Pages

Friday, October 21, 2011

කොළඹට විදුලි දුම්රිය

කොළඹ තදාසන්න දුම්රිය සේවා විදුලිකරණය කිරීමට සැලසුම් කර ඇතැයි ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
මේ යටතේ වේයන්ගොඩ සිට දකුණු කළුතර දක්වා විදුලි දුම්රිය ධාවනය කිරීමට සැලසුම් කොට ඇත.

මේ සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා කමිටුවක් ද පත්කර ඇති අතර ශක්‍යතා අධ්‍යයනයක් ද සිදුකෙරේ.

මේ අතර කොළඹ නගරය තුළ මෙට්‍රෝ දුම්රිය සේවාවක් ද ක්‍රියාත්මක කිරීමට නියමිත අතර ඒ සම්බන්ධයෙන් ද ශක්‍යතා අධ්‍යයනයක් කරමින් පවතින බව එහි අධ්‍යක්ෂ (සැලසුම්) විජය සමරසිංහ මහතා රජයේ නිල පුවත් වෙබ් අඩවිය‍ වෙත සඳහන් කළේය.

මීට අමතරව දුම්රිය දෙපාර්තමේන්තුව විසින් සිදුකිරීමට නියමිත ඉදිරි සංවර්ධන සැලසුම් යටතේ කුරුණෑගල සිට හබරන දක්වා ද, කොළඹ සිට හම්බන්තොට දක්වා ද, මැදවච්චිය සිට ත්‍රිකුණාමලය දක්වා මෙන්ම ත්‍රිකුණාමලය - මහව - පුත්තලම දක්වා ද නව දුම්රිය මාර්ග ඉදිකිරීමට සැලසුම් කර ඇත. මේ සම්බන්ධයෙන් වන ශක්‍යතා අධ්‍යයන ද සිදුකොට ඇත.

එසේම වැල්ලවාය - බිබිල - බදුල්ල ඔස්සේ ද නව දුම්රිය මාර්ගයක් ඉදිකිරීමට නියමිත අතර පොල්ගහවෙල සිට මහව දක්වා ද්විත්ව මාර්ගයක් ඉදිකිරීමට ද යෝජිතය.

තවද දෙමටගොඩ, රාගම, වේයන්ගොඩ සහ රත්මලාන යන ප්‍රදේශවල අභ්‍යන්තර බහලුම් අංගන ඉදිකිරීමට ද සැලසුම් කර තිබේ.

No comments:

Post a Comment