Pages

Saturday, August 29, 2009

taniyama innwa

අනෝමා ජනාදරී
Anoma Janadari, Sri Lankan Actress, Cinema


අනෝමා ජනාදරී අන්තර්ජාතික සම්මාන දිනූ දක්ෂ චරිතාංග නිළියක්. ‘තනි තටුවෙන් පියාඹන්න’ චිත්‍රපටයේ රඟපෑම් උදෙසා ඇය 2003 සිංගප්පූරු අන්තර් ජාතික චිත්‍රපට උළෙලේ හොඳම නිළිය සඳහා වන සම්මානය දිනාගත්තා. මේ ඇය සමඟ කළ සතුටු සාමීචියයි.

අනෝමා මේ දවස්වල මොනවද කරන්නේ?

”මම අලුතින් නිපදවන වේදිකා නාට්‍යයක රඟපානවා. අද හොඳ චිත්‍රපට නම් නොහැදෙන තරම්. ඒ නිසා මම වගේ නිළියකට ඒක ප්‍රශ්නයක්. මෑතදී තැනුණේ හොඳ චිත්‍රපට දෙකයි. එකක් ‘අක්ෂරය’. අනෙක ‘ආකාස කුසුම්’. ටෙලි නාට්‍යවල නම් රඟපාන්න දෙයක් නැහැ. හොඳ චරිතයක් ලැබුණොත් විතරක් රඟපානව මිසක් ලැබෙන හැම ටෙලිනාට්‍යයක්ම භාරගන්නේ නැහැ.


මොකක්ද ඔබ රඟපාන වේදිකා නාට්‍යය?

”ඒකේ නම ‘මහාරාජිනි’. ඉතාලි ජාතික ඩාරියෝ ෆෝගේ නාට්‍යයක අනුවර්තනයක්. නාට්‍යයේ අනුවර්තනය හා නිෂ්පාදනය ධර්මජිත් පුනර්ජීව. මේක මාධ්‍ය හැසිරීම ගැන කියැවෙන නාට්‍යයක්. මාධ්‍ය මඟින් ජන ආකල්ප වෙනස් කරන හැටි ගැන තමයි මේ නාට්‍යයේ කතාවෙන්නේ. මම රඟපාන්නේ මාධ්‍ය ආයතනයක හිමිකාරීනියගේ චරිතය.

ඔයා මීට ඉහත ධර්මජිත් පුනර්ජීව නිෂ්පාදනය කළ ‘සිංහබාහු’ ඉංගිරිසි නාට්‍යයේ සුප්පා දේවිගේ චරිතය නිරූපණය කළා. මේ චරිතය හරියට පූලාන් දේවි වගේ වුණු බව ‘සිංහබාහු’ නිර්මාතෘ මහාචාර්ය සරච්චන්ද්‍රයන්ගේ බිරිය – ලලිතා සරච්චන්ද්‍ර මහත්මිය ප්‍රකාශ කරලා තිබුණා. මේ චෝදනාව ගැන ඔයාට මොනවද කියන්න පුළුවන්?

’ඒක නිෂ්පාදකවරයාගේ අර්ථකථනය. ඔහුගේ අර්ථකථනයට අනුවයි මම රඟපෑවේ. ඔහුට ඕනෑවුණේ නැහැ සුප්පාදේවී හඬාවැටෙන, විලාප තියන ගැහැනියක් කරන්න. සුප්පා දේවි කියන්නේ එඩිතර ගැහැනියක්. තමන්ගේ ජීවිතය සම්බන්ධයෙන් එඩිතර තීරණ ගත් ගැහැනියක්. ඒ වගේ රාජ කුමාරියක් සිංහයකු වැනි දඩබ්බරයකු සමඟ ජීවත්වන්නට හදපු එකම එඩිතර තීරණයක්. ඇය සාම්ප්‍රදායික චරිතයක් නෙමේ.

ඔබ කියන්නේ මහාචාර්ය සරච්චන්ද්‍රයන් මවපු සුප්පා දේවි හඬා වැටෙන ගැහැනියක් කියලද?

”ඔව්. හැම වෙලේම ඇය කරන්නේ විලාප තියන එක. පරණ පිටපතට අලුත් අර්ථකථනයක් දීමේ අයිතිය නිෂ්පාදකවරයාට තියෙනවා. ඒ නිෂ්පාදනය කළ සුප්පා දේවි වෙතින් පූලාන් දේවියක් මතුවුණා නම් ඒක නිෂ්පාදකවරයාගේ සාර්ථකත්වය. මොකද ඔහුට ඕනෑ කළේ එබඳු චරිතයක් නිර්මාණය කිරීමයි. නිළියක වශයෙන් මම කළේ ඔහුගේ අර්ථකථනයට අනුව රඟපෑමයි.

ඔබ ‘කුපාඩියා’ යන නමින් යුතු චිත්‍රපටයක රඟපානවා කියලා පසුගිය දවස්වල පත්තරවල තිබුණා.

”ඔව් මම රඟපෑවා. මේ චිත්‍රපටයේ තිරරචනය පිළිබඳ ප්‍රශ්න තිබුණා. තිර රචනයේ මගේ චරිතය මට ඕනෑ විදියට වෙනස් කරගන්න ඉඩ දෙනවා නම් රඟපානව කියලා මම කිව්වා. අධ්‍යක්ෂවරයා ඒ සඳහා එකඟවුණු නිසා මම රගපෑවා”.

’තනි තටුවෙන් පියාඹන්න’ චිත්‍රපටයේ ඔබ නිරුවතින් රඟපෑවා. අද ආපහු හැරිලා බලද්දි ඔබට ඒ ගැන කිසියම් ආකාරයක පශ්චාත්තාපයක් ඇතිවෙන්නේ නැද්ද?

’රඟපෑම මගේ වෘත්තිය. මගේ වෘත්තිය සම්බන්ධයෙන් මම අවංකයි. වෘත්තීය නිළියක් වුණාම (මං දන්නේ නැහැ මං මේ අපේ සංස්කෘතියට අදාළව ද කතා කරන්නෙ කියලා) ඕනෑම චරිතයක් ඕනෑම විදියට රඟපාන්න පුළුවන් වෙන්න ඕනෑ.

එහෙම රඟපාලා ඒ හිටියේ මම නෙමෙයි කියලා මම කියන්න යන්නේ නැහැ. ඒ වගකීම මම භාරගන්නවා. ‘තනි තටුවෙන් පියාඹන්න’ චිත්‍රපටයේ චරිතය ඉල්ලා සිටි දේ මම කළා.

ඉදිරියටත් මම එහෙමයි. කුල ප්‍රශ්න, ජාතික ප්‍රශ්න, ආගම් ප්‍රශ්න අපිට වඩා දැඩිව තියෙන ඉන්දියාවේ නිළියකට පුළුවන් වුණා නම් පූලාන් දේවිගේ චරිතය නිරුවතින් රඟපාන්න ඇයි මට බැරි ඒ වගේ නිරුවතින් රඟපාන්න කියලා මට හිතුණා. ඇත්තටම මට පූර්වාදර්ශයක් වුණේ ඒ චරිතය රඟපාපු නිළිය.

චිත්‍රපටයක අමුනිරුවතින් රඟපෑවයි කියලා ඔබට සාමාජික වශයෙන් ප්‍රශ්න මතුවුණේ නැද්ද?

”කිසිම ප්‍රශ්නයක් මතුවුණේ නැහැ. ප්‍රශ්නයක් මතුවුණේ ගෙවීම් සම්බන්ධයෙන් පමණයි. මගේ කැපකිරීමට මට සාධාරණය ඉටුවුණේ නැහැ. වෘත්තීමය වශයෙන් මට අසාධාරණයක් සිද්ධවුණා. මගේ ශ්‍රමය අවතක්සේරු වුණා. එහිදී මං පුරුෂාධිපත්‍යයෙන් බැට කෑවා කියලා අද මට හිතෙනවා.

’තනි තටුවෙන් පියාඹන්න’ චිත්‍රපටයෙන් පසුව ඔයා ‘අක්ෂරය’ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟපාන්න සූදානමින් හිටියද?

”ඔව්. මම විශ්වාස කළා, මට ඒ චරිතය ලැබෙයි කියලා. මං ඒ චරිතයට සුදුසුයි කියලා මට හිතුණා. හැබැයි මට ඒ චරිතය රඟපාන්න දෙනව නම් පෙර පුහුණුවීම් ඕනෑ කියලා මම කිව්වා. මොකද ඒක බොහෝම බරපතළ චරිතයක්. මම ඒ චරිතය අධ්‍යයනය කළා. නමුත් මට ලැබුණේ නැහැ.

