Pages

Wednesday, February 8, 2012

මට එහෙම චෝදනා නෑ

මට එහෙම චෝදනා නෑ

නර්තන ශිල්පිණියක ලෙස සිය කලා ජීවිතය ඇරඹි ඇය මේ වනවිට පුංචි තිරය, වේදිකාව හා රිදී තිරය ඔස්සේ රංගන ශිල්පිණියක ලෙස සිය කලා හැකියාවන් ප්‍රේක්ෂක ඔබ වෙත ඉදිරිපත් කරයි. ‍මේ දිනවල රූපවාහිනිය ඔස්සේ විකාශය වන "අමරපුරය" ඇය රංගන දායකත්වය ලබාදෙන නවතම ටෙලි නිර්මාණය වේ. එමෙන්ම සිංහල සිනමාවට එක්වුණු අලුත්ම චිත්‍රපටයක් වන "තැන්ක් යූ බර්ටි" චිත්‍රපටය සඳහාත් ඇය සම්බන්ධ වී සිටියි.

ඇය නිලන්ති ඩයස්. . .

*සම්පූර්ණ නම

බර්නඩෙත් නිලන්ති ඩයස් කරුණාරත්න

*උපන්දිනය

නොවැම්බර් 10

*ලග්නය

තුලා

*උස

අඩි 05

*පදිංචිය

තලවතුගොඩ

*
නිලන්ති, මුලින්ම අපි කතාකරමු මේ දවස්වල ඔබේ වැඩ කටයුතු ගැන?

දැයට කිරුළේ නර්තන අංග කිහිපයක් සඳහා සූදානම් වෙනවා. ඒ වෙනුවෙන් මේ දවස්වල මහන්සි වෙනවා. පහුගිය දවස්වල රිදී රැයක් ප්‍රසංගයට සහභාගි වුණා. නර්තන ප්‍රසංග කිහිපයකටත් සහභාගි වුණා. "අමරපුරය" ටෙලි නාට්‍යයෙන් පස්සේ මගේ හිතට වදින නිර්මාණයක් ලැබුණේ නෑ. මෙගා ටෙලි නාට්‍ය සඳහා නම් ගොඩක් ආරාධනා ලැබෙනවා. ඒ වෙනුවෙන් ලොකු කැපවීමක් කරල වැඩකරන්න ඕනේ. ඒ නිසා ගොඩක් වෙලාවට මෙගා ටෙලි නාට්‍ය මම භාරගත්තේ නෑ. නිර්මාණ භාරගනිද්දි ගොඩක් කාර්යයබහුල වෙන්න කැමති නෑ. මම විවාහවෙලත් වැඩි කාලයක් නෑ. ඒ නිසා මගේ සැමියා සමගත් වැඩි කාලයක් ගතකරන්න ඕන.

*විවාහයෙන් පස්සේ ඔබ කලා කටයුතුවලට දක්වන දායකත්වය තරමක් අඩුවුණු බවක් පේන්න තියෙනවා?

විවාහ වුණාට පස්සේ කවුරුත් කැමතියි ටිකක් නිදහසේ ඉන්න. වැඩි කාලයක් ගතවෙන නිර්මාණ මම භාරගන්තේ නෑ. ගොඩක් වෙලාවට කලාකරුවන් එකතුවෙලා කරන ප්‍රසංග තමයි භාරගත්තේ. චිත්‍රපටි භාරගත්තෙත් දින කිහිපයකින් රූගත කිරීම අවසන් වන නිර්මාණ පමණයි.

*
කොහොමද මේ දවස්වල නර්තන කටයුතු සිද්ධවෙන්නේ?

මට නර්තන කණ්ඩායමක් තියෙනවා. ඔවුන් තරමක් කාර්යයබහුල ළමයි. මම ඔවුන් එකතු කරගෙන පුහුණුවීම් කරලා අවශ්‍ය වෙලාවට ප්‍රසංගයකට ආරාධනා ලැබුණම ඒ සඳහා ඉදිරිපත් වෙනවා. ගොඩක් වෙලාවට මම කැමතියි හොඳ ප්‍රසංගයක් සඳහා ආරාධනා ලැබුණම මම හෝ තවත් සහයකයෙක් සමග නර්තනයන් ඉදිරිපත් කරන්න.

