Pages

Thursday, July 30, 2009

ජනප්‍රිය ගායිකා නිරෝෂා විරාජිනී යුග දිවියට
Derana´s Yasantha & Nirosha Virajini - The suprise wedding of the year....


ශ්‍රී ලාංකික රසික රසිකාවියන් මවිතයට පත් කරමින් ජනප්‍රිය ගායිකා නිරොෂා විරජිණී යුග දිවියට පිවිසේ. ඇගේ අත ගත් මනාලයා වන්නේ දෙරණ රූපවහිණී නලිකාවේ යසන්ත ය. නිරෝෂාගේ මංගල උත්සවය ඊයේ 29 කොලඹ ගලදාරී හෝටලයේ දී පැවැත් විය.

Our heartiest congratulations to Nirosha & Yasantha. The two love birds tied the knot today (Wednesday 29th July) at the Galadari Hotel. Nirosha Virajini, regarded as one of the best female singers that Sri Lanka has ever produced and also one of the judges in Derana Dream Star reality show wed Yasantha Nimalatheja, one of the very first employees of TV Derana and regarded as one of the most committed men in the business. The wedding was graced by a number of celebrities and well-wishers. Nirosha (full name - Nirosha Lalithya De Silva), paid tribute to her Kandyan roots and wore a Kandyan saree and looked absolutely stunning.

Yasantha & Nirosha...we wish you the very best and may you both have a fantastic wedded life

Wednesday, July 29, 2009

ලංකාවේ අස්භ්‍ය චිත්‍රපට වල කාලය හොඳ නෑ
Ban of Blue Films in Sri Lanka

සංස්කෘතික ඇමති මහින්ද යාපා පවසන ආකාරයට "වැඩිහිටියන්ට පමණයි" ලේබලය යටතේ පෙන්වන චිත්‍රපට ඉදිරියෙදී තහනම් කෙරේ. සියළු වෙළඳ දැන්වීම් සඳහා රැඟුම් පලක මණ්ඩලයේ අනුමැතිය ලබාගැනීම අත්‍යවශ්‍ය වේ. ඊට අමතරව අසභ්‍ය පොත් පත් ද සපුරා තහනම් කෙරේ.

Monday, July 27, 2009

Michael Jackson's comeback
ජැක්සන්ගේ ‘ප්‍රතිගමනය’



සුපිරි පොප් ගායක මයිකල් ජැක්සන් “THIS IS IT” ප්‍රසංගය වෙනුවෙන් සිදු කළ අවසන් පුහුණුවීම් අලලා සැකසුනු චිත්‍රපටයක් නිෂ්පාදනය කර ඇති අතර එය එ‍ළඹෙන ඔක්තෝබර් මස 31වනදා එළිදැක්වීමට නියමිතව තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කරනුයේ Sony Pictures ආයතනය විසින් ඇමෙරිකානු ඩොලර් මිලියන 60ක වියදමින් මෙය නිපදවා ඇති බවයි.
“THIS IS IT” ප්‍රසංගය වෙනුවෙන් ජැක්සන් පුහුණුවේ යෙදෙන මෙතෙක් ප්‍රසිද්ධියට පත් නොකළ පැය 80වක කාලයක් පුරා ධාවනය වූ දර්ශන මගින් මෙම චිත්‍රපටය සඳහා වූ දර්ශන තෝරාගෙන තිබේ.

මෙම නව චිත්‍රපටය මීට පෙර තීරණය කර ඇත්තේ ඔක්තෝබර් 30වනදා නිකුත් කිරීමට වුවද පසුව එය ඔක්තෝබර් 31වනදා දක්වා දිනකින් පසුවට දැමීමට තීරණය වී ඇත. විශේෂයෙන්ම මෙම ඔක්තෝබර් 31වනදා ‘හැලොවීන් දිනය’ අමෙරිකාවේ බොහෝමයක් ප්‍රදේශවල ජනතාව වාර්ෂික චාරිත්‍රානුකූල උත්සවයක් ලෙස සමරනු ලබති. භූත ආත්මයන්, අවතාර මෙන්ම මෙලොවින් එපිට සිද්ධීන් මුල් කර ගනිමින් මෙම ජන උත්සවය ඇමෙරිකානු වැසියන් පවත්වනු ලබති.

කෙසේ වෙතත් මීට සති කිහිපයකට පෙර විදෙස් මාධ්‍යයන් අනාවරණය කර සිටියේ මයිකල් ජැක්සන්ගේ අවසන් පෙර පුහුණුවීම් දැක්වෙන වීඩියෝ පට සඳහා හිමිකම් කියනු ලබන AGE live සමාගම විසින් ඇතැම් දර්ශන හොලිවුඩ් චිත්‍රාගාරයට භාරදීමක් සිදු කර ඇති බවයි.
කෙසේ වෙතත් ජනතාව මෙතෙක් දැක ඇත්තේ AGE live සමාගම සතුව තිබෙන ජැක්සන්ගේ පුහුණුවීම් කටයුතු දැක්වෙන දර්ශන වලින් ඉතා සුළු කොටසක් පමණි.

පසුගිය ජුලි 02වනදා නිකුත් වුණු මෙවැනි වීඩියෝ පටයකින් දක්නට ලැබුණේ ලොස්ඇන්ජලීස්හි ස්ටේපල්ස් කේන්ද්‍රයේ දී ජැක්සන් මිය යෑමට දින දෙකකට පෙර “THIS IS IT” ප්‍රසංගය වෙනුවෙන් කළ පුහුණු වීමකි. එහිදී මෙම සුපිරි පොප් තරුව ඉතා නිරෝගීව සිටි බව දැක්වූ සාක්ෂියක් ද එම වීඩියෝ පටය මගින් කියා පෑවේය.

එමෙන්ම මයිකල් ජැක්සන්ගේ හිතවතුන් ප්‍රකාශ කර ඇත්තේ පනස් වියෙහි පසුවුනු මෙම සුපිරි ගායකයා මිය යෑමට පෙර දිනයේ දීද මෙවැනි පෙර පුහුණුවීමක් සඳහා යොමු වුණු බවත් එහි දී ඔහු ඉතා නිරෝගි සෞඛ්‍යයකින් පසුවුණු බවත්ය.
(කොළඹ, ලංකාපුවත්, ජුලි 27)
Sri Lanka News portal of News, Sports, Cricket, Hindi Cinema, UK, World News, Cinema, Music, Movies, Arts, Auto, Jobs and many more….

