Pages

Friday, December 31, 2010

f.%aIka mq;=f.ka mshdg .S;hla
wm w;ßka iuq.;a f.%aIka wdkkao .dhlhdKka ñhhkakg m%:ufhka Tyqf.a mq;a udßfhda wdkkao wfífldaka ish mshd fjkqfjka .S;hla ks¾udKh lff.%aIkaf.a wmQ¾j y~ fyg Èkfha ueflkakg bv fkd;nkakg udßfhdag yelsfõ hhs wm úYajdi lruq'Tyqg tu .S;h ks¾udKhg iyh ÿkafka iß;a fiakdërhs'
mshd fjkqfjka udßfhda .ehQ tu wkqfõokSh .S;h my;ska Y%jKh lrkak'


.sgd¾ ñ;=rd;a 
f.%aIka <`.

f.%aIka wdkkao .dhlhdKkaf.a foayfha wjika lghq;= wo isÿ l< w;r f.%aIka foayh ±l n,d .kakg w;sW;=ï ue,alï rxð;a ldÈk,a;=uka meñKs wjia:dj PdhdrEmfha ±lafõ'wfkla PdhdrEmj, Tyqf.a mjqf,a wh ±lafjk w;r f.%aIkaf.a <`.u ñ;=rd jQ .sgdrho Tyqf.a foayh wi< Tyqfoi n,d isá whqre tla PdhdrEmhl ±lafõ'


-------------

Thursday, December 30, 2010



කැන්සාස්හි වෙඩි තැබුමකින් මෙරට ශිෂ්‍යයෙක් මියයයි

Dec 30,2010

අමෙරිකාවේ කැන්සාස් නගරයේ පිරවුම්හලක් මංකොල්ලකෑමට තැත්කළ මංකොල්ලකරුවන්ගේ වෙඩි පහරකට ලක්ව එරට අධ්‍යාපනය ලැබූ ශ්‍රී ලාංකික ශිෂ්‍යයෙකු මරණයට පත්ව ඇත.

මෙසේ මරණයට පත්ව ඇත්තේ 25 හැවිරිදි සුජේන්ද්‍ර අමරසිංහම් නැමති එම පිරවුම්හලෙහි ලිපිකරුවෙකු ලෙස සේවය කළ තරුණයෙකි.

මෙම සිදුවීමෙන් මිනිත්තු 20ට පමණ පසු එම පිරවුම්හලට පැමිණි පාරිභොගියකු විසින් තුවාලකරු දැක අදාළ සිද්ධිය පිළිබඳව පොලීසියට දැනුම් දී තිබේ.

තුවාල ලැබූ ශිෂ්‍යයා රෝහලට ඇතුළු කිරීමෙන් පසු මරණයට පත්ව ඇති බව ද සඳහන්ය.

කැන්සාස්හි වෙඩි තැබුමකින් මෙරට ශිෂ්‍යයෙක් මියයයිසිද්ධිය සිදුවී මිනිත්තු කිහිපයට පසු එම ස්ථානයට පාරිභෝගියකු පැමිණ ඇති අතර ඔහු තුවාල ලබා සිටි සුජේන්ද්‍ර රෝහලකට ඇතුළු කිරීමට හෝ පොලීසිය වෙත දැනුම් දීමට උත්සාහ නොකර පිරවුම්හලෙන් මුදල්ද සොරකම් කරගෙන අදාළ ස්ථානයෙන් පලා ගොස් ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

වෙඩි තැබීමේ සිද්ධියට සැකකරන පුද්ගලයාගේ හා මුදල් රැගෙන පලා ගිය පාරිභෝගිකයාගේ ඡායාරූප පිරවුම්හලෙහි නිරීක්ෂණ පද්ධතිය හරහා හඳුනාගැනීමට පොලීසියය හැකියාව ලැබී තිබේ

වෙඩි තැබූ පුද්ගලයා විසින් පිරවුම්හලෙහි වූ භාණ්ඩ කිහිපයක් රැගෙන පලාගොස් ඇති අතර මුදල් සොරාගෙන ගොස් නොමැති බව ද සඳහන්ය.

සිද්ධියෙන් මරණයට පත්වූ සුජේන්ද්‍ර අමරසිංහම් කැනාස් නගරයේ මිෂුෂුරි විශ්ව විද්‍යාලයේ විද්‍යුත් හා පරිගණක ඉංජිනේරු විද්‍යාව පිළිබඳව අධ්‍යාපනය ලබමින් සිට ඇති අතර මාස 3 ක පමණ කාලයට සිට එම පිරවුම්හලෙහි සේවය කර ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.



ජාතික වාරි කෞතුකාගාරයක් ඇරඹීමට පියවර තැබෙයි

Dec 30,2010

මෙරට වාරි කර්මාන්තයේ ඉතිහාසය සහ වාරි ක්ෂේත්‍රයේ ගමන් මග පිළිබඳ ශ්‍රී ලාංකිකයින්ට සහ විදේශිකයන්ට අවබෝධයක් ලබාදීම පිණිස ජාතික වාරි කෞතුකාගාරයක් ආරම්භ කිරීමට පියවර ගෙන තිබේ.

මහවැලි කේන්ද්‍රයට අනුබද්ධව මෙම වාරි කෞතුකාගාරය ආරම්භ කරන බව වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ අමාත්‍යාංශය සඳහන් කරනු ලැබීය.

විශේෂයෙන් මෙරට පැරණි වාරි තාක්ෂණය හා මහවැලි සංවර්ධන ව්‍යාපාරයේ ආරම්භය, වර්තමානය මෙන්ම අනාගතය පිළිබඳ තොරතුරු මෙම කෞතුකාගාරයට ඇතුළු කිරීමට නියමිතව ඇත.

වසර 2,500ට එපිට ඉතිහාසයක් ඇති මෙරට වාරි තාක්ෂණයට සමකල හැකි තාක්ෂණයක් වෙනත් රටවල ඉතිහාසයන් තුළ දක්නට නොලැබෙන බව අමාත්‍යාංශය පවසයි.

ලංකා, ශ්‍රී ලංකාට මාරුවෙයි

Dec 30,2010

"ලංකා" ලෙස නම ආරම්භ වන සියලුම රජයේ ආයතන වල නම මින් ඉදිරියට "ශ්‍රී ලංකා" ලෙස භාවිත කිරීමට රජය තීරණය කර ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි



වව්නියාව බන්ධනාගාර සිද්ධිය ගැන පුළුල් පරීක්ෂණයක්



Dec 30,2010

වව්නියාව බන්ධනාගාර රැඳවියන් අතර ඇතිවු නොසන්සුන්තාව සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි බන්ධනාගාර කොමසාරිස් ජනරාල් වී. ආර්. ද සිල්වා මහතා පවසයි.

ඊයේ පස්වරුවේ රැඳවියන් දෙපිරිසක් අතර දැඩි නොසන්සුන්තාවයක් ඇතිවු බව ඔහු සඳහන් කළේය.

බන්ධනාගාර නිලධාරීන්ගේ හා පොලිසියේ මැදිහත් වීමෙන් තත්ත්වය පාලනය කළ බව ද වී. ආර්. ද සිල්වා මහතා පෙන්වා දෙයි.

අනුරාධපුර බන්ධනාගාරයට මාරු කර යැවු රැඳවියෙකු වහා ගෙන්වන ලෙස බල කරමින් රැඳවියන් පිරිසක් මෙසේ කලහාකාරී ලෙස හැසිරුණු බව ඔහු සඳහන් කළේය.

අනුරාධපුර බන්ධනාගාරයට මාරු කර යැවු අදාළ රැඳවියා කිසිදු හේතුවක් මත යළි වව්නියාව බන්ධනාගාරයට ඇතුළත් නොකරන බව වී. ආර්. ද සිල්වා මහතා පැවසුවේය.

ළමා අපචාරයකට සම්බන්ධ බවට චෝදනා මත මන්නාරම මහේස්ත්‍රාත්වරයාගේ නියමය පරිදි වව්නියාව බන්ධනාගාරයට ඇතුළත් කෙ‍රුණු පූජකවරයෙක් සම්බන්ධයෙන් බන්ධනාගාර රැඳවියන් දෙපිරිසක් අතර මෙම ගැටුමේ මූලාරම්භය පසුගියදා ඇතිවිය.

ගැටුමෙන් තුවාල ලැබු රැඳවියන් දෙදෙනෙකු රෝහල්ගත කෙරුණු අතර එම සිද්ධියට මුල් වු ප්‍රධාන රැඳවියෙකු අනුරාධපුර බන්ධනාගාරයට මාරු කර යැවීමට බන්ධනාගාර නිලධාරීන් පියවර ගනු ලැබීය.

දුම්රිය පැමිණිලි, තොරතුරු හා යෝජනා සඳහා අමතන්න



Dec 30,2010

දුම්රිය තුළ හෝ දුම්රිය පරිශ්‍රයන් ‍තුළ හදිසි අවශ්‍යතාවන් සඳහා මඟීන්ට තොරතුරු දැන ගැනීමට සහ පැමිණිලි ඉදිරිපත් කිරීමට හදිසි දුරකථන අංකයන් කිහිපයක් දුම්රිය දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කර තිබේ.

අද(30) සිට එම දුරකථන අංකයන් පැය 24 පුරාම ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව එම දෙපාර්තමේන්තුවේ සැලසුම් කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ විජය සමරසිංහ මහතා සඳහන් කළේය.

හදිසි දැනුම්දීමක් සඳහා 011 -3135202 දරන අංකයෙන් ප්‍රධාන දුම්රිය පාලක කාර්යාලයද, දුම්රියක් පිළිබඳව තොරතුරු විමසීමට 011 -2434215 දරන දුරකථන අංකයෙන් කොළඹ -කොටුව දුම්රිය ස්ථානයේ විමසීම් අංශය ද ඇමතිය හැකි බව ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් පැහැදිලි කරන විජය සමරසිංහ මහතා ප්‍රකාශ කළේය.

එමෙන්ම නව අදහස් හා යෝජනා ඇත්නම් ඒවා 071 4393102 දරන අංකයෙන් සැලසුම් අධ්‍යක්ෂටද, ආරක්ෂක කටයුතු සම්බන්ධව යම්කිසි පැමිණිල්ලක් ඇත්නම් පැය 24 පුරාම ක්‍රියාත්මක වන ආරක්ෂක මෙහෙයුම් කාර්යාලයේ 011 -2347988 දරන දුරකථන අංකයට ද ඇමතිය හැකිය.



රුපියල් ලක්ෂ 2000ක හොර සිගරට් අල්ලයි

Dec 30,2010

අනවසරයෙන් මෙරටට ගෙන්වූ රුපියල් ලක්ෂ 2000ක් වටිනා සිගරැට් මිලියන 10 ක තොගයක් ශ්‍රී ලංකා රේගුව අත්අඩංගුවට ගෙන තිබේ. මේ වසරේ අත්අඩංගුවට ගත් විශාලම සිගරැට් තොගය මෙය වෙයි. වියට්නාමයේ නිෂ්පාදිත “ගෝල්ඩ්සීල්” නමැති මේ සිගරැට් තොගය අඩි 40ක් දිග කන්ටේනරයක අසුරා තිබූ බව ශ්‍රී ලංකා රේගු අධිකාරියේ අධ්‍යක්ෂ ජෙනරාල් සුධර්මා කරුණාරත්න මහත්මිය පවසයි.

මධ්‍යම බුද්ධි අංශයේ 2471471 දුරකථන සේවාවට ලැබුණු ඔත්තුවක් අනුව මේ වැටලීම සිදුකර තිබේ.



වරාය අධිකාරියේ ලාභය බදු ගෙවු පසු බිලියන 2.1යි

Dec 30,2010

බදු ගෙවීමෙන් පසු 2009 වසර තුළ ශ්‍රී ලංකා වරාය අධිකාරිය රුපියල් බිලියන 2.1ක ලාභයක් ලබාගෙන තිබේ.

