Pages

Wednesday, February 2, 2011

ඔබත් facebook email ලබා ගත්තද?


All your messages together

Get Facebook messages, chats and texts all in the same place.
  • Include email by activating your optional Facebook email address
  • Control who can send you messages through your privacy settings

Full conversation history

See everything you've ever discussed with each friend as a single conversation.
  • No need for subject lines or other formalities
  • Easily leave large conversations that no longer interest you

The messages you want

Focus on messages from your friends.
  • Messages from unknown senders and bulk email go into the Other folder
  • Spam is hidden from view automatically
For more information, read the top questions about the new Messages.
facebook හරහා දැන් email යැවීමේ පහසුකමත් ලබා දී තිබේ.
yourname@facebook යනුවෙන් ඔබේ email ලිපිනය ලබා ගත හැකියි.

facebook කාර්ය මණ්ඩලය විසින් මුලින් තීරණය කොට තිබුනේ email පහසුකම මුදල් අයකරගෙන ලබා දීමටයි.

නමුත් දැන් ඔවුන් එම පහසුකම සක්‍රිය කිරීම එකවර ක්‍රියාත්මක නොකොට email පහසුකම සදහා request කොට එය ලබා දීමට කටයුතු කොට තිබේ.

ඔබ දැනටමත් මේ සදහා request  කර නොමැතිනම් පහත යොමුවෙන් එය ලබා ගන්න.  


Nathasha New Photo Shoot

 
 
 
 
 
 
 
 
 
 
 
  

Hot Images Sandani sulakkana




 
 
 

 
 
 
 
 
 
 

Hot News


සැමියා විසින් පිහියෙන් ඇන බිරිඳ මරාදමලා

සැමියා විසින් පිහියෙන් ඇන බිරිඳ මරාදමලා

Feb 01,2011
මාතර, ගල්වත්ත, වල්ගම ප්‍රදේශයේ දී කාන්තාවක් ඝාතනය කර තිබේ.

පවුලේ ආරවුලක් මත ස්වාමිපුරුෂයා විසින් පිහියෙන් ඇන මෙම කාන්තාව ඝාතනය කර ඇති බව මාතර පොලිසිය ප්‍රකාශ කරනු ලැබීය.

ඝාතනය සිදු කළ පුද්ගලයා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඝාතනය සඳහා යොදා ගත් පිහිය ද පොලිසිය භාරයට ගෙන ඇත.

සැකකරු අද(01) මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.


යාපනයේ සිදුවූ අපරාධ මුළුමනින්ම නතරවෙලා -මහින්ද හතුරුසිංහ
යාපනයේ සිදුවූ අපරාධ මුළුමනින්ම නතරවෙලා -මහින්ද හතුරුසිංහ
Feb 01,2011
යාපනය අර්ධද්වීපයේ පසුගිය කාලයේ සිදු වූ මංකොල්ලකෑම් සහ පැහැරගැනීම් මේ වන විට සම්පූර්ණයෙන්ම නතර වී ඇති බව යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් මහින්ද හතුරුසිංහ මහතා පවසයි.

යුද හමුදාව සහ පොලිසිය ඒකාබද්ධව දියත් කළ විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් මගින් එවැනි ක්‍රියා සිදු කළ පුද්ගලයින් 14 දෙනෙකු මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති බව හතුරුසිංහ මහතා ප්‍රකාශ කළේය.

හමුදාව විසින් පුද්ගලයින් 11 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර පොලිසිය විසින් තවත් පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව සදහන්ය.

මේ අතර යාපන අර්ධද්වීපයේ ආරක්ෂාව සඳහා පොලිසිය හා හමුදාව ඒකාබද්ධව විශේෂ මුර සංචාර අඛණ්ඩව සිදු කරන බව මේජර් ජෙනරාල් මහින්ද හතුරුසිංහ මහතා සඳහන් කළේය.


මාතලේ ගම්මාන 3ක නාය යාමේ අවදානමක්
මාතලේ ගම්මාන 3ක නාය යාමේ අවදානමක්
Feb 01,2011
මාතලේ දිස්ත්‍රික්කයේ ගම්මාන 3ක පවුල් 160 ට වැඩි ප්‍රමාණයක් මේ වන විට නාය යාමේ අවදානමකට ලක්ව ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය පවසයි.

මාතලේ දිස්ත්‍රික්කයේ යළි නාය යාම් තත්ත්වය සක්‍රීය වෙමින් පවතින බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ නාය යාම් සේවා අධ්‍යක්ෂ ආර්. එම්. එස්. බණ්ඩාර මහතා ප්‍රකාශ ක‍ළේය.

මෙය නාය යාමේ තත්ත්වයක් ද එසේත් නැත්නම් වෙනත් ගැටලුවක් ද යන්න පිළිබඳව පරීක්ෂණ ආරම්භ කර ඇති බව ආර් එම් එස් බණ්ඩාර මහතා සඳහන් කළේය.

බදුල්ල සිරිගම ප්‍රදේශයේ ද නිවාස 16ක පුද්ගලයින් නායයාමේ අවදානමක් හේතුවෙන් ඉවත් කර ඇති බව බණ්ඩාර මහතා ප්‍රකාශ කළේය.

