Pages

Friday, August 20, 2010

ගුවන් නියමුවරියක්‌ වෙන්න කැමති - රූ කාන්තගේ දූ

Image :D :D :D :D :D :D
සම්පූර්ණ නම - මේරියන් රයිනි චාරුකා ගුණතිලක

උපන් දිනය - 1991.4.10

ඉගෙන ගත්තේ - පෙර පාසල් ගියේ ශාන්ත බ්‍රිජට්‌ කන්‍යාරාමයට

(1-6) දක්‌වා ශාන්ත නිකල්ස්‌ ජාත්‍යන්තර පාසල,

(6-9) දක්‌වා විචලි ජාත්‍යන්තර පාසල, එතෙර වැඩිදුර අධ්‍යාපනය

වැඩියෙන්ම අදින්න කැමති - ටී ෂර්ට්‌ එකයි කලිසමයි මේකප් තවරන්නවත් කැමති නැහැ. මේකප් කියලා කරන්නේ වැඩිම වුනොත් අයිලයිනර් එක දාන එක විතරයි.

කැමතිම පාට - කලූ

ලංකාවේ කලා ක්‌ෂේත්‍රය තුළ ඉතා ම සුප්‍රසිද්ධ ගායකයෙකුට සහ ගායිකාවකට දාව ඇය උපන්නේ මීට වසර දහනවයකට කලියෙන් ය. මෙරට තුළ පාසල් කිහිපයකින් ම අධ්‍යාපනය හැදෑරු ඇය දෙමාපියන් සමග ඇමරිකාව බලා පිටත්ව ගියේ දෙමාපියන්ගේ තීරණයකට අනුවය.

නමුත් දැන් ඇය ලංකාවට පැමිණ සිටී. ඒ අධ්‍යාපන කටයුතු අතරේ ලැබෙන කෙටි නිවාඩුව සඳහා ය. සුන්දර රූපකායකට උරුමකම් කියන ඇය මේ වනවිට බොහෝ සේ දැනුම් තේරුම් ඇති තරුණියකි. ඇය නමින් මේරියන් රයිනි චාරුකා ගුණතිලක ය. රයිනි මේ දවස්‌වල මෙරට සිදු කෙරෙනා කලා කටයුතු

රැසකට සම්බන්ධ වී සිටී.

කොහොමද රයිනි චිත්‍රපටයේ වැඩකටයුතු...

ගොඩක්‌ හොඳින් කෙරීගෙන යනවා. සිංහාවලෝකනය කියන්නේ මගේ පළමු චිත්‍රපටය. මම ගොඩක්‌ ආසාවෙන් වැඩ කළා. ගිය බ්‍රහස්‌පතින්දායින් මගේ චරිතයට අදාළ රූපගත කිරීම් ඉවර වුණා. මේ ලිපිය පළවෙනවිටත් මම සමහර විට ඇමරිකාව බලා ගිහිල්ලා ඉන්නත් පුළුවනි. මොකද මම ලංකාවට ආවේ මැයිවල. මට ශ්‍රීෂ්ම සෘතුවේ ලැබෙන නිවාඩුව සඳහා.

මම සිංහාවලෝකනය තුළ රඟපාන්නේ සමදරා කියන ගැමි යුවතියගේ චරිතය. ඇය බොහොම සුන්දර ආදරවන්තියක්‌. ඇය මුලින්ම බොහොම දුක්‌ විදලා පස්‌සේ සතුට ළඟා කර ගන්නවා. සාමාන්‍ය ආදර කතාවක්‌ කියලා කියන්න පුළුවනි. රූපගතකිරීම් කළේ නුවර, මාතලේ, හන්තාන කියන ප්‍රදේශවල.

රයිනි ලංකාවේ ඉන්න කැමති නැද්ද?

ලංකාවේ ඉන්න ආසයි. නමුත් මේ අවස්‌ථාවේ මට ඉන්න විදිහක්‌ නැහැ. මගේ අධ්‍යාපන කටයුතු කරන්න මම ඇමරිකාවට යන්නම ඕනේ. තව අවුරුදු පහකින් විතර මගේ විශ්ව විද්‍යාල අධ්‍යාපනය ඉවර වුණාම ලංකාවට ඇවිත් ඉන්නවද කියලා හිතනවා. නමුත් මම ඇමරිකාවටත් කැමතියි.

ඔබේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය කුමන අංශයක්‌ ඉලක්‌ක කරගෙන ද මෙහෙය වන්නේ...

මගේ සිහිනය වෙලා තියෙන්නේ ගුවන් නියමුවරියක්‌ වෙන්න. ඒ අනුව මම ඉගෙන ගන්නවා. මම හදාරන්නේ ගුවන් සේවා අංශය සම්බන්ධ වූ විෂයන්.

දිගින් දිගටම රංගනය සඳහා රයිනිට ආරාධනා ලැබුණොත් මොකද කරන්නේ...

