Pages

Saturday, January 10, 2015

UPFA - A Brighter Future

මහින්ද රාජපක්ෂ මහතාගේ පරාජයත් සමගම හඬා වැටෙමින්, මෛත්‍රීපාල සිරිසේන මහතා ජයග්‍රහණය කළේ උතුරු නැගෙනහිර ඡන්දවලින් යැයි දෝෂාරෝපනය කරන, සිංහල බෞද්ධයින්යැයි කියාගන්නා මිතුරනි. මමද සිංහල බෞද්ධයෙක්මි. මට ඔබගෙන් අසන්නට ඇත්තේ.. ඇයි උතුරු නැගෙනහිර මේ රටේ කොටසක් නෙවෙයිද? ඇයි උතුරු නැගෙනහිර මිනිසුන්ට ඡන්ද අයිතියක් නැද්ද? ඇයි උතුරු නැගෙනහිර මිනිස්සු මහින්දට ඡන්දෙ දුන්නෙ නැද්ද? නිකමට හිතන්න.. සිංහල බෞද්ධ අපි, උතුරු නැගෙනහිරත් මේ රටේම කොටසක් විදිහට පිළිගනිද්දි ඔබම නේද උතුරු නැගෙනහිර, අපේ රටෙන් වෙනම කොටසක් සේ සිතා කථාකරන්නේ..? ඇයි ඔබ හඬන්නේ.. 2010 ජනාධිපතිවරණයෙන් පසුව මහින්ද රාජපක්ෂ මහතා විසින්, තමන්ට එරෙහිව මැතිවරණයකට ඉදිරිපත්වීමේ වරදට, රට බේරාගැනීමට දිවි හිමියෙන් කැපවී කටයුතු කළ ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාව සිරගත කළා සේ, මෛත්‍රීපාල සිරිසේන මහතා, මහින්ද රාජපක්ෂ මහතාට අබමල් රේණුවක තරමින්වත් හිරිහැරයක් කළාද? වචනෙකින්වත් හිරිහැරයක් කළාද? නිකමට සිතන්න.. මහින්ද රාජපක්ෂ මහතා ජයග්‍රහණය කළානම්, අද මෛත්‍රීපාල සිරිසේන මහතාට වන්නේද එදා සරත් ෆොන්සේකා මහතාටම වූ දේම නොවේද? සිංහලද, දමිළද, මුස්ලිම්ද කියා ගැටළුවක් නැත. මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වැඩි ඡන්ද ලක්ෂ හතර හමාරකින් ජයග්‍රහණය කළේ මේ රටේ ඡන්ද අයිතිය හිමි බහුතර ජනතාවගේ ඡන්දයෙනි. බෞද්ධයින් වශයෙන් අපි දිට්ඨ ධම්ම වේදනීය කර්මය විශ්වාස කරමු. ඔබට නිකමට සිතුනාද.. මීට වසර පහකට පමණ පෙර යුධ ජයග්‍රහණය හිමිකරගැනීමේදී රටේ නායකයා වූ මහින්ද රාජපක්ෂ මහතා 2010 ජනාධිපතිවරණයේදී විශිෂ්ඨ ජයග්‍රහණයක් ලැබුවද, වසර පහකින් පසු, එදා එතුමන්ට ඡන්දය දුන් රටේ ජනතාවම අද එතුමන්ව පැරදවූයේ ඇයි කියා.. එදා කිසිදු වරදක් නොමැතිව සියළු තනතුරුද අහිමිව, සිරගතවන්නට සිදුවූ සරත් ෆොන්සේකා මහතාට, අද යළි සිය ගෞරවය හිමිකරදීමට රටේ ජනතාව කටයුතු කර ඇත්තේ ඇයි කියා... දැන් මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන් දුන් පොරොන්දු ඉටුකරන තුරු, ඔබට මට බලාසිටින්නට හැකිය.. එතුමන් ඊයේ දිනයේදීම ආදර්ශමත් ක්‍රියා කිහිපයක්ම කළේය. එතුමන්ගේ දිවුරුම්දීම සඳහා වැය වී තිබුණේ රුපියල් 6000ක් පමණි. හිතන්න මහින්ද රාජපක්ෂ මහතාගේ දිවුරුම්දීමේ උත්සවයකට රුපියල් කෝටි කීයක්නම් වැයවනවාද..? එමෙන්ම මෛත්‍රීපාල සිරිසේන මහතා කියා සිටියේ එතුමන් රටේ ජනාධිපති වශයෙන් කටයුතු කරන්නේ එක් වරක් පමණක් බවය.. අපි බලා සිටිමු.. එතුමන් දුන් පොරොන්දු ඉටු නොකළහොත් එතුමන්ටද, මහින්ද රාජපක්ෂ මැතිතුමන්ට වූ දේම සිදුවනු නොඅනුමානය..

No comments:

Post a Comment