Pages

Saturday, October 30, 2010

සිතට වහල් විමී” නාට්‍යය රූගත කිරීම් අතරතුර

උදුල් නොවැම්බර් 12 තෙක් රිමාන්ඩ්

අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු උදුල් ප්‍රේමරත්න මහතා නොවැම්බර් මස 12 වන දින දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට කොටුව මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත. අත්අඩංගුවට ගෙන සිටි උදුල් ප්‍රේමරත්න මහතා අද(29) පස්වරුවේ අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවෙහි මෙම නියෝගය සිදුකර ඇති බව සඳහන්ය.

සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානය අසල දී අද දහවල් ප්‍රේමරත්න මහතා අත්අඩංගුවට ගැනුණි. උසස් අධ්‍යාපන අමාත්‍යාංශ භූමියට අයුතු ලෙස ඇතුළු වී එහි දේපළ වලට අලාභහානි සිදුකිරීම සම්බන්ධයෙන් පැහැදිලි සාක්ෂි ඇත්නම් ඔහු අත්ඩංගුවට ගැනීමට පොලිසියට බලය ඇති බව කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද පෙරවරුවේ ප්‍රකාශ කර තිබුණි.

Friday, October 29, 2010

මෙගා ස්ටාර් එක් තරග කරුවෙක් සිම් 20,000ක් අරගෙන

මෙගා ස්ටාර් අවසන් තරගය පිලිබද බොහෝ දෙනා විවිධ මත පල කරනවා.මේ එවන් අයගේ අදහස්.


මේ තරගයේදී මම එක වැරද්දක් කලා-බුද්ධික කුලසේකර

අවසාන තරගයේ විනිවිදබාවය සදහා මොනවගේ ක්‍රියාමාර්ගයක් ද අනුගමනය කරන්නේ?

අපි මේ තරගයේදී ඉතාමත් සාධාරණ ක්‍රියාමාර්ග කිපයක් ක්‍රියාත්මක කරනවා.ඕනෑම කෙනෙකුට එස්.එම්.එස් කරන්න පුළුවන් එක දුරකතනයකින් පමණයි. එකත් එකක් විතරයි.එමගින් සැබෑම දක්ෂයා තෝරාගන්න පුළුවන්.තමන් වෙනුවෙන් එස්.එම්.එස් කරලා ජය ගන්න ලක්ෂ 150 ක් වත් අවශ්‍ය වනවා.ජයග්‍රහණය කරන්න ලක්ෂ 150 ක් වියදම් කරන්න තරම් කව්රුත් මෝඩ වෙන එකක් නෑ. එක නිසා ප්‍රේක්ෂක මනාපයෙන් පමණක් ජයග්‍රාහකයන් තේරේවි.

තරගකරුවන්ට ලැබෙන ත්‍යාග ගැන කතා කලොත්. 

පළමු තැන ගන්න ජයග්‍රාහකයාට වටිනා මෝටර් රථයක් හා නැඊන නිවසක් හිමි වනවා.දෙවැනි තැනට ජිප් එකක් හිමි වෙනවා.තුන් වන හා හතර වන ස්ථාන වලට මුදල් ත්‍යාග පිරි නමනවා.

ඔබට මේ තරගය සම්බන්ධයෙන් චෝදනා තියෙනවා. 

ඕනෑම කෙනෙකුට චෝදනා තියෙනවා.බුදු හමුදුරුවොන්ට පවා හැමෝම එකග උනේ නැහැනේ.ඕනෑම වැඩක් කරද්දී එක්කෙනෙක් දෙන්නෙක් විරුද්ධ වෙනවා. එක ගැන හිතන්න හොද නෑ.මේ තරගයේදී මම එක වැරද්දක් කලා.ඒ තරු ගුණය නැති ය මෙගා ස්ටාර් වේදිකාවට ගෙන ඒම.එයින් සිද්ධ උනේ කටුස්සාගේ කරේ රත්තරන් බැන්දා වගේ වැඩක්.ඒ යට මේ වටිනා දේවල් ඔරොත්තු දෙන නෑ. 
සමහර තරගකරුවන්ට උදව්කරන දේශපාලකයන් ඉන්නවා-දයාසිරි ජයසේකර


අවසාන තරගය සාධාරණ එකක් උනොත් මට ජයග්‍රහණය කරන්න ලැබේවි.මේ වනවිට මට දැනගන්න ලැබිල තියෙනවා එක තරගකරුවෙක් ජංගම දුරකථන සිම් 20 000 ක් අරගෙන කියල.ඒ අවසන් මහා තරගයට තමන් වෙනුවෙන් එස්. එම .එස් දාගන්න.මේ විදියට තරගකරුවන් එස්.එම.එස් කරලා තරගය දිනවන එක ප්‍රේක්ෂකයන් අනුමත කරන නෑ.මේ තරගයෙදි සමහර වෙලාවල් වලදී දක්ෂයන් හැලුන.ඒ සල්ලි තියන අය තමන් වෙනුවෙන් එස්. එම .එස් කරගත්ත නිසා.

