Pages

Thursday, January 29, 2015

check 2005_2015_චින්තන_ඉතිහාසය


2005 ජුලි

සුනාමි සහන වෙනුවෙන් අග්‍රාමාත්‍ය අරමුදලට ලැබුණු රුපියල් කෝටි 8 කට අධික මුදලක් Helping Hambanthota යන නමින් අග්‍රාමාත්‍යගේ මිතුරන් දෙනෙනකු හා සහෝදරයාගේ අත්සන් සහිත පෞද්ගලික ගිණුමකට යොමු කරන ලදී
2005 සැප්තැම්බර්
අග විනිසුරු විසින් Helping Hambanthota පිළිබඳ පරීක්ෂණය නතර කරන ලෙස අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවට අණ කරන ලදී
2006 මැයි
ව්‍යවස්ථාදායක සභාව අකර්මන්‍ය කරමින් ජනාධිපති විසින් රාජ්‍ය සේවා කොමිෂන් සභාවට හා පොලිස් කොමිෂන් සභාවට ඍජු පත්කිරීම් සිදු කරන ලදී. මෙහිදී ව්‍යවස්ථා උල්ලංඝණයක් සිදුවිය
2008 මාර්තු
මිහින් ලංකා ගුවන් සේවයට තවත් රු. කෝටි 50ක් භාණ්ඩාගාරයෙන් ලබා දෙන බව අනාවරණය වේ
2008 සැප්තැම්බර්
ඉන්ධන "හෙජින්" (hedging) ගණුදෙනුව නිසා ඩොලර් 50 ක් වූ තෙල් බැරලයක් ඩොලර් 100 බැගින් ගෙවා මිලදී ගැනීමට ශ්‍රී ලංකාවට සිදුවිය
2009 ජනවාරි
15 දෙනෙකුගෙන් පමණ යුතු ආයුධ සන්නද්ධ කණ්ඩායමක් විසින් එම කාල සීමාව ආණ්ඩුව විවේචනය කල වාර්තා විකාශනය කල සිරස මාධ්‍ය ජාලයේ කාර්යාල විනාශ කරන ලදී. විනාශය සම්පූර්ණ කර මෙම කණ්ඩායම පිටත්ව යනතෙක් පොලිසිය අදාළ ස්ථානයට ලඟා නොවීය. ප්‍රහාරය සඳහා ක්ලේමෝ වර්ගයේ බෝම්බ භාවිත වූ බවට සාක්ෂි හමුවුවද ආරක්ෂක ලේකම් ප්‍රකාශක මෙය අදාළ මාධ්‍ය ජාලය විසින්ම සිදුකල ක්‍රියාවක් යයි චෝදනා කරන ලදී. ආරක්ෂක අංශ වලට හසු නොවී පලායාමට මෙම කණ්ඩායම සමත් විය

ජනාධිපතිගේ සහෝදරයා සමග නීතිමය සටනකට මැදිවී සිටි මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග 2009 ජනවාරි 8 වන දින උදේ 10:30 ට යතුරු පැදි මත පැමිණි කණ්ඩායමක් විසින් වෙඩි තබා ඝාතනය කරන ලදී. ආරක්ෂක අංශ වල බාධක කිසිවකට හසු නොවී පලායාමට මෙම කණ්ඩායම සමත් විය
2009 මැයි
2009 මැයි 18 දින ජනාධිපති, ආරක්ෂක ලේකම් හා හමුදාපති ප්‍රමුඛ නායකත්වය යටතේ ආරක්ෂක හමුදා විසින් LTTE කොටි සංවිධානය පරාජයට පත්කිරීමත් සමග යුද්ධය නිමාවට පත්විය. මෙහිදී කොටි සංවිධානය විසින් සාමාන්‍ය ජනයා මිනිස් පළිහක් ලෙස භාවිතා කිරීම එහිදී සිදුවූ ජීවිත හානි වලට විශාලතම හේතුව විය.
2009 ජුනි
මාධ්‍යවේදී පෝද්දල ජයන්ත යම් පිරිසක් පැහැරගෙන ගොස් දෙපා කඩා දමන ලදී. මේ සඳහා සැකකරුවන් බවට පත්කරන ලද්දේ තවත් මාධ්‍යවේදීන් දෙදෙනෙකි
2009 ඔක්තෝබර්
බාල ඖෂධ හා විදුරු කැබලි සහිත එන්නත් පිළිබඳව සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට චෝදනා එල්ල විය
2009 නොවැම්බර්
ජෙනරාල් සරත් ෆොන්සේකා ඉවත් කිරීමට අලුතින් ඇතිකළේ යැයි ඇතැමුන් චෝදනා කල මාණ්ඩලික ප්‍රධානි තනතුරට පත්කරනු ලැබීමෙන් අනතුරුව ඔහු හමුදා දිවියෙන් විශ්‍රාම ගොස් විපක්ෂ ජනාධිපති අපේක්ෂක ලෙස ඉදිරිපත් විය. ජනාධිපතිවරයා, ඔහුගේ සහෝදරයා හා ෆොන්සේකා අතර ඇතිවූ මතභේදය කුමක්දැයි යන්න අපැහැදිලි විය

කැලණිය හා දෙහිවල ඇතුළු ගුවන් පාලම සඳහා වර්ග අඩියකට රු. 112,000 - 250,000 අතර වියදමක් රජය විසින් ඉදිරිපත් කර ඇති බව විපක්ෂය පෙන්වා දෙයි. මේ හා සසඳන කල ඩුබායි හි ගුවන් පාලමේ වියදම වර්ග අඩියට රු. 36,000කි
2010 ජනවාරි
මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩ අතුරුදන් වෙයි

