Pages

Monday, September 28, 2009

chandrika

Preparations to arrest Chandrika on war crime charges


Sep 27, 2009
Author:
The International Human rights Organization is preparing to arrest former President Chandrika Bandaranaike in a foreign country on international war crime charges, according to reports received by 'Lanka-e-news'.

The main reason for this is the obstacle militating against the arrest of the President in power for international war crime charges, and the absence of such immunity protecting an Ex President.

'Lanka-e-news' is informed that this Human rights Organization has prepared an affidavit comprising 231 charges based on the war crimes and violations committed during the period of the former President Chandrika which can be taken before the International law.

Upon inquiries made by the 'Lanka-e-news' from an International law expert Attorney at law Asanga Welikala on the actions available for war crime charges under the International law against a an Ex leader or the current leader of a country, he stated, the chances are slim against the leader in power. But, Such actions are possible only when based on the UN security Council decisions

He cited as an example the arrest of the leader of Liberia for war crimes committed during his period based on the decision of the UN human rights security Council., adding that under the laws of some countries these actions can only be taken against leaders remaining in those countries. Actions by Belgium against leaders of Yugoslavia, Serbia and Sierra Leone were unsuccessful. However, the leader of Spain who was outside was arrested.

He also stated that no such action can be taken against the Leaders who have arrived in America to attend the UN assembly. The authority of the US does not extend to the UN Organization.

In any case, Sri Lanka has not been signatories to agreements on International war crime charges, and therefore if the arrests are to be made of the Ex President or the present President on these war crime charges, they must be a result of the admixture of international politics and laws, he pointed out.

Monday, September 21, 2009

kanchana






කාංචනා මෙන්ඩිස් මවු පදවිය අබියස
පුංචි තිරය, සිනමාව සිය සොඳුරු රඟ සොබාවෙන් ප්‍රභාමත් කළ අපේ කාලයේ ආකර්ෂණීය තරුව.

‘සරසවිය’ත් ඇයත් අතර තියෙන්නේ හරි අපූරු, ළෙන්ගතු සබැඳියාවක්. ඒ සෙනෙහස නිසාම කංචි ඇගේ දුක සැප මුලින්ම බෙදා හදා ගන්නේ ‘සරසවිය’ත් එක්කයි.

මේ ආදරණීය තරුවගේ විවාහය ගැන, අගේ අනාගත සහකරුවා ගැන බොහෝ තොරතුරු හා හා පුරා රටටම හෙළි කළේ ‘සරසවියේ’ අපි.

ඒ විතරක් නෙවේ, කාංචනා - රොෂාන් සුපෙම්වතුන් යුවළ විවාහයෙන් පසු අඹු සැමියන් ලෙස මුල්ම පුවත්පත් සාකච්ඡාවට එක් වුණෙත් ‘සරසවිය’ සමඟින්.

ඔන්න අදත් කංචි අපිත් එක්ක මේ විදිහට ‘සරසවිය’ පත් ඉරු අතරට එක් වන්නේ ඇගේ ජීවිතයේ තවත් පුංචි රහසක් ඔයාලට හෙළි කරන්න. මින් පෙර කිසිම මාධ්‍යයක ඈ පිළිබඳ මේ සුබාරංචිය කොතනකවත් සඳහන් වුණේ නැහැ. ඒ තරමටම කංචි මෙතෙක් කලක් මේ රහස රැකගෙන හිටියා. ඇගේ පවුලේ උදවියත්, ඈ ළඟින්ම ඇසුරු කරන සුළු හිතවතුන් පිරිසකුත් විතරයි මේ රහස දැනගෙන හිටියේ.

ගැහැනියකගේ ජීවිතය වඩාත් ශක්තිමත් වන්නේත්, අර්ථවත් වන්නේත් ‘දරු සම්පත’ නිසයි. දරුවකු මෙලොවට බිහිවීම අතිශය පෞද්ගලික කාරණාවක් වුණත් පොදුවේ එය මුළු මහත් මානව වර්ගයාටම ආශිර්වාදයක්. කංචිත් දැන් ඉන්නේ ඒ උතුම් මව් පදවිය අපේක්ෂාවෙන් . . .

කොහොමද ජීවිතේ අලුත් වෙනස?

කංචි ගේ සුන්දර හසරැළි ඇගේ වත පුරාවට දෝර ගළන්නේ සුනිල දිය දහරක් වගේ. ඈ තරමක් මහත් වෙලා. දරු ප්‍රසූතියට ආසන්න මවකගේ සියලු දේහ ලක්ෂණ දිස් වෙනවා ඈ වෙතින්.

විවාහ වුණ කාන්තාවකගේ ලොකුම බලාපොරොත්තුව තමයි දරු සම්පත. ඒ වරම ලබන්න මම ආසවෙන් බලාගෙන ඉන්නවා. මවු පදවිය තරම් උතුම් දෙයක් ලෝකේ තවත් නැහැ කියනවනේ.

