Pages

Tuesday, November 30, 2010

ජැක්සන් හේමසිරි එකම පවුලකට

ප්‍රකට කලාකරුවන් දෙපලකගේ දුවා දරුවන් නිසා ලඟදීම එකම පවුලක් වීමේ වාසනාව උදා වී ඇත.මෙයට හේතුව ජැක්සන්ගේ දුව හේමසිරිගේ පුතු සමග විවාහ වීමයි.මෙම් කලා පවුල එක් කිරීමේ අපුරු උත්සවය ලබනබ්‍රහස්පතින්දා සිනෙමන් ග්‍රැන්ඩ් හෝටලයේදී පවැත්වීමට නියමිතයි.විසි දෙහැවිරිදි වියේ පසුවන ජැක්සන්ගේ දියනිය මාදවී විවාහ වන්නේ ශල්ය ffjoHjrfhl=ලෙස කටයුතු කරන 34 හැවිරිදි හෙමසිරිගේ පුත් ආලොක සමඟයි.  තවද මේ විවාහය සඳහා ඉවහල් වී ඇත්තේ ඔම්ලට් එකක් බව හෙලිවී ඇත .මාදවී ඔම්ලට් සැදීමට ගොස් අත පුච්චාගෙන බෙහෙත් ගැනීමට ගොස් හඳුනා ගැනීමෙන් මෙම විවාහය සිදුවුන බව දැනගනීමට තිබේ.


මම රම්බරීට ණයගැතියි...

(මෑතකාලීනව නිර්මාණය වූ තරමක් වෙනස් පදමාලාවක් සහිත "රම්බරී"ගීතය එම පද මාලාව මෙන්ම එහි රූප රචනාව ද ප්‍රේක්ෂකයින් අතර ඉහළ ජනප්‍රියත්වයක් හිමිකරගනු ලැබීය. එමෙන්ම එය 2010 දෙරණ මියුසික් වීඩියෝ අවෝඩ්ස් හි ජනප්‍රියතම ගීත රූප රචනය ලෙස ද සම්මානයට පාත්‍රවිය. අද දෙරණ ආලින්දය සමග මෙවර එක්වී සිටින්නේ එම ගීතයේ හිමිකරුය.ගායන ශිල්පි ලහිරු පෙරේරාය.)

ඡායා -දිනේෂ් නලින්ද

සම්පූර්ණ නම

කුරුගමගේ ලහිරු නිල්නුවන් පෙරේරා.

උපන්දිනය

1984. 04. 18

පදිංචිය

කෙහෙල්බද්දර, උඩුගම්පොළ

පවුලේ සාමාජිකයින්

අක්කා, අම්මා, තාත්තා

අධ්‍යාපනය කටයුතු

ශ්‍රී බෝධි විද්‍යාලය, ගම්පහ

ඩී. එස්. සේනානායක විද්‍යාලය, කොළඹ

SAE, සිංගප්පූරුව

*කොහොමද ලහිරු, මේ දවස් වල ලැබෙන ප්‍රතිචාර?

ප්‍රතිචාර වැඩිකමට මහත්වෙනවා. බොහොම සතුටුයි. මට වැඩි ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබුණේ රම්බරී ගීතයෙන්. ඊට පෙර මගේ ගීතයක් නිර්මාණය වුණා මන බැන්දූ -හද රැන්ඳූ කියලා. ඉන්පසුවත් තවත් ගීත 3ක් පමණ නිර්මාණය වුණා. නමුත් එම ගීත ප්‍රචාරය වුණේ නෑ. ඒ නිර්මාණ හිතට අවංකවයි කළේ. රම්බරීත් එවැනි නිර්මාණයක්. අවංකකම වැඩි නිසාද කොහෙද එය මිනිසුන්ට දැනුණා. මට හිතෙන විදිහට 40% විතර බැන්නා. 60%ක් විතර හොඳ කිව්වා. මට ගායන ක්ෂේත්‍රයට එන්න අවස්ථාව ලැබුණේ රම්බරී නිසා. රම්බරී කියන්නේ මගේ දෛවය වෙනස් කළ ගීතයක්. හැමදාම කියනවා වගේ මම රම්බරීට ණයගැතියි.

*මේ දවස් වල ක්ෂේත්‍රයේ වැඩ කටයුතු ගැනත් කතාකරමු?

ලංකාවේ ඇල්බම් විකුණන ක්‍රමය හා ඇල්බම් මිලදීගන්න ක්‍රමය නිසා මම තීරණය කරලා තියෙනවා ඇල්බම් නිකුත් කරන්නේ නෑ කියලා. ඇල්බම් කළාම තමන්ට ඒ ගීතයට තියෙන අයිතිය රෙකෝඩ් ලේබල් එකට යනවා. ඉන්පස්සේ ආදායම් උපයන්නේ එයයි. ගායකයාට තැනක් නැතුව යනවා. ඒ නිසා මම ඇල්බම් 1ක් කරන්නේ නෑ. සමාවෙන්න. මම එක් ගීතය බැගින් එළිදක්වන්නයි හිතාගෙන ඉන්නේ. ඉදිරියේදී මම රූප රචනාත් සමග සංයුක්ත තැටියක් සහ ශබ්ද සංයුක්ත තැටියක් කරන්න බලාපො‍රොත්තු වෙනවා. ඒ නිකුත්කරන්නෙත් මගේ වියදමින් එය කරන්න පුළුවන් වුණු දාටයි. ළඟදිම මම වැලන්ටයින් දිනය වෙනුවෙන් ආදර ගීතයක් කරන්න බලාපොරොත්තු වෙනවා. මගේ මූණට ඒක ගැළපෙයිද දන්නෙත් නෑ. ඒ වෙනුවෙන් ටිකක් කෙට්ටු වෙන්නත් උත්සාහ කරනවා.

*ලහිරු, ඔබේ සංගීත ජීවිතය ඇරඹෙන්නේ කොහොමද?

සංගීතයට ඇති දැඩි කැමැත්ත නිසයි මම ක්ෂේත්‍රයට පිවිසුණේ. ඒ වගේම අමුතු අමුතු දේවල් දැකගන්න තියෙන අධික ආශාව සහ වාසනාව නිසයි.

*මේ වනවිට සංගීතය වෘත්තිය විදිහට ඔබ තෝරගෙන තිබෙනවාද?

මම වෘත්තීය වශයෙන් ශබ්ද පරිපාලනය අංශයේ වැඩ කළා ගායකයකු වීමට පෙර. තවමත් මගේ ප්‍රධාන වෘත්තිය එයයි. මම කැලණියේ ස්ටුඩියෝ එකක් කරනවා. මම විදේශගතව ඒ සම්බන්ධව අධ්‍යාපනය ලැබුවා. මම ගායනයේ යෙදුණේ විනෝදාංශයක් විදිහට. මම එයින් අදායමක් ලබනවා. සමහර අවස්ථා වලදී ශබ්ද පරිපාලන කටයුතු වලටත් වඩා. මේ වනවිට ගායනයත් මගේ වෘත්තියක් වෙලා තියෙනවා.

*ඔබේ නිර්මාණ ජාත්‍යන්තර මට්ටමට ගෙනයන්න ඔබේ අදහසක් නැද්ද?

ගොඩක් කැමතියි. ඒත් එක්කම කැමතියි ලංකාවේ හැමකෙනෙක්ම ලහිරු පෙරේරා කිව්වම අඳුනගන්නවට. ඒක තමා ප්‍රධානතම ආසාව. මාව තවම දන්නේ බොහොම සුළු පිරිසයි දන්නේ. රම්බරී කිව්වම තමයි බොහෝ දෙනෙක් මාව හඳුනගන්නේ. නමුත් මගේ මූලික උත්සාහය ශ්‍රී ලංකාවේ අස්සක් මුල්ලක් නෑර වෙසෙන ජනතාවගේ හදවත් වලට ඇතුළුවීමයි. මම ජාත්‍යන්තරයට යයිද කියන්න බෑ. මම ලද දෙයින් සතුටුවෙන කෙනෙක්. බොහොම පොඩි පොඩි ආශාවන් මගේ තියෙන්නේ. ජාත්‍යන්තරයට යන්න ලැබුණොත් හොඳයි. නැතිවුණා කියලා දුක්වෙන්නේ නෑ.

*සංගීත ක්ෂේත්‍රයේ නවකයින්ට විවිධ චෝදනා එල්ලවෙනවා. මේ සම්බන්ධව ඔබ මුහුණ දුන් අත්දැකීම් මොන වගේද?

