතිපත්ති තිබෙනවා. මට අභියෝගය තිබෙන්නේ මගේ ජනතාවත් එක්කයි. මට ආදරය කරන පිරිස මාව පිලිගත්තොත් ඒක තමයි මට වටින්නේ. ප‍්‍රශ්නය: දේශපාලනයේදී මඩ වදින්න පුළුවන්. නොයෙකුත් අභියෝගවලට මුහුණ දෙන්න පුළුවන්. ඔබට ඊට මුහුණ දෙන්න ශක්තියක් තිබෙනවාද? පිළිතුර: දේශපාලනයේදී විතරක් නොවෙයි අපේ දහම් පාසලේ උගන්වන ගුරුවරුන්ටත් මඩ වදිනවා. බුදුහාමුදුරුවන්ටත්, ජේසු සමිඳානන්ටත්, නබිනායක තුමාටත් මඩ වැදුණා. මඩවලට ඔරොත්තු දීලා යන හැටි ඉගෙනගන්න තිබෙන හොඳම ජීවමාන උදාහරණය තමයි අපේ නායකතුමා රනිල් වික‍්‍රමසිංහ. ඒ නිසයි එජාපය මා තෝරාගත්තේත්. මට ඕනෑම දෙයකට මුහුණ දෙන්න ශක්තිය තිබෙනවා. ප‍්‍රශ්නය: මේ කරණමක් සමග නදීෂා කියන නිළියට මොකද වෙන්නේ? පිළිතුර: මම රඟපෑම අත්හරිනවාද කියන ප‍්‍රශ්නයක් නම් ඔබ අහන්නේ, නෑ. මම රඟපෑම අත්හරින්නේ නෑ. නමුත් මට එතනින් එහාට යන්න බලාපොරොත්තු වෙනවා යන්නයි. හොලිවුඞ් සිනමාව ගත්තොත්, එහි දේශපාලන කලාව, සමාජීය ප‍්‍රශ්න ගැන ඉතාම ගැඹුරු මට්ටමින් කතා කරනවා. අපේ කලාව තුළ එහෙම කතා කරපු නිර්මාණ තිබෙන්නේ බොහොම කීපයයි. ඒක කරන්න කලාව ගැන වගේම දේශපාලනය ගැනත් හොඳ අවබෝධයක් තිබීම වැදගත්. මම මගේ කලා ජීවිතයේ දේශපාලනය එක්ක අලූත් මාවතකට ඇතුළු වෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ හින්දා මම හැම කෙනෙකුගෙන්ම එක ඉල්ලීමක් කරන්න කැමතියි. මාව විශ්වාස කරන්න කියලයි. මම කරන දේ කියන කෙනෙක්. අනෙක එජාපයෙන් මට තරුණ හා කලා කටයුතු පිළිබඳ සම්බන්ධීකාරක පත්වීමක්ද දුන්නා. එහි ප‍්‍රතිඵල ළඟදීම දැකගන්න පුළුවන් වේවි. දැන් දකුණේ සිට මගේ දේශපාලන ගමන ආරම්භ කරනවා
Subscribe to:
Posts (Atom)
|