කංචි, විවාහ වෙලා තාම අවුරුද්දක්වත් නැහැ. ඇයි මේ තරම් ඉක්මණින්ම දරු සුරතල් බලන්න තීරණය කළේ?

නැහැ අයියේ, මමයි - රොෂානුයි ප්ලෑන් කළේ නැහැ ගොඩක් කල් බබාලා නැතුව ඉන්නවයි කියලා. ඒ නිසා අපිට ඒ කටයුත්ත කල් යවන්න ඕනෑ වුණේ නැහැ. රොෂාන් වගේ හොඳ සැමියෙක් මට ලැබුණා. අපේම ලෙයින් මසින් හැදුණ දරුවෙක් කැදැල්ලට එක් වෙන එක අපේ පවුල් ජීවිතයට ලොකු වාසනාවක්.

ඔයා කැමැති දුවෙකුට ද, පුතෙකුට ද?

මම නම් කැමැති පුතෙකුට. මොකද අපේ පවුලේ වැඩිපුරම ඉන්නේ දුවලා. රොෂාන්ලගේ පැත්තේ ඉන්නේ පිරිමි. ඒ හින්දා එයා වැඩියෙන් කැමැති දුවෙකුටලු. ඒත් අනේ කවුරු වුණත් අපේ පැටියා අපි සතුටෙන් බාර ගන්නවා.

ස්කෑන් කරලා බැලුවේ නැහැ දුවෙක් ද, පුතෙක් ද කියලා?

නැහැ. රොෂානුත් කිව්වේ බබා හම්බ වුණාම එයා කවුද කියලා බලමු කියලයි. ඒ නිසා අපි ඒ ගැන උනන්දු වුණේ නැහැ.

මේ සුබාරංචිය දැනගන්න කොට රොෂාන් එංගලන්තයේ නේද හිටියේ?

ඔව් . . ඔව්. මම දුරකතනයෙන් තමයි ඒ බව එයාට කිව්වේ. රොෂාන් ඒක අහලා හරියට සතුටු වුණා. මාව කොහොම හරි බලන්න ඕනැයි කිව්වා. ඉතින් එයාගේ අධ්‍යාපන කටයුතු නිසා ලංකාවට එන්න බැහැනේ. මම එහේ ගියා.

කවදද ගියේ?

පහුගිය ජූලි, අගෝස්තු මාසවල මම හිටියේ ලන්ඩනයේ. ඒ මාස දෙකක විතර කාලය අපි ගොඩක් සතුටෙන් ගත කළා. රොෂානුයි, මමයි මුලින්ම හමුවුණෙත් ලන්ඩනයේදිනේ.

රොෂාන් ළඟ නැති වුණත් එයාගේ අම්මගෙන්, තාත්තාගෙන් මට ලොකු රැකවරණයක් ලැබෙනවා. රොෂාන් පවුලේ එකම දරුවා නිසාද මන්දා එයාලා මටත් සලකන්නේ එයාලගේ දරුවෙකුට වගේ. පහුගිය දවස්වල මම හිටියේ රොෂාන්ලගේ මතුගම ගෙදර. මගේ සියලු ඕනෑ එපාකම් ඒ කාලේ සොයා බැලුවේ එයාලා. රොෂාන්ගේ අම්මා හොස්පිට්ල් එකක සිස්ටර් කෙනෙක්. ඒ නිසා හොඳ දැනුමක් මේ ගැන තියෙනවා එයාට.

සාමාන්‍යයෙන් මේ කාලෙදී අම්මලාට දොල දුක හැදෙනවානේ. කංචිට එහෙම ආසාවක් ඇති වුණේ නැහැ?

ඇත්තමයි, මට නම් දොල දුකක් කියලා එහෙම විශේෂ ආසාවක් ඇති වුණේ නැහැ. ගොඩක් වෙලාවට මම ආහාරයට ගන්නේ ස්වභාවික දේවල්. උදේට කොළ කැඳ බොනවා. පළතුරු, පලා වර්ග නිතර ආහාරයට ගන්නවා. මස් මාළුත් සාමාන්‍යයෙන් කෑමට ගන්නවා. ඒත් කුකුල් මස් විතරයි. ආ . . . තව හොඳට වතුර බොනවා. ඒ හැරෙන්න ඉතින් ඩොක්ටර් දෙන විටමින් වර්ග පාවිච්චි කරනවා.

රොෂාන් නැති නිසා ඔයාට පාළුවක්, තනිකමක් දැනෙනවා ඇති?

දැන් මම ඉන්නේ මීගමුවේ අපේ මහ ගෙදරනේ. අම්මා, අක්කලා ඉන්න නිසා පාළුවක් දැනෙන්නේ නෑ. අනෙක රොෂාන් මට දවසකට තුන් හතර පාරක් දුරකතනයෙන් කතා කරනවා. එයා හරිම සංවේදියි. මගේ ළඟ ඉන්න නොලැබුණ එක ගැන එයාට නම් ටිකක් දුකයි.