මෙහෙමයි මම ලංකාවට එන්නේ අවුරුද්දට එක පාරයි. ඒ දවස්‌වලට රූපගතකිරීම් යොදා ගන්න පුළුවන් එක නිර්මාණයයි එහෙමත් නැත්නම් දෙකයි මට කරන්න පුළුවන්. එහෙම පුළුවන් නිර්මාණයකට තමයි මට දායක වෙන්න පුළුවන් වෙන්නේ. එතනදී චිත්‍රපට පිටපත, කරන්න තියෙන චරිතයේ ස්‌වභාවය ගැන මම හිතලා බලලා තෝරා ගැනීමක්‌ කරනවා.

මේ වනවිටත් ආරාධනා ලැබුණු වෙනත් නිර්මාණ තිබෙනවාද?

නම් වශයෙන් කියන්න බැරි වුණත් මගේ අම්මටයි තාත්තටයි කතා කරලා සමහර නිර්මාණවලට මාව සම්බන්ධ කරගන්න පුළුවනිද කියලා අහලා තියෙනවා.

ඔබ ලංකාවේ සංගීත කේෂ්ත්‍රයේ ඉතාම ජනප්‍රිය යුවළක්‌ වන චන්ද්‍රලේඛා - රූකාන්ත දෙපළගේ වැඩිමහල් දියණිය. එවැනි දෙපළකගේ දියණිය වීම ගැන ඔබට දැනෙන්නේ කොහොමද?

ගොඩක්‌ ලොකු සතුටක්‌ වගේම ආඩම්බරයක්‌ හිතට දැනෙනවා. මුළු රටක්‌ම ආදරය කරන දෙදෙනෙකුගේ දියණියක්‌ වෙන්න ලැබීම වාසනාවක්‌. දෙවියන් වහන්සේ මට මෙච්චර හොඳ අම්මා කෙනෙකුයි තාත්තා කෙනෙකුයි ලබාදීම පිළිබඳව මම දෙවියන් වහන්සේට ස්‌තුතිවන්ත වෙනවා. නමුත් මම කැමතියි මගේ ශක්‌තියෙන් සහ හැකියාවෙන් නැගිටින්න. කවුරුවත් සමග සසදා මට දේවල් ලබාදෙනවට මම කැමති නැහැ. රයිනි චාරුකාගේ දක්‌ෂතාවලට තැන දෙනවා නම් මම ගොඩක්‌ කැමතියි.

ඔබේ මවගෙන්, පියාගෙන් , නැගණියගෙන් මොනවගේ සහයෝගයක්‌ද ලැබෙන්නේ...

මගේ අම්මයි, තාත්තයි හැම දෙයකටම උපරිම සහයෝගයක්‌ ලබා දෙනවා. ඒක මොනවගේද කියලා හරියටම විස්‌තර කරන්න අමාරුයි. අද මම මෙතන ඉන්නේ එයාලා නිසයි.

නංගි, වින්දි. ඇයට තවම වයස අවුරුදු දොළහයි. එයාට තවම මට උදව් කරන්න තේරෙන්නේ නැහැ. නමුත් මගේ "සීත කඳුකරේ" විඩියෝ එක එහෙම මෙහේදී ටී.වී වල යනකොට එහෙම කෑගහනවා අන්න අක්‌කිගේ විඩියෝ එක යනවා කියලා. තවම මම මගේ විඩියෝ එක බලලා තියෙන්නෙත් දවස්‌ දෙකයි.

රයිනි අලූතෙන් ගීත නිර්මාණය කළේ නැද්ද? ගීත දෙකක්‌ රෙකෝඩින් කළා. මේ දවස්‌වල ඒකේ වැඩවලටත් මහන්සි වෙනවා. එක ගීතයක පද රචනා කරලා තියෙන්නේ නන්දන වික්‍රමගේ. සංගීතය මගේ තාත්තා රූකාන්ත ගුණතිලක.

අනෙක්‌ ගීතය කළේa තවත් ගායකයෙක්‌ එක්‌ක. මට හිතෙන්නේ මේ ගීතයේ මියුසික්‌ විඩියෝ එක ළඟදීම මාධ්‍ය වෙත නිකුත් වේවි.

රයිනිගේ අනාගත බලාපොරොත්තු මොනවාද?

දක්‌ෂ ගුවන් නියමුවරියක්‌ වෙන්න. හොඳ රංගන ශිල්පිනියක්‌, ගායිකාවක්‌ වෙමින් කලාව තුළ යමක්‌ කරන්න. ලොකු ලොකු බලාපොරොත්තු මගේ නැහැ. තියෙන පුංචි බලාපොරොත්තු ඉටුකරගනිමින් සතුටින්, සාමයෙන් ඉන්න.

රයිනිගේ ලිපිනය
නො.10
පින්ක්‌ රෝ
මත්තේගොඩ

No comments:

Post a Comment