Saturday, July 25, 2009

ශ්‍රී ලංකාවේ අසභ්‍ය වෙබ් අඩවි 12 ක් තහනම්

ශ්‍රී ලංකාවේ අසභ්‍ය වෙබ් අඩවි 12 ක් තහනම් කිරීමට කටයුතු කෙරේ. මෙම වෙබ් අඩවි බොහොමයක් ළමයින් සහ කාන්තාවන් ගේ පින්තූර යොදාගනිමින් ශ්‍රී ලංකාවේ සංස්කෘතිය විකෘති වන අයුරින් කටයුතු කරන ලද ඒවාය. මෙම වෙබ් අඩවි වල පලවූ පින්තූර බොහොමයක් ජන්ගම දුරකතන භාවිතයෙන් සහ වෙනත් එවැනි උපකරන භාවිතයෙන්, එම පින්තූර වල සිටින පුද්ගයින්ගෙ පුද්ගලිකත්වයට හානි වන අයුරිඅන් ලබාගත් එවාය. මේ වන විට මෙවැනි අපරාධ මැඩලීමට අවශ්‍ය කටයුතු කිරීමට රජය පියවර ගෙන ඇත.

Friday, July 24, 2009

නූතන සංගීත රැල්ලේ විප්ලවවාදියාගේ ආගමනය !


උපුටා ගැනීම - දිවයින


රූකාන්ත-චන්ද්‍රලේඛා දියණියන් දෙදෙනා සමග


සංගීතා වීරරත්න, ෂෙරින් කුමාරතුංග, සුධර්මා නෙත්තිකුමාර යන තිදෙනා
විසින් පවත්වාගෙන යනු ලබන එස්‌ ත්‍රී ආයතනය විසින්
රූකාන්ත චන්ද්‍රලේඛා ලයිව් ඇට්‌ ස්‌ටේඩියම් ප්‍රසංගය සංවිධානය කර ඇත.
ලබන 14 වැනිදා පස්‌වරු 7.00 ට කොළඹ සුගතදාස ගෘහස්‌ත ක්‍රීඩාංගණයේදී
මන්චි අනුග්‍රහයෙන් පවත්වන මේ ප්‍රසංගය දැක බලා ගැනීමේ අවස්‌ථාව
මෙරට ප්‍රේක්‍ෂකයන්ට උදාවෙයි.

වසර හතරක්‌ ගත විය..... මේ කාල පරාසය තුළ අප රට හැර ගොස්‌ සිටි අපේ සංගීතයේ අද්විතීයයන් දෙදෙනකුගේ පුනරාගමනය ගැන දැනුම් දෙන්නේ ප්‍රීති ප්‍රමෝදයෙන් යුතුවය.

ඇය අසූව දශකය මුලදී අපේ ගීත කෙතට නැවුම් හඬක්‌ එක්‌කළ යොවුන් ගායිකාව වූවාය. ඔහුට ඒ දශකයේම මැද භාගයේදී හෙළ සංගීත ආර වෙනස්‌ කළ විපර්යාසකරුවා බවට පත් වූවේය.

ඇය ඔහුට කීවේ රූ ඡායා කියාය. ඔහු ඇයට කීවේ සඳලේඛා කියාය. ඇය ඔවුන් දෙදෙනාටම කීවේ රූකාන්ත සහ චන්ද්‍රලේඛා කියාය.

රූකාන්ත - චන්ද්‍රලේඛා යුවළ දරු දෙදෙනාද සමගින් යළි ශ්‍රී ලංකාවට ඇවිත්..." යන පුවත ඇසෙද්දී ඔහුගේත් ඇයගේත් හඬට ඇළුම් කරන්නෝ ප්‍රීතිමත් වෙති.... මේ දෙපළ ලංකාවට ආවේ සංගීත ප්‍රසංගයක්‌ පැවැත්වීමට බව දැනගත් විට තව තවත් ප්‍රීතිවෙති.

ඉතින්.. රූකාන්ත හා චන්ද්‍රලේඛා සංගීත ක්‍ෂේත්‍රයට පිවිසි ආකාරය ගැන නොදන්නෝ නොවෙතියි සිතමි. ජාතික තරුණසේවා සභාවේ සිටිමින් 1981 දී ගායන ගීයෙන් ක්‍ෂේත්‍රයට ආ චන්ද්‍රලේඛා පසුව යොවුන් සිත් වසඟ කරගත් ගායිකාවක මෙන්ම නිළියකද වූවාය.

නීලා වික්‍රමසිංහ ප්‍රවීණ ශීල්පිනිය සමඟ "මිදුලේ අතන නංගෝ" ගීය ගයමින්. අසූව මැද භාගයේ ක්‍ෂේත්‍රයට පිවිසි රූකාන්ත ද එතෙක්‌ පැවැති ගීත කලාව විප්ලවීය වෙනසකට වෙනත් මඟකට යොමු කළේය. පසුගිය කාලයේ මෙරට නොසිටියද ඔවුන්ගේම හඬින් මෙන්ම නවකයන්ගේ හඬින්ද අපට රූකාන්ත චන්ද්‍රලේඛා යුවළගේ ගී රස විඳීමේ ආසාව උදාවිය.

දේශපාලනය..... රූකාන්ත සහ චන්ද්‍රලේඛා යුවළට බොහෝ දේ අහිමි කළේය. කලාකරුවා පොදු වස්‌තුවකි. එහෙත් පවතින දේශපාලන රැල්ල සමඟින් කලාකරුවාටද එක්‌ එක්‌ පැතිවලට දෝලනය වන්නට සිද්ධවිය. එය රූකාන්ත - චන්ද්‍රලේඛා යුවළගේ ජීවිතයට පවා තර්ජන එල්ලවන මට්‌ටමට දරුණු විය. අවසන මේ දෙදෙනා දරුවන්ද සමඟින් රට හැර ගියේය. ඒ මීට වසර හතරකට පෙරදීය. කුමක්‌ නැති වූවද ඔවුන්ට සිය හැකියාවන්, දස්‌කම් අහිමි වූයේ නැත. දෙවියන් විසින් දුන් ඒ තිළිණය රැගෙන රූකාන්ත - චන්ද්‍රලේඛා යුවළ අද මවු රටට පැමිණ සිටින්නේ ආදරණීය රසිකයන් පිනවීමටය.