’තනි තටුවෙන් පියාඹන්න’ චිත්‍රපටයේ ඔයා කළ රංගනයට අන්තර්ජාතික සම්මාන ලැබුණා. එය ඔබ ලද සුවිශේෂී ජයග්‍රහණයක්. ඔබ රටට විශාල කීර්තියක් ගෙන ආවා. එහෙත් ඒ වෙනුවෙන් ඔබට ඔබගේ වෘත්තීය ක්‍ෂේත්‍රයෙන් නිසි ගෞරවය ලැබුණයි කියලා හිතනවද?

පැහැදිලිවම නැහැ. එහෙම ගෞරවය නොලබන්න මොකද්ද මම කරපු වරද? අපි රඟපාපු විදිය වැරදිද? එහෙම නම් ඒක විවේචනය කරන්න ඕනෑ. අඩුම ගාණේ රඟපෑම් අපිට දිරවන්නේ නැහැ කියලවත් කියන්න ඕනෑ.

කොටින්ම අන්තර්ජාතික සම්මාන ලැබුණ කියලා ‘කුපාඩියා’ චිත්‍රපටය තෙක් ඔයාට රඟපාන්න කිසිම චිත්‍රපටයක් ලැබුණේ නැහැ?

”මට විතරක් නෙමෙයි නීටා ප්‍රනාන්දු වැනි ප්‍රවීණ නිළියකටවත් අන්තර්ජාතික සම්මාන දිනාගත්තයින් පසුව කවුරුත් රඟපාන්න චිත්‍රපට දුන්නේ නැහැ. ඒ නිසා ඇයටම සිද්ධවුණා තවත් චිත්‍රපටයක් නිෂ්පාදනය කරන්න.

ඉතින් අන්තර්ජාතික සම්මාන දිනූ දමිතා අබේරත්න ගැන, නිම්මි හරස්ගම ගැන මා ගැන කවර කතාද? සිනමා ක්‍ෂේත්‍රයේ කුහකත්වයක් තියෙනවා. ඒක අපිට තේරෙනවා.

ඇයි ඔයා අනික් නිළියන් එක්ක ගත්දි ඔවුන්ගෙන් ඈත්ව හුදෙකලාව ඉන්නේ?

”මට තියෙන්නේ ඇතැමුන් කොයිතරම් අවංක ද කියන එක පිළිබඳ ප්‍රශ්නයකුයි.

ඔයා දැන් තනිවම නේද ජීවත් වෙන්නේ?

”ඔව්. මම ස්වාධීනත්වයට බොහෝම කැමැති ගැහැනියක්. මම විශ්වවිද්‍යාලයට ගියෙත් ස්වාධීනත්වය හොයාගෙන. එහෙම නොගියා නම් ගෙදර අය මාව කාටහරි කසාද බන්දලා දෙන්න ඉඩ තිබුණා.

තනියම ජීවත්වෙද්දි පැවැත්ම පිළිබඳ ප්‍රශ්න මතුවෙනවා. ඔයා කොහොමද ඒවාට මුහුණ දෙන්නේ?

”මේක අර්බුදකාරී බව මම දන්නවා. එහෙත් මට මගේ වෘත්තියෙන් පූර්වාදර්ශ තියෙනවා. එක් කෙනෙක් තමයි අපේ පුරෝගාමී නිළි රුක්මණී දේවි. අනිත් නිළිය තමයි ස්වර්ණා මල්ලවආරච්චි.

ඒ කියන්නේ නැවත විවාහවෙන්න අදහසක් නැහැ?

”නැහැ. මම තනියම ජීවත්වෙනවා.

අශෝක හඳගම (ඔයාගේ හිටපු සැමියා) ඔහුගේ චිත්‍රපටයක රඟපාන්න ආරාධනා කළොත් ඔයා ඒ ඇරියුම පිළිගන්නවද?

”පැහැදිලිවම පිළිගන්නවා. කොන්දේසි විරහිතව මම ඔහු යටතේ රඟපාන්න කැමැතියි. හැබැයි මගේ ශ්‍රමය අගය කිරීම උඩ. සිනමාවේ යතුරු තහඩුව මාරු කරන්න කියලා මම හඳගමගෙන් ඉල්ලා සිටිනවා.

අපේ නිළියන් ගැන, රංගනය ගැන ඔබ මොකද හිතන්නේ?

”රංගනය කියන දේ අධ්‍යාපනික කාර්යයක් කියන ස්ථාවරයේ අද මම ඉන්නවා. අද මේ වෘත්තිය මෝස්තර නිරූපිකාවන් විසින් ආක්‍රමණය කරලා ඉවරයි. එහෙත් රසිකයන් ඔවුන් ප්‍රතික්ෂේප කරන දිනය වැඩි ඈතක නැහැ.

මොකද මෝස්තර නිරූපණයයි රංගනයයි කියන්නේ දෙකක්. අපේ නිළියන්ගෙන් මාලිනී ෆොන්සේකා විතරයි යාවත්කාලීන බවින් රඟපාන එකම නිළිය. ඇය ඒ යාවත්කාලීන බව අඛණ්ඩව පවත්වාගෙන ගිහින් තියෙනවා. එහෙම නිළියකට ඉන්නේ ඇය විතරයි. වෙන කවුරුත් නැහැ.

සුමිහිරි - Silumina

Thursday, August 27, 2009

chaminda vaas

අවස්ථාවක් ලැබුණොත් රඟපානවා සින්දු කියනවා - චමින්ද වාස්

වර්ණසූරිය පටබැඳිගේ උෂාන්ත ජෝශප් චමින්ද වාස්. ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍ෂෙත්‍රයේ සිටින තුන් ඉරියව් ක්‍රීඩකයා.

ශ්‍රී ලංකාවට පළමු විදේශීය ටෙස්ට් ජයග්‍රහණය ලබාදීමේ නියමුවා. (1994 – 95 නවසීලන්තයට එරෙහිව නේපියර්හිදී)

2001 – 02 වසරේ බටහිර ඉන්දීය කොදෙව් දූපත්වලට එරෙහිව තරගාවලියේ 3 – 0 ලෙස තරගාවලිය ජය ගනිමින් කඩුලු 26 ක් ලබා ගත් ඔහු, ඉම්රාන් ඛාන් ට පසු එවැනි දස්කමක් කළ දෙවැනි ක්‍රීඩකයා ලෙසින් වාර්තා පොතට එක්වුණා.

2003 ලෝක කුසලාන තරගාවලියේදී බංග්ලාදේශයට එරෙහිව පළමු පන්දු තුනේදී විකට් තුනක් පිට පිට දවා ගනිමින් වාර්තා පොතට එක්වුණා.

මේ දක්වා ටෙස්ට් තරග 111 කට ක්‍රීඩා කර ඇති ඔහු ටෙස්ට් තරග 100 ඉක්මවා ක්‍රීඩා කළ ශ්‍රී ලාංකේය තුන්වැනි ක්‍රීඩකයා.

2008 වසරේ අගෝස්තුවේ ඉන්දියාවේ යුවරාජ් සිං ලකුණු බිංදුවකට දවා ගනිමින් එක්දින කඩුලු 400 ට ළඟා වූ ඔහු එම කඩඉමට ළඟා වූ 4 වැනි ක්‍රීඩකයා ලෙස ඉතිහාසයට එක් වුණා.

ඔහු පසුගියදා නිමාවුණු පාකිස්තානු සංචාරයේදී කොළඹ SSC පිටියේ පැවැති 3 වැනි ටෙස්ට් තරගයේදී ජාත්‍යන්තර ටෙස්ට් පිටියෙන් සමුගත්තා. එහෙත් තවමත් එක් දින සංචිතයේ සිටින චමින්ද වාස් සමඟ කළ සාකච්ඡාවකි මේ.

ටෙස්ට් පිටියෙන් ඉවත්වීම ඔබ ගත් හදිසි තීරණයක්ද?

ඇත්තෙන්ම නැහැ. ක්‍රීඩකයින් ලෙස අපි දැනගන්න ඕන අපි හැමදාම ක්‍රීඩා කරන්න ඇවිත් නෑ කියන එක. මම අවුරුදු 16 ක් රට වෙනුවෙන් ක්‍රීඩා කළා. එහිදී මම හොඳින් ක්‍රීඩා කළා. මට හැකි උපරිමයෙන් අපේ රට, කණ්ඩායම දිනවන්න තමයි සෙල්ලම් කළේ.