*ඇත්තද ඔබ ප්‍රසංග සඳහා ඉහළ මුදලක් අයකරනවා කියන්නේ?

මම හිතනවා මම අයකරන්නේ මට සරිලන, මගේ දක්ෂතාවයට වටිනාකමක් ලැබෙන සාධාරණ මිලක් කියලා.  නමුත් පුණ්‍ය කටයුතු, සුබ සාධන කටයුතු වෙනුවෙන් කරන ප්‍රසංග සඳහා නොමිලේ දායකවෙන අවස්ථාත් තියෙනවා. ඉතින් සහයෝගය දිය යුතු තැනට සහයෝගය ලබාදෙනවා. මට, මගේ නිර්මාණයට සරිලන මිලක් මම අයකරනවා.   

*
ප්‍රසංග වේදිකාවේ නර්තනයන් ඉදිරිපත් කරන ශිල්පිණියන්ට එල්ල වන චෝදනාවක් තමයි ඔවුන්ගේ නර්තන නිර්මාණ බොහෝදුරට ගීතයේ තේමාවට අදාළ නොවන, නරඹන්නන් තුළ ශෲංගාර රසය ඇතිකරවන අරමුණින් නිර්මාණ වූ ඒවා බව. ඔවුන්ගේ ඇඳුම් නිර්මාණ සම්බන්ධවත් බොහෝ චෝදනා එල්ලවෙනවා. මේ ගැන ඔබේ අදහස් මොකක්ද?

අපි නර්තන නිර්මාණයක් සිදුකළ යුත්තේ ගීතයට ගැළපෙන විදිහටයි. ගීතයට ගැළපෙන විදිහටයි ඇඳුම් නිර්මාණත් සිදුකළ යුත්තෙත්. නර්තන ශිල්පියෙකුට අවශ්‍ය වෙන්නේ නෑ අනවශ්‍ය විදිහට සිය අඟපසඟ දක්වමින් නර්තනයේ යෙදෙන්න. දැන් ඉස්සර වගේ නෙමෙයි ගොඩක් නර්තන කණ්ඩායම් තියෙනවා. ඒ අතරින් හොඳ නිර්මාණ ඉදිරිපත් කරන ශිල්පීන්ටත් ඔය චෝදනාව එල්ල වෙන්න පුළුවන්.
 
*ඔබ වැඩිපුරම තෘප්තිමත් වෙන්නේ රංගනයෙන්ද? නර්තනයෙන්ද?

නර්තනයෙන්.

*ප්‍රසංග සඳහා සහභාගි වීමේ දී කටුක අත්දැකීම්වලට මුහුණදෙන්න සිද්ධවුණු අවස්ථා ගැන මතක්කළොත්?

ඇතැම් අවස්ථාවලදී නර්තන කණ්ඩායමේ ශිල්පිණියක් කිසියම් ප්‍රසංගයක් සඳහා සහභාගි ‍වන බවට ‍පොරොන්දු වෙලා හදිසියේම සහභාගි වෙන්න බැරි බව දැනුම් දුන්නොත් ලොකු ගැටලුවකට මුහුණ දෙනවා. එවැනි අවස්ථාවලට නිතර මුහුණදෙන්න සිද්ධවෙලා තියෙනවා.

*ඒ අතරෙම මුහුණ දීපු අමතක නොවන අත්දැකීම් ගැන කතාකළොත්?