සංගීතා වීරරත්න, ෂෙරින් කුමාරතුංග, සුධර්මා නෙත්තිකුමාර යන තිදෙනා විසින් පවත්වාගෙන යනු ලබන එස්‌ ත්‍රී ආයතනය විසින් රූකාන්ත චන්ද්‍රලේඛා ලයිව් ඇට්‌ ස්‌ටේඩියම් ප්‍රසංගය සංවිධානය කර ඇත. මෙම 14 වැනිදා පස්‌වරු 7.00 ට කොළඹ සුගතදාස ගෘහස්‌ත ක්‍රීඩාංගණයේදී මන්චි අනුග්‍රහයෙන් පවත්වන මේ ප්‍රසංගය දැක බලා ගැනීමේ අවස්‌ථාව මෙරට ප්‍රේක්‍ෂකයන්ට උදාවෙයි.

වසර හතරකට පසු රූකාන්ත චන්ද්‍රලේඛා යුවළ සමඟ පිළිසඳරක යෙදීමේ අවස්‌ථාවද අපට හිමි විය. ඒ පිළිසඳරේ සටහන් මෙසේ පෙළගස්‌වමු.

පළමුව කියන්න, ඔබට අද අපේ රට ගැන හැඟෙන දේ ?

රූකාන්ත - මමත් චන්ද්‍රලේඛාත් මීට අවුරුදු හතරකට විතර කලිනුයි ශ්‍රී ලංකාවෙන් පිටවෙලා ගියේ. අපි යද්දී තිබුණ රට නොවේ අද. වෙනස්‌ වෙලා. මේ වෙනස නිසා රටේ ජනතාව විඳින සතුට අද අපිත් අත් විඳිනවා. රටේ නායකතුමාට ඒ වෙනුවෙන් ස්‌තූති කරනවා. ඒ වගේම සටනේදී දිවි පිදූ අයට තුවාල වූ සහෝදර සහෝදරියන්ට අපේ රට උදෙසා, රට වැසියන් වෙනුවෙන් කළ කැපකිරීම් වලට තුති පුදනවා. කලාකරුවන්ගේ පැත්තෙන් ගත්තොත් මේ නිදහස්‌ වාර්තාවරණය සියලුම කලාකරුවන්ගේ යහපතට හේතු වේවි. ඒක ලොකු දෙයක්‌.

ශ්‍රී ලංකාවේ පදිංචියට එන්න අදහසක්‌ නැද්ද?

රූකාන්ත - අපි තවම ශ්‍රී ලාංකික පුරවැසියෝ ශ්‍රී ලංකාවේ පදිංචියෙන් සම්පූර්ණයෙන්ම ඉවත් වෙලා ගියා කියලා අපි කිසිම දවසක කියලා නැහැ. අපි ඉන්නේ ලංකාවේ තමයි. ඉදිරියේදීත් අවුරුද්දකට සැරයක්‌වත් එන්න හැකිවේවි.

ඔබ දෙපළ ලංකාවෙන් ගියේ ඇයි?

චන්ද්‍රලේඛා - ඔයාලා දන්නවනේ ඒ දවස්‌වල අපි මුහුණ දුන්නු ප්‍රශ්න. ඒ ප්‍රශ්නවලට පස්‌සේ රූකාන්ත අසනීප වෙන්න ගත්තා. මානසිකව හරියට වින්දා. රටේ යහපත් තත්ත්වයක්‌ නොවේ තිබුණේ. ළමයින්ගේ අනාගතය ගැන අපි දෙන්නා දුක්‌වුණා. අපි සිංදු කිව්වට වැඩක්‌ නැහැ. දරුවන්ගේ අනාගතය ගැනත් හිතන්න ඕනේ. ඒ නිසා තමයි අපි ගියේ.

දැන් රටේ තත්ත්වය වෙනස්‌නේ....

චන්ද්‍රලේඛා - ඔව්. ඒත් ඉතිං අපිට එක පාරටම ලංකාවට එන්න බැහැනේ. අපි ඒ රටේ කරන වැඩ අතර මඟ නතර කරන්න බැහැ. දරු දෙන්නාගේ ඉගෙනීම ලොකු දුව රෛනි චාරුකා" නිව්යෝර්ක්‌ විශ්ව විද්‍යාලයේ පී. එච්. ඩී. කරනවා. පොඩි දුව "වින්ඩි" ඉස්‌කෝලෙ යනවා.

ඔබ දෙදෙනා නිව්යෝර්ක්‌වල මොනවාද කරන්නේ..?

රූකාන්ත - මම නිව්යෝර්ක්‌වල ශාන්ත මරියා (පැටිමා) දේවස්‌ථානයේ රැකියාවක්‌ කරනවා. ඒ පල්ලියේ ඕගන් එක වාදනය කරන්නේ මම. සාමාන්‍යයෙන් මෙය ශ්‍රී ලාංකිකයකුට නොලැබෙන අවස්‌ථාවක්‌. ලොකු දුව රෛනිත් හැම සති අන්තයකම පල්ලියේ ගීතිකා කණ්‌ඩායමේ ගී ගයනවා. චන්ද්‍රලේඛා - මම මොකුත් කරන්නේ නැහැ. මේ තුන්දෙනා බලාගෙන ගෙදර ඉන්නවා. මට දැන් ඒ ජීවිතේ හොඳට හුරුයි. ඒත් මම හරිම ආසයි ලංකාවේ ඉන්න. හැබැයි කවදාහරි මම මැරෙන්නේ ශ්‍රී ලංකාවේ. ඒක තමයි මගේ කැමැත්ත.

එදා ඔබ දෙදෙනාට තිබූ ප්‍රශ්න, තර්ජන අද නැද්aද?

චන්ද්‍රලේඛා - නැහැ.... අපිට ප්‍රශ්න ඇති වුණේ දැන් ඉන්න ජනාධිපතිතුමාගෙන් නොවේ. ඊට කලින් හිටිය ජනාධිපතිනියගෙන්. මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමා නිතරම අපිට කතා කළා. ඔහුගෙන් විය යුතු දේ ගැන ඇහුවා. මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමා එදා පටන්ම අපේ පෞද්ගලික හිතවතෙක්‌. මමත් රූකාන්තත් රට අතහැරලා ඇමරිකාවට ගියේ මේ අද ඉන්න මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමා නිසා නොවේ.

