Pages

Monday, October 31, 2011

Aruni Rajapaksha


2007 වසරේ ශ්‍රී ලංකා රූ රැජින ලෙස කිරුළු පැළඳීමට සමත්කම් ලැබූ ඇය එම වසරේ දී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ජාත්‍යන්තර රූ රැජිණ තරගාවලියට සහ ජාත්‍යන්තර සංචාරක රූ රැජිණ තරගාවලියට ඉදිරිපත්විය. එමෙන්ම 2008 වසරේ පැවති විශ්ව රූ රැජින තරගාවලියටත් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගිවීමට ඇයට අවස්ථාව හිමිවිය. මෝස්තර නිරූපණ ශිල්පිණියක ලෙස ඔබ වඩාත් හොඳින් හඳුනාගත් ඇය ළඟදීම තිරගතවීමට නියමිත "සුපර් සික්ස්" චිත්‍රපටය තුළින් සිනමා රංගනයට ද පිවිසි සිටියි. ඒ අතරම රූපවාහිනී නිවේදිකාවක ලෙසත් ඇය තවත් තවත් අවස්ථාවක සිය කලා හැකියාවන් ඔබ වෙත ඉදිරිපත් කරයි.

ඇය අරුණි රාජපක්ෂ. . .

*සම්පූර්ණ නම

අරුණි මධූෂා රාජපක්ෂ.

*උපන්දිනය

1984. 01. 05

*ලග්නය

කුම්භ

*උස

අඩි 05 අඟල් 08

*ඉතිං අරුණි, කොහොමද මේ දවස්වල වැඩ කටයුතු?


මගේ පළමුවැනි චිත්‍රපටය ජනවාරි මාසයේදී තිරගතවීම ආරම්භ වනවා. එහි ගී තැටිය එළිදැක්වීම පසුගිය දවසක සිදුවුණා. හිතුවට වඩා එය මට ලොකු අත්දැකීමක් වුණා. ඒ වගේම තවත් වැඩ කටයුතු කිහිපයක්ම කරගෙන යනවා.

*රංගනය සඳහා ඔබේ ඉදිරි දායකත්වය කොහොමද?

මුල ඉඳන්ම මගේ දැඩි තීරණයක් තිබුණා මම රඟපාන්නේ නම් නෑ කියලා. නමුත් යම් යම් කාලවලදී තීරණ, බලාපොරොත්තු වෙනස් වෙනවනේ. "සුපර් සික්ස්" චිත්‍රපටය සඳහා ආරාධනා ලැබුණම මම තීරණය කළා එය බාරගන්නවා කියලා. නිරූපිකාවක් විදිහට කටයුතු කිරීමෙන් තමයි මම වැඩිපුර සතුටු වෙන්නේ. ඒ වගේම නිවේදිකාවක් ලෙසත් මම සන්තෝෂයක් ලබනවා. මම වෙළඳ දැන්වීම් ගණනාවකට සම්බන්ධ වෙලා තියෙනවා. වෙළඳ දැන්වීමක වැඩ කටයුතු කෙටි කලකින් ඉවරවෙනවා. නමුත් ටෙලි නාට්‍යයක් හෝ චිත්‍රපටයක් එහෙම නෙමෙයි. ඇතැම් විට ඇතැම් වැඩ කටයුතු නවතලා කැපවීමකින්, ලොකු කාලයක් තුළ කළ යුතු දෙයක්. ඒ නිසාමත් නෙමෙයි මට ඉස්සර ඉඳන් ලොකු ආසාවක් තිබුණේ නෑ. රඟපාන්න කියලා. මම මෙවැනි වැඩ සටහන්වලදිත් කියලා තියෙනවා මම රඟපාන්නේ නම් නෑ කියලා. නමුත් "සුපර් සික්ස්" චිත්‍රපටයට ආරාධනා ලැබුණම දැනගත්තා එය දැවැන්ත නිර්මාණයක් බව. ඒ නිසා මම හිතුවා ඒ අවස්ථාව මම අරගන්න ඕන කියලා. මීට කලින් මම මගේ පවුලේ හිතවතෙකුගේ ටෙලි නාට්‍යයක රඟපාලා තියෙනවා. සාමාන්‍ය පෙළ කරපු කා‍ලේ වගේ වේදිකා නාට්‍යයක රඟපාලා තියෙනවා. ඒ වගේ පොඩි පොඩි අත්දැකීම් තිබුණත් දිගටම රඟපානවා කියලා බලාපොරොත්තුවක් තිබුණේ නෑ. නමුත් "සුපර් සික්ස්" චිත්‍රපටයේ ගීත තැටිය නිකුත්වුණාට පස්සේ මට අදහසක් ඇතිවුණා තවත් එවැනි නිර්මාණවලට දායකවෙන්න. මට මේ වනවිට එම චිත්‍රපටයේම නිෂ්පාදකවරයාගෙන් මට තවත් නිර්මාණයකට ආරාධනා ලැබිලා තියෙනවා.