සමහර අවස්ථාවලදී අපි අඩි උස පාවහන් පැළඳගෙන නර්තනයේ යෙදෙද්දි වේදිකාව ලිස්සන අවස්ථා තියෙනවා. ඒ වෙලාවට ඉතින් සහයක ශිල්පිණියත් එක්ක කතාකරනවා ඒ ගැන. නමුත් ඒක නරඹන ප්‍රේක්ෂකයින්ට තේරෙන්නේ නෑ. අනිවාර්යයෙන්ම ඒකටත් දක්ෂ වෙන්න ඕනේ. එහෙම වෙලාවට බොහොම අපහසුවෙන් නර්තනයේ යෙදුණු අවස්ථා තියෙනවා. තවත් සමහර අවස්ථාවලදී නර්තනයේ යෙදෙන අතරේ ඇඳුම් මාරුකරන්න තියෙන අවස්ථා තිබෙනවා. ඒ වගේ වෙලාවල්වලදී ඉක්මනින් ඇඳුම් මාරුකරන්න බැරිවුණාම ඇඳුම් ඉරලා ඉවත්කරන්න සිද්ධවුණු අවස්ථාත් තියෙනවා.   
 
*ඔබ පුංචි තිරයට වඩා රිදී තිරයේ නිර්මාණ සඳහා වැඩි දායකත්වයක් ලබාදෙන්නේ ඇයි?

මම මුලින්ම රංගනයට පිවිසෙන්නෙත් රිදී තිරය තුළිනුයි. එතැන් සිට මට එකදිගටම ලැබුණේ චිත්‍රපටි. මට පුංචි තිරයෙන් ආරාධනා ලැබෙනවා අඩුයි.

*ඒ අතරිනුත් ඔබ වැඩි දායකත්වයක් ලබා දී තිබෙන්නේ වාණිජ සිනමා නිර්මාණවලට නේද?

මට ගොඩක් වෙලාවට ලැබිලා තියෙන්නේ වාණිජ නිර්මාණ. ඉතාමත් ස්වල්පයයි සම්භාව්‍ය ගණයේ නිර්මාණ ලැබිලා තියෙන්නේ. නමුත් මම වාණිජ නිර්මාණවලට කැමතියි. මම ගොඩක් හිනාවෙන්න කැමති කෙනෙක්. ටෙනී අයියා, බන්දු අයියා වගේ ශිල්පීන් එක්ක විනෝදෙන් වැඩ කරද්දි කාලය ගතවෙනවා දැනෙන්නේ නෑ. මට එකදිගටම ලැබුණෙත් එවැනි නිර්මාණ. නමුත් වෙනස් නිර්මාණවලට දායකවෙන්නත් කැමතියි.

*නර්තනය තුළින් කලාවට පිවිසුණු ඔබ ඒ ඔස්සේ රංගනයටත් සම්බන්ධ වුණා. ඉදිරියේ දී ගායන ක්ෂේත්‍රයට එහෙම සම්බන්ධ වෙන්න අදහසක් නැද්ද?

 එහෙම නම් නැහැ. රූපවාහිනී වැඩසටහන්වලදී ගීත ගායනා කරනවා අවශ්‍යතාවය අනුව.

*නිලන්ති, ඉතින් අපි ඔබේ ආදරණීය සැමියා ගැනත් මේ වෙලාවේ මතක්කරමු?

ඔහු විජේසිංහගේ නිරෝෂන් ක්‍රිෂාන්ත ෆොන්සේකා.

*ඒ වගේම ඔබේ ආදර කතාව ගැන දැනගන්නත් ඔබට ආදරය කරන රසික රසිකාවියන් කැමතිවේවි?

මගේ සැමියා හිටියේ ජපානයේ. ඔහු වසර 10 ක් ඒ රටේ සේවය කළා. ඔහුගේ ගම කුරුණෑගල. මම කුරුණෑගල ගිය අවස්ථාවක මගේ සැමියාගේ වගේම මගෙත් මිතුරකු වුණු කෙනෙක් මාර්ගයෙන් තමයි අපි හඳුනගත්තේ. මුලින්ම ඔහු කතාකළෙත් මගේ අම්මා එක්ක. ඔහු නැවත ජපානයට ගිහින් අපිට දුරකථන ඇමතුමක් දුන්නා. ඊටපස්සේ ඔහු දිගටම කතාකළා. ඒ විදිහට තමයි යාළුකම ඇතිවුණේ.   

*කොහොමද ඔබ ඔබේ සැමියාගේ ව්‍යාපාරික කටයුතුවලට සහයෝගය ලබාදෙන්නේ?

