Pages

Sunday, February 6, 2011

Hot

 ශ්‍රී ලංකාව කඩුලු 9 ට ලකුණු 277 යි
ශ්‍රී ලංකාව කඩුලු 9 ට ලකුණු 277 යි
Feb 06,2011
ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවති තුන්වන එක්දින තරගයේ නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 9 ටලකුණු 277 ක් රැස් කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.

අද(06) දින එස්.එස්.සී ක්‍රීඩාංගණයේ පැවති මෙම තරගයෙන් කුමාර් සංගක්කාර් ලකුණු 75 ක් රැස් කරගන්නට සමත්වීම විශේෂත්වයකි.

අද පැවති තරගයේ කාසිය වාසිය හිමිකරගනු ලැබුවේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමයි.

ඒ අනුව ඔවුන් ප්‍රථමයෙන් පන්දුවට පහරදීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කරන ලද අතර එහිදී සුලෙයිමාන් බෙන් පන්දුවාර 10 දී ලකුණු 38 ට කඩුලු 4 ක් දවාගැනීමට සමත්විය.


මන්ත්‍රීවරුන්ගේ උපවාසය මාරාන්තික වෙයි
Feb 06,2011
ඇඹිලිපිටිය නගර මධ්‍යයේ ඔරලෝසු කණුව අසළ උපවාසයේ යෙදී සිටින එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් අද(06) දහවල් සිට මාරාන්තික උපවාසයක් ආරම්භ කිරීමට තීරණය කර තිබේ.

ඊයේ සිට ආරම්භ කරන ලද මෙම උපවාසයෙන් තමන්ට කිසිදු පිළිතුරක් නොලැබීම හේතුවෙන් මෙම පියවර ගත් බව එම මන්ත්‍රීවරුන් පවසයි.

මෙම උපවාසයට හේතු වී ඇත්තේ මෙවර ප්‍රාදේශීය සභා මැතිවරණයේ දී මෙම මන්ත්‍රීවරුන්ගේ නම් ඉවත් කිරීමයි.

මෙම සම්බන්ධයෙන් සොයා බැලීමට පැමිණි විදුලිබල නියෝජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර මහතා ප්‍රකාශ කර ඇත්තේ මේ සම්බන්ධයෙන් හෙට දිනයේ දී ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කරන බවයි.

දිස්ත්‍රික් කිහිපයක විදුලිය විසන්ධි කරයි
දිස්ත්‍රික් කිහිපයක විදුලිය විසන්ධි කරයි
Feb 06,2011
අනුරාධපුර, අම්පාර, ති‍්‍රකුණාමලය, මඩකළපුව සහ වව්නියාව යන දිස්ති‍්‍රක්කවල ප‍්‍රදේශ කිහිපයක විදුලිය විසන්ධි කර ඇති බව ලංකා විදුලි බල මණ්ඩලය පවසයි.

එම ප‍්‍රදේශවලට බලපා ඇති ජල ගැලිම් තත්ත්වය හේතුවෙන් මෙම පියවර ගෙන ඇති බව ලංකා විදුලි බල මණ්ඩලයේ සභාපති විද්‍යා අමරපාල මහතා ප‍්‍රකාශ කළේය
. 


විපතට පත් ජනයාට ආහාර ගබඩා වලින් භාණ්ඩ සැපයෙයි
විපතට පත් ජනයාට ආහාර ගබඩා වලින් භාණ්ඩ සැපයෙයි
Feb 06,2011
ජල ගැලීම් හේතුවෙන් විපතට පත් ජනතාවට අවශ්‍ය ආහාර සැපයීම සඳහා ආහාර ගබඩා වල ඇති භාණ්ඩ ලබා දීමට රජය පියවර ගෙන තිබේ.

ඊයේ(05) දිනයේ සිට එම කටයුතු ආරම්භ කළ බව ලක් සතොස සභාපති නලීන් ප‍්‍රනාන්දු මහතා ප‍්‍රකාශ කළේය.

අද(06) සහ හෙට(07) යන දිනවල ද අවශ්‍ය ප‍්‍රමාණයට ගබඩා වල ඇති ආහාර ද්‍රව්‍ය ලබා දීමට කටයුතු කරන බව නලීන් ප‍්‍රනාන්දු මහතා සඳහන් කළේය.

මේ අතර ජල ගැලීම් හේතුවේන් පීඩාවට පත් අනුරාධපුර දිස්ති‍්‍රක්කයේ ජනතාවගේ සෞඛ්‍ය පහසුකම් පිළිබඳ සොයා බැලීම සඳහා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් පිරිසක් අද දිනයේ එම ප‍්‍රදේශයට පිටත්ව යාමට නියමිතය.

25 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් අද දිනයේ පිටත් වන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා ප‍්‍රකාශ කළේය.


ලෝක කුසලානය වෙනුවෙන් කොළඹ සැරසෙයි
ලෝක කුසලානය වෙනුවෙන් කොළඹ සැරසෙයි
Feb 06,2011
2011 ලෝක කුසලාන තරගාවලියට සමගාමීව කොළඹ නගරය අලංකාර කිරීමේ කටයුතු ආරම්භ කර ඇති බව කොළඹ නගර සභාවේ නාගරික කොමසාරිස් ඕමාර් කාමිල් මහතා පවසයි.