කවදද රොෂාන් ලංකාවට එන්නේ?

මේ අවුරුද්දේ දෙසැම්බර්වලදී.

එතකොට එයා තාත්තා කෙනෙක්?

ඔව් . . . පුංචි පැටියගේ මූණ බලන්න පුළුවන් ඒ ආවාම. රොෂාන් ලංකාවට එන්න කලින් තමයි දරු ප්‍රසූතියට දින දීලා තියෙන්නේ.

කංචිගේ රංගන කටයුතුවලින් ඉවත් වෙන්නත් සිදු වුණා. ඒ ගැන දුකක් නැද්ද?

ටෙලි නාට්‍යය, චිත්‍රපට කීපයකට මට කතා කළා. හිතවත්ම අයට කිව්වා හේතුව. ඇත්තෙන්ම මේ වගේ තත්ත්වයක ඉඳලා රඟපාන්න බෑනේ. සුදත් රෝහණ අයියා අධ්‍යක්ෂණය කරන ‘ස්වයංජාත’ ටෙලි නාට්‍යයේ පබිලිනා ගේ චරිතය රඟපාන්න හිටියේ මම. සුදත් අයියත් එක්ක කතා කරලා එයින් ඉවත් වුණා. ඒ ගැන නම් හිතට දුකයි. ඒත් දරු සම්පතක් කියන්නේ ජීවිතයට අවශ්‍යම දෙයක් නිසා ඒ සියලු කැප කිරීම් මම කළා.

ඔයා දැන් උත්සවවලට සහභාගි වෙන්නේ නැහැ?

පුළුවන් වෙලාවට උත්සවවලට යනවා. ඉස්සර ඇඳපු ඇදුම් දැන් අඳින්නත් බැහැනේ. අලුත් ඇඳුම් කිහිපයකුත් මැහුවා. ඇත්තෙන්ම කලා කටයුතුවලින් මම දැන් සහභාගි වෙන්නේ ස්වර්ණවාහිනියේ ‘කොමඩි ස්ටාර්’ විනිශ්චය මණ්ඩලයට විතරයි.

විවේක වෙලාවට කංචි මොකද කරන්නේ?

හොඳ, මිහිරි ගීතවලට, සංගීතයට සවන් දෙනවා. මවු කුසේ ඉන්න දරුවාගේ මොලයේ වර්ධනයට සංගීතය ගොඩක් බලපාන බව අද වෛද්‍යවරු සොයා ගෙන තියෙනවානේ. ඒ වගේම මම ළමා කතා බලනවා. වෛද්‍ය ලිපිත් නිතරම කියවනවා. ඒ දැනුම මවකට හරිම වැදගත්.

දැන් චූටියට ඇඳුම් එහෙමත් මහලා ඇති?

ඔව්, දුවෙකුටයි පුතෙකුටයි දෙන්නටම ගැළපෙන විදිහේ ඇඳුම් පැළදුම්, තව අවශ්‍ය දේවල් එකතු කරලා තියෙනවා. රොෂානුත් යම් යම් දේවල් එහෙන් එව්වා.

ඉදිරියේ දී සිදු වෙන අලුත් වෙනස ඔයාගේ ජනප්‍රියත්වයට යම් බලපෑමක් ඇති කරයිද?

අම්මා කෙනෙක් වෙනවා කියන එක තරම් වටිනා දෙයක් කාන්තාවකට තවත් තියෙනවාද? නිළියක් වුණත් මම ගැහැනියක්. මම අම්මා කෙනෙක් වීම ජනප්‍රියත්වයට බලපාවි කියලා මම හිතන්නේ නැහැ. අනෙක ජනප්‍රියත්වය ගැන හිතලා මම මේ දේවල් අතපසු කර ගත්තොත් ඒ ගැන කවදා හරි පසුතැවෙන්න වෙයි. ජනප්‍රියත්වය කියන දේ මට ඇති තරම් ලැබිලා තියෙනවා. දරුවෙක් ලැබුණොත් මගේ ජීවිතය සමබරයි.

කලා ක්ෂේත්‍රයේ අය දුක සැප හොයලා බලන්නේ නැද්ද?

සංගීතා අක්කා, සුජානි, සේමිණී, දමිතා, පබෝධා මේ සේරමලා නිතර මගේ දුක සැප විමසනවා. ඒ හැමෝම මට ආදරෙයි. මුලින්ම අපේ කලා ක්ෂේත්‍රයේ අයගෙන් මම මේ ආරංචිය කිව්වේ මාලිනී අක්කාට. ඈ හදවතින්ම සතුටු වුණා ඒ ගැන. මට සුබපැතුවා. අනෙක් අයගේ සතුට ගැන ඒ අයට වැඩිය සතුටු වෙන කෙනෙක් මාලිනී අක්කා.

