Pages

Thursday, August 5, 2010

අජන්ත මෙන්ඩිස්ගේ පෙම්වතිය?

අජන්ත මෙන්ඩිස්ගේ පෙම්වතිය?





Tuesday, August 3, 2010

මම මුහුදට නම් පනින්නේ නෑ. එහෙම වුණොත් එයාලත් පනියි




මම මුහුදට නම් පනින්නේ නෑ. එහෙම වුණොත් එයාලත් පනියි
ජනපි‍්‍රය සිනමාවේ අතිශය ජනපි‍්‍රය තාරකාවක වන ඈ මේ වන විට දේශපාලනය හරහා පොදු ජන මෙහෙවරට ද කැප වී සිටින්නීය. රංගන දිවියේ දී මෙන්ම දේශපාලන ලෝකයේ ද ඇයට මුහුණ දෙන්නට වූ අභියෝගයන් රැසකි. නමුදු කිසිවකින් නොසැලුණු ඈ ජය කණුව කරා ළඟා වූයේ ඒ අභියෝගයන්ට සැබෑ අභියෝගයක් වෙමිනි.
අනර්කලී ආකර්ෂා.....


එදා රීදී තිරයෙන්, නොඑසේ නම් පුංචි තිරයෙන් පමණක් ප්‍රේක්ෂයා වෙත සමීප වූ අනර්කලී අද සැබැවින්ම ජනතාව අතරට පැමිණ, ඔවුනගේ දුක, සැප බෙදා ගනිමින් දේශපාලන ලෝකයේ ද ඉදිරියටම පිය නඟන්නීය. නිළියක ලෙසින් ඈ ගොඩ නගා ගත් ආකර්ෂණීය ප්‍රතිරූපය ඇගේ ඒ ගමන් මඟට වෙස් වළා ගත් ආශිර්වාදයක් මෙනි.
තවමත් යොවුන් වියේ පසුවන මේ සුරූපිනියට තමන් නිරතව හිඳීනා ක්ෂේත්‍රයන්හි බොහෝ දුරක් යාමට ශක්තියත්, වාසනාවත් නොඅඩුව ඇතැයි පැවසීම අතිශයෝක්තියක් නොවේ. අනර්කලී අප සමග මෙසේ පිළිසඳරේ යෙදෙන්නේ සැබැවින්ම එවැනි අනාගතයක සුබ පෙරනිමිති පහළ කරමිනි.
මුලින් අපි කතා කරමු ඔයාගේ කලා දිවිය ගැන?
මම රඟපෑ මගෝ ඩිගො ඩයි චිත්‍රපටය නැවත ප්‍රර්ශනයට නියමිතයි. මට ගොඩාක් හොඳ ප්‍රතිචාර ලැබුණා ඒ චිත්‍රපටයට. පොඩි ළමයි ඒ චරිතයට හුඟක් කැමැති වුණා. ඒ වගේම මගේ “ඉට්ස් අ මැටර් ඔෆ් ලව්”, සහ “කිං හන්තර්”, චිත්‍රපට දෙක තිරගත වෙන්න නියමිතයි. මමත් හුඟක් ආසාවෙන් ඉන්නේ ඒ ෆිල්ම් දෙක රිලීස් වෙනකල්.
ගායිකාවක් වෙන්න යනවා කියලත් ආරංචියි....?
මගේම ගීත අටක් පසුගිය දවස්වල පටිගත කළා. ඒ ගීත අට ඇතුළත් කරලා මේ අවුරුද්දේ අන්තිමට මගේ ඇල්බම් එක අවුට් කරනවා. හිපොප්, ආර් ඇන්ඩ් බී වගේ විවිධ ශෛලීන්වල ගීත එකතුවක් මේක. ආදර ගීතත් තියෙනවා. වැඩි විස්තර දැන්ම කියන්න බෑ. එතකොට අගේ නෑනේ.
වෙන.....වෙන......?
