Pages

Tuesday, January 25, 2011

SL HOT NEWS

ද්‍රවිඩ දේශපාලන කණ්ඩායම් 4 ක් මැතිවරණයට උදැල්ල දායි
Jan 25,2011
මෙවර පළාත් පාලන මැතිවරණය සඳහා ද්‍රවිඩ දේශපාලන පක්ෂ 02 ක් දේශපාලන කණ්ඩායම් 02 ක් එක්ව තරගකිරීමට තීරණය කර තිබේ.

පී. දිගම්බරම්ගේ නායකත්වයෙන් යුත් කම්කරු පක්ෂ ජාතික එකමුතුව, ශාන්තිනී චන්ද්‍රසේකරන්ගේ නායකත්වයෙන් යුත් කඳුරට ජනතා පෙරමුණ, එස්. අරුල්සාමිගේ නායකත්වයෙන් යුත් කම්කරු විමුක්ති පෙරමුණ සහ අරුල්සාමිගේ නායකත්වයෙන් කඳුරට ජාතික කම්කරුවන් යන කණ්ඩායම් මෙසේ මෙවර මැතිවරණය සඳහා එක්ව තරග කිරීමට තීරණය කර ඇත.

ඔවුන් "උදැල්ල" ලකුණ යටතේ "කඳුරට සන්ධානය" නමින් මැතිවරණය සඳහා තරග කරන බව සඳහන්ය.

අනුරාධපුර බන්ධනාගාර ගැටුම -ඇමති ගජධීර තුවාල ලැබූ පිරිස හමුවෙයි
අනුරාධපුර බන්ධනාගාර ගැටුම -ඇමති ගජධීර තුවාල ලැබූ පිරිස හමුවෙයි
Jan 25,2011
අනුරාධපුර බන්ධනාගාරයේ ඇති වූ ගැටුම සම්බන්ධයෙන් සොයා බැලීමට පුනරුත්ථාපන හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය චන්ද්‍රසිරි ගජධීර මහතා අද(25) එහි සංචාරය කළේය.

අමාත්‍යවරයා මෙහිදී අදාළ ගැටුම්වලින් තුවාල ලැබූ පිරිස හමුවීම සඳහා අනුරාධපුර රෝහල වෙත ද පැමිණි බව අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වීම සඳහා බන්ධනාගාර කොමසාරිස් ජනරාල් මේජර් ජෙනරාල් වී. ආර්. ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවක් ද පත් කර තිබේ.

අධිකරණ අමාත්‍යාංශයට කරුණු හැර සිද්ධිය ආරම්භ වූ අවස්ථාවේ නිලධාරීන් විසින් විරෝධතාවය මෙහෙයවූ ප්‍රධාන පිරිස් සමග සාකච්ඡා කර ඔවුන්ගේ ඇතැම් ඉල්ලීම් විසඳීම සඳහා එකඟතාවයකට පැමිණි බව අද සිදුකළ සංචාරයෙන් අනතුරුව අනුරාධපුර බන්ධනාගාරයේ ඇතිවූ සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දැක්වූ අමාත්‍ය චන්ද්‍රසිරි ගජධීර මහතා කියා සිටියේය.

අදාළ සාකච්ඡාව නිමාවීමත් සමග මෙම ගැටුම ආරම්භ වී ඇති බවත්, සිද්ධියට අදාළ තොරතුරු අධ්‍යයනය කර අවශ්‍ය ක්‍රියා මාර්ග කඩිනමින් ගනුලබන බව ද හෙතෙම ප්‍රකාශ කළේය.

මේ වනවිට තත්ත්වය සාමාන්‍ය අතට හැරී ඇති බව අනුරාධපුර බන්ධනාගාරයේ වත්මන් ආරක්ෂක තත්ත්වය සම්බන්ධයෙන් අදහස් දැක්වූ අමාත්‍ය චන්ද්‍රසිරි ගජධීර මහතා අවධාරණය කර සිටියේය.

ඊයේ(24) පස්වරුවේ අනුරාධපුර බන්ධනාගාරයේ ඇතිවූ ගැටුමේ දී එක් රැඳවුම්කරුවෙකු මියගිය අතර බන්ධනාගාර නිලධාරීන් ඇතුළු රැඳවුම්කරුවන් 27 දෙනෙක් තුවාල ලැබීය.

ගුරුවරයෙකුගේ විවාහයට පාසලට නිවාඩු දීම -අධ්‍යක්ෂකවරියට ස්ථාන මාරුවක්
ගුරුවරයෙකුගේ විවාහයට පාසලට නිවාඩු දීම -අධ්‍යක්ෂකවරියට ස්ථාන මාරුවක්
Jan 25,2011
හැටන්, ගිනිගත්හේන ‍නවෝද්‍යා මධ්‍ය මහා විද්‍යාලයේ ගුරුවරයෙකුගේ විවාහ උත්සවයක් වෙනුවෙන් පාසලට නිවාඩු ලබාදීමේ සිද්ධියට අදාළව අතිරේක අධ්‍යාපන අධ්‍යක්ෂකවරියට ස්ථාන මාරුවීමක් ලබාදී තිබේ.

අදාළ සිද්ධිය පිළීබඳ පරීක්ෂණ නිමවන තුරු මෙම ස්ථාන මාරුවීම ලබාදී තිබෙන බව මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක මහතා පැවසුවේය.