හොඳයි දැන් අපි ප්‍රසංගය ගැන කතා කරමු.

රූකාන්ත - අද මෙවැනි ප්‍රසංගයක්‌ ගැන කතා කරන්න ලැබීමත් සතුටක්‌. මෙය ලස්‌සන නෙත් පිනවන ප්‍රසංගයක්‌ වේවි.

සංගීතා වීරරත්න, ෂෙරීන් කුමාරතුංග සහ සුධර්මා නෙත්තිකුමාර යන තිදෙනා ප්‍රමුඛ එස්‌ ත්‍රී (එන්ටර්ටේන්මන්ට්‌ ඇන්ඩ් ඉවෙන්ට්‌ මැනේජ්මන්ට්‌ ආයතනය තමයි මේ ප්‍රසංගය සංවිධානය කරන්නේ. මේ ආයතනයේ ප්‍රථම සජීවී වේදිකා ප්‍රසංගය තමයි අපි කරන රූකාන්ත - චන්ද්‍රලේඛා ලයිව් ඇට්‌ ස්‌ටේඩියම්" ප්‍රසංගය. අපට මේ ප්‍රසංගය සඳහා ලංකාවට එන්න කියලා ආරාධනා කළේ සංගීතා, ෂෙරීන්, සුධර්මා යන තිදෙනායි. මගේ රූ ඇන්ඩ් ක්‍රෑ RRu & Cru සංගීත කණ්‌ඩායම තමයි සංගීතය සපයන්නේ. ඒ කණ්‌ඩායමත් මේ ප්‍රසංගය සඳහා ලංකාවට එනවා.

චන්ද්‍රලේඛා - මේ ප්‍රසංගයෙන් ලැබෙන ආදායම සටනේදී දිවි පිදූ රණවිරුවන්ගේ පවුල් දහසකට නිවාස සෑදීමට ජීවන් කුමාරතුංග පදනමට බැර කිරීමට එස්‌ ත්‍රී ඉවෙන්ට්‌ මැනේ-මන්ට්‌ ආයතනය තීරණය කර තිබෙනවා. මේ වගේ කටයුත්තකට අපිටත් සහභාගි වෙන්න ලැබීම සතුටක්‌. ඒ වගේම අපේ ප්‍රසංගයේදී ආබාධ වූ රණවිරුවන්ට විශේෂ තැනක්‌ ලබා දෙනවා. ඒ අය සතුටු නොකර අපට සතුටු වෙන්න බැහැ. ඒ නිසා මේ රණවිරුවෝ විශේෂයි.

රූකාන්ත - මොකක්‌ද මේ Ru & Cru සංගීත කණ්‌ඩායම ?

රූකාන්ත - මගේ බෑන්ඩ් එකක්‌ මේ නමින් ලංකාවේත් තිබුණා. ඒත් ඒකට නිත්‍ය සාමාජිකයන් සිටියේ නැහැ. විශේෂ ප්‍රසංගයක්‌ තියෙනවා නම් විදේශ සංචාර සඳහා යනවා නම් එදා මම කළේ ප්‍රධාන පෙළේ සංගීත කණ්‌ඩායම්වල කිහිප දෙනකු වාදනය සඳහා මගේ කණ්‌ඩායම සමඟ කැඳවාගෙන යැමයි. මමත් චන්ද්‍රලේඛාත් අවුරුදු හතරකට කලින් ඇමරිකාවට ගිය ගමන් කළේ ප්‍රසංගයක්‌ කරන එකයි. ඒ රටේ අපේ ජීවන රටාව හදාගන්නේ කොහොමද කියලා ඒ වෙනකොට දැනං හිටියේ නැහැ. ඒකයි පළමුව ප්‍රසංගයක්‌ කළේ. ඒත් සංගීතය සපයන්න කිසිවකු හිටියේ නැහැ. බිලූශැඩෝ කණ්‌ඩායමේ හිටපු මිලාන් රුද්‍රිගු මට එහිදී හමුවුණා. මම ඔහුට කිව්වා අපි දෙන්නා ප්‍රසංගයක්‌ කරනවා වාදකයො තමයි නැත්තේ කියලා. ඉන් පසු මිලාන් එහි සිටින දක්‍ෂ ශ්‍රී ලාංකිකයන් කිහිප දෙනෙක්‌ සම්බන්ධ කරගත්තා. අපේ ප්‍රසංගය හොඳින් කළා. ඉන් පස්‌සේ ඉබේම මේ කණ්‌ඩායමට RRRu & Cru නමින් ඉදිරියට ගියා. අපි කිහිපවරක්‌ ඇමරිකාවේ ඉඳලා යුරෝපයට, ඉතාලියට, ජර්මනියට, ප්‍රංශයට, ග්‍රීසියට, ස්‌කැන්ඩිනේවියානු රටවලට, කැනඩාවට ප්‍රසංග සඳහා ගියා. වීසා ගනිද්දී ඇමරිකානු නිලධාරින් පුදුම වුණා. ඇමරිකාවේ ඉන්න ශ්‍රී ලාංකික සංගීත කණ්‌ඩායමක්‌ පිට රටවලට ගොස්‌ ගීත ගැයීම ගැන. දැන් මගේ මේ සංගීත කණ්‌ඩායමේ අය බොහොම සතුටින් ලංකාවට එනවා. ඒ අයගේම පෞද්ගලික වියදමෙන් මේ ප්‍රසංගයට සහභාගි වෙන්න.

මේ ප්‍රසංගයේදී ප්‍රේක්‍ෂකයන්ට මොනවගේ වෙනසක්‌ද ඉදිරිපත් කරන්නේ ?

බහුතරය සතුටුවන ආකාරයේ ශබ්දයක්‌ මේ ප්‍රසංගයෙන් ලබා දෙන්න හැකිවේවි. මගේ දියණියන් දෙදෙනාත් මෙහිදී ගීත ගයනවා. රෛනි දුව තනි ගායිකාවක්‌ ලෙසින් මුල්වරට ශ්‍රී ලංකාවේ ගී ගයන්නේ මේ ප්‍රසංගයේදී අලුත්ම ගීත දෙකක්‌ හෝ තුනක්‌ මම මෙහිදී ගයනවා. මගේත්, චන්ද්‍රලේඛාගේත් පැරැණි ගීත නව මුහුණුවරකින් මේ ප්‍රසංගයේදී ඉදිරිපත් කරනවා.

