මේ බව තහවුරු කළ ජනාධිපති මාධ්‍ය සම්බන්ධීකරණ ලේකම් විජයානන්ද හේරත් මහතා නිවුස්ට් ෆස්ට් වෙත පැවසුවේ මර්වින් සිල්වා මහතාගේ පක්ෂ සාමාජිකත්වයද අත් හිටුවීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නිලධාරී මණ්ඩලය ඒකමතිකව තීරණය කළ බවයි.
එමෙන්ම සමෘද්ධි නිලධාරියෙකු සම්බන්ධව පසුගිය දා ඇති වු සිද්ධියට අදාළව මර්වින් සිල්වා මහතා සම්බන්ධව විනය පරීක්ෂණයක් පැවැත්වීමට එම නිලධාරි මණ්ඩලය තීරණය කළ බව විජයානන්ද හේරත් මහතා ප්‍රකාශ කළේය.
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් මහාමාර්ග නියෝජ්‍ය ඇමැති මර්වින් සිල්වා මහතා අදාළ ඇමැති ධුරයෙන් ඉවත්කර ඇත. එසේම ඊයේ (10 වැනිදා) රාත්‍රි රැස්‌වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නිලධාරී මණ්‌ඩලය මර්වින් සිල්වා මහතාගේ පක්‌ෂ සාමාජිකත්වය අත්හිටුවීමට ඒකමතිකව පියවරගනු ලැබූ අතර ඔහුට එරෙහිව විනය පරීක්ෂණයක් පැවැත්වීමට ද තීරණය කර තිබේ.
සමෘද්ධි නිලධාරියකු ඩෙංගු මර්දන වැඩසටහනකට සහභාගී නොවීම සම්බන්ධව ගස් බැඳීමට නි. ඇමැතිවරයා ගනු ලැබූ පියවර සම්බන්ධව සමෘද්ධි නිලධාරීන් පැවැත්වූ විරෝධතාවය සහ අදාළ සිද්ධිය නිසා රජය අපහසුතාවයට පත්වීම මත මෙම තීරණය ගැනීමට හේතුවී තිබේ.
මේ අතර මර්වින් සිල්වා නි. ඇමැතිවරයාට එරෙහිව විනය පරීක්‍ෂණයක් පැවැත්වීමටද ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය කටයුතු යොදමින් සිටින බව එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් "දිවයින"ට පැවැසීය.
නියෝජ්‍ය ඇමැති මර්වින් සිල්වා මහතාගේ ක්‍රියා කලාපය හේතුවෙන් පක්‍ෂයත් ආණ්‌ඩුවත් පත්වී ඇති අපහසුතාවය හේතුවෙන් ඔහුට එරෙහිව නැඟී ඇති චෝදනා විභාග කර ඉදිරි පියවර ගැනීම මෙම පරීක්‍ෂණයේ අරමුණ බවද එම ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කළේය

















The most wanted fraudster Sakvithi Ranasinghe and his wife have been arrested while being in disguise at the Nawagamuwa area by the Mirihana Police, says Police Spokesman Prishantha Jayakody.






