අදාළ සිද්ධිය සම්බන්ධ පරීක්ෂණ කටයුතු පැවැත්වෙන අතර දරුවන් අපහසුතාවයට පත්නොවී හිලව් සැසි පැවැත්වීමටත් උපදෙස් ලබාදී ඇති බව ඒ පිළිබඳ වැඩිදුරටත් පැහැදිලි කළ සරත් ඒකනායක මහතා සඳහන් කළේය.

මහාබෝධි ප්‍රහාරය ගැන සෙවීමට මෙරට මහකොමසාරිස් චෙන්නායි යයි

මහාබෝධි ප්‍රහාරය ගැන සෙවීමට මෙරට මහකොමසාරිස් චෙන්නායි යයි
Jan 25,2011

ඉන්දියාවේ මහාබෝධි විහාරයට ඊයේ(24) රාත්‍රි‍යේ එල්ල වූ ප්‍රහාරය පිළිබඳ සොයාබැලීම සඳහා ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් ප්‍රසාද් කාරියවසම් මහතා චෙන්නයි නුවර බලා පිටත්ව ගොස් තිබේ.

මහකොමසාරිස්වරයා තමිල්නාඩු ප්‍රාන්ත ප්‍රධාන ලේකම්වරයා ද හමුවීම මේ පිළිබඳ සාකච්ඡා කිරීමට නියමිත බව ජනාධිපති ලේකම් කාර්යාලයේ ප්‍රතිපත්ති ප‍ර්යේෂණ හා තොරතුරු ඒකකය පවසයි.

අදාළ ප්‍රහාරය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය යොමු කර තිබෙන අවධානය පිළිබඳ ප්‍රසාද් කාරියවසම් මහතා මෙහිදී ප්‍රාන්ත බලධාරීන්ට දැනුම් දෙනු ඇත.

ඊට අමතරව වන්දනා කටයුතු වෙනුවෙන් ඉන්දියාවට පැමිණෙන ශ්‍රී ලාංකික බැතිමතුන්ගේ ආරක්ෂාව පිළිබඳ කටයුතු කරන ලෙස ද ශ්‍රී ලංකා මහකොමසාරිස්වරයා මෙහිදී බලධාරීන්ගෙන් ඉල්ලා සිටීමට නියමිතය.

චෙන්නායි මහාබෝධි සංගම් කාර්යාලට මැර ප‍්‍රහාරයක්

 Jan 25,2011
ඉන්දියාවේ චෙන්නායි නුවර මහාබෝධි සංගම් විහාරස්ථානයේ කාර්යාලයට ඊයේ (24)  රාති‍්‍රයේ මැර ප‍්‍රහාරයක් එල්ල වී ඇත.
පොලූ, මුගුරු රැගෙන ඊට ඇතුළු වී ඇති දස දෙනෙකු පමණ කණ්ඩායමක් එහි වීදුරු අල්මාරි සහ අනෙකුත් භාණ්ඩවලට හානි සිදු කර ඇති බවත්, මහාබෝධි සංගම් කාර්යාලයේ සිටි ශී‍්‍ර ලාංකික භික්ෂූන් වහන්සේලා හතර නමකටද මොවුන් පහර දී ඇති බවයි ඉන්දීය හින්දු පුවත්පත සදහන් කරයි.

තුවාල ලැබූ ශී‍්‍ර ලාංකික භික්ෂූන් වහන්සේලා පෞද්ගලික රෝහලකට ඇතුළත් කර ඇති අතර, ඔවුන්ගේ තත්ත්වය බරපතළ නොවන බව සඳහන් වේ.

ඊයේ රාතී‍්‍ර 10 ට පමණ මෙම ප‍්‍රහාරය එල්ල වී ඇති බව චෙන්නායි නුවර අතිරේක පොලිස් කොමසාරිස් ශකීල් අක්තාර් සදහන් කරයි. තුවාල ලැබූ භික්ෂූන් වහන්සේලා සිංහල බස පමණක් කතා කරන බවත්, ඔවුන් සදහා භාෂා පරිවර්තකයෙකු යෙදවීමට කටයුතු කරන බවත්, ඔහු තවදුරටත් පවසා ඇත. ප‍්‍රහාරය එල්ල කළ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සදහා විශේෂ පොලිස් කණ්ඩායම් යොදවා ඇතැයි අතිරේක පොලිස් කොමසාරිස්වරයා සදහන් කළේය.

සිද්ධිය පිළිබඳ චෙන්නායි - එග්මෝර් පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වන බවද වාර්තා වේ. 

හොර රහසේ අසැබි චිත්‍රපට හා ඡායාරූප විකුණූ අයෙක් කොටුවෙයි
හොර රහසේ අසැබි චිත්‍රපට හා ඡායාරූප විකුණූ අයෙක් කොටුවෙයි
Jan 25,2011
තෙල්දෙණිය පොලීසිය ඉදිරිපිට නීතිවිරෝධී අයුරින් ඉතා රහසිගත ලෙස අසභ්‍ය චිත්‍රපට හා අසභ්‍ය ඡායාරූප අලෙවි කිරීමේ ව්‍යාපාරයක් පවත්වාගෙන ගිය පුද්ගලයෙකු තෙල්දෙණිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු විසින් දීර්ඝ කාලයක සිට පරිගණකයක දෘඪ තැටියෙහි අසභ්‍ය චිත්‍රපට හා ඡායාරූප සූක්ෂ්මව සඟවා තබා ගනිමින් ඒවා ඉල්ලුම් කරන පාරිභෝගිකයින් වෙත චිත්‍රපට හා ඡායාරූප අලෙවි කර ඇති බව අනාවරණය වී ඇති බව අද දෙරණ වාර්තාකරු සඳහන් කරයි.