රාජ්‍ය ආයතන තුල සිදුවූ සම්පූර්ණ දුෂණ ප්‍රමාණය රු. 300,000,000,000 (රු. කෝටි 30,000) බව පාර්ලිමේන්තු COPE වාර්තාව අනාවරණය කරන ලදී

2006 දී රු. 110,000 ව පවතී ඒක පුද්ගල ණය රු. 210,000 දක්වා ඉහල යයි
2010 පෙබරවාරි
ෆොන්සේකා ජනාධිපතිවරණයෙන් පරාජය වූ වහාම ඔහු අත් අඩංගුවට ගෙන දුෂණ චෝදනා මත හමුදා අධිකරණයකින් හිරයට නියම කරන ලදී. මෙයට විරුද්ධව දිවයිනේ ඇතැම් පෙදෙස් වල මහජන උද්ඝෝෂණ ඇතිවූ අතර, කැරලි මර්ධන එකක යොදා මේවා මැඩපවත්වන ලදී. මේ මර්ධනය සඳහා ආරක්ෂක අංශ වලට අයත් නොවූ සන්නද්ධ කණ්ඩායම්ද සම්බන්ධ විය.

මාධ්‍යවේදී චන්දන සිරිමල්වත්ත දින 18ක් චෝදනා රහිතව අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව තුල හිර කර තබන ලදී

චීන හමුදා බුද්ධි අංශයේ සහයෝගයෙන් පුවත් වාරණ වැඩපිළිවෙලක් සකස් කරන ලදී
2010 මාර්තු
සිරස මාධ්‍ය ජාලයේ කොළඹ කාර්යාලය වෙත බස් වලින් පැමිණි පිරිසක් එයට පහර දෙන ලදී

මාධ්‍යවේදී රුවන් වීරකෝන් අත්අඩංගුවට ගන්නා ලදී

රාජ්‍ය බුද්ධි අංශ විසින් සකසන ලදැයි කියන, මාධ්‍යවේදීන් හා ක්‍රියාකාරීන් 35කගේ නම් ඇතුලත් "හතුරු ලැයිස්තුවක්" අනාවරණය වේ
2010 අප්‍රේල්
ලංකා විදුලි බල මණ්ඩලයේ පසුගිය වසරේ පාඩුව රු. කෝටි 740ක් බවත්, එහි දීර්ඝ කාලින ණය බර රු. කෝටි 9300ක් බවත් අනාවරණය විය

ජනාධිපතිවරයාගේ සහෝදරයා පාර්ලිමේන්තු කථානායක ලෙස පත් කරන ලදී

මිහින් ලංකා ගුවන් සේවය රු. කෝටි 93 අලාභයක් ලබා ඇතිබව අනාවරණය විය. මෙය ඊට පෙර සිදුවූ රු. කෝටි 350ක බංකොලොත්වීමට අමතරවය

නව කැබිනට් මණ්ඩලය 40කට අධික බව අනාවරණය විය

පොලිසිය සමග පැමිණි හඳුනා නොගත් පිරිසක් කොටුව දුම්රියපල අසල උපවාසයේ යෙදී සිටි සංඝයා වහන්සේලා බලහත්කාරයෙන් බසයක දමා ගෙනයන ලදී

2010 මැයි
පාර්ලිමේන්තු මන්ත්‍රීන් හට බදු රහිතව වාහන ආනයනය සඳහා බලපත්‍ර ලබාදෙන ලදී

"ලංකා" පුවත්පතේ මාධ්‍යවේදියකු හට මැර ප්‍රහාරයක් එල්ල විය. අදාළ සැකකරුවන් පොලිසිය විසින් අත්අඩංගුවට නොගන්නා ලදී
2010 ජූනි
බාල ඖෂධ ගෙන්වීමෙන් වූ පාඩුව රු. කෝටි 45ක් බව අනාවරණය විය
2010 ජුලි
මාධ්‍යව්දී ගාමිණි පුෂ්පකුමාරගේ පවුලට නාඳුනන පිරිසකගෙන් මරණ තර්ජන එල්ල විය
2010 අගෝස්තු
රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ රු. කෝටි 51ක අක්‍රමිකතා හෙළිවිය

දුගී ශ්‍රී ලාංකිකයින් හට රු. කෝටි 85ක වියදමින් නිවාස ඉදිකර දීමට පැමිණි ජපන් සහන ආයතනයකින් කැබිනට් ඇමතිවරයකු අල්ලස් ඉල්ලීම හේතුවෙන් එම ආයතනය රට හැර ගිය බව හෙළි විය

ඛනිජතෙල් නීතිගත සංස්ථාවෙන් විදුලිබල මණ්ඩලයට තෙල් සැපයීමට සිදුවීමෙන් වසරකට වන පාඩුව රු. කෝටි 3000ක් විය
2010 සැප්තැම්බර්
රාජ්‍ය තොරතුරු මහජනයාට දැනගැනීමේ අයිතිය පිලිබඳ නීති කෙටුම්පත ඉවත් කරගන්නා ලෙස විපක්ෂයට රජය කියා සිටියේය. හේතුව එවැනිම නීතියක් රජය විසින් ගෙන එම බව පවසන ලදී (2011 ජූනි මස මෙම ප්‍රකාශය සාවද්‍ය බව හෙළි විය)