“අනර්කලී ලයිව්” ප්‍රසංගය අවුරුදු හතරක කාලයක් තිස්සේ මම ඉදිරිපත් කරනවා දෙරණ රූපවාහිනියෙන්. දිගටම ඒ ප්‍රෝග්‍රෑම් එක කරගෙන යනවා. ටෙලි නාට්‍යය කීපයකටත් කතා කළා. ඒත් කැමැති වුණේ නෑ.
ඇයි....?
වෙනස් චරිත තමයි දැන් මම හොයන්නේ. ඒ කිව්වේ අලුත් චරිත. එක තැනක කොටු නොවී වෙනස් මාවතක් හොයාගෙන යන්න ඕනෑ කියලා මට හිතෙනවා. වයසත් එක්ක අපි රඟපාන චරිතයත් වෙනස් වෙන්න ඕනෑ.
ඇයි අනර්කලී තාම තරුණයි නේ.....?
අපි හැමදාම එහෙම හිතනවා. ඒක තමයි අපේ ගොඩක් නිළියන් ගේ වැරැද්ද. හැමදාම එකම වයසක අපි රැඳීලා ඉන්නේ නැහැ.
දේශපාලනයට ආවට පස්සේ ඔයා ටිකක් වෙනස් විදිහට හිතනවා වගේ....?
දේශපාලනයත් එක්ක මම එහෙම අමුතු චරිතයක් වෙලා නැහැ. ඒත් අපි පරිණත වෙන්න, වෙන්න ජීවිතය ගැන අලුතින් හිතන්න පෙළඹෙනවා. අපි පන්සලකට ගියාම හැසිරෙන්නේ ඒ විදියට, එතකොට උත්සවයකට ගිහින් යාළුවෝ එක්ක ඉන්නේ හරි විනෝදයෙන්.
හැබැයි තව අවුරුදු දහයක්, පහළොවක් ගියත් මේ අනර්කලීම තමයි. මගේ ගති ලක්ෂණ එකයි. දේශපාලනය සදාකාලික නෑ. ඒ වගේම ජනපි‍්‍රයත්වයත් සදාකාලික නෑ. ඒත් මිනිසත්කම කියන්නේ එහෙම වෙනස් නොවන දෙයක්.
දේශපාලනයට වඩා කලාව උතුම් කියලා මතයකුත් අපේ සමාජයේ තියෙනවා. අනර්ට මොකද ඒ ගැන හිතෙන්නේ...?
මම කලා ක්ෂේත්‍රයේ ඉඳලයි දේශපාලනයට ආවේ. දේශපාලනය කියන්නේ වගකිවයුතු දෙයක්. අපට රටක් නැතිව, නීතියක් නැතිව කොහොමද කලාවක් කරන්නේ. කලාවේ ලාලිත්‍ය රැකෙන්නේ රටේ යහ පාලනයක් තිබුණොත් විතරයි.
ඒ නිසා මම නම් හිතන්නේ කලාවට වඩා සැබෑ දේශපාලනය උතුම්. හැබැයි සමහර අය නිසා අද ඒ තත්ත්වය නැතිවෙලා. එස්. ඩබ්ලිව්.ආර්. ඩී. බණ්ඩාරනායක, සිරිමාවෝ බණ්ඩාරනායක, ඩී. එස් සේනානායක යුගයේ තිබුණේ උතුම් දේශපාලනයක් කියලා මම අහලා තියෙනවා. වර්තමානයේ බොහෝ දෙනෙක් කියන්නේ දේශපාලනය වැඩක් නෑ කියලයි. මේ සංකල්පය වෙනස් කරන්න මට උවමනා වුණා.
කලා ලෝකයේ දී වඩා ඔයා දේශපාලනයේ දී නොයෙක් අභියෝගවලට මුහුණ දුන්නා....?
