Pages

Saturday, January 21, 2012

ගංගාරාම දූපතේ පළමු විවාහය දිල්කාගෙන්



2012 වසරේ ‘පැපරාසියා’ පලකළ ප‍්‍රථම ප‍්‍රවෘත්තිය වශයෙන් ‘‘දිල්කාට නවවසරේ ජයමංගලම්’’ ප‍්‍රවෘත්තිය සනාථ කරමින් ජනප‍්‍රිය රූපවාහිනී නිවේදිකා දිල්කා සමන්මලී ජනවාරි මස 19 වනදින විවාහප‍්‍රාප්ත වන්නීය.

දිල්කා තම විවාහය සඳහා මුලින් යොදාගෙන තිබුනේ ‘සිනමන් ලේක් හෝටලය’ වනඅතර, එම මුල්අදහස ඇයට වෙනස් කිරීමට සිදුවූයේ විවාහය සඳහා ආරාධනා කිරීමට ජනාධිපතිවරයා හමුවූ අවස්ථාවේදීය.

ජනාධිපතිවරයා ඇයට පවසා තිබෙන්නේ බේරේ වැවේ ‘පේ‍්‍රමවන්තයින්ගේ දූපතේ’ විවාහ මංගල උත්සවය පවත්වන ලෙසයි. දිල්කා හා ඇගේ පෙම්වතා මේ අනුව ජනපතිගේ ඇරයුමෙන් ‘පේ‍්‍රමවන්තයින්ගේ දූපතේ’ අතිනතගන්නා පළමු යුවල වේ. ඒ සඳහා එම දූපතේ සියලූ කටයුතු සංවිධානය කිරීම ජනාධිපතිවරයා පුද්ගලිකව භාරගෙන තිබේ.

පසුගිය පළාත් පාලන මැතිවරණ සමයේ ජනාධිපතිවරයා විසින් දිල්කා සමන්මලීට එක්සත් ජනතා සන්ධානයෙන් දෙහිවල ගල්කිස්ස මහනගර සභාවට තරගවදින ලෙස ආරාධනා කොට ඇති අතර ඒ පිළිබදව කනවැකුනු ධනසිරි අමරතුංග දිල්කාගේ දෙපාමුල වැදවැටී ආයාචනා කොට තිබෙන්නේ ‘‘අනේ නංගියේ ඔයා ආවොත් මම ඉවරයි චන්දෙ නම් ඉල්ලන්න එපා. ඔයාට මම  ඕන දෙයක් කරලා දෙන්නම්’’ කියාය.

ධනසිරි අමරතුංග පිළිබදව සානුකම්පිතව සලකා බැලූ දිල්කා ජනාධිපතිවරයාගේ ආරාධනාව ප‍්‍රතික්‍ෂේප කළ බව වාර්තා වේ. දිල්කාගේ විවාහ මංගල්‍යය සඳහා බේරේවැවේ පේ‍්‍රමවන්තයින්ගේ දූපත යොදාගැනීම පිලිබදව ‘පැපරාසියා‘ හා අදහස් දැක්වූ මාධ්‍ය ක්ෂේ‍්‍රත‍්‍රයේ අය පවසා සිටියේ එය ඉතා කුඩා එමෙන්ම අපවිත‍්‍ර ‘චාටර්’ තැනක් බවයි.

දිල්කා පිළිබදව ‘පැපරාසියා’ පළ කළ ප‍්‍රවෘත්ති කියවා ඇති ජනාධිපතිවරයා, මෙම යෝජනාව කොට ඇත්තේ ‘කිංඩිය’ට බවත් ඇය ඇත්තටම එම ස්ථානය තෝරාගැනීම පිලබදව ජනාධිපතිවරයා මේ වනවිට පුදුමයෙන් සිටින බවත්ය.

කෙසේ නමුදු අපගේ ප‍්‍රවෘත්ති උපේක්ෂාවෙන් ඉවසන දිල්කා සමන්මලී හා ඔහුගේ පෙම්වතාට ‘පැපරාසියා’ සිරිසුභ මංගල්ලයක් ප‍්‍රාර්ථනා කර සිටී.

No comments:

Post a Comment