18 වන ව්‍යවස්ථා සංශෝධනයට විරුද්ධත්වයක් දැක්වූ පෝස්ටරයක් මුද්‍රණය කල ජයම්පති බුලත්සිංහල, ඔහුගේ බිරිඳ හා සහෝදරයන් අත්අඩංගුවට ගන්නා ලදී
2010 ඔක්තෝබර්
රජයේ වියදම සඳහා ඉදිරිපත් කල රු. කෝටි 108,000 මුදලින් කෝටි 21,400 ක් ආරක්ෂක අමාත්‍යාංශයටත්, කෝටි 7500ක් ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයටත් වෙන් විය (එනම් මුළු අගයෙන් 1/3ක් පමණ)
2010 නොවැම්බර්
අමාත්‍යවරු 60ක් හා නියෝජ්‍ය අමාත්‍යවරු 31ක් දිව්රුම් දෙති

අවුරුදු 4ක් තුල රජය විසින් අධ්‍යාපනය සඳහා ප්‍රතිපාදනය කරන මුදල 50% කින් කප්පාදු කර ඇති බව ලංකා ගුරු සංගමය පැවසීය
2010 දෙසැම්බර්
පාඩු ලබන රාජ්‍ය ආයතන සඳහා භාණ්ඩාගාරයෙන් ලබා දී ඇති මුළු මුදල රු. කෝටි 10,000ක් බව අනාවරණය විය
2011 ජනවාරි
2011 ජනවාරි 31 දින උදේ 2ට පමණ හඳුනානොගත් පිරිසක් "ලංකා ඊ නිවුස්" ආයතනයේ කාර්යාලයට ගිනි තබා විනාශ කලෝය. මාධ්‍ය ඇමති විසින් මෙය "ආණ්ඩුව අපහසුතාවයට පත්කිරීමේ" කුමන්ත්‍රණයක් යයි කියන ලදී. කිසිවකු අත්අඩංගුවට පත් නොවීය

"හෙජින්" ගනුදෙනුව අසාර්ථක වීම හේතුවෙන් ශ්‍රී ලංකාවට රු. කෝටි 2900ක පාඩුවක් විඳීමට සිදුවිය හැකි බව අනාවරණය විය
2011 පෙබරවාරි
රජය විසින් චීනයෙන් රු. කෝටි 810ක වාණිජ ණයක් රහසේ ලබාගෙන ඇති බව අනාවරණය විය
2011 මාර්තු
කුරුණෑගල කිලෝමීටර 1.7ක පාරක් සඳහා රු. කෝටි 4ක වියදමක් දක්වා ඇති බව පාර්ලිමේන්තුවේදී හෙළි විය

සේවක අර්ථසාධක අරමුදලේ රු. කෝටි 3200ක් කොටස් වෙළඳපොල ගණුදෙනු සඳහා යොදා ඇති බව මහ බැංකුව ප්‍රකාශ කළේය

රු කෝටි 37ක වියදමින් ගෙනා බාල දුම්රිය "පවර් සෙට්" පළමු ගමනේදීම අකර්මණ්‍ය විය

2018 දී පොදුරාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙල හම්බන්තොට පැවැත්වීම සඳහා ඉල්ලුම්කරයට පමණක් රු කෝටි 10ක් වියදම් කර ඇති බව හෙළි විය

2011 මැයි
ජනාධිපති අරමුදල රු කෝටි 150ක මුදලක් එහි පාලක මඩුල්ලේ අනුමැතිය රහිතව නීති විරෝධී ලෙස වියදම් කර ඇති බව අනාවරණය විය

පෞද්ගලික අංශයේ සේවකයින්ගෙන් විශ්‍රාම වැටුප් අරමුදල් අයකරගැනීමේ තැතට විරුද්ධව කටුනායක ඇතිවූ උද්ඝෝෂණ වෙත පොලිසිය ජීව උණ්ඩ වලින් වෙඩි තැබීය. වෙඩි වැදී මියගිය අයගේ අවමගුලට 30,000ක් සහභාගී වූ අතර, අවශ්‍ය වුවහොත් භාවිතය සඳහා ඒ අවට 5000ක හමුදාවක් යොදා තිබිණ
2011 ජුනි
රාජ්‍ය තොරතුරු මහජනයාට දැනගැනීමේ අයිතිය පිලිබඳ පනතක් අනවශ්‍ය බව ජනාධිපති පැවසීය

මැයි දින සන්ධාන රැළි සඳහා බස් රථ දීමෙන් පමණක් ගමනාගමන මණ්ඩලයට රු කෝටි 4ක පාඩුවක් වූ බව අනාවරණය විය

ජල සම්පාදන මණ්ඩලය නොයෙක් හේතු නිසා රු කෝටි 280ක පාඩු විඳ ඇති බවත්, කොළඹ නගරයේ පයිප්ප වලින් 77%ක් අඩ සියවසකින් වත් පිළිසකර කර නැති බව හෙළිවිය

ෂැන්ග්‍රිලා සමාගමට හමුදා මධ්‍යස්ථාන ඉඩම විකිණීමේදී දුන් බදු සහන නිසා රටට අහිමි වූ මුදල රු කෝටි 2900ක් බව අනාවරණය විය

රජයේ මුළු ණය බර රු කෝටි 21,190,000 බවට පත් විය. මේ සඳහා වාරික හා පොළිය සඳහා වසරකට රු කෝටි 10,000 ගෙවීමට සිදුවේ
2011 ජූලි
වරාය හා මහාමාර්ග ඇමති ලෙස ජනාධිපතිවරයා විසින් චීන සංවර්ධන බැංකුව (CDB) හරහා චීනයට රු කෝටි 1500ක ව්‍යාපෘති පිරිනැමීමට ගිවිසුමක් අත්සන් කරන ලදී. මේ අතර ගුවන් පාලම දෙකකට පමණක් වියදම රු කෝටි 600කි