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ වාර්ෂික වාර්තාව අනුව 2008 ට සාපේක්‍ෂකව ශ්‍රී ලංකාවරාය අධිකාරියේ වාර්ෂික වාර්තාව අනුව 2008 ට සාපේක්‍ෂකව ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සේවක පිරිවැය සියයට 5.9කින් අඩු කර ගෙන තිබේ. ගෝලීය අර්බුදය හමුවේ ප්‍රතිචාර දක්වමින් සමස්ත මෙහෙයුම් පිරිවැය රුපියල් මිලියන 21.389ක් ලෙස පහත වැටී ඇත.

ජාත්‍යන්තර නෞකා සමාගම් විශාල මූල්‍ය අර්බුදයකට ලක් වූ මොහොතක 2009 වර්ෂයේදී රුපියල් බිලියන 2.1ක දැවැන්ත ලාභයක් ඉපයීම ශ්‍රී ලංකා වරාය අධිකාරිය ලැබූ සුවිශේෂී ජයග්‍රහණය ක් බව, වාර්ෂික වාර්තාව පෙන්වා දෙයි.

මේ ලාභය ලබා ගෙන ඇත්තේ සියලු වියදම් දැරීමෙන් අනතුරුවය. එමෙන්ම කොළඹ වරාය බහලුම් මෙහෙයුම් මිලියන 3.4කට අධික ප්‍රමාණයක් මෙහෙයවා තිබේ.

මාගම්පුර මහින්ද රාජපක්‍ෂ වරායේ පළමු අදියර සඳහා චීනයේ එක්ෂින් බැංකුව ඇමැරිකානු ඩොලර් මිලියන 372 ක දීර්ඝ කාලින ණය. මුදලක් ලබාදී තිබේ. කොළඹ වරාය පුළුල් කිරීමේ ව්‍යාපෘතිට ආසියානු සංවර්ධිත බැංකුව ඇමරිකානු ඩොලර් මිලියන 300ක දීර්ඝ කාලීන ණය මුදලක් ලබාගෙන ඇත. මේ ණය මුදල් පියවීම සඳහා ඉදිරියේදී කටයුතු කරන බව, ශ්‍රී ලංකා වරාය අධිකාරිය කියයි.

රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද වාර්තාවේ සඳහන් වන රුපියල් කෝටි 2253 මුදල ව්‍යාපෘති ඉදි කරන සමාගම් වෙත ගෙවීම්වල වටිනාකම වේ. එහි ශ්‍රී ලංකාවරාය අධිකාරිය වෙත ලබාදුන් ණය මුදලක් ලෙස අර්ථකථනය කිරීම සාවද්‍යය බව ශ්‍රී ලංකා වරයා අධිකාරිය පවසයි.


ඕස්ට්‍රේලියාවේ ක්වින්ස්ලන්තයට ගංවතුර



Dec 30,2010

දසක කිහිපයකට අනතුරුව ඕස්ට්‍රේලියාවේ ක්වින්ස්ලන්තයට බලපෑ දරුණු ගංවතුරින් අනාථවූවන්ට සහන සලසන සහන සේවකයන්.

වයස 12ට අඩු ළමුන්ට නොමිලේ සත්තු වත්ත නැරඹීමට අවස්ථාවක්



Dec 30,2010

වයස අවුරුදු 12ට අඩු ළමුන්ට හෙට සහ අනිද්දා යන දෙදින තුළ දෙහිවල ජාතික සත්වෝද්‍යානය නොමිලේ නැරඹීම සඳහා අවස්ථාව ලබාදී තිබේ.

ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ උපදෙස් මත මෙම තීරණය ගත් බව දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ අධ්‍යක්ෂ බාස්වර සේනාංක ගුණරත්න මහතා සඳහන් කළේය.

නව වසරේ උදාව සහ පාසල් නිවාඩු කාලය නිමිති කරගෙන මෙම අවස්ථාව ලබාදීමට කටයුතු කර ඇති බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

ඒ අනුව 31 වැනිදා සහ ජනවාරි පළමු වැනිදා වයස අවුරුදු 12ට අඩු ළමුන්ට නොමිලයේ දෙහිවල ජාතික සත්වෝද්‍යානය නැරඹීම සඳහා අවස්ථාව හිමිවනු ඇත.

Wednesday, December 29, 2010

Greshan Ananda Passes Away

ckm%sh .dhl f.%aIka wdkkao wo WoEik කොලබ ජාතික රොහලේදී අභාවප්‍රාප්ත විය.සතියක පමන කාලයක් රොගී තත්වයෙන් පසු වූ ඔහු මියයන විට 52 වන වියේ පසු විය

f.%aIka .ehQ .S tl;=j fu;ekska wikak


අරලිය ගහ මැදුරේ සර්පයාට එරෙහිව විමල්


ජනපතිතුමාගේ ඔක්ස්ෆර්ඩ් ගමනින් පසුව ශ්‍රී ලංකාව ජාත්‍යන්තරය සම්බන්ධයෙන් ගෙන ගිය දැඩි ප්‍රතිපත්තිය සම්පුර්ණයෙන් ලිහිල් කල තත්වයක් දක්නට ලැබුණි.ඒ සදහා වූ මුලික සිදුවීම වුයේ ශ්‍රී ලංකාවට ඒමට තහනම් කොට තිබු බන් කි මුන්ගේ ත්‍රිපුද්ගල කමිටුවට ශ්‍රී ලංකාවට පැමිණීම සදහා අවසර ලබාදීමට විදේශ අමත්‍යංශය කටයුතු කිරීමයි.

එම කමිටුව ඇමිණීම කෙරෙහි ආණ්ඩුවේම විවිධ පක්ෂ විරෝධය පල කිරීමේදීත් විදේශ අමත්‍යංශය ත්‍රිපුද්ගල කමිටුවට ලංකාවට පැමිණීමට ඉඩ දීම පසුපස රගපෑ ප්‍රධාන පුද්ගලයා වුයේ අන් කවරෙකුවත් නොව මෙයට පෙර අප විසින් හෙළි කල අරලිය ගහ මැදුරේ සර්පයානොහොත් සජින් වාස්ය. 

පසුගියදා ජනාධිපතිවරයා සජින් වාස් අධීක්ෂණ මන්ත්‍රී ධුරයට පත් කිරීමත් සමගම ඔහුට උපදෙස ලැබුනේ ජාත්‍යන්තර ප්‍රජාව සමග පවතින මතබෙදකම් හැකිතාක් දුරට අවමකර ගැනීමටත් බටහිර රටවල් සමග මිතුරු කමක් ගොඩ නැගීමටත් කටයුතු කරන ලෙසටයි.

ඒ අනුව සජින් අධීක්ෂණ මන්ත්‍රී ධුරය බාරගත් සැනින් කලේ විද්වත් කමිටුවට ශ්‍රීලංකාවට පැමිණීමට අවස්ථාවක් ලබාදීම මගින් එක්සත් ජාතීන්ගේ සංවිධානය සමග සුහදතාවයක් ගොඩ නාග ගැනීමට උත්සහ කිරීමයි.නමුත් සජින්ගේ මෙම වෑයමට මුලින්ම විරෝධය එල්ල වුනේ විමල් වීරවන්ශගෙනි. 

ජ.නි.පෙ සාමාජික පියසිරි විජේනායක පසුගිය ද පුවත්පත් සාකච්චාවක් කැදවමින් කියා සිටියේ විදේශ අමාත්‍යංශයට කොටි රිංගගෙන ඇති බවත් එම දේශ ද්‍රෝහීන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන ලෙසටය.ඒ අනුව මේ වන විට මුන්ගේ කමිටුවට ලංකාවට ඉඩ දීම තුල සජින් හා විමල් අතර සිතල යුද්ධයක් හටගෙන ඇත.

Friday, December 24, 2010

සීගිරියේදී අතුරුදන් වූ මව සහ දියණිය රත්මලානේ නිවසක



චමින්ද සිල්වා - ඒ. පී. ආරියරත්න - රත්මලාන

පාදුක්‌ක මීපේ ප්‍රදේශයේ සිට සීගිරිය නැරඹීමට ගොස්‌ සිටියදී අතුරුදන් වූ මව සහ ඇගේ සයමස්‌ දියණිය ඊයේ (23 වැනිදා) රත්මලාන ජයසුමනාරාම පාරේ නිවසක සිටියදී ගල්කිස්‌ස කොට්‌ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් පිරිසක්‌ විසින් අත්අඩංගුවට ගෙන ඇත. මෙම මව සහ දරුවා සමග ඔවුන් රත්මලාන ප්‍රදේශයට රැගෙන පැමිණි මවගේ අනියම් පුරුෂයා බව කියන පුද්ගලයා ද පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම කාන්තාව සිය බිළිඳු දියණිය සමග පසුගිය 20 වැනිදා (පොහෝ දින) සීගිරිය නැරඹීමට ඥතීන් පිරිසක්‌ සමග ගොස්‌ සිටියදී අතුරුදන් විය.

ඒ සම්බන්ධයෙන් ඥතීන් පිරිස සීගිරිය පොලිසියට පැමිණිලි කිරීමෙන් පසු පොලිස්‌ කණ්‌ඩායම් තුනක්‌ පරීක්‍ෂණ ආරම්භ කර තිබියදී ඊයේ (23 වැනිදා) ගල්කිස්‌ස කොට්‌ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් පිරිසක්‌ විසින් ඔවුන් අත්අඩංගුවට ගෙන තිබිණි.

මව සහ දරුවා රත්මලාන ප්‍රදේශයට රැගෙන පැමිණි පුද්ගලයා ෆිනෑන්ස්‌ සමාගමක නිලධාරියකු වන අතර ඔහු මෙම කාන්තාව සමග කාලයක සිට පැවැති අනියම් ඇසුරක ප්‍රතිඵලයක්‌ ලෙස ඔහු යතුරු පැදියකින් සීගිරිය ප්‍රදේශයට ගොස්‌ සීගිරිය නැරඹීමට පැමිණි මව සිය දියණිය සමග යතුරු පැදියේ තබාගෙන පැමිණි බව පොලිසිය හෙළිකරගෙන ඇත.

ගල්කිස්‌ස ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි හේමන්ත අධිකාරී මහතාගේ උපදෙස්‌ මත මූලස්‌ථාන ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක මහේෂ් පෙරේරා මහතාගේ මෙහෙයවීමෙන් කොට්‌ඨාස අපරාධ විමර්ශන ඒකකයේ ස්‌ථානාධිපති කුමාර නලවංශ, පොලිස්‌ සැරයන් (26885) ජයලාල් ඇතුළු නිලධාරීන් පිරිසක්‌ විසින් අත්අඩංගුවට ගත් සැකකරුවන් ගල්කිස්‌ස අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි

Thursday, December 23, 2010

වාකරේ, කට්ටුමුරුකුලම් කැලෑබද ප්‍රදේශයේ තිබී පුපුරණ ද්‍රව්‍ය ‍‍තොගයක් සොයාගෙන තිබේ

.

 අද‍(23) පෙරවරුවේ වාකරේ පොලිසිය විසින් සිදුකරන ලද සෝදිසි මෙහෙයුමකදී මෙම පුපුරණ ද්‍රව්‍ය සොයාගෙන ඇති බව සඳහන්ය. 
වාකරේ ප්‍රදේශයෙන් පුපුරණ ද්‍රව්‍ය ‍‍තොගයක් හමුවෙයි
ජීව අත්බෝම්බ දෙකක්, පුද්ගල නාශක බෝම්බ 99 ක් සහ මෙරට නිෂ්පාදිත බිම් බෝම්බයක් ඒ අතර වන බව පොලිසිය පැවසීය.

මේ අතර උප්පුවැලි, සාම්පල්තිව් කළපුව අසල තිබී ජීව අත්බෝම්බයක් ත්‍රිකුණාමලය පොලිසිය විසින් සොයාගෙන ඇත. 