ඉස්සර කාලේ නිළියක් වෙනවා කියන්නේ විශාල අභියෝගයක්ලු. නිළිකම තරුණියකට ඔබින දෙයක් නෙවෙයි කියන මතය එදා සමාජයේ මුල් බැසගෙන තිබුණා. ඒත් අද නිළියෝ කොච්චර අපේ රටේ ඉන්නවද....? මම දේශපාලනයට ආවා. ඊට පස්සේ නිළියෝ ඔක්කෝම ආවා. බයවෙන්න එපා මම මුහුදට නම් පනින්නේ නෑ. එහෙම වුණොත් එයාලත් පනියිණේ.
යොවුන් රූමත් නිළියකට දේශපාලනය වගේ ගොරහැඩි විෂයයක් ගැළපෙනවා කියා ඔයා හිතනවද...?
දේශපාලනය ලේසි දෙයක් නෙවේ. මම ඒක දන්නවා. ඒ වගේම දේශපාලනය හැමෝටම හරි යන්නෙත් නැහැ. දේශපාලනයට ආවම තමුන් කියන වචනය පැත්තකට දාලා අනුන් ගැන හිතන්න ඕනෑ. තමන්ගේ මූණ ද, තමගේ නියපොත්ත ද කියලා නෑ. නිළියක් වුණත් දේශපාලනයට එන්න ඕනෑ මේ කැපකිරීම කරන්න බලාගෙන.
අනර්කලීට දේශපාලනය කරන්න තියෙන සුදුසුකම් මොනවද කියලා අහන අයත් නැතිව නෙවෙයි....?
සමහරු මම අහසින් වැටුණ කෙනෙක් කියලා හිතනවා. ඒක වැරදියි. මගේ මුත්තා එඩ්මන්ඩ් සමරක්කොඩි, ලංකාවේ පැරැණිම පක්ෂය වුණ ලංකා සමසමාජ පක්‍ෂයේ ආරම්භක සාමාජිකයෙක් එතුමා.
එතකොට මගේ සීයා තමයි රොබට් එඩ්වඩ් ජයතිලක කියන්නේ. එතුමා බණ්ඩාරනායක අගමැතිවරයාගේ ඇමැති මණ්ඩලයේ හිටපු විදුලි, බලශක්ති හා දුම්රිය ප්‍රවාහනය පිළිබඳ අමාත්‍යවරයෙක්. එයාගේ බිරිඳ ඒ කියන්නේ මගේ ආච්චි එසී සමරක්කොඩි කියන්නේ මේ රටේ නගර සභාවේ ප්‍රථම කාන්තා සභාපතිනිය. ඒ වගේ පවුල් පසුබිමක් එක්කයි මම දේශපාලනයට ආවේ.
ඔයා දේශපාලනයට ආවේ කාගෙවත් වුවමනාවට ද නැතිනම් ඔයාගේ කැමැත්තෙන් ද...?
එක්සත් ජාතික පක්ෂ කාන්තා සමිති සාමාජිකාවන් මුල ඉඳන්ම ක්‍රියාකාරී දේශපාලනයට ඇවිත් සිටියා. අපේ පක්ෂය නියෝජනය කරමින් කාන්තාවන් හා යොවුන් පරපුර වෙනුවෙනුයි මම දේශපාලනයට ආවේ. ඒක මමම හිතලා ගත්ත තීරණයක්.
අනර්කලී යන්තං ඇපෙන් බේරුණා කියලා තමයි සමහර අය ඔයාගේ ජයග්‍රහණය ගැන කිව්වේ....?
නැහැ. මට ඡන්ද ලැබුණා. විශේෂයෙන්ම ගාල්ල ජනතාවට මම ස්තූතිවන්ත වෙනවා හොඳ ජයග්‍රහණයක් ලබා දීලා මාව පළාත් සභාවට යවපු එක ගැන. පළාත් සභා ඉතිහාසයේ ලාබාලතම මන්ත්‍රීවරිය විදිහටයි මම ඒ ජයග්‍රහණය ලැබුවේ.
මාත් එක්ක දකුණු පළාත් සභාවට අපේම පක්ෂයෙන් තවත් නිළියෝ ජන්දේ ඉල්ලුවණේ. ඒත් මම තමයි තේරි පත්වුණ එකම නිළිය. මේ වෙලාවේ මට ජන්දය ලබා දුන් අයට වගේම නොදුන් අයටත් මම ස්තූතිවන්ත වෙනවා. මොකද ඒ අය වෙනුවෙනුන් මට ඉදිරියේදී ලොකු වැඩ කොටසක් කරන්න තියෙනවා.
