Pages

Friday, September 13, 2013

ලක්ෂ_පහක් ආපහු දෙයි

මෙක්සිකෝ ජාතිකයකුගේ රුපියල් ලක්ෂ පහක් සහිත මුදල් පසුම්බියක් දඹුල්ලේ පුලතිසි ෆාම් හවුස් වෙළෙද සලේ අමතක වී ගොස් තිබියදී ඔහු සොයා බාර දුන් බව ව්‍යාපාරික ආර් බී කේ උදය කුමාර මහතා කියයි.

වතුර බෝතලයක් හා බීම බෝතයක් මිලටගත් ව්‍යාපාරිකයාගේ මුදල් පසුම්බිය අමතක වී ඇත.

වෙළෙද සලේ සිටි ව්‍යාපාරිකයාගේ බිරිය නිලංජනී ජානකි එම පසුම්බිය උදය කුමාර මහතාට දුන්නාය.

ඔහු ෆීලික්ස් ජුරෝ නම් විදේශිකයා සොයා ගැනීමට බැංකුවලට හා ගුවන්තොටුපළට කතා කළේය. බ්‍රහස්පතින්දා ඔහු මුදල් පසුම්බිය බාර ගත්තේය.

පසුම්බියේ මුදල් කොටසක් ව්‍යාපාරිකයාට පරිත්‍යාග කළ නමුත් ඔහු එය කාරුණිකව ප්‍රතික්ෂේප කළේය.

මුදල් පසුම්බියේ අයිතිකරු සොයා ගැනීමට ඔහුට උපකාරී වුයේ ඔහුගේ වෙළෙද සලේ ආරක්ෂක කැමරා පද්ධතියයි.














Wednesday, September 11, 2013

මෙර්වින් සිල්වා එජාපයට!

ආණ්ඩුවේ බල මහිමයෙන් මෙතෙක් කල් වැජඹුණු මර්වින් සිල්වා අමාත්‍යවරයා මේ වනවිට අන්ත අසරණ තත්වයකට පත්වී ඇත. එයට හේතුව වන්නේ රාජපක්ෂවරුන් වෙනුවෙන් දිවි දීමට සුදානම් වූ මර්වින්ම රාජ උදහසට ලක්වීම හේතුවෙනි.

මෙහි ආසන්නතම සිදුවීම වාර්තා වන්නේ මර්වින් සිල්වාගේ පුත් මාලක සිල්වාට ඔඩෙල් වෙළඳ සැලේ රථ ගාල තුලදී ප්‍රහාරයක් එල්ලවීම සමගය. ප්‍රහාරයට පැමිණ තිබුනේ ආරක්ෂක අංශ වලට අයත් වාහනයකි.

පහර දුන් අය සෙවීමට පොලීසි තමාට අවශ්‍යය නෑ කියූ මර්වින්ට අද ඒ පිලිබඳ හෝඩුවාවක් වත් සොයාගැනීමට නොහැකිව ඇත. පොලිස් පරීක්ෂණ ද මේවනවිට යටගොසිනි. එම ප්‍රහාරය මර්වින්ම දන්නා පරිදි තමන් දිවි දීමට සුදානම් වූ පාර්ශවයේම පුත්‍රයෙකුගේ බලපෑමක් මත එල්ල වුවක් බවට මේවනවිට තොරතුරු හෙළිවී තිබේ. මර්වින්ද පසුගිය කාලේ තම හිතවතුන්ට පවසා තිබුනේ එවන් කතාවකි.

තිරයෙන් පිටුපස මර්වින් අසරණ වුවත් මයිකෆෝනය ඉදිරිපිට ඔහුගේ සුපුරුදු අහංකාරකම පවත්වාගැනීමට මර්වින්ට මේ මොහොත වන විටත් හැකියාව ලැබී ඇත.

රාජ උදහසට ලක්වූ මර්වින් පසුගියදා කියා සිටියේ රාජපක්ෂවරුන්ට තමා එපා වුවත් මැරුණත් විපක්ෂයට නොයන බවය. එසේ වුවහොත් තමා ගෙදර යන බවද මාධ්‍යයට පවසා තිබුණි. ඇතිවී තිබෙන තත්වය අනුව මර්වින්ට දැන් ගෙදරද සිටිය නොහැක. මන්දයත් බුද්ධි අංශ නිලධාරින් මර්වින් හා මාලක පසුපස පන්නන හෙයිනි.

