Sunday, July 15, 2012
Saturday, July 14, 2012
ලෝකෙ බරම පිඹුරා
පතන්පහෙන් මතුවූ ලෝකෙ බරම පිඹුරා
දැනට ලෝකයේ බර වැඩිම පිඹුරා ශ්‍රී ලංකාවෙන් සොයාගැනීමට සමත් වී ඇත. මෙම පිඹුරා කිලෝ ග්‍රෑම් 87 ක් වන අතර අඩි 21.7 කින් සමන්විත වෙයි. මෙම පිඹුරා Indian Rock Python නමැති වර්ගයේ වන අතර මාතලේ පතන්පහ ප්‍රදේශයේදී සොයාගෙන ඇත. මීට ඉහතදී මෙම වර්ගයේ බර වැඩිම පිඹුරා හමුවී ඇත්තේ පකිස්ථානයෙන් වන අතර එම පිඹුරා කිලෝ ග්‍රෑම් 52 කින් සමන්විත වී ඇත. ශ්‍රී ලංකාවේ තෙත් පරිසරයකින් හමුවූ මෙම පිඹුරා රන්දෙණිගල රක්ෂිතයට මුදා හරින ලදී. කැමරාකරණය කාවින්ද ධම්මික සහ අශාන් පරණහේවා , සංස්කරණය අශාන් පරණහේවා , අධ්‍යක්ෂණය කාවින්ද ධම්මික , By: මව්බිම

Friday, July 13, 2012
වල් ඌරෙක්
කෑමට යමක් ඉල්ලා නිවසකට එන වල් ඌරෙක්
නිවසක් අසල වන ලැහැබක සිට එම නිවසට පැමිණි වල් ඌරකු
නිවසේ ඇති කරන බල්ලකු සමග හාද වී දිනපතාම එහි පැමිණ අනතුරුව නිවස තුළටම
පැමිණ කෑම කා ආපසු කැලෑවට යන්නට පුරුදුවී සිටී.
යාපහුව දිවුල්වැව චන්ද්‍රිකා වන්නිනායක මහත්මියගේ නිවසට මෙම වල් ඌරා පැමිණෙන්නට පටන්ගෙන තිබුණේ මීට වසරකට ආසන්න කාලයක සිටය.
කැලෑවේ සිට රාත්‍රි කාලයේ ආහාර සොයා පැමිණ නිවස පිටුපස බිම හාරන්නට මෙම ඌරා පුරුදුව සිටියේය. පසුව දිවා කාලයේද නිවසට එන්නට පුරුදු විය. නිවසේ ඇතිකරන බල්ලා සමගද හිතවත් වී සෙල්ලම් කරමින් සිටින බව නිවෙස් හිමිකාරිය පවසයි. අනතුරක් නැති බව දැනුන නිසාවෙන් බල්ලා සමග නිවස තුළටම පැමිණ ආහාරයට යමක් දෙනතුරු තමන් ආසන්නයේ ගැවසෙමින් සිටින්නට පුරුදුව ඇති බවත් චන්ද්‍රිකා මහත්මිය අප සමග ප්‍රකාශ කළාය.

Wednesday, July 11, 2012
තවම පෙම්වතියක් වෙන්න බැරි වුණා.භාග්‍යා දිල්රුක්‍ෂි ගුරුසිංහ
දැන් නම් රංගන ක්‍ෂේත්‍රයේ අලුත් මුහුණු නිතර දකින්න
ලැබෙනවා. ක්‍ෂේත්‍රයේ අලුත් මුහුණක් දකින්න ලැබුණහම ඒ ගැන හැම දෙනාම කතාබහ
වෙනවා. ඒ වගේම ඔහුගේ හෝ ඇයගේ විස්‌තර සොයනවා. මේ දවස්‌වල පුංචි තිරයට පෑයූ
අලුත්ම තරුව තමයි භාග්‍යා දිල්රුක්‍ෂි. තරු පිරි අහසක් හි විහඟි, පියවි
හි අමායා, කුණු දැමීම තහනම් හි තීක්‍ෂණී යන චරිත ඔස්‌සේ ඔබ හමුවට එන
භාග්‍යාගේ විස්‌තර ඔබ සොයන නිසාම අපි ඇයව මුණගැසුණා.