ඛෙත්තාරාම කී‍්‍රඩාංගණය අවට ප‍්‍රදේශය ද නවීකරණය කිරිමේ කටයුතු ආරම්භ කර ඇති බව ඔහු සඳහන් කරයි.

ඒ සඳහා පමණක් මිලියන 40 මුදලක් ඇස්තමේන්තු කර ඇති බව ඕමාර් කාමීල් මහතා ප‍්‍රකාශ කළේය. 

යාල නව පිවිසුම් දොරටුව ජනපති අතින් විවෘත වෙයි
යාල නව පිවිසුම් දොරටුව ජනපති අතින් විවෘත වෙයි
Feb 05,2011
යාල ජාතික වනෝද්‍යානයේ නව පිවිසුම් දොරටුව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් අද(05) පෙරවරුවේ විවෘත කරනු ලැබීය.

වනෝද්‍යානයෙහි තුන්වැනි කොටසට පිවිසීම සඳහා ඉදිකරන ලද ගල් දොරටුව මෙලෙස විවෘත කරනු ලැබීය.

යාල ජාතික ‍වනෝද්‍යානය නැරඹීම සඳහා පසුගිය වසර තුළ දෙස් විදෙස් සංචාරකයින් දෙලක්ෂ පනස් දහසකට වැඩි පිරිසක් පැමිණ තිබේ.

මෙයින් රජයට කෝටි 19ක ආදායමක් ලබා ගැනීමට ද හැකි වී ඇති බව වනෝද්‍යාන නිලධාරීන් පවසයි.

මේ අතරින් විදේශ සංචාරකයින් හැත්තෑපන් දහසක් පැමිණ ඇති අතර එය ඉදිරි වසර තුළ දී ලක්ෂය දක්වා වැඩි කර ගැනීම අපේක්ෂාව බව වනෝද්‍යාන නිලධාරීන් සඳහන් කර සිටියි.


ගංවතුර ‍අවදානම් සහිත ප්‍රදේශ වලට සහන කණ්ඩායම් 40 ක්
 ගංවතුර ‍අවදානම් තත්ත්වයන් පවතින ප්‍රදේශ වලට සහන කණ්ඩායම් 40 ක් පමණ මේ වන විට යොදවා ඇතැයි නාවික හමුදාව පවසයි.

ත්‍රිකුණාමලය, මඩකළපුව, අනුරාධපුරය, පොළොන්නරුව යන ප්‍රදේශවලට මෙම සහන කණ්ඩායම් පිටත් කර යවා ඇති බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කමාන්ඩර් කෝසල වර්ණකුලසූරිය මහතා සඳහන් කළේය.

තව ද කිසියම් අවදානම් තත්ත්වයක් ඇතිවුවහොත් ඊට පෙර සූදානමක් ලෙස තවත් අමතර සේවා කණ්ඩායම් එම ප්‍රදේශවල නාවික හමුදා කඳවුරුවල ස්ථාන ගතකර ඇති බව ද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

පසුගිය 3 වැනිදා බෝට්ටුවක් පෙරලීමෙන් අතුරුදන් වූ නාවික භටයා ඇතුළු සෙසු පුද්ගලයින් සිව්දෙනා මේ වනතෙක් සොයාගැනීමට නොහැකි වු බව ද ‍කමාන්ඩර් කෝසල වර්ණකුලසූරිය මහතා පැවසුවේය.

කුවේට්හිදී ගෘහ සේවිකාවක් හා ඇගේ ශ්‍රී ලාංකික පෙම්වතා අත්අඩංගුවට
Feb 05,2011
කුවේට්හි සේවය කරන ගෘහ සේවිකාවක් හා ඇයගේ ශ්‍රී ලාංකික පෙම්වතා කයිෆාන්හි සිදුවූ භාණ්ඩ කොල්ලකෑමේ සිද්ධියකට සම්බන්ධ බවට කුවේට්හි අගනුවර විමර්ශන දෙපාර්තමේන්තුව හඳුනාගෙන තිබේ.

මෙම ගෘහ සේවිකාව සහ ඇයගේ පෙම්වතා විසින් ඇය සේවය කළ නිවසෙන් කුවේට් ඩිනාර් 8000 ක වටිනාකමින් යුත් රන් ආභරණ හා අත් ඔරලෝසු තොගයක් සොරගෙන ඇති බවට මෙම යුවලට චෝදනා එල්ල වී තිබේ.

මෙම සිදුවීම කයිෆාන්හි පොලීසියට වාර්තා වීමෙන් පසු එම පොලිසිය සිද්ධිය සම්බන්ධ විමර්ශන කටයුතු අගනුවර විමර්ශන දෙපාර්තමේන්තුව වෙත බාරදී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එහි නිලධාරීන් විසින් ගෘහ සේවිකාව සහ ඇයගේ පෙම්වතා සිද්ධිය සම්බන්ධව සැකපිට අත්අඩංගුවට ගෙන ඇතිබව ද සඳහන්ය.

ඔවුන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම් වලදී තමන් විසින් අදාළ භාණ්ඩ තොගය සොරකම් කළ බව ඔවුන් පිළිගෙන ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.