අපද්‍රව්‍ය අංශු අඩංගු බාල පෙට්‍රෝල් ටොන් 20,000 ක නුසුදුසු බව සනාථ කල පරීක්ෂනාගර වාර්තාව සඟවා එම තොගය රට පුරා බෙදාහැරීමට ඉහල නිළධාරියෙක් පියවර ගන්නා ලදී. මින් වාහන දහස් ගණනකට හානි සිදුවිය
2011 අගෝස්තු
ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ මාස 6ක පාඩුව දෙගුණ විය (රු කෝටි 2700ක්)

හදිසි අවස්ථා රෙගුලාසි ඉවත් කලත් ත්‍රස්තවාදය වැළක්වීමේ පනත (PTA) ඒ ආකාරයෙන්ම පවත්වාගෙන යන බවත් රජය පැවසීය

මිහින් ලංකා 2010 වසරේ පාඩුව රු කෝටි 72ක් බව අනාවරණය විය

රජය චීන බැංකු ණය සඳහා වෙළඳපොළ පොලී අනුපාතය වන 1.3% මෙන් හය ගුණයක් (6.3%) ගෙවන බව අනාවරණය විය. මින් පාඩුව රු කෝටි 2000කට ආසන්න වේ

හම්බන්තොට වරායේ හමුවූ ගල් පුපුරවා හැරීමට වැයවන අමතර රු කෝටි 600ටද ඉහත පාඩුව අදාළ වේ
2011 සැප්තැම්බර්
2010 සිට පමණක් රාජ්‍ය ආයතන 24ක දුෂණ ප්‍රමාණය රු කෝටි 1000 බව COPE අනාවරණය කලේය

රජය රු කෝටි 200ක අමතර ප්‍රතිපාදන සඳහා පාර්ලිමේන්තු අනුමැතිය ඉල්ලා සිටියේය

සිමෙන්ති සංස්ථාවේ අක්‍රමිකතා නිසා සිදුවූ පාඩුව රු කෝටි 120ක් බව අනාවරණය විය

හදිසි අවස්ථාව ඉවත් කෙරුනද මෙතෙක් ප්‍රසිද්ධ නොකරන ලද විශේෂ රෙගුලාසියක් (ගැසට් 1721/3) යටතේ හදිසි අවස්ථා රෙගුලාසි කිහිපයක්ම දිගටම පවත්වාගෙන යා හැකි බව අනාවරණය විය

හදිසි අවස්ථාව ඉවත් කෙරුනද 2011 සැප්තැම්බර් 6 දින ප්‍රසිද්ධ නොකරන ලද ජනාධිපති අණක් යටතේ, රටේ සියළු ප්‍රදේශ තුල සිවිල් කලබල මැඩීමට හමුදාවට බලය සැපයිනි

කෝට්ටේ නාගරික සභාව තුලින් රු කෝටි 57ක් අතුරුදහන් වී ඇතිබව අනාවරණය විය

බාල පෙට්‍රෝල් නිසා රටට පාඩුව රු කෝටි 50කට ආසන්න බව අනාවරණය විය
2011 දෙසැම්බර්
බ්‍රිතාන්‍ය ජාතිකයකු ඝාතනය කර රුසියානු කාන්තාවක් සමූහ දුෂණය කර, සැකකරු තංගල්ල ප්‍රාදේශීය සභාපති පලාගියේය
2012 මාර්තු
රවින්ද්‍ර උදයශාන්ත නැමැත්තා පැහැරගැනීමට පැමිණි සුදු වෑන් රිය ප්‍රදේශවාසින් පිරිසක් විසින් නවතන ලදී. එහි සිටියවුන් හමුදා භටයින් බව පිළිගත්හ. මොවුන් අත්අඩංගුවට ගත් ස්තානදිපති හට දඬුවම් මාරුවක් ලැබුණු බව වාර්තා විය
2012 ජූනි
ජනාධිපති හා ඇමති වරුන්ගේ ගමන් බිමන් නිසා ශ්‍රී ලන්කන් ගුවන් සේවයට (හා එහි කොටසක් වන මිහින් සේවයට) වී ඇති පාඩුව රු කෝටි 2400ක් බව අනාවරණය විය
2012 අගෝස්තු
රජයේ හා "කොටස් වෙළඳපොල මාෆියාවේ" බලපෑම් නිසා කොටස් වෙළඳපොල දුෂණ පරීක්ෂණ ඉදිරියට ගෙනයා නොහැකි බව කියමින් ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාපති ඉල්ලා අස්විය
2012 සැප්තැම්බර්
"දිවි නැගුම" පනත යටතේ ආර්ථික සංවර්ධන ඇමති හට ඍජුව රු කෝටි 8000ක අරමුදලක් භාවිත කල හැකි බව අනාවරණය විය
2012 ඔක්තෝබර්
ශ්‍රී ලංකා රාජ්‍ය ණය රු කෝටි 600,000ක් දක්වා ඉහල ගියේය. මෙය එක වසරකින් කෝටි 100,000ක වර්ධනයකි