ඒවාටම තමයි මුහුණපාන්න සිද්ධවෙලා තියෙන්නේ. රම්බරී ගීතයත් මම සහ ගීත රචකයා කිව්ව දෙයක් තමයි මේ ගීතයට මුල, මැද, අගක් නෑ කියන දෙය. එය අපි හිතට එකඟව කිව්ව ඇත්තක්. අපිට එහි අර්ථය ගැන බොරු කියන්න පුළුවන්. නමුත් අපි මෙය හිතට එකඟව කළ නිර්මාණයක්. මේ ගීතය ගීත රචකයාගේ හිතට ගලා ආ පද මාලාවක්. ඒ වගේම මගේ හිතට ගලා ආ තනුවක්. මෙය උපුටාගත් දෙයක් නෙමෙයි. අපි එකතුවෙලා කළ නිර්මාණයක්. අපේ දෙයක්. ඊට ලැබුණු ප්‍රතිචාරත් හොඳයි. මේ තේරුමක් නැති ගීතය නිසා මට බොහෝ දේවල් ලැබුණා. ඒවා බලාගෙන ඉන්න බැරි කට්ටියකුත් ඉන්නවා. කොච්චර චෝදනා ආවත් ඒ නිර්මාණය නිවැරදි නම් එය හොඳ නිර්මාණයක් බව තමයි කියන්න තියෙන්නේ.

*ඔබට ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර අතරින් රසිකාවියන්ගෙන් ආදර යෝජනා ලැබිලා නැද්ද?

රසිකාවියන්ගෙන් ආදර යෝජනා ලැබිලා නෑ. මොකද මගේ පළමුවැනි සම්මුඛ සාකච්ඡාව තිබුනෙත් ටීවී දෙරණෙ. එතනදී පෙම්වතියක් ඉන්නවද කියලා මගෙන් අහපු ප්‍රශ්නෙට මම කිව්වේ ඔව් මට පෙම්වතියක් ඉන්නවා කියලා. එදා ඉඳන්ම මම කිව්වා මට පෙම්වතියක් ඉන්නවා කියලා. ඒ වගේම මම ලබන වසරේ විවාහවෙන්නත් තීරණය කරල තියෙනවා. ඉතින් මට ආදර යෝජනා ලැබුණෙත් නෑ. ඒ වගේම එහෙම ආදර යෝජනා එන්න තරම් ලස්සන පුද්ගලයෙකුත් නෙමෙයි මම.

*පෙම්වතිය ගැන අපි කතාකරමු?

ඇය නීපමා. එයා නමේ ඉතුරු කොටස කියන්න එපා කියලා කිව්වා. නීපමා කියන්නේ පමාවක් නෑ කියලා නෙමේ. උපමාවක් නෑ කියන එකයි. ඇය ඉගෙන ගත්තේ විශාකා විද්‍යාලයේ. අපි යාළුවුණේ ගම්පහ පොතුපිටිය මිස්ගේ රසායනික විද්‍යාව පන්තියේදී‍. ඊට කලින් අපි සාමාන්‍ය පෙළ පන්ති වලට ගියා. ඒ කාලේදී අපි, අපි දෙන්නව දැකලා තිබුණා. ඊට පස්සේ පොතුපිටිය මිස්ගේ පන්ති ගියේ. ඉගෙනගන්න කියලා ගියාට ඇත්තටම ඉගෙනගත්තේ නෑ. මම ඇයට මුලින්ම ගීතයක් කිව්වා කෙතරම් කිව්වත් වැටහෙන්නේ නෑ කියලා. ගීතය ලිව්වෙත් මම. දැන්නම් කියද්දි ලැජ්ජයි. දැන් අපි දෙන්නගේ ආදර කතාවට වසර 8ක් ගතවෙලා. මම ගායකයෙක් වෙන්න කලින් ඉඳලම ඇය මා එක්ක හිටියා. ඉතින් එයා මාව ගොඩක් තේරුම් අරන් ඉන්නේ. ඇය දැනට රජයේ බැංකුවක සේවය කරනවා.

*ජනප්‍රියත්වයත් එක්ක පෞද්ගලික ජීවිතය සාර්ථක කරගන්න අපහසුයි කියන මතයට ඔබ එකඟද?

මම තවම විවාහ වෙලා නැහැනේ. මට හිතෙනවා මම මේ යන විදිහ අනුව මට ප්‍රශ්නයක් වෙන එකක් නෑ. එයාට හංගන්න දෙයක් මට නෑ. එයාටත් මගෙන් හංගන්න දෙයක් නෑ. අපි දෙන්නගේ ක්ෂේත්‍ර 2 වෙනස්. ඒක ලොකු දෙයක්. ඒ ගැන මම සන්තෝෂ වෙනවා. මේ ක්ෂේත්‍රයෙන්ම කෙනෙක් හොයාගත්තොත් ප්‍රශ්න ඇතිවෙන්න පුළුවන්. මම මේ ක්ෂේත්‍රයට එන්න කලින් ඉඳලමයි මගේ පෙම්වතියව දන්නේ. ක්ෂේත්‍රයට ඇවිත් වසර 3 ක් විතර ඉඳන් ඇයව ඇසුරු කරනවා. ජනප්‍රියත්වයක් එක්ක වසර 2ක් විතර ඉඳන් මම ඉන්නවා. අපි දෙන්නා අතර ජනප්‍රියත්වය නිසා කිසිම ප්‍රශ්නයක් ඇතිවෙලා නෑ. ඉතින් විවාහයෙන් පස්සෙත් ඒ දේවල් ඒ විදිහටම තියෙයි කියලා හිතෙනවා. ඒක විවාහවෙලාම බලන්න ඕන. විවාහ වෙලා අවුරුද්දකින් විතර සම්මුඛ සාකච්ඡාවක් තියන්න. එතකොට මම කියන්නම්.

*කටකතා සම්බන්ධ අත්දැකීම් මොනවගේද?

ගැහැණු ළමයි සම්බන්ධ කරලා මට කිසිම කටකතාවක් නෑ. කවුරුත් විශ්වාස කරන එකක් නෑ. නැත්නම් කටකතා තියෙනවා. මම මාධ්‍යවේදීන්ට කතාකරන්න දන්නේ නෑ, ඉන්න අයත් එක්ක තරහෙන් ඉන්නේ, මම බොහොම අධිතක්සේරුවකින් ඉන්නෙ. ඔය වගේ දේවල්. නමුත් ඒ කිසිකෙනෙක් මාත් එක්ක පෞද්ගලිකව කතාකළ අය නෙමෙයි. මාත් එක්ක වැඩ කළ අය දන්නවා මම කවුද කියලා. ඒ වගේ බොහොම සුළු කටකතා තමයි හැඳිලා තියෙන්නේ. ඒ හැරුණම නිළියක් හෝ ගායිකාවක් සම්බන්ධ කරලා කිසිම කටකතාවක් නෑ.

HARD TALK

*කලාකරුවන් දේශපාලනයට පිවිසීම ඔබ අනුමත කරනවද?

අනුමත කරනවා.

*ගායන හැකියාවට අමතරව ඔබේ ජීවිතයට ඔබ ලබාගන්න කැමති වෙනත් කලා හැකියාවක්?

ඡායාරූපකරණය

*ඔබේ ජීවිතයේ ඔබ අත්විඳි කිසියම් අත්දැකීමක් වෙනස්කරගන්න අවස්ථාවක් ලැබුණොත් ඔබ වෙනස්කරන අත්දැකීම මොකක්ද?

කිසිම අත්දැකීමක් වෙනස්කරන්න කැමති නෑ.

*ඔබේ සහකාරියගෙන් ඔබ පළමුවෙන්ම බලාපොරොත්තු වූ ගුණාංගය?

අවංක බව

*ගායන ශිල්පීන් සිය ගීත නිර්මාණ වාණිජ අරමුණු වෙනුවෙන් යොදාගැනීම ඔබ අනුමත කරනවාද?

අනුමත කරනවා.

විකී ලීක්ස් වෙබ් අඩවියෙන් පෙන්වන අමෙරිකාවේ නිරුවත

විකිලීක්ස් වෙබ් අඩවිය හරහා රහස් තොරතුරු රැසක් අනාවරණය කිරීම ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති කාර්යාලය විසින් නිවේදනයක් නිකුත් කරමින් දැඩි ලෙස හෙළා දැක තිබේ.

එමෙන්ම ඉදිරියේදී ‍මෙසේ ආරක්ෂාව පිළිබඳ රහසිගත තොරතුරු අනාවරණය වීම වැළැක්වීම සඳහා නිසි ක්‍රියා මාර්ග අනුගමනය කිරීමට කටයුතු කරන බව ද මෙම නිවේදනයෙන් අවධාරණය කර ඇත.