සම්පූර්ණ නම - භාග්‍යා දිල්රුක්‍ෂි ගුරුසිංහ
ගම - අරංගල
උපන් දිනය - 1993 සැප්තැම්බර් 16
පාසල - රෝයල් ජාත්‍යන්තර පාසල
පවුලේ විස්‌තර - තාත්තයි, අම්මයි, අයියයි, නංගියි
ලග්නය - ධනු
භාග්‍යාට මේ තැනට එන්න ලැබුණේ කොහොමද කිව්වොත් S?
මම මුලින්ම දෙරණ නාලිකාවෙන් තමයි කලාවට පිවිසුණේ. තාත්තාගේ යහළුවෙක් සිටිනවා ඩග්ලස් අංකල් කියලා. එයා තමයි මාව දෙරණ නාලිකාවේ නිවේදනයට යොමු කළේ. එතැනින් පසුව මැක්‌ස් රේඩියෝවට සම්බන්ධ වෙලා සිංහල සහ ඉංග්‍රීසි භාෂාවලින් නිවේදන කටයුතු කළා. ඊට පසුව වෙළෙඳ දැන්වීම් ක්‍ෂේත්‍රයට පිවිසුණා. එතැනින් තමයි ටෙලිනාට්‍ය රංගනයට පිවිසුණේ.
ගෙදරින් විරුද්ධ නැද්ද මෙතැනට ආවට?
අපොයි නැහැ. අම්මා, තාත්තා, අයියා, නංගි හැමෝම මට උදව්තමයි කරන්නේ.
දැන් දිගටම රඟපාන්නද සූදානම ?
මට හොඳ චරිත ලැබුණොත් අනිවාර්යයෙන්ම ඒක කරනවා.
පුංචි කාලේ හීන දැක්‌කේ කවුරු වෙන්නද?
පොඩි කාලේ නම් නීතිඥවරියක් වෙන්න තමයි හීන මැව්වේ. ඒ වුණාට දැන් නම් බැංකු ක්‍ෂේත්‍රය පිළිබඳව තමයි අධ්‍යාපනය හදාරන්නේ.
පුංචි කාලේ මැවූ හීන අද වෙනකොට බොඳවෙලාද?
නීතිඥවරයෙක් වෙන්න මැවූ හීනය නම් බොඳවුණා තමයි. හැබැයි පසුකාලීනව බැංකු ක්‍ෂේත්‍රයට සම්බන්ධවෙන්න ඒ පිළිබඳව අධ්‍යාපනය හදාරනවා.
ඔබ තවමත් ඉගෙන ගන්නවා කියලයි ආරංචිය ?
ඔව්. මම දැනටමත් බැංකු අංශයෙන් වැඩිපුර අධ්‍යාපනය හදාරනවා.
ඉගෙන ගන්න ළමයෙකුට නිළි වෘත්තිය සුදුසුයි කියලා හිතනවද?
මේ ක්‍ෂේත්‍රය නරක නැහැ. හැමෝම හොඳයි. අපි හොඳට හිටියොත් අපිටත් හොඳයි.
නිළියන් ගැන දැන් කාලේ ඇහෙන කතා බැලුවහම මෙතැනට එන්න බය හිතුණේ නැත්ද?
අපොයි නැහැ. මම දන්නවානේ මම කවුද කියලා. ඒ නිසා මට මෙතැනට එන්න බය හිතුණේ නැහැ.
භාග්‍යා කියන්නේ ඇත්තටම කවුද?
හැමදේම විවෘතව කතා කරන අහිංසක, හැම වෙලේම හිනාවෙලා ඉන්න ආසා චරිතයක්.
ජනප්‍රියවෙන්න ආසා හින්දද මෙතැනට ආවේ ?
ඔව් ඉතිං හැමෝම ජනප්‍රිය වෙන්න ආසා හින්දනේ මෙතැනට එන්නේ.
මෙතැනට එන්න හැදෑරීමක් කරලා තියෙනවාද ?
මුලදී නම් මම කැමරාව ඉදිරියේ හිටගන්නවත් දන්නේ නැහැ. වසන්ත අංකල්ගෙන් පොඩි හැදෑරීමක් කරලයි මෙතැනට ආවේ.
මේ ලැබෙන ජනප්‍රියත්වය විඳදරාගන්නේ කොහොමද?
ඇත්තටම ගොඩක් සතුටුයි. මම දැන් හිතුවටත් වඩා ජනප්‍රියයි කියලා හිතනවා. මොකද මගතොටේදී ලැබෙන ප්‍රතිචාර ඊට හොඳම සාක්‍ෂියක්. මම මුලදී නම් හිතුවේ නැහැ මේ තරම් ජනප්‍රියත්වයක් ලැබෙයි කියලා.