තෙල්දෙණිය පොලිස් ස්ථානාධිපති, ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩී. ඩබ්ලිව්. සී. ධර්මරත්න මහතා විසින් ඊයේ(24) පෞද්ගලිකව සිදුකරන ලද වැටලීමකින් පසු 25 හැවිරිදි අදාළ සැකකරු හා ඔහු භාවිත කළ පරිගණකය අත්අඩංගුවට ගෙන ඇති බව ද සඳහන්ය.

සැකකරු අද(25) තෙල්දෙණිය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. 
සරසවි සිසුන්ගේ ප්‍රායෝගික දක්ෂතා එළිදැක්වීමට අවස්ථාවක්
සරසවි සිසුන්ගේ ප්‍රායෝගික දක්ෂතා එළිදැක්වීමට අවස්ථාවක්
Jan 25,2011
විශ්ව විද්‍යාල සිසුන්ගේ ප්‍රායෝගික දක්ෂතා එළිදැක්වීම සඳහා අවස්ථාව ලබා දීමට උසස් අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

ඒ සදහා විශේෂ වැඩපිළිවෙළක් මාර්තු මාසයේ සිට ආරම්භ කරන බව උසස් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න මහතා ප්‍රකාශ කළේය.

විශ්ව විද්‍යාල වලට පිවිසෙන දරුවන්ගේ හැකියාවන්, කුසලතාවයන්ථ දක්ෂතාවයන් එළිදැක්වීමට අවස්ථාව ලබාදීමේ අරමුණින් මෙම වැඩ පිළිවෙළ සංවිධානය කරන බව ඒ සම්බන්ධයෙන් අද දෙරණට අදහස් දැක් වූ සුනිල් ජයන්ත නවරත්න මහතා සඳහන් කළේය.

මෙහි ශ්‍රී ලංකාවේ සංවිධායකවරයා ලෙස මහාචාර්ය සුනිල් ආරියරත්න මහතා කටයුතු කරන බව ඒ පිළිබඳව වැඩිදුරටත් පැහැදිලි කළ උසස් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා අවධාරණය කළේය.

ඉදිරියේදී සිසුන්ගේ කුසලතාවයන් විශ්ව විද්‍යාල, අන්තර් විශ්ව විද්‍යාල මට්ටමින් සහ ජාතික මට්ටම දක්වාත් ඉදිරියට ගෙනඒමට බලාපොරොත්තු වන බව ඔහු පෙන්වාදුන්නේය. 

චෙන්නායි බෞද්ධ විහාරයට ප්‍රහාරයක්-තිදෙනෙක් රෝහලේ
චෙන්නායි බෞද්ධ විහාරයට ප්‍රහාරයක්-තිදෙනෙක් රෝහලේ
Jan 25,2011
ඉන්දියාවේ,චෙන්නායි හි පිහිටි මහා බෝධි බෞද්ධ විහාරයට ඊයේ(24) රාත්‍රීයේ කිසියම් පිරිසක් විසින් පහර දී ඇතැයි වාර්තා වේ.

ඊයේ රාත්‍රි 10.00 ට පමණ මහා බෝධි විහාරයට ඇතුළු වූ පිරිසක් විහාරස්ථානයේ ගොඩනැගිලි වලට අලාභ හානි සිදුකරමින් එහි වැඩ වාසය කළ භික්ෂූන්ට පහරදී ඇතැයි සඳහන් වේ.

තුවාල ලැබූ ‍බෞද්ධ භික්ෂූන් තිදෙනෙකු චෙන්නායි හි පිහිටි පෞද්ගලික රෝහලකට ඇතුළත් කර ඇති අතර ශ්‍රී ලාංකික භික්ෂූන් දෙදෙනෙකු හා එක් නේපාල ජාතික භික්ෂූවක ඒ අතර වන බව චෙන්නායි හි ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස් වී. ක්‍රිෂ්ණමූර්ති මහතා සඳහන් කරයි.

තත්ත්වය මේ වන විට පාලනය කර ඇතත්,සිද්ධිය සම්බන්ධයෙන් කිසිවෙකුත් මෙතෙක් අත්අඩංගුවට ගෙන නැත.

මෙම ප්‍රහාරය සඳහා පුද්ගලයින් 10 -15 ක් පමණ සහභාගි වී ඇතැයි වාර්තා වී ඇති බව ද සඳහන්ය. මේ වන විට විහාරස්ථානය අවට ආරක්ෂාව තර කර ඇති බව ද ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි

hot news

අනුර කුමාර දිසානායකගේ රියේ ගැටී පාසල් සිසුවෙක් රෝහලේ
පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ගමන් ගත් මෝටර් රථයේ ගැටීමෙන් පාසල් සිසුවෙකු තුවාල ලබා තිබේ.

පොළොන්නරුව - හබරණ මාර්ගයේ රන්කෙතවත්ත ප්‍රදේශයේ දී මෙම අනතුර සිදු වී ඇති බව පොලිසිය සඳහන් කරනු ලැබීය.