සමහර ගීතවලට ශබ්දය වෙනස්‌ වේවි. වෙනස්‌ රසයක්‌ සංගීතයේ දැනේවි. පසුගිය දවස්‌වල ශ්‍රී ලංකාවේ මගේ ගී වෙනස්‌ වෙනස්‌ හැඬවලින් ගැයුනා නේ. අපි මෙහිදී ගීති විසි පහක්‌ පමණ ගයනවා. චන්න විජේවර්ධන නර්තන වින්‍යාසය නිර්මාණය කරනවා.

ඔබේ දියණියන් දෙදෙනා අවුරුදු හතරක පටන් හැදෙන්නේ ඇමරිකාවේ. බොහෝ ශ්‍රී ලාංකික දරුවන්ට මෙන්ම ඒ දෙදෙනාටත් සිංහල කතාකරන්න බැරිද?

රූකාන්ත - ඇත්තටම මේ දූපතෙන් එහා තිබෙන භාෂාවක්‌ ඉගෙන ගැනීම වැදගත්. ඒ වගේම ප්‍රයෝජනවත් ඒ නිසා දරු දෙදෙනා පුංචි කාලෙදී පටන් මම ඔවුන් සමඟ ඉංග්‍රීසි කතා කළා. ලංකාවට එන්න සූදානම් වෙද්දී මම කිව්වා දුවේ දැන්නම් වෙනස්‌ කරන්න වෙනවා. ඉංග්‍රීසියෙන් කතා කළොත් ප්‍රශ්න ඇතිවේවි" කියලා. ඒ නිසා ලංකාවට එන්න කලින් මම ඔවුන් සමඟ කතා කළේ සිංහලෙන්. දැන් මම ඉංග්‍රීසියෙන් මොනවා හරි ඇහුවත් ඒ දෙන්න උත්තර දෙන්නේ මවු බසින්. ඒ කියන්නේ සිංහලෙන්. ඒක මට සතුටක්‌.

චන්ද්‍රලේඛා - දැන්නම් අපි ඇමරිකාවේදී පැය විසි හතරම කතා කරන්නේ සිංහලෙන්. දුව සිංහල සිංදු ගායනා කරනවා. මමත් අලුත්ම සිංදු ටිකක්‌ කළා. ඒත් රෙකෝඩ් කළේ නැහැ. රූකාන්ත ඇමරිකාවේදී නව නිර්මාණ රැසක්‌ කළා. ඒවා නිකංම කැසට්‌ දහයක විතර තියෙනවා. කිසිම දෙයක්‌ කරලා නැහැ. කුරුටු ගී විතරයි. සමහර ඒවායේ වචන නෑ. තාල විතරයි.

රූකාන්ත.. දේශපාලන පක්‍ෂයකින් ඇරයුමක්‌ ලැබුණොත් ඔබට නැවත එන්න කියලා..?

නැහැ..... ඒ ඇරයුම මම කොහෙත්ම පිළිගන්න එකක්‌ නැහැ. දැන් මම හරිම නිදහස්‌. ආපස්‌සී හැරිලා බලද්දී මට දැන් හිතෙනවා මම හැම කෙනෙකුගේම පුතෙක්‌. ආදරවන්තයෙක්‌. මට ආදරය කරන දුවලා, පුතාලා, සහෝදර සහෝදරියෝ, මවුවරු පියවරු වගේම ආච්චිලා සීයලාත් ඉන්නවා. ඒ කිසිම කෙනකුට පාටක්‌ නැහැ. ඒ අය තුළ සෑම පක්‍ෂයකම කොඩියක තියෙන වර්ණ තිබෙනවා. ඒ නිසා මෙන්න මේ පාටට විතරක්‌ කැමැති වෙන්න කියලා මම ඒ අයගෙන් ඉල්ලීමක්‌ කළොත් ඒක වැරැදියි. තව අවුරුදු පනහක්‌ විතර ගියාට පස්‌සේ රටට මගෙන් සේවයක්‌ කළ යුතුයි කියා ආරාධනාවක්‌ ලැබුණොත් පක්‍ෂය මොකක්‌ද කියා නොබලා මම සේවයට නැඹුරු වේවි. ඒත් දැන්නම් මම හරිම නිදහස්‌ මිනිහෙක්‌. ඇත්තටම මම එදා දේශපාලන පක්‍ෂයකට උදව් කළේ පාට බලලා නොවේ. ඒ අවස්‌ථාවේදී වෙනසක්‌ විය යුතුයි කියලා හිතලා.

ඔබ දෙපළ කොතරම් කලක්‌ ලංකාවේ ඉන්නවාද?

රූකාන්ත - අපි ලංකාවට ආවේ අපේ ම දෙමවුපියන් දැකබලා ගන්න වගේම මේ ප්‍රසංගයට සහභාගි වෙන්නයි. ප්‍රසංගයෙන් පසුව අපට ලංකාවේ ගත කරන්න වෙන්නේ එකම එක සති අන්තයක්‌ විතරයි.

චන්ද්‍රලේඛා - අපි විසි පස්‌ වැනිදා ආපසු යනවා. දරුවන්ගේ ඉගෙනීම නිසාමයි මේ තරම් ඉක්‌මනට යන්නේ. 14 වැනිදා ප්‍රසංගයට පස්‌සේ සමහර විට තව එකම එක ප්‍රසංගයක්‌ තියේවි. ඒ මාරිස්‌ටෙලා විද්‍යාලයේ. එකක්‌ තවම ස්‌ථිරවම කියන්න බැහැ.

රූකාන්ත - අපි දෙදෙනාගේ ආදර රසිකයන්ට ආරාධනා කරනවා. 14 වැනිදාට සුගතදාස ගෘහස්‌ත ක්‍රීඩාංගණයට ඇවිත් වෙනස්‌ම ප්‍රසංගයක රසය විඳින්න කියලා. අපේ රටේ සංගීතයේ අනාගතය සුබදායකයි. ඒ ගැන විශ්වාසය තබන්න කියලා අපිට මේ ප්‍රසංගයෙන් ඔප්පු කළ හැකිනම් එය අප ලබන සතුටක්‌.

