Pages

Sunday, September 15, 2013

~All About CCTV Camera Systems~

මම මෙතනදි කියන්නෙ ගෙදරකට වගෙ CCTV Camera System එකක් ලේසියෙන්ම හයි කරන ගන්න හැටි
එච්චර සංකීර්ණ දෙයක් නෙවෙයි මේක... ඕන කෙනෙක්ට කරන්න පුලුවන්



මුලින්ම අපිට හයි කරගන්න ඕන කැමරා ගාන බලාගන්න වෙනව, ඒක ඉතින් උබලගෙ වැඩක්
එකක් හයි කරන්න ඕනෙ නම් මේක තමයි කරන්න ඕන හොදම දේ

ebay එකේ S-DVR කියල එකක් තියෙනව ඒකට 1 කැමර එකක් විතරයි ගහන්න පුලුවන්, memory card ගහන්න පුලුවන්
කැම් වලින් පේන ඒව monitor එකකින් බලන්න පුලුවන්.. ඔය ටික වෙනව නම් ඉතින් ආයෙ මොනවයි
http://www.ebay.com/itm/Mini-S-DVR-1...item19c7552d07

නැත්තම් ඉතින් DVR එකක් ගන්න වෙනව , පෙටා වල හොද එකක් 10000+ වගෙ මිලක් වෙයි
ගන්න එක 8 channel ම ගනින් 4 channel ගත්ත කියල මිලේ වැඩි වෙනසක් නෑ .. ඕනෙ නම් ඉතින් ගනින්
buyincoins එකෙන් ගන්න පුලුවන්, tax එකක් වැදුනොත් ඉතින් 1000/- වගේ ගෙවන්න වෙයි
http://www.buyincoins.com/item/12117.html
http://www.buyincoins.com/item/12118.html
මම ගත්තෙ නම් මේක... ebay එකෙන් ගත්තෙ, දැන් ඌ SL වලට ship කරන්නෙ නෑ



හරි දැන් DVR එක විතරක් තියන් වැඩක් නෑ.. CCTV Camera වල ඒව record වෙන්න Hard එකකුත් ගන්න වෙනව
1TB එකක් දැම්මොත් Camera 8k තියෙන එකක් මාසයක් විතර recording history එක තියෙනව... තමන්ට ඕන විදිහ අනූව තමයි
8CH එකකට මම නම් කියන්නෙ 500GB ඇති කියල.. මම නම් දාල තියෙන්නෙ 1TB එකක්
500GB දානව නම් 7800/- වගේ යයි : http://online.barclays.lk/bc/itemdes...=19271&eq=&Tp=
1TB දානව නම් 10000/- විතර යයි : http://online.barclays.lk/bc/itemdes...=19329&eq=&Tp=

දැන් hard එක set කොරන්නත් එපායැ .. ඔය පින්තූරෙ විදිහට DVR එකේ උඩ පියන ඇර ගන්න
දැන් මේ විදිහට sata cable එක hard එකට ගහලා connect කරගන්න ඊට පස්සෙ.. hard එක DVR එකට ඇන දාල හයි කරගන්න (ඇන DVR එකත් එක්ක දෙනව)
දැන් පියන වහලා, DVR එකට power දෙන්න (Power adapter එක DVR එකත් එක්ක දෙනව)
දැන් DVR එකේ Settings හදන්න, Time etc.. ඒව ඉතින් සුලු වැඩ



දැන් ඉතින් Monitor එකක් ඕන වෙනව , නැත්තම් කැමර හයි කරද්දි අපිට ඕන Spot එක බලාගන්න බැරුව යනව
ගන්න්කොට wall mountable එකක් ගන්න ලේසියි, පිලිවෙලයි... අගල් ගාන ඉතින් උබලගෙ කැමැත්ත තමා
18" එකක් හොදටම ඇති මේ වැඩේට... 10000/- ත් 12000/- අතර ගාණකට ගන්න පුලුවන්



දැන් ඉතින් video wire ඕන වෙනව ... ගන්නකොට මතක ඇතුව Kalani එකෙන් ගන්න 4500/- විතර වෙනව රෝලයක්, අනිත් ඒව ගැන නම් මට එච්චර විශ්වාසයක් නෑ
අඩුවට ඕන නම් Nipon එක ගන්න ඒක shape .. රෝලයක් ගන්නෙ නැතුව මැනල ගන්නත් පුලුවන්
දැන් ඉතින් BNC ජැක් ඕන වෙනව... අපිට දිගටම ඕන වෙන්නෙ BNC Male ජැක්.. Female ඒව ඕන වෙන්නෙම නෑ
එක කැමර එකකට දෙපැත්තට දෙකක් ඕන වෙනව



දැන් ඉතින් වයර් එක ඕන කරන විදිහට හදාගෙන ජැක් දෙක අමුනගන්න
ඊට පස්සෙ DVR එකට power දීල, BNC එක connect කරන්න DVR එකට
මතක ඇතුව කැම් එක පැත්තෙ වයර් එක ටිකක් දිගට තියලා කපන්න... නැත්තම් හරියට place ekata spot කරගන්න බැරුව යයි

දැන් කැමර ගන්න වැඩේට බහිමු ... මම නම් කියන්නෙ ගන්න එකක් හොදම එක ගන්න කියල ලාබෙ බලල අරන් පස්සෙ චොර වෙනව
ගන්නකොට Sony Chip, 700TVL තියෙන එකක් ගන්න බලන්න පෙටා වල 9000/- ++ වෙයි ඒකක්
ebay, Aliexpress use කරනව නම් 6000/- විතර ගන්න පුලුවන්



වැදග්ත්ම දේ තමයි lens එක... මේක ඉතින් ඔයාගෙ ඕනකම අනූව තමයි.. Lens mm එක අඩු වෙන්න වෙන්න wide පේනව.
තව Zoom Lens උත් තියෙනව ඒව අපිට ඕන විදිහට mm ගාන adjust කරගන්න පුලුවන්, හැබයි මිළයි
Lens එක තෝරගන්නකොට මේ chart එක refer කරන්න



Camera Brackets නම් කැමර එක්ක හම්බ වෙනව ඒත් ගොඩක් ඊව මලකඩ කනව
ඊතින් ගන්නව නම් Painted වගේ එකක් ගන්න අර Silver එක නිකන්ම මලකඩ කනව
http://www.ebay.com/itm/Universal-Su...item35c957c1c5

දැන් ඉතින් කැම් එකට power supply එකක් ඕන වෙනව... ගන්නකොට 12V 3A එකක් ගන්න, ගොඩක් CCTV කැම් වලට දාන්න වෙන්නෙ 3A එවා (කිව්වට කැමර එක අනූව බලල ගනින්)
දැන් කැමර එකට power දීල BNC එක Connect කරන්න

දැන් ඉතින් වැඩේ අහවරයි, Monitor එක on කරල බලන්න ... ගින්නක් නෑ කිව්වෙ ඒකයි
Networking කරනව නම් අපේ kkroxc bro ගෙ ත්‍රෙඩ් එක refer කරන්න
http://www.elakiri.com/forum/showthread.php?t=1546330

මේ ඔක්කොම මගේ අත් දැකීමෙන් සහ මගේ අත් දෙකෙන්ම ගහපුවා.. කොහෙන්වත් උස්සපුව එහෙම නෙවෙයි හරිය
ඉතින් බලල ඉවර වෙලා සලකලා පලයල්ල, වැරදි තියේ නම් හදපල්ල, අහන්න තියෙන දේවල් අහපල්ල

No comments:

Post a Comment