*ඔබ මේ වෙද්දි වෘත්තීය වශයෙන් තෝරාගෙන තිබෙන්නේ මෝස්තර නිරූපණ ක්ෂේත්‍රයද?

මම නිරූපණ ක්ෂේත්‍රයෙන් ඉවත්වෙන්න කැමති නෑ. එය මගේ වෘත්තීය වගේම විනෝදාංශය. නමුත් මම නිරූපණ ශිල්පිණියක් වගේම රංගන ශිල්පිණියක් විදිහටත් දැකගන්න ලැබෙයි.

*අරුණි, ඔබට මෝස්තර නිරූපණ ක්ෂේත්‍රයට පිවිසීමට අවස්ථාව ලැබෙන්නේ කොහොමද?


මගේ ගම නුවර. මගේ ගෙදරින් මම නිරූපණ ක්ෂේත්‍රයට පිවිසෙනවට එතරම් කැමැත්තක් තිබුණේ නෑ. අවුරුදු 19 න් විතර තමයි මට නිරූපණ ක්ෂේත්‍රයට එන්න වුවමනාවක් ඇතිවුණේ. නමුත් එන්න මාර්ගයක් එකපාරටම තිබුණේ නෑ. ගෙදර අය අකමැතිවීමත් එක් හේතුවක් වුණා. නමුත් මම නුවර පැවති උඩරට මැණිකේ කියන තරගයෙන් ජයග්‍රහණය කළා. ඒ ජයග්‍රහණයත් එක්ක මට අවස්ථාව ලැබුණා ප්‍රවීණ මෝස්තර නිර්මාණ ශිල්පී මයිකල් විජේසූරිය මහතා හඳුනාගන්න. ඔහු මට ආරාධනා කළ ඔහුගේ වැඩ කටයුතුවලට සම්බන්ධ වෙන්න. ගෙදරිනුත් බොහොම අමාරුවෙන් අවසර ගත්තා. 2005 දී මම කැප්රි රූ රැජිණ කිරුළ දිනාගත්තා. එතැන් සිට මට වෘත්තීය වශයෙන් මෝස්තර නිරූපණ ක්ෂේත්‍රයේ නියැලෙන්න අවස්ථාව ලැබුණා.

*ජාත්‍යන්තර වශයෙන් මෝස්තර නිරූපණ ශිල්පය ඉතාමත් ඉහළ මට්ටමක පවතිනවා. ඉහළ ප්‍රමිතීන් පවතිනවා. ජාත්‍යන්තරය සමග සසඳද්දි ශ්‍රී ලංකාවේ නිරූපණ ක්ෂේත්‍රය ඒ හා සමගාමීව පවතිනවා කියලා ඔබ හිතනවාද?