දරු මල්ලෝ ලැබිලා, ජීවිතේ අරමුණු වෙනස් වුණාම ඔයා රංගනයෙන් සමු ගනී දෝ කියලත් අපට හිතෙනවා?

රඟපෑමෙන් ටික කාලෙකට නම් අයින් වෙන්න වෙනවා. බබාත් එක්ක ඒ දේවල් කරන්න අමාරුයි නේ. අනෙක් අයට කරදරයක් වෙන්න මම කැමැති නැහැ. බබා වෙනුවෙන් මේ කැප කිරීම කරන්න වීම ගැන මට කනගාටුවක් නැහැ.

ඒත් මම දිගටම රඟපානවා. කවදාවත් රංගනයෙන් අයින් වෙන්නේ නැහැ. ඒතරම්ම මම මේ ක්ෂේත්‍රයට වෘත්තියට ආදරෙයි. මම මගේ වාසිය, මගේ පහසුව බලාගෙන රඟපාන කෙනෙක් නෙවෙයි. ඒ නිසා ටික කාලයක් නම් රඟපෑමෙන් ඉවත් වෙන්න සිදු වේවි.

සංවාදය - අසංක දේවමිත්‍ර පෙරේරා

ඡායාරූප - ටෙනිසන් එදිරිසිංහ

Wednesday, September 16, 2009

anar akki

මගේ බලාපොරොත්තුව ඔබේ දුවෙක්, අක්කි කෙනෙක් වෙන්නයි, ඔබ වෙනුවෙන් මැරෙන්න උනත් මම ලැඇස්තියි - අනර්කලී



Southern Provincial council candidate Anarkali Akarsha addressing a gathering in Galle had said that she is prepared to give her life for the country. She also added that power is not based on posters and vehicles and the government that vanquished terrorism is capable of solving other national issues as well.- Adaderana

Saturday, September 12, 2009




දරුවන්ට මම හරිම ආදරෙයි ඒ වගේම හරි ආසයි


සංගීතා තම සොයුරියගේ
දියණිය තරුෂි සමග


මෙවර නවලිය කවරය සරසන්නේ අපි බොහොම ආදරය
කරන සංගීතාගේ සහ ඇගේ දයාබර සැමියා රොෂාන්තගේ පින්තූරයකින්.

පසුගිය දවස්‌වල සංගීතා, ෂෙරීන්, සුදර්මා එකතුවෙලා පිහිටුවා ගත්ත S -3 සංවිධානයෙන් පැවැත්වූ රූකාන්ත - චන්ද්‍රලේඛා ප්‍රසංගය නිසා කාර්යබහුල ජීවිතයක්‌ ගතකළ සංගීතා මේ දවස්‌වල ටිකක්‌ නිවාඩු පාඩුවේ ඉන්න අතරවාරයේ ඇගේ සොඳුරු කැදැල්ල තුළදී කතාබහකට එකතු කරගන්න අපට හැකියාව ලැබුණා.

සංගීතා මේ දවස්‌වල මොනවද කරන විශේෂ වැඩ කටයුතු...

මේ දවස්‌වල අපේ S-3 සංවිධානයෙන් පැවැත්වූ රූකාන්ත - චන්ද්‍රලේඛා ප්‍රසංගයේ අවසන් කළ යුතු වැඩ ටික කරගෙන යනවා.

ඒ වගේම ඊළඟට අපි නිරෝෂා විරාජිනිගේ ප්‍රසංගයක්‌ පවත්වන්න ඉදිරි කටයුතු සැළසුම් කරගෙන යනවා. ඒ ප්‍රසංගය ලබන නොවැම්බරයේ පවත්වන්න තමයි අපි සූදානම් වෙන්නේ.

තවත් "කොලු" කියලා ඉංග්‍රීසි නාට්‍යය කරන කෙනෙක්‌ ඉන්නවා. ඔහුගේ සිංහල නාට්‍යයක්‌ කරන්න අපි සූදානම් වෙනවා.

චිත්‍රපටවලට එහෙම ළඟදී සම්බන්ධ වුණේ නැද්ද?

දිනේෂ් ප්‍රියසාද් ආරාධනා කළා ඔහුගේ අලුත්ම චිත්‍රපටයට . ඒකේ තිර රචනය මට ලැබිලා තියෙනවා. ඔක්‌තෝබර් මාසයේදී ෂූටිං පටන් ගන්න නියමිතයි.

නවක අධ්‍යක්‍ෂවරයෙක්‌ ඔහුගේ පළමු සිනමා නිර්මාණයට එකතු වෙන්න කියලා මට කතා කළා. තවම ඒ කටයුතු සාකච්ඡා මට්‌ටමේ පවතිනවා.