අපේ ප්‍රවීණ නිළියන් අද පාර්ලිමේන්තුව නියෝජනය කරනවා. පාර්ලිමේන්තුව නියෝජනය කළා නම් හොඳයි කියලා හිතෙන්නේ නැද්ද....?
මටත් මහ මැතිවරණයට තරග කරන්න තිබුණා. ඒත් මට ඕනෑ වුණේ ඉස්සර වෙලා හරි විදිහට යන්න. පෙර පුහුණුවක් නැතිව පාර්ලිමේන්තුවට යන එක ජනතාවට කරන අසාධාරණයක් කියලා මට හිතෙනවා. මිනිස්සුත් එක්ක වැඩ කරලා, දැනුම වැඩි කරගෙන, එතනට ගියාම ප්‍රශ්නයක් නැහැ. එතකොට ඒ දැනුම හොඳට පාවිච්චි කරන්න පුළුවන්. තව මට දේශපාලනයේ ඉගෙන ගන්න ගොඩක් දේ තියෙනවා.
එතකොට අද පාර්ලිමේන්තුව නියෝජනය කරන අපේ ප්‍රවීණ නිළියන් ගැන ඔයා මොකද හිතන්නේ....?
ඒක ඒ අයගේ කැමැත්ත. මම හිතනවා ඒ අය හොඳට වැඩ කරගෙන යයි කියලා. මම සුබ පතනවා. දේශපාලනය කියන්නේ හරියට දේශගුණය වගේ දෙයක්. මොහොතින් මොහොත වෙනස් වෙනවා. අපිට ඒවාට ඔරොත්තු දෙන්න පුළුවන් වෙන්න ඕනෑ. අනෙක ඉස්සර වගේ නොවේ දැන් ජනතාව තමන්ගේ හැම දුකක්ම කියන්න පුරුදු වෙලා ඉන්නේ දේශපාලනඥයාට.
ජනතා ප්‍රශ්නවල මුහුණ දෙනවා කියන්නේ දේශපාලනඥයන්ට තිබෙන ලොකුම අභියෝගයක්. ඔයාට ඒ අභියෝගවලට මුහුණ දෙන්න පුළුවන් කියලා හිතනවා ද....?
මම වයසට වඩා අභියෝගවලට මුහුණ දුන්න කෙනෙක්. මුලදී මට කිව්වා රඟපාන්න බෑ කියලා. මේ වෙනකොට මට චිත්‍රපට දහ අටක රඟපාලා තියෙනවා. ප්‍රේක්ෂකයෝ මාව පිළිගත්තා. මට සිංහල කතා කරන්න බෑ කිව්වා. ඒත් රූපවාහිනී ප්‍රසන්ටර් කෙනෙක් විදිහට මම ජනතාව අතර ඉන්නවා. “අනර්කලී ලයිව්” වැඩ සටහන වසර හතරක් තිස්සේ මම කරගෙන යනවා. එතකොට “පැහැබර අහස” වැඩ සටහනත් මිනිස්සු ගොඩක් අගය කරනවා. අභියෝග මාව ගොඩක් ශක්තිමත් කළා.
කොහොමද ඉදිරියට යන්නේ කියන අවබෝධය ලබා දුන්නා. ඔය මඩ මට කිසිම ගාණක් නැහැ. ඒවායින් මාව වට්ටන්නත් බැහැ. අද නෙවේ, ඒ අය මාව වට්ටන්න හැදුවේ පොඩි කාලේ. මම ක්ෂේත්‍රයට ආපු අලුත. ඒත් ඒවා සාර්ථක වුණේ නැහැ. මම දේශපාලනයට ආවේ යොවුන් පරපුරට උදවු කරන්න තියෙන කැමැත්ත නිසා.