2012 පළමු මාස 7 තුල පමණක් රටේ අපනයන 5.7% කින් පහල වැටිණි

ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව හා ව්‍යාජ සමාගමක් අතර ඇතිවූ රු කෝටි 20ක දුෂණයක් අනාවරණය විය
2012 නොවැම්බර්
දිවිනගුම තීන්දුවෙන් පසු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායකට විරුද්ධ දෝෂාභියෝග තැත ආරම්භ විය
2013 ජනවාරි
අවංක රේගු අධ්‍යක්ෂකවරයෙක් යයි බහුතර රේගු නිලධාරීන් පැවසූ කනකසබේ රන්ජන් මහතාගේ උසස්වීමට සතියකට කලින් ඔහු හදිසියේ දුෂණ චෝදනාවක් පිට අත්අඩංගුවට ගන්නා ලදී

අගවිනිසුරු දෝෂාභියෝගයේ පාර්ලිමේතු කමිටුව විසින් සිදුකල අක්‍රමිකතා පෙන්වාදුන් නීතිඥවරු 4 දෙනෙකුට මරණ තර්ජන එල්ල විය

අගවිනිසුරු දොශාභියෝගට එරෙහි උද්ඝෝෂණයකට "හඳුනා නොගත්" සන්නද්ධ කණ්ඩායමක් විසින් පහර දෙන ලදී. අදාළ ස්ථානයේ පොලිස් රැකවල් යොදා තිබුනද මෙම ප්‍රහාරය වලක්වීමක්වත්, ප්‍රහාරකයින් අත්අඩංගුවට ගැනීමක්වත් සිදුනොවීය

ජනාධිපති සමග සමීප සම්බන්ධතා සහිත නීතිපතිවරයා අගවිනිසුරු ලෙස පත්කරන ලදී

රේගු නිලධාරි රන්ජන් මහතාට විරුද්ධ චෝදනාව සාවද්‍ය බව ඇසින් දුටු සාක්ෂිකරු පැවසීය
2013 පෙබරවාරි
මෝටර් රථ ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව තුල රු කෝටි 640ක වංචාවක් පාර්ලිමේන්තුවේදී හෙළිවිය
2013 මාර්තු
සිංගප්පුරු සමාගමක් සමග ඇතිකරගත් දුෂිත ගිවිසුමක් හේතුවෙන් ඛණිජතෙල් නීතිගත සංස්ථාවට රු කෝටි 116ක පාඩුවක් සිදුවිය

ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව, ඛණිජතෙල් නීතිගත සංස්ථාව හා බලපත්‍ර රහිත රක්ෂණ තරව්ක්කරුවකු අතර සිදුවූ වංචාසහගත ගණුදෙනුවකින් රු. කෝටි 20ක් හා ඛණිජතෙල් නීතිගත සංස්ථාවේ වත්කම් වලට තිබිය යුතු රක්ෂණ ආවරණය අහිමි විය
2013 අප්‍රේල්
ඉතා මිල අධික රෝල්ස් රොයිස් රථ 12ක් හා BMW රථ 100ක් පොදුරාජ්‍ය මණ්ඩල සමුළුව වෙනුවෙන් ආනයනය කරන බව හෙළිවිය

විදුලි බිල ඉහළයාමට එරෙහිව වෘත්තීය සමිති හා ජනතා සංවිධාන 100ක පමණ විරෝධය එල්ල විය
2013 ජුනි
මාධ්‍ය ප්‍රකාශන හා විකාශන පාලනය සඳහා ප්‍රතිපත්තියක් රජය ඉදිරිපත් කළේය. මෙය රජයෙන් පිට සියළු පාර්ශව වල විවේචනයට ලක්විය
2013 ජූලි
පස්යාලදී අධිවේගී පොලිස් හඹායාමකින් පසු අත්අඩංගුවට ගත් කැබිනට් ඇමැතිවරයකුගේ සහෝදරයෙකු ඉහල බලපෑම් මත චෝදනා රහිතව වහා මුදාහරින ලදී
2013 අගෝස්තු
රතුපස්වල ජලය විශවීමට විරුද්ධව ප්‍රදේශවාසින් කල උද්ඝෝෂණයට සන්නද්ධ ආරක්ෂක භටයින් යොදා පහරදෙන ලදී. තිදෙනෙක් මරුමුවට පත්වූහ. මේ පිලිබඳ ප්‍රවෘත්ති විකාශනය කරන මාධ්‍ය කිහිපයකට බලපෑම් එල්ල විය. සිද්ධිය විවේචනය කල දෙරණ මාධ්‍යවේදී කැලුම් අමරසිංහ සේවයෙන් නෙරපන ලදී
2014 ජනවාරි
සුදු වෑන් රියකින් රැගෙන ගිය නිශාන්ත අපොන්සු නැමැත්තාගේ මළ සිරුර බොරලැස්ගමුව පන්සල අසලින් හමුවිය
2014 පෙබරවාරි
ගිහාන් පෙරේරා නැමැත්තා සන්නද්ධ කල්ලියක් විසින් සුදු වෑන් රියකින් පැහැරගෙන ගිය අතර, ඊට දින කිහිපයකට පසු, වධ දී යාන්ත්‍රික කියතකින් හිසින් වෙන් කරන ලද ඔහුගේ කඳ අත්තිඩියෙන් හමුවිය.

ඇතැම් ඇස්තමේන්තු අනුව මෙයත් සමග සුදු වෑන් වලින් අතුරුදන් කල සංඛ්‍යාව 100 ඉක්මවයි

ආසියාවේ විශාලතම මත්ද්‍රව්‍ය තොග වලින් එකක් අඩංගු බහාලුම් නිදහස් කරගැනීමේ ලිපිය අග්‍රාමාත්‍ය කාර්යාලයට අනුබද්ධ බව අනාවරණය විය

from elakiri
 

Member
komarks will become famous soon enough

This man was killing time while waiting for his plane, but he left everyone SPEECHLESS!!!