ඔහු රථවාහන ව්‍යාපාරයක් තමයි කරන්නේ. ජපානයෙන් වාහන ගෙන්වලා ‍අලෙවි කරනවා. මම ඉතින් පුළුවන් විදිහට ඒ වැඩවලටත් උදව් වෙනවා. ඉස්සර මම වාහන සම්බන්ධව කිසිම දෙයක් දැනගෙන හිටියේ නෑ. දැන් නම් ගොඩක්දුරට දන්නවා. මොකද මට නිතරම ඇහෙන්නේ ඒ ගැන නිසා.

*ඇත්තද නිලන්ති, ඔබ තරමක් ආඩම්බරයි කියන්නේ?

නෑ, මම හිතන්නේ නෑ. මට එහෙම චෝදනා ලැබිලා නෑ. මට ප්‍රේක්ෂකයෝ හම්බුණාම මම කතාබහ කරනවා. මට වැඩිය මගේ සැමියා ඔවුන් සමග කතාබහ කරනවා. ඔහු කලා ක්ෂේත්‍රයට බොහොම ආදරය කරන කෙනෙක්. මම හිතන්නේ නෑ මම ආඩම්බරයි කියලා කවුරුවත් මට චෝදනා කරයි කියලා.

*නිලන්ති, පොතපත කියවන්න එහෙම බොහොම අකමැති කෙනෙක්ලු නේද?

ඇත්ත, මම පොත් කියවන්න ඒ තරම් කැමැත්තක් නෑ. කියවීම අතඇරලා ඉන්නේ. මගේ සැමියා ඉරිඳට හැම පුවත්පතක්ම මිලදීගන්නවා. මගේ ලිපියක් පළවුණත් මම ඔහුටයි කියන්නේ ඒක කියවන්න කියලා. පාසල් යන කාලේ අවශ්‍ය නිසා පාඩම් වැඩ කටයුතු කළා. දැන් නම් පොත් කියවන්න කම්මැලියි. මගේ සැමියාත් නිතරම මට කියනවා කියවන්න කියලා. මම දැන් ටිකක් විතර පත්තර නම් කියවනවා. නමුත් මම කිසියම් නිර්මාණයක් භාරගනිද්දි තිර පිටපත නම් බොහොම උනන්දුවෙන් කියවනවා.

*කොහොමද නිලන්ති ඔබේ දවස සැලසුම් කරගෙන තියෙන්නේ?

සැමියා වෙනුවෙන් ඉටුවිය යුතු වැඩ කටයුතු මගේ අතින්ම ඉෂ්ට කරන්න මම කැමතියි. ඔහුගේ වැඩ කටයුතු වෙනත් කෙනෙකු අතින් ඉටුවනවාට මම කොහෙත්ම කැමති නෑ. අපේ ගෙදර සේවිකාවක්වත් නෑ. මම තමයි සියලුම වැඩ කටයුතු කරන්නේ. නමුත් උදේට මාව අවදිකරන්නේ මගේ සැමියා. ඔහු මට කලින් අවදිවෙනවා. අවදිවුණු වෙලාවේ ඉඳන් දවසේ ගෙදර වැඩ කටයුතු මගේ අතින් තමයි ඉෂ්ටවෙන්නේ. 
 
*කලා ක්ෂේත්‍රයට සම්බන්ධ නොවුණා නම් ඔබේ ජීවිතය මොනවගේ පැත්තකට යොමුවෙයිද?

මම රූපලාවන්‍ය ක්ෂේත්‍රයට යොමුවෙයි. දැනට එහෙම සූදානමක් නෑ. නමුත් මම ඒ ක්ෂේත්‍රයට කැමැත්තක් දක්වනවා. පාසල් ඉවත්වුණාට පස්සේ මම රූපලාවන්‍ය ගැන හැදෑරීමක් කළා.

*ඔබේ පුංචි කැදැල්ලට අලුත් සාමාජිකයෙක් එහෙම එකතු කරගන්න අදහසක් නැද්ද?

ඉදිරියේ දී අනිවාර්යයෙන්ම බලාපොරොත්තු වෙන්න කියලා මම කියනවා. දැනට මතු සම්බන්ධයි.