අනතුරින් තුවාල ලැබූ පාසල් සිසුවා පොළොන්නරුව මහ රෝහලට ඇතුළත් කර තිබේ.

පාසල් සිසුවා අතුරු මාර්ගයක සිට ප්‍රධාන මාර්ගයට පා පැදියකින් ‍පැමිණෙමින් සිටිය දී මෙම අනතුර සිදු වී ඇති බව පොළොන්නරුව පොලිසිය සඳහන් කරනු ලැබීය
.

නවීන් නාම යෝජනා කමිටුවේ ගුටි හවුමාරුවක
නවීන් නාම යෝජනා කමිටුවේ ගුටි හවුමාරුවක
Jan 24,2011
රාජ්‍ය කළමනාකරණ හා ප්‍රතිසංස්කරණ අමාත්‍ය නවීන් දිසානායක මහතා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නාම යෝජනා කමිටුවේ ප්‍රධානියෙකු සමග ගුටි හුවමාරුවක නිරත වී තිබේ.

අද(24)එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නාම යෝජනා අත්සන් කිරීම කොළඹ මහවැලි කේන්ද්‍රයේදී සිදුකෙරිණි.

එම අවස්ථාවට විමල් වීරවංශ,ඩබ්.ඩී.ජේ සෙනෙවිරත්න,නවීන් දිසානායක ඇතුළු අමාත්‍යවරුන් රැසක් සහභාගී වී තිබේ.

එහෙත් නාම යෝජනා අත්සන් කෙරෙන අතරතුරදී රාජ්‍ය කළමනාකරණ හා ප්‍රතිසංස්කරණ අමාත්‍ය නවීන් දිසානායක මහතා සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නාම යෝජනා කමිටුවේ ප්‍රධානියෙකු අතර උණුසම් වචන හුවමාරුවක් සිදුවී පසුව එය ගුටි බැට හුවමාරුවක් දක්වා වර්ධනය වූ බව අද දෙරණ වාර්තාකරු පවසයි.
ආහාර විෂ වීමකින් මාද‍ම්පේ 27 ක් රෝහලේ
Jan 24,2011
ආහාර විෂ වීමක් හේතුවෙන් නාත්තන්ඩිය, මාද‍ම්පේ ප්‍රදේශයේ පුද්ගලයින් 27 දෙනෙකු රෝහල් ගත කර තිබේ.

මංගල උත්සවයක දී ලබා ගත් ආහාර විෂ වීමක් හේතුවෙන් මොවුන් රෝහල් ගත කර ඇති බව අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය.

ඒ අනුව වමනය සහ උදරාබාධ වලින් අදාළ රෝගීන් පෙලෙන බව රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

මාදම්පේ, මැදගම ප්‍රදේශයේ ආහාර සපයන ආයතනයක් මගින් ‍එම මංගල උත්සවයට ආහාර සපයා ඇති බවට අනාවරණය වී තිබේ. 

ඒ සම්බන්ධයෙන් ‍මාද‍ම්පේ සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර ඇති බව සඳහන්ය.
රට හැර ගිය බුද්ධිමතුන්ට නැවත රටට පැමිණීමට කාලය උදාවෙලා
රට හැර ගිය බුද්ධිමතුන්ට නැවත රටට පැමිණීමට කාලය උදාවෙලා
 Jan 24,2011
රට හැර ගිය බුද්ධිමතුන් නැවත තම රටට පැමිණ සේවය කිරීම සඳහා හොඳම අවස්ථාව මේ වන විට උදා වී ඇතැයි උසස් අධ්‍යාපන අමාත්‍ය එස්. බී. දිසානායක මහතා පවසයි.

පසුගිය සමයේ ශිෂ්‍යයින් විශ්ව විද්‍යාල පරිපාලනය අතට ගැනීම හේතුවෙන් කළකිරුණු බුද්ධිමතුන් රට හැර ගිය බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.

විශ්ව විද්‍යාල වල පැවති එම තත්ත්වය මේ වන විට නිවැරදි කරමින් තිබෙන බව එස්. බී. දිසානායක මහතා පවසයි.

මේ හේතුවෙන් රට හැර ගිය බුද්ධිමතුන්ට යළි පැමිණ සේවය ලබා දීමේ හැකියාව ඇති බව අමාත්‍යවරයා සඳහන් කරයි.

ශ්‍රී ලංකා භූ විද්‍යා සංගමය මගින් ප්‍රකාශයට පත් කළ කෘතියක් දොරට වැඩීම වෙනුවෙන් හන්තාන මූලික අධ්‍යයන ආයතනයේ පැවති උත්සවයකට එක්වෙමින් එස්. බී. දිසානායක මහතා මේ අදහස් පළ කළේය.
ජයසූරියට චෙන්නායි නගරයේ ක්‍රීඩා කරන්න ඉඩදෙන්නේ නෑ -සීමාන්
ජයසූරියට චෙන්නායි නගරයේ ක්‍රීඩා කරන්න ඉඩදෙන්නේ නෑ -සීමාන්
Jan 24,2011
ඉන්දියාවේ වෙළඳ ආයතන කිහිපයක් එක්ව සංවිධානය කරන සුහද ක්‍රිකට් තරගාවලියක් සඳහා හෙට(25) දිනයෙහි ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසූරිය මහතා සහභාගි වීමට නියමිතව ඇති අතර ඒ සඳහා ඉන්දීය"නාන් තමිලන්"කණ්ඩායමේ නායක සෙබස්තියන් සීමාන් දැඩි විරෝධය පළ කර තිබේ.