අනුරාධපුරයට පැමිණීමෙන් වළකින්නැයි වන්දනාකරුවන්ගෙන් ඉල්ලයි
අනුරාධපුරයට පැමිණීමෙන් වළකින්නැයි වන්දනාකරුවන්ගෙන් ඉල්ලයි
Feb 05,2011
අනුරාධපුර ප්‍රදේශයට පැමිණීමෙන් වළකින ලෙස සියලු වන්දනාකරුවන්ගෙන් අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් එච්. එම්. කේ. හේරත් මහතා ඉල්ලීමක් කරයි.

අනුරාධපුර ප්‍රදේශයේ පවතින ජලගැලීම් තත්ත්වය හේතුවෙන් මෙම දැනුම් දීම සිදුකරන බව ඔහු පවසයි.

දිස්ත්‍රික්කයට බලපා තිබෙන ජලගැලීම් තත්ත්වය මෙතෙක් පහව ගොස් නොමැති අතර ප්‍රදේශයේ වැසි සහිත කාලගුණය ද තවදුරටත් පවතින බව හෙතෙම පෙන්වාදෙයි.

ජලාශ බොහොමයක් ද පිටාර මට්ටමේ පවතින බව දිස්ත්‍රික් ලේකම්වරයා සඳහන් කරයි.

රාජාංගණය ජලාශයේ ද තවත් වාන් දොරටු 3 ක් අද(05) පෙරවරුවේ විවෘත කිරීමට සිදුවන බව දිස්ත්‍රික් ලේකම්වරයා ප්‍රකාශ කළේය. 

වැහි බර කාලගුණය ඉදිරියටත්

Feb 05,2011
පසුගිය වසර හයට වඩා වෙනස් කාලගුණයක් මේ වසරේ ජනවාරි මස දක්නට ලැබුණු බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. මෙරට දේශගුණයේ යම් වෙනසක් සිදුවී ඇතැයි ද පැවසූ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් ජී. බී. සමරසිංහ මහතා ඕස්ටේ‍්‍රලියාවේ ඇති වූ සුළි කුණාටුවෙන්ද මෙරටට යම් බලපෑම් සිදුවී ඇතැයි ද පැවසී ය.
ඊසාන දිග මෝසම් සමයේ ඇදහැලෙන වර්ෂාව මෙවර දක්නට ලැබුණු බවද කී ඒ මහතා, අසාමාන්‍ය වර්ෂාපතනය හේතුවෙන් වායුගෝලයේ අඩු පීඩන තත්ත්වයක් හටගෙන ඇතැයි ද කීය. මේ අතර දිවයින ආශි‍්‍රතව තරමක තද සුළං සහිත සිසිල් සහ වැසි සහිත කාලගුණය තවදුරටත් පවතින බව කාලගුණ විද්‍යාඥ චමින්ද ද සිල්වා මහතා පවසයි.
නැඟෙනහිර, මධ්‍යම, ඌව, උතුරු සහ උතුරු මැද පළාත්වල ඇතැම් ස්ථානවල ද තද වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත් දිවයිනේ අනිත් ප්‍රදේශවල අහස වලාකුළින් බරව පැවතිය හැකි බවත් පැවසූ ඒ මහතා දිවයින වටා මුහුදු ප්‍රදේශ රළු විය හැකි බවත් සුළගේ වේගය පැයට කිලෝ මීටර් 60 – 70 ක් පැවතිය හැකි බවත් කීය. මුහුදු ප්‍රදේශ රළු විය හැකි බැවින් ධීවර කටයුතුවල යෙදෙන්නන් කල්පනාකාරී වන ලෙසද පවසයි.