HARD TALK

*දේශපාලනයට සම්බන්ධ වෙන්න අවස්ථාවක් ලැබුණොත් භාරගන්නවද?

නැහැ.

*
ඔබේ විවාහය ඔබේ ප්‍රථම ප්‍රේමයේ ප්‍රතිඵලයක්ද?

නැහැ.

*ආදරය කරන යුවලක් අනිවාරයයෙන්ම විවාහ විය යුතු බව ඔබ සිතනවාද?

ඔව්.

*
කවදා හෝ ක්ෂේත්‍රයේ කෙනෙක්ගෙන් ඔබට ආදර යෝජනාවක් ලැබිලා තියෙනවද?

නැහැ.

*
ඔබ ආදරය කළ කෙනෙකුගෙන් ඔබට අවසන්වරට ලැබුණු තෑග්ග?
විවාහය.

*ඔබ ආදරය කළ අයෙකු, ඔහුත් ඔබට ආදරය කළ බව සිතපු නමුත් පසුව එම ආදර බලාපොරොත්තුව බිඳවැටුණු අවස්ථාවක් තියෙනවද?

නැහැ.

Tuesday, January 31, 2012

Mervyn Silva with Balumgala

පූජාගේ හිත ලංකාවෙ කෙනෙකුට ලු !


- පසුගිය 26 වැනිදා සිට ඊ.ඒ.පී. සිනමා මණ්ඩලයේ ප‍්‍රදර්ශනය ආරම්භ කල මහාචාර්ය සුනිල් ආරියරත්නගේ ‘කුස පබා’ සිනමා සිත්තමේ ප‍්‍රධාන නිළියගේ භූමිකාවට පණ පොවන ඉන්දීය නිළි පූජා උමා ශංකර් ලාංකිකයෙකු හා විවාහවීමට වැඩි මනාපයක් ඇතැයි කියන්නීය.
ශී‍්‍ර ලංකාවෙන් ද ඇයට යෝජනාවක් ඉදිරිපත්වී ඇති බව ඇය පවසන්නීය.

පිටරට ව්‍යාපාරිකයන් බොහෝදෙනෙකු ඇයගෙන් බහ ඉල්ලා ඇති බවද පවසන පූජා තමා නළුවෙකු හා විවාහ නොවන බවද ශපථ කර සිටී.

‘කුසා පබා’ තමාගේ අවසන් චිත‍්‍රපටය ලෙස පැවසීම අපරාදයක් යැයි දැන් සිතෙන බවද පවසන පූජා තමා එසේ ප‍්‍රකාශ කළේ අප්පාට (තාත්තා) මේ වසරේ විවාහ වන ලෙස කියා ඇති බැවින් බවද ඇය හෙළි කළාය.

පසුගිය කාලයේ සෙනසුරු මාරුවෙන් පසුව ඒරාෂ්ඨක සියල්ල ඉවත්වී ඇත් බවත්, මේ වසරේ මැයි මාසයේදී තමාට මංගල යෝගයක් ඇතැයිපූජා පවසන්නීය.