මෙම කේබල් පණිවිඩ අමෙරිකානු විදේශ ප්‍රතිපත්තියේ ප්‍රාථමික හා අසම්පූර්ණ ප්‍රකාශනයක් පමණක් බවත් මෙම නිවේදනය නිකුත්කරමින් අමෙරිකානු තානාපති කාර්යාල මාධ්‍ය ප්‍රකාශක ග්ලේන් ඩේවිස් සඳහන් කර තිබේ.

එමෙන්ම මෙම පණිවිඩ තුළින් අමෙරිකානු විදේශ ප්‍රතිපත්තිය ඒ ලෙසම ඉදිරිපත් වන බවට ස්ථිර නිගමනයකට එළඹිය නොහැකි බව ද ඔහු අවධාරණය කරයි.

එමෙන්ම මෙසේ හෙළිවූ කරුණු පිළිබඳව අමෙරිකාව කිසිදු ප්‍රකාශයක් සිදුනොකරන බව ද ඔහු ප්‍රකාශ කරයි.

උදාරිගෙන් ඔඩෙල් එකට විරුද්ධව පැමිනිල්ලක්

තමා ඉකුත් සැප්තැම්බර් 24 වන දින කොළඹ 7 පිහිටි ඔඩෙල් වෙළද සලෙන් නිමි ඇදුම් මිලදී ගැනීමට ගිය බවත් එහිදී තම විසින් තොර ගනු ලැබූ ඇදුම් තමාට ගැලපේදැයි පරික්ෂා කර බැලීමට ආයතනය තුල වූ කාමරයට ගිය බවත් එහිදී එම ස්ථානයට ආයතන සේවිකාවක් වන වරුනි චන්දිමා ද සිල්වා පැමිණ පරික්ෂා කිරීමටයි පවසමින් ආයතනයේ සාකච්චා පවත්වන කාමරයට තම රැගෙන ගිය බවත් එම අවසථාවේදී අදාළ ස්ථානයට ආයතනයේ සේවක සේවිකාවන් තමාව දන ගස්වා මිලදී ගැනීමට තෝරා ගත එම ඇදුම් තමාගේ කර වට දමා අවට බිම විසුරුවමින් තමාට ශාරීරික හා මානසික වද ලබා දෙමින් ජායාරුප ලබා ගත් බවත් එම ජායාරුප එක්තරා වෙබ් අඩවියක් හරහා ප්‍රසිද්ධ කොට ඇති බවත් (මේ වනවිට එම ජායාරුප සහිත ලිපිය එම අඩවිය ඉවත්කොට ඇත) ටෙලිනාට්‍ය නිළි උදාරි චාමිකා රහස් පොලිසියට ප්‍රකාශ කොට ඇත.
 

තමාගේ අවසරයකින් තොරව ජායාරුප ගැනීම,ශාරීරිකව මානසිකව වද හින්සා පැමිණවීම ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 341,342,483 යන වගන්තිවල වරදවල් පැමිණිලිකාරියට එරෙහිව කොට ඇති බවත් ඒ පිළිබව විමර්ශනය කරන බවත් රහස්පොලිසිය අධිකරණයට දන්වා ඇත. 


පසුගිය දිනවල ඔඩෙල් වෙලදසැලෙන් රෙදි සොරකම් කොටවැරදිකාරිය වූ ටෙලිනාට්‍ය නිළි උදාරි චාමිකා වර්ණසූරිය එම සාප්පුවේ සේවකයන් පිරිසකට එරෙහිව පැමිනිල්ලක් කොට තිබෙනවා.ඒ තමා දණ ගස්වා එම රෙදි සමග පින්තූර ගත් බව කියමින්. ඒ අනුව රහස් පොලිසිය ඒ පිලිබද විමර්ශන කටයුතු ආරම්භ කර ඇති අතර එහිප‍්‍රගතිය වාර්තා කරන ලෙස කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් රශ්මි සිංගප්පුලි මහතා රහස් පොලිසියට අද නියෝග කෙළේය.

අප වෙත වාර්තාවන පරිදි ඇය රෙදි සොරකම් කොට අසුවූ අවස්තාවේ පොලිසියට කතා නොකොට ඔඩෙල් හිමිකාරිනිය වන ඔටාරා ගුණවර්ධනගේ උපදෙස් මත ඇයගේ පෞද්ගලික ආරක්ෂක භටයා විසින් ඇයව බලෙන් දණ ගස්වා ඇත.

ආචාර්ය වික්‍රමබාහු කොටි වෙනුවෙන් පෙනී සිටියි!

ලංකාවේ උතුරු , නැගෙනහිර පළාත්වල ප්‍රජාතන්ත්‍රවාදය යලි පිහිටුවිම සම්බන්ධයෙන් ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න මහතා සහ බ්‍රිටිෂ් ටැමිල් ෆෝරම් යන සංවිධානය අතර එකගතාවක් ඇතිකරගෙන තිබෙනවා.

මෙහි ප්‍රතිපලයක් ලෙස පසුගිය 25 වනදා එක්සත් රාජධානිය බලා පිටත් වූ ආචාර්ය වික්‍රමබාහු මහතා එහි South Harrow හි බ්‍රිටිෂ් ටැමිල් ෆෝරම් විසින් සංවිධානය කරන ලද උත්සවයක් අමතා කතාවක්පවත්වා තිබෙනවා.මෙම උත්සවය මහා විරු දිනය සමානව පැවැත් වූ උත්සවයක්.එහිදී සිදු කෙරුනේ යුද්ධයෙන් මිය ගිය LTTE සාමාජිකයන් සිහිපත් කිරිමයි.
LTTE සංවිධානය විසින් කලකට පෙර නිකුත් කල ඇති දැන්වීමක ඔවුන්ගේ එක් සලකුණක් වන නියගලා මල ඇති අන්දම බලන්න. එමෙන්ම ආචාර්ය වික්‍රමබාහු සහබාගි වූ උත්සවයදී ද එම ලකුණ ඇති අන්දම බලන්න. 



  
පහත දැක්වෙන්නේ කොටි විසින් මහවිරු දිනය වෙනුවෙන් සැකසු පෝස්ටරයක්.එයට සමානව ආචාර්ය වික්‍රමබාහු සහබාගි වූ උත්සවයෙහි වේදිකාව සකස්කොට ඇත. 



ඔහු විසින් කල කතාව 


Monday, November 29, 2010

අග පසග වීඩියෝ කරන කැගලු දොස්තර අත් අඩන්ගුවට

w`.mi. ùäfhda lrk lE.¨ ffjoHjrhd w;awvx.=jg   ldka;djkag m%;sldr lrk w;r;=r Tjqkag fkdoefkkakg Tjqkaf.a w`.mi`. ùäsfhda má.; lsÍug ,la lrk ffjoHjrfhl= lE.,a, fyïud;.u§ Bfha rd;%sfha§ w;awvx.=jg m;aj ;sfnkjd' úfYaIfhkau nd, jhia ;reKshka b,lal lr fï lghq;a; Tyq isÿ lr ;sfnkjd'Tyqf.a m%;sldr uOHia:dkhg ldka;djka meñKs úg f,v frda. mÍlaIdjkays§ Tjqkaf.a w`.mi`. ksrdjrKh flfrk ;ekaj, ryia leurd WmlrK iú lr ;snQ nj;a tajd Tjqkf.a lsisÿ ±kqula ke;sj ùäfhda .;ù ;sfnk nj;a fmd,sishg y÷kd.kakg ,eî ;sfí'
fï .ek iel we;s lr.;a ;reKshlf.a meñKs,a,la u; cd;sl
o¾Yko yiqù ;sfí'
iellre wo udjke,a, ufyaia;%d;a wêlrKhg bÈßm;a lsÍug kshñ;h'

සෝමරත්නට රෝයල් ප්‍රහාරයක්

fidaur;akg frdah,a m%ydrhla
bßod Wofha fldksfhdacH fmd,siam;sjrfhl=f.a mq;l= hhs y÷kajd.;a mqoa.,fhl= ;udg ;¾ckh l< nj 
fidaur;ak uy;d l=re÷j;a; fmd,sishg l< meñKs,af,a igykah'
;ud tu W;aijh i|yd iyNd.Sùug ìß| iu. úÿy,a N+ñhg we;=¿jkakg ;e;a lroa§ jdykfha we;=¿ùfï wjirh msfuhska wk;=rej jdykh we;=¿ lr W;aijhg iyNd.S jqK kuq;a kej; jdykh <`.g tk úg olakg ,enqfka jdykfha me;s lKakdä lvd oud we;s wdldrh;a jdykfha ;eka ;ekaj, ;Skaf;ka wiNH jpk ,shd we;s wdldrh;a nj 
fidaur;ak uy;d fmd,sishg lshd ;sfí'
mÍlaIK mj;ajk fmd,sish lshkafka fuu isiqjd ±ka w;=reoykaj we;s njls'
fï w;r fuu .eg¨j ms
fidaur;ak uy;d w;r wdrjq,l m%;sM,hla neúka fï i|yd úÿyf,a j.lSula ke;s njh' fidaur;ak uy;d tod meñK we;af;a tu W;aijfha m%Odk wuq;a;d f,i iyNd.Sùugh'

Sunday, November 28, 2010

මෙගාස්ටාර් තරගයේ මාර්කටින් ප්ලෑන් ගැන රජිව් හෙළි කරයි

මෙවැනි තරග විනිශ්චය කිරීමේදී ඔබට බලපෑම් ඇතිවුනේ නැද්ද?   