ඉතින් මම මෙවර පාකිස්තාන් සංචාරය අතරතුරදී සමුගන්න ඕන කියන තීරණය ගත්තා. එහිදී මට පළමුවැනි සහ දෙවැනි තරගවලට ක්‍රීඩා කරන්න අවස්ථාව ලැබුණෙ නැහැ. මට ලැබුණු තරගයේදී මම සමුගත්තා.

ඔබට දුකක් දැනෙන්න ඇති

ඇත්තෙන්ම එය අමාරු තීරණයක්. හිතට දුකක් දැනුණු තීරණයක්. ඒකට හේතුව මට තවමත් ක්‍රීඩා කරන්න ජවය ශක්තිය තියෙන නිසා. මට තවමත් දස්කම් දක්වන්න හැකියාවක් තියෙනවා.

ඒත් ක්‍රීඩකයෙක් ක්‍රීඩා ලෝලීන්ට, නායකත්වයට එපා වෙනතුරු ඉන්නේ නැතිව දස්කම් දක්වන අතරතුර විශ්‍රාම යාම ගෞරවයට හේතුවක්.

ටෙස්ට් තරග බිමෙන් සමුගත් දා බිරිය වාසනා දියණිය තෙරීන් නෙතාරා, අශ්වින් හසන්දුල් සහ අකේන් චානක පුතුන් සමඟ.

ඔබේ සමුගැනීම කිසියම් බලපෑමක් ප්‍රතිඵලයක් කිව්වොත්.

එහෙම දෙයක් නැහැ. මම ටෙස්ට් තරග 111 කටත් එක් දින තරග 322 කටත් ක්‍රීඩා කරල තියෙනවා. මගේ අරමුණ තමයි 2011 ලෝක කුසලාන තරගාවලියට තරග කරලා රට වෙනුවෙන් මගේ උපරිම දස්කම් පෙන්වලා සමුගන්නා එක.

ඒ සමඟ 20යි 20 තරගවලටත් ක්‍රීඩා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා ජවය ඉතිරි කර ගන්න ඕන. ඊට අමතරව අපි ජ්‍යෙෂ්ඨයින් විදිහට නවකයින්ට අවස්ථාව දෙන්නත් ඕන. ඒ නිසා මම තීරණය කළා ටෙස්ට්වලින් ඉවත් වෙන්න.

අපේ කණ්ඩායමට දැන් නවක දක්‍ෂ පන්දු යවන්නන් රැසක් ඉන්නවා.

ඇත්තෙන් ම අපි ලෝකයේ හොඳම එක් දින කණ්ඩායම වෙලා කිරුළ දිනාගත්තා. 20 යි 20 අනුශූරයින් වුණා. ටෙස්ට් තරගවලදී ප්‍රබලතම රටවල් පරාජය කරල තියෙනවා.

ඉදිරියටත් මේ තත්ත්වය තව තවත් වැඩිවෙන්න ඕන. ඒ සඳහා නවක දක්‍ෂ ක්‍රීඩකයින් බිහි වෙන්න ඕන. දැන් අපට සතුටුවෙන්න පුළුවන් අලුත් පන්දු යවන්නන් රැසක්ම ඉන්නවා.

ඔවුන් කිහිප දෙනෙක්ම ඔබ ලබාදුන් උපදෙස්, මඟ පෙන්වීම අගය කරල තිබුණා.

අපේ රටේ සිටි අසන්තා ද මෙල්, රොමේෂ් රත්නායක, රවි රත්නායක වැනි ප්‍රවීණ ක්‍රීඩකයින් දිහා බලල තමයි මම මෙතරම් සාර්ථක වේග පන්දු යවන්නෙක් වුණේ.

ඉතින් නවක ක්‍රීඩකයින් මම දිහා බලලා ඔවුන්ගේ ගමන හදාගන්නවා නම් මම ඒ ගැන නිහතමානීව සතුටු වෙනවා. මගේ දැනුම නවක ක්‍රීඩකයන්ට ලබා දෙන්න ඕනම වෙලාවක සූදානම්. එය රට වෙනුවෙන් අපි කළ යුතු යුතුකමක්.

වසීම් අක්‍රම් සාර්ථක ඵල නෙළාගත් Reverse Swing පන්දුව පසුකාලීනව ඔබේ සාර්ථකත්වයට හේතුවුණා.

පිතිකරුවන් පන්දුවට පහර දෙන්න ඕන කොහොමද කියල තීරණය කරන්නෙ පන්දු යවන්නාගේ අත දිහා බලල. ඉතින් පන්දු යවන්නාගේ හැකියාව තමයි පිතිකරුවා නොමඟ යවමින් පන්දුව දෝලනය කිරීම.

රිවස් ස්වින් කියන්නෙ සාමාන්‍යයෙන් පන්දුව දෝලනය විය යුතු දිශාවට ප්‍රතිවිරුද්ධ දිශාවට දෝලනය වීමට සැලැස්වීමයි. මෙය අලුත් පන්දුවෙන් වෙනස් ආකාරයකටත් පරණ පන්දුවෙන් තවත් ආකාරයකටත් සිදු වෙනවා.

මෙය ඇත්තෙන් ම කලාවක්. එය ඉගෙන ගන්න ඕන. ඒ සඳහා මහන්සි වෙන්න ඕන. දැඩි කැපවීමෙන් පුහුණු වෙන්න ඕන.

ඔබ තවමත් දැඩි ලෙස පුහුණුවීම්වල යෙදෙනවා.

මගේ ඉලක්කය මීළඟ ලෝක කුසලානය තෙක් එක් දින තරග සහ 20 යි 20 තරග ක්‍රීඩා කිරීමයි. ඒ සඳහා කණ්ඩායමට ඇතුළත් වීමට ඇති තරගකාරිත්වය වැඩියි. මේ නිසා නිරන්තර පුහුණුව අත්‍යාවශ්‍යයයි.

මගේ පළමු පුහුණුකරු කාල්ටන් බර්නඩෙත්. ඔහු ගේ උපදෙස් සහ අපේ වේගපන්දු පුහුණුකරු අනූෂ සමරනායක සමඟ ඔහුගේ ආශීර්වාදය සමඟ පුහුණුවීම් කරනවා.

මගේ ශරීර යෝග්‍යතාව ශන්ද්‍ර ශාන් සමඟත් මගේ පාසලේ පුහුණුකරු හර්ෂ ඩි. සිල්වා සමඟ පිතිකරණය පිළිබඳවත් පුහුණුවේ යෙදෙනවා.

ඔබ ගායනයටත් රඟපෑමටත් යොමුවන ආරංචියක් පැතිරුණා.

ඇත්තටම මට ක්‍රීඩාවට වගේම ගායනයටත් හැකියාවක් තියෙනවා. ඒත් ඒ සඳහාම කැපවෙලා එහි යෙදෙන්න වෙලාවක් ලැබුණෙ නෑ ක්‍රිකට් නිසා. රඟපෑමට මට තිබුණෙ ආසාවක්. ඒ සඳහා ඉල්ලීම් කිහිපයක් ම පසුගිය කාලයේ ආවා.

එහෙත් මගේ කාල වේලාව අනුව අවස්ථාවක් ලැබුණොත් මේ දෙකටම සහභාගි වෙන්න ආසාවක් තියෙනවා. ඒ වෘත්තීය ගායකයෙක් වෙන්න, වෘත්තීය නළුවෙක් වෙන්න ඕන කියලා නෙමෙයි. මගේ තියෙන කුසලතා වර්ධනය කරගන්න සහ ආසාවක් තියෙන නිසා.

ඔබ ඉන්දීය IPL තරගවලටත් ප්‍රාන්ත තරගවලටත් සහභාගි වන ක්‍රීඩකයෙක්.

IPL සඳහා ඩෙකෑන් චාජර්ස් පිල සමඟ වසර 3 ක ගිවිසුමකට බැඳිලා ඉන්නෙ. ඒ සඳහා සහභාගි වීම සිදුවේවි. එහෙත් ප්‍රාන්තයකට ක්‍රීඩා කිරීම තවම නිශ්චිතව කියන්න බෑ. ඒකට හේතුව අපේ රටේ ක්‍රිකට් යෙදෙන විදිහ අනුව තමයි තීරණය කරන්න වෙන්නෙ.