මේ අතර දිවයිනේ ප්‍රදේශ රැසකට වැසි ඇතිවිය හැකි බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එක්නැලිගොඩගේ පෙත්සම ගැන එක්සත් ජාතීන් දැනුවත් නෑ
Feb 01,2011
අතුරුදන්ව සිටින මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතාගේ බිරිඳ වන සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මිය විසින් එක්සත් ජාතීන්ගේ සංවිධානය වෙත ඉදිරිපත් කරන ලද පෙත්සම පිළිබඳව දැනුවත්ව නොමැති බව එම සංවිධානය අනාවරණය කර තිබේ.

සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මිය විසින් පසුගිය ජනවාරි මස 24 වන දින සිය සැමියාගේ අතුරුදන්වීම සම්බන්ධව අදාළ පෙත්සම කොළඹ පිහිටි එක්සත් ජාතීන්ගේ කාර්යාලය වෙත ඉදිරිපත් කර තිබිණි.

නමුත් පෙත්සම එක්සත් ජාතීන්ගේ කාර්යාලය වෙත බාරදී ඇති බවට දැනුවත්ව නොමැති බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම්වරයාගේ මාධ්‍ය ප්‍රකාශක මාර්ටින් නෙසර්කි මහතා සඳහන් කර ඇත.

මේ පිළිබඳව නැවත විමසා බලන බවත්, නමුත් මේ වනවිට අදාළ පෙත්සම පිළිබඳ දැනගන්නට ලැබී නොමැති බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබේ.

ක්‍රිකට් තරග විකාශය ජාතික රූපවාහිනියෙන්
Feb 01,2011

ශ්‍රී ලංකා කොදෙව් එක්දින ක්‍රිකට් තරගාවලියේ සජීවී විකාශය ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ අයි චැනලය මගින් විකාශය වේ. මේ තරගාවලියේ සජීවී රූපවාහිනි විකාශයේ හිමිකම් මීට පෙර ‘Ten Sports’ රූපවාහිනි සේවය ලබාගෙන සිටියත් දින 4 කට පෙර ඔවුන් ඉන් ඉවත්වීමෙන් පසු ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාව එක්දින තරගාවලියේ සජීවී රූපවාහිනි විකාශය සඳහා ඉදිරිපත් විය.
1982 වසරේ සිට 1996 ලෝක කුසලාන තරගමාලාව දක්වා ශ්‍රී ලංකාවේ පැවැති ජාත්‍යන්තර ක්‍රිකට් තරගවල සජීවී රූපවාහිනි විකාශය ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාව මගින් සිදු කරනු ලැබුවේය.
1996 ලෝක කුසලාන තරගමාලාවේ සිට ශ්‍රී ලංකාවේ පැවැති ජාත්‍යන්තර ක්‍රිකට් තරග රූපවාහිනියෙන් ආවරණය කිරීමේ අයිතිය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ජාත්‍යන්තර රූපවාහිනි සේවාවන්ට ලබාදී තිබිණි.
ඉදිරියේදී ද ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ජාත්‍යන්තර ක්‍රිකට් තරග විකාශය කිරීමට ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාව කටයුතු යොදන බව එහි සභාපති සරත් කෝන්ගහගේ මහතා පැවසීසතොසෙන් ළඟදීම ලාබෙට එළවළු

Feb 01,2011
සතොස හරහා එළවළු මිලදීගෙන පාරිභෝගිකයන්ට සහන මිලට එළවළු ලබාදීමට කටයුතු කරන්නැයි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ස. තො. ස සභාපති නලින් ප්‍රනාන්දු මහතාට උපදෙස් දී තිබේ.
අද (1) සිටම මේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට ස.තො. ස පියවර ගනිමින් සිටියි. දිවයින පුරා පිහිටි ස. තො. ස අලෙවිසල් දෙසිය පනහක් මඟින් පාරිභෝගිකයාට එළවළු ලබා ගැනීමට ඉදිරි දිනවලදී අවස්ථාව  සැලසෙනු ඇත.
ගොවීන් වෙත ගොස් සතොස මඟින් එළවළු මිලදී ගෙන අතරමැදියන්ගෙන් තොරව අලෙවි කිරීම මෙහි වැදගත්ම කාර්යය වේ. අතරමැදියන් නොමැති නිසා ගොවියාටද සාධාරණ මිලක් දී පාරිභෝගිකයාට ද සහන මිලදී එළවළු සැපයීමට කටයුතු කිරීම මේ වැඩපිළිවෙළේ ප්‍රධාන අරමුණ වේ.
ස. තො. ස ලොරි, ගබඩා සහ සේවකයන් එළවළු රැස් කිරීම සඳහා යොදා ගැනේ.
මේ වන විට අල, ළූණු, පොල් ඇතුළු පාරිභෝගික ද්‍රව්‍ය ද බිත්තර, කුකුළු මස් ඇතුළු දෑද සහනදායි මිලකට ස. තො. ස මඟින් ලබාදීම සිදු කෙරේ.
ඉදිරියේ දී එළවළු සැපයීමේ වැඩපිළිවෙළ ද සාර්ථකව කරගෙන යන ලෙස ජනාධිපතිවරයා ඊයේ (31) පැවැති සාකච්ඡාවකදී ස. තො. ස සභාපතිවරයාට මෙසේ උපදෙස් දී ඇත