පංචායුධගේ දේශපාලන පක්ෂය අවසන් ගමන් යයි-ආණ්ඩුවේ මෙහෙයුම සාර්ථක වෙයි…..


ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතාගේ අත්තනෝමතික ක්‍රියා කලාපයට එරෙහිව පක්ෂය තුළ දිගින් දිගටම කරුණු දැක්වුවද මේ වන තුරුත් පක්ෂය නිසි මගට ගැනීමට පක්ෂ නායකත්වය කටයුතු නොකිරීම හේතුවෙන් තමන් ජාතික නිදහස් පෙරමුණෙන් ඉවත් වන බව අචල සුරංග ජාගොඩ මහතා පක්ෂයේ ක්‍රියාකාරි සාමාජිකයන් පිරිසකට පවසා ඇති අතර ඔහුන්ටද ආරාධනා කර තිබේ.
ජාතික නිදහස් පෙරමුණ නමට ලැබෙන ආධාර හා වරප්‍රසාද සියල්ල වීරවංශ මහතා විසින් සිය පුද්ගලික පරිභෝජනය සඳහා යොදාගන්නා බව ද පක්ෂයේ විනය කඩ කරමින් දිගින් දිගටම ක්‍රියා කරන නිසාත් මෙම තීරණය ගන්නට සිදුව ඇති බව හෙතෙම වැඩිදුරටත් කියා තිබේ. විමල්ගේන් මිදි තමන් සමග ඒකතුවන්නේනම් වරප්‍රසාද රුසක් භුක්ති විදිමට අචලට හැකියාව පවතින බවට ආණ්ඩුවේ ඉහල පෙළේ අමාත්‍යවරයකු පසුගියදා ප්‍රකාශ කොට තිබේන බවද වාර්තා වේ.ඒම ප්‍රකාශයද මෙම තින්දුවට ඉවහල් වි ඇති බව දැනගන්නට ලැබේ.

කෝටි හතේ මංකොල්ලයේ මුදල් තොගයක් සොයා ගනී


දෙසැ.23- පෞද්ගලික බැංකුවක රුපියල් කෝටි හතක මුදල් කොල්ලයට සම්බන්ධ මහමොලකරු, එම මුදල් වලින් මිලදී ගත් රුපියල් ලක්ෂ 35 ක් පමණ වටිනා ගෘහ භාණ්ඩ තොගයක් සොයා ගෙන තිබේ.
එයට අමතරව ඔහු සතුව තිබූ රුපියල් ලක්ෂ 18 මුදල් තොගයක් ද පොලීසිය භාරයට ගැනිණි.

උසස් පොලිස් නිලධාරියෙකු පැවසුවේ සැකකරු සතු ඉඩමක ලිදක දමා තිබියදී තවත් ගිනි අවි දෙකක්ද සොයාගත් බවය.

එම ගිනි අවි කොල්ලකෑම වන අවස්ථාවේ ආරක්ෂක නිලධාරීන් සතුව තිබූ ඒවා බව ද ඔහු සදහන් කළේය.

මේ අතර කොල්ලකෑමට සම්බන්ධ ප්‍රධාන සැකකරු විසින් එම මුදල් යොදවා රුපියල් ලක්ෂ 40 ක් පමණ වටිනා ඉඩමක් සහ නිවසක් ද ‍මිලදී ගෙන තිබේ.

පරීක්ෂණ වලදී අනාවරණ වී ඇත්තේ එයට අමතරව ඔහු අවස්ථා කිහිපයකදී සිංගප්පූරුවට සහ ඉන්දියාවට ද ගොස් ඇති බවය.

මහ කොළඹ ‍කොට්ඨාසය භාර නියෝජ්‍ය පොලිස්පති දයා සමරවීර මහතාගේ මෙහයවීම යටතේ ඒ පිළිබද වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක කෙරේ

තනුජා දිල්හානි

ශෝභා දේව් අසම්මත පෙම් පුවතේ අවසානය රුදුරු ඛේදවාචකයකි. 60 දශකයේ ආකර්ෂණීය රංගන තරුව දේව්ට පෙම් බැඳි ශෝභා මෙදා යුගයේ ජනප්‍රිය රංගන තාරකාවකි.
අසම්මත පෙමක පහස විඳිනා දේව් හා ශෝභා හරහා ‘වියපත් බඹරා’ සිනමා සිත්තම උත්සුක වන්නේ අසම්මත පෙමෙහි ආදීනව ලොවට ආදර්ශයක් එක් කිරීමටය.
‘වියපත් බඹරා’ හි ශෝභා 60 දශකයේ යොවුන් රංගන ශිල්පිනියකි. ඇය මෙදා යුගයේ ඔබේ සිත්ගත් සොඳුරු තාරකාවකි.
ඇය තනුජා වේ. තනුජා දිල්හානි . . . පුංචි තිරයෙන් නිතර දෙවේලේ ඔබේ නෙතු ගැටුණු ඇය මෙදා සිනමාව හරහා ද ඔබට සමීප වන සොඳුරු රුවැත්තියකි.
මේ දිනවල ‘වියපත් බඹරා’ හි ශෝභා ලෙසින් ප්‍රධාන චරිතයට පණ පොවන ඇය අද වන විට වඩාත් කතාබහට ලක් වී ඇත්තේ ද මේ චරිතය නිසාමය.
මීට පෙර ‘රෝස කැලේ’ හා ‘එකමත් එක රටක’ යන සිනමා නිර්මාණ හරහා ඔබ වෙතට පැමිණි ඇය පවසන්නේ ඇයට පුංචි තිරයේදීත්, රීදී තිරයේදීත් විවිධත්වයෙන් යුතු චරිත ලැබීම ඇගේ රංගන දිවියේ ඉදිරි ගමනට මනා රුකුලක් වන බවය.
‘වියපත් බඹරා’ හි ශෝභා කියන්නෙත් මට මෙතෙක් ලැබුණු චරිතවලින් නව මඟක් ගත් සුවිශේෂී චරිතයක්. අසම්මත පෙමක පැටළෙන ප්‍රේමවන්තියකගේ රුව ප්‍රතිනිර්මාණය කිරීමටයි මට එහිදී භාර වුණේ.
මෙහි එක් ජවනිකාවක් තිබුණා මත්පැන් පානය කරලා වෙරි මතින් රඟන යුවතියකගේ් ජවනිකාවක්. පෞද්ගලික ජීවිතයේ මෙවන් අත්දැකීමක් මා ලබලා නැහැ. පෞද්ගලික ජීවිතයේ නොලද අත්දැකීමක් වන එය මා හොඳින් කළා කියලයි මට හිතෙන්නේ. මෙතෙක් මා කළ ජවනිකා අතරින් මා සිත්ගත් ම ජවනිකාව මෙයයි.’
වියපත් බඹරා හි ඇය පෑ රැඟුමක් ඇය මතකයට නැං වූයේ එසේය.
සිනමාවට පිවිසීමට පෙර තනුජා ප්‍රේක්ෂකයන් අතරට පැමිණිියේ පුංචි තිරයෙනි. පුංචි තිරයේ බොහෝ ටෙලි නිර්මාණ සඳහා ඇය රංගනයෙන් දායක වෙද්දී වෙළෙඳ දැන්වීම් රැසක් ඔස්සේ ද ඇය ඔබේ නෙතු අතරේ ආකර්ෂණීය රංගන තරුවක් බවට පත් වුණේ නිරායාසයෙනි.
‘ඇත්තටම මා පුංචි තිරයට පැමිණෙන්නේ වේදිකාව හරහායි. ආනන්ද පොල්ගහවෙල මහතාගේ මාර්ගයෙන් තමයි මා ප්‍රසිද්ධ වේදිකාවට අවතීර්ණ වන්නේ. මගේ් මුල්ම වේදිකා නාට්‍යය තමයි ‘පාරාදීසය’. ‘අශ්ව ගුඩුං’ කියන්නේ මා රැඟු තවත් එක් වේදිකා නාට්‍යයක්. මෙහිදී මට මානෙල් වානගුරු මහත්මියව හඳුනා ගන්න ලැබුණා. ඉන් අනතුරුවයි මා පුංචි තිරයේ ටෙලි නාට්‍ය සඳහා රංගනයෙන් දායක වන්නේ.
මා රඟපෑ මුල්ම ටෙලි නාට්‍යය තමයි ‘නේත්‍රාංජලී’ කියන්නේ. ‘මායිම් නෑයෝ, ලෝගුව, නිම් වළලු, ආදරයට වෙස් බැන්දා, සක්විත්තෝ, අළු පාට හීන’ ඇතුළු ටෙලි නාට්‍ය රැසකටම මා රංගනයෙන් දායක වුණා. ඒ වගේම මා වෙළෙඳ දැන්වීම් රැසකට ද දායක වී තිබෙනවා.’ මේ දිනවල විකාශය වන එක් අතිශය සුන්දර කතා පුවතකි ‘සඳගිරි වලව්ව’. ගම්බද ගැමි යුවතියකගේ වෙස් ගෙන එහි දිවෙන ප්‍රධාන චරිත ද්විත්වය අතුරෙන් එක් චරිතයකට පණ පොවන්නීද තනුජාමය. මගේ රංගන දිවියේ මා හුඟක් දේ ඉගෙන ගත්තේ සමන් කුමාර ලියනගේ මහතා නිසයි.
ඔහු රංගනයට මනා සංයමය, අවැසි විනය ආදී බොහෝ දේ රංගන ශිල්පීන් තුළ ඇති කරන්න වෙහෙසෙන අධ්‍යක්ෂවරයෙක්. ඒ වගේම අපේ සැඟවුණු දක්ෂතා ඔහු එළියට ගන්නේ නිරායාසයෙන්. ඔහු ඇත්තටම කියනව නම් රංගන පාසලක්. ඉතින් මගේ් රංගන දිවියේදී ඔහුව අමතක කරන්න කිසිසේත්ම බැහැ.
තනුජාට රංගන දිවියේදී දක්ෂතා ඔප් නංවා ගැනීමට වෙසෙස් දායකත්වයක් ලබාදුන් සමන් කුමාර ලියනගේ මහතාව එසේ මතක් කරද්දී මේ දිනවල ඇය රූගත කිරීම් හි නියැළෙන ටෙලි වෘත්තාන්ත ගැන ද බොහෝ තොරතුරු පැවසුවාය.
නලීන් මාපිටිය අධ්‍යක්ෂණය කරන ‘බිනරි’ ටෙලි වෘත්තාන්තයේ සහ සමන් කුමාර ලියනගේ අධ්‍යක්ෂණය කරන ‘රන්තලිය වලව්ව’ හි රූගත කිරීම් මේ දිනවල සිදුවෙනවා. මඳක් කාර්යබහුල වුණත් එය මට එතරම්ම නොදැනෙන්නේ මගේ රංගන කටයුතු සඳහා මගේ සැමියා පණ්ඩුකගෙන් ලැබෙන නොමඳ සහයත්, මගේ නැන්දම්මාගෙන් ගේ දොර වැඩ කටයුතු සඳහා ලැබෙන නිබඳ සහයත් නිසාමයි.’
තනුජා එසේ කියාගෙන යද්දී තනුජාගේ මුවින් විටින් විට පළ වූයේ කලා ලොවේ ආධුනිකයන්ට ප්‍රවීණයන්ගෙන් ලැබෙන සහයෝගය ගැන නොසතුටකි.
‘කලා ලෝකයේ ප්‍රවීණ යැයි කියා ගන්නා ඇතැම් අය ආත්මාර්ථකාමීත්වය හිතේ පුරවගෙන ඉදිරියට එන ආධුනිකයන්ට නැඟී සිටින්නට අත හිත දෙනවා විනා කරන්නේ් ආධුනිකයන්ගේ කකුළෙන් ඇදීමයි. ඒත් ප්‍රවීණයන් යැයි කියා ගන්නා අය අතුරින් සැබෑ කලාකාමී අදහස් ඇති සුහදශීලී මානුෂීය හැඟුම් පිරුණු අයත් නැතුවාම නොවෙයි. නමුත් බොහෝ දෙනෙකු කුහක බවින් මිරිකී ගිය අය. මෙවැනි අය සමඟ නම් ඇත්තෙන්ම වැඩ කරන්න අමාරුයි.’
කලා ලොවේ ඇය ලැබූ අත්දැකීම් හමුවේ ඇයට පසක් වී තිබුණේ් කලා ලොව ගැන එවන් හැඟීමකි. කලා ලොව ගැන එසේ පවසන තනුජාගේ රංගන චාරිකාවේ වතගොත අතරට ඇයගේ ජීවන චාරිකාවේ වතගොත කිහිපයක් ද ඇය එක් කළේ මෙසේය.
‘මගේ අම්මා තාත්තා මගේ කලා ජීවිතයට ලොකු හයියක්. මගේ පවුලේ මට වැඩිමහල් සහෝදරියක් වගේම බාල සහෝදරියකුත් ඉන්නවා. ඒ වාගේම මල්ලි කෙනෙකුත් මට ඉන්නවා. මම දැනට පදිංචි වෙලා ඉන්නේ අතුරුගිරියේ මගේ සැමියා පන්ඩුක ශ්‍රී දයාන්ගේ නිවෙසෙයි. පන්ඩුක කියන්නේ ප්‍රවීණ කැමරා අධ්‍යක්ෂ කේ. ඩී. දයානන්දගේ පුතායි.
එලෙසින් පවුලේ විස්තර කියාගෙන යන තනුජාගේ මුවට සිනහවක් එක් වූයේ ඇයගේ දිවියේ සුවිශේෂී සැමරුමක් ළඟ ළඟම එන බව මතකයට නැඟීමෙන්. ඒ තනුජා, පණ්ඩුක අතිනත ගෙන එළැඹෙන 26 වැනිදාට වසරක් සැපිරීමයි.
පණ්ඩුක, තනුජා කැදැල්ලට වසරක් සපිරෙන මොහොතේ ඇයට සුබ පතන්නට මෙය කදිම අවස්ථාවකි. ඉතින් තනුජා ඔබගේ රංගන චාරිකාවටත්, විවාහ දිවියටත් අපෙන් සුබාසිරි!