නිදහසේ ධජය
කතරගම ලෙළ දෙයි

Feb 05,2011
අන්කවරදාටත් වඩා නිදහසේ අගය දැනෙන මොහොතක දුටුගැමුණු රජතුමා රට ආරක්‍ෂා කරගැනීමට ගමන් ඇරැඹි ඓතිහාසික කතරගම පුරවරයේදී 63 වන ජාතික නිදහස් දිනය උත්සව ශ්‍රීයෙන් පෙරේදා (4) පෙරවරුවේ පැවැත්විණි.
”ගොඩනැඟූ දේශය සුරකිමු” මෙවර ජාතික නිදහස් සමරු උත්සවයේ ප්‍රධාන තේමාව විය. ’කඳසුරිඳුගම’ ප්‍රජා භූමියේදි විහාරමහාදේවි විහාරය අසලදි අභිමානවත්ව නිදහස් උත්සවය පැවැත්වූයේ මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙනි.
මේ අවස්ථාවට ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්‍ෂ මැතිනියද සහභාගි වූවාය. ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි ත්‍රිවිධ හමුදාපතිවරු සහ පොලිස්පති විසින් මෙහිදී ජනාධිපතිතුමා ප්‍රධාන කොඩිකණුව අසලට කැඳවාගෙන යෑම සිදුවිය. මඟුල් බෙර වාදන සහ ජයසක් හඬ මධ්‍යයේ ජනාධිපතිතුමා විසින් ජාතික කොඩිය ඔසවන ලදි. ජාතියේ අභිමානය, නිදහස් නිවහල් බව අර්ථ ගන්වමින් ජාතික ධජය සුළඟේ ලෙළ දුන්නේය. බදුල්ල, බණ්ඩාරවෙල පාසල්වල ශිෂ්‍යාවන් සියදෙනකු විසින් ජාතික ගීය ගායනා කරනු ලැබීය.
උත්සවයට සහභාගි වූ සියලු දෙනා ජාතික ගීය ගායනා කිරීම මෙහි කැපී පෙනුණ සිද්ධියකි. මෙම අවස්ථාවෙන් පසු විශේෂ පීඨිකාවක් වෙත ජනාධිපතිතුමා කැඳවා ගෙන යාමද එහිදී සිසුන් විසිපස් දෙනකු විසින් ජයමංගල ගාථා සහ දේවෝ වස්සතු කාලේන ආශිර්වාද ගාථාවද ගායනය කරන ලදි.
රටේ ස්වාධීනÀවය, ස්වෛරීභාවය, භෞමික අඛණ්ඩතාව තිර පැවැත්ම වෙනුවෙන් දිවි පිදූ දේශ ප්‍රේමීන් අනුස්මරණය කිරීම සඳහා විනාඩි දෙකක නිශ්ශබ්දතාව සමඟ ගෞරව දැක්වීම ද සිදුවිය.
ජනාධිපති උත්තමාචාරය පිළිගැන්වූයේ ඉන් අනතුරුවය. රටේ රාජ්‍ය නායකයා ලෙස ජනාධිපතිතුමා වෙත ගෞරව දැක්වීම ආචාර වෙඩිමුර 21 ක් මෙහිදී පිරිනැමිණ. මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමා ජාතිය ඇමතීම සිදුකළේ මින් අනතුරුවය.
එතුමාගේ කතාවෙන් පසුව ජාතික නිදහස් දින සැමරුමේ අභිමානය ඔප් නැංවෙන ත්‍රිවිධ හමුදාව, පොලිසිය, සිවිල් ආරක්‍ෂක බලකායේ ආචාර පෙළපාලිය පැවැත්විණි.
ඌව පළාතේ සහ තවත් පළාත් කිහිපයක සංස්කෘතික මධ්‍යස්ථානවල නර්තන ශිල්පීන් 1400 ක සහභාගිÀවයෙන් පැවැත්වූ සංස්කෘතික සංදර්ශනය සහ ඌව පළාතේ සහ රටේ විවිධ පළාත් නියෝජනය කරමින් පාසල් සිසුන් 1000 ක් ඉදිරිපත් කළ වර්ණවත් සංස්කෘතිත සංදර්ශනය පැමිණ සිටි සියලු ආරාධිතයන්ගේ විශේෂ අවධානයට යොමු විය.
හැටතුන්වන නිදහස් සමරු උලෙළ කොළඹින් පිට කතරගම පුරවරයේ පැවැත්වීම පිළිබඳව ඌව දිස්ත්‍රික්කයේ ජනතාව මෙන්ම මොනරාගල දිස්ත්‍රික්කයේ ජනතාව ද බෙහෙවින් සතුටට පත්ව සිටි බව තිස්සමහාරාමය, හම්බන්තොට, මොනරාගල, බදුල්ල, බිබිල, වැල්ලවාය, ගාල්ල, මාතර ඇතුලු පළාත් රැසකින් මෙය අවස්ථාව නැරඹීමට සහභාගි වූ දහස්ගණන් ජනතා සහභාගිÀවයෙන් පැහැදිලි විය.


එ.ජා.ප. යේ “නිදහසේ විලාපයට” මැර ප්‍රහාරයක්

එක්සත් ජාතික පක්ෂය විසින් අද පස්වරුවේ පැවැත්වූ “නිදහසේ විලාපය” විරෝධතාවයට මැර ප්‍රහාරයක් එල්ලවී තිබේ. පුංචි බොරැල්ලෙන් ආරම්භ කළ විරෝධතා පාගමන බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහල අසලට ළඟා වූ අවස්ථාවේදී මෙම මැර ප්‍රහාරය එල්ලවී තිබේ.
එහිදී එල්ලවූ පොළු මුගුරු සහ ගල්මුල් ප්‍රහාර හේතුවෙන් වාහන රැසකටද අලාභ හානි සිදුව ඇත.
මේ සම්බන්ධයෙන් අප වෙත අදහස් දැක්වූ උද්ඝෝෂණ සංවිධායකයකු පැවසුවේ මර්වින් සිල්වා අමාත්‍යවරයා සහ මන්ත්‍රී දුමින්ද සිල්වා විසින් මෙහෙයවනු ලැබූ මැර පිරිස් විසින් මෙම ප්‍රහාරය එල්ල කළ බවයි.


ගංවතුරින් බේරාගත් ගැබිනියකට ගුවන්
යානයේදීම දරු උපතක්‌


ලසිත දුමින්ද සහ සමන් ගමගේ

අහසේ උපන් නිදහසේ දියණිය
 

Feb 05,2011

හොරොව්පතාන ප්‍රදේශයේ ගංවතුරට කොටුවී සිටි ගැබිනි මවක්‌ ඊයේ (04 වැනිදා) උදෑසන ගුවන් මගින් බේරාගෙන එන විට ගුවන් යානයේදී ඇය සිය දරු ප්‍රසූතිය සිදු කළාය.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් බෙල් 212 ගුවන් යානය මගින් මෙලෙස ගැබිනි මව රැගෙන එන අතරතුර දරු ප්‍රසූතිය සිදුව තිබේ.