අවසාන තරගයට කලින් නිෂ්පාදන කණ්ඩායමේ කෙනෙක් අපි හමුවෙන්න ආවා.ඔහු කිව්වා සුරෙෂ්ට ප්‍රේක්ෂක ආකර්ෂණය අඩු බව.අජිත් වගේ කෙනෙක් අවොතින් මිනිස්සු උඩ යාවි. 
 වැඩසටහනට "මාර වටිනාකමක්" ඒවි කියලත් කිව්වා. 
එනිසා පරිස්සමින් ලකුණු දෙන්න කියන දේ අපිට කිව්වා. 

හරි විදියට නම් අවසන් තරගයට එන්න තිබුනේ උපේක්ෂ ,සුරේෂ් හා දයාසිරි.සුරේෂ් තුන්වෙනියා කිරීමෙනුත් උපේක්ෂා හතරවෙනිය කිරීමෙනුත් ඔවුන්ට ලොකු අපහාසයක් කළා.සජිවිව හොදින් ගිත ගායන කලේ දයාසිරි ජයසේකර.

සුපිරි තරු තෝරන වැඩසටහනකදී ඔබට සමහර අය කිව්වා ඔබේම කියල ගීතයක් නැහැ කියල. මේ නිසාද ඔබ සංයුක්ත තැටියක් කලේ?

ඔතන සමහර අය කියන වචනය පාවිච්චි කරන්න එපා. ඔය කතාව කිව්වේ අජිත්.මට ජනප්‍රිය වුන මගේම ගීත තියනවා.විදුරු මල්,කැළණි විහාරය කියන ගීත ජනප්‍රියයි.මම ජනප්‍රිය වුනේ එස්.එම්.එස් වලින් නෙවෙයි.හැබෑ ජනතා කැමැත්තෙන්.සල්ලි වියදම් කරලා මම ගායකයෙක් වුනේ නෑ.


ඔය කියන පුද්ගලයට සින්දුවක් තියා කවියක්වත් හරියට කියන්න බෑ කියල ප්‍රේක්ෂකයන් දැක්ක.ඔහු වරක් මට නරියා කියන වචනය බාවිතා කළා.ඒ වෙලාවේ ෂර්ලි කිව්වා මේ සිද්දිය දන්නා එපා කියා, මම ස්වර්ණවාහිනියට කිව්වා "නැහැ දාන්න කියල".කතාබහකින් පස්සේ ප්‍රේක්ෂකයා තේරුම් ගන්නවා ඔය කියන පුද්ගලයා මොන විදියේ කෙනෙක්ද කියල. 
දීර්ඝ කාලයක් ඉදල අවසාන තරගයට සහබාගි වෙන්න බැරිවුණා එක ගැන මොකද හිතෙන්නේ? 
එක මගේ ජිවිතයේ ගනු ලැබූ හොදම තින්දුවක්.කාලකන්නි අත්දැකීමක් ලබාගෙන එකෙන් සල්ලි ගන්නවට වඩා පුරුදු රස්සාවෙන් සල්ලි ටිකක් හම්බ කරගැනීම ගැන සතුටු වෙනවා.

ලංකාවේ සමලිංගික ක්‍රීඩා උත්සවයක්


ශී‍්‍ර ලංකාවේ සිටින සමලිංගිකයන්ගේ හමුවක් ඊයේ (27) නාරාහේන්පිට ශාලිකා ක්‍රීඩා භූමියේ පවත්වා ඇත.මෙය නම්කොට තිබුනේ "daiversity gaymes " යනුවෙනි.ඒ ජාත්‍යන්තරව පවත්නා "Gay gaymes " අනුකරණය කරමිනුයි..මෙය සංවිධානය කොට ඇත්තේ "ගමන් මගෙහි සහකරුවෝ"නමැති සංවිධානයක් විසිනි.ඊයේ පවතී මෙම උත්සවයේ තේමාව වී ඇත්තේ"එළිපිට ආඩම්බරයෙන් කෙලි...මු"යන්නයි.

එහිදී සහබාගි වූ සමලිංගිකයන්ට එල්ලේ,දැල්පන්දු වැනි කණ්ඩායම් තරග,කෙටිදුර ධාවන තරග,දිගු දුර ධාවන,උස පැනීම ආදී තරග පවත්වා තිබේ.මෙම ක්‍රීඩා උළෙල පැවැත්වීම සදහා ඔවුන් මුදල් රැස්කොට තිබුනේ 
 පසුගිය 28 වනදා BMICH හි පවතී "PINK BALL 2" නම් ප්‍රිය සම්බාෂණය හරහායි. 

ලංකාවේ ක්‍රියාත්මකවන නීතියට අනුව සමලිංගික කි‍්‍රයාවන්හි යෙදීම දඬුවම් ලැබිය හැකි වරදක් වන අතර මෙම සංවිධානයේ මුලික අරමුණු අතර ලංකාවේ ව්‍යවස්ථා සංශෝදනයක් මගින් එම නිතිය ලිහිල් කරගැනීමද පවතී. 

විලියම් - කේට් විවාහ ගිවිසුමෙන් පසු ලක් නිල් මැණික් ඉල්ලුම ඉහළට

විලියම් - කේට් විවාහ ගිවිසුමෙන් පසු ලක් නිල් මැණික් ඉල්ලුම ඉහළට

නොවැ.28- ශ්‍රී ලංකාවේ නිල් මැණික් සඳහා ලෝක වෙළෙදපොලේ ඉල්ලුම විශාල ලෙස ඉහළ ගොස් තිබේ.
බ්‍රිතාන්‍ය විලියම් කුමරු සහ කේට් මිඩ්ල්ටන් අතර විවාහ ගිවිස ගැනීමේ සිද්ධිය එයට හේතුවී ඇත.

ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති අනිල් කොස්වත්ත මහතා පැවසුවේ විලියම් කුමරු මිඩ්ල්ටන් කුමරිය වෙත පළඳන ලද මුදුවේ ඇති ප්‍රධාන නිල් මාණික්‍ය ශ්‍රී ලංකා‍වේ රත්නපුර ප්‍රදේශයෙන් ලබාගත් එකක් බවය.

මංගල රජයට වාසනාවත්, විපක්ෂයට අවාසනාවත් ගෙනා 8 ගැන කියයි

අංක 08 යනු වත්මන් රජයට වාසනාවන්ත අංකයක් බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා පවසයි. එමෙන්ම එම අංකය විපක්ෂයට අසුබ අංකයක් බව ද ඔහු පෙන්වාදෙයි. 

අයවැය දෙවන වර කියවීමේ විවාදය පැවති අද (27) දිනයේ පාර්ලිමේන්තුවේදී මංගල සමරවීර මහතා මෙම අදහස් පළ කළේය. 

වත්මන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පළමුවර බලයට පත්වූ 2005 ජනාධිපතිවරණය පැවතියේ නොවැම්බර් මස 17 වන දින බවත්, එම දිනය එකතු කළ විට අගය 08 බවත් ඔහු මෙහිදී පෙන්වාදුන්නේය. 

එමෙන්ම රාජපක්ෂ මහතා දෙවන වර බලයට පත්වූ 2010 ජනාධිපතිවරණය පැවැත්වූයේ ජනවාරි මස 26 වන දින බවත් එම දිනය එකතු කළ විට අගය 08 වන බව ද මෙහිදී සමරවීර මහතා සඳහන් කළේය. ඒ අනුව අංක 08 යනු රජයට වාසනාවන්ත අංකයක් බව ඔහු කියා සිටියේය. 

එමෙන්ම සන්ඩේ ලීඩර් පුවත්පතේ කතෘ ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනයට ලක්වූයේ 2009 වසරේ ජනවාරි මස 08 වන දින බවත්, ඔහුගේ සමීප මිතුරෙකු වන ශ්‍රීපති සූරියආරච්චි මහතා 2008 වසරේ පෙබරවාරි මස 08 වන දින හදිසි අනතුරකින් මරණයට පත්වූ බවත් සමරවීර මහතා පෙන්වාදුන්නේය. 

හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතා අත්අඩංගුවට පත්වූයේද 2010 පෙබරවාරි මස 08 වන දින බව ඔහු පෙන්වාදුන්නේය. ඒ අනුව රජයට වාසනාවන්ත වූ අංකයක් එලෙසම විපක්ෂයට අවාසනාවන්ත වී ඇති බව මන්ත්‍රීවරයා අවධාරණය කර සිටියේය.

මර්වින් සිල්වා අමතන්න

uyck;djg mSvdjg m;ajk lsishï lghq;a;la isÿjkjd kï 
u¾úka is,ajd wu;kak

uyck iïnkaO;d yd uyck lghq;= weu;s u¾úka is,ajd ish wud;HxYfha jev ndr.ekSfuka miq le,Ksh je| mqod .;a wjia:dfõ udOH fj; woyia m< lrñka fufia lshd isáfhah'
ug ,enqfka ,xldfõ ;sfnk wuq;=u wud;HxYhla'fuh ck;dj i|ydu jev lrk mq¿,a úIhla'
fldfya yß uyck;djg mSvdjg m;ajk lsishï lghq;a;la isÿjkjd kï u¾úka is,ajd wu;kak'''
ck;dj fjkqfjka fkdìhj ud fmkS isákjd' uf.a <`. nUre keye fonre keye''iS.sß ., jf.a fkdie,S rg ixj¾Okhg jev lrkjd''ud <`. fjÜg ms;a;,fhd iudc ¥Ilfhd keye''
ud wereKdu b;sydifhau le,Ksfhka leìkÜ weu;sjreka ìys fj,d ;sfhkafka isß,a ue;sõ" wd¾ tia fmf¾rd hk wh muKhs'
ckdêm;s;=ud ud .ek ±ä úYajdihla ;shk yskaohs fï wud;HxYh ug Ndr ÿkafka''
ug l;d lrkak''''Tn ud weu;=fjd;a ux t;ek we;s''

Saturday, November 27, 2010

ජනප්‍රිය හින්දා කටකතා හැදෙනවා ඇති - සමිතා

ජනප්‍රිය හින්දා කටකතා හැදෙනවා ඇති - සමිතා 


මොකක්‌ද මේ දවස්‌වල පැතිර යන කට කතාව ?
ඒකනම් මම දන්නේ නැහැ. ඒවා හදන කට්‌ටියගෙන්ම තමයි අහන්න වෙන්නේ. මම ඔය සම්බන්ධව කිසි දෙයක්‌ දන්නේ නැහැ.

ඔබ අතුල සමග දික්‌කසාද වෙන්න යනවා කියන්නේ ඇත්තද?
මම ඉන්නේ එයත් එක්‌ක තමයි. 

එහෙනම් අතුල විවාහ වෙන්න යනවා කියන්නේ ?
අතුල මාත් සමග විවාහ වෙලයි ඉන්නේ. 

ඇයි මේ වගේ කට කතා හැදෙන්නේ ?
අපි සංගීත ක්‍ෂේත්‍රයට ඇතුළු වුණ මුල් කාලයේ පටන් ජනප්‍රිය නිසා මේ වගේ කට කතා හැදෙනවා ඇති.

මේ දේවල් නිසා ඔබ විදෙස්‌ගත වෙන්න යනවා කියන්නේ ඇත්තද?
මමවත් දන්නේ නැහැ මම විදෙස්‌ ගත වෙන්න යනවා කියලා. අනිත් කට්‌ටිය කොහොම දන්නවද කියලා මම නම් දන්නේ නැහැ.
  


කොහොමද අතුල සමග ගෙවීගිය කාලය ?
සතුටින් ගෙවී ගියා. 
අපවෙත වාර්තා වන අන්දමට අතුල දැන් ප්‍රසිද්ධියේම සිය නව පෙම්වතිය සමග ගමන් බිමන් යෙදෙනවාලු.

අපිට නම් තාම එහෙම හදිසියක්‌ නැහැ - නෙහාරා පීරිස්

අපිට නම් තාම එහෙම හදිසියක්‌ නැහැ - නෙහාරා පීරිස්



වැඩිපුර කැමැති කළු අයටලු නේද? 
ඔව්. මම හිතන්නේ මගේ පාටට වඩා වෙනසක්‌ තියෙන නිසා වෙන්න ඇති එහෙම කැමැත්තක්‌ තියෙන්නේ.
 
පොඩියට සිටියට හැමෝත් එක්‌කම රණ්‌ඩු වෙනවා නේද?
අනේ මම එහෙම කෙනෙක්‌ නෙමෙයි.

එහෙනම් සමහර අය ඉන්න වැඩවලට යන්නේ නැත්තේ ඇයි?
සමහර අය ඉන්නවා එකට වැඩ කරන්න ආශ්‍රය කරන්න අමාරුයි. එහෙම අය ඉන්න තැන්වලට නම් මම යන්නේ නැහැ තමයි. නිතරම ඉරිසියාවෙන් ඉන්න මූණ ඇඹුල් කරගෙන ඉන්න අයත් එක්‌ක වැඩ කරන්න අමාරුයි.

රංගනයෙන් යෑපෙන්නේ නැත්නම් ඇයි ඔයා අසාධාරණ විදිහට ලොකු ගාණක්‌ ඉල්ලන්නේ.? 
මම හිතන්නේ නැහැ මම යම්කිසි නිර්මාණයකට ඉල්ලන මුදල අසාධාරණය කියලා. අපේ වටිනාකමට හොඳ මිලක්‌ තිබිය යුතුයි. මගේ මුදල දෙන්න බැරිනම් මම යන්නේ නැහැ.

දෙන්නෙක්‌ කසාද බැන්දම දරුමල්ලන්ගේ මූණබලන්න තියෙන්නෙ පුදුම හදිස්‌සියක්‌?
අපිට නම් තාම එහෙම හදිසියක්‌ නැහැ. මහත්තයටත් එහෙමයි.

ඇයි මහත්තයා කැමැති නැද්ද දැන්ම දරු සුරතල් දකින්න ?
එහෙම අකැමැති නිසා නෙමෙයි එයා කියනවා මමත් තාම පොඩි නිසා එයාට එක පාරට බබාල ගොඩක්‌ බලා ගන්න බැහැ කියලා.

එහෙම නම් ඇයි මේ පුංචි වයසෙන්ම කසාද බැඳගත්තේ.
අපි දෙන්න ආදරය කළා . ඉතින් අපිට හිතුනා. ඇයි අපි තවත් පරක්‌කු වෙන්නේ. අනිත් එක තමයි එයාගෙන් ලැබෙන සහයෝගය මට ගොඩක්‌ වටිනවා. ඒවගේම කට කතා හැදෙන ප්‍රමාණයත් ටිකක්‌ අඩු වෙනවනෙ. ගොඩක්‌ අය බඳින්නේ නැත්තේ ජනප්‍රියත්වය අඩුවෙවි කියල බයට. නමුත් මට එහෙම දෙයක්‌ බලපෑවේ නැහැ.

ඒ කියන්නේ දැන් කට කතා නැහැ කියලද? 
කට කතා හැදෙන එකනම් නතර වෙලා නැහැ. ඒත් දැන් එයා මං ගැන හැමදේම දන්නවනේ .
 

එයා වර්ණකුලසූරිය. මම වර්ණසූරිය -උදයකාන්ත

එයා වර්ණකුලසූරිය. මම වර්ණසූරිය -උදයකාන්ත


එක වගේ නමක් නිසා උදයකාන්ත වර්ණසූරියට මේ දිනවල මුහුණ දෙන්න වෙලා තිබෙන්නේ ලොකුම අකරතැබ්බයකට. පසුගිය දිනවල වංචා සිද්ධියකට නම ගෑවුණු නිළියක් වන උදාරි චාමිකාගේ නමේ අග කොටස උදයගේ නමේ අග කොටසට ගළපගෙන බොහෝ දෙනෙක් ඔහුට දුරකථන ඇමතුම් දෙනවාලු. 
සමහර දවසට රාත්‍රි කාලයේත් ඔහුට මේ දුරකථන ඇමතුම් සඳහා පිළිතුරු දෙන්නට වෙනවාලු. කෙසේ නමුත් මේ ප්‍රශ්න අහන හැම දෙනාටම ඔහු කරුණු පැහැදිලි කරන්නට පසුගිය දිනක අපිත් සමඟ එක්වුණා.

ඇත්තට බොහෝ දෙනෙක් ප්‍රශ්න කරන්නේ ඒ නිළිය මගේ ඥාතියෙක්ද කියලා අහලයි. සමහරු මගෙන් අහනවා ඒ මගේ දුවද කියලත්. ඉතින් මේ ප්‍රශ්නෙදි මට කියන්න තිබෙන්නේ ඔය කියන නිළිය මගේ චිත්‍රපටයකින් ක්ෂේත්‍රයට ආවා තමයි.