පසුගිය කාලයේ මට චිත්‍රපට කිහිපයකට ආරාධනා ලැබුණා. නමුත් ඒ චිත්‍රපටවල මට කරන්න දෙයක්‌ නැති අවස්‌ථා තිබුණා. ඒ කියන්නේ පිටපත කියෙව්වාම තේරුණා තවත් එක්‌ චරිතයක්‌ විතරයි කියලා. කරන්නන් වාලේ මගේ චිත්‍රපට ගොන්නට තවත් චිත්‍රපටයක්‌ එකතු කර ගැනීමේ ආශාවක්‌ මට නැහැ. මට ආශාව තියෙන්නේ හොඳ දෙයක්‌ හරි විදිහට කරන්නයි. නැත්නම් විනෝදාත්මක චිත්‍රපටයක්‌ වෙන්න ඕන. ඒ තැන ඉඳලා මට ගොඩාක්‌ චිත්‍රපට ප්‍රතික්‌ෂේප කරන්න සිද්ධ වුණා.

නමුත් වෙනස්‌ ආකාරයේ චිත්‍රපටයක්‌ වූ බූඩිගේ චිත්‍රපටය කළා. ඒක ලබන අවුරුද්දේ තිරගත වේවි.

චරිත තෝරා බේරා ගැනීමේදී මොනවගේ දේවල් ගැන ද සංගීතා සැලකිලිමත් වෙන්නේ.

මෙහෙමයි මම අවුරුදු දහසයේදී විතර සිනමාවට ඇවිල්ලා එතන ඉඳලා අවුරුදු විසිපහ, විසිහය විතර වෙනකම් බොළඳ පෙම්වතියගේ චරිත, නැටුම්, ගැයුම් මම කළා. නමුත් අපි වයසෙන් මුහුකුqරා ගිහිල්ලා විශේෂයෙන් ශ්‍රී ලාංකිකයන් විදිහට හිතන කොට අපි සමාජයට වැදගත් වන පණිවුඩයක්‌ දිය හැකි මට්‌ටමේ චරිත කළ යුතුයි කියන තැනට එනවා. මම දැන් හිතන්නේ මට සමාජය වෙනුවෙන් ඉටු කළයුතු වගකීමක්‌ තියෙනවා කියලා. තවත් දෙයක්‌ අද තරුණ පෙම්වතියගේ චරිතය රඟපාන්න තරුණ පරපුරක්‌ සිනමාවට ඇවිල්ලත් ඉන්නවානේ. ඒ නිසා චරිත තෝරා ගැනීමේදී පිටපත , අධ්‍යක්‍ෂවරයා වගේම වයසට ගැළපෙන චරිත තෝරා ගන්නත් මම සැලකිලිමත් වෙනවා.

ගෙදර වැඩ කටයුතුවලට සංගීතාගෙන් ලැබෙන්නේ මොනවගේ දායකත්වයක්‌ද?

ගෙදර උයන පිහන ඒවා, අස්‌ පස්‌ කරන ඒවා මම කරනවා හරි අඩුයි. වෙන්න ඕන දේවල් බලලා කරවන්න හැකියාව තමයි මට තියෙන්නේ. ගෙදර පරිපාලනය කෙරෙන්නේ මගේ අතින්.

රොෂාන්තගෙන් මොන වගේ සහයෝගයක්‌ද ඔබට ලැබෙන්නේ?

රොෂාන්ත බොහොම කාර්යබහුල කෙනෙක්‌. ගෙදර කටයුතු තනියම කරගෙන යන්න මට ශක්‌තියක්‌ තියෙනවා. මම හිතන්නේ නැහැ රොෂාන්ත ඔෆිස්‌ එකේ වැඩ කරලා මහන්සි වෙලා ගෙදර ඇවිල්ලා එයත් ගෙදර ගැන සොයන්න ඕන කියලා. අවශ්‍ය දේවල් සපයනවා ඇරෙන්න ගෙදර පරිපාලන කටයුතු කරගෙන යන්න රොෂාන්ගෙන් උදව්වක්‌ ගන්න අවශ්‍යතාවයක්‌ මෙතෙක්‌ මට ඇතිවෙලා නැහැ.

මම චිත්‍රපටයක ෂූටිං ගියාම වුණත් මම මගේ කටයුතු ඉවර කරලා මම ම එයාට කෝල් කරනකං කොතනද ඉන්නේ කියමින් කරදරයක්‌වත් එයා කරන්නේ නැහැ. මමත් ඔහුට ඔහුගේ වැඩකටයුතු බාධාවකින් තොරව කරගෙන යන්න අවශ්‍ය පසුබිම නිතරම සලසා දෙනවා.

පානදුරේ ගෙවුනු මගේ පොඩි කාලේ ගත්තත් මට මතකයක්‌ නැහැ මගේ තාත්තා ඇවිල්ලා ගෙදර වැඩවලට උදව් කරනවා. අපේ වැඩ, ගෙදර හැම වැඩක්‌ම කළේ මගේ අම්මා. අම්මා ඒ හැමදෙයක්‌ම හරිම ආශාවෙන් කරනවත් මම දැකලා තිබ්බා. ඒ නිසා මම හිතන්නෙත් ඒ විදිහටයි.

