Pages

Thursday, August 30, 2012

ලාංකික තරුණියක් Miss Italy අවසන් වටයට

ඉතාලියේ විදේශ සංක්‍රමනිකයන් සඳහා වූ තරඟයක රූපසුන්දරිය තේරීම වෙනුවෙන් පැවැත්වෙන "Miss Italia nel Mondo 2012" තරඟයේ අවසන් වටයේ 6 දෙනා අතරට පිවිසීමට ලාංකික තරුණියකට හැකිවී තිබෙනවා.

ඇගේ නම නයෝමි ඇඳිබදුගේ ය. ඇය ඉපදී ඇත්තේ රෝම නගරයේය. 18 හැවිරිදි ඇගේ දෙමව්පියන් ලංකාවේ සිට ඉතාලියට සංක්‍රමණය වූවන්ය.

ලාංකීය තරුණියක් යුරෝපීය රටක පැවැත්වෙන මෙවන් තරඟයක් සඳහා අවසන් වටයට පැමිණි ප්‍රථම අවස්ථාව මෙයයි.

මෙහි අවසන් වටය පැවැත්වීමට නියමිතව ඇත්තේ සැප්තැම්බර් 9 වනදාය. නයෝමිගේ ජායාරූප කිහිපයක් පහතින්

















Tuesday, August 28, 2012

ගායන ශිල්පී අමල් පෙරේරා අත්අඩංගුවට

ගායන ශිල්පී අමල් පෙරේරා අත්අඩංගුවට

 

ජනප්‍රිය ගායන ශිල්පී අමල් පෙරේරා මහතා දකුණු කළුතර පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
කලකට ඉහතදී අධිකරණය විසින් නිකුත් කරන ලද විවෘත වරෙන්තුවකට අදාළව මො‍හු අත්අඩංගුවට ගත් බවත් අද (28) දින මොහු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවත් පොලිසිය සඳහන් කරයි.

රාත්‍රී සමාජ ශාලාවකට නාගයෙක් ඇවිත්


රාත්‍රී සමාජ ශාලාවකට නාගයෙක් ඇවිත්


කොළඹ කොල්ලුපිටිය ප්‍රදේශයේ රාත්‍රී සමාජ ශාලාවකට නාගයෙක් රැගෙන පැමිණි කාන්තාවක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
එම කාන්තාව ඊයේ (27) රාත්‍රී නාගයෙකු රැගෙන සමාජ ශාලාවේ රැගුම් දක්වා තිබේ.

පිළිමතලාව ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් වන ඇය අදාළ රාත්‍රී සමාජ ශාලාවේ සේවිකාවක් වශයෙන් කටයුතු කරන බවද පොලිසිය අනාවරණය කර ගෙන ඇත.

ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් අද (28) පෙරවරුවේ අදාළ කාන්තාව අත්අඩංගුවට ගෙන ඇති අතර ඇය අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බව පොලීසිය පවසයි.

Nehara & Menaka ????????????????


Tuesday, August 14, 2012

Romesh Sugathapala Wedding

Romesh Sugathapala's Engagement - රොමේෂ් විවාහ ගිවිස ගනී

දිගු දෑස දු‍ටුවාම..
හැ‍ඟෙනවා පෙර සේම..
උන්නු හැටි මගෙ ගාව..
ඔය හිතට අමතකද..
බිඳ දමා මගෙ සිහිනේ..
ඇයිද ඔබ හැංගෙන්නේ..
මට දෙන්න මගෙ සිහිනේ..
ළඟ ඉන්න පෙර වාගේ.....

මේ ගීතය මේ කාලේ නිතර දෙවේලේ ඇහෙන ජනප්‍රියම ගීතයක්.. ගායනා කරන්නෙ නව පරපුරේ දක්ෂ, ජනප්‍රිය ගායන ශිල්පියෙක් වන රොමේෂ් සුගතපාල.

ප්‍රේමයෙන් පැරදුනු පෙම්වතෙකුගේ දුක්බර හදවත මෙම ගීතයෙන් මනාව පිලිබිඹු වෙනවා. ඒත් මේ ගීතය ගායනා කරන ගායකයා නම් තමන්ගේ ප්‍රේමය ජය අරන් කියල අපිට ආරංචි උනා. පාසල් කාලයේ පටන් බැඳුනු පෙම විවාහය දක්වා ගෙන ඒමට තරම් රොමේෂ් වාසනාවන්තයෙක් වෙලා.

රොමේෂ්ගේ ගම් පළාත වන කඩුගන්නාවෙම කෙනෙකු වන ඇය නමින් වින්ධ්‍යා ඕමාලි හේරත්ය.

පහුගිය මාර්තු 12 වැනිදා විවාහ ගිවිස ගත් මේ දෙන්නාගේ විවාහය අගෝස්තු මාසයේදි ගන්නලු හිතාගෙන ඉන්නෙ.

රොමේෂ් ඕමාලි පෙම් කතාවට මුල් කාලයේදී වැඩිහිටියන්ගේ තදබල වීරෝධතා එල්ල උනත්,අන්තිමේදී මේ දෙන්නගෙ අදරේ ජයගත්තා.

මේ වෙනකොට රොමේෂ් පදිංචි වෙලා ඉන්නෙ ජා-ඇල ගෙදරක. රොමේෂ්ගෙ බලාපොරොත්තුව ඕමාලිව කසාද බැඳලා ඒ ගෙදරට එක්කගෙන එන්නයි. එත් ඉක්මනට ඉඩමක් අරගෙන තමන්ගෙම කියල අලුත් ගෙයක් හදගෙන යන එක තමයි රොමේෂ්ගෙ ලොකුම හීනය..

රොමේෂ්,ඕමාලිගේ හීන සැබෑ වෙන්න කියල  ප්‍රාර්ථනා කරනවා.

Romesh Sugathapala Wedding

 

Thursday, August 2, 2012

'කර්ණමුන්ඩි' පෙරේතිය




See video

දේවාලයේදී කපු මහත්තයාගේ වීඩියෝවට හසුවූ 'කර්ණමුන්ඩි' පෙරේතිය