ඔබ ක්‍රීඩාවෙන් සමුගත් කාලයක පුහුණුකරුවකු වෙයිද?

හොඳ ක්‍රීඩකයකුට එක්වරම හොඳ පුහුණුකරුවකු වන්න බෑ. ඒ සඳහා ලෙවල් 1, 2, 3 කියන විභාග සමත් වෙන්න ඕන. ඊට අදාළ විෂයයන් හදාරන්න ඕන. තවම මගේ හිතේ එහෙම අදහසක් නෑ. මම දැනට සේවය කරන්නෙ ස්ටෑන්ඩ් චාටඩ් බැංකුවේ.

ඔවුන් මට උපරිම නිදහස දීලා තියෙනවා මගේ ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන්. ඉතින් කවදා හෝ ක්‍රිකට්වලින් සමුගත් දවසක මම වසර 3 ක් ඔවුන් සමඟ වැඩ කරනවා. ඉන්පසු තමයි ඉදිරිය තීරණය කරන්නේ.

චමින්ද වාස් කලකිරිලාද?

කොහෙත්ම නැහැ. එහෙත් මම අදහන ආගමට අනුව අපට මේ හැම දෙයක්ම දෙවියන්ගෙන් ලැබුණු ඒවා. අපේ ජීවිතයේ සියල්ලක්ම සිදුවෙන්නේ දෙවියන්ගේ සැලසුමකට අනුව.

පාකිස්තානයේ ලාහෝර්වල සිදුවීමෙන් පස්සෙ අපට ජීවිතයේ බොහෝ දේ කියා දුන්නා. ඒ අනුව හෙට මොනවා වෙයිද කියන්න බෑ. ඒ නිසා වර්තමානයේ ජීවත් වෙන එක තමයි හොඳම දේ.

එන විදිහකට මුහුණ දෙන්න සූදානමින් තමයි ඉන්නෙ. මගේ බිරිඳ වාසනා, දියණිය සහ පුතුන් දෙන්නා සමඟ සතුටින් ජීවත් වෙන එක තමයි මගේ ජීවිතය.

Tuesday, August 25, 2009

ජාත්‍යන්තර ටෙස්ට් ශ්‍රේණිගත කිරීමේදි ලංකාව දෙවැනි තැනට

2009 අගෝස්තු 25 වෙනි අඟහරුවාදා, 10:47 (කොළඹ, ලංකාපුවත්, අගෝස්තු 25) අන්තර්ජාතික ටෙස්ට් ශ්‍රේණිගත කිරීමට අනුව ශ්‍රී ලංකාව දෙවැනි ස්ථානය හිමිකර ගැනීමට සමත් වී තිබේ.

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය ඊයේ (24) ප්‍රකාශයට පත් කළ නවතම ටෙස්ට් ශ්‍රේණිගත කිරීම අනුව නවසීලන්තයට එරෙහි ප්‍රථම ටෙස්‌ට් තරගය ජයග්‍රහණය කළ ශ්‍රී ලංකාව ප්‍රසාද ලකුණු 119ක් ලබා දෙවැනි තැනට පත්විය.

ශ්‍රේණිගත කිරීම්වල පෙරමුණේ සිටි ඕස්‌ට්‍රේලියාව පසුගියදා අළුබඳුන ටෙස්‌ට් තරගාවලිය පරාජය වීමත් සමගම සිවුවැනි ස්‌ථානය දක්‌වා පහත වැටී ඇති අතර එංගලන්ත කණ්ඩායම තරගාවලිය ජය ගත්තද ලකුණු 105ක් ලබා ටෙස්ට් ශ්‍රේණිගත කිරීමේ පස් වැනි ස්ථානය හිමි වී තිබේ.

Tuesday, August 25, 2009




On May 19th ,the super leaders of the LTTE and their other leaders ended up at the Nandikadal Lagoon. The LTTE came by an unexpectedly disastrous end in the fourth Eelam war, despite being considered as the world’s only guerilla movement to have had an Air power .

The LTTE attacked the South on 7 occasions by bombing with the Sleen 143 model planes. K.P. the new leader, who is now under intense interrogation had revealed that there are 10 more planes in Erithrea, as reported by a weekend newspaper.




No matter what, we show herewith photographs depicting the leaders of the LTTE viewing the Air drill after they were brought in to Sri Lanka for the first time; Prabhakaran, Pottu Amman, Bhanu, Tamil Selvam , Tamilini ,Vidusha and others of the LTTE highest echelons embarking the plane; Photograph of Pottu and Selvam travelling in the plane. What is most conspicuously noticeable is that these planes are in their original paint.. At the last attack launched on Katunayake , it was a camouflage colours.

These hitherto unpublished photographs taken by the LTTE were retrieved by the Forces after the LTTE defeat. (see more pictures below)




Monday, August 24, 2009

hikkaduwa beach

හික්‌කඩුව වැල්ලේ.. මෙන්න හෙළු වැල්ලේ!

/>අතීතයේදී හික්‌කඩුව වූ කලී ශ්‍රී ලංකාවේ අතිශය සුන්දර වෙරළ තීරයකට හිමිකම් කියන ඉතා අහිංසක සංචාරක පුරවරයකි. සුපිරිසිදු සිනිදු සුදු වැලි තලාවකින් සුසැදි වෙරළ තීරයකිනුත් ඊට ඔබ්බෙන් වූ සුනිල දිය පිරි නොගැඹුරු මුහුදු තීරයකිනුත් ඊටත් එපිටින් වූ අලංකාර ස්‌වාභාවික කොරල් පරයකිනුත් ඒ කොරල් අතර නිරතුරුව සැරිසරන විසිතුරු මත්ස්‍ය සම්පතකිනුත් පොහොසත් මේ වෙරළ තීරය හොයා එදා ලෝකයේ සතර දිග් භාගයෙන් බුරුතු පිටින් සංචාරකයෝ ලංකාවට ආ බව අපට හො¹කාරවම මතක ඇත.

එදා එසේ බුරුතු පිටින් ලංකාවට ඇදී ආ සංචාරකයෝ ශ්‍රී ලංකාවේ දකුණු දිග වෙරළ තීරයේ අප්‍රමාණ සෞන්දර්යයෙනුත් ශ්‍රී ලංකාවාසීන්ගේ කරුණා පරවශ ආදරබර සැලකිල්ලෙනුත් අමන්දානන්දයට පත්ව වසරක්‌ පාසා යළි යළිත් මෙහි පැමිණීම පුරුද්දක්‌ කරගත් බව ද අපට මතකය.

තවත් පිරිසක්‌ එදා ද ලංකාවට ඇදී ආවේ තවත් අරමුණු වලටය.

ඔබට අවශ්‍ය ළාබාල පෙනුමැති හුරුබුහුටි නාඹර අපූරු කොලුගැටයෙක්‌ද… එසේ නම් ඔබ යා යුතු හොඳම තැන හික්‌කඩුව…. කියා ලොව සංචාරක කර්මාන්තයේ එදා තිබූ තවත් ප්‍රකට කට කතාවක්‌ නිසා ලංකාවට පැමිණි සංචාරකයෝද සිටියහ.

මේ සියලු කතා අතීතයට අයත් ඒවාය. දශක තුනකට ආසන්න කාලයක්‌ තිස්‌සේ අපේ රටේ අනාගතය විනාශ කළ රුදුරු යුද්ධයේ බයංකාර දුමාරයේ අන්ධකාරයෙන් හික්‌කඩුව ද වැසී ගියේය. සංචාරක කර්මාන්තය ජීවිකාව කරගත් ව්‍යාපාරිකයන්ට හා හික්‌කඩුවේ ජනතාවට අවසානයේ යන එනමං නැති වූවේය. කොරේ පිටට මරේ කියන්නාක්‌ මෙන් සුනාමියද පැමිණ හික්‌කඩුව සමතලා කර දමා ගියේය.

අපේ ඒ අතීත කතා සියල්ල අවසන්ය. ප්‍රභාකරන්ගේ ත්‍රස්‌තවාදයට අප වීරෝදාර හමුදාවෝ නැවතීමේ තිත තැබුවාත් සමඟම හික්‌කඩුව පුරවරය යළිත් විකසිතව සිනා වෙන්නට පටන් ගත්තේය. අගෝස්‌තුවෙන් ඇරඹෙන සංචාරක සමය (සීසන් එක) දෙස හික්‌කඩුවේ ජනතාව විශ්වාසයෙන් යුතුව දෑස්‌ දල්වා බලන්නට පටන් ගත්හ.

