Monday, April 2, 2012
Sunday, April 1, 2012
උදාරිගේ තැනට නෙහාරා රිංගයි
අපේ නළු නිළියෝ මාධ්‍ය නොසලකා හැරීම දැන් දැන් පුරුද්දක් කරගෙන.
අනර්කලී ආකර්ශා මාධ්‍යට එහෙම දාපු සද්දයක් ගැන පසුගිය දවසක අපි කිව්වනේ.
ඔන්න දැන් නෙහාරටත් මේ උණ බෝවෙලාලූ.
නෙහාරව සම්බන්ධ කරගන්න හදපු ජනමාධ්‍ය ආයතන කිහිපයක්ම හිතාමතාම මග ඇරපු නෙහාරා එහෙම කරන්නෙ ඇයි කියලත් අපි හෙව්වා.
මෙගා නාට්‍ය බහුතරයක පෙම්වතා විදියට රංගනයේ යෙදෙන මේනකගේත් නෙහාරගේත් තිරයෙන් පිටුපස පේ‍්‍රම අන්දරයට පහුගිය කාලේ මාධ්‍ය වලින් හරි හරියට ප්‍රචාරයක් දුන්නා.
ජනප්‍රිය චරිත වලට මාධ්‍යයන්ගෙන් ඒ විදියෙ ප්‍රතිචාර ලැබෙන එක මහ පුදුමයක් වුණු නෙහාරා මාධ්‍ය වලට කුඩම්මාගේ සැලකිල්ල දක්වන්න ඒවත් හේතු වෙන්න ඇති.
ඒ විතරක් නෙවෙයි මේනක රංගනයේ යෙදෙන හැම නාට්යකටමත් රිංගන්න නෙහාරා දැන් පටන් අරගෙන මේනක සහ උදාරි ප්‍රධාන චරිත නිරූපණය කරන "සිහින පියාපත් ටෙලිනාට්‍යයෙන් සමුගන්න උදාරි මේ වෙද්දි තීරණය කරලා ඉවරයි.
ඒ හිස්තැනටත් රිංගන්න බලාගෙන නෙහාරා ඇහැගහගෙන ඉන්නවා කියලා තමයි අපිට නම් ආරංචි උනේ.
නීතීඥවරියක් වීම මගේ ඊලඟ අපේක්ෂාවයි- උපේක්ෂා
උපේක්ෂා
ස්වර්ණමාලි නීතිඥ වෘත්තියට ද පිවිසීම සඳහා මේ වන විට අධ්‍යාපන කටයුතුවල
නියැලී සිටින බව ඇය විසින් පුවත්පතකට ප්‍රකාශ කර තිබෙනවා.
නීති උපාධිය සඳහා මේ වනවිට "යුනිවර්සිටි ඔෆ් ලන්ඩන්" හි අධ්‍යාපන කටයුතු වන නිරතව සිටින බවයි ඇය පවසන්නේ.
ගෙවී ගිය වසර හයක කාලයේදී ආර්ථික වාසි තකා රංගනයෙහි නියැලීමක් සිදු නොකළ බව කියා සිටිනා ඇය, කලාකාරිනියක ලෙසින් තමන්ට ලැබුණු චරිත සම්බන්ධයෙන් තෘප්තිමත් නොවන බවද පවසා සිටීනවා.
මංත්‍රීවරියක වුවද, නීතීඥ වරියක් වුවද කෙදිනකවත් රඟපෑමෙන් ඉවත් නොවන බවත් ඇය කියා සිටින්න්නේ "කවදාහරි අපේ දෙනවක හාමිනේ මහත්මිය වගේ දීර්ඝ කාලයක් දක්වා වුණත් රඟපෑමේ කටයුතුවල නිරත වේවි" යනුවෙනි.
කලකට ඉහත උපේක්ෂා කුවෙට්හි සිට මෙරටට පැමිණියේ වෙනත් රටකට යාමේ අරමුණ ඇතිව මානව සම්පත් කළමනාකරණය ඉගෙන ගැනීමටයි. ඉන්පසු රංගනයට පිවිසීමෙන් පසු ජනතාව අතර ප්‍රසිද්ධ වුනේ පබාගේ චරිතයෙනි.
පබාගේ ජනප්‍රියත්වයත් සමඟ සරත් ෆොන්සේකා මහතාගේ දේශපාලන වේදිකාවට නැඟීමෙන් දේශපාලනයට පිවිසි ඈ ඉන්පසු එක්සත් ජාතික පක්ෂයෙන් ජන්දය ඉල්ලුවේ සරත් ෆොන්සේකාවද අමතක කර දමාය.
එක්සත් ජාතික පක්ෂයෙන් පාර්ලිමේන්තුවට පිවිසි ඈ ජනාධිපතිවරයාගේ දෑත් ශක්තිමත් කිරීමට ආණ්ඩු පක්ෂයට පැන්නේ එක්සත් ජාතික පක්ෂයද අමතක කරමිනි.

Subscribe to:
Posts (Atom)