ගෙදර සිටීමට බැරි මර්වින් ඇමරිකාව බලා යාමට සිය පුතු සමගින් වීසා ඉල්ලීමක් කලද එයද පසුගියදා ප්‍රතික්ෂේප වුනි.

අවසානයේ මර්වින් ට සිදුවුයේ විපක්ෂයේ ආරක්ෂාව පැතීමය. ඒ අනුව විපක්ෂයේ ප්‍රභල මන්ත්‍රීවරයෙකුට පසුගියදා දුරකතනයෙන් ඇමතුමක් ලබාදුන් මර්වින් ඔහු මුහුණදුන් ඉරණම එකින් එක විස්තරකොට ඇත. පැයකට ආසන්න කාලයක් මර්වින් එම ඇමතිවරයා සමග සංවාදයේ යෙදී ඇත. එහිදී දෙදෙනා අතර යම් යම් එකඟතාද සිදුවී ඇත. පසුගියදා සිංගප්පුරුවේදී ද විපක්ෂයේ මන්ත්‍රීවරයෙකු සමග මර්වින් රහස් හමුවක් යොදාගෙන තිබුණි.

මේ සියල්ල අතර විපක්ෂයේ අරමුණ වන්නේ 2014 සඳහා අයවැය ඉදිරිපත්වන මෝහතේදී මර්වින් හරහා තීරණාත්මක තීන්දුවක් ලබාදීමටය. එය දයාසිරි ජයසේකර ආණ්ඩුවට එක්වූ මොහොත මෙන් උණුසුම් විය හැක.

අනෙක් පැත්තෙන් පක්ෂ මාරුව මර්වින්ට අලුත් දෙයක් නොවේ. වර්තමානයේ ජනපති වර්ණනා කරන අයුරින් ඔහු එකල විපක්ෂ නායකවරයා වර්ණනා කළේය.

මේ අතර පසුගියදා මර්වින් හා සෝභිත හිමියන් අතර රහස් හමුවක් පැවති අතර එම රහස් හමුව ජනපතිවරයාට රහසක් නොවුයේ අප කලින් සඳහන් කලාක් මෙන් බුද්ධි අංශයේ සාමාජිකයන් මර්වින් සිල්වා පසුපස ලුහුබැඳ තිබු හෙයිනි.

ඒ අනුව සෝභිත හිමියන් හමුවී අවසාන වනවාත් සමග ජනපතිවරයා ගෙන් මර්වින්ට දුරකථන ඇමතුමක් ලැබී තිබුණු අතර ජනපතිවරයා මර්වින්ට සිනාමුසු කටහඩින් පැවසු වදන්වල අරුත වුයේ "මර්වින්ගේ ගමන ගැන ජනපති දන්නවා" යන අදහසකි.

Friday, September 6, 2013

ගෙදරදීම සැමන් (Cooking Video)

ගෙදරදීම සැමන් (Cooking Video) අද අලුත් මාලු වලින් ගෙදරදීම ටින් මාලු (සැමන්) හදාගෙන ඒකෙන් රසවත් කරියක් හදමු!! අපි සාමාන්‍යයෙන් සැමන් ටින් කිව්වට එදිනෙදා වෙළදපලේදී ගන්නේ Jack Mackerel මාලුනේ. නියම Pink Salmon අස්ප ගනන්නේ. සමහරුන්ට ටින් මාලු කන්න බෑ!! අසාත්මිකතාවයන් එනවනේ. එහෙම අයට ඒ රසටම කන්න පුලුවන් මේක. අවුරුදු ගණන් පරණ මාලු නොවන නිසාත් කටු හොදින් පොඩිවන නිසාත්, කටු සහිත මාලු කන්න බැරි පොඩි අයට හොද කැල්සියම් ලබා ගැනීමේ මාර්ගයක් මේක.