ඔක්‌කොම හරි දැන් ඉතින් මේ සීසන් එකේ මුදලවත් ගොඩ ගන්න ඕන. මොනව කරල හරි හික්‌කඩුවට සංචාරකයෝ ටිකක්‌ අද්දවල ගත්තොත් ඉතින් අපි ගොඩ තමයි. හික්‌කඩුවේ ව්‍යාපාරික ප්‍රජාව හා ජනතාව සැවොම එසේ සිතන්නට පටන් ගත්හ.

වත්මන් රජයේ සංචාරක අමාත්‍යාංශයේ මඟ පෙන්වීම මත සංචාරක මණ්‌ඩලය විසින් හික්‌කා 2009 සැණකෙළිය සංවිධානය කළේ මේ අරමුණ මුදුන්පත් කර ගැනීමට බව සැකයක්‌ නැත. සැබැවින්ම එය සංචාරක මණ්‌ඩලය සතු යුතුකම ද වන බව අපගේ හැඟීමය.

ඒ අනුව සියල්ල සංවිධානය කෙරිණි. හික්‌කඩුවේ වෑවල හා නාරිගම යන ප්‍රදේශ දෙක අතර වූ වෙරළ තීරය සැණකෙළිය සඳහා තෝරා ගැනිනි. අගෝස්‌තු 1, 2, 3 යන තෙදින තුළ මේ අපූරු සැණකෙළිය පැවැත්වෙන බව සංචාරක කර්මාන්තය පුරා ප්‍රචාරය කෙරිණි. දවස පුරාම විවිධ ක්‍රියාකාරකම් සංචාරකයින් වෙනුවෙන් සංවිධානය කෙරිණි.

අතේ ඇති තරම් සල්ලි වියදම් කර කන්නට, බොන්නට මුහුදෙ නාන්නට නිදහසේ පෙම් කරන්නට රාත්‍රියට ඩී. ඡේ. නටන්නට හැකි වෙන කිසිවෙකුටත් ඇතුළු විය නොහැකි ආරක්‌ෂිත කලාපයක පැවැත්වෙන වෙන කවර දිනෙකවත් නොවූ විරූ අන්දමේ සැණකෙළියක්‌ හික්‌කඩුවේ පැවැත්වෙන බවට ආරංචිය පැතිර යන්නට වැඩි කලක්‌ ගියේ නැත. හික්‌කඩුව, ගාල්ල ප්‍රදේශයේ පමණක්‌ නොව, කොළඹ මහ හෝටලවල, සමාජ ශාලාවලද නගරයේ සියලුම කැරෝකේ සමාජ ශාලාවලද කොල්ලන්, කෙල්ලන්ගේ මිතුරු සමාජවලද පවනේ වේගයෙන් මේ ආරංචිය පැතිර යන්නට වූහ.

එහෙයින් සංචාරකයෝ කෙසේ වෙතත් කොළඹ හැන්දෑවට, හැන්දෑවට උස්‌ පහත් සමාජ ශාලාවලට එක්‌රැස්‌වන තරුණ තරුණියෝ බුරුතු පිටින් අගෝස්‌තු 01 වැනිදා වනවිට හික්‌කඩුවට ඇදී එන්නට පටන් ගත්හ.

ඕනෑම මාතෘකාවක්‌ ඕනෑම ප්‍රශ්නයක්‌ වැරදි තැනින් අල්ලා ගත්විට ලැබෙන්නේ වැරදි ප්‍රතිඵලයකි. වැරදි උත්තරයකි. අපේ සංචාරක මණ්‌ඩලයේ මැති උතුමෝ අගෝස්‌තු 01 දා සිට දින තු=නේaම ඒ වැරදි තැනින් අල්ලා ගැනීමේ වරද වෙනුවෙන් වැරදි ප්‍රතිඵල ලබන්නට වූහ. වැරදි උත්තර ලබන්නට වූහ.

අනේ මං දන්නේ නැහැ… කොහේ ඉඳලා ආපු සෙනඟක්‌ද කියලා. කොහොම හරි පිටරට සුද්දෝ සුද්දියෝ නම් හිටියේ නම් බොහොම අඩුවෙන්. ඔක්‌කොම කොළඹ ඉඳලා ආපු අපේ කොල්ලෝ, කෙල්ලෝ. බලනකොට හැමෝම වගේ දැලි රැවුල් යාන්තමට එන පාසල් යන වයසේ කෙල්ලො, කොල්ලෝ. අපි ඉස්‌සර මේ හෝටල කාමරයක්‌ දුන්නේ දවසකට රු. 4000 ක්‌ 5000 ත් වගේ මිලකට. ඒත් දවසකට ගියේ එකයි දෙකයි. මේ දවස්‌ ටිකේ නම් දෙයියන්ගේ පිහිටෙන් අපි රුපියල් හත් අට දාහකට කාමර ඔක්‌කොම විකුණ ගත්තා.

මම දන්නා හික්‌කඩුවේ හෝටල් හිමියෙකු හික්‌කා 2009 පසුබිම ගැන කීවේ එසේය.

ඔය කියන කලාපයට අපට ඇතුල් වෙන්න දුන්නේ නැහැ. හමුදාව, පොලිසිය දාලා තව තව ආරක්‌ෂක සේවාවල් දාලා වට කරලයි තිබුණේ. දවල් වරුවේ කිසිම උණුසුමක්‌ තිබුණේ නැහැ. නමුත් රාත්‍රියේ තියෙන ඩී ඡේ පාටිය තමයි කවුරුත් ටාගට්‌ කරගෙන හිටියේ. ඒකට යන්න එක්‌කෙනෙකුට ටිකට්‌ එක විතරක්‌ රුපියල් 2500 යි. අනිත් එක කිසිම කෙනෙකුට ඒක ඇතුලට මත්පැන් ගෙනියන්න ලැබුණේ නැහැ. මත්පැන් ඕන නම් දෙගුණයක්‌ මිලට ගන්න මත්පැන් ඕන තරම් සැණකෙළිය ඇතුලේ තිබුණා. අපිටත් ඉතින් හොඳ හොද්ද. අපි තමයි මේ ආපු කෙල්ලො කොල්ලන්ගෙන් භාගෙකට කාමර හොයල දුන්නේ. මත්පැන් ගෙනල්ල දුන්නෙත් අපි. ඇතුළට බොන්න අරන් යන්න බැරි හින්ද හුඟ දෙනෙක්‌ කළේ හොඳට කරටි කැඩෙන්න ගහලා ඇතුළට යන එක. අනේ බලන්න දුකයි. මේ මෙතනට ආපු වැඩි දෙනෙක්‌ ඉස්‌කෝලේ යන වයසේ ළමයි. හැම කොල්ලෙකුටම කෙල්ලෙක්‌ හිටියා. හරි පුදුමයි.

මා දන්නා ත්‍රීවීලර් රියෑදුරෙක්‌ හික්‌කා 2009 ගැන ඔහු දන්නා පසුබිම කීවේ එසේය…

පළවැනි දවසේ මේ ඩී ඡේ පාටිය තිබුණේ වෑවල. නමුත් එතරම් ලොකු සෙනගක්‌ හිටියේ නැහැ. දෙවන දවසේ මේ ආරංචිය හැම තැනම පැතිරිලා ගියානේ. කට කපල සෙනග එකයි. තුන්වන දවසේ පාටිය නාරිගමට ගියා. හුඟක්‌ම හිටියේ සුද්දෝ සුද්දියෝ නොවෙයි. අපේ අය හරිම බාල වයස්‌වල ළමයි. දැක්‌කම දුකයි. ඒත් උන් හොඳට විනෝද වුණා. තවත් අයකු එසේ කීවේය.

