Pages

Wednesday, February 25, 2015

ඔව් නේ..

ශෂී වීරවංශව අල්ලල ලු නෙහ්?
- ඔව් නේ.
- අම්මව ගෙනියන්න එපා කියල ළමයි අඬල ලු නෙහ්?
- ඔව් නේ.
- තිස්ස අත්තනායකවත් ඇල්ලුවා නේ?
- ඔව් නේ.
- ඒත් දුවෙක් ඉන්න තාත්තෙක් නෙහ්?
- ඔව් නේ.
- බලු වැඩ නෙහ්?
- ඔව් නේ.
- ඈ? ඒ කිව්වේ?
- ඒ කිව්වේ මෙහෙමයි නේ. දැන් ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන් නේ?
- නෑ.. ඇත්තට? හානේ?
- ප්‍රගීත්ටත් ළමයි හිටිය නෙහ්?
- හිටියද? මං දන්නේ නෑ නේ.. ඉතිං?
- ඒ ළමයි අදටත් තාත්තව මතක් කරලා අඬනව ඇති නෙහ්?
- අනේ මන්ද.. දුකයි නෙහ්..
- එතකොට සරත් ෆොන්සේකා?
- ආ මේ.. ඉතිං.. මේ.. ඔව් නේ..
- එයාවත් හිරේ දැම්ම නෙහ්?
- ඔව් නේ..
- එතකොට එයාටත් දුවල දෙන්නෙක්ද කොහෙද හිටිය නෙහ්?
- හිටියද? අම්මප? මං දන්නෙ නෑ නේ..
- එතකොට ඒ දූලත් අඬන්න ඇති නේ?
- වෙන්ඩ ඇති නේ..
- එතකොට භාරත ලක්ෂ්මන්ට වෙඩි තියල මැරුව නෙහ්?
- සිරාවට? මට මතක නෑ නේ..
- එයාටත් ඉන්නේ දුවෙක් නේ?
- ආ ඔව් හිරුණිකා නේ?
- (ඔව්. බොට ඒක මතකයි නේ?) ඌට වෙඩි තියපු එකා තාම එළියේ නෙහ්?
- එහෙමද? මට මතක නෑ නේ..
- මං මේ නිකං අහන්නෙ: ලංකාවේ හිරගෙවල්වල ඉන්න ඔක්කොටම ගෑණු, ළමයි, දරුපවුල් හෙම නැතුව ඇති නේ?
- ඇයි එහෙම කිව්වේ දන්නෙ නෑ නේ?
- නෑ ඉතිං ඔය කියන විදියට ගෑණුයි මිනිස්සුයි ළමයි අඬන අඬන සැරේට හොරු මංකොල්ලකාරයෝ වංචාකාරයෝ අල්ලන්නේ නැතුව ඉන්නවනම් දැන් ඇතුළේ ඉන්න උන්ට දරුපවුල් ඉන්ඩ බෑ නේ?
- පරක්කුයි නේ.. මං යන්නම් නේ..
- හා-නේ..

--------------------------------------------------------------
ප.ලි. - බුකියේ තිබිලා ඉස්සුවේ.