අදාළ තරගාවලියෙහි අවසන් තරගය හෙට චෙන්නායි නගරයේ මායාජාල් නම් ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිතව ඇති අතර ඒ සඳහා සනත් ජයසූරිය හා අරවින්ද ද සිල්වා ක්‍රීඩා කිරීමට නියමිතව ඇත.

නමුත් එම තරගයේදී සනත් ජයසූරිය ක්‍රීඩා කරනු ලැබුවහොත් ක්‍රීඩාංගණය හා අදාළ තරගාවලියට අනුග්‍රහය දක්වන ආයතන වටලා විරෝධතා ව්‍යාපාරයක නියැලෙන බවට සීමාන් අවධාරණය කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

ශ්‍රී ලංකාවේ අවතැන් කඳවුරු වල තවමත් ද්‍රවිඩ ජනතාව දුක් විඳින බවත්, එවැනි අවස්ථාවක ශ්‍රී ලංකා ජනාධිපති විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ඉන්දියාවේ ක්‍රිකට් ක්‍රීඩා කිරීම සඳහා එවීමෙන් දෙමළ ජනතාව පිළිබඳ වන නොසැලකිල්ල පෙන්නුම් කර ඇති බවට ද ඔහු චෝදනා කරයි.

අදාළ ක්‍රිකට් තරගය පැවැත්වෙන චෙන්නායිහි මායාජාල් ක්‍රීඩාංගණය රජයේ ක්‍රීඩාංගණයක් බවත්, එම ක්‍රීඩංගණයෙහි ද්‍රවිඩ ජනතාවට අසාධාරණකම් සිදුකළ පුද්ගලයින්ට ක්‍රීඩා කිරීම සඳහා ඉඩලබා නොදෙන බව ද හෙතෙම අවධාරණය කරයි.

සනත් ජයසූරිය තරගයෙන් ඉවත් කරන ලෙස තමිල්නාඩු රජයෙන් හා තරගය සංවිධානය කරනු ලබන ආයතන වෙතින් ඉල්ලා සිටින බවත්, එසේ නොවුනහොත් ක්‍රීඩාංගණය වටලා විරෝධතාවයක නිරතවන බව සීමාන් සඳහන් කර ඇති බව ද ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. 
ෆොන්සේකා හා සේනකට එරෙහි නඩුව කල්යයි
Jan 24,2011
පසුගිය ජනාධිපතිවරණ සමයෙහි යුද හමුදාවෙන් පලාගිය සෙබළුන් සේවයේ යොදවා වැටුප් ලබාදීම සම්බන්ධව චෝදනා ලබාසිටින හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා මහතා සහ ඔහුගේ ලේකම් සේනක ද සිල්වාට එරෙහිව පවරා ඇති නඩුව පෙබරවාරි මස 02 වන දින විභාගය සඳහා කැඳවීමට කොළඹ මහාධිකරණය අද(24) දින නියම කරනු ලැබීය.

අදාළ නඩුව අද කැඳවූ අවස්ථාවේදී සරත් ෆොන්සේකා සහ සේනක ද සිල්වා යන විත්තිකරුවන් දෙදෙනා බන්ධනාගාරය මගින් අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.

මෙහිදී දෙවන විත්තිකාර සේනක ද සිල්වා වෙනුවෙන් පෙනීසිටි නීතිඥවරයා ඔහුගේ සේවාදායකයා වෙනුවෙන් ඇප ඉල්ලීමක් ඉදිරිපත් කරනු ලැබීය.

එම ඇප ඉල්ලීම 02 වනදා සලකා බලන බව කොළඹ මහාධිකරණ විනිසුරු දීපාලි විජේසුන්දර මහත්මිය සඳහන් කළාය.

ඒ අනුව නඩුව විමසීම පෙබරවාරි මස 02 වන දිනට කල් දැමූ අධිකරණය එදිනට මේ සම්බන්ධව කරුණු දක්වන ලෙස විත්තියේ නීතිඥවරුන්ට නියෝග කළාය.

පසුගිය ජනාධිපතිවරණ සමයෙහි යුද හමුදාවෙන් පලාගිය සෙබළුන් 10 දෙනෙකු සේවයේ යොදවා ඔවුන්ට වැටුප් ලබාදී නවාතැන් පහසුකම් ලබාදීම තුළින් සරත් ෆොන්සේකා මහතා සහ ඔහුගේ ලේකම් සේනක ද සිල්වා යන අය රජයට එරෙහිව කුමන්ත්‍රණයක යෙදී ඇතැයි චෝදනා කරමින් නීතිපති විසින් මෙම නඩුව පවරා ඇත. 
Import tax on petrol reduced to Rs.5 per litre
පෙට්‍රල් බද්ද අඩුවෙයි
Jan 24,2011
2011 ජනවාරි මස 10 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි පෙට්‍රල් ආනයනික බද්ද ලීටරයකට රු.15.00 සිට 5.00 දක්වා අඩු කිරීමට ආණ්ඩුව තීරණය කර ඇති බව ඛනිජ තෙල් කර්මාන්ත අමාත්‍යංශයේ ලේකම් ටයිටස් ජයවර්ධන මහතා පවසයි.