නළු, නිළියෝ දේශපාලනයට ආපුවාම ඒකත් තව එක රංගනයක් කියා හිතන අයත් ඉන්නවා?
මගේ දේශපාලනය නම් එහෙම රංගනයක් නෙවේ. “සරසවිය” පුවත්පතට කවදාවත් පාඨකයෝ දොස් කියන්නේ නැහැනේ. එහෙම බනින්නේ ක්ෂේත්‍රයේම උදවිය. ඒ වගේ තමයි ජනතාව මට දොස් කියන්නේ නැහැ. මම රඟපානවා කියලා ඒ අය කියන්නෙත් නැහැ. ක්ෂේත්‍රයේම අය තමයි ඔය වගේ දේවල් කියන්නේ. විශේෂයෙන්ම ගාල්ලේ ජනතාව අද දන්නවා අනර්කලී කොයි වගේ කෙනෙක් ද කියලා.
කලාව, දේශපාලනය කියන දෙකෙන් එකක් තෝරා ගන්න ඔයාට සිදු වුණොත් මොකක්ද ගන්න තීරණය....?
මම කැමැතියි මම උපන් බිමට සේවයක් කරන්න. තව වසර පහක කාලයක් මට පළාත් සභාව තුල ඉන්න තියෙනවා. ඒ කාලයේ මම මුල් තැන දෙන්නේ දේශපාලනයට. හැබැයි තව අවුරුදු දහයකින් ඒ ස්ථාවරය වෙනස් වෙන්න පුළුවන්.
පූජා උමාශංකර් එක්ක රඟපාන්න තියා අතක් උස්සන්නවත් අද ඉන්න නිළියන්ට බෑ කියලා ප්‍රවීණ රංගන ශිල්පී ලකී ඩයස් පසුගිය “සරසවිය” ට ප්‍රකාශ කර තිබුණා. අනර්කලීත් අද අපේ සිනමාවේ ජනපි‍්‍රය තාරකාවක්....?
අපි හිතුවොත් කෙනෙක් අපිට අභියෝගයක් කියලා කන්න, බොන්න ගියත්, නිදියන්න ගියත් ඒකම ඔළුවේ තියාගෙන තමයි වැඩ කරන්න වෙන්නේ. පූජා ද, මධුරි ඩික්සිත් ද කියලා මට වැඩක් නෑ. මගේ දක්ෂතා මිනිස්සු අගය කරලා තියෙනවා. මම ඒ අය වෙනුවෙන් රඟපානවා. මට කැමැති නැතිනම් ප්‍රේක්ෂකයෝ මාව ප්‍රතික්ෂේප කරයි. තාම එහෙම දෙයක් වෙලා නැහැනේ.
කලාවේත්, දේශපාලනයේත් අනර්කලී මේ වෙනකොට බොහෝ දුරක් ඇවිත්. ඒත් පෞද්ගලික ජීවිතයේ ඔයා තාමත් එක තැනක නැවතිලා කියලා හිතෙනවා?
ඒ කිව්වේ...
නැහැ ඔයාගෙම ජිවිතයේ නැවුම් වෙනසක් දැන්ම සිදු වෙන්නේ නැහැ....?
මම හිතනවා ආදරය ගැන හිතන්න කලින් මටම කියලා ස්ථාවරයක් ගොඩ නගා ගත්තොත් හොඳයි කියලා. මම කාගෙන්වත් යැපෙන්න කැමැති නැහැ. ඒක මනසට ගොඩක් සුවදායක දෙයක්. අනෙක මගේ ජීවිතයේ තව ඉටුකර ගත යුතු අරමුණු ගොඩක් තිබෙනවා.
ඒ කියන්නේ ඔයාට දැනට ආදරවන්තයෙක් නැහැ.....
නෝ ලව්..... නෝ ලවර්.... ඇත්තටම මට එහෙම ආදර සම්බන්ධයක් නැහැ. ඒ නිසා ආදරවන්තයෙකුත් නැහැ.
Posted by Last Man at 3:16 PM