උප්පලවන්නා චිත්‍රපටය වෙනුවෙන් බූ ගෑ කොණ්‌ඩය වැවෙන්න මොනවද විශේෂයෙන් කලේ...

නොකළ දෙයක්‌ නැති තරම්. මුල් දවස්‌වල ඇස්‌ දෙක පියාගෙන කරවිල කෑවා. ගොටු කොළ, ගම්වල හැදෙන පලා වර්ග එහෙම කෑම වේලට එකතු කරගත්තා. අන්තිමට කෝමාරිකා ඔලුවෙත් ගෑවා.

මම අදටත් උප්පලවන්නා චිත්‍රපටය කළ මිලීනා සුමතිපාල මහත්මිය හමුවුණාම කියන්නේ ආන්ටි කොණ්‌ඩේ වවාගන්න මෙච්චර අමාරුයි කියලා දන්නවා නම් කොණ්‌ඩේ බූ ගාන්න ඉස්‌සර වෙලා දෙපාරක්‌ හිතනවා කියලා. කොණ්‌ඩේ මේ තරමට හරි වැවෙන්න අවුරුදු දෙකහමාරක්‌ ගියා.

නිවාඩුවක්‌ එහෙම ලැබුණාම ලංකාවේ ඇවිදින්න යන්න කැමති කොහේද?

නුවරඑළියේ තමයි. අපි සාමාන්‍යයෙන් අප්‍රේල්වලට තමයි නුවරඑළියේ යන්න බලන්නේ. නැත්නම් අගෝස්‌තුවල එහෙමත් යනවා. රොෂාන්ගේ පවුලේ නෑදෑයෝ හතර දෙනෙක්‌ ඉන්නවා පවුලේ සියලුදෙනාම එකතුවෙලා තමයි අපි විනෝද ගමන් යන්නේ. නැත්නම් අපි බොහෝ වෙලාවට කතරගම යනවා.

"සියත" පවුලට නව රූපවාහිනී නාලිකාව ඉතාම ළඟදී එකතු වෙන බව ආරංචියි. මේ ආරංචිය ඇත්තක්‌ද?

ඔව්. ආරංචිය ඇත්තක්‌. මම නෙමෙයි ඒ වැඩකටයුතුවලට සම්බන්ධ වෙලා ඉන්නේ., රොෂාන්ත. මේ වෙනකොට රොෂාන්ත එක්‌ක හොඳ පිරිසක්‌ එකතුවෙලා ඉන්නවා. ඔවුන් කැපවෙලා ඉන්නේ සාර්ථකව අලුත් දෙයක්‌ කරන්න. අපි පටන් ගන්න සියත රූපවාහිනිය රාත්‍රියේ විකාශනයක්‌ පමණයි. රාත්‍රී 11.00 ට වැඩසටහන් නිමා කරන්න තමයි සැලසුම් කරලා තියෙන්නේ.

සංගීතා, රොෂාන්ගේ කැදැල්ලට අලූත් අමුත්තෙක්‌ එක්‌කරගෙන එන්න ඕන කියලා හිතන්නේ නැද්ද?

මෙහෙමයි මම හිතනවා හැමදේම ලැබෙන විදිහට තමයි. දරුවන්ට මම හරිම ආසයි. ඒ වගේම ගොඩක්‌ ආදරෙයි. අපේ කැදැල්ලටත් අලුත් අමුත්තෙක්‌ එනකම් අපි දෙන්නම බලාගෙන ඉන්නවා.

හරින්දි ලියනගේ
පින්තූර - කමල් වන්නආරච්චි

Wednesday, September 9, 2009

anarkalee


Monday, September 7, 2009
අනර්කලී සහ සුසන්තා චන්ද්‍රමාලි රඟන චිත්‍රපට සහ ටෙලිනාට්‍ය
දකුණේ මැතිවරණය අවසන් වන තෙක්‌ අනර්කලී සහ සුසන්තා චන්ද්‍රමාලි රඟන චිත්‍රපට සහ ටෙලිනාට්‍ය ප්‍රදර්ශනය නවතන්න එජාපය මැතිවරණ කොමසාරිස්‌ගෙන් ඉල්ලීමට යයි



දකුණු පළාත් සභාවට තරග කරන අනර්කලී සහ සුසන්තා චන්ද්‍රමාලි රඟපාන ටෙලි නාට්‍ය චිත්‍රපට මැතිවරණය අවසන් වනතුරු ප්‍රදර්ශනය කිරීම නතර කරන ලෙස මැතිවරණ කොමසාරිස්‌ දයානන්ද දිශානායක මහතාගෙන් ඉල්ලා සිටීමට තීරණය කළ බව එක්‌සත් ජාතික පක්‍ෂයේ මහ ලේකම් තිස්‌ස අත්තනායක මහතා "දිවයින" ට පැවැසීය.