ලෝක වෙළඳ පොළේ තෙල් මිල ඉහළ යාමත් සමග ඉන්දු ලංකා තෙල් සමාගමත්,ලංකා ඛනිජ තෙල් සංස්ථාවත් විසින් පාඩු අවම කර ගැනීම සඳහා දේශීය වෙළඳ පොළේ මිල ඉහළ නංවන ලෙස ආණ්ඩුවෙන් ඉල්ලා තිබිණි.

‍එසේ හෙයින් දේශීය වෙළඳපොළේ පෙට්‍රල් මිලෙහි ස්ථාවරත්වය පවත්වාගෙන යාම සඳහා ආනයනික බද්ද අඩු කිරීමට තීරණය කළ බව ඛනිජ තෙල් කර්මාන්ත අමාත්‍යංශයේ ලේකම්වරයා සඳහන් කළේය.

මෙම ක්‍රියා මාර්ගය හේතුවෙන් ලෝක වෙළඳපොළේ ඛනිජ තෙල් මිල ඉහළ ගියද දේශීය වෙළඳපොළේ පෙට්‍රල් මිලෙහි ඉහළ යාමක් සිදුනොවන බවත්,ඒ අනුව දැනට පවත්නා මිලටම පෙට්‍රල් ලබා ගැනීමට පාරිභෝගිකයාට හැකිවෙන බවත් හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.

මධ්‍යම තැපැල් හුවමාරුවේ තැපැල් හැසිරවීම් ඇනහිටියි
මධ්‍යම තැපැල් හුවමාරුවේ තැපැල් හැසිරවීම් ඇනහිටියි
Jan 24,2011
වෘත්තීය සමිතිවල ක්‍රියාමාර්ග හේතුවෙන් මධ්‍යම තැපැල් හුවමාරුවේ තැපැල් හැසිරවීම් නතර වී ඇති බව තැපැල්පති එම්. කේ. බී. දිසානායක මහතා පවසයි.

නමුත් දිවයින පුරා තැපැල් සේවය යථා පරිදි ක්‍රියාත්මක වන ද හෙතෙම පෙන්වාදෙයි.

අද(24) දිනය තුළ වෘත්තීය සමිති සමඟ සාකච්ඡා කොට තැපැල් සේවය යථා තත්ත්වයට පත් කරගැනීම සඳහා පියවර ගන්නා බව ඔහු පෙන්වා දෙයි.

තැපැල් දෙපාර්තමේන්තුවේ වෘත්තීය සමිති 17ක් පසුගිය 21 වන දින සිට අතිකාල සේවා වලින් ඉවත්ව සිටින අතර සිය ඉල්ලීම් වලට විසඳුම් ලැබෙන තෙක් වෘත්තීය ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක කරන බව ලංකා තැපැල් සේවා සංගමයේ ප්‍රධාන ලේකම් ඩී එම් විජේරත්න මහතා ප්‍රකාශ කළේය.

මූලික ඉල්ලීම් 07 මුල්කරගනිමින් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක කරන බව ද ඔහු පෙන්වාදුන්නේය.

තැපැල්පති හා අමාත්‍යාංශ ලේකම්වරයා සමග දෙසැම්බර් මා‍සයේදී සාකච්ඡා වට කිහිපයක්ම පැවැත්වූ බවත්, එහිදී පොරොන්දු වූ පරිදි විසඳුම් ලබා දී නොමැති බව විජේරත්න මහතා ප්‍රකාශ කළේය.