ඒ ආවෙත් සම්මුඛ පරීක්ෂණයකින් තේරිලා.ඒ ඇරුණම ඇයත් සමඟ මගේ කිසිම ඥාති සම්බන්ධයක් නෑ. අනිත් පැත්තෙන් නම් දෙකේත් පොඩි වෙනසක් තිබෙනවා. ඇය වර්ණකුලසූරිය. මම වර්ණසූරිය. 

මේ දෙක පටලවාගෙන තමයි බොහෝ දෙනෙක් මගේ ඥාතියෙක් කියලා හිතලා මට දුරකථන ඇමතුම් දෙන්නේ.

කත්‍රිනා ඇඳුම ගලවලා

කත්‍රිනා ඇඳුම ගලවලා

කත්‍රිනා කායිෆ් බොහෝ විට රිදී තිරයේ දක්නට ලැබෙන්නේ තම සිරුරේ පියකරු බව නො මඳව ප්‍රදර්ශනය කරන්නියක ලෙසිනි.
පසු ගිය සතියේ දිනක ඇයගේ නවතම සිනමා පටය වන ‘තීස් මාර් ඛාන්’ හි ‘ෂීලා කි ජවානි’ ගීතය රූගත කෙරුණු අතර ඇයට එම ගීතයට ඇඳ සිටි ඇඳුම සම්පූර්ණයෙන්ම ගළවා දැමීමට සිදු වී තිබේ.
කත්‍රිනා ගීතමය ජවනිකාවට පෙනී සිට ඇත්තේ සුදු පැහැති සැටින් රෙද්දකින් පමණක් සැරසීලයි. ෆාරා ඛාන් මේ පිළිබඳව කත්‍රිනාට පැවසූ විට ඇය ඊට වචනයකිනුදු විරෝධය පා නැත. කත්‍රිනාගේ කැප වීම ෆාරා මහත් සේ අගයන්නීය.
මේ ගීතමය ජවනිකාවේ කත්‍රිනා අඩි දහයක් දිග කැරකෙන මේසයක සිට නර්තනයේ යෙදෙන අතර ඇය වටා පිරිමි නැටුම් කණ්ඩායමක් සිට තිබේ.
‘ෂීලා කි ජවානි’ ගීතමය ජවනිකාව දින පහක් පුරා රූගත කර ඇත. අධ්‍යක්ෂිකා ෆාරා ඛාන්ගේ ‘තීස් මාර් ඛාන්’ තිරගත වීමට නියමිත දෙසැම්බර් 24 වෙනිදායි. එනම් හරියටම නත්තල් දිනයේදී

යි.





ගුෂාරිස් නිසා මිනිත්තු 15 ක හාදුවක්


තම කඩවසම් නළු සැමියා වෙනත් රූමතියක් සමඟ ආදර ජවනිකා රඟනවා නැරැඹීමට පවා බොහෝ බිරියන් අකැමැතියි. එහෙත් බොලිවුඩයේ ග්‍රීක රුවක් තරමටම කඩවසම් රිතික්ගේ බිරිය සුසේන් නම් ඊර්ෂ්‍යාවත් සැමියාගෙ සාර්ථකත්වය වෙනුවෙන් පරිත්‍යාග කර ඇති ලලනාවකි.
‘ගුෂාරිස්’ නැරැඹූ සුසේන්, ඔහුට මිනිත්තු 15 ක දිග හාදුවක් දී තිබේ. ඇය මෙතෙක් දුටු රිතික්ගේ විශිෂ්ටතම රංගනය මෙය බව පවසා ඇත.
කෙසේ වුවත් රෝගියකු ලෙස රඟන රිතික් සහ හෙදියක සේ රඟන ඓශ්වර්යා සිනමා පටයේ ප්‍රවර්ධන කටයුතු තිබෙන අතරවාරේ තදින් උණ රෝගයට ගොදුරු වී තිබේ. 
ඓශ්වර්යා උණ නිසා ප්‍රවර්ධන කටයුතුවලට සහභාගි නො වුණත් රිතික් උණ තිබියදී ‘සී’ රූපවාහිනී නාලිකාවේ ගායන වැඩ සටහනකට සහභාගි වී ඇත්තේ තදින් උණ තිබියදීය.
ගුෂාරිස් සැප්තැම්බර් 23 තිරගත කිරීමට මුලින් නියමිතව තිබුණ ද පසුව තිරගත කරන දිනය නොවැම්බර් 19 දින දක්වා කල් ගියේය. දැන් එය ලංකාවේ ද තිරගත වෙයි.

හායි හැන්ඩ්සම්!


ජෝන් ඒබ්‍රහිම් කඩවසම් බවෙන් ලොවම දිනා ගත් නළුවෙකි. මෑතකදී ප්‍රධාන පෙලේ හොලිවුඩ අන්තර් ජාල විමසුමකදී ලොව කඩවසම් පිරිමින් විසි පස් දෙනා අතරට තිස් හත් හැවිරිදි ජෝන් ඒබ්‍රහිම් ද එක් වී තිබේ.
මේ කඩවසම් නළු ලැයිස්තුවට ඔහු එක් වී සිටින්නේ ඩේවිඩ් බෙකම්, ජොනතන් රයිස්, ජොනී ඩෙප් වැන්නන් ද සමඟයි.
ජෝන් පවසන අන්දමට ජෝජ් ක්ලූනි වැනි නළුවන් හතළිස් හත් හැවිරිදි වියේදීත් කඩවසම් පෙනුමෙන් සිටින්නේ හොලිවුඩ තරු රුව රැක ගනිමින් වයස් ගත වීමේ කලාව දන්නා නිසයි. බ්‍රැඩ් පිට්, පියර්ස් බ්‍රොස්නන්, විවෘතව වයස ප්‍රකාශ කරන අතර පෙනුම රැක ගැනීමේ රහස ද දනී. 
එහෙත් බොලිවුඩ් තරු සැම විටම උත්සාහ කරන්නේ ඉලක්කම්වලින් වයස අඩු කර පැවසීමට පමණක් බව ඔහු කියයි.
කඩවසම් බවෙන් ආකර්ෂණීය වීමට වගේම මේ දිනවල හතුරු අයගේ සිත මිතුරු කර ගැනීමට ද ඔහුට වාසනාව ලැබී තිබේ. සල්මන් ඛාන්, ජෝන්ගේ දිගුකාලීන සතුරෙකි. එහෙත් ඊයේ පෙරේදා දෙදෙනා සියලු නො මනාපකම් පසෙක තබා ‘දේසි බෝයිස්’ දර්ශන තලයේදී එකිනෙකාව සිප වැළඳ ගෙන ඇත. එදා දෙදෙනා දිවා ආහාරය ගෙන ඇත්තේ ද එකටමය.
වේදිකාවේදී ඇති වූ හබයක් නිසා පුරා වසර හතරක් ජෝන් හා සල්මන් මුහුණට මුහුණ හමුවීමෙන් වැළකී සිටියේය.
ජෝන්ගේ සැබෑ ජීවිතය රසවත් අත්දැකීම්වලින් පිරී ඇතත් සිනමා ජීවිතයට නම් පසුගිය වකවානුව තරමක අභියෝගාත්මක කාලයක් විය.
ඔහු අලුතින්ම දායක වූ ‘ජූතා හයි සාහි’ සිනමා පටය වෙනුවෙන් ජෝන්ට තම පෙනුම සාමාන්‍ය තරුණයකු මෙන් වෙනස් කර ගැනීමට සිදු විය. ඒ සඳහා ඔහු දිනපතා ජිම් ගියේය. කොණ්ඩය කැපුවේය. ජෝන්ට ‘ජූතා හයි සාහි’ හි රඟන්නට තිබුණේ පොත් සාප්පුවක වැඩ කරන තරුණයකුගේ චරිතයකි. රැගූ චරිතයත්, සිනමා පටයත් ගැන ඔහු ඉතා තෘප්තිමත්ය.
‘ජූතා හයි සාහි’වලින් තමන්ගේ පෙනුම වෙනස් වීම ගැන රසික රසිකාවන්ගේ කෙසේ වෙතත් ජෝන්ගේ නම් ඇත්තේ මනාපයකි.