මේ තරගය තුලට දේශපාලනය රිංගල තීන්දු තීරණ ගත්ත කියන එක මම එතරම් විශ්වාස කරන් නෑ.නමුත් සමහර තරගකරුවන්ට උදව්කරන දේශපාලකයන් ඉන්නවා.එක මම පිලිගන්නවා. කොහම උනත් මම මෙතෙන්ට දේශපාලනය ගෙනාවේ නෑ. ඒ වගේම මේ තරගය වෙනුවෙන් සතයක්වත් වියදම් කරලා නෑ.මට ආදරය කරන පිරිසක් ම වෙනුවෙන් කටවුට් ගහල තියෙනවා.


මට විරුද්ධව නඩු මගට බසින්න ඔවුන් කටයුතු කරනවා-දමිතාඅබේරත්න


මේ විදියට දේවල් සිදු වෙන්නේ කගේ වරදක් නිසාද?

ස්වර්ණවාහිනිය මේකට වැරදි නෑ.නමුත් පුටුවල ඉන්න එක්කෙනෙක් දෙන්නෙක් තමන්ගේ පටු අරමුණු වෙන්වෙන් තමන්ගේ ආත්මය පාවාදීම ගැන මට හරි කණගාටුයි.එක්කෙනෙක් දෙන්නෙක් නිසා නාලිකාව අගෞව්රවයට පත් වීම ගැන ඇත්තටම දුකයි.මේ තරගයට සහබාගි වෙනකොට කිව්වා අවසන් තරගයේදී හැම දෙනාටම ආරාධනා කරනවා එදාට තෑගි බෝග දෙනවා කියල.නමුත් මට ආරාධනාවක් ලැබුනේ නෑ. 


මෙගා ස්ටාර් අධ්‍යක්ෂවරයා සම්බන්ධ කරගන්න හැදුවත් ඔහුව සම්බන්ධ කරගන්න බැරි උන නිසා මම කෙටි පණිවිඩයක් යැව්වා.ඒකට ලැබුන ප්‍රතිචාරය තමයි මට විරුද්ධව නඩු මගට බසින්න ඔවුන් කටයුතු කරනවා කියන එක.මස 10 ක් තිස්සේ සියලු කැපවීම මෙගා ස්ටාර් වෙනුවෙන් කලා මට දෙන උපහාරයද මේක.


මට ඒ වගේ දෙයක් කරන්න සල්ලි නැහැ-මුතු තරංගා 

මේ තරගයේදී ජයග්‍රාහකයන් තීරණය වන්නේ එස්.එම.එස් මතනේ. සල්ලි දීල එස්.එම.එස් ගහන්න පුළුවන් අයට ඉස්සරහට යන්න පුළුවන්.මට ඒ වගේ දෙයක් කරන්න සල්ලි නැහැ.මගේ ප්‍රේක්ෂකයන්ටත් එස්.එම.එස් 1000 ක් විතර ගහන්න සල්ලි තිබුනේ නෑ.






මට මෙගාස්ටර් කිරුල ලබාගන්න පුළුවන්-අජිත් වීරසිංහ 

අවසන් තරගයේදී මට මෙගස්ටර් කිරුල ලබාගන්න පුළුවන්.මම එහෙම නොබියව ප්‍රකාශ කරන්න විශේෂ හේතුවක් තියෙනවා.මහජනතාවගෙන් මට ලැබුන ආදරය ශක්තිය කැමැත්ත පහුගිය කලේ පුරාම මම දැක්ක.
මේ තරගයේ නොයෙක් අක්‍රමිකතා තියෙනවා කියල එක්තරා පිරිසක් ප්‍රචාරයක් ගෙනියනවා.ඔය විදියේ ප්‍රචාරයන් ගෙනියන්නේ දෙපිරිසයි.එක පිරිසක් තරගයෙන් පරාද වෙලා ඉවත්වෙලා යන අය.අනිත් පිරිස තමයි දැන් තරගයට ඉදිරිපත් වෙලා ජයග්‍රහණය කරන්න බහ කියල පරාද වෙයි කියල හිතෙන අය.

සමහර අය මට චෝදනා කරනවා මේ තරගය මම දිනන්නේ මම වියදම් කරන නිසා කියල.මම එහෙම වියදම් කරන්නේ නෑ.එලියට ගිහින් බලන්න කවුද මේ තරගයට වියදම් කරලා තියෙන්නේ කියල.කෝටි ගානක් වියදම් කරා මම තොරන් ගහල නෑ.


අනිත් දෙන්න දක්ෂයන් කියල කියන්න බෑ-ඉන්දික ගිනිගේ

අවසාන තරගයට ඉන්න දයාසිරි අයිය ගේ  දක්ෂතාවයන් මම අගය කරනවා.සුරේෂ් දැන් දක්ෂයි. මේ දෙන්නට සාපේක්ෂව අනිත් දෙන්න දක්ෂයන් කියල කියන්න බෑ.

ENCORE ප්‍රසංගය