බිඳවැටී ඇති ස්කයිප් සේවාව යථා තත්ත්වයට පත් කිරීමට පියවර


මේ වන විට ලොව පුරා බිඳවැටී ඇති අන්තර් ජාලය හරහා දුරකථන පහසුකම් ලබාදෙන ස්කයිප් සේවාව යථා තත්ත්වයට පත් කිරීමට එම සේවා ආයතනය කටයුතු කරමින් සිටී.

ඊයේ (දෙසැ. 22) උදෑසන සිට එම සේවාවට බාධා සිදුවූ අතර, ඉන් පුද්ගලයින් මිලියන ගණනාවක් අපහසුතාවයට පත්ව සිටී.

එම සේවාව මෙවැනි සේවා බිඳවැටීමකට මීට ප‍්‍රථමයෙන් ලක් වූයේ 2007 වසරේදීය.

ස්කයිප් සේවාව ක‍්‍රමක‍්‍රමයෙන් යථා තත්ත්වයට පත් කරමින් තිබෙන බව එම සේවා ආයතනයේ ප‍්‍රධාන විධායක ටෝනි බේට්ස් කියා සිටී.

මෙම සේවා බිඳවැටීම සම්බන්ධයෙන් ස්කයිප් භාවිතා කරන්නන්ගෙන් තමන් සමාව ඉල්ලා සිටින බව ඔහු කියා සිටී.

ඊට හේතුවී ඇති තාක්‍ෂණික දෝෂය හෝ දෝෂයන් විසඳා, සේවාව හැකි ඉක්මනින් සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයට පත් කරන බව බේට්ස් පවසයි
.

වැලන්ටයින් මල් පිපේදැයි බලන්න

පෙබරවාරි 14 පෙම්වතුන්ගේ දිනය කියලා නොදන්න කෙනෙක් නැහැ. එදාට ආදරවන්තයින් එකිනෙකා තෑගි හුවමාරු කරගෙන ‘වැලන්ටයින්ස් ඩේ’ සමරනවා.
අපේ ජනප්‍රිය ගායන ශිල්පී මධුමාධව අරවින්දත් පෙබරවාරි 14 වෙනිදාට ‘වැලන්ටයින්ස් ඩේ’ අති උත්කර්ෂවත් විදිහට සමරන්න යනවා කියලා අපිට ආරංචි වුනා. මධූගේ අරවින්ද යායෙ මල් පිපෙන කාලය දිහා බලන් හිටපු යාළුවෝ මේ දවස එනකල් බලන් ඉන්නවලු

 මිහිර සමන් දේවාලයේ

නිරන්තරයෙන් ඔහු ඔබේ මුවඟට එක් කරන්නේ හසරැල්ලකි. මේ දිනවල සුවහසක් ප්‍රේක්ෂක ප්‍රතිචාර මධ්‍යයේ විකාශය වන හසරැල්ගේ අතිජාත මිත්‍රයා නිරේෂ් . . . එහෙමත් නැත්නම් මිහිර සිරිතිලක පසුගිය දිනක රත්නපුර සමන් දේවාල භූමියට පැමිණ සිටිනු සරසවියට පෙනුණා. කැස්බෑවේ පදිංචිව සිටින මිහිරගේ ගම අඟුණුකොළ පැලැස්ස.
මවගේ සුව දුක් බැලීම සඳහා අඟුණුකොළ පැලැස්සට යන අතරමගදී මිහිර, සාමාන්‍යයෙන් සමන් දෙවිඳු වැඳ පුදා ගන්නට අමතක කරන්නේම නැහැ. මිහිර සමඟ මිහිරගේ බිරිඳ ගීතිකා මධුරංගි ද, මිහිරගේ මාමණ්ඩිය සහ නැන්දම්මා ද සමන් දේවාශීර්වාදය ලැබීමට සමන් දේවාලයට පැමිණ සිටියා.

 තාත්තාගේ මුවන්පැලැස්ස බලන්න

පුතා රන්මිහිතැන්නට

ඔබේ හද බැඳි සිහින තරුව හසරැල් . . .එහෙමත් නැත්නම් විශ්වනාත් කොඩිකාර පසුගිය දවසක කඳ සුරිඳු වැඳ පුදා ගන්නට කතරගමට පැමිණ සිටියා. ඒ ඔහුගේ මව, පියා, වැඩිමහළු සහෝදරිය සහ ඇයගේ පුංචි පුතු සමඟින්.
සාමාන්‍යයෙන් වසරකට දෙවරක් කඳ සුරිඳු වැඳ පුදා ගන්නට විශ්ව අමතක කරන්නේ නැහැ. ඒ වගේම සෑම නව වසරකම ආරම්භයට පෙර විශ්ව පුරුද්දක් වශයෙන් සෑම දෙසැම්බර් 31 ක් වැනිදාවකම කතරගම බලා පිටත් වෙනවා. නමුත් මේ දිනවල මඳක් කාර්ය බහුලත්වය මධ්‍යයේ වැඩ කටයුතු කරන නිසාම විශ්වට මෙවර නව වසරේ උදාවට කතරගම බලා පිටත් වන්නට නොහැකි වන බවයි ආරංචිය.
පවුලේ සාමාජිකයන් සමඟින් විශ්ව සහභාගී වූ කතරගම චාරිකාවේදී ඔවුන් රන්මිහිතැන්න ටෙලි සිනමා ගම්මානයට ද ගිය බවත් දැනගන්නට ලැබුණා. ඒ විශ්වගේ පියා පද්මසිරි කොඩිකාර අතින් නිර්මාණය වන මුවන්පැලැස්ස ටෙලි නිර්මාණයේ වැඩ කටයුතු සොයා බැලීමටයි. නිවෙස බලා නුවරට එන ගමනේදී පැමිණියේ විශ්ව, මව සහ ඔහුගේ අක්කා සහ පුංචි පුතු පමණයි. විශ්වගේ පියා මුවන්පැලැස්සේ වැඩ කටයුතු සඳහා රන්මිහිතැන්නේම නතර වූ බව විශ්ව අප හා පවසා සිටියා.

විකිලීක්ස් තවත් හෙළිදරව්වක්



Wiki.gif2.gifශ‍්‍රී ලංකා හමුදාව හා කොටි සංවිධානය යුධ මුක්ත කලාපයටද ප‍්‍රහාර එල්ල කර ඇතැයි ශ‍්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති කාර්යාලය විසින් යවන ලද කේබල් පණිවිඩයක් උපුටා දක්වමින් විකිලීක්ස් වෙබ් අඩවිය සඳහන් කරයි. ඒ පිළිබඳව යුධ මුක්ත කලාපයේ සිටි වෛද්‍යවරුන් පස් දෙනකු ජාත්‍යන්තර මාධ්‍ය වෙත අදහස් පළ කර තිබිණි.
 
කෙසේ වෙතත්, 2009 වසරේ ජූලි මාසයේදී මාධ්‍ය හමුවක් පවත්වමින් එම වෛද්‍යවරුන් පැවසුවේ රජයේ හමුදාව එවැනි පහරදීමක් සිදු නොකළ බවයි. එවැනි පහරදීමක් සිදුව ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වෙත පැවසුවේ කොටි සංවිධානයේ බලපෑම මත බවද ඔවුහු පැවසූහ.
 
එහෙත් විකිලීක්ස් වෙබ් අඩවියේ සඳහන් අන්දමටවෛද්‍යවරුන් එම මාධ්‍ය හමුව පවත්වා ඇත්තේ රජයේ බලධාරීන්ගේ බලකිරීම හේතුවෙනි. මාධ්‍ය හමුවේ පැවසිය යුත්තේ මොනවාදැයි ඔවුන්ට බලධාරීන් ප‍්‍රකාශ කර ඇති බවත් මාධ්‍ය හමුවට පෙර දේශීය මාධ්‍යවේදීන් කිහිප දෙනකු ගෙන්වා පෙරහුරුවක් පවත්වා ඇති බවත් එහි අනාවරණය කර ඇත.
 
යුද්ධය අතරතුර දී අත්අඩංගුවට පත් වූ මෙම වෛද්‍යවරුන් පස් දෙනා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලද අතර පසුව ඔවුන් ඇප මත නිදහස් කරනු ලැබිණි.

Wednesday, December 22, 2010

රොක්සි සිනමාහල ඉදිරියේ ගාලු පාර සිවුවැනි වරටත් ගිලා බසී


දේශීය
2010 දෙසැම්බර් 22 වෙනි බදාදා, 20:45

gALLEROAD.jpgවැල්ලවත්ත රොක්සි සිනමාහල ඉදිරිපිට ගාලු පාර සිවුවැනි වරටත් ගිලා බැසීමට ලක්ව ඇති බව ලංකා ටෲත් වෙත වාර්තා වේ.

ත්‍රී රෝද රථයක් සමඟ මාර්ගයේ ගිලා බැසීම සිදුව ඇති අතර අදාළ ත්‍රී රෝද රථය යළි ගොඩට ගැනීමට සමත්ව වුවත් මාර්ගය ගිලා බැසීම හේතුවෙන් ගාලු පාරේ අධික වාහන තදබදයක් ඇති වී තිබේ.
 