Tuesday, February 24, 2015

ශ්‍රී ලංකාවේ නොගැලපන ආයෝජන

රුපියල් ප්‍රකෝටි ගණන් වැය කර ඉදි කළ ගුවන් තොටුපොළක් ගුවන් සමාගම විසින් නොසලකා හැරෙද්දී අත දිග හැර වියදම් කර ඉදි කළ අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණය ක්‍රීඩකයන් විසින් ප්‍රතික්ෂේප කැරෙද්දී ශ්‍රී ලංකාවේ නව රජය සුදු අලි රංචුවකින් රටේ අනාගතයට එල්ල වී ඇති ආර්ථික හානිය මඟ හරවා ගැනීමට සැරසේ.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඔහුගේ උපන් ගම වන හම්බන්තොට කේන්ද්‍ර කරගෙන මත්තල මහින්ද රාජපක්ෂ ගුවන් තොටුපොළත්, සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගනයත්, මාගම්පුර මහින්ද රාජපක්ෂ වරායත් ඉදි කළේය.
දස වසරක් බලයේ සිටි හිටපු බලවතාගේ නම තබා ඇති මෙම නාස්තිකාර ව්‍යාපෘති මගින් ඔහුගේ ගම කලාපයේ ව්‍යාපාරික කේන්ද්‍රය කිරීමට උත්සාහයක් ගෙන ඇතැයි නියෝජ්‍ය ඇමැති ඉරාන් වික්‍රමරත්න කියයි.
ඔහුගේ පරාජයත් සමඟ මෙම සුවිසල් ඉදිකිරීම් වෙනුවෙන් ණය ගෙවීමේ පැහැදිලි සැලැස්මක් ද ඇති බවත් නොපෙනේ.
ආර්ථික විද්‍යාඥයකුගේ ඇසින් බලතොත් මෙම ආයෝජන කපා හැරීම හැර කළ හැකි වෙනත් දෙයක් නැතැයි වික්‍රමරත්න කියයි.
දීර්ඝ කාලයක් ණය ගෙවිය යුතු නමුත්, එම ණය පියවා ගැනීමට තරම් ආදායමක් නව යෝජනාක්‍රමවලින් නොලැබෙන බව ද ඔහු කියයි.
2013 දී විවෘත කළ මත්තල ගුවන් තොටට වැය කළ මුදල රුපියල් කෝටි 2772කි. එදා සිටම මත්තලට පැමිණියේ ෆ්ලයි ඩුබායි ගුවන් සේවය පමණි.
ගුවන් මගීන්ගේ ශාලාව හැමදාම හිස්ය. මත්තල පර්යන්තයේ වා සැකසුම් අංශය හා වතුර මල් හතර දැන් ක්‍රියාත්මක නොවේ.
රාජපක්ෂගේ නියමයෙන් ශ්‍රී ලංකා ගුවන් සේවය එහි පැමිණියත් ජනවාරි අට වැනි දා ඔහුගේ පරාජයෙන් පසු එම ගුවන් සේවය ද මත්තලට පියාසර නොකරයි.
එයින් වසරකට ඉතිරිය රුපියල් කෝටි 237.6කි. සංක්‍රමණික කුරුල්ලන්ගේ ගමන් මාර්ගය වැටී ඇති මත්තල ගුවන් යානාවලට බොහෝ අනතුරු ඇති කරයි.
ගුවන්තොටක් වූ පමණින් ගුවන් යානා නොඑතියි මත්තල ප්‍රධාන විධායක ඩෙරික් කරුණාරත්න කියයි.
කොළඹට කිලෝමීටර 250ක් ගිණිකොන දිගින් පිහිටි මත්තල කුඹුරුවලින් වට වූ ශුෂ්ක ප්‍රදේශයකි.
එම ගුවන්තොට සැලසුම් කරද්දී පරිසරවේදීන් පැවසුවේ වල් අලින්, කොටියන් හා වලසුන් ගහන පෙදෙසක ගුවන් තොටක් ඉදි කිරීම නුසුදුසු බවයි.
මාගම්පුර වරාය චීන රජයේ රුපියල් කෝටි 4798.6 ක ණය ආධාර යටතේ ඉදි කැරිණි. එහි ගෙවීමට ඇති ණය ප්‍රමාණයද අති විශාලය. සුළු සහනයකට ඇත්තේ අසල්වැසි ඉන්දියාවෙන් ආනයනය කෙරෙන මෝටර් රථ රැගත් නැව් එහි පැමිණීමයි. නිලධරයන් පවසනුයේ දීර්ඝ ඉතිහාසයක් ඇති කොළඹ වරායේ තරඟකරුවකු වශයෙන් පිහිටවූ මාගම්පුර ලාබ අලාබ නැති තත්ත්වයකට වසර 10 කට වැඩි කාලයක් ගතවන බවයි.
කොළඹ ව්‍යාපාර හම්බන්තොටට ආකර්ශනය කර ගැනීම සඳහා රාජපක්ෂ රජය හම්බන්තොට නගරය කේන්ද්‍ර කරගෙන මංතීරු හයක දැවැන්ත අධිවේගී මාර්ගයක් ද ඉදි කළේය. එම මාර්ගයට උඩින් පාලමක්ද ඉදි කෙරුණි. වියදම රුපියල් කෝටි 6911 ට වැඩිය. එහෙත් එම පාරේ ගමන් කරනුයේ වාහන ස්වල්පයකි. තවත් රුපියල් කෝටි ගණනක් වැය කර මාතර සිට කතරගම දක්වා දුම්රිය මාර්ගයද අගනුවර හා සම්බන්ධ කරන තවත් අධිවේගී මාර්ගයක්ද ඒ රජය සැලසුම්කර තිබුණි. මාගම්පුර වරාය ඉදිරිපිට තවත් රටට ඔරොත්තු නොදෙන ඉදිකිරීමකි. එය රුපියල් කෝටි 206 ක සමුළුහළකි. 2013 පොදු රාජ්‍ය මණ්ඩලීය නායක සමුළු උත්සවයේ අතුරු උත්සවයක් එහි පැවැත්වීමෙන් පසු එම සමුළුහළ හිස්වී ගොසිනි. ඉඳහිට මංගල සාදයක් පැවැත්වේ.
එතැනින් කෙටි දුරකින් පිහිටියේ අක්කර 300 ක උද්භිද උද්‍යානයකි. ශ්‍රී ලංකාවට ආවේණික නොවන ගස් එහි රෝපණය කර ඇත. ඒවා නොමැරී පවත්වාගෙන යාම සඳහා වතුර බවුසර් ගණන් අවශ්‍ය වේ. වැස්ස ඉතාම අඩුවෙන් ලැබෙන දැඩි වියළි කලාපයක පිහිටි හම්බන්තොට ජනයා බීමට වතුර නැතිව බොහෝ දුක් විඳිති. පොදු රාජ්‍ය මණ්ඩලීය සමුළු සමයේ විවෘත කළ මෙම උද්‍යානයේ පාලක පැවසූයේ ශ්‍රී ලංකාවට ආවේණික නොවූ තෙත් කලාපීය රටවල වැවෙන ගස් රෝපණය කර ඇති බවයි. නම හෙළි කිරීමට අකමැතිවූ විශ්ව විද්‍යාල මහාචාර්යවරයකු පැවසූයේ එහි සිටුවා ඇති ගස්වලට අවශ්‍ය වතුර ප්‍රමාණය කොතෙක්දැයි ගැමියන් දන්නේ නම් කැරැල්ලක් ඇතිවිය හැකි බවයි. ප්‍රදේශයට ආවේණික ගස් වෙනුවට විශාල වශයෙන් වතුර අවශ්‍ය ගස් රෝපණය කළ ගස් නඩත්තු කිරීම හම්බන්තොට වැනි පෙදෙසක පවත්වාගෙන යා නොහැකි බව ඔහු කියයි.
2011 ලෝක කුසලාන ක්‍රිකට් ශූරතාවය වෙනුවෙන් ඉදිකළ සූරියවැව අන්තර්ජාතික ක්‍රීඩාංගණයේ පැවැත්වූයේ අන්තර්ජාතික තරඟ දෙකක් පමණි. එම පළාතේද දැඩි ජල හිඟයක් පවතී. ආසන 35000 කින් යුත් මෙම ක්‍රීඩාංගණය ඉදිකිරීමට බලපෑම් කර ඇතැයි කියති. මෙය තනිකරම නාස්තියකියි ඉරාන් වික්‍රමරත්න මහතා කියයි. මුදල් ඇමැති රවි කරුණානායක මහතා පැවසූයේ ණය ගනුදෙනු මුලින්ම බේරුම් කරගත යුතු බවයි.
5% සිට 7% දක්වා වන පොළියට ගත් ණය ගැන මුලින්ම සාකච්ඡා අරඹන බවත් 0.5% කට වඩා ණය පොළිය නොදිය යුතු බවත් ඔහු කීය.
 