හික්‌කා 2009 සැණකෙළියේ උණුසුම්ම අංගය වී තිබුණේ මේ ඩී ඡේ පාටියයි. ඩී ඡේ යනු අද අපේ සංස්‌කෘතියට ද අමුත්තක්‌ නොවේ. ඇඟ හිරිවට්‌ටන තරමේ අධිවේගී සංගීතයට මෙලෝ සිහියක්‌ නැතුව නැටීම මෙහි සාමාන්‍ය අරුත ලෙස මම වටහාගෙන ඇත්තෙමි. අධිවේගී සංගීතය ඇඟ කුපිත කරවයි. කණ්‌අඩි හිරිවට්‌ටවයි. ඒ ප්‍රදේශය පුරා නලියන නානා පැහැ විදුලි කදම්භ ඇස්‌ නිලංකාර කරවයි. තත්පරයකට වරක්‌ මේ නිලංකාර එළි විහිදෙන තවත් තත්පරයක්‌ අඳුරේ කිමිදෙන මේ පරිසරය ඕනෑම අයකුට ගෙන දෙන්නේ පියවි අදහස්‌ වලට වඩා අඳුරට හිත හුරු කරවන ගුප්ත හැඟීම් බව මගේ හැඟීමය.

අඳුරටත් ඇස්‌ නිලංකාර කරවන එළි වලටත් කණ්‌අඩි පලන සංගීතයටත් මුල් තැන දෙන මෙම පරිසරයේ පිස්‌සු හැදුනාක්‌ මෙන් ඉවක්‌ බවක්‌ නොමැතිව නැටීම පමණක්‌ නොව නටන අතර නිතර නිතර පිස්‌සු වැටෙන්නට මත්පැන් බීමද ඩී. ඡේ. සංගීතයේ අනෙකුත් පරිවාර අංග යෑයි මට හිතෙයි.

සංගීතය ශබ්ද අඳුර නියෝන් එළි අධි සැර ආලෝක කදම්භ මත්පැන් පමණක්‌ නොව, මේ සියල්ලෙන් නෙත් සිත් අමන්දානන්දයට පත් වන විට තම අතෙහි එල්ලී පෙම්වතකු හෝ පෙම්වතියක සිටීම ඩී.

ඡේ. සංගීතයේ මිහිර දෙගුණ තෙගුණ කරවයි.

අනේ මහත්තයෝ මම මේ සෙකියුරිටි වැඩේ කරන්න පටන් අරන් අවුරුදු 20 ක්‌ විතර වෙනවා. හුඟක්‌ තැන්වල වැඩ කරලත් තියනවා. ඒත් කවදාවත් මම මේ වගේ දේවල් නම් දැකල නැහැ. හොඳ ලස්‌සනට අත්වැල් අල්ලගෙන මෙතනට ආව දරුවෝ දැරිවියෝ පැය දෙක තුනකට පස්‌සේ මෙතන හැසිරුනේ පිස්‌සු වැටිල වගේ. සමහරුන්ගේ ඇඟේ වස්‌තර තිබුණෙම නැහැ. කෙල්ලො කොල්ලො කියල මෙයාලට කිසි වෙනසක්‌ ලඡ්ජාවක්‌ තිබුණෙත් නැහැ. කොටින්ම කියනවා නම් සමහරු හැසිරුනේ මේ ඇඳුම් මේ ඇඟපත මේ අවයව තමුන්ගේ නෙමෙයි කියන තරම් පිස්‌සුවෙන් කියලයි මට හිතුනේ.

අගෝස්‌තු 01, 02, 03 යන තෙදින තුළ හික්‌කඩුවේ නාරිගම හා වෑවල කේන්ද්‍ර කරගෙන පැවැති හික්‌කා 2009 සැණකෙළියේ ඩී. ඡේ. පාටිය ගැන මීටත් වඩා විස්‌තර කර කීමෙන් පලක්‌ නැත. මේ සමග පළකර ඇති ඡායාරූප සියල්ල වචන 1000 කින් කියා නිම කළ නොහැකි දේ පිළිබඳ විස්‌තර ඔබට කියාපානු නියතය.

මේ පින්තූර දුටු විට අපට කල්පනා වන්නේ කුමක්‌ද? අප සිත් තුළ ඇති වන හැඟීම කෙබඳුද

මේ අපේම රටේ අනාගතය බාරගැනීමට සිටින අපේම දරුවන් නොවේ දැයි නොසිතෙන්නේ කාටද

මහින්ද චින්තනය ඔස්‌සේ ගොස්‌ මේ රටේ සංස්‌කෘතිය ගැන සදාචාරය ගැන සාරධර්ම ගැන කියන විටදී අප ජනාධිපති මහින්ද රාජපක්‍ෂයෝ නිතර කියන කතාවක්‌ තිබේ. නිතර කියන වදන් පෙලක්‌ තිබේ. දරුවෝ ඉන්න තාත්තා කෙනෙක්‌ හැටියට යන වදන් වැල ඔහුගේ මුවගින් නිතර පිටවෙනු මා අසා ඇත. එසේනම් දරුවන් සිටින තාත්තා කෙනකු හැටියට මේ ඡායාරූප දෙස එක්‌ වරක්‌වත් බැලිය හැකිද?

වරද ඇත්තේ ඔහුගේ නොව මහින්ද චින්තනයට අනුව වැඩ කරනවා යෑයි කියන සංස්‌කෘතික ඇමැතිවරයකු බලාසිටියදී ඔහුගේම මහින්ද චින්තනය පෙරට ගෙන යනවා යෑයි කියන සංචාරක ඇමැතිවරයකු යටතේ මේ හික්‌කා 2009 සැණකෙළිය සංවිධානය වී තිබීමය.

යමක්‌ වැරදි තැනින් අල්ලා ගැනීමේ වරදට අනුව අද මේ සියලු ඇමැතිවරු සියලු බලධාරීන් කටඋත්තර නැතුව සිsටිනවාට සැකයක්‌ නැත.

කොළඹ වෙසෙන ඉතාම ධනවත් සල්ලිකාර උසස්‌ යෑයි සම්මත අම්මලා තාත්තලාගේ දරුවෝද මෙතන සිටින බව ඔවුන්ගේ ඇඳුම් ආයිත්තම් වලින්ද පැහැදිලිය. ඔවුන්ගේ ඇවතුම් පැවතුම් වලින් හා අඟපසඟින් මෙන්ම හමේ වර්ණයෙන්ද ඔවුන්ගේ ජීවන තත්ත්වය උසස්‌ බව පෙනෙයි. බොහෝ විට මේ සිටින්නේ කොළඹ උසස්‌ යයි සම්මත ජාත්‍යන්තර පාසල්වල ඉගෙන ගන්නා දරු දැරියෝ බව සැකයක්‌ නැත. දරු දැරියන්ගේ සිත් සතන් තුළින් ලඡ්ජා බය නැතිකර අමුතුම වර්ගයේ සමාජ ශීලිත්වයක්‌ ඔවුන්ගේ සිත් තුළ ආරෝපණය කිරීම මේ ජාත්‍යන්තර පාසල්වල ආගම වී තිබෙන බව මම දනිමි.

ඇතැම් අම්මලා තාත්තලා තමන්ගේ දරුවන් ජාත්‍යන්තර පාසල්වල උගෙන ගන්නා බව කියන්නේ ආඩම්බරයෙනි. අද එයා ගෙදර නැහැ. එයා ගියා යාළුවොත් එක්‌ක ඩී. ඡේ. පාටි එකකට කියා ඇතැම් අම්මා කෙනෙක්‌ වයස අවුරුදු 15 ක්‌ 16 ක්‌ වයසැති දියණිය ගැන තවත් යෙහෙළියක හා කියන්නේද ආඩම්බරයෙනි. එවන් ඩී. ඡේ. පාටි වල අවසානය හා උපරිමය කුමක්‌ දැයි දැක බලා ගැනීමට මේ ඡායාරූපයකට ප්‍රමාණවත් සාක්‌ෂි බව මගේ හැඟීමය.

අප අද ජීවත් වන්නේ අපේ රටේ අනාගත දරු පරපුර ගැන මහත් සංවේදීව කතා කරනා දේශපාලනඥයන් සිටින රටකය. ඒ සංවේදිකම නිසාම දරුවෝ නරක්‌ වේ යෑයි බියෙන් අසභ්‍ය දර්ශන හා රූප ඇතුලත් යෑයි කියන වෙබ් අඩවි ගණනාවක්‌ම තහනම් කර හැරියේද මේ රජයයි. වැඩිහිටියන්ට පමණක්‌ යෑයි තිබූ චිත්‍රපට තහනම් කර දමන්නට කල්පනා කළේද මෙම රජයයි. ඇතැම් චිත්‍රපට බැලුවහොත් වැඩිහිටියෝද නරක්‌ වේ යෑයි බියවී අක්‍ෂරය වැනි වටිනා චිත්‍රපට තහනම් කළ බලධාරින් සිටියේද මේ රජයේය. නමුත් හික්‌කා 2009 සැණකෙළිය කරනු ලැබුවේ කවරෙක්‌ද. යමක්‌ වැරදි තැනින් අල්ලා ගැනීමේ වරදට චූදිතයා වී හෙට දිනයේ නියම වැරදිකරුවෝ පසෙක සිටියදී කවරෙකු හෝ නිලධාරියෙක්‌ දෙන්නෙක්‌ දඬුවම් විඳිනු නිසැකය. එහෙත් වරඳ වී හමාරය. අශ්වයාට පැන යන්නට ඉඩදී ඉස්‌තාලය වැසීමේ පිළිවෙත යළි යළිත් අප අනුගමනය කළ යුතු නොවේ.

