Pages

Wednesday, October 21, 2009

amila

"හිරුමලී" හරහා අමිලා රංගනයට

තේමා ගීතයත් අමිලාගෙන්මයි

සිරස සුපර් ස්ටාර් තරු මාවතේ දෙවැනි අදියරේදී මියුරු හඬින් ගී ගයා ශ්‍රී ලාංකේය ගීත ලෝලීන් අමන්දානන්දයට පත් කළ ගීත කෝකිලාව අමිලා නදීෂානි මෙදා ඔබ හමුවට එන්නේ නවමු මුහුණුවරකිනි.

අමිලා සිය කලා දිවියේ රංගන සම්ප්‍රාප්තිය සනිටුහන් කරමින්, පුංචි තිරය රැගුමින් එකලු කිරීමට සැරසෙන මේ පුවත ඔබට සැබැවින්ම සතුටුදායක පුවතක් වනවා නිසැකය.

ඒ පුංචි තිරයට අලුතින්ම එක් වන ටෙලි සිතුවම වන ‘හිරුමලී’ හරහාය. කතාංග හතළිස් හයකින් යුත් ‘හිරුමලී’ හි දිරිය යුවතියකගේ චරිතයකට පණ දෙමින් අමිලා සිය රංගන ප්‍රතිභාව රූප මාධ්‍යයේ සනිටුහන් කරන්නට සැරසෙන මේ මොහොතේ ‘සරසවිය’ ඊට සුබාශිංසන එක් කරන්නේ සෙනෙහෙ සිතිනි.

‘හිරුමලී’ හි කතා නායිකාව අමිලාය. කතා නායකයා මංජුල මොරගහය. ‘හිරුමලී’ පසුගියදා කතා නායිකාව කතා නායකයා ඇතුළු සෙසු ශිල්පීන් පිරිවරා සිය මුහුරත් උළෙල පසුගියදා බත්තරමුල්ලේදී පැවැත් වූවාය.

ප්‍රවීණ ටෙලි නිර්මාණ අධ්‍යක්ෂ කුමාරසිරි අබේකෝන්ගේ අධ්‍යක්ෂණයෙන් නිර්මාණය වන ‘හිරුමලී’ ගාමිණී චමින්දගේ කැමරාවෙන් රූ ගැන් වේ.

සමන්ති අල්විස්ගේ සංගීතයෙන් හැඩ වන ‘හිරුමලී’ හි තේමා ගීත ගායනය ද අමිලා නදීෂානි ගෙන්මය.

අමිලා හා මංජුල ප්‍රධාන චරිත මෙහෙයවන මේ ටෙලි නිර්මාණය සඳහා මොරින් චාරුණි, නිමල් යටිවැල්ල, රිචඩ් මානමුදලි, මනීෂා ශ්‍යාමලී, මධුකා ගුණතිලක, ඩැනී සමරවීර, බුද්ධි වික්‍රම, ශ්‍රීමතී ජයවීර, හිරන්‍යා මිනෝලි ඇතුළු නළු නිළි පිරිසක් රංගනයෙන් දායකවීමට නියමිතය.

මේ සති අන්තයේදී ඉංගිරිය ප්‍රදේශයේදී රූගත කිරීම් ඇරඹෙන ‘හිරුමලී’ එළඹෙන නොවැම්බරයේ සිරස ටී. වී හරහා ඔබ හමුවට පැමිණීමට නියමිතය.

මේ සොඳුරු ටෙලි නිර්මාණයේ කතාව හා නිෂ්පාදනය ප්‍රවීණ ටෙලි නාට්‍ය නිෂ්පාදකවරයකු වන මෙල්රෝයි සල්ගාදු වේ.

No comments:

Post a Comment