තමා ලංකාවෙන් යන්නේ රේණුකා අක්කා (රේණුකා බාලසූරිය) ලංකාවෙන් යන්න කියූ විට බවද පූජා පවසන්නීය.
13 Hq photos of Pooja Umashankar
13 Hq photos of Pooja Umashankar
13 Hq photos of Pooja Umashankar
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgZABS24E4t-hmT5fx0z2pku8iyPLkIy3peIuL2v_IFUUn6PoeGZsMSW_3N_uRP68Lfr9zvN8csPFOaIuAX7xowRSdtbHlQPxa5NPPLYpkqLZHH11Yisd4iz6xg7qOUyW-qF5UTM3ZNvAo/s1600/Pooja1.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiAocx02xPn6kYftXmTbq5kjWVzoS1zfriSiNm6Cd7tvEfrtkHrbvKf28H9K84LjbzxOkMqos47Hd8yVGxZaS_QvV9qD_zpNbEQmWYS8x1DZlCrAAa5exCbBL3AJCNjyIzyIdct4L-Gk3Q/s1600/pooja-umashankar-076.jpg
13 Hq photos of Pooja Umashankar
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhNbWKs7s5hDDFJXQuuL8BT0H9u9iRlmNPSI6fFEY7XrpjcWKHflOOwfln9k1l45P4M9dyaqJsG5CTVJNJuIpat0Ivs2Mhwxpxs4YBr87a4HgH7poOakNyUtBUasL79_R4UAd4pCTYC7JI/s1600/pooja-umashankar-079.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjAiG6Aom1rXZEGecf7lPD0QopUeLtNq2_q8lvUlTr89kJGPOdoW3k9YUuSry3pbJbDm8o4czMMxnN2a44qWRaH2ptrcdT3bx1MY85c5ypR76AI_fyEJh_ALZH7Nfi5z2VqBiF3h-pLSwA/s1600/pooja-umashankar-083.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjwLYfRE21wDLt-echMZtF2yQz4nkkivzK-9ODuqvj8aQT1v1tWz50_GExoLHLqkCE8R3onGAZKDaEccGMcDNbPnlf8x5OvG0hYoqQNYRkQlcgp4-HTuaDvhVeynNS_gy_1MYcoe1XkCcI/s1600/pooja-umashankar-085.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgTDu2J84S9IME-oP6q-c5x7DDa2t8HIgrEJ5A-QGJC5lzbJKZyEdHZhD8ujkB9XL1UJ-MAXgWCTdTk73p9wH-qkCcQ8qMwTdTarNuKQPAMcY2fV6zSg6I_jXOg6QUxYAqySNfJWPg7P1M/s1600/pooja-umashankar-089.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhtxqfWmNwBk_GRwAF3CXSzEq5K6rQNmUNoMMpX4fTd4VuPaamEi0yBjcKfsGbo-IxkCAYiB28xFPxa6uzThUpkKQGrNI5NWTntu5kEfk4Ti1vwtLM8E2bdCFgB7GmSoICpQa19HI2MXXU/s1600/pooja-umashankar-091.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEh_YYEYQ0K2kRXDp7UcXkQ0S5zAi1hSgL3Pd6O9vmwhk5cGRyBEzYnQCNfAcTmsp-rz1UHEa_0uZUN94hehe1SksFhzYQunTrtq3R4cZAGnal5MRssDSQAz4hHCRWTyaT8btlRj8XO6rJQ/s1600/pooja-umashankar-096.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjiJCJ9UVxM5uiG8tGhPsIivvuhmZ0YhOmec3EBh-xJzEg2kAlZP_s6Uf1ip_k7PmkZGCvpDyP-wjjw7rukNFviavrpfwyZlSXpGOkedtvXVuBeqtR7rRnP23IuYABTuXXMiQCXsn0SuX4/s1600/pooja-umashankar-097.jpghttps://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhtyE-ZXXymQWDv0NvGUaGsAouQNr5HqWxvW4RpiLHtQynNbyHizMFaQV41v_yWwiWBG_xNDqrL0HpjLw_vuhV7SdEct5UzJDaDJwzqtx-YMpzAe2NRbukvKq1ll6jd4h1K4ZR7S3CGoAY/s1600/pooja-umashankar-100.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgyR6FX_sd8OC7nb20h-mrbaVo7r3sHdK7XUwZZBVjGOzcCniA5i5UD9xj_5TU_Wvrbg8rtwY_GYNJNejMe71ctpaazFk8ZPgst3rZmtWQao0vX8nd5fBsWwy0zrn7s6gc7UeHpRZy0lk0/s1600/Pooja+Umashankar+14.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhpKMyEpAUNeDXW1LVkIA-vOMsbRA7bCOyakGaLrNe88RJ0C_9GpsZthsa1cg1UJVARnyZt7LqIXHhm4op_eFctwk_uuH9yjsm-xNfoZYkDt2DBmVeuh_AjiejyHup032meQg6OJ1Lh_dY/s1600/Pooja+Umashankar+07.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiQsXUnoO3wZt4fGHx7UvZF5rpXOjOA35I3-YnW-ny01Jy5zgbQ2cIA_ZQgHdGrflHE5XGy_iyHPYstofiE3rCvqRxwFuUk7zzagtwqIxLrQCldY-aACkaZK25RSRPASQOVIgSz83kpm4E/s1600/3.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiTywAsfa34PrZY8BAeetICFLEUIQB82WDw1cGVOTQ6o7hq7jtjrva1AR2hMDSqmxvvJNqJC9yax0DGRxXKUZq1EQrLDawVgZx5hAazzGHQHCQhXJUQmbWRsHY-1W10LgXXMRwwqGOH3a0/s1600/Pooja+Umashankar+04.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgWuI3eK6LPwd1pfu7_eEevTMiO16gbRxZovnvtyg9cdKJV_y0zbvS43hhiugt-OSsWC_LIHjjs5oSb-g_0tq4gsD7QFJdYHVJv0qwK2kw1D4tQR8U1OqtHK1ykSC3rMPLmoPOwmKE14mE/s1600/5.jpg