හික්‌කා 2009 ට පැමිණි ඉතා විශාල පිරිසක්‌ කොළඹ ඉහළ පවුල්වල අය බව නිසැකය. එහෙත් ඒ අතර සාමාන්‍ය සමාජ ස්‌ථරවල තරුණ තරුණියෝද විශාල ප්‍රමාණයක්‌ සිටින බව මේ ඡායාරූපවලින්ම ඔප්පු වී යනවා ඇත. ගෙවල් දොරවල් වලින් එළියට බසින්නට එතරම් නිදහසක්‌ නොමැති මේ කොල්ලෝ කෙල්ලෝ මේ ගමන යන්නට මොන තරම් බොරු බේගල් නම් තම අම්මල තාත්තලාට කියන්නට ඇත්ද.

හොඳ දෙයක්‌ කරන්නට ගොස්‌ බේගල් කීවාට කමක්‌ නැත. එහෙත් කර ඇති කර්තව්‍යයේ තරම මේ ඡායාරූප ඔබට කියා පානු නිසැකය.

හික්‌කඩුවට ඩී. ඡේ. පාටි හෝ රාත්‍රි සමාජ ශාලා නම් අරුමයක්‌ නොවේ. සෑම සතියකම සෙනසුරාදා හා සිකුරාදා ක්‍රියාත්මක වන රාත්‍රි සමාජ ශාලා දෙකක්‌ අදටත් මේ හික්‌කඩුවේ පවතිS. මැම්බෝ හා වයිබ්‍රේෂන් මෙම සමාජ ශාලා දෙක වෙයි.

එහෙත් මෙබඳු ඓශ්චර්යයක්‌ ඒ සමාජ ශාලාවක කිසි දිනකවත් දැක ගන්නට ලැබී නැත. යමෙකු නිරුවතින් තවත් අයෙකු හා හැසිරුණා නම් හැසිරුණේ පුද්ගලිකවය. ඒද කිසිවෙකුට නොපෙනෙන අඳුරක අහුමුලුවකය. මෙසේ එළිපිට දෙනෝ දාහක්‌ මැද ප්‍රසිද්ධියේ නම් නොවේ. හික්‌කා 2009 හි විශේෂත්වය එයයි.

මේ වූ කලී බුදුන් උපන් දේශය නොව බුදුන් වහන්සේ තෙවරක්‌ම වැඩියා වූ දේශයයි. ශ්‍රී සම්බුද්ධ පාද ස්‌පර්ශයෙන් පූජනීය වූ උතුම් දේශයයි. අද බුදුන් උපන් දේශයේත් නැති ශ්‍රී පාද පද්ම ලාංජනයෙන්ද දන්ත ධාතුන් වහන්සේගෙන්ද ශ්‍රී මහා බෝධීන් වහන්සේගෙන්ද පරම පූජනියත්වයට පත් රටයි.

මේ නිසාම 5000 ක්‌ කල් ගිය තැනත් බුදු දහම ආරක්‌ෂාවන ලෝකයේ එකම රට ලෙස ලංකාව අපි හඳුන්වන්නේ මහත් ආඩ්මබරයෙනි.

එහෙත් අප අද දකිමින් සිටින මේ විපරිත සංස්‌කෘතිය තුළ 5000 ක්‌ කාලයක්‌ ඒ අති උතුම් බුදු දහමේ අයිතිකරුවන් බවට පත්වීමේ ගෞරවයට ලක්‌වීම කෙබඳු අභියෝගයක්‌ ද ….

අප සංස්‌කෘතික ඇමැතිවරු දෙදෙනාට මෙන්ම අලුත් සංචාරක ඇමැති තුමන්ටද කිසි දිනෙක මේ ප්‍රශ්න කිසිවකට උත්තර නොමැති බව නිසැකය.

ඇමැතිවරුනි මැති උතුමනි

හැකිනම් උත්තර දෙන්න.

මා ඇමැති වීමට පෙර කළ වැඩක්‌
ඒත් නැවත මේවා වෙන්න දෙන්නේ නෑ
සංචාරක ඇමැති

මා සංචාරක අමාත්‍යවරයා විදිහට ජුලි 02 වැනිදා වැඩ භාරගන්නා විටදීත් හික්‌කඩුව වෙරළ සැණකෙළිය පැවැත්වීම සඳහා සියලු කටයුතු සූදානම් කර තිබිණි. මෙම සැණකෙළිය කලින් වසරේදී පැවැත් වූ විටදී යම් අශ්ලීල ක්‍රියා ඒ තුළ සිදුවූ බව මාධ්‍ය මගින් මාද දැනුවත්ව සිටි නිසා එවැනි ක්‍රියා නැවත ඇති නොවන ලෙසට වගබලාගන්නා ලෙස මගේ කැබිනට්‌ නොවන අමාත්‍ය ෆයිසර් මුස්‌තාපා මැතිතුමාටත්, ප්‍රවර්ධන බියුරෝවේ කළමනාකාර අධ්‍යක්‍ෂ දිලිප් මුදාදෙණිය මහතාටත් මා වාචිකව දැනුම් දුන්නා. ඒ වුණත් මෙවරත් යම් අශ්ලීල ක්‍රියාවන් ඒ තුළ සිදුවී ඇති බවට විවිධ අයගෙන් මට පැමිණිලි ලැබෙමින් තියෙනවා.

අනෙක්‌ අතට මෙය විදේශ සංචාරකයන් ආකර්ශනය කර ගැනීමට පවත්වන උළෙලක්‌ කියා කීවත් මට ලැබී ඇති නිල නොවන තොරතුරුවලට අනුව මෙවරත් සියයට 90% ක්‌ පමණ සහභාගි වී ඇත්තේ අපේ රටේ නාගරික තරුණ තරුණියන්. කෙසේ වෙතත් මගේ අමාත්‍යාංශයට අයත් ආයතනයක්‌ විසින් ක්‍රියාත්මක කරන ලද මෙම වැඩපිළිවෙල මගින් අපේ රටට, අපේකමට, අපේ හැදියාවන්ට හානියක්‌ සිදුවී ඇත්නම් එය විභාග කර නැවත එවැනි තත්ත්වයක්‌ ඇති නොවීමේ වගකීම මා භාරගන්නවා.

බුලිත ප්‍රදීප් කුමාර

Thursday, August 20, 2009

ඔව්. මම ඡන්දේ ඉල්ලනවා – අනර්කලී

සිංහල සිනමාවට ආකර්ෂණයක් එක් කළ අනර්කලී ආකර්ෂා දේශපාලනයට පිවිසෙන බවට පසුගිය දිනවල දී රාවයක් පැතිර ගියා. ඒ පිළිබඳ ඇත්ත නැත්ත අනර්කලීගෙන් ම අහන්න අපි හිතුවා.

“ඔව් ඉදිරි දකුණු පළාත් සභා ඡන්දයට මම රජයේ පාර්ශ්වයෙන් තරග කරන්නයි සූදානම් වෙලා ඉන්නේ. මං හිතනවා ඒ සඳහා සුදුසුම කාලය දැන් එළඹිලා කියලා.

ඇත්තටම මට දේශපාලන පසුබිමක් තියෙනවා. මගේ සීයා ආරිය ජයතිලක ක්‍රියාකාරී දේශපාලනයේ නියැළුණු කෙනෙක්.

ඒ වගේ ම මගේ ආච්චිගේ සහෝදරයා එඩ්වින් සමරක්කොඩි මාතර කඹුරුපිටියෙන් දේශපාලනයට පිවිසියේ. මේ මොහොතේදීත් ජනාධිපතිතුමාට මම මගේ උපරිම සහයෝගය ලබාදෙමින් දේශපාලන කටයුතුවල නියැළෙනවා.