මෙම මාර්ගය තෙවැනි වර ගිලා බැසීමෙන් අනතුරුව පිළිසකර කර මාසයක් යන්නටත් පෙර යළිත් ගිලා බැසීම නිසා එක් මංතීරුවක් මේ වනවිට වසා ඇත.
uOq udOj hq. osúhg
m%lg .dhl uOqudOj wrúkao ;j udi tlyudrlska muK hq. Èúhg msúiSug iQodkï fjkjd'
uOq udOjf.a újdy W;aijh fmnrjdß 14g fhfok je,kaghska Èkfha§ isÿlsÍug hk njhs f.disma ,xld fj; jd¾;d jkafka' újdy jkakg hkafka ljqrekao hkak .ek úia;r bÈßfha§''

ks,añKsf.a fõokdj
flfia fj;;a uOq udOj wrúkao;a ks,añKs f;kakfldakq;a w;r mej;s m
muK fmrhs'
bka miqj ks,añKs fojk újdyhla lr .;a;;a uOq ksy~ju isáhd'
kuq;a m
l;d lr ;snqfka keye' kuq;a óg uilg muK fmr ks,añKs f;kakfldaka jir 5la merKs w;S;h weof.k uOq udOjf.a fínÿlï ksid jqK úkdYh .ek l;d lks,añKs-uOqf.a újdy m%Yak fy fu;ekska
wiNH f,i we÷ï we£u ,xldfõ ;ykï
,xldfõ mqrjeishkag úfYaIfhkau ldka;djkag foaYSh ixialD;shg ydksjk we÷ï we£u ,nk jif¾ isg ;ykï flfrk kS;s mkjk nj ixialD;sl yd l,d lghq;= ms
fuu jev ms
fuu kS;s wkqj ldka;djkag ;u isref¾ w`.mi`. wkjYH mßÈ ksrdjrKh jk we÷ï we£u ;ykï jk w;r th ixialD;shg mgyeks nj;a ,sx.sl ye`.Sï we;slrk f,i we÷ï we£u wiNH nj;a olajk w;r tu jro lrk wh we,a,Sug fmd,sish fhdojk wdldrho fuu lñgqfjka úuid nef,k nj jd¾;dfõ'

යුද මුක්ත කලාපයේ සිටි වෛද්‍යවරුන් පස්දෙනාට පසුව බලපෑම් - විකිලීක්ස්



අවසන් යුද සමයේ යුද මුක්ත කලාපයේ සේවය කළ වෛද්‍යවරුන් පස්දෙනා විසින් කරනු ලැබූ ප‍්‍රකාශ ඉල්ලා අස්කර ගැනීමට ඔවුන්ට පසුව බලපෑම් එල්ල වූ බවට ඇමෙරිකානු රාජ්‍ය තාන්ත‍්‍රික කේබල් පණිවුඩයක් කියා සිටී.
‘විකිලීක්ස්’ විසින් ශී‍්‍ර ලංකාව සම්බන්ධයෙන් කළ හෙළිදරව්වට අනුව, කොළඹ පිහිටි ඇමෙරිකානු තානාපති කාර්යාලයේ නිලධාරියෙකු වන ජේම්ස් මුවර් විසින් ඒ බව 2009 අගෝස්තු 23 වැනිදා වොෂින්ටන්හි රාජ්‍ය දෙපාර්තමේන්තුවට දන්වා යවා තිබේ.

පසුගිය වසරේ ජූලි මාසයේදී එම වෛද්‍යවරුන් පැවැත්වූ මාධ්‍ය හමුව වෙනුවෙන් ඔවුන් පුහුණු කිරීම දේශීය මාධ්‍යවේදීන් පිරිසක් ඉදිරියේ සිදු කරනු ලැබූ බවද එහි සඳහන් වේ.

යුද්ධය පැවති සමයේ තමන් සාවද්‍ය ප‍්‍රකාශ සිදු නොකළ බවට එම පිරිස පැවසූ බවත් එම කේබල් පණිවුඩයෙහි දැක්වේ.
 

යුක්තිය ඉටුවෙයිද? අපි බලාගන්නම්-රාහුල් ගාන්ධිගෙන් දැඩි ප්‍රකාශයක්

යුක්තිය ඉටුවෙයිද? අපි බලාගන්නම්-රාහුල් ගාන්ධිගෙන් දැඩි ප්‍රකාශයක්ශ්‍රී ලංකා ආණ්ඩුව ද්‍රවිඩ ජනයාට ප්‍රමාණවත් ලෙස සලකා නොමැති බව ඉන්දීය කොංග්‍රසයේ නායක රාහුල් ගාන්ධි මහතා පවසයි.

ද්‍රවිඩ ජනයාට යුක්තිය ඉටුවන්නේද යන්න පිළිබඳ තමන් බලාගන්නා බව හෙතෙම අද ඉන්දීය මාධ්‍යය අමතා ප්‍රකාශ කළ බව විදෙස් මාධ්‍ය උපුටා දක්වයි.

ශ්‍රී ලංකාවේ ද්‍රවිඩ ජනයා සම්බන්ධයෙන් වන ගැටලුව අදාළ බලධාරීන් සමග බේරාගන්නට තමන් ක්‍රියා කරන බව රාහුල් ගාන්ධි මහතා අවධාරණය කර තිබේ.

තමිල්නාඩුවේ ද්‍රවිඩ ජාතික දේශපාලන පක්ෂ විසින් ශ්‍රී ලංකාවේ ද්‍රවිඩ ජනයාගේ ගැටලු පිළිබඳ අවදානයෙන් සිටින බව කියා සිටින ඔහු උතුරේ යළි පදිංචි කිරීම්,ද්‍රවිඩ තරුණ තරුණියන් පුනරුත්ථාපනය කිරීම ආදිය ප්‍රමාද වීම සම්බන්ධයෙන් ඔහු සිය කනගාටුව ප්‍රකාශ කර ඇත.

‍මේ වන විටත් උතුරේ අවතැන් කඳවුරු වල 30,000 ක පමණ ජනතාවක් සිරකර සිටින බව පසුගිය මාසයේ දී තමිල්නාඩු ප්‍රධාන අමාත්‍ය එම්.කරුණානිධි මහතා පෙන්වා දී තිබුණු බවත්,එය ඉතා බැරෑරුම් තත්ත්වයක් බවත් ගාන්ධි මහතා වැඩිදුරටත් අවධාරණය කර තිබේ. 

Tuesday, December 21, 2010

නෙහාරාගේ අසභ්‍ය වීඩියෝව බොරුවක්ලු

පසුගිය දිනවල අන්තර්ජාලය ඔස්සෙ පැතිර ගිය අසභ්‍ය වීඩියෝව තමාගේ නොවන බව නෙහාරා ලක්බිම පුවත්පතට සාකච්චාවක් ලබදෙමින් කියා සිටිනවා.
"මා පෙනී සිටි බව පැවැසුණු එක්තරා අසභ්‍ය විඩියෝ ක්ලිප් එකක් ගැන ඇති වු රාවය ගැන බොහෝ අය දන්නවා ඇති.එහි සිටින්නේ මගේ හැඩරුවට සමාන ඉන්දියානු තරුණියක්.මගේ සැමියා,මගේ ගෙදර අය ඒ තත්වය තේරුම්ගත්තා.

ඒ වගේම හැබැහින් මාව දැකලාවත් නැති රසික රසිකාවියෝ පවා මට හමු වු අවස්ථාවල ඔය ව්‍යාජ සිද්ධිය හින්දා හිත රිදවගන්න එපා කියලා මගේ හිත හදපු අවස්ථා තිබුනා.ඒත් හිතවත් කියලා මම හිතා හිටි ඇතැමි අය ඔය කථාව විශ්වාස කළා.සමහරු ඒක තව තවත් පතුරුවන්න උත්සාහ කරපු අවස්ථාත් තිබුණා.

ගැනු ළමයකුට තමාගේ චරිතය ගැන මේ වගේ අභූත චෝදනාවක් අවොත් මානසිකව දැඩි ලෙස කඩා වැටෙනවා.ඇත්තටම ඔය සිද්ධිය නිසා මමත් විශාල ලෙස කළකිරුණා.ඒත් මගේ සැමියා,ගෙදර අය මගේ හිත හැදුවා".

SBs Underwear Strategy

tia îf.a wkav¾fjhd¾ Wmdh ud¾.h
fmf¾od úYaj úoHd, we;=¿ Wiia wOHdmk wdh;k mßmd,lhska i|yd jQ jevuq¿jlg iyNd.SjQ tia î weu;sjrhd ;uka iriú isiqka fu,a, lrk wdldrh okakd nj lS w;r Tjqka wkav¾fjhd¾ msáka m<jd yeß wdldrh ymkalula l< wfhl= f,i úia;r lf<a fufiah'

zwo <uhska m%pKav fj,d nh ke;sj bkak mq¿jka lsh, ys;kjd''foysj, Wiia ;dlaIK wdh;kfha YsIHfhd weú,a, wOHlaIjrhj t<shg t<j,d ks, ksji w,a, .;a;' uu <uhskaj tf<õfj úkdä 4ka wfm yduqÿrejfka''

jeäh kE úkdä 4hs .sfha''
fokafkla ;=kafofklag lKg folla .eyqj l,six I¾Ü .,j, ±ïu''? mdr Èf.a wkavfjhd¾ msákau msgfj, .shd'
B<`.g fmrdfoKsfh f,dl= yÜ tlla .yf.k Wmjdihla lrkj'''
wms ? 3g ú;r .shd''fmdâvla ,eÊc lrkak tmehs'''
fiaruf. l,six .,j, fy¿fjka ;uhs tf<õfj'''
y y yd'''fy¿fjkau heõj''Z


tu l;dfõ isri ùäfhda o¾Ykh fu;ekska

විමල් වීරවංශ මහතාට දේශ විමුක්ති සම්මානයක්

අද රටේ ගම් මට්ටමින්, ප‍්‍රාදේශිය මට්ටමින් පැවති සමාජ සංවිධාන ටිකෙන් ටික පිරිහී යන බවත්, එවන් අවධියක ප‍්‍රාදේශීයව සිදුවූ සේවාවන් විජාතික රාජ්‍ය නොවන සංවිධාන මගින් පවරා ගන්නා තත්වයකට  පත්වෙමින් තිබෙන බවත්,  රාජ්‍ය නොවන සංවිධාන මගින් උපායෙන් යොදා එම එකමුතුව බිලිබාගනු ලබන බවත්,  ඒ තත්ත්වය මඟහැරී යළි ගම්මට්ටමෙන්, ප‍්‍රදේශ මට්ටමින් එබඳු ශක්තිමත් ප‍්‍රජා සංවිධාන බිහිවීමේ ප‍්‍රවණතාවයක් අද වනවිට  නිර්මාණය වෙමින් පවතින බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් ගරු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.
ඔහු මෙම අදහස්  පළකළේ ගම්පහ සුදර්ශනාරාම ධර්මදුත පිරිවෙන් විහාරයේ පැවති සුමස සංවිධානයේ වාර්ශික මහ සම්මේලනයට සහභාගී වෙමිනි. ගම්පහ ප‍්‍රදේශයේ ක‍්‍රියාත්මක වන මරණාධාර සමිති, ප‍්‍රජා සමිති, අන්‍යෝන්‍යාධාර සමිති එකමුතුවෙන් සැදුම්ලත් සුමස සංවිධානය මේ වන විට සමිති 210කින් පමණ සමන්විත සංවිධානයකි.

මෙම අවස්ථාවේදී එල්.ටී.ටී.ඊ ත‍්‍රස්තවාදයෙන් රට නිදහස්කර ගැනීමේ මහඟු මෙහෙවරේදී ඒ සඳහා දේශමාමක, දේශ හිතෛෂි මතවාදී බලමුළු දකුණේ ඒකරාශි කිරීමේලා මාහැඟි දායකත්වය වෙනුවෙන් ජාතික නිදහස් පෙරමුණේ නායක හා ඉදිකිරීම්, ඉංජිනේරු සේවාල නිවාස හා පොදු පහසුකම් ගරු අමාත්‍ය විමල් වීරවංශ මහතා, සුමස සම්පූජිත දේශ විමුක්ති සම්මානයෙන් පිදුම් ලැබීය.

මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා කියාසිටියේ මේ රාජ්‍ය නොවන සංවිධාන තුළින් ගම තුළ ස්වේච්ඡාවෙන් සේවය කළ මිනිසා සොයා ඔහු  ආත්මාර්තකාමී පුද්ගලයෙක් බවට පත්කර බවත්, එහෙත් ගම්මට්ටමෙන් ක‍්‍රියාත්මකවු මරණාධාර සමිති, ප‍්‍රජා සමිති, අන්‍යෝන්‍යාධාර සමිති ආදී කිසිදු සමිතියකින් හෝ  ප‍්‍රජා සංවිධානයක් වේවා එබඳු පටු අරමුණු නොතකා රට වෙනුවෙන් හිතන රට වෙනුවෙන් වැඩ කරන මිනිසුන් පිරිසක් නිර්මාණය කරන බවයි.

මෙම අවස්ථාවට සමාජසේවා ඇමති ෆීලික්ස් පෙරේරාල ආපදා කළමනාකරණ නියෝජ්‍ය අමාත්‍ය ඩුලිප් විජේසේකර ඇතුළු ප‍්‍රාදේශිය දේශපාලඥයින් හා සමිති නිලධාරීන් ඇතුළු පිරිසක් ද සහභාගී විය

Monday, December 20, 2010

පොල් ගස් කැපීම තහනම් වේ




පොල් වගාකිරීමේ මණ්ඩලයේ අනුමැතියෙන් තොරව පොල් ගස් කැපීම වහාම කි‍්‍රයාත්මක වන පරිදි තහනම් කොට තිබේ.
අද (දෙසැ. 20) පැවති මාධ්‍ය හමුවකදි පොල් සංවර්ධන ඇමති ජගත් පුෂ්පකුමාර කියා සිටියේ, ඒ සම්බන්ධයෙන් වන ගැසට් නිවේදනය ඉක්මනින් නිකුත් කරන බවයි.

දේශීය වෙළඳපොලේ පොල් මිල ඉතා ඉහළ ගොස් තිබෙන අතර, මිල පාලනය කිරීම සඳහා පොල් ආනයනය කිරීමට පවා බලධාරීන් තීරණය කොට ඇත.

කොළඹ ආරක්ෂක කැමරා හෙට සිට ක්‍රියාත්මකයි


Monday, 20 December 2010
කොළඹ නගරයේ ස්ථාපනය කර ඇති ආරක්ෂක කැමරා පද්ධතිය හෙට (21) විවෘත කිරීමට නියමිතය.

ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙය සිදුකෙරෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ප්‍රිශාන්ත ජයකොඩි මහතා සඳහන් කළේය.

කොළඹ නගරය තුළ ආරක්ෂාව තහවුරු කිරීමේ අරමුණින් මෙම නව ආරක්ෂක කැමරා පද්ධතිය ස්ථාපනය කෙරුණි.

අපරාධකරුවන්, කොල්ලකල්ලි, කප්පම්කරුවන් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ‍පොලීසියට හසුකර ගැනීම සඳහා දිවයිනේ සියලුම නගරවල ආරක්ෂක කැමරා සවිකිරීමට තීරණය කර ඇත.

මෙම ආරක්ෂක කැමරා සවි කිරීමෙන් පසුව ඒවා අධීක්ෂණයට නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු හා පොලිස් අධිකාරීවරයෙකු ඇතුළු විශේෂ කණ්ඩායමක් පත්කෙරේ.

ජීනා මැඩම් ගැන ඇත්ත කතාව

ධනවතුන්ගේ මෙන්ම මැති අමතිවරු,පොලිසියේ ඉහල නිලධාරීන් හමුදාවේ ඉහල නිලයන් හා විධායක ශ්‍රේණියේ නිලධාරීන් නිතර යමින් එමින් සිය ලිංගික අසාවන් ඉටු කරගත් ජීනා මැඩම්ගේ සුපිරි ගණිකා මඩම පසුගිය දා වටලන ලදී. ජීනා මඩම් නමැති මහලු කාන්තාව මීගමුවේ පදිංචිකාරියකි.අගේ සැමියා මියොගොස් ඇති අතර දෙදරු මවකි.ඔවුන් පිරිමි දරුවන්ය.එක අයෙක්ට(දිනේෂ්) සමාජ ශාලාවක්  හිමි අතර අනෙක් පුතුට පෞද්ගලික ආරක්ෂක ආයතනයක් හිමිය.මවගේ සුපිරි ගණිකා මඩම පුතුන්ගේ ව්‍යාපාර හා බැදී තිබිණි.ඒ සමාජ ශාලාව පවත්වාගෙන යන පුතුගේ සමාජ ශාලාව සදහා ගණිකාවන් මව විසින් සපයන ලද අතර පෞද්ගලික ආරක්ෂක ආයතනයක් පවතවාගෙන යන පුතාගේ ආයතනයෙන් මවට ආරක්ෂාව සැපයුවේය. 

නිමක් නැති වැටලීම්
ප්‍රභූවරුන්ගේ ආරක්ෂාව හා රැකවරණය මත පවත්වාගෙන ගිය මෙම සුපිරි ගණිකා මඩම පොලිසිය විසින් පලවෙනි වරට වටලනු ලැබුවේ1987 වසරේදීය.ඒ පොලිස් අධිකාරී චුලාද සිල්වා මහතා විසිනි. එම වැටලීම වෙනුවෙන් චුලා මහතාට හිමිවුණේ ස්ථාන මාරුවක් පමණි.


නැවතත් මේ සුපිරි ගණිකා නිවාසය වටලනු ලබන්නේ ඊට වසර දෙකකට(1989) පසුවය.ඒ එවකට නියෝජ්‍ය පොලිස්පති ඒ.එස්.සෙනෙවිරත්න මහතා විසිනි. එවරද මෙම වැටලීම අවසානයේ ප්‍රභූවරුන්ගේ මැදිහත් වීමෙන් යට ගැසිනි.එහි ප්‍රතිපලයක් ලෙස පොලිසියට ජීනා මැඩම්ගේ මඩම තහනම් කලාපයක් වුවේය.

එම තහනම බිදෙන්නේ 2005 වසරේදීය.ඒ කොළඹ අපරාධ කොට්ඨාශයේ දුෂණ මර්ධන ඒකකය විසිනි.2005 වසර වන විට ජීනා මඩම් පෙර පෙර සිටියක් මෙන් නොව මහා ධනපතිනියක්ව සිටියාය.ලිබර්ට්ය් ප්ලාසා හි 7 වන හා 8 වන මහලද තවත් නිවාස සංකීර්ණ කිහිපයක්ද ය සතු විය.ඒ වන විට ය සංචාරක විස යොදාගෙන රුසියාව චීනය වැනි රටවලින්ද සුරුපිනියන් ගෙනවිත් තිබිණි.කෙසේ නමුත් එම වැටලීමේ ප්‍රතිපලය වුයේ දුෂණ මර්ධන ඒකකය අක්‍රියව යාමයි.ඒ ඉහලින් ලද නියෝග මතයි.

ටී.බි මාට්ටු 
මෙම වැටලීමේදී සිදු වූ තවත් සුවිශේෂී දෙයක් වුයේ එවකට නියෝජ්‍ය අමාත්‍ය වරයෙකුව සිට දැන් අමාත්‍යවරයෙකුව සිටින(ටි.බි ඒකනායක)වටලන අවස්ථාවේ හිද අසු වීමයි.ඔහු අසු වුයේ විදේශ කාන්තාවක් ඇනවුම් කර ය රැගෙන එන තෙක් මත්පැන් පානය කරමින් සිටින අවස්ථාවකයි.

2006දිත් ජීනා ඇල්ලුවා 
නමුත් මෙය වැටලීම මෙතකින් අවසන් වුනේ නොමැත. 2006 දී දුෂණ මර්ධන ඒකකයෙහි ස්ථානාධිපති ව සිටි සිල්වා මහතා නැවතත් මෙම සුපිරි මඩම වටලුවේය..එහිදී ජීනා මඩම් ඇතුළු ගණිකාවන් රැසක් කොටු කරගැනීමට පොලිසියට හැකි විය.නමුත් එහි ප්‍රතිපලයද වුයේ සිල්වා මහතාට උතුරට මාරුවක් ලැබීමයි.නමුත් එම මාරුව ඔහු කල් දමා ගැනීමට සමත් විය.

අවසාන රියලිටි ශෝ එක
අවසාන වැටලීම සිදුවුයේ ගෝඨාබය රාජපක්ෂගේ අනින් පොලිස්පති අචාර්ය මහින්ද බාලසුරියගේ මැදිහත් වීම අනුවය.මෙම වැටලීම හුදෙක්ම දේශපාලන ගැටුමක් මත ඇතිවුවක් වන අතර රුපවාහිනී මාධ්‍යවලටද අරාධනා කරමින් කල ප්‍රදර්ශනාත්මක එකක් විය.කෙසේ හෝ අවරුදු ගණනක් වැටලීමෙන් ලත් පල පුරුද්දෙන් ද හෝ ජීනා මඩම් වෙස්වලාගෙන එන පිරිස පොලිසීයයි දැනගෙන පැනගත්තාය.

දේශපාලකයො දෙන්නෙක් ඇතුලේ
මෙම මඩමට ආණ්ඩු පක්ෂයේ ගාල්ල දිස්ත්‍රික්කයෙන් තේරී පත්වූ නවක මන්ත්‍ර වරයෙක්ගේ සමීප සම්බන්ධතාවක් පවතින අතර ගණිකා නිවාසය වටලන අවස්ථාවේ ඒ තුල දේශපාලකයන් දෙදෙනෙක්ද සිටියහ.

ජීනා බබා වෙලා 
ගණිකා නිවාසයෙන් පැන යන ජීනා මැඩම් අසුවන්නේ හෝර්ටන් පෙදෙසේ සිටි රුපලවන්‍යාගාරයක සිටයි.ඒ ඇයගේ හිසකෙස් වර්නගන්වගෙන වෙස් මාරු කිරිමට උත්සහ කිරීමට සුදානමින් සිටිනා විටකදීය.එහිදී ය පොලිසිය ඉදිරියේ මානසික රෝගී කාන්තාවක් ලෙස රගපා පොලිසිය නොමග යවන්නද උත්සහ ගත්තේය.

ජීනා වෙනුවෙන් සරත් 
මෙම සිදුවීමේ ඇති ඊලග වැදගත් කාරණය වන්නේ රුපවාහිනී සංස්ථාවේ වත්මන් සභාපති නීතිඥ සරත් කෝන්ගහගේ සිදුවීමේ විත්තිකරුවන් වෙනුවෙන් පෙනිසිටිමය.පසුගිය දිනක සරත් කෝන්ගහගේ ජීනා මැඩම්ගේ පලාගිය සුරුපිනියක සමග ජීනා මැඩම්ට අයත් නිවසකට ගොස් සිට ඇති බවද වාර්තා වේ.ජනාධිපති වරණයේදී ජනාධිපති අපේක්ෂකයෙකු ලෙස ඔහු දැන්වීම් පලකලේ සරත් ෆොන්සේකාගේ නමින් තමාගේ නමටත් අවමානයක් වනාවයි කියාගනිමින් නමේ ගෞරවය රැකීමටය.

Sunday, December 19, 2010

මම පවුල් ජීවිතයටයි මුල් තැන දෙන්නේ

මම පවුල් ජීවිතයටයි මුල් තැන දෙන්නේ
යළි රංගනයට පැමිණි වත්සලා කියයි

"ඒවා බොරු කතා..."
  නාලන් මෙන්ඩිස්‌ගෙ සෙනෙහසට ආදරේ මේනකා තුළින් රංගනයට පිවිසි ඇය ගොඩක්‌ දෙනා හඳුනාගත්තේ මුතු කිරිල්ලීහි නිරාශා චරිතයෙනි. නිරාශා චරිතයෙන් රටම හඳුනාගත් වත්සලා දියලගොඩ විවාහයෙන් පසුව රංගනයෙන් සමුගන්නවා කියලා තමයි මාධ්‍යයට පැවසුවේ. විවාහයෙන් වසරකට පසුව යළිත් ඇය රංගනයට ඇවිත්. ඒ වාසනා වේවා ටෙලිනාට්‍යයේ අමාලි චරිතයෙන්. වත්සලාගේ මේ වෙනස දැනගන්න අපි ඇය ඇමතුවා.