දරුවාත් මවත් ආරක්‍ෂිතව අනුරාධපුර රෝහලට රැගෙන ඒමට ගුවන් නියමුවන් පියවර ගත් බව ගුවන් හමුදා ප්‍රකාශක ගෲප් කපිතාන් ජනක නානායක්‌කාර පැවසීය.

හදිසි අවස්‌ථාවකදී බේරාගනු ලැබූ ගැබිනි මවකට මෙවැනි දරු ප්‍රසූතියක්‌ ගුවන් යානයක්‌ තුළ සිදුව ඇත්තේ ගුවන් හමුදා ඉතිහාසයේ පළමු වරට බව ගුවන් හමුදාව සඳහන් කරයි.

මෙම සිද්ධියට අමතරව ජල ගැලීම්වලට ගොදුරුව සිටි පුද්ගලයන් විස්‌සකට අධික පිරිසක්‌ ඊයේ සවස්‌ වන විට ගුවන් මගින් බේරාගෙන ඇත.

ආපදාවන්ට ලක්‌ව ඇති පිරිස්‌ බේරාගැනීම සඳහා ආරක්‍ෂක මාණ්‌ඩලික ප්‍රධානීහු ගුවන් හමුදාපති එයාර් චීෆ් මාර්ෂල් රොෂාන් ගුණතිලක මහතාගේ සෘජු අධීක්‍ෂණය මත ගුවන් හමුදාවේ බෙල් 212 වර්ගයේ ගුවන් යානා දෙකක්‌ සහ එම්. අයි. 17 වර්ගයේ හෙලිකොප්ටර් යානා දෙකක්‌ යොදවා තිබේ.

පවතින හදිසි තත්ත්වයන්ට මුහුණදීම සඳහා ගුවන් හමුදාවේ හෙලිකොප්ටර් යානා ඕනෑම අවස්‌ථාවක සූදානමින් තබා ඇතැයිද ඒ සඳහා වූ නිරීක්‍ෂණ ගුවන් ගමන් පැය 24 පුරාම ක්‍රියාත්මක කර ඇති බවද ගෲප් කපිතාන් ජනක නානායක්‌කාර සඳහන් කළේය.

එසේම ජල ගැලීම්වලට ගොදුරුවූ පිරිස්‌ බේරා ගැනීම සඳහා නාවික හමුදා ජීවිතාරක්‍ෂක කණ්‌ඩායම් 20 ක්‌ අදාළ ප්‍රදේශවල ක්‍රියාත්මක වන අතර, ඊට යුද හමුදාවේ සහාය ද ලබාදී තිබේ.

ඩීසල් මිල රුපියල් 5 න් ඉහළ නගියි
ඩීසල් මිල රුපියල් 5 න් ඉහළ නගියි
අද(04) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඩීසල් මිල ඉහළ නැංවීමට ලංකා අයි. ඕ. සී තීරණය කර තිබේ.

ඒ අනුව ඩීසල් ලීටරයක මිල රුපියල් 5 න් ඉහළ නැංවීමට තීරණය කර ඇති බව ලංකා අයි. ඕ. සී හි කළමනාකරණ අධ්‍යක්ෂවරයා අද දෙරණ වෙත සඳහන් කළේය.


නිදහස රැකගැනීමේ හොඳම මග එක්සත් ශ්‍රී ලාංකික ජාතියක්
 නිදහස රැකගැනීමේ හොඳම මග එක්සත් ශ්‍රී ලාංකික ජාතියක්
Feb 04,2011
එක්සත් ශ්‍රී ලාංකික ජාතියක් ගොඩනැගීම, නිදහස ආරක්ෂා කිරීමටත් අර්ථවත් කිරීමටත් තිබෙන හොඳම මාර්ගය බව නිදහස් දින පණිවුඩය නිකුත් කරමින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
මෙරට නිදහස සහ ස්වාධීනත්වය වෙනුවෙන් අපමණ කැපකිරීමක් කිරීමට හැකිවීමේ අභිමානය සහිතව මෙවර නිදහස සැමරීමට අවස්ථාව උදාවී ඇති බව ජනාධිපතිවරයා‍ පෙන්වාදෙයි.
මේ අතර 63 වැනි ජාතික නිදහස් දිනය නිමිත්තෙන් අග්‍රාමාත්‍ය දි. මු. ජයරත්න මහතා ද සුබපැතුම් එක්කර සිටියි.
ප්‍රීතිමත් හා සමෘද්ධිමත් ජාතියක් ගො‍ඩනැගීමෙහිලා එකමුතුව සාමයෙන් හා සමාදානයෙන් යුතුව කටයුතු කිරීමට ශ්‍රී ලාංකිකයන් මෙම නිදහස් දිනයේ දී අධිෂ්ඨාන කරගත යුතු බව අග්‍රාමාත්‍යවරයා සඳහන් කරයි.
ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් යටතේ ජනතාවට ජීවත්වීමේ නිදහස, දුප්පත්කමින් නිදහස, නොදැනුවත්කමින් නිදහස සහ රෝගී බවින් නිදහස යන පංච විධ නිදහස යළි ලබාගත යුතුව ඇතැයි නිදහස් දින පණිවුඩයෙන් විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වාදෙයි.
මේ අතර ආගමික නායකයින් රැසක් ද නිදහස් උළෙල නිමිත්තෙන් විශේෂ පණිවුඩ නිකුත් කර තිබේ.
වත්මනෙහි ලබාඇති නිදහස තුළ කතා කළ යුතුව ඇත්තේ රටේ ඉදිරිය පමණක් වීම ගැන මහත් සේ සතුටු වන බව ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායේ මහානායක අතිපූජ්‍ය වේවැල්දෙනියේ මේධාලංකාර නාහිමියන් පවසයි.
යුද සාපයෙන් පීඩා ලැබූ රට සහ ජනතාව ආර්ථික නිදහස ද අපේක්ෂා කරන බව ශ්‍රී ලංකා අමරපුර මහානිකායේ උත්තරීතර මහානායක අතිපූජ්‍ය දවු‍ල්දෙන ඤාණිස්සර නාහිමියන් සඳහන් කරයි.
ශ්‍රී ලාංකේය ඉතිහාස ගමන් මගෙහි වත්මන් කාලවකවානුව අතිශයින් වැදගත් බව ඉතා පැහැදිලි යැයි අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් නිකුත් ක‍ර ඇති පණිවු‍ඩයේ දැක්වෙයි.
අභිමානවත් 63 වැනි ජාතික නිදහස් උළෙල අද(04) ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කතරගම දී පැවැත්වෙයි.
ජාතික නිදහස් උත්සවය කොළඹින් බැහැරව පැවැත්වීමේ තීරණය යටතේ ඌව පළාතේ පැවැත්වෙන පළමු නිදහස් උළෙල මෙය වේ.