Hiru TV Ataka Nataka EP 278 Patalawilla | 2015-07-22 must watch

Tuesday, January 20, 2015

හිට්ලර්ටත් මිනිසුන් පෙම් කළහ – රංජිත් හේනායකආරච්චි








අන්තර්ජාලය තුල වෙබ්, බ්ලොග්, මුහුණු පොත් පුරා හඬා වැලපෙන උම්මත්තක කොටස් රට නිදහස් කළ, ජාතිය නිදහස් කළ, රට දියුණු කළ, අපේ රජු, අපේ අසහාය ගැලවුම්කරු, කළ ගුණ නොදන්නා ජාතිය, ගුණමකු මිනිසුන්, මහින්දගේ පරාජය හමුවේ ශෝකාලාප නගති. ඔවුනට අනුවම හම්බයින්, රට බෙදන දෙමළුන්, දෙමළ කොටි, ආදී වචන ද ඒ තුලට එක්වෙති. ඔවුන් පුන පුනා කියන්නෙ මෙය සිංහලයාගේ රට බවයි. දෙමළ, මුස්ලිම්, බර්ගර්, කතෝලික, හින්දු ආදී ජන කණ්ඩායම් සහ ලබ්ධිකයින්ද මෙම දේශයේම මිනිසුන් බව ඔවුන් තුල පිලිගැනීමක් නොමැති බව පෙන්වයි. ඔවුනට අනුව රටට ආදරය කරන ජාතියට ආදරය කරන මිනිසුන් වන්නේ මහින්දට ඡන්දය දුන් අය පමනි. අන් සියල්ලෝ රටට එරෙහි කුමන්ත්‍රණ කරුවන්ය.



අප ජීවත්වන්නේ 19 වෙනි සියවසේ අගභාගයේ 20 වැනි සියවසේ මුල් භාගයේ හෝ නොවෙති. මේ 21 වන සියවස ලෝකය ඇත්තේ ඉලෙක්ට්‍රොනික් යුගයකයි. මේ ඉලෙක්ට්‍රොනික් තුලම සැරිසරන තරුණ ලාංකිකයාගේ බරකරත්ත පසුගාමී ජාතිවාදී අදහස් දකිනවිට ඇති වන්නේ කණගාටුවකි. ඔවුන් රට ජාතිය ලෙස හඳුවන්නේ තමන්ගේ ජන කණ්ඩායම පමනි. රටේ ජීවත්වන ලොකුම ජන වර්ගයට අනෙක් කුඩා ජන කණ්ඩායම් වලට වඩා වැඩි අයිතියක් සහ බලයක් තිබිය යුතු බව සහ ඇති බව ඔවුන් විශ්වාස කරයි. ‘හම්බයන්ට දෙමළුන්ට විරුද්ධව එක්වන්න මේ සිංහලයින්ට බැරි හැටි’ මෙවැනි වදන් වලින් ඔවුන්ගේ මූණු පොත් සරසා ඇත. ඔවුනට අනුව ලොකු කණ්ඩායමට යටත්ව කුඩා කණ්ඩායම් සිටිය යුතුය. ඔවුන් තාම පිලිගන්නේ (ඉලෙක්ට්‍රොනික් මාධ්‍ය පාවිච්චි කලා වුවත්) කැලේ නීතිය මේ දේශය තුල රජකරවිය යුතු බවයි. ඔවුනට අනුව ලංකා සමාජය ක්‍රියාත්මක වියයුත්තේ ඩාවින් වාදයට අනුවයි.



විමල් වීරවංශ නැමැති තක්කඩි අපතයා ජාතිවාදය වපුරමින් කරන ප්‍රකාශයන් තුලින් පෙන්වන්නේ තම ජඩ බව වසා ගැනීමට දගලන වෙහෙසෙන ආකාරයයි. ඔහුගේ අඳෝනාව පුරාවටම ඇත්තේ රටක් ගැන‍ ජනතාවක් ගැන, ජාතියක් ගැන, ඔහුට ඇති අවබෝධයේ තරමයි. ඔහුගේ දේශපාලන කොතරම් පටු, අගතිගාමී එකක්ද යන්නයි. වෛරී ජාතිවාදී වචන වලින් ඔහු හුවා දක්වන්නේ රටේ ජනයා යනු සිංහල වැඩි කොටස බවයි. මෙම සිංහලයින්ගේ වැඩි කොටස මහින්දට බවත් එනිසා මහින්ද පැරදී නැති බවත්ය. ඔහුට අනුව රටේ ජනයා යනු සිංහලයා වේ. මුළු භූමි භාගයේ ජීවත් වන මිනිසුන් (ජනවර්ග භේදයකින් තොරව) රටේ ජනයා බව ඔහු නොදනී. ඔහු පිලිනොගනී.