පැමෙලා බොලිවුඩයට බෑ කියයි


හතළිස් තුන් හැවිරිදි වුව ද තවමත් මේ රිදී පැහැ කෙස් වැටියක් ඇති සරාගී ලාලනියට එක් බැල්මකින් ලොවම වශී කිරීමට පුළුවන. 
වැඩිම වාර ගණනක් ‘ප්ලේ බෝයි’ සඟරාවේ කවරය තම රුවෙන් සරසන්නට හැකි වීමම ඇයගේ රූ වරුණට ඇති කදිම සාක්ෂියකි.
කැනඩාවේ උපන් මේ සුරූපිනිය ලොවේම නෙත් පැහැර ගත්තේ 1989 දී විකාශය වූ ‘බේවොච්’ රූපවාහිනී කතා මාලාවෙනි. 
හොලිවුඩය ජය ගත් මේ සුරූපිනිය නොවැම්බර් 16 වෙනි දින බොලිවුඩයට ද පා තැබුවාය. ඒ බොලිවුඩ සිනමා පටයක රංගනයට දායක විමට නම් නො වෙයි. බිග් බොස් 4 රූපවාහිනී රියැලිටි වැඩ සටහනට සම්බන්ධ වීමටයි.
මේ ඇයගේ මුල්ම ඉන්දියානු සංචාරයයි. බිග් බොස් 4 වැඩ සටහනට සහභාගි වන දෙවෙනි බටහිර තාරකාව පැමෙලායි. මීට පෙර එයට එක් වූයේ ජේඩ් ගූඩිය.
මූම්බායි පැමිණි පැමෙලා සාරියකින් සැරසීමට ද අමතක නො කළාය. වැඩි දෙනකු පැවසුවේ සාරිය ඇයගේ සරාගී පෙනුම වැඩි කළ බවයි.
පැමෙලා ඉන්දියාවේ ගත කළේ දින තුනක් පමණි. ‘ටජ්මහල්’ නැරැඹීමේ ආශාවක් ඇයට තිබුණ ද දරුවන් දෙදෙනා තනි කර එතරම් දුරක් යාමට පැමෙලාට සිත් නො දුණි.
භාරත නැටුමට කැමැති පැමෙලා නර්තනයේ අත් පොත තබන්නට ද අමතක නො කළාය. 
එහෙත් හින්දි බස කතා කිරීම නම් ඇයට ජය ගත නො හැකි අභියෝගයක් විය. බොලිවුඩයට පැමිණෙන විට මෙන්ම යන විට ද ඇයට පැවසීමට හැකි වූයේ ‘නමස්තේ’ යන වචනය පමණි. 
පැමෙලා සහභාගි වූ බිග් බොස් සිවු වැනි පියවර මෙහෙය වූයේ සුපිරි නළු සල්මන් ඛාන්ය. සල්මන් ගැන ඇය අසා නැති අතර මුල් වරට ඔහු මුණ ගැසුණේ මෙම වැඩ සටහනේදීයි.
තෙදිනක වැඩ සටහනට සහභාගි වීම වෙනුවෙන් ඇයට ඉන්දියානු රුපියල් කෝටි 2.5 ක මුදලක් ගෙවා තිබේ.
සරාගී සුරූපිනියට බොලිවුඩ සිනමා පටවල රංගනයට ලැබුණු ආරාධනාවලින් නම් අඩුවක් නො තිබුණි.
ඇය ඒ සියල්ල ප්‍රතික්ෂේප කළේ දරුවන් දෙදෙනා කුඩා නිසයි. බොලිවුඩයට ඇති අකැමැත්තට නම් නො වෙයි.
‘කාට හෝ මාව බොලිවුඩ් සිනමා පටයකට එක් කර ගන්න අවශ්‍ය නම් සිනමා පටය කැලිෆෝනියාවේ රූගත කරන්න’ ඇය අධ්‍යක්ෂවරුන්ගෙන් ඉල්ලීමක් ද කළාය.

අන්තර් ජාලයෙනි 
චම්පිකා දීපානි රණසිංහ

මහින්ද රාජපක්ෂ 'ජාත්‍යන්තර ' වරායෙන් පළමුවරට නැව් නැගි නැවේ ලොක්කා නැවෙන් වැටී මිය ගිහින්


altපසුගිය 18න දා හම්බන්තොට වරාය නිළ වශයෙන් විවෘත කිරීමත් සමග එම වරායට පැමිණි පළමු නෞකාව වන එම්.බී. සේරුවිල වානිජ්‍ය නෞකාවට ගොඩවූ නාවික කාර්්‍ය මණ්ඩල නිලධාරියා වන වල්පල කල්දේරා නැමැත්තා එම නැවෙන් වැටී මියගොස් ඇති බව වරාය අමාත්‍යාංශ ආරංචි මාර්ගවලින් වාර්තා වේ. මෙය ඉතා අසුභ කාරනයක් බැවින් මේ සම්බන්ධයෙන් තොරතුරු කිසිවෙකුට හෙළි නොකරන ලෙස ජනාධිපතිවරයා අදාල බලධාරීන්ට උපදෙස් දී තිබේ. හම්බන්තොට වරායට පැමිණි මෙම වානිජ නෞකාව මෙම නාවික කාර්ය මණ්ඩල නිලධාරියාද රැගෙන ඉන්දියාව බලා යන අතරතුරේදී එම පුද්ගලයා නැවෙන් වැටී මිය ගොස් තිබේ. අප වෙත වාර්තාවන පරිදි මේ වන තෙක් එම පුද්ගලයාගේ මළසිරුර හෝ සොයාගෙන නැත.

වරාය විවෘත කිරීම සඳහා මෙම කුඩා වානිජ නෞකාව වරාය තුලට ඇතුල් කිරීමේදී මුහුදේ ගැඹුර ප්‍රමාණවත් නොවීම නිසා විශාල අර්බුදයකට මුහුණ දී තිබේ. මෙහිදී වහාම ක්‍රියාත්මක වූ චීන ජාතික ඉන්ජිනේරුවන් මෙම නෞකාව ජැටියට ගැනීම සඳහා බාධාවක්ව පැවැති මුහුදු පතුලේ පැවති කළුගලක් වහාම කඩා දමා ඇත. කෙසේ වුවද එම තත්ත්වය යටතේ පවා වරායට මෙම නෞකාව සේන්දු වී ඇත්තේ සියලූ බඩුබාහිරාදිය හිස්කර දැමීමෙන් පසුවය.

කෙසේ වුවද ජනාධිපතිවරයාගේ ජන්ම දිනය වෙනුවෙන් විවෘත කරන ලද හම්බන්තොට වරායෙන් නැව් නැගි පළමු පුද්ගලයා එකී නැවෙන් වැටී මිය යෑම බරපතල අසුභ කාරණයක් බව වරාය ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ මතය වී තිබේ

දයාසිරිගේ ජංගම දුරකථනය පාර්ලිමේන්තු අත්අඩංගුවට

අයවැය විවාදයේදී අදහස්‌ ප්‍රකාශ කරමින් සිටි දයාසිරි ජයසේකර මහතා ජනාධිපතිවරයා කළ කතාවක්‌ වෙබ් අඩවියක් ඔස්‌සේ ජංගම දුරකතථයට ලබාගත් බව පවසමින් එය ක්‍රියාත්මක කර මයික්‍රපෝනය වෙත ළං කළේය.

මේ අවස්‌ථාවේදී 
පටිගත කළ කතා සභාවට ගෙන එන්නට මන්ත්‍රීවරයකුට අවසර නැතැයි නියෝජ්‍ය කතානායක වරයා කියූ අතරආණ්‌ඩු පක්‍ෂයේ මන්ත්‍රීවරුන් දිගින් දිගට විරෝධය පළ කළ කරන්න වූහ. දයාසිරි ජයසේකර :
"මේ රටේ ජනාධිපතිවරයා කළ ප්‍රකාශයක්‌ එතුමාගේ කතාවක්‌ ඉදිරිපත් කරනවාට ආණ්‌ඩුවේ මන්ත්‍රීවරු කැමැති නෑ. මම හෙටම ජනාධිපතිතුමාට මේ ගැන කියනවා".

දිනේෂ් ගුණවර්ධන :

"නියෝජ්‍ය කතානායක තුමනි, වහාම මේ ජංගම දුරකථනය අත්අඩංගුවට ගන්න".

නියෝජ්‍ය කතානායක:

"ඔය යන්ත්‍රය ක්‍රියාවිරහිත කර මහලේකම්ට භාර දෙන්න".

ඒ අනුව දුරකථනය ලේකම් මණ්‌ඩලයට දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා
විසින් බාරදුනි
දයාසිරි ජයසේකර :
"මම රටේ ජනාධිපති තුමා කළ කතාවක්‌ අරන් කතා කළේ. ඒකෙන්ම තේරෙනවා තමුන්නාන්සේලා ජනාධිපතිතුමාට කොතරම් විරුද්ධද කියලා". 

දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයාගේ කතාව අවසන් වූ පසු ලේකම් මණ්‌ඩලය විසින් යළි අදාළ ජංගම දුරකථනය ඔහු වෙත භාර දුන්නේය.