Friday, January 27, 2012

නතාෂාගේ හිත පි‍්‍රහාන් ළඟ ද?



- යොවුන් ගායිකාවක්, නිළියක් හා නිවේදිකාවක් වන නතාෂා පෙරේරා හා යොවුන් ගායකයෙක් වන පි‍්‍රහාන් මාඩප්පුලි අතර පුංචි ඇයි හොඳැයික් ඇතැයි ‘ශී‍්‍ර ලංකා මිරර්’ වෙත වාර්තා වේ.
මේ ඇයි හොඳැයිය තරමක් දුරදිග ගිය එකක් බවද පැවසෙන අතර 2011 වසරට සමුදෙන්නට ඔවුන් රාජගිරියේ ප‍්‍රසිද්ධ අවන් හලක කෝපි කෝප්පයක් තොල ගාමින් පේ‍්‍රමණීය කතාබහක යෙදී සිට අතැයිපැවසේ.

කෙසේවුවද මේ ඇයි හොඳැයිය සම්බන්ධයෙන් කරුණු කාරනා මෙතෙක් හෙළි නොවීමට ප‍්‍රධාන කාරනාව වී ඇත්තේ නතාෂා යන හැම තැනකම ඇගේ මිත්තණිය ද යාම නිසා යැයිවාර්තා වේ.

මේ අතර මීට පෙරද පි‍්‍රහාන් හා නතාෂා අනවසරයෙන් සාදය කට සම්බන්ධවීමේ පුවතක්ද වර්තා විය.

අවස්ථාවටද නතාෂාගේ මිත්තනිය සහභාගිවී සිටි බවද වාර්තා වී තිබිණි.

ළමා ගායිකාවක් ලෙස ‘සුළඟක් වී’ ගීතයෙන් ජනාදරයට පත් නතාෂා, සුළං කුරුල්ලනේ නමින් ගීත එකතුවක්එළිදැක්වූවා ය.

ඉන්දියානු භාත්ඛණ්ඩ සංගීත විභාය සඳහා ද 2010 වසරේදී පෙනී සිටි නතාෂා ආනන්ද රාජපක්ෂ මහතා යටතේ සංගීතය හදාරා සංගීත විශාරද විභාගය සඳහාපෙනී සිට ඇත.

දැනට වසර හයකට පෙර නතාෂා අපේ පුංචි දරුවන් අතර වැඩි ජනප‍්‍රියත්වයක් දිනාගත්තේ ‘දඟමල්ල’ ටෙලි නාට්‍යයේ දඟකාර එළිසෙබෙත් ගේ චරිතය රඟපෑමෙනි.

පි‍්‍රහාන් ‘යායට පායනා පෝදා සඳ’ ගීතය හරහා ගායකයෙකු ලෙස ජනපි‍්‍රයවූ අයෙකි.

එසේම කැළුම් ශී‍්‍රමාල් විසින් රචිත වැව් තාවුල්ලේ ගීතය ඔහුගේ මෑතකදී ජනපි‍්‍රයවූ ගීතය ලෙස සැලකේ.