වත්සලා කොහොමද ඉතිං ?

ගොඩක්‌ හොඳින් ඉන්නවා. පසුගිය දවස්‌ ටිකේ නම් ටිකක්‌ විතර කාර්ය බහුල වුණා.

ඇයි මේ රංගනයෙන් ඈත් වෙනවා කියලා ආපහු ආවෙ ?

රංගනයෙන් ටිකක්‌ ඈත්වෙලා තමයි හිටියෙ. විවාහයෙන් පස්‌සේ අවුරුද්දක්‌ විතර කිසිම දෙයකට සම්බන්ධ වුණේ නැහැ. ඒත් මට ආරාධනා නම් ගොඩක්‌ ලැබුණා. ඒවා හැම එකක්‌ම ප්‍රතික්‌ෂේප කළා. එහෙම ඉන්න කොට තමයි නාලන් මෙන්ඩිස්‌ මහත්තයා ඇහැව්වෙ "වාසනා වේවා" කියලා ටෙලි නාට්‍යයක්‌ කරනවා සම්බන්ධ වෙන්න පුළුවන් වෙයිද කියලා. පස්‌සෙ මම තිර පිටපත කියවලා බැලුවා. ඇත්තටම ගොඩක්‌ හොඳයි කියලා ඒ වෙලාවෙ හිතුන නිසා මම සැමියාගෙන් ඇහැව්වා මේ නාට්‍යය භාරගන්නද කියලා. ඔහු ඒ සඳහා කැමැත්ත දුන්නා. මමත් බලාපොරොත්තුවක්‌ තියාගෙන හිටියෙ නැහැ. ඒකත් සාමාන්‍ය ආරාධනාවක්‌ වගෙයි තිබුණේ.

ගොඩක්‌ වෙලාවට ඔයා තෝරගන්නෙ නාලන් මෙන්ඩිස්‌ මහත්තයගෙ නාට්‍ය කියන්නේ ඇත්තද?

නැහැ. එහෙම දෙයක්‌ නැහැ. මම නාලන් මහත්තයා සමග කරන දෙවැනි නාට්‍යය තමයි මේක. කොහොමත් ඔහුගේ නාට්‍යය හොඳ තත්ත්වයක තියෙනවා. මම එතුමාගේ නාට්‍යවල විතරක්‌ රඟපාන්නේ නැහැ. කවුරු හරි හොඳ පිටපතක්‌ එක්‌ක ආරාධනා කළොත් භාරගන්නවා. අධ්‍යක්‍ෂවරු එක්‌ක මට ප්‍රශ්න නැහැ.

යාළුවො රඟපානවට ඊර්ෂ්‍යා හිතිලා නැවත රංගනයට ආවා කියන්නේ...

එහෙම නැහැ. අනික මම දකින දකින දේ කරන කෙනෙක්‌ නෙමෙයි. ඒ වගේම කවුරුවත් කරන කරන දෙයක්‌ කරන කෙනෙකුත් නෙමෙයි. තමන් දන්නවා නම් තමන්ට හැකියි කියලා හිතනවා රංගනයේ රැඳිල ඉන්න පුළුවන්. නැවත රංගනයට එන්න මගේ බලාපොරොත්තුවක්‌ තිබ්බේ නැහැ. මම ඒ දේවල්වලින් අයින් වෙලා පවුල් ජීවිතයට මුල්තැන දීලයි හිටියෙ. සැමියා මාව හොඳට තේරුම් අරගෙන ඉන්න නිසා නිර්මාණවලට දායක වුණාට කමක්‌ නැහැ කියලා හිතන්න ඇති. ඒ නිසයි නැවත මට රංගනයට අවසරය ලැබුණේ. අනික මම රැල්ලට යන කෙනෙක්‌ නෙවෙයි කියලත් එයා දන්නවා.

ඇත්තද යාළුවන්ට කියලා තියනවා කියන්නේ කවදා හරි රංගනයෙන් සමුගන්නේ සම්මානයක්‌ අරගෙන කියලා...

නැහැ. මම සම්මාන බලාගෙන රංගනයට දායක වෙන්නේ නැහැ. මට ලැබෙන ලොකුම සම්මානය තමයි ප්‍රේක්‍ෂක ප්‍රතිචාරය. ඒක සම්මානයකින් මනින්න බැහැ. පේa්‍රක්‍ෂක ආදරය සදාකාලිකයි.

මේ දවස්‌වල හරි අමාරුවෙන් ව්‍යායාම කරනවලූ නේද?

අනේ නැහැ. කවුද ඔය බොරු කතා කියන්නේ. මම කිසිම විදිහේ ව්‍යායාමයක්‌ කරන්නේ නැහැ. අනික මම ව්‍යායාම කරන්න කම්මැලියි. මම කරන්නේ වැඩිපුර නිදාගන්න එකනෙ.

වත්සලා ටිකක්‌ මහත්වෙලා කියලා හිතෙන්නේ නැතිද?

ඔහොම කියන්නේ මම වීවී එකෙන් පෙනෙන්නෙ මහතට නිසා වෙන්න ඇති. මම සාමාන්‍ය ජීවිතයේ මහත කෙනෙක්‌ නෙමෙයි. මට එහෙම කෙට්‌ටු වෙන්න වුවමනාවකුත් නැහැ.

කොහොමද ප්‍රසංග සමග ගෙවී ගිය කාලය ?

අපි දෙන්න විවාහ වෙලා වසරකට වැඩියි. ඒ කාලය තුළ හරිම සතුටින් තමයි ගතකළේ. මොකද අපි අතර පවුල් ප්‍රශ්න නැහැනේ. අනික ප්‍රසංග මාව හොඳට තේරුම්ගත්ත කෙනෙක්‌ වගේම මට ගොඩක්‌ ආදරය කරන කෙනෙක්‌. මගේ ජීවිතයේ වටිනාම දෙය තමයි මගේ සැමියා.

ඇයි ප්‍රසංග නැවත රඟපාන්න අවසර දුන්නෙ ?

එයා මට අවසර දුන්නේ මේ කාලය පුරාවට මාව හොඳින් තේරුම් අරගත්ත නිසා වෙන්න ඇති. අනික එයා මාව ගොඩක්‌ විශ්වාස කරනවා. මම යන මාර්ගය එයාට පැහැදිලියි කියලා හිතනවා. එයා මට දෙයක්‌ එපා කිව්වොත් මං ඒක කරන්න ඕන කිය කියා බලපෑම් කරන්නේ නැහැ. එතැනින් එහාට මම ඒ ගැන අහන්නෙවත් නැහැ. අපි අතරෙ කවදාවත් රණ්‌ඩුසරුවල් ඇතිවෙලා නැහැ.

දැන් දරු සුරතල් බලන්නත් කාලය හරි නේද?

අපොයි තවම නැහැ. මගේ ජීවිතයේ හැම දෙයක්‌ම සුදුසු විදිහට අවශ්‍ය වෙලාවට සිද්ධ වුණා. ඒ දෙයත් එහෙම සිද්ධ වෙයි.

වත්සලාට ක්‍ෂේත්‍රයේ යාළුවො නැහැ කියන්නේ ඇත්තද?

ඔව්. මම හරිම අඩුවෙන් තමයි යාළුවො ඇසුරු කරන්නේ. මගේ පෞද්ගලික ජීවිතයෙත් යාළුවො ඉන්නේ අතේ ඇඟිලි ගානට තමයි. පාසල් කාලයේ ඉඳන් මම එහෙම කෙනෙක්‌. යාළුවො කියන අය හිටියත් ඉන්නේ දෙන්නෙක්‌ විතර තමයි.

මහත නිසා පරණ ඇඳුම් ඔක්‌කොම අයින් කරාලූ නේද?

කවුද ඔය බොරු කතා කිව්වේ. මම එහෙම කරලා නැහැ. බඳින්න කලින් ඉඳලා ඇඳපුවත් තාම මම අඳිනවා. කිසිම දෙයක්‌ අයින් කරලා නැහැ.

කොහොමද අමාලිට ලැබෙන ප්‍රතිචාර?

මේ වෙනකොට ඉතාම ඉහළයි. මම කරපු චරිත එක්‌ක බලද්දී වෙනස්‌ චරිතයක්‌. මම ගොඩක්‌ ආසාවෙන් තමයි ඒක කළේ. සමහර අය මට මගතොටේදි බනිනවා පුදුම කෙල්ලෙක්‌නෙ ඔයා. ඔහොම මිනිස්‌සුන්ව රවට්‌ටනවද කියලා. එහෙම කියන්නේ මිනිසුන්ගෙ හිතට ඒ චරිතය ගොඩක්‌ සමීප නිසා වෙන්න ඇතිනෙ.

දැන් දිගටම රඟපානවද?

මෙහෙමයි. වාසනා වේවා නාට්‍ය රූගත කරන අතරතුරේත් තවත් නාට්‍ය හතරකට විතර ආරාධනා ලැබුණා. ඉදිරියේදී හොඳ නිර්මාණයකට ආරාධනා ආවොත් බාරගන්නවා.

හැබැයි මුලින් කිව්වේ රංගනය සාර්ථක පවුල් ජීවිතයට බාධාවක්‌ කියලනේ...

මම කවදාවත් හැම දේටම ගියේ නැහැ. මේ නාට්‍යයේ රූගත කිරීම් කළේ කොළඹ අවට. දවස්‌ හතක්‌ අටක්‌ විතර තමයි ෂෙඩුල් එක තිබ්බේ. එම මට කිසිම බාධාවක්‌ වුණේ නැහැ. නිර්මාණ රැසක්‌ භාරගෙන කරන්න ගියහම තමයි කාර්ය බහුල වෙන්නෙ. එතකොට තමයි විවාහ ජීවිතයේ ප්‍රශ්න මතුවෙන්නෙ.

මේ සිදුවීම මගේ මුළු ජීවිතයම අවුල් කළා


නදී චන්ද්‍රසේකර
මට හොරෙන් රට යන්න ඕනකමක්‌ නෑ...
 
පුංචි තිරය නරඹන කොයි කවුරුත් ඇයට දැක්‌වූයේ පුදුමාකාර ආදරයක්‌. ඒ තරමට නදී චන්ද්‍රසේකර රංගන ශිල්පිනියක්‌ ලෙසට තමන් ඔපදමන චරිත තුළ සැබෑවටම ජීවත් වූ නිළියක්‌. නමුත් කොතරම් සතුටින් නිදහසේ සිටියත් මිනිසුන් හැටියට අපි කා අතරටත් ප්‍රශ්න එන්නේ නොසිතූ විරූ විලාසයකින්. එසේ පැමිණි ප්‍රශ්නයක්‌ නිසා පසුගිය වසර එකහමාරක කාලයක්‌ නදී ගතකළේ නිහඬ ජීවිතයක්‌. නමුත් සත්‍ය කවදා හෝ ජයගනී යන කියමන සනාථ කරමින් නදී වටා තිබූ විශාල කඩඉමකින් ජයගන්න නීතියේ සාධාරණය පසුගිය දා ඇයට වාසනාව ගෙනාවා. මේ සිද්ධිය වටා ගෙතුණ කතාවේ ඇත්ත දැනගන්න අපි නදීට කතා කළා.

නදී ඇත්තටම පසුගිය කාලේ සිදුවුණු සිදුවීම මොකක්‌ද?