අපේ රට තුළ පමණක් රැඳිලා මේ ක්ෂේත්‍රයේ නියැලෙනවා නම් පවතින මට්ටම ප්‍රමාණවත්‍. දැන් වෙනකොට තිබුණාට වඩා සෑහෙන ඉදිරි ගමනක් ඇවිත් තියෙනවා. ජාත්‍යන්තරය සමග සසඳද්දි අපි ගොඩක් වෙලාවට දකිනවා අතැම් මෝස්තර දැක්මවල්වලදී ශ්‍රී ලංකාවේ ශිල්පීන් කැමති නෑ නාන ඇඳුම්වලින් සැරසෙන්න. එතනදී වෙනත් රටවලින් ශිල්පීන් ගෙන්වන්න සිද්ධවෙනවා. එවැනි සීමාවන් තියෙනවා. මම ජාත්‍යන්තර තරග 03 ට සහභාගි වුණා. ඒ තරගවලදී මම නාන ඇඳුමින් සැරසුණාට ලංකාවේදී මම වුණත් පෞද්ගලිකව කැමතිවෙන්නේ නෑ ඒ විදිහට අඳින්න. එය අපේ සංස්කෘතියක් එක්ක හැදුණු දෙයක්. එය වැරදි නෑ. ඒ සීමාව ලංකාවේ නිරූපණ වෘත්තිය තුළ රැඳිලා ඉන්න ප්‍රමාණවත්. ලංකාවෙන් එහාට යනවා නම් ඒ සීමාවල් තියාගන්න අමාරුයි.

*මෝස්තර නිරූපණ ක්ෂේත්‍රයේ දී ශරීරයේ මනා පැවැත්ම පිළිබඳව විශේෂ සැලකිල්ලක් දක්වන්න සිද්ධවෙනවා. මෙහිදී ඔබ ඒ සඳහා මොන වගේ අවධානයක් ද යොමුකරලා තියෙන්නේ?

ලංකාවේ බොහොම වැරදි මතයක් තියෙනවා මෝස්තර නිරූපණ ප්‍රසංගයකදී මිනිස්සු බලන් ඉන්නේ නිරූපණ ශිල්පිණිය දිහායි. කවදාවත් ඇය ඉදිරිපත් කරන ඇඳුම දිහා බලන්නේ නෑ. නිරූපණ ශිල්පිණියක් කියන්නේ ඇඳුම් රඳවනයක්. නමුත් ලංකාවේ නිරූපණ ශිල්පිණියන් දිහා බලද්දි අවධානය යොමුකරන්නේ ඇඳුම් නිර්මාණය ගැන නොවෙයි. ඇගේ රූපය, කොණ්ඩය, වේශ නිරූපණය වගේ කරුණු දිහායි. එය වැරදි මතයක්. ලස්සන පිළිබඳව අවධානය යොමුකරනවා ඇරෙන්න ඒ ඇඳුම් නිර්මාණය දකින්නේ නෑ. එය නිවැරදි නෑ. අනිවාර්යයෙන්ම සිරුරේ පැවැත්ම වෙනුවෙන් ලොකු කැපකිරීමක් කරන්න වෙනවා. ජාත්‍යන්තර වශයෙන් ඒ සඳහා වූ වෘත්තීයමය පෙනුමක් තිබෙනවා. ලංකාවේදී වුණත් සිරුරේ හැඩය, උස මේ කරුණු ගැන විශාල අවධානයක් යොමුකළ යුතුයි.

*ඔබේ වෘත්තිය තුළ ඔබට සීමා, මායිම්, කොන්දේසි තිබෙනවාද?


සීමා, මායිම් වශයෙන් විශේෂයෙන් පනවා ගන්න අවශ්‍යතාවයක් ඇතිවෙලා නෑ. ආරම්භයේ සිටම මම පවත්වාගෙන ආව තත්ත්වයක් එක්ක මට බාධාවල් ඇතිවෙලා නෑ. මම අමුතුවෙන් සීමාවන් පනවගෙන නෑ. ක්ෂේත්‍රයේ ඉන්න ගොඩක් අය දන්නවා අරුණි කවුද? අරුණි මොනවද කරන්න කැමති, ඇයට ගැළපෙන විලාසිතාව මොකක්ද කියලා. ඒ නිසා ඔවුන් මට ගැළපෙන සහ සුදුසු දේවල්වලට විතරක් ආරාධනා කරනවා.

*ඔබ මේ වනවිට ලබා තිබෙන ජනප්‍රියත්වය ඔබ දකින්නේ කොහොමද?