අපට වාර්තා වන ආකාරයට දයාසිරි ජයසේකර මන්ත්‍රී වරයා උත්සහ කොට ඇත්තේ ජනාධිපති විසින් 2005 ජනපතිවරණයේදී රු. 2500 කින් පඩි වැඩි කරන බවට කල කතාව විකාශය කිරීමටයි. 

එම හඩපටයsl hot news by hot news

 
මේ අතර නුවර පැවති මෙගා ස්ටාර් අජිත් වීරසින්හ පිලිගන්න පැවත්වූ උත්සවය සදහා නුවර මැති ඇමතිවරුන් වන අමුනුගම,කෙහෙලිය වැනි අය සහභාගීන් නොවුනත් තිස්ස අත්තනායක ඇමතිවරයා ගොස් ඇත.මේ බව දැනගත් දයාසිරි ජයසේකර තිස්ස විසින් සංවිධානය කල කුන්ඩසාලේ පැවති ග්‍රාම චාරිකා සදහා සහබාගි වී නොමැත

executive nidhan horu

ghs má uy;a;=rekaf.a ksOka fidrlu wf;a udÜgq
f.dl/,a, lid., rcuyd úydrhg miq.sh Èfkl yÈisfha wd msßila Tjqka mqrdúoHd fomd¾;fïka;=fjka fuys meñKs nj lshñka tu úydria:dk N+ñfha leKSï lghq;= lsÍug wjYH nj úydrdêm;s ysñhkag okajd ksOdkhla we;ehs m%lgj ;snQ úydria:dk N+ñh iel lghq;= f,i ydrkakg mgka f.k ;sfí'
fuu ielldr msßi .ek úydrdêm;s ysñhka .ïjdiSka ±kqj;a lr ;sfnk w;r .ïjdiSka fmd,sishg ±kaùfuka wk;=rej tys meñKs fmd,sish msßi jglr Tjqkaf.ka mqrd úoHd fomd¾;fïka;= ye÷kqï m; úuid ;sfí'
fï lsisjl= <`.j;a tjekakla ;sî ke;'
jydu t;ek isá 10 fokd w;awvx.=jg .ekSug f.dl/,a, fmd,sish lghq;= lr ;sfí'fuu msßi w;r iudcfha ku .sh lemS fmfkk jD;a;Skays ksr; lsysm fofkl=u isàu úfYaI;ajhls'
Y%S ,xld rEmjdyskS ixia:dfõ ndysr jevigyka ksIamdolfhl= jk wkqr uqÿkafld;a uy;d;a" Y%S ,xld LKsc f;,a kS;s.; ixia:dfõ fcHaIG úu¾Yk ks,OdÍfhl=;a" tÉ ã t*a iS nexl= lfudjqka ish,a, meñKs jEka ßfha ;sî remsh,a y;fuu msßi wo l=reKE., ufyaia;%d;a wêlrKhg bÈßm;a lsÍug kshñ;h'

úia;r PdhdrEm  tõfõ fudfyduâ nqy¾§ka

පබාගේ සම්පුර්ණ කතාව



උපේක්ෂා පසු ගිය දිනක දෙරණ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ෂෙහාන් බරණගේ මහතාට බැන වැදුනු සිදු වීමම පිලිබදව වඩා විස්තර සහිතව සති අන්ත පුවත් පතක වාර්තා වනවා.පහත දැක්වෙන්නේ එයයි.

පසුගිය සතියේ පැවැත්වීමට නියමිතව තිබු 360 වැඩසටහනට සහභාගී වීමට නියමිතව තිබුනේ විජිත් විජයමුණි සොය්සා මහතාටය.නමුත් අවසාන මොහාතේ තමන්ට හදිසි රාජකාරියක් පැවරුණු බව කියමින් ඔහු ඊට සහභාගී වීමට නොහැකි බව කියා සිටියේය.මේ නිසා වඩාත් අපහසුතාවයට පත් දෙරණ නාලිකාව අවසානයේ තීන්දු කලේ පසුගිය කාලයේ මහත් ආන්දෝලනයට තුඩු දුන් උපේක්ෂා සහභාගී වූ වැඩසටහන නැවත විකාශය කිරිමටය.
මේ ආකාරයට එම වැඩසටහන නැවත වරක් විකාශය වුවත් සමග උපේක්ෂාට නැවත වරක් හතර වටින් දුරකථන ඇමතුම් ලැබෙන්න වූ අතර එහිදී කතා කල බොහෝ දෙනා අගේ දේශපාලන නොදනුවත්බව පිලිබදව හාස්‍යයෙන් යුතුව කතා කල නිසා උපේක්ෂා සිටියේ දැඩි කෝපයෙන්ය.

මේ නිසා උපේක්ෂා කලේ දෙරණ නාලිකාවේ ප්‍රවෘති අංශයේ ප්‍රධානියා වූ ෂෙහාන් බරණගේ මහතාට දුරකථන ඇමතුමක් ලබා දීමයි.ෂෙහාන්ටදුරකථන ඇමතුමක් ලබා දුන් උපේක්ෂා ඔහුට දිගට හරහට බැන වදිමින්
 

"තමුසෙලා මොනවද මේ කරන්නේ? කාගෙන් අවසර අරගෙනද මේක ආයෙත් TV එකේ පෙන්නුවේ?"යනුවෙන් විමසා සිටියාය.

ඊට ඉතාමත් සන්සුන් ආකාරයෙන් පිළිතුරු දුන් ෂෙහාන් මහතා පළමුවෙන්ම කියා සිටියේ ඇය පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් බැවින් ඉවසීමෙන් යුතුව ප්‍රකාශ සිදු කරන ලෙසයි.
නමුත් ශෙහාන්ගේ වචනවලට ගරුසරුවක් නොකළ උපේක්ෂා දිගින් දිගටම කලේ බැන වැදීම නිසා ෂෙහාන් කලේ ඇමතුම විසන්දි කිරීමයි.
 

එසැනින් නැවත වතාවක් ශෙහාන්ගේ දුරකතනයට කතා කල උපේක්ෂා


"මම ඇනගත්ත ප්‍රෝග්‍රෑම් එකක් මොකටද යකෝ පෙන්නන්නේ,තමුසෙලට ඔහොම රිපීට් කරන්න ඕන නම් මගෙන් අහන්න තිබුන.ඇයි මගෙන් ඇහුවේ නැත්තේ?"

එහිදී ෂෙහාන් බරණගේ මහතා කියා සිටියේ වරක් රුපවාහිනියේ විකාශය වූ වැඩසටහනක් නැවත විකාශය සදහා එසේ අනුමැතියක් අනවශ්‍ය බවයි.
එහිදී දැඩි කෝපයට පත් උපේක්ෂා

"මම උඹල පස්සේ පන්නනවා,උඹලට යහතින් ඉන්න දෙන් නෑ"කියද්දී 
 ෂෙහාන් කියා සිටියේ කරුණාකර වැදගත් විදියට කතා කරන ලෙසයි. 

"ඔබ තුමී පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක්.ඔහම කතා කරන එක ඔබතුමිට ගැලපෙන් නෑ.ඉස්සෙල්ල කතා කරන්න ඉගෙන ගන්න".කියමින් නැවත වතාවක් ෂෙහාන් ඇමතුම විසන්දි කළේය.

එසැනින් නැවතත් උපේක්ෂා ශෙහාන්ගේ දුරකතනයට ඇමතුමක් ගත්තාය. 

"ඔයිට වඩා හොදයි ඕයි තමුසෙලගෙ......ගෙනල්ලා රෙද්ද ගලවල පෙන්නුවානම්" යනුවෙන් පවසද්දී ශෙහාන්ගේ ඉවසීමේ සීමාවද ඉක්මවා ගියේය.
 

"මේ උපේක්ෂා , මෙච්චර වෙලා මම ඔයාට හොදින් කතා කලා.ඔයාගේ ඔය ලස්සන මම හෙට උදේ රටටම කියනවා." කියද්දී උපේක්ෂා 
දුරකථනය විසින්දී කොට ඇත.පසුවඋපේක්ෂාගේ දුරකතනයෙන් ෂෙහාන්ට SMS පනිවිදියක් ලැබුන අතර එයින් කියවුනේ "I HATE YOU ALL "යනුවෙනි.



ඉන්පසු ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇමතු ෂෙහාන්, උපේක්ෂා තමාට කල තර්ජනය පිළිබද සියලු තොරතුරු පිළිබද දැනුවත් කළේය.ඉන් පසුව මතු ආරක්ෂාව සදහා ජනමාධ්‍ය අමාත්‍ය වෙත ලියුමක් යොමු කරමින් ෂෙහාන් බරණගේ මහතා පවසා ඇත්තේ තමාගේ ජිවිතයට යම් හානියක් වුවහොත් එයට වගකිව යුත්තේ උපේක්ෂා මන්ත්‍රී වරය බවය.