මාධ්‍ය හමුවේදී ඔහු ප්‍රසිද්ධියේ යහපාලනය අවමානයට සහ උපහාසයට ලක්කරයි. ඇත්තෙන්ම පසුගිය පාලක කල්ලියට යහපාලනය, දූෂනයෙන් තොර විනිවිධ පෙනෙන බව සිනහවට කාරණාවන්ය. වංචාව, දූෂනය, ගජමිතුරු ඥාති සංග්‍රහණය, රාජ්‍ය දේපළ ගසා කෑම ඔවුනගේ දේශපාලන විය. ජනවර්ග අතර අසමගිය, වෛරය අවුළුවා ඉන් තම මඩි පුරවා ගැනීම, මුන්ගේ දිවි ක්‍රමය විය. එවැන්නවුනට යහපාලනය, නීතියේ ආධිපත්‍ය, දූෂනයෙන් තොර පාලනය, අරහන්ය. ඒවා ඔවුන් පිටු දකිති. ඒ මොවුන් තුල දැන් පැලපදියම්ව ඇති බිය නිසාවෙනි. තමාගේ දූෂනයන් එලිවීම ගැන ඇති බිය නිසාවෙනි.



71 මියගිය සොයුරන්ගේ මිණී විකුණාගෙන කමින්, 89 මියගියවුන්ගේ මලමිණී වල කරට පය තබමින් මෙම වීරවංශ නැමැති අපතයා තමා අද ඉන්නා තැනට ආ හැටි රටට දනී. තම සගයින් මැරූ හමුදාවට මානෙල් මල් පළඳවා, මේ තානාන්තර ගත්, මේ සම්පත් රැස්කර ගත් ඔහුට අජීරණය වන්නේ හෙට ඇතිවන යහපාලනයක්, නීතියේ ආධිපත්‍යයක් ඇති රටකි. ඒ තමාගේ හෙලුව එලීවීම ගැන ඇති බියයි. කොමිස් ගැනීම් තුලින් වංචාවෙන් දූෂනයෙන් රාජ්‍ය දේපළ කඩා වඩා ගත් අයුරු එලිවීම ගැන ඇතිවන බිය නිසාවෙනි. එනිසා මේ ඇති වෙමින් පවතින වෙනස නතර කර දැමීම සඳහා ඕනෑම විනාශයක්, ඕනෑම ජඩ වැඩක්, කිරීමට ඔහු සූදානම්ය. ජාතිවාදය ප්‍රචාරය කිරීම තුලින් මිනිස් සංහාරයක් ඇතිකිරීමට වුවද මොහු වැන්නවුන් පසුබට නොවේ. තම සගයින්ගේ මිනී කඳු සහ ලේ ගංඟා තම පුද්ගලික සුඛ විහරණ සහ වරප්‍රසාද සඳහා යොදා ගත් මේ අමනයා ජාතිවාදය අවුළුවා තම වරද සගවා ගැනීමට මැලි නොවේ.



මිනිසුන්ගේ හඬා වැටීම ගැන කතා කරන මොහු තම නායකයාගේ අවංක කම ගැන කතාකරයි. ‘‘මහින්ද රාජපක්ෂ පරාද වන බව දැණුනු විට ඉතා සංවේදී අයුරින්, ආදර්ශමත් අයුරින්, ගරු කටයුතු අයුරින්, ප්‍රජාතන්ත්‍රවාදයට අලුත් අගයක් එකතු කරමින් ඉවත්ව ගිය’’ බව පවසයි. මෙහි වීරවංශ තමාට කවදත් හුරු වංචාකාරී අයුරින් මෙවරද තම වචන මෙහෙයවයි. දේශපාලන නායකයෙකු පැරදුනවිට ඉවත්ව යන ගරු කටයුතු ප්‍රජාතන්ත්‍රවාදී ආකාරය වන්නේ අලුතින් පත්වූ පුද්ගලයාට අතට අතදී සුභ පතා ඉවත්ව යාමයි. නමුත් රාජපක්ෂ තවදුරටත් ආරක්ෂක වළලු සදාගනිමින් මැදමුලනට ගොස් වහාම වෛරී වදන් වැපීරීම අරඹයි. ‘උතුරින්, නැගෙනහිරින් සහ වතු දෙමළුන්ගේ ඡන්දෙන් තමයි මාව පැරදුනේ. ඒවුනාට සිංහල මිනිසුන්ගේ ඡන්දෙන් මමයි දිනුවෙ’. මේ ආකාරය ගරු කටයුතු අයුරක්වත්, ප්‍රජාතන්ත්‍රවාදී අයුරක්වත් නොව පහත්, නීච, අප්‍රසන්න ආකරයකි. එය ජාතිවාදය වපුරා රට අස්ථාවර කිරීම සඳහාවන සූදනමකි. මිනිස් ජීවිත බිලිදී බලය නැවත ලඟා කර ගැනීමට කරන මාන බැලීමකි.

වීරවංශ හෝ මහින්ද තමන් බලය අතහැර නොයා සිටීමට කළ උත්සාහයන් සහ පැවති වාතාවරණය ඔවුන්ට පිටවීයාමට සිදුවූ තත්වය ඇතිකළ බව සඳහන් නොකරයි. තමන් බලය අත්පත්කරගෙන සිටි කාලයේ මොවුන් රටේ දේපළ කඩාවඩා ගත් අයුරු රටම දනී. ඒවා වුවමනාවටත් වඩා හෙලිදරව් වී ඇති හෙයින් ඒවා පිළිබඳව එකින් එක මෙහි ලිවිය යුතු නැත. අනාගතයේදී මේ වැරදි, මේ වංචා අධිකරණයක් ඉදිරියට පැමිණවීම සිදුවිය යුතු දෙයයි.