ජනප්‍රියත්වය ආභරණයක් වගේම කරදරයක් වෙනවා. කරන්න දෙයක් නෑ. මිනිස්සු අපිට නිතර මාධ්‍ය ඔස්සේ දකිනවිට ඒ කෙනාව හැබැහින් දැක්කම කිහිපවාරයක් දකින්න හිතෙනවා. එය වරදක් නෙමෙයි. සමහරවිට අපි ඒ ඉන්න අවස්ථාව අනුව අපි ඔවුන් සමග සිනානොවු‍ණොත් එය අපේ ආඩම්බරකම කියලා හිතනවා. සාමාන්‍ය ජීවිතයේදී මම කැමතියි සරලව ඉන්න. නමුත් අපි නිතරම මේකප් භාවිත කරනවා. අපිව ඒ දකින විදිහට සාමාන්‍ය ජීවිතයේදී දකින්නත් මිනිසුන් කැමතියි. එවැනි දේවල් අපිට ඇතැම් අවස්ථාවලදී බාධාවක් වෙන්න පුළුවන්. නමුත් මම හිතන්නේ ජනප්‍රියත්වය කියන දෙය බාධාවකට වඩා එහි තිබෙන සුන්දර පැත්ත වැඩියි.

*අරුණි, අපි දැන් ඔබේ පෞද්ගලික ජීවිතය ගැනත් විස්තර ටිකක් කතාකරමු. ඔබේ පවුලේ සාමාජිකයින් ගැන කතාකළොත්?

අපේ පවු‍ලේ පස්දෙනයි. මගේ තාත්තා විශ්‍රාමිකයි. පොලිස් දෙපාර්තමේන්තුවේ වැඩ කළේ. අම්මා ‍ගෙදර ඉන්නේ. අපේ පිටිපස්සෙන් ඉඳගෙන හැමදාමත් අපේ වැඩවලට උදව් කරනවා. අක්කා රැකියාවක් කරනවා. අයියාත් රැකියාවක් සඳහා විදේශගත වෙලා ඉන්නේ. ඔවුන් හැමවෙලේම මට ලොකු සහයෝගයක් දෙනවා සහ නිතරම මාව දිරිගන්වනවා.

*ඒ වගේම අපට දැනගන්න පුළුවන්ද අරුණි රාජපක්ෂ කියන්නේ මේ වෙද්දි ආදරණීය පෙම්වතියක්ද කියලා?

නැහැ. ආදරය ගැන අත්දැකීම් තියෙනවා. සරලව කියනවා නම් වර්තමානයේ මම කාගෙවත් පෙම්වතියක් නෙමෙයි. දෛවයේ ලියවිලා තියෙන විදිහට ඒ දේවල් සිද්ධවෙයි. ඉස්සර මගේ අදහසක් තිබුණෙ නෑ මේ වගේ කෙනෙක් මගේ ස්වාමි පුරුෂයා වෙන්න ඕන කියලා. දැන් එහෙම හිතනවා. මොකද කාලයත් එක්ක හරි වයසට එද්දි එහෙම හිතෙනවා ඇති. නමුත් මම හිතන්නේ බාහිර රූපය ගැන නෙමෙයි. කොහොමත් කඩවසම් කෙනෙක්ට කාගේ වුණත් හිත යනවා. නමුත් අත්දැකීම් එක්ක ගතිගුණ අතින් මෙන්න මේ වගේ කෙනෙක් වුණොත් හොඳයි කියන අදහස තියෙනවා.

*ජනප්‍රිය පුද්ගලයෙකුට සාර්ථක පෞද්ගලික ජීවිතයක් ගතකරන්න අපහසුයි කියන මතය එක්ක ඔබ එකඟවෙනවද?

මට ඒක පෞද්ගලිකව බලපාලා නැති නිසා මම ඒක මගේ පැත්තෙන් පිළිගන්නේ නෑ. ජනප්‍රියත්වය නිසා මගේ ජීවිතයට වටිනාකමක් එකතුවෙලා තියෙනවා ඇරෙන්න ගැටලුවක් නම් ඇතිවෙලා නෑ.

*සාමාන්‍ය ජීවිතයේ අරුණි රාජපක්ෂ හඳුන්වාදෙන්න පුළුවන් කොහොමද?