සංවාද සටහන ථ අජිත් අලහකෝන්
ඡායා චන්ද්‍රසිරි වීරසිංහ

Thursday, July 23, 2009

සිංහලයාගේ සටන්කලාව "අංගම්පොර"සහ "නිවට සිංහලයා"


Posted by Manoj colambage in දේශපාලන, සමාජ

Angampora - Sri Lankan Martial Art
සිංහලයාගේ සටන්කලාව “අංගම්පොර” සහ “නිවට සිංහලයා’

"අංගම්පොර" යනු සිංහලයාගේ සටන් කලාවයි, නූතන සිංහලයා විදේශ රටවල ණය මුදල්, යුද්ධාධාර ඉල්ලමින් හිගාකෑවත්, ඉන්දියාව ගහන ගහන පදයට නටන්නට සිදුවුවත් , ලංකාව ඇතුලෙදිවත් තමන් සිංහලයෙක් බව ප්‍රසිද්ධියේ කියාගන්න බැරිඋනත් ; එය සිදුවී තිබෙන්නේ අද ජීවත්වන සිංහලයා තුල තිබෙන කුහකකම ,නිවටකම, සල්ලි වලට දේශපාලන බලයට තිබෙන කෑදරකම නිසාම මිසක් සිංහල ජාතියේවත් එම ශිෂ්ඨාචරය ගොඩනගපු මිනිස්සුන්ගේවත් වරදක් නොවේ. සිංහල ශිෂ්ඨාචරය ගොඩනගපු ; එය වසර දහස්ගණනක් පවත්වාගෙන ආ අපේ පරණ මිනිස්සු කවදාවත් සිංහල රට වෙනත් රටවලට ශිෂ්ඨාචාරයන්ට ණයගැති නොවී සිටිමට අවශ්‍ය පසුබිම සකස්කිරීමට නිතරම උනන්දු වෙලා තියෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස සිංහලයා තම හෙළ ශිෂ්ඨාචාරය තුල තමන්ගේම වූ ආරක්ෂක ක්‍රමයක් ,වෛද්‍ය ක්‍රමයක්,දර්ශනයක් , ආගමක්,

අධ්‍යාපන ක්‍රමයක් , ආර්ථික ක්‍රමයක් ගොඩනගා ගන්නවා.ඒ තුලින් තමයි සිංහලයා සමකාලීන විදේශිය ආක්‍රමණික අධිරාජ්‍යන් සමග කරට කර සටන් වැදී මේ පුංචි රටේ අභිමානයෙන් ජිවත්වුනේ. හෙළ ශිෂ්ඨාචාරයේ අඛන්ඩ පැවැත්මට ඉතා වැදගත් අංශයක් ලෙස ‍මෙම අංගම්පොර සටන්කළාව විශේෂ වෙන්නේ මේනිසයි.

අංගම් පොර සටන් කළාවේ ආරම්භය හෙළ ශිෂ්ඨාචාරයේ ආරම්භය දක්වා අතීතයට දිවයයි. හෙළය තුල ජීවත්වෙච්ච යක්ෂ , නාග , දේව , රාක්ෂ යන ජනවර්ගයන් පොදුවේ අසුරයන්;(සුර - අසුර යුද්ධයේදී) තමන්ට ඉන්දියාවෙන් එල්ලවන තර්ජන වලින් ආරක්ෂාවිම සදහා මෙම සටන් ක්‍රමය අරඹන්නට ඇත.ක්‍රමයෙන් වර්ධනය වු අංගම් ශිල්පය තාරක රජු විසින් ස්කන්ධ කුමාරයාගේ ලංකා ආක්‍රමනයට එරෙහිව යොදාගන්නට ඇත. එහි දියුණුම අවස්ථාව ලෙස රාවණ යුගය හදුනාගත හැකිය.රාවණ රජු නිල ශ්‍රාස්ත්‍රය පිළිබද විශේෂඥයෙකි. ඒ බව එතුමා විසින් රචනය කර ඇති වෛද්‍ය ග්‍රන්ත තුලින්ද පැහැදිලි වෙයි.රාවන සහ අංගම් ශ්‍රාස්ත්‍රය අතර සම්බන්ධය කෙතරම් ප්‍රභලද කියතොත් අදටත් අංගම් ශිල්පින් සටන් පුහුණු වන්නේ රාවණ නිරිදාණන් සිහිකිරීම සදහා පහණක් පත්තුකිරීමෙන් අනතුරුවය . මෙසේ අවුරුදු දහස්ගණනක් තිස්සේ ක්‍රමයෙන් ගොඩනැගුණු පැරණි අංගම් සටන්කලාව සිංහලයාගේ රාජධානිය සතුරාගෙන් ආරක්ෂාකරන්නට උපරිමයෙන් දායක විය . ඕනෑම රාජ්‍යක් දිගුඉතිහාසයක් සහිතව පවතින්නට නම් සටන් ක්‍රමයක් අත්‍යවශ්‍යයි . එය ඉන්දියාව , චීනය , ජපානය , ආදී සෑම පෙරදිග අධිරාජ්‍යකටම පොදුවූවකි.සිංහලයාටද එය පොදුවුවකි.දැන් අපි අපේ සටන්කළාව ගැන ටිකක් කථාකරමු.

අංගම් යනුවෙන් හදුන්වන්නේ ශරීරයයි . පොර කියන්නේ සටනයි . නිරායුධව (හිස්) සිරුරෙන් කරනුලබන සටන අංගම්පොර යනුවෙන් හදුන්වාදීඇත. ආයුධ සහිතව කරනුලබන සටන ඉලංගම් ලෙස හදුන්වනු ලබයි. අංගම් ශිල්පයේ ප්‍රවිනයකු වීම සදහා මෙම කොටස් දෙකම ඉගෙනගතයුතු අතර සම්පුර්න අංගම් සටන්කලාව ඉගෙනගැනීමට එක් පුද්ගලයෙකුට තම ජීවතකාලය මදිබව අංගම් ශිල්පීන් පවසන්නේත් මෙම ශිල්පයේ ඇති තියුණුබව නිසාමය. මෙහිදී ඉතාවැදගත් වෙන්නේ නිල ශාස්ත්‍රය පිළිබද දැනුමයි. මෙම නිල කලාව අනෙක් සටන්ක්‍රම වලදී එතරම් සාර්ථක ලෙස භාවිතවන්නේ නැත. සිංහල සටන්ක්‍රමය තුල නිලවලට පහරදෙන ක්‍රම රැසක් දැකගත හැකිය.ඒ අතර

නිළ අල්ලා පහරදීම.