අනර්කලී රඟපාන ටෙලිනාට්‍ය මේ දිනවල රූපවාහිනියෙන් දිගට හරහට විකාශනය කරන අතර ඒ තුළින් ඇයට අනවශ්‍ය ප්‍රචාරයක්‌ දී ඇති බව ද අත්තනායක මහතා කීවේය.

මෙම නීතිය කාටත් එක සමානව බලපෑ යුතු බවත් රන්ජන් රාමනායක මහතා සබරගමුව මැතිවරණයට ඉදිරිපත් වූ මොහොතේ ඔහු රඟපෑ ටෙලිනාට්‍ය රූපවාහිනියෙන් තහනම් වූ බව ද අත්තනායක මහතා කියා සිටියේය. Divaina

Tuesday, September 8, 2009

channel 4

Y%S ,xldfõ wdrCIl yuqod fou<>d;kh lrk nj fmkakqï lsÍug uydì%;dkHfha pek,a 4 rEmjdyskS fiajh úldYh l< ùäfhda mgh k¿jka fhdod furg ;=<>

weue;sjrhd fufiao lSh’

fuu mÍCIK y;r wod< fokl=" úiska">

1′ fuu má.; lsÍu isÿ lr we;af;a äðg,a leïfldavrhlska $ leurdjlska ñi cx.u ÿrl:khlska fkdfõ’
2′ Yíoh miqj ljd we;’
3′ fjä ;nk Yíoh iómfhka fkdj wE;ska tkakls’

rchla f,i wm fuu ùäfhda mgh fy

fuu ùäfhda mgh iemhQ nj lshk zY%S ,xldfõ m%cd;ka;%jdoh i|yd jk udOHfõÈfhdaZ ixúOdkh b;du

wk;=rej pek,a 4 u.ska úldYh flreKq ùäfhda mgh m%o¾Ykh fldg th lD;s%uj ieliQjla nj fy

m

fojk fjä ;eîfï§ ìu ys÷jd urd ±fuk mqoa.,hdf.a ll=f

j;=rg jefgk f,a uqiqù me;sÍ hk kuq;a fuys f,a me,a,ï j;=rg uqiq fkdù ;ksj mj;S’

uv f.dfydre ìul weof.k ú;a urd ±uQjl=f.a lñih uv me,a,ïj,ska f;drj widudkH f,i iqÿmdáka mj;S’

urd ±fukakka W;=re kef.kysr fou<>

fudjqkag fjä ;nk m

fudrgqj úYaj úoHd,fha mß.Kl úoHd iy bxðfkare wxYfha fcHIaG l;sldpd¾h wdpd¾h p;=r o is,ajd uy;d ish mÍCIKfha m%;sM, úia;r lrñka fufia lSh’

fuu rE.; lsÍï cx.u ÿrl:khlska fkdl<>

cx.u ÿrl:khl j¾K ixfõÈ;djh wvq ksid j;=rg f,a jegqKq úg fujeks ;Sj%;djhla fkdue;’ ñh .sh whl=f.a ysifla ms

y~ mgho fujeks úIu;d fmkakqï lrhs’ fuys y~ tkafka rEmrduqj,g miqjh’ tfiau y~ mgfha uq, yd w. w;r mj;skafka úúOdldr fjkialïh’ rE.; lsÍï iuÕ tk y~ fuf,i fjkia úh fkdyel’ iq

ix{d n,ldfha m%Odk ix{d ks,OdÍ ì%f.aäh¾ m%idoa iurisxy uy;d y~ mgh ú.%y lrñka fuu ùäfhda mgh miqj y~ lejQjla njg idOl f.k yer olajñka fufia lSh’

fuu ùäfhda mgfha rEmrduq 584 ka 30 la ksy~h’ y~ we;af;a rduq 554 l muKs’ 41 rEm rduqfõ tk fjä ;eîfï isÿùfï y~ tkafka 42 rEmrduqfõ§h’ ta ;;amr 0′296 lg miqjh’ ienúkau y~ m

fuu fCIa;%fha cd;Hka;r úfYaI{hl= jk isß fyajdú;drK uy;d rcfha b,a,Su u; l<>

wm olajkafka foaYmd,k m%;spdrhla fkdj úoHd;aul idCIs fmkakqï lsÍula muKs’ tajd fuu ùäfhda mgh m%o¾Ykh l<>

t,aààBh yer fjk;a md¾Yj fuu ùäfhda mgh ks¾udKh lsÍug iïnkaOù weoao hkak .ek fï jk úg mßCIK meje;afjñka ;sfí’ fuh ue;sjrK j¾Ihla neúka o úmCIfha foaYmd,k mCI rchg” yuqodjg iy ckdêm;sjrhdg uv .eiSug ls%hd lrk wdldrfhka o tjeks ielhla u;=ùu neyer l<>

pek,a 4 rEmjdysksh ksjerÈ lsÍula fkdl

cd;sl wdrCIl m%ldYl wud;H flfy

Friday, September 4, 2009

ප්‍රථම වරට ශ්‍රී ලංකානු කාන්තාවකට බොලිවුඩ් නිළි වරම් Jacqueline Fernandez became the first Sri Lankan to play a major role in a Bollywood movie