සරලව කිව්වොත් මම හරිම නිහතමානියි. සමහර වෙලාවට මම හිතනවා ඒක මගේ දුර්වලකමක් කියලා. මොකද ක්ෂේත්‍රයේ සිටියදී බොහෝදෙනෙක් ඇසුරුකරද්දි ගොඩක් නිහතමානීවීම මට පාඩුවක් වෙලා තියෙනවා. මම සංවේදීයි. ගොඩක් වෙලාවට අවංකයි. එයත් මට පාඩුවක් වෙලා තියෙනවා.

*මෝස්තර නිරූපණය හෝ කලා ක්ෂේත්‍රයට පිවිසුණේ නැත්නම් ඔබේ ජීවිතය මොන වගේ පැත්තකට යොමුවෙයිද?

එහෙම වුණොත් මම යම්කිසි ආයතනයක පෞද්ගලික ලේකම්වරියක් වෙලා ඉඳියි. මම උසස් පෙළින් පස්සේ ඒ සම්බන්ධ පාඨමාලාවක් හැදෑරුවා. ගුවන් සේවිකාවක් වෙන්න කැමැත්තක් තිබුණත් ගෙදරින් අවසර ලැබුණේ නෑ.


HARD TALK

*කිසියම් දේශපාලන පක්ෂයක ප්‍රචාරණ කටයුතු වෙනුවෙන් සැකසුණු කලා නිර්මාණයකට දායකවෙන්න අවස්ථාවක් ලැබුණොත් ඔබ එය බාරගන්නවද?

බාරගන්නවා.

*ක්ෂේත්‍රයේ ශිල්පියෙකු කවදා හෝ ඔබට විවාහ යෝජනාවක් ඉදිරිපත් කරලා තියෙනවද?

නැහැ.

*තරුණයෙකුගෙන් ප්‍රථමවරට ආදර යෝජනාවක් ලැබුණේ වයස අවුරුදු කීයෙදිද?

2 වසරේදි පිරිමි ළමයෙකුගෙන් ලිපියක් ලැබුණා.



*ඔබ ආදරය කළ/කරන පෙම්වතකුගෙන් ඔබට අවසන් වරට ලැබුණු තෑග්ග?



මුද්දක්.



*ක්ෂේත්‍රයේ ශිල්පියෙකු හෝ ශිල්පිණියක සමග සුළු හෝ මත ගැටුමක් ඇතිකරගත් අවස්ථාවක් තියෙනවාද?



නැහැ.



*ජ්‍යොතිෂය විශ්වාස කරනවාද?



ඔව්.

දුමින්ද ඇමරිකාවට ගෙනයාමේ සුදානමක් !




Srilankamirror - වෛද්‍ය අනුමැතිය ලැබු විගසම පාර්ලිමේන්තු මන්තී‍්‍ර  දුමින්ද සිල්වා මහතා ඇමරිකවට හෝ වෙනත් ඕනෑම රටකට රැගෙන යන බව ඔහුගේ සමීපතම ඥාතියකු .ශ්‍රී ලංකා මිරර්. වෙත පැවසිය.

,දුමින්දගේ ජීවිතයට අනතුරක් නෑග නමුත් තත්ත්වය සතුටුදායකයැයි කියන්න බැහැග හිස ඇතුළේ උණ්ඩයක් තිබෙනවා,යයි ද හෙතෙම සදහන් කළේය.

දුමින්ද  යම් යම් ආහාර ගන්නා බවටත්ල කතා කළ බවටත් ඇතැම් මාධ්‍ය වල අතිශයෝක්තියෙන් පළ වාර්තා වි ඇතැයිද ඔහු සදහන් කළේය.

කෙසේවෙතත්ල  පාර්ලිමේන්තු මන්ත‍්‍රී දුමින්ද සිල්වා මහතා වැඩිදුර ප‍්‍රතිකාර සඳහා විදේශිය රටකට රැගෙන යාමට පවුලේ ඥාතීන් අවසර ඉල්ලා නොමැති බව ශ‍්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ අධ්‍යක්‍ෂ වෛද්‍ය ශවේන්ද්‍ර ගමගේ මහතා පවසයි.
නමුත්ල  පසුගිය දින කිහිපය තුළ එවැනි ප‍්‍රචාරයක් පැතිර ගිය බවත්ල  කෙසේ වෙතත්  වෛiවරයෙකුගේ සහය මත මන්ත‍්‍රීවරයා වැඩිදුර ප‍්‍රතිකාර සඳහා විදේශිය රටකට රැුගෙන යාමට හැකි බවත් ඔහු කියා සිටියි.