විමල්ලා, මහින්දලා, ගෝඨාභයලා ඇතුළු මේ කල්ලිය හොරකම් නොකලායැයි කියනවානම් අප ඔවුනට අභියෝගයක් කරමු. තමන් සිටි තානාන්තරවලට ඒමට ප්‍රථම ඔවුන් සතුව තිබූ දේපළ ප්‍රමාණය සහ අද වන විට ඔවුන් සතු දේපළ සහ සම්පත් ප්‍රමාණය එලිදරව් කර තමන් එම වටිනාකම් ලද ආකාරය පෙන්වන ලෙස අපි කරන ඒ අභියෝගයයි. නුඹලාගේ තරම එවිට ලෝකය ඉදිරියේ නිරුවත් වනු ඇත.



හිට්ලර්ටත් මිනිසුන් පෙම් කළහ. ඔහු බලයේ සිටිමින් මිනිස් වර්ගයාටම නිගාදෙන මිනිස් සංහාරයන්හි යෙදෙන විටත් ඔහුට රටේ ජනයාගේ අති බහුතරය පෙම් කරනු ලැබීය. ඔහු අනුගමනය කරමින් ඔහුගේ ක්‍රියාවන්ට සහාය දෙනු ලැබීය. ඔහු අධිවේගී මාර්ග තනන විට, ආයුධ නිපදවන විට ‘අපේ රට දියුණු කරන අපේ මග පෙන්වන්නා, අපේ අසහාය නායකයා’ කියමින් ඔල්වරසන් දෙමින් ඔහුට විරුධාවලි දෙනු ලැබීය. ඔහු වෙනුවෙන් දිවිදීමට සිය ගණනින් ඉදිරිපත් වූහ. ඔහුගේ පරාදය හමුවේ දහස් ගණනින් හඬා වැටුනි. හිට්ලර්ට ලක්ෂ ගණනින් මිනිසුන් ආදරය කළා වුවත් දහස් ගණනින් ඔහු වෙනුවෙන් හඬා වැලපුනා වුවත් සිය ගණනින් දිවි පිදුවා වුවත් මෙතුලින් හිටලර් යනු මනුෂ්‍යත්වයට නිගා දෙන මිනිස් ඝාතකයෙකු බව නිෂේධ නොවේ. අපරාකරුවා අපරාධකරුවමය.



දස දහස් ගණනින් මිනිසුන් මරා දමමින්, වධකාගාරවල මැරෙන තුරු මිනිසුන් වදයට පත් කරමින් මනුෂ්‍යත්වට නිගා දෙන අපරාධකරුවෙකු වූ පිනෝචෙට් වෙනුවෙන් හඬා වැටෙන මිනිසුන් අදටද සිටිති. නමුත් පිනෝචෙට් වෙනුවෙන් මිනිසුන් හඬා වැටුන නිසා ඔහු වෙනුවෙන් මිනිසුන් දිවි දීමට ඉදිරිපත් වූ නිසා මෙම කෘර ඒකාධිපතියාගේ අපරාධයන් අහෝසි වන්නේ නැත. ඒ නිසා ඔහු හොඳ මිනිසෙකු වන්නේද නැත.

පොල්පොට් වෙනුවෙන් හෝ මාකෝස් වෙනුවෙන් දිවිදීමට ඉදිරිපත් වූ මිනිසුන් සිටියහ. ඔවුනට පෙම් කළ මිනිසුන් දහස් ගණනින් හඬා වැටුණහ. මෙසේ මුළු ඉතිහාසය පුරාවටම මෙවැනි ඒකාධිපතියන්, කෘර ෆැසිස්ට් පාලකයන්, ඒවාගේම රජවරුන් වෙනුවෙන් හඬා වැටුන සහ දිවිදුන් මිනිසුන් සිටියහ. පෙම් කරන මිනිසුන් සිටියහ. සිටිති. මිනිසුන් කොටසක් තමන්ගේ දීන බව නිසා, තමන්ගේ වන්දිභට්ට බව නිසා, තමන්ගේ ගැති බව නිසා මෙවැනි අපරාධ කරුවන් වෙනුවෙන් හඬා වැටෙති. නමුත් එයින් මෙම කෘර පාලකයින්ගේ අපරාධකරුවන්ගේ අපරාධයන්හි පිලිකුල් සහගත බව අඩු නොවේ. මේ කෘර පාලකයින්, ඒකාධිපතියන් ඉතිහාස කුණු කූඩයට වැටුනි. අවසානයේ ඔවුන්ට හිමි වන්නේ මිනිසුන්ගේ පිලිකුල පමනි.



යම්කිසි සමාජයක ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත වී නොමැත්තේ නම් එම සමාජය තුල ඕනෑම කෘර පාලකයෙකු වෙනුවෙන් පෙනී සිටින බත් බැලයින්, දීනයින් පිරිසක්ද නිර්මාණය වෙති. ස්වාධීන පුරවැසියන් නොමැති සමාජයක් ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් දක්වා ගමන් කරවීමේදී මිනිසුන් ස්වාධීනව සිතන මිනිසුන් බවට පත්වීම තුලින් පමණක් මෙම දීන බවින් මිනිසුන් නිදහස් වේ. පුරවැසියන් බිහි වන්නේ ප්‍රජාතන්ත්‍රවාදය රජයන රටකයි. ප්‍රජාතන්ත්‍රවාදය සහ පුරවැසියා එකින් එක බැඳී පවතින සාධකයන් වන අතර පුරවැසියන් කිසිම පාලකයෙකුගේ වැටීමකදී හඬා නොවැටේ.



ලද ජයග්‍රහණය, ජයග්‍රහණය වෙත මෙහෙයවමු! ජාතිවාදය පදරවමු! ප්‍රජාතන්ත්‍රවාදය දිනා ගැනීම සඳහා එක්ව ගමන්කරමු!