Monday, August 2, 2010

Miss Sri Lanka Final Round

තනිකඩ ජීවිතය වැඩිය හොඳයි - PABA


තනිකඩ ජීවිතය වැඩිය හොඳයි - PABA

තනිකඩ ජීවිතය වැඩිය හොඳයි කියලා හිතෙන අවස්ථාත් තියෙනවා
(උපේක්ෂා ස්වර්ණමාලි ජනප්‍රිය ටෙලි නාට්‍ය ශිල්පිණියක,රංගන ශිල්පියක මෙන්ම අද වන විට ක්‍රියාකාරී දේශපාලනයක නියැලෙන පාර්ලිමේන්තු මන්ත්‍රීවරියකද වෙයි.මෙවර ආලින්දයට ගොඩවදින්නේ ඇයයි.. )


*උපේක්ෂා, දේශපාලන වැඩ කටයුතු නිසා ඔබ කලා කටයුතු වලින් ඈත්වෙලාද?

ටිකක් විතර කලා කටයුත් වලින් ඈත්වෙලා ඉන්නේ.

*ඉදිරියේදී කලාව පැත්තෙන් මොනවගේ වැඩ කටයුතුද යෙදිලා තියෙන්නේ?

මේ දවස් වල මෙගා ස්ටාර් තරගය සහ සිටි ඔෆ් ඩාන්ස් වැඩ සටහන් වලට සහභාගි වෙනවා. ඒ වගේම ඉදිරියේදී අගෝස්තු මාසයේදී අලුත් ‍ටෙලි නාට්‍යයකට සම්බන්ධ වෙන්නත් බලාපොරොත්තු වෙනවා. ඉතින් ඉස්සරහට බලමු.

*ඔබ ඉදිරියේදී ඔබේ වැඩි අවධානය ලබාදෙන්න බලාපොරොත්තු වෙන්නේ කලා කටයුතු වලටද? එහෙමත් නැත්නම් දේශපාලන වැඩ කටයුතු වලටද?

දේශපාලන වැට කටයුතු වලට. අඩුතරමේ ඉදිරි වසර 5 තුළවත් වැඩි අවධානය දේශපාලනයට යොමුකරනවා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් විදිහට වගකීම් රාශියක් තිබෙනවා. ඒ වගේම ඒ සඳහා ලොකු කාලයක් වැය කිරීමත් අවශ්‍යයි. කලාවට වැඩි නැඹුරුවක් දුන්නොත් දේශපාලනය වෙනුවෙන් වැයකිරීමට වැඩි කාලයක් නැති වෙන නිසයි මම තරමක් කලාවෙන් ඈත්වෙලා ඉන්නේ.

*ඔබේ වෘත්තීය වැඩ කටයුතු වලට ඔබේ සැමියාගෙන් ලැබෙන සහයෝගය ගැනත් කතාකළොත්?

විශාල සහයෝගයක් ලැබෙනවා. ඔහුගේ සහයෝගය නැත්නම් මට මේ වැඩ කටයුතු කරගෙන යන්න වෙන්නේ නෑ. මම දේශපාලනයට පිවිසුනෙත් මගේ ස්වාමි පුරුෂයාගේ කැමැත්ත නිසයි. මම එක්සත් ජාතික පක්ෂයට ඡන්දේ දුන්නට ක්‍රියාකාරී දේශපාලනයට පිවිසීමේ බලාපොරොත්තුවක් තිබුණේ නෑ. මගේ සැමියාගේ ශක්තිය මතයි මම දේශපාලනයට පිවිසුණේ. කලා කටයුතු වලදීත් ඔහු මාව හුඟක් අගය කරනවා.

*උපේක්ෂා, ඒ අතරම ඔබේ ප්‍රේක්ෂකයෝ කැමති වේවි ඔබේ ආදර කතාව ගැනත්, ඒ වගේම ඔබේ සැමියා ගැනත් වැඩි විස්තර දැනගන්න‍?