දුමින්දට දැන් හොඳයි - බතුත් කනවා - කතාත් කරනවා


දුමින්දට දැන් හොඳයි - බතුත් කනවා - කතාත් කරනවා 

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිරින දුමින්ද සිල්වා මන්ත්‍රීවරයා මේ වන විට බොහෝ සෙයින් යතා තත්වයට පත්වී ඇති බව එහි වෛද්‍යවරුන්ගේ අදහස් උපුටා දක්වමින් සිරස නිව්ස් ෆස්ට් වාර්තා කරනවා.

ඒ අනුව 26 වනදා වන විට මුමුනමින් සිටි දුමින්ද සිල්වා මේ වනවිට වෛද්‍යවරුන් සමග හොදින් කතා කිරීමට පටන්ගෙන තිබේ.

සිරස වාර්තා කල එම පුවත 
වෙඩි වැදීමෙන් තුවාල ලබා ප්‍රතිකාර ලබන දුමින්ද සිල්වා මන්ත්‍රිවරයා මේ වනවිට වෛද්‍යවරුන් සමග කථාබහ කරන බව ශ්‍රි ජයවර්ධනපුර රෝහලේ වෛද්‍යවරු පවසති.


මන්ත්‍රීවරයාට සැත්කම සිදුකළ ශ්‍රි ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ ස්නායු ශල්‍ය වෛද්‍ය මහේෂි විජේරත්න මහත්මිය පැවසුවේ, වෛද්‍යවරුන් විමසන ප්‍රශ්නවලට මන්ත්‍රීවරයා ඉතා හොදින් පිළිතුරු දෙන බවයි.


මේ වනවිට දුමින්ද සිල්වා මන්ත්‍රීවරයාට බත් ආදී ඝන ආහාර ලබාදීම ආරම්භ කර ඇති බව ඇය සඳහන් කළාය.


වෛද්‍යවරිය පැවසුවේ, තවත් මාස 4ක් පමණ ගතවන විට දුමින්ද සිල්වා මන්ත්‍රිවරයාගේ සෞඛ්‍ය තත්ත්වය සාමාන්‍ය වනු ඇති බවයි. 


දෙරණ ආයතනයේ ප්‍රධානින් දෙදෙනාට හා දුමින්ද සිල්වා හා ඔහුගේ සොහොයුරාට වෙන්වුණු  ඉන්ටර්කෝන් හි විශේෂ කාමරයක් 

දුමින්ද සිල්වා රෝහල්ගත වීම - මත්කුඩු වෙළඳපොල කඩා වැටීම - කොටස් වෙළඳපොල බිඳ වැටීම අතර සම්බන්ධයක් තියෙනවා

දුමින්ද සිල්වා රෝහල්ගත වීම - මත්කුඩු වෙළඳපොල කඩා වැටීම - කොටස් වෙළඳපොල බිඳ වැටීම සම්බන්ධයෙන් හෙලිකිරීම නිසා ටි.එන්.එල් ඉසිර ගුවන් විදුලියේ ප්‍රධානියා වන ශාන් වික්‍රමසිංහට මරණ තර්ජන එල්ලවී තිබෙනවා.


ශාන් වික්‍රමසිංහ මහතා පසුගිය සතියේ සිකුරාදා (21) දිනයේ උදෑසන හතට සජීවීව විකාශය වන දවසේ පුවත්පත් පිලිබඳ සිදුකරන සාකච්චාවකදී හෙළිකොට සිටියේ දුමින්ද සිල්වා රෝහල්ගත වීම - මත්කුඩු වෙළඳපොල කඩා වැටීම - කොටස් වෙළඳපොල බිඳ වැටීම අතර සම්බන්ධයක් පවතින බවයි.

එයට හේතුව මෙරට කොටස් වෙළඳපොලට කුඩු ජාවාරම මගින් උපයන කළු සල්ලි එයට ආයෝජනයකර ඒවා නිත්‍යානුකුල මුදල් බවට පරිවර්තනය කරගැනීමේ ජාවාරම බවයි.