from elakiri 

Wednesday, February 18, 2015

නුගේගොඩට පැමිණි බයියෝ




මචන්ලා මම මේ කාටවත් කඩේ යන එකෙක් නොවෙයි. නමුත් එක දෙයක් කියන්න ඕනේ. අද
හවස මම නුගේගොඩ ගියා පොඩි අවශ්‍යතාවයකට . විමලේගේ රස්විමටනම් සූ ගල සෙනග. හැබැයි ඔකොම රස්තියාදු කාරයෝ තමයි වැඩිහරියක් හිටියේ. ඔය හෙන ඈත පළාත් වලින් තමයි වැඩි හරියක් ඇවිල්ල හිටිය . මහනුවර මාතලේ හම්බන්තොට හිනිදුම මොනරාගල , බිබිලේ ඔන්න ඔයවගේ පැතිවලින් විශාල බස් තොගයක් ඇවිත් හිටිය. ඔක්කොම හොඳ පදමට ගහල. හොස්ස ලගින් මැස්සා යන්න බැරි සයිස් එකට පොරවල් සුර්. ඒවෙලාවේ ඔෆිස් ඇරලා ගොඩක් අය ගෙදර යන වෙලාව. ටිකක් ඇහැට කනට පේන කෙල්ලෙකුට ඔෆිස් ඇරලා පාරේ යන බැහැ අර ගොඩේ රස්ති බයියලා කෙල්ලන්ට එක එක පාහර කතා කියා කියා විහිලු කරනවා.

ටික දුරක් යනකොට හැම බස් එකකටම ගල් අරක්කු බෙදනවා සෙට් එකක් වැන් වලින් ඇවිත්.

ඔන්න මන් මෛත්‍රිපාලට වත් මහින්දටවත් කඩේ ගියේ නැහැ. දැක්ක දේ කිවුවා.



මේ ඉන්නේ පැමිණ සිටි තවත් එක රස්ති බයියෙක්.