Thursday, February 3, 2011

Swiming record From 5 year's old girl





Hot

Sri Lanka News Last update 02/02/2011 - 1:00pm
වෛද්‍ය නිර්දේශ නොතකා ෆොන්සේකාට කෙනෙහිලි-උණුවතුර පහසුකම් දෙන්නැයි අධිකරණයෙන් තීන්දුවක්..!
වෛද්‍ය නිර්දේශ නොතකා ෆොන්සේකාට කෙනෙහිලි-උණුවතුර පහසුකම් දෙන්නැයි අධිකරණයෙන් තීන්දුවක්..!
ශ්වසනාබාධයකින් පෙළෙන සරත් ෆොන්සේකා මහතාට පරිහරණය සඳහා උණුවතුර පහසුකම් ලබාදිමට පියවර ගන්නා ලෙස කොළඹ මහාධිකරණය විසින් අද (02)බන්ධනාගාර අධිකාරීවරයාට නියෝග කර තිබේ.

පසුගිය ජනාධිපතිවරණ සමයේ යුද හමුදාවෙන් පලාගිය සෙබළුන් සේවයේ යොදවා මොවුන්ට වැටුප් ගෙවීම සම්බන්ධයෙන් හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා මහතාට සහ ඔහුගේ ලේකම් සේනකද සිල්වා යන අයට එරෙහිව පවරා ඇති නඩුව අද කැඳවූ අවස්ථාවේදි මෙම නියෝගය කළ බව  පවසයි.

මුලින්ම අධිකරණයට කරුණු දැක්වූ සරත් ෆොන්සේකා මහතා වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ සරත් ෆොන්සේකා මහතා සති 2 ක කාලයක් තිස්සේ ශ්වසනාබාධයකින්පෙළෙන බවයි.

ෆොන්බන්ධනාගාර වෛද්‍යවරයා විසින් නිර්දේශ කර ඇත්නම් උණුවතුර පහසුකම් ලබා නොදෙන්නේ මන්දැයි මෙහිදී මහාධිකරණ විනිසුරු දීපාලි විජේසුන්දර සේකා මහතාට පරිහරණය සඳහා උණුවතුර පහසුකම් ලබාදෙන ලෙස බන්ධනාගාර වෛද්‍යවරයා විසින් නිර්දේශ කර තිබුණ ද එකී පහසුකම් මෙතෙක් ලබාදිමට කටයුතු කර නැතැයි නීතිඥවරයා පෙන්වාදී තිබේ.

මහත්මිය බන්ධනාගාර නිලධාරීන්ගෙන් ප්‍රශ්න කර සිටියාය.

ඊට ප්‍රතිචාර දක්වමින බන්ධනාගාර නිලධාරීන් කියා සිටියේ මේ පිළිබඳ සොයා බලා අවශ්‍ය පියවර ගන්නා බවයි.

කෙසේ වෙතත් විත්තිකාර සරත් ෆොන්සේකා මහතාට පරිහරණය සඳහා උණුවතුර පහසුකම් වහා ලබාදීමට පියවර ගන්නා ලෙස මහාධිකරණ විනිසුරු දීපාලි විජේසුන්දර මහත්මිය නියෝග කර තිබේ.

අනතුරුව දෙවෙනි විත්තිකර සේනකද සිල්වා ට ඇප ලබාදෙන ලෙස ඔහු වෙනුවෙන් පෙනී සිටින විත්තියේ නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටි අතර ඊට එරෙහිව කරුණු දක්වමින් රජයේ නීතිඥවරයා කියා සිටියේ විත්තිකරුට ඇප ලබාදුනහොත් අධිකරණය මගහැර පලායන්නට ඉඩඇති බවයි.

කෙසේ වෙතත් ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින්විත්තිකරු තවදුරටත් රිමාන්ඩ් භාරයේ තබන ලෙස මහාධිකරණ විනිසුරුවරිය නියෝග කළාය. අනතුරුව මෙම නඩුවේ වැඩිදුර විභාගය මැයි මස 03 වන දින ට කල්තබන ලදී.