එවෙලේම මරනය ගෙනදෙන නිළ පහර

නිළ අල්ලා අංශයක් පණ නැතිකරවීම

නිළ බලා ලේ වමණ යන්න පහරදීම.

ගනිත ක්‍රමයට යම්කිසි වේලාවකට පසු මැරෙන්න පහරදිම.

සිහිනැතිවිම සදහා පමණක් දෙන පහර.

සුව වීමට කල්ගතවන රෝග සදහා නිළපහරදිම.

මළ මුත්‍රා පහවිමට නිල ඇල්ලීම.

ආදී වසයෙන් සිරුරේ නිළ බලාපහරදීම අංගම් සටන්කලාවේ ඉතා වැදගත් ලක්ෂණයකි.

අංගම් සටන්කරුවකු තුල කපුටාගේ ඇසත් , මොනරාගේ කනත් , වදුරාගේ පැනිල්ලත් , කොටියාගේ ගමන්විලාසයත් , වලසාගේ බදාගැනිමත් යන සියල්ල එකවර සිදුවිය යුතුය.

අංගම් සටන්කරුවා යනු මනා හික්මීමක් , ඉවසීමක් ප්‍රගුණකරණලද අය වෙති.එය ඔහුට ලැබෙන්නේ බුදු දහම තුලින්ය . අංගම් සටන්කරුවාගේ ශක්තිය පුදුම සහගතය . ඔහු තම ශක්තිය විදහාපෑම සදහා විවිධ අභ්‍යාසවල නිරතවෙයි.

හිසෙන් පොල් පැලීම , පොල් ගෙඩිය උඩවිසි කර දෙපළුවෙන්න පා පහර ගැසීම ; ඇත් දලයක් පොලොවේ වලලා තනි අතින් ඇද ගැලවිම ; පොලු අට කැඩීම ; කුළු හරක් මෙල්ල කිරීම ; විශාල ගල් , ගස් කදන් ඈතට විසි කිරිම ; පොල් ගසට පයින් ගසා පොල් කැඩීම ; පුවක් ගෙඩිය ඇගිලි දෙකෙන් අල්ලා පොඩි කිරීම ; මිනිසුන් දහ පහලොස් දෙනා සමග තනිව සටන් කිරීම ;ඇස්, අතපය බැද‍ගෙන සටන් කිරිම ආදිය මොවුන් විසින් තම ශක්තිය විදහාපැමට සිදුකරනු ලබයි.

නමුත් සිංහලයාගේ මෙම දක්ෂතා අද දක්නට නොමැත . අංගම් සටන්කළාව පරිහානියට පත්වෙන්නේ යුරෝපීය ආක්‍රමණයත් සමගය . අවුරුදු 500 ක් පුරා සිංහලයන් සමග බටහිර ජාතිකයන් කළ සටනත් සමග සිංහල සටන් කරුවන් අභාවයට පත්වූ අතර යම් තරමින් ආරක්ෂාවී ඇත .

සිංහල සටන්කරුවන් බටහිර ජාතිකයන් සමග කළ සටන් පිලිබදව සදහන් වන්නේ මෙසේය.

“ඔව්න් ඉක්මනින් වෙහෙසට පත් නොවන සුලු , කඩිසරවූත් ක්‍රියාශිලී වුත් පිරිසකි. ඒ බව ඕලන්දයින් තමන් මහත් අවාසි විදීමෙන්ම ප්‍රත්‍යක්ෂ කර ගත්තකි . ඔවූහු එකිනෙකාගේ හිසට උඩින් පනිමින් මහත් ජවසම්පන්නව කරන ක්‍රියා නැරඹිමට පවා විශ්මය ජනකය .විශ්වාස දායක ලෙස දැනගන්නනට ලැබුණු පරිදි ඔවූහු රණබිමෙහිදී සෙබළුන් තුන්දෙනෙකුගේ හිස්වලටත් ඉහලින් පැන කලින්අදහස් කරගත් සතුරාගේ හිස එකවරම කපා තම සෙන්පතියා වෙත සැනෙන් රැගෙන එති....”

“සිංහලයාගේ කඩු හරඹ අන්තිම වතාවට ප්‍රදර්ශනය කරනලද්දේ ඉන්ග්‍රීසින්ට රට අත්වීමෙන් අවුරුදු 5 කට පමණ පසු මහනුවර යුද්ධාංගන වලදීය . කඩුශිල්ප සූරයෙකු වසයෙන් සුපිරිසුදු බිහිරි ගති ඇති ගලගොඩ රටේ මහත්මයාට ද්වන්ද යුද්ධයකට එනලෙස ඉංගීසි කපිතාන් කෙනෙකු විසින් අභියෝගයක් කළ බව කියවේ . පාත හේවාහැටේ හේවාවිස්ස වෙලේදී දෙදෙනා හමුවිය.

දියකච්චියක් ඇද කඩුව හා පළිහ ගෙන ගලගොඩ පොර පිටියට ආ අතර ඉංගීසි ජාතිකයා කලිසමක් හා කලිසමකින් සැරසී එහි ආවේය . සටන ඇරඹීමට පෙරාතුව කතිර සිටින සේ ඉරි දෙකක් ඇද ගලගොඩ ඉරිකැපෙන ස්ථානයේ සිට ගත හැකිනම් තමා සිටිතැනින් ඉවත්කරන්නැයි සිය පස මිතුරාට වහසිබස් කියමිනි.ඉංගීසි ජාතිකයාගේ කඩුව විදුලිකොටන්නාක් මෙන් ගලගොඩගේ කඩු තලයත් පලිසත් මත හෙලෙන්නට පටන්ගත් නමුත් ඔහු එතැනින් සොලවන්නට බැරිවිය. නමුත් තමාගේ වාරය පැමිණිවිට ‘ඉංග්‍රීසි කරුව රැකවල් ගනුව’ යැයි නැවතත් වහසි බැන පහර දෙන්නට පටන්ගත්තේ නොබෝ වේලාවකින් කෝප වූ ඉංග්‍රීසි සෙනෙවි අත ඉතිරීවූයේ තලය සුන් අසිපත් මිට පමනි . ..........”