සෑම වසරකම වගේ 2008 අවුරුද්දේ ලංකාවේ විශිෂ්ටයන් දහදෙනා අතරට කලා ක්‍ෂෙත්‍රයෙන් රංගනය වෙනුවෙන් ලබාදෙන සම්මානය ලැබුණේ මට. ඒත් සමග අවුරුද්දක්‌ ඇමරිකාවේ විශ්ව විද්‍යාලයක රංගනය ගැන ඉගෙන ගන්න ශිෂ්‍යත්වයක්‌ ලැබුණා. උත්සවයට පස්‌සේ දවසක ඇමරිකානු එම්බසියට ගියා රටයන්න වීසා එක ගන්න. එදා දවස පුරාම එම්බසියේ රඳවගෙන ඉඳලා හවස තුනට විතර පොලීසියෙන් ඇවිත් මාව අත්අඩංගුවට ගත්තා. ව්‍යාජ ලේඛනයක්‌ ඉදිරිපත් කරලා විදේශගත වීමට තැත්කිරීම කියන චෝදනාවට.

ඇත්තටම ඉතිං එහෙම දෙයක්‌ සිද්ධ වුණාද?

ඇත්තටම මේක විහිළුවක්‌. මේ ශිෂ්‍යත්වෙ ලැබුණේ සම්මානෙත් එක්‌ක. ලංකාවෙන් පිටට කියලා මම මුලින්ම ගිහින් තියෙන්නෙත් ඇමරිකාවට. ඊට පස්‌සේ කැනඩාව, එංගලන්තය, ජපානය වගේ රටවල් කිහිපයකටම මම කීප ගමනක්‌ම ගිහින් තියෙනවා. එහෙම ගිහින් තියෙන මට හොරෙන් රටයන්න කිසිම අවශ්‍යතාවක්‌ නැහැ.

ඊට පස්‌සේ මොකද වුණේ?

මේ කරලා තියෙන්නේ මාව විනාශ කරන්න හිතාගෙන. මාව අත්අඩංගුවට ගත්ත දවසේ පැය 24 ක්‌ යන්න කලින් කොටුව මහේස්‌ත්‍රාත් ගිහාන් පිලපිටිය මහත්මයා ඇපදීලා මාව එළියට ගත්තා. හැම පැත්තකින්ම වගේ මාව කඩාවැටුණා. කවදාවත් පොලීසියකටවත් ගිහින් නොතිබුණු මට උසාවිගානේ යන්න සිද්ධ වුණා. මගේ අම්මා, අප්පච්චි හොඳ වැදගත් මිනිස්‌සු. අප්පච්චි රැකියාව කරන්නේ පාර්ලිමේන්තුවේ. ඒ හැම තැනකින්ම අපිට කෙනෙහිලිකම් කළා. උඩ බලාගෙන කෙල ගහගන්න බැරි නිසා මම නිහඬ වුණා.

මෙවැනි චෝදනාවක්‌ ඉදිරියේ නිහඬව ඉන්න පුළුවන් වුණාද?

බැහැ තමයි. මගේ අම්මා, අප්පච්චි, මල්ලි අවුරුදු එකහමාරක්‌ තිස්‌සේ දුක්‌ විඳපු හැටි මතක්‌ වෙද්දි දුකයි. ඒත් ඒ වේදනාවත් එක්‌ක මම පලිගන්න ගියේ නැහැ කාගෙන්වත්. නිහඬව ඉඳගෙන උත්තර බැන්දා විතරයි. නමුත් ඕනම ප්‍රශ්නයක්‌ වැඩිදුර නොගිහින් විසඳගන්න තියෙන එකම ක්‍රමය පාවිච්චි කරලා මමත් යහන්ගත වුණානම් රටක්‌ ලෝකයක්‌ දැනගන්න කලින් මේ ප්‍රශ්නෙට විසඳුමක්‌ හොයාගන්න තිබුණා. ඒත් බඩගින්නේ මැරුණත් මම මගේ ආත්ම ගරුත්වය පාවලා දෙන්නේ නැති නිසා යුක්‌තිය මගින් හරියටම නීතිය ක්‍රියාත්මක වෙලා සහනයක්‌ ලැබෙනකන් මම බලාගෙන හිටියා.

මේ ප්‍රශ්නෙදි ක්‍ෂෙත්‍රයේ අය සහ නෑ හිතමිතුරන්ගෙන් මොනවගේ සහයක්‌ ද ලැබුණේ?
ක්‍ෂෙත්‍රයේ බොහෝ අය මාව කොන් කළා. නොකරපු වරදකට හැමපැත්තෙන්ම දඬුවම් ලැබෙද්දි මට දැනුණේ මහ කලකිරීමක්‌. ලොකු අම්මයි, ආත්තම්මයි විතරයි නෑදැයෝ කියලා අපිත් එක්‌ක මේ ප්‍රශ්නෙදි ළගින් හිටියේ. යුක්‌තිය ඉෂ්ඨ කරගන්න මිහිපිට ඉන්න දෙවියන් වගේ මනුෂ්‍යයන් කිහිප දෙනකුගේ උදව් ලැබුණු නිසා මට නිදහස්‌ වෙන්න ලැබුණා. ඒ හැමෝටම මම ස්‌තූතිවන්ත වෙනවා.

මේ ප්‍රශ්නෙදි ඔබ සමාජයට මුහුණ දුන්නේ කොහොමද?

අපේ පවුලේ මමයි, අම්මයි. අප්පච්චියි, මල්ලියි බොහොම පරිස්‌සමින් වැදගත් විදිහට ජීවත් වුණේ කාගෙන්වත් කතන්දරයක්‌ අහන්නෙ නැතුව. මේ සිද්ධිය නිසා විශාල කැළලක්‌ මගේ ජීවිතයටත් අපේ පවුලටත් ඇතිවුණා. අනිත් එක මගේ රංගන ජීවිතේට හානි වෙන කිසිම චරිතයක්‌ මම රඟපාලා නැහැ. එහෙම ගමනක්‌ ආපු මට මුහුණ දෙන්න වුණ සිද්ධිය නිසා ජීවිතේ පැත්තෙනුත් රංගනය පැත්තෙනුත් කලකිරීමක්‌ විතරයි ඉතිරුවුණේ.

මේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරන්නේ කවුද?

ඇත්තටම මේක අභිරහසක්‌. මට කිසිදෙයක්‌ හිතාගන්න බැහැ. කවුරු කොහොම මේක කළාද කියලා. කවුරු කළා වුණත් ඒ පුද්ගලයා අවුරුදු එකහමාරක සතුටක්‌ ලබාගත්තා ඒක මට සතුටක්‌. මගේ හිත රිද්දපු කා එක්‌කවත් මම තරහා නැහැ. ඒක පෘථග්ජන මිනිසුන්ගේ ස්‌වභාවයක්‌නේ. මඩ ප්‍රහාරයක්‌ ගහලා විනාශ වුණ මගේ ජීවිතේ අලුතින් ගොඩනඟාගන්න උත්සාහ ගන්නවා.

ඒ කියන්නේ ඉදිරියේ දී නැවතත් රංගන අංශයේ නියෑළෙනවද?

රංගන ශිල්පිනියක්‌ කියන්නේ හදවතත් එක්‌ක වැඩ කරන කෙනෙක්‌. අද මගේ මුළු ජීවිතේම කලත්තලා තියෙන්නේ. ඒ නිසා පොඩි කාලයක්‌ අවශ්‍යයි සාමාන්‍ය තත්ත්වයට එන්න. ඒ නිසා මොනවගේ දෙයක්‌ ගැන තීරණය කරයි ද කියලා කියන්න බැහැ.

මේ සිදුවීම නිසාද පසුගිය කාලයේ ඔබ මාධ්‍යයෙනුත් වහන්වෙලා හිටියේ?

එක පුවත්පතක්‌ ඇරුණුකොට මාධ්‍යයට සම්බන්ධ හැම ආයතනයක්‌ම මගේ නිහඬතාව රකින්න ඇත්තටම මට උදව් කළා. ඇත්ත නැත්ත එළිවෙනකම් ඉන්න මට සහයෝගය දුන්නා. මාධ්‍යයට ස්‌තූතිවන්ත වෙන්න ඕන. මොකද ඔවුන් මාව නැති කළේ නැති නිසා.

නිර්මාණවලට සම්බන්ධ වීමේ දායකත්වය අඩුවෙන්න හේතුවුණෙත් මේ සිද්ධියමද?

දැන් නිර්මාණය කෙරෙන කිසිම බරක්‌ හරයක්‌ නැති ටෙලිනාට්‍යවලට සම්බන්ධ වෙන්න මගෙ වැඩි කැමැත්තක්‌ නැහැ. රැල්ලට යන්නත් මගෙ බලාපොරොත්තුවක්‌ නැහැ. ඒ නිසා ජීවිතේ වගේම රූපවාහිනියේ විකාශය වන නිර්මාණ ගැනත් මට තියෙන්නේ කලකිරීමක්‌.

ලැබුණු අවස්‌ථාව නැතිවී යැම ගැන මොකද හිතෙන්නේ?

ඇත්තටම මේක මටත් වඩා රටට ලැබුණු වටිනා අවස්‌ථාවක්‌. මොකද මේ වෙනකම් ලංකාවේ රංගන ශිsල්පියකුට හොලිවුඩ්වල ඉගෙනගන්න අවස්‌ථාවක්‌ ලැබිලා නැහැ. මට තමයි මුල්ම වතාවට ලැබුණේ. මේ අවස්‌ථාව වෙනුවෙන් ජනාධිපතිතුමා පවා පෞද්ගලිකව මාව මුණගැහිලා සුබ පැතුවා මාලනී අක්‌කා වගේ ඉදිරියටම යන්න කියලා. නැවතත් ඒ අවස්‌ථාව ලබාගන්න පුළුවන්ද කියලා උත්සාහයක්‌ දරලා බලනවා.

සම්මානයක්‌ නිසා ඇතිවුණ මේ සිද්ධියෙන් පසුව තවත් ජයග්‍රහණ කිහිපයක්‌ම ලැබුණා නේද?

ඔව්. 2010 සුමති සම්මාන උළෙලේ හොඳම සහය නිළියට හිමි සම්මානයත්, රයිගම් ටෙලි සම්මාන උළෙලේ ජූරියේ විශේෂ සම්මානයත් මට හිමිවුණා. ඒ වගේම ඇමරිකාවේ රූගත කිරීමට සැලසුම් කරලා තියෙන ටෙලිනාට්‍යයකටත් තවත් චිත්‍රපටයකටත් ආරාධනා ලැබිලා තියෙනවා. ඒත් ඉදිරියේදී නිර්මාණවලට දායක වෙනවද කියන ප්‍රශ්නෙ ඉස්‌සරහ තාම තියෙන්නේ ප්‍රශ්නාර්ථයක්‌ම තමයි.

නීතියෙන් සාධාරණයක්‌ වුණත් ප්‍රේíකයා ඔබ දිහා බලන්නේ තාමත් වපර ඇසින්ද?

කවදාවත් මට ආදරේ කරන රසිකයෝ මගේ දිහා වපර ඇහින් බලලා නැහැ. මොකද මටත් වඩා එයාලා දන්නවා මම මේ දේට වැරදිකරුවෙක්‌ නෙමෙයි කියලා. කොටින්ම මේ නඩුව දිනන්නත් ලැබුණේ ජනතාවගේ ජයග්‍රහණයක්‌ වගේ. මේ බොරු චෝදනාවෙන් මට නිදහස්‌ වෙන්න ඔවුන් බෝධි පූජා තිබ්බා. යාතිකා කළා. ඒ හැමෝටම මම ස්‌තූතිවන්ත වෙනවා.

අනාගතයට මුහුණ දෙන්න සැලසුම් කරලා තියෙන්නේ මොනවිදිහටද?

ඉදිරියේදී මීට වඩා ප්‍රශ්නයකට වුණත් මුහුණ දෙන්න පුළුවන් ශක්‌තියක්‌ මට දැන් ඇතිවෙලා තියෙනවා. පොලීසිය, උසාවිය මට දැන් හොඳට හුරුයි. ඒ වගේම නෑදැයෝ, යාළුවෝ කියන මේ හැමෝම ගැනම හොඳ දැනීමක්‌ ඇතිව තමයි ඉදිරියේදී ජීවත් වෙන්නේ.