මෙම ක්‍රියා මාර්ගය නිසා මේ වනවිට සියලුම තැපැල් බෙදාහැරීම්, තැපැල් බාරගැනීම් සහ තැපෑලෙහි සාමාන්‍ය කටයුතු වලට බාධාවක් සිදුව ඇති බව ද හෙතෙම අවධාරණය කර සිටියේය.
ඉරුවාරදයට අපේ වෛද්‍යවරයකුගෙන් ස්ථිර ප්‍රතිකාර ක්‍රමයක්
Jan 24,2011 
ශ්‍රී ලංකාවේ වෛද්‍යවරයෙකු ලෝකයේ ප්‍රථමවරට ඉරුවාරදය හෙවත් මිග්රේන් (migrane) රෝගයේ සුලමුල හා ඒ සඳහා සිදු කළ යුතු විශේෂ ප්‍රතිකාර ක්‍රමයක් සොයාගෙන තිබේ.
මේ නවතම සොයා ගැනීම කර ඇත්තේ ගම්පොළ ශික්ෂණ රෝහලේ වෛද්‍ය රත්නසිරි බණ්ඩාර මහතායි.
වර්තමාන ලෝකයේ සෑම අයෙකුම පාහේ හිසරදයෙන් පීඩා විඳින අතර සෑම පිරිමින් දහ දෙනකුගෙන් හතර දෙනකුටත් සෑම ගැහැණු දහ දෙනකුගෙන් හය දෙනකුටත් මේ රෝගය පවතින බව ද රත්නසිරි බණ්ඩාර මහතා සඳහන් කරයි.
නයිට්‍රික් ඔක්සයිට් නිසා කෝටරාබ කුහර (නලලේ ලලාට කුහර) වටේ තිබෙන නහර විස්තාරණය වී ඒ මගින් නහර උද්දීපනය වී ඉරාවාරදය හෙවත් මිග්රේන් (migrane) හිසරදය හටගන්නා බව තමන් සොයාගත් බව වෛද්‍ය බංඩාර මහතා සඳහන් කරයි.
මෙය ප්‍රථමවරට ලෝකයට හඳුන්වාදීමක් වන අතර නයිට්‍රික් ඔක්සයිඩ් වායුව නහරතුළට ඇතුළු වී ඒවා විස්තාරණය වීමෙන් හට ගන්නා රෝගී තත්ත්වය නිසා මිනිසාට බොහෝ අතුරු විපාකයන් මතුවන බව ද ඒ මහතා පෙන්වා දෙයි.
අන් අය නුරුස්සන ගතිය සිය දිවි නසා ගැනීම හා ඒ සඳහා උත්සහ ගැනීම, පවුල් ආරවුල් ඇති කර ගැනීම, මීමැස්මොරය, මානසික රෝග නිදිමත ගතිය, ළමයින්ගේ අපහසුතා, පාඩම් කිරීම හා පොත්පත් කියවීමේ අපහසුතා තරහා යෑම වැනි ලක්ෂණ රෝගීන් තුල දැකිය හැකි බව ද ඒ මහතා පෙන්වා දෙන්නේ ය.
ඉරුවාරදය සම්බන්ධයෙන් ලොව මෙතෙක් පිළිගත් මතය වූයේ මොලය හා මෙනිංජීය පටල අවටින් සිදුවන රුධිර නාල විස්තාරණය වීමෙන් මිග්රේන් රෝගය ඇති වන බවකි.
නමුත් පසුව කළ පර්යේෂනවල දී මේ මතය බැහැර වීම නිසා තමන් මීට පෙර ඉදිරිපත් කළ සිද්ධාන්තය පිළිබඳව නැවත උනන්දුවීම නිසා අද මෙම නව සොයා ගැනීම ඉදිරිපත් කිරීමට හැකි වූ බව වෛද්‍ය බංඩාර මහතා සඳහන් කරයි.
වසර 13ක් තිස්සේ සිදු කළ පර්යේෂණවල ප්‍රතිඵලයක් ලෙස මේ සිද්ධාන්තය ඉදිරිපත් කිරීමට හැකි වූ බව පවසන බංඩාර මහතා ඒ සඳහා පේරාදෙණිය වෛද්‍ය පීඨය. මහනුවර මහ රෝහල, පේරාදෙනිය ශික්ෂණ රෝහල හා ගම්පොළ ශික්ෂණ රෝහල මෙන් ම ජ්‍යෙෂ්ඨ මහාචාර්යය නිමල් සේනානායක මහතා තම ප්‍රයත්නයට සහයෝගය දුන් බව ද පවසයි.
වෛද්‍ය රත්නසිරි බණ්ඩාර මහතාගේ මේ සොයා ගැනීමත් සමඟ මිග්රේන් රෝගයට ඖෂධ භාවිතා කිරීමෙන් කෝටරාඹ විවර විස්තාරණය කර නයිට්‍රික් ඔක්සයිඩ් අඩු කොට ස්නායු උද්ධීපනය අඩු කළ හැකි බව ඔහුගේ මේ සිද්ධාන්තයෙන් පෙන්වා දෙයි.
ඒ අනුව නයිනස් නයිට්‍රික් ඔක්සයිඩ් න්‍යාය වෛද්‍ය බණ්ඩාර මහතාගේ නවතම සොයා ගැනීම වී තිබේ.
මේ සොයා ගැනීම හා ප්‍රතිකාර ක්‍රමය සාර්ථක උවහොත් ලෝකයේ, හිසරදය සඳහාටම තුරන් වනවා පමණක් නොව අප රටට මහත් කීර්තියක් ද අත්වනවා නොඅනුමානය.
ඡායාරූප -
එස්. එන්. ගොඩමුන්න

ගල්වංගුවේදී ලොරියක් පෙරළී මාර්ගයේ නිදා සිටි ගවයෝ 9ක් මරුට
හබරණ කන්තලේ මාර්ගයේ හතරැස් කොටුව ගල්වංගුව අසලදී ලොරියක් පෙරලීමෙන් මාර්ගයේ නිදා සිටි ගවයන් නව (09) දෙනෙකු මියගොස් තිබේ.
පෙරේදා (22) අලුයම අනතුර සිදුව ඇති අතර මාර්ගය මැද ගවයන් නිදාසිටි බව රියදුරු පවසයි. කොළඹ සිට ත්‍රිකුණාමලය දක්වා භාණ්ඩ ප්‍රවාහනය කරන ලොරි රථයක් මෙසේ අනතුරට පත්ව තිබේ.
ලොරියේ සෙවිලිතහඩු රැගෙනවිත් තිබේ. අධික මීදුම හේතුවෙන් මාර්ගය අපහැදිලි වීමෙන් අනතුර සිදුව ඇති බව පරීක්‍ෂණ පවත්වන හබරණ පොලිසිය පවසයි.
ලොරියේ රියදුරු හබරණ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහුට විරුද්ධව නඩු පවරන බව හබරණ රථවාහන පොලිසියේ නිලධාරියෙක් කීය.
මියගිය ගවයින් හිඟුරක්ගොඩ ප්‍රාදේශීය සභාව, හිඟුරක්ගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හා හබරණ පොලිසිය ප්‍රදේශවාසීන්ගේ සහය ඇතිව 22 සවස පුලුස්සන ලදී.
අඩි 14ක ඩොල්ෆින් මාළුවෙක්
Jan 24,2011
නැඟෙනහිර පාසිකුඩා වෙරළ තීරයට අඩි 14ක දිගකින් යුත් කිලෝග්‍රෑම් 1400ක බරකින් යුත් ඩොල්ෆින් මාළුවෙකු පෙරේදා (22) ගොඩ ගසා ඇත. මෙම ඩොල්ෆින් මාළුවා ඒ අවස්ථාවේ මුහුදු වෙරළේ සිටි ධීවරයන් පිරිසක් විසින් දොඹකරයකින් ඔසවා ගොඩට ගත් අයුරුයි මේ.