බස් රිය ඇළට පෙරළී ඇඟලුම් සේවිකාවන් 20 ට තුවාලයි
බස් රිය ඇළට පෙරළී ඇඟලුම් සේවිකාවන් 20 ට තුවාලයි
Feb 02,2011
අම්පාර , තැපැල් හන්දිය ප්‍රදේශයේ දී ඇඟලුම් සේවිකාවන් පිරිසක් ප්‍රවාහනය කරමින් සිටි බස් රථයක් ඇළකට පෙරළීමෙන් ඇඟලුම් සේවිකාවන් 20 දෙනෙකු තුවාල ලබා තිබේ.

අද(02) පෙරවරු 6.30ට පමණ මෙම අනතුර සිදු වී ඇති බව පොලිසිය සඳහන් කරයි. අනතුර සිදු වන අවස්ථාවේ බස් රථය තුළ ඇඟලුම් සේවිකාවන් 65 දෙනෙකු පමණ ගමන් ගනිමින් සිට තිබේ.

අනතුරින් තුවාල ලැබූ ඇඟලුම් සේවිකාවන් අම්පාර මූලික රෝහලට ඇතුළත් කර ඇති බව පොලිසිය සඳහන් කරයි. 

වව්නියාවේ වෙළඳ විරෝධතාවයට තිත
Feb 02,2011
වව්නියාව බස් නැවතුම්පොළේ පිහිටි වෙළඳ සංකීර්ණයක වාහන ඇතුළු කිරීම තහනම් කිරීමට විරෝධය පළ කරමින් මෙම විරෝධතාව පවත්වා ‍ඇති බව සඳහන් වේ.

ඔවුන් වෙළඳසැල් වසා දමා මෙම විරෝධතාවයේ නිරත වූ බව වාර්තා වේ.

පසුව වව්නියාව නගර සභාවේ සභාපතිවරයාගේ මැදිහත් වීමෙන් පොලිසිය සහ ව්‍යාපාරිකයින් සමඟ සාකච්ඡා කර තත්ත්වය සමථයකට පත් කර තිබේ.

ඒ අනුව වෙළඳ සංකීර්ණය තුළට වාහන ඇතුළු කිරීමට පොලිසිය අවසර ලබා දුන් බව සඳහන් වේ.