ප්‍රථම වරට ශ්‍රී ලංකානු කාන්තාවකට බොලිවුඩ් නිළි වරම් හිමිවේ. ඇය ශ්‍රී ලංකා රූ රැජිණියක වන 'ජැකලින් ෆර්ඩිනෑන්ඩ්ස්' ය. ඇයට රංගනය සඳහා අවස්ථාව ලැබුනේ ඇලඩීන් චිත්‍රපටයේය. මෙහි ජැකලින් අමිතාබච්චන් සමඟ රඟපෑම විශේෂත්වයකි. 'ජැකලින් ෆර්ඩිනෑන්ඩ්ස්' බොලිවූඩ් චිත්‍ර පටයක පරධාන චරිතයක් රඟපෑමය වාසනාව ලැබූ පළමු කාන්තාවයි. 'ජැකලින්' ට ලැබුණු අවස්ථාව ශ්‍රී ලංකාවේ සිනමාවේ ඉදිරි ගමනට ආශිර්වදයකි. - ලංකාArt









Ayesha Takia`s loss is former Miss Sri Lanka Jacqueline Fernandez`s gain. After things did not work out between Ayesha and director Sujoy Ghosh for the director`s new film Aladdin, the two parted ways. Sujoy was looking out for a leading lady for quite some time and finally he zeroed in on Miss Sri Lanka 2006 Jacqueline Fernandez.

This will be Jacqueline Fernandez`s first stint in acting and Aladdin seems to be a really good debut for the lass. Back in Sri Lanka, she was working as an anchorwoman in a business programme called Lanka Business Report and also wrote a weekly column for a top newspaper.

If you recall, a leading film magazine covered reports of Jacqueline Fernandez dating actor Viveik Oberoi. However, that seemed to have died down.

Aladdin stars Amitabh Bachchan playing the genie while Riteish Deshmukh essays the title role. Sanjay Dutt is also a part of this film. Vishal and Shekhar are doing the

Tuesday, September 1, 2009

මරණ දඩුවම යළි
Death Penalty Again

(කොළඹ, ලංකාපුවත්, අගෝස්තු 30) – මරණ දඩුවම යළි ක්‍රියවාට නැංවීම කෙරෙහි විශේෂ වාර්තාවක් ජනාධිපතිතුමන් වෙත ඉදිරිපත් කිරීමට සැලසුම් සකස් කර තිබේ.

ඒ සම්බන්ධයෙන් වුණු විශේෂ වාර්තාවක් මේ වන විට අධිකරණ අමාත්‍යාංශය සකස් කරමින් සිටින බවට තොරතුරු වාර්තා වේ.

මරණ දඩුවම යලි ක්‍රියාවට නැංවීම සම්බන්ධයෙන් පසුගිය දින කිහිපය තුළ දී සාකච්චා වට කිහිපයක් පවත්වා තිබේ. එහිදි එකඟවුණු කරුණු කාරණාවලට අනුව මහාධිකරණ විනිසුරු සරත් අඹේපිටිය ඝාතන සිද්ධියේ වැරදිකරුවන්ට එරෙහිව මරණ දඩුවම ක්‍රියාත්මක කිරීම පිළිබඳව වාර්තාව ජනාධිපතිතුමා වෙත ඉදිරිපත් කිරීමට නියමිතය. ඊට අදාල නීතිපති වාර්තාව, නඩු විභාග කළ විනිසුරුවරුන්ගේ වාර්තා සහ අභියාචනාධිකරණ වාර්තා මේ වන විට කැඳවා ඇතැයි ද අධිකරණ අමාත්‍යාංශය සඳහන් කරයි.

ව්‍යවස්ථානුකූලව මෙම වාර්තා සියල්ල විමර්ෂණය කොට අධිකරණ අමාත්‍යාංශය විසින් විශේෂ වාර්තාවක් සකස් කිරීමට නියමිතය. එය ජනාධිපතිතුමන්ගේ අවධානයට ඉදිරිපත් කිරිමට නියමිතය.

මේ වන විටත් බෝගම්බර සහ වැලිකඩ බන්ධනාගාරයන්හී එල්ලුම් ගහ යලි ක්‍රියාවට නැංවීම සඳහා සූදානම් කර ඇති බවද වාර්තාවේ.
විවිධ අපරාධ සම්බන්ධයෙන් වැරදිකරුවන් වී සිටින පුද්ගලයින් 256දෙනෙකුට මේ වන විට ස්ථිර ලෙසින්ම මරණ දඩුවම ලබාදීමට තීරණය කර තිබේ.