අනුරාධපුර බන්ධනාගාර රැඳවියන් විරෝධතාවක් අරඹයි
Jan 24,2011
අනුරාධපුර බන්ධනාගාරයෙහි රැඳවියන් විසි දෙදෙනෙකු බන්ධනාගාරයේ වහලයක් මත නැගී විරෝධතාවයක් ආරම්භ කර තිබේ.

අධිකරණ තීන්දු වලට එරෙහිව මෙම රැඳවියන් පිරිස මෙසේ විරෝධතාවයක යෙදී සිටින බව අද දෙරණ කළ විමසීමකදී බන්ධනාගාර කොමසාරිස් වී ආර් ද සිල්වා මහතා සඳහන් කළේය.

අදාළ රැඳවියන් පිරිසට චෝදනා වලට ඇප නියම වී ඇති බවත්, ඔවුන්ට ඇප ලබාදීම සඳහා රුපියල් 15, 000 ට වැඩි මාසික වැටුපක් ලබන රජයේ සේවකයින් විසින් අත්සන් තැබිය යුතු බවත් ඔහු පෙන්වාදුන්නේය.

එසේ අත්සන් තැබීමක් සිදුව නොමැති නිසා මෙම පිරිස මෙසේ බන්ධනාගාරගතව සිටින බව කොමසාරිස්වරයා ප්‍රකාශ කළේය.

නමුත් බන්ධනාගාරයට අලුතින් පත්ව ආ බන්ධනාගාර ප්‍රධානියාට විරෝධය පෑමේ අරමුණින් මෙම රැඳවියන් මෙසේ විරෝධතාවක නියැලී සිටින බව වෙනත් ආරංචි මාර්ග සඳහන් කරයි.

හොඳම නිලධාරීන් බන්ධනාගාරවල සේවය සඳහා යොදවා ඇති බවත්, ඇතැම්විට ඔවුන් නීත්‍යානුකූලව කටයුතු කිරීමේදී විරෝධතා එල්ල වි හැකි බවත් ඒ පිළිබඳව කළ විමසීමකදී බන්ධනාගාර කොමසාරිස් වී ආර් ද සිල්වා මහතා අවධාරණය කර සිටියේය. 
ජනප්‍රිය පාසල් 4 ට එරෙහිව පැමිණිලි 10ක්
ජනප්‍රිය පාසල් 4 ට එරෙහිව පැමිණිලි 10ක්
Jan 24,2011
ජනප්‍රිය පාසල් වලට සිසුන් ඇතුළත් කර ගැනීමේදී අක්‍රමිකතා සිදුව ඇතැයි කියමින් ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණිලි 10ක් ඉදිරිපත් වී තිබේ.

ජනප්‍රිය පාසල් 4 ට එරෙහිව මෙම පැමිණිලි ඉදිරිපත්ව ඇති බව වාර්තා වේ.

අදාළ පාසල්වල විදුහල්පතිවරුන්, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් සහ ජාතික පාසල් අධ්‍යක්ෂවරයා ඇතුළු නිලධාරී කණ්ඩායමක් මෙහි වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබේ.

සියලු සුදුසුකම් සපුරා තිබියදීත් තම දරුවන් අදාළ පාසල්වල පළමු ශ්‍රේණියට ඇතුළත් කර නොගැනීම තුළින් මූලික අයිතිවාසිකම් කඩවී ඇති බවට නියෝගයක් නිකුත් කරන‍ ලෙස පැමිණිලිකරුවන් ඉල්ලා සිටියි
අනුරාධපුර උසාවිය ගිනි ගනියි
Jan 24,2011
අද අලුයම(24)අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයේ හදිසි ගින්නක් හටගෙන ඇති බව අද දෙරණ වාර්තාකරු සඳහන් කරයි.

අලුයම 2.00ට පමණ හටගත් මෙම ගින්නෙන් අධිකරණයේ පැවති ලිපි ලේඛන රැසක් විනාශ වී ඇතැයිද,තෙමහල් ගොඩනැගිල්ලට හානි සිදුවී ඇතැයිද සඳහන් වේ.

අලුයම 4.30 පමණ වන විට අනුරාධපුර ගුවන් හමුදා කඳවුරේ ගිනි නිවන ඒකකය,නගර සභා ගිනි නිවන ඒකකය,යුද හමුදාව හා පොලීසිය එක්ව ගින්න මැඩ පවත්වන්නට හැකියාව ලැබී ඇතැයිද අප වාර්තාකරු කියා සිටියි.

එසේ වුවද ගින්නෙන් සිදුවූ හානිය කොතෙක්ද යන්න මෙතෙක් නිසි ලෙස අනාවරණය වී නැති අතර අනුරාධපුර පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.