Pages

Thursday, July 29, 2010

Samanali's Wedding


සමනලී - ගයාන් දෙපළට සුබ මංගලම්




ඇය පුංචි තිරය වර්ණවත් කළ කටකාර, දඟකාර , සුරූපී සමනලී ය. ඔහු ද පුංචි තිරය ඉතා ම සීරුවට ආක්‍රමණය කළ ගයාන් ලක්‌රුවන් ය.
මීට වසර හතරකට පමණ ඉහත දී එක ම දර්ශන තලයක දී එක ම ටෙලි නාට්‍ය කැමරාවක්‌ ඉදිරියේ රූපගත කිරීම්වලට එකතු වූ මොවුන් සංසාර ගමනේ එක්‌වන්නට පතාගෙන ආ දෙදෙනෙකු බව කිසිවිටෙකත් නොසිතන්නට ඇත.
පසුගිය 21 වෙනි බදාදා සොඳුරු රාත්‍රියේ ඔවුන්ගේ සිහින සැබෑ කරමින් පෝරු මස්‌තකය මත්තේදී දෑතට දෑත බැදෙමින් අතපැන් වක්‌කරමින් නව දිවියක සොඳුරු මොහොත උදා විය.
මේ සමනලී ෆොන්සේකා නම් යොවුන් රංගන ශිල්පිනිය සමග නවලිය සතුට බෙදාගත් මොහොත යි.

සමනලි කොහොමද ජීවිතය...
බොහොම සුන්දර යි. පසුගිය දවස්‌වල මගේ විවාහ උත්සවය සඳහා කාර්යබහුල වුණා.

විවාහය කවදා, කොහේද පැවැත්වුණේ...
මගේ විවාහ උත්සවය පැවැත් වුණේ ජුලි 21 වෙනිදා රාත්‍රියේ කොළඹ "රමාඩා" හෝටලයේ.

විවාහ උත්සවය ගැන විස්‌තර කිව්වොත්...
මම පළමු දිනයේ සැරසුණේ පහතරට මනාලියක්‌ විදිහට. මගේ සාරිය සඳහා අනුග්‍රාහකත්වය ලබාදුන්නේ සරීටා ආයතනය. මාව හැඩගැන්වූයේ සමන්ත ප්‍රනාන්දු මහතා. මල් සැරසිලි සහ පෝරුව මල්ෂාන් ෆොaලෝරා ආයතනය. කේක්‌ නිර්මාණය කළේa ආර්.එල් ක්‌ලෙමන්ට්‌ මහතා.
මෙහි තිබුණ විශේෂත්වය තමයි මගේ මංගල ඡායාරූපය කළේa මගේ තාත්තා, ආනන්ද ෆොන්සේකා. ඊට අමතරව අනෙකුත් ඡායාරූප චිත්‍රාල් අමරසිsරි මහතා විසින් කළා.
මුළු විවාහ උත්සවය ම සුදු වර්ණය සහ සමනලුන් ගේ තේමාවට අනුවයි කරලා තිබුණේ. මල් කුමර කුමරියන් සහ දෙවන මනමාලියන් සහ මනාලයන් ඇතුලු කණ්‌ඩායමට දාහතර දෙනෙක්‌ හිටියා. එයාලා සියලුදෙනා ම සැරසුණේ සුදු පැහැයෙන් සහ පැස්‌ටල් ෂෙඩ් වර්ණය මිශ්‍ර වූ ඇඳුම් වලින්. දෙවනි දවස තිබුණේ 24 වෙනිදා. ගයන්ලගේ ගෙදර. එදා මම සැරසුණේa උඩරට මනාලියක්‌ විදිහටයි. කලා කේෂත්‍රයේ මගේ හිතවතුන් වෙනුවෙන් අපේ නිවසේ සාදයක්‌ 31 වෙනිදා තියෙනවා. ඒකට කේක්‌ නිර්මාණය කරන්නේ ලංකා චන්දි කියන ශිල්පිනිය

කොහොමද ගයාන්ව හමුවුණේ
ගයාන්ව හමුවුණේ රඟපාන්න ගිහිල්ලා. අපි දෙන්නා දැන හඳුනගෙන වසර හතරක්‌ පමණ වෙනවා.

සමනලීගේ පවුලේ අයගෙන් මොනවගේ සහයෝගයක්‌ ද විවාහයට ලැබුණේ.
මම මගේ විවාහය සඳහා මාසයකට කලියෙනු යි ලංකාවට ආවේ. මම හිටියේ ඔස්‌ටේ්‍රලියාවේ. මගේ අධ්‍යාපන කටයුතුවලට ගිහිල්ලා.
විශේෂයෙන් මගේ අම්මා, තාත්තා, මගේ අයියලා දෙන්නා වගේ ම නෑනලා මගේ වැඩවලට උදව් කළා. ඒ වගේ ම මගේ යහළුවන්, කලා ක්‍ෂේත්‍රයේ මගේ හිතවතුන් විශේෂයෙන් මගේ නැන්දා මාලනී ෆොන්සේකා ගොඩක්‌ උදව් කළා. මගේ මංගල සාරිය තෝරා ගන්නත් නැන්ද යි, සමන්ත යි තමයි මට උදව් කළේa. නැකැත් කියන්න මුලින් ම අපි බුලත් දුන්නෙත් නැන්දට. ඊට අමතරව පවුලේ අනෙක්‌ නෑදෑයන් සියලු දෙනාම පුළුවන් විදිහට මට උදව් කළා.

විවාහයෙන් පස්‌සෙත් රඟපානව ද?
ඔව්.. ගයාන් කැමතියි මම දිගට ම රඟපානවට. මම රංගනයෙන් ඉවත් වෙන්න හිතුවත් ගයාන් ඒකට අකමැති වෙන බව මම දන්නවා.

සමනලී නැවතත් ඔස්‌ටේ්‍රලියාවට යනව ද?
ඔව්... අපි දෙන්න ම තව මාසයකින් විතර ඔස්‌ටේ්‍රලියාවට යනවා. මගේ අධ්‍යාපන කටයුතු අවසන් කරලා නැවත ලංකාවට එන්න තමයි අපි හිතාගෙන ඉන්නේ.

PABA is Upset about 360