දැනට කොටස් වෙළඳපොලේ කැපිපෙනෙන ආයෝජකයන් දෙපලක් වන දිලිත් ජයවීර සහ සරත් අමුණුගම අමාත්‍යවරයාගේ දියණිය වරුණි අමුණුගම (දෙරණ මාධ්‍යය ආයතනයේ හා ට්‍රයි ඇඩ් ආයතනයේ කලමනාකර අධ්‍යක්ෂවරු යුවල),දුමින්ද සිල්වා මන්ත්‍රීවරයා සහ ඔහුගේ සහෝදරයාට ඉන්ටර්කොන් හෝටලේ විශේෂිත කාමරයක් වෙන් කර තිබු බවත් එහිදී විශාල වශයෙන් ඔවුන් සාකච්චා සිදුකර ඇති බවත් එහිදී සිදුකල කතාවක් හෙළි කිරීම නිසා ඔවුන් කලබල වී මරණ තර්ජන සිදු කොට ඇති බව ශාන් වික්‍රමසිංහ මහතා කියා සිටිනවා.

මේ පිලිබඳ අදහස් දක්වන ශාන් වික්‍රමසිංහ මහතා

"භාරත ලක්ෂ්මන්තුමා මැරුණට පස්සේ දුමින්ද සිල්වා කියන එක්කෙනා ඉස්පිරිතාලේ හිටියා.කුඩු මාකට් එක වැටිලා කියල පත්තර වල තිබුනා දැන් කුඩු නෑ කියල මාකට් එකේ.ඒ වගේම ස්ටොක් එක්ස්චේන්ජ් එක වැටිලා කියල චෙක් කරන් යනකොටඅපි දැක්ක රිලේෂන් එකක් තියෙනවා කියල කුඩු මාකට එකටයි ස්ටොක් එක්ස්චේන්ජ් එකටයි.


මේ කුඩු ගෙන අය තමයි බ්ලැක් මනි ගෙනත් ස්ටොක් එක්ස්චේන්ජ් එක වටේ දුවන්නේ. මොකද රජය කියනවා ස්ටොක් එක්ස්චේජ් එක තමයි ආසියාවේ හොඳම එක කියල. ඉතින් අපි බැලුව ස්ටොක් එක්ස්චේන්ජ් එක බහින්නේ කොහමද එකපාරට කුඩු මාකට් එක හින්දා.

ගිය සිකුරාදා උදේ අපිට ආරංචි උනා හොඳ මාධ්‍යයකින් දැන් මේ දිලිත් ජයවීර මහතත්යත් දුමින්ද සිල්වා මහත්තයත් එයාගේ අයිය රෙනොර් සිල්වාත්, වරුණි අමුනුගම අමුණුගම අමාත්‍යවරයාගේ දියණියටත්  තියෙනවා කියල ඉන්ටර්කෝන් එකේ ලොකු කාමරයක්.එකේ ඉදන් ගොඩක් ඒවා කියල තියෙනවා..එකේ කියපු එක කාතාවක් මම කිව්වේ..ඒ ගොල්ලෝ බය වුනා මම කොහමද මේක දැනගත්තේ කියල.


මේ අතර දිලිත් ජයවීර මහත්තයගේ දෙරණ නාලිකාවේ මාධව මහත්තය මගෙන් කතා කරලා ඇහුවා ඇයි අපේ බොස්ට කුඩු කාරය කිව්වේ හොරා කිව්වනම් කමක් නෑ කියල.


වරුණි අමුණුගමත් මේකේ පාර්ට්නර් කෙනෙක්.ඊයේ ෆෝන් කරලා තියෙනවා මගේ දුවට.කතාකරලා ඉස්සෙරලා හොඳට කියල..ඔයාගේ තාත්තටමේ වගේ දේවල් කියන්න එපා කියලා.ඊට පස්සේ කියල හිතන්නෙපා ඔයාගේ තාත්තට ජිවතුන් අතර ඉන්න දෙනවා කියල තර්ජනය කරලා"

ROSIE SENANAYAKE'S DAUGHTER