(සිංහල ත්‍රාසජනක ක්‍රීඩා: දැරණියගල)

මේ අයුරින් සිංහලයා‍ගේ සටන් කලාව අධිරාජ්‍යවාදීන් බියගැන්වු නිසාම අංගම් සටන්කරුවන් විනාශකැරන්නට විවිධ උපක්‍රම යොදාඇත.එ නිසාම ක්‍රමයෙන් අංගම් පුහුනුව සිංහලයා තුලින් ඈත් වන්නට විය . අංගම් සටන්තුලින් ඇත්වන්නට අකමැති වූ සිංහලයන් වනගතව එය ආරක්ෂාකරගත් අතර මෙනිසා අදටත් එය සුරක්ෂිතව පවතී.

නමුත් මෙම ශිල්පය ඇති බොහෝ අය එය තම පවුලෙන් පිට අයට ඉගැන්වීමට මැලිවෙති.මෙය කණගාටුදායක තත්වයකි. නමුත් අපගේ ආචාර්ය කරුණාපාල මහතා එම ප්‍රාථමික ආත්මාර්ථකාමීත්වයෙන් බැහැරවී නැවතත් සිංහලය සහ බුදු දහම රැක ගැනීම උදෙසා අංගම් සටන් කළාව සිංහලයන් වෙත ලබාදීමට උත්සාහ දැරීම නිසා සමස්ථ රටවාසින්ම එතුමාට ස්තූතිවන්ත විය යුතුය.

අද අපි ජීවත්වන ලංකා පොළොව අතීතයේ ගොඩනැගෙන්නේ සිංහලයන්ගේ ලේ , දහඩිය තුලින්ය. ලංකා පොලව ආරක්ෂාකර ගැනීම සදහා සිංහලයන් ලක්ෂ දහස්ගණනක් තම ජීවිතය මරණයට කැප කරන්නට ඇත.අද සිංහලයන්ටම බැන බැන මානව අයිතිවාසිකම් ගැන කථාකරන උන්ට ඉපදෙන්නත් රටක් තිබුනේ සිංහලයන් තම ජීවිත පරිත්‍යාගයෙන් මේ රට ආරක්ෂාකළ නිසාය.

ඉන්ශ්‍රීසින්ගේ මර්ධන ක්‍රියාවලිය කෙතරම්ද කියතොත් එහි එක් අවස්ථාවක් ඉතිහාසයේ මෙසේ සදහන් වේ .

“අවුරුද්දක් පමණ කාලය තුල පැවති මේ කැරැල්ලෙන් සිදුවූ අලාභ හානි මෙ පමණය කිව නොහැක. සිංහලයෝ 10000 කට වැඩි ගණනක් මිය ගියහ.මියගිය ඉන්ගිරිසි බටයන්ගේ නියමිත ගණනක් ඇතිබවක් නොපෙනෙන නමුත් ලෙඩවි මඩකලපුවට ගෙනගිය 173 ‍දෙනෙකුගෙන් 114 දෙනෙකුම මියගිය බව සදහන් වේ . ඉන්දියාවෙන් ගෙන්වන ලද 7000 ක් බටයෝ කැරැල්ලට සම්බන්ධ වූහ.”

යුරෝපීයන් සිංහලයින්ව පැරදවූයේ තුවක්කුවේ බලයෙනි.එම නිසා වසර දහස්ගණනක් තිස්සේ

පාරම්පරිකව ගොඩනැගුණු හෙළ ශිෂ්ඨාචාරය බිදවැටින.මේ අයුරින් සිංහලයා තම සටන් ක්‍රම භාවිත කරමින් තම ජීවිත ගැන නොසිතා ආරක්ෂාකලේ ලංකාවයි.ලංකා පොළොව ආරක්ෂාව වෙනුවෙන් තමන්ගේ ජීවිත පරිත්‍යාග කරපු , කැප කරපු වෙනත් ජාතියක් ගැන මමනම් අසා නැත.අදටත් එසේමය .අපේ සිංහල කොල්ලෝ රටේ ස්වෛරී භාවය, ඒකීය භාවය, සාමය වෙනුවෙන් තම ජීවිත කැප කරණ විට ඔව්න්ගේ පිහිටෙන් ප්‍රභාකරන්ලාගෙන් බේරිලා ඉන්න දකුනේ නූතන නිවටයන් සිංහලයා ජාතිවාදියෙක් කිය කියා පස්ස රත්වෙනකම් කෑ මොර දෙති.නමුත් ඔව්න්ට මෙය තේරුම් කර දිය නොහැක.මන්ද ජාතිය විකුණන් කෑම ඔව්න්ගේ බඩ ගෝස්තරය සොයාගන්නා ක්‍රමයකි.

සිංහලයා ඉතිහාසයේ කවරදාවකවත් ජාතිවාදියෙකු නොවීය.ඇත්ත කථාව නම් සිංහලයා මේ රටට ආදරෙයි. සෑම සිංහලයෙකුගේම (නිවටුන්ගේ නොව) ප්‍රාණය රැදී ඇත්තේ මේ ලංකා මහ පොළොව මතය.සිංහලයාට නිදහසේ අතපය දිගහැරලා නිදාගන්න පුළුවන් රටක් මේ ලොකයේ වෙන නැති නිසයි මේ රටේ ආරක්ෂාව වෙනුවෙන් තමන්ගේ දිවි පුදා සටන් කරන්නේ.එහෙම නැතුව දෙමළ මිනිස්සු සමග තිබෙන වෛරයකින්වත් , සිංහලයා දෙමළාට වඩා පහත්යැයි සිතාවත් , එහෙමත් නැත්නම් ඇගේ පතේ අමාරුවකටවත් නොව.

නමුත් ඉතින් සිංහලයාගේ අවාසනාවකට සිංහල වෙළා ඉපදිච්ච සිංහලයා ජාතිවාදියෙක් බව ඔප්පු කිරීමට ප්‍රභාකරන්ලාගේ කොන්තරාත්තුව බාරගත්ත නිවටයන්ට සිංහලයා පේන්නේ අමුතුම විදියකටය. “ලජ්ජා නැතිකම මහමුදලි කමටත් වඩා ලොකුයි” කියල කථාවක් හැදිල තියෙන්නෙත් මේ වගේ මිනිස්සු නිසාම වෙන්න ඇති.