මගේ මුල්ම ටෙලි නාට්‍යයට ඔහුටත් ආරාධනා ලැබිලා තිබුණා. නමුත් ඔහු කලාව තුළ වැඩ කරගෙන යන පිළිවෙළට ඔහු තරමක් අකමැතියි. කලා කටයුතු කරගෙන යන්න ගොඩක් ඉවසීම තිබිය යුතුයි. ඒ අකමැත්ත නිසා ඔහු අයින් වුණා. මම දිගටම කරගෙන ගියා. අපි මුණ ගැහුණේ එහිදී. ඒ ඇතිවුණ ගැටුම ගැන සාකච්ඡා කරන්නයි අපේ දුක බෙදාගන්නයි පටන්ගත්තම අපි අතර ආදරයක් ගොඩ නැගුණා. දැන් අපි විවාහ වෙලා සතුටින් ඉන්නවා. තනිකඩ ජීවිතය වැඩිය හොඳයි කියලා හිතෙන අවස්ථාත් තියෙනවා. ප්‍රශ්න නැති ජීවිතයක් කාටවත් නෑ. දුක්බර අවස්ථා වලදී එහෙම හිතෙනවා. නමුත් එය තාවකාලිකයි.

*අපේ සංස්කෘතිය තුළ තිබෙන යම් යම් වටිනාකම් නිසා විවාහය කියන සාධකයත් සමග වෘත්තීය ලෙස ඕනෑම ක්ෂේත්‍රයක නිරතවන කාන්තාවන්ට ඒ වෘත්තීය තුළ යම් සීමා පැනවෙනවා. එකිනෙකට වෙනස් ක්ෂේත්‍ර 2ක නිරතවන කාන්තාවක් විදිහට ඔබ මේ දකින්නේ කොහොමද?

මම රංගනයට පිවිසෙන විටත් මම මටම යම් යම් සීමා පනවාගෙන තිබුණා. මගේ ස්වාමි පුරුෂයා නිසා මට ඒ තුළින් ලොකු වෙනසක් වුණේ නෑ‍. අපේ අදහස් ඒ අතින් ගැළපෙනවා. ඔහු මට අවශ්‍ය නිදහස ලබාදුන්නා. මම සීමා පනවාගත්තෙත් මගේ ආත්ම ගරුත්වය ගැන හිතලා.

*සාමාන්‍යයෙන් රංගන ශිල්පිණියක් විදිහට ඔබ කිසියම් චරිතයක් තෝරාගැනීමේදී තෝරාබේරාගැනීමක් කරනවද? එහෙමත් නැත්නම් දර්ශන වලට පෙනීසිටීමේදී හෝ ඇඳුම් විලාසිතා වලදී යම් සීමා පැනවීමක් කරනවද?

එක් අවස්ථාවක මම බටහිර ඇඳුමකින් සැරසිලා එක්තරා ඡායාරූප දර්ශන කිහිපයකට පෙනී සිටියා. ඒ සඳහා මට ජනතාවගෙන් ලැබුණු ප්‍රතිචාර නිසා මම තීරණය කළා මම නැවත එවැනි අපේ සංස්කෘතියට පටහැනි දර්ශන වලට පෙනීසිටින්නේ නෑ කියලා. විනයක් ඇතිව මම මේ වෘත්තිය කළොත් මට සාර්ථකත්වයක් ලබන්න පුළුවන්. විනයක් නැති දේවල් කරලා මට තිබුණ ආදරය අහිමි කරගන්න, ආත්ම ගරුත්වයට හානියක් කරගන්න තිබුණ අකමැත්ත නිසයි මම එවැනි සීමාවක් පනවා ගත්තේ.

*උපේක්ෂා, ක්ෂේත්‍ර 2ක නියැලෙන කෙනෙක් විදිහට විවේක කාලයක් හොයාගන්න එක නම් ටිකක් අමාරු ඇති. නමුත් ඔබට යම් විවේක කාලයක් ලැබුණොත් ඔබ ඒ විවේකය ගතකරන්න කැමති මොන විදිහටද?