පුංචි ඡන්දයේ තැපැල් ඡන්ද මාර්තු 8-9
Feb 02,2011
පළාත් පාලන ඡන්ද විමසීමේ තැපැල් ඡන්ද සළකුණු කිරීම මාර්තු මස 8 හා 9 යන දිනවල සිදුකරන බව මැතිවරණ මහලේකම් කාර්යාලය කියයි. තැපැල් ඡන්ද අයදුම් කිරීම පෙරේදා (31) අවසන් විය.
ජනාධිපතිවරණය හා පාර්ලිමේන්තු මැතිවරණයේදී තැපැල් ඡන්ද අයදුම් කළ පිරිසට වඩා අඩු පිරිසක් මෙවර අයදුම්කර ඇති බව පෙනීයන නමුත් තවම එම සංඛ්‍යාව ප්‍රකාශ කළ නොහැකි බව මැතිවරණ මහලේකම් කාර්යාලයීය ප්‍රකාශකයෙක් කීවේය.
ඩෙංගු යළි හිස එසවීමේ අවදානමක්
Feb 02,2011
රට පුරා පවතින වර්ෂාව නිසා ඩෙංගු රෝගය යළිත් හිස එසවීමේ අවදානමක් පවතියි. පසුගිය ජනවාරි මාසය තුළ ඩෙංගු රෝගීන් 620 දෙනකු වාර්තා වී තිබෙන අතර ඉන් අටදෙනෙකු මරණයට පත්වී ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි. කොළඹ දිස්ත්‍රික්කයෙන් ඩෙංගු රෝගීන් 214 ක්ද, ගම්පහ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 87 ක්ද ලෙස වාර්තා වී තිබේ. ඩෙංගු රෝගය වැළඳුණු ළමයින් 155 දෙනෙකු ඉකුත් ජනවාරි මාසයේ දී කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට ඇතුළත්ව තිබේ. ඉන් එක් ළමයෙකු මරණයට පත්ව ඇත.
මැතිවරණ සමයට සමගාමීව ඩෙංගු රෝගය පිළිබඳව ද වැඩි අවධානයක් යොමු කළ යුතු බවත් නොඑසේ නම් ඩෙංගු රෝගීන්ගේ වාර්තාවීම ඉහළ යා හැකි බවත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉහළ නිලධාරියකු පැවැසීය. විශේෂයෙන්ම කැළිකසළ නිසිලෙස බැහැර කර තමන් ජීවත්වන අවට පරිසරය පිරිසුදුව තබා ගන්නේ නම් ඩෙංගු උවදුරෙන් ජනතාවට මිදිය හැකි යැයි වසංගත රෝග විද්‍යා අංශය දැනුම් දෙයි. මේ අතර කොළඹ නගරයේ ඩෙංගු රෝගයේ ගණත්වය වැඩිවී ඇතැයි කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය ප්‍රදීප් කාරියවසම් මහතා පවසයි.
මැද කොළඹ ප්‍රදේශයෙන් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තාවී ඇති අතර, එය 69 කි. ජනවාරි මාසයේ වාර්තා වූ සමස්ත රෝගීන් සංඛ්‍යාව 159 ක් වන බවත් එය ගිය වසරේ (2010) ජනවාරි මාසය හා සැසඳීමේදී අඩුවීමක් දක්නට ලැබෙන බවත් වෛද්‍ය කාරියවසම් මහතා පවසයි. ගිය වසරේ ජනවාරි මාසයේ දී කොළඹ නගරයෙන් පමණක් ඩෙංගු රෝගීන් 246 දෙනෙක් වාර්තා වී තිබේ.
විශේෂයෙන් වෙනත් දිනවල වාර්තා නොවූ ප්‍රදේශවලින්ද ජනවාරි මාසයේ ඩෙංගු රෝගීන් වාර්තා වී ඇති අතර, පාමංකඩ, කිරුළපන, කොටහේන, කොච්චිකඩේ හා අලුත්කඩේ යන ප්‍රදේශ ඒ අතර වේ. ජලය බැස යන අක්‍රමවත් කාණු පද්ධතිය, අපිරිසුදු පරිසරය, වැහි පීලි ඛ්ා අපද්‍රව්‍ය කළමනාකරණයක් නොවීම හේතුවෙනි. කොළඹ නගරයේ ඩෙංගු රෝගය ක්‍රමිකව වර්ධනය වෙමින් පවතින බවද වෛද්‍ය කාරියවසම් මහතා වැඩිදුරටත් සඳහන් කරයි.
ගංවතුර තර්ජන තව තවත් දරුණු වෙයි
Feb 02,2011
මහවැලි ගඟ පිටාර ගැලීමෙන් ජලයෙන් යටවී ඇති මාවඩිචේන ප්‍රදේශයේ ජල මට්ටම තව තවත් වැඩිවෙමින් පවතින අතර ඊයේ (01) වන විට අවතැන් පවුල් සංඛ්‍යාව 25ක් දක්වා ඉහළ ගොස් ඇතැයි වෙරුගල් ප්‍රාදේශීය ලේකම් පී. ධනේෂ්වරන් මහතා පැවසීය. වෙරුගල් ප්‍රදේශයේ ප්‍රවාහන කටයුතු බෝට්ටු වලට හා ඔරු වලට සීමා වී ඇතැයි කී ප්‍රාදේශීය ලේකම්වරයා අවතැන් පිරිස් මාවඩිචේන විද්‍යාලයේ රඳවා සිටිති.
මේ අතර කන්තලේ ජලාශයේ ජල මට්ටම අක්කර අඩි 118000 දක්වා ඉහළ ගොස් ඇති අතර ජලාශයේ තිබිය යුතු උපරිම ජල ධාරිතාව අක්කර අඩි 114000 අභිභවා ගොස් ඇතැයි කන්තලේ වාරිමාර්ග ඉංජිනේරු අයි. කනංකගේ මහතා පැවසීය. මේ නිසා ජලාශයේ විවෘත කර තිබූ වාන් දොරටු අඟල් නවයේ සිට අඩි එකහමාර දක්වා විවෘත කළ බව කීය. වාන් ඇළේ ඉවුරු ඛාදනය වැළැක්වීමට ආරක්ෂිත පියවර ගැනීමට කටයුතු කෙරේ.
ඊ නිව්ස් කාර්යාලයට ගිනි තැබීමේ සිද්ධියට සැක අයෙක් රිමාන්ඩ්
Feb 02,2011
ලංකා ඊ නිව්ස් වෙබ් අඩවිය පවත්වාගෙන ගිය කාර්යාලයට ගිනි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවකු ,ඊයේ (1) කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මහේස්ත්‍රාත් ජයකී අල්විස් මහත්මිය විසින් ලබන 15 දා දක්වා ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කළාය.
මාලබේ දහම් මාවතේ පවත්වාගෙන ගිය ඊ නිව්ස් වෙබ් අඩවි කාර්යාලය පෙරේදා (31) අලුයම 2.00ට පමණ ගින්නෙන් විනාශ වී තිබූ අතර ඒ සම්බන්ධයෙන් තලංගම පොලිසිය පෙරේදා දිනයදීම මේ සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ. පොලිසිය ඔහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදි මේ සිදුවීමට සම්බන්ධ ප්‍රධාන සැකකරුවකු පිළිබඳ තොරතුරු අනාවරණය වී ඇත.
ඔහු අත්අඩංගුවට ගැනීමට විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවා ඇතැයි පොලිසිය පවසයි. ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගැනීමෙන් පසුව මේ ගිනි තැබීම සම්බන්ධ සම්පූර්ණ තොරතුරු අනාවරණය කරගත හැකි වේ යැයි පොලිසිය විශ්වාස කරයි.

කැලණි ගඟේ මීටර් 1000ක් පිහිනා වාර්තාවක් තැබූ මාලිගාවත්ත කාල්ටන් පෙර පාසලේ ඉගෙනුම ලබන වැල්ලම්පිටියේ සේදවත්තේ පදිංචි වියාමා ඕෂදී සිඟිති දැරිය ඊයේ (2) අරලියගහ මන්දිරයට කැඳවූ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා එම දැරියගේ දස්කම් අගය කරමින් ඇයට සුබ පැතුවේ මේ අයුරිනි.