ඒ අතරේදියි ඉදිරි දකුණු පළාත් සභා ඡන්දයට තරග වදින්න මට ආරාධනාවක් ලැබුණේ.

ඉතිං ඒකීය ලංකාවේ අපේ ම රටේ සියලු පුරවැසියන් වෙනුවෙන් යහපත් දායකත්වයක් ලබාදෙන්නයි මම දේශපාලනයට එන්න තීරණය කළේ.

There is a rumor that popular actress Anarkali Akarsha will be contesting in the forthcoming Southern Provincial Council election. However this is still unconfirmed. We will keep you posted on the latest developments as and when we get them. Anarkaleeta Jaya Weewaa!!!

taj anal party


13

14

15

16

18

19

2

20

21

24

26

27

28

29

3

30

31

33

34

36

4

40

41

43

45

48

5

6

7

8

9

Tuesday, August 18, 2009

 GALLE, Sri Lanka, Aug 18 (Reuters) - Scoreboard at the close
on the first day of the first test between Sri Lanka and New
Zealand on Tuesday.
 Sri Lanka first innings
T. Paranavitana c McCullum b Martin 0
T. Dilshan b O'Brien 92
K. Sangakkara c Flynn b Martin 8
M. Jayawardene not out 108
T. Samaraweera not out 82
Extras (b-1, lb-1, w-1) 3
Total (three wickets, 78 overs) 293
 Fall of wickets: 1-0 2-16 3-134
 To bat: A. Mathews, P.Jayawardene, M. Muralitharan, T.
Thushara, N.Kulasekara, A. Mendis
 Bowling (to date): Martin 15-2-59-2, O'Brien 14-1-90-1 (1w),
Oram 7-1-25-0, Vettori 24-5-48-0, Patel 15-1-60-0, Ryder 3-1-9-0
 New Zealand: Daniel Vettori (captain), Tim McIntosh, Martin
Guptill, Daniel Flynn, Ross Taylor, Jesse Ryder, Brendon
McCullum, Jacob Oram, Jeetan Patel, Iain O'Brien, Chris Martin.

රූ රැජිණ තරඟ මුවාවෙන් කන්තාවන් උගුලට අල්ලා ගැනීමේ ජාවාරමක්
Be mindful of some beauty pageant organizers


රූ රැජිණ තරඟ සංවිධානය කිරීම හරහා අහින්සක තරුණියන් බිලි බා ගැනීමේ ජාවාරමක් පවතින බව පොලිසිය පවසයි. මේ බව ප්‍රකාශ කරන ලද්දේ ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධ බාලිකා විදුහලක ශිෂ්‍යාවන් පිරිසක් අමතමින් පොලිසියේ උසස් නිලධාරිණියකි.

මෙම තරඟ සංවිධායකයින් තරුණියන් හට විවිධ අවස්ථා සඳහා බලාපොරොත්තු ලබාදෙමින් ඔව්න් ඩැහැ ගැනීමට උත්සාහ කරන බවත් විවිධ අසභ්‍ය චායාරූප සහ චිත්‍ර පට සඳහ ඔවුන් යොදා ගන්නා බවත් ඇය පැවසීය.

මෙවැනි අපරාධ කරුවන් නීතියේ රැහැනට අසුකර ගැනීම සඳහා පොලිසිය කටයුතු කරමින් සිටින බව ඇය පවසයි

Sunday, August 16, 2009

Sunday, August 16, 2009

ෂාරුක් ඛාන් ගුවන් තොටේ දී අත්අඩංගුවට
Bollywood superstar Shah Rukh Khan was detained at the US airport

සුපිරි බොලිවුඩ් තරුවක්වන ෂාරුක් ඛාන්ව ඇමෙරිකාවේ නිව් ජර්සි හී නෙවාර්ක් ගුවන් තොටුපලේ දී අද(15) දින අත්අඩංගුවට ගෙන පැය 02කට වැඩි කාලයක් ප්‍රශ්න කර තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කරනුයේ මොහුව ඉන්දියානු තානාපති කාර්යාලය මැදිහත්වීමෙන් පසුව නිදහස් කර ඇති බවයි.

චිකාගෝ නුවර පැවැත්වෙන ඉන්දීය නිදහස් දින උත්සවයකට සහභාගී වීම සඳහා ෂාරුක් මෙලෙස ඇමෙරිකාවට ගොස් තිබේ.

සිද්ධිය පිළිබඳ අදහස් දක්වමින් ෂාරුක් ඛාන් ප්‍රකාශ කර ඇත්තේ ගුවන් තොටුපළ කාර්ය මණ්ඩලය ඔහුගේ නම පරිගණක තිරයේ දුටු වහා තමන්ව අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමට පටන් ගත් බවයි. එමෙන්ම ඔහුට සිය ජංගම දුරකථනය භාවිතා කිරීමට ද එහි සිටි බලධාරීන් අවස්ථාව ලබා දී නැත.

මෙවැනි අවස්ථාවකට මුහුණු දුන් ප්‍රථම අවස්ථාව මෙය නොවන බවද හෙතෙම සඳහන් කර ඇත. කෙසේ වෙතත් තමන්ගේ පවුලේ උදවිය මෙම සංචාරය සඳහා එක් නොවීම පිළිබඳව තමන් සතුටු වන බවද ෂාරුක් පවසා තිබේ.

තවදුරටත් සිද්ධිය පිළිබඳව අදහස් දක්වමින් මෙම සුපිරි බොලිවුඩ් තරුව ප්‍රකාශ කර ඇත්තේ තමන්ව අත්අඩංගුවට ගැනීම ජාතිවාදය හේතු කොට ගෙන සිදු වුණු දෙයක් ලෙස සැලකිය නොහැකි බවයි.

ෂාරුක් ඛාන්ගේ සමීප මිතුරෙකු වන චිත්‍රපට අධ්‍යක්‍ෂ කරන් ජොහාර් මේ පිළිබඳව අදහස් දක්වමින් කියා ඇත්තේ, මෙම පුවත සමගින් තමන් පුදුමයට පත් වුණු බවයි. එමෙන්ම ෂාරුක් මේ සිදුවීමෙන් දැඩි ශෝකයට පත්ව ඇති බව හෙතෙම මාධ්‍ය හමුවේ පවසා තිබේ.

ෂාරුක්ව අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව ඔහු සිය නිවසටත්, සිය ලේකම්ටත් මේ පිළිබඳ දැනුම් දී ඇති බව විදෙස් මාධ්‍ය උපුටා දක්වයි. ඉන් අනතුරුව ඉන්දීය කොංග්‍රස් මන්ත්‍රී රජීව් ෂුක්ලා විසින් එරට තානාපති කාර්යාලයට දැනුම් දී ඇත.

ෂාරුක් පවසා ඇත්තේ අමෙරිකාවට යන හැම මොහොතකදීම තමන් දැඩි බියකින් අදාළ සංචාර සඳහා සහභාගී වුණු බවයි. නමුත් මෙවැනි සිදුවීම් ඔහු මීට පෙරද අත්විද ඇති බව පවසා තිබේ. කෙසේ වෙතත් තමා අමෙරිකාවට යනුයේ ත්‍රස්තවාදියෙකු ලෙසින් නොවන බවත් මේ සිදුවීම හරහා තමන්ට දැඩි වේදනාවක් මෙන්ම දැඩි ආවේගයක් ද ඇති බව ෂාරුක් ඛාන් කියා තිබේ.

කෙසේ වෙතත් මෙවැනි අකරතැබ්බයකට බොලිවුඩ්හී මුහුණ දුන් පලමු තරුව ෂාරුක් ඛාන් නොවේ. මීට ප්‍රථම 2002 වසරේ දී කමල් හසන් කැනඩා ගුවන් තොටුපළේදීත්, එම වසරේ දීම අමිර් ඛාන් චිකාගෝ ගුවන් තොටේ දීත්, 2008 වර්ෂයේ දී කබීර් ඛාන් අමෙරිකානු ගුවන් තොටුපලේ දී අවස්ථාවන් තුනකදීත්, මේ වසරේදී නීල් නිතේන් මූකේෂ්ව සහ දකුනු ඉන්දියානු නළු මමූතීවත් ගුවන් තොටුපලවල් හී දී අත්අඩංගුවට ගෙන ඇති සිද්ධීන් වාර්තාවේ.
(කොළඹ, ලංකාපුවත්, අගෝස්තු 15)