සැහැල්ලුවෙන් ගෙදරට වෙලා ඉන්න කැමතියි. ගෙදර තරම් දිව්‍ය ලෝකයක් මේ ලොකේ කොහේවත් නෑ.

*දේශපාලනය වගේම කලාව කියන ක්ෂේත්‍ර 2 ක තුළින් ඔබ හිතන විදිහට ඔබට වැඩිපුර ජනතාව අතරට යාමේ අවස්ථාව ලැබුණේ මොන ක්ෂේත්‍රය හරහාද?

කලා ක්ෂේත්‍රයෙන්. දේශපාලනයේදී ආදරයක් දිනාගන්න අමාරුයි. කලා ක්ෂේත්‍රය තුළ පමණයි මම හිතන විදිහට ඒ ආදරය දිනාගන්න පුළුවන්.

*උපේක්ෂා, අනිවාර්යයෙන්ම ඕනෑම රටක ඕනෑම ක්ෂේත්‍රයකින් ජනතාව අතර ජනප්‍රියත්වයක් ලබාගන්නා පුද්ගලයින්ට ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව විවිධ කටකතා වලට ලක්වීමට සිදුවෙනවා. කාන්තා පාර්ශවයට ඒ තත්ත්වය තරමක් වැඩියි. කටකතා සම්බන්ධයෙන් ඔබේ අත්දැකීම් මොනවගේද?

කටකතා හැදිලා තියෙනවා. සමහර දේවල් අමූලික බොරු. සමහර දේවල් වල යම් තාක් ඇත්ත තිබුණත් පුංචි දේවල් ලොකු කරලා පෙන්නනවා. ඒ වගේ බොහෝ දේවල් තියෙනවා. මුල් කාලේ හුඟක් සැලුණා. දුක් වුණා. පසුව ඒ දේවල් වල තාවකාලික බව තේරුණා. දේශපාලනය තුළ ඒ තත්ත්වය දරුණුයි. ඒ සඳහා ඔරොත්තු දීමට පුරුදු වෙනවා.

*කලාව හෝ දේශපාලනය කියන ක්ෂේත්‍ර තුළ රැඳිසිටීම තුළින් ඔබ ඉටුකරගැනීමට බලාපොරොත්තුවන අරමුණු මොනවගේද?

දේශපාලනය බලාපොරොත්තුව නම් ළමා හා කාන්තා පාර්ශවය පැත්තෙන් හැකි උපරිමය කරන්න. කලාව පැත්තෙන් නම් හොඳ නිර්මාණයක් කළොත් ඊට උපරිම සාධාරණය කිරීමයි බලාපොරොත්තුව.

HARD TALK *ඔබ හිතන විදිහට වඩාත් සාර්ථක රංගන ශිල්පිණියක් විදිහට ද නැතිනම් දේශපාලන ක්‍රියාකාරිණියක් විදිහටද?

රංගන ශිල්පිණියක්.

*ජ්‍යොතිෂය විශ්වාස කරනවද?

නැහැ.

*යම් අවස්ථාවක ඔබේ සැමියා ඉල්ලීමක් කළොත් රංගනය හෝ දේශපාලනය කියන ක්ෂේත්‍ර 2න් එක් ක්ෂේත්‍රයක් අතහරින්න කියලා. ඔබ අතහරින්නේ කුමන ක්ෂේත්‍රයද?

කලා ක්ෂේත්‍රය.

*රංගන ශිල්පිණියක් ලෙස ඔබ බලාපොරොත්තු වෙන්නේ මුදල් ඉපයීමද? ජනප්‍රියත්වයද?

ජනප්‍රියත්වය.

*රංගන ශිල්පිණියකට වඩා වැදගත් රූපයද? හැකියාවද?

හැකියාව.

*ඔබ හිතන විදිහට ආදරය විවාහයෙන් කෙළවර විය යුතුද?

ඔව්.