මෙතැනට එන අලුත්මුහුණුවලට විවිධ බලපෑම්වලට ලක්‌වෙන්න වෙනවලු. මේ කතාව ඇත්තක්‌ද?
නැහැනේ. මම නම් හිතන්නේ නැහැ එහෙම බලපෑම්වලට ලක්‌වෙනවා කියලා. මට නම් ප්‍රවීණයන්ගෙන් උපරිමයෙන් සහයෝගය ලැබෙනවා.
නිළියක් වීම ගැන මොකද හිතන්නේ ?
මට හිතෙන්නේ ලොකු භාග්‍යයක්. මොකද මගේ නමත් භාග්‍යානේ. ඇත්තටම සතුටුයි.
ඉදිරියේදී රංගනය වෘත්තියක් විදිහටද කරන්න සූදානම ?
ඔව්. රංගනය වෘත්තියක් විදිහට කරන්න බලාපොරොත්තුවක් තියෙනවා.
භාග්‍යා මෙතැනට ආවේ නැත්නම් මොනවා කරයිද?
මම මෙතැනට ආවේ නැත්නම් බැංකු නිලධාරිණියක් වේවි.
බැංකු නිලධාරිණියක් වුණා නම් මීට වැඩිය හොඳ නැද්ද?
අපොයි නැහැ. මම නිළියක් වුණ එක ගැන තෘප්තිමත්.
මුලින්ම කැමරාව ඉදිරියට එන්න බය හිතුණේ නැද්ද?
ඇත්තටම ගොඩක් බය හිතුණා. මොනවද කරන්නෙ මොකක්‌ද කරන්න ඕන කියලා කිසිම අවබෝධයක් තිබුණේ නැහැ. ලැබුණ පළපුරුද්දත් සමග ඒ බය නැතිව ගියා.
සහෝදර නළු නිළියන්ගෙන් ලැබෙන්නේ මොන වගේ සහයෝගයක්‌ද?
තරුපිරි අහසක්, පියවි, කුණු දැමීම තහනම් වැනි ටෙලිනාට්‍යවල වැඩ කරපු සහෝදර නළු නිළියන්ගෙන් ලොකු සහයෝගයක් මට ලැබුණා. ඒ ගැන මතක් වෙනකොටත් ලොකු සතුටක් දැනෙනවා.
පුංචි තිරයේ පෙම්වතියක් වුණ භාග්‍යා සැබෑ ජීවිතයෙත් පෙම්වතියක් කියන්නේ ?
සැබෑ ජීවිතයේ මම තවම පෙම්වතියක් නොවෙයි.
දැන් ඉතිං ආදර යෝජනාත් එනවා ඇතිනෙ ?
ආදර යෝජනා නම් ගොඩක් එනවා. හොඳ කෙනෙක් ලැබුණොත් සලකා බලනවා.
ඒ එන ආදර යෝජනාවලින් බේරෙන්න මොනවද කරන්නේ ?
බොරු කියන එක තමයි ගොඩක් කරන්නෙ.
ක්‍ෂේතයට එන අලුත් මුහුණුවලට කැපිලි කෙටිලි තියෙනවා. භාග්‍යාට ඒ ප්‍රශ්න තිබුණේ නැද්ද?
නැහැ කියන්නමත් බැහැ. මටත් කැපිලි කෙටිලි තිබුණා. හැබැයි ඒ තරුපිරි අහසින් ටෙලිනාට්‍යයේ නම් නෙමෙයි.
ඔබ මෙතැනට එන්න ගත්තු තීරණය හරි කියලා හිතනවද?
ඔව්. මම හරි තීරණයක් අරගෙන තියෙන්නේ.
ඒ තීරණය වෙනස් වෙන්නේ නැද්ද?
මේ ගත්තු තීරණය නම් වෙනස් වෙන්නේ නැහැ. නමුත් ලැබෙන හැම චරිතයක්‌ම කරන්න සූදානමකුත් නැහැ. පිටපත බලලා යමක් කරන්න තිබෙනවා කියලා හිතෙනවා නම් භාරගන්නවා.
දිනේෂ් විතාන
ඡායා - නදුන් බදුගේ

Subscribe to:
Posts (Atom)