Pages

Monday, August 30, 2010

මර්වින් ගැන සාක්ෂි විමසීම අවසන්


හිටපු නියෝජ්‍ය අමාත්‍ය මර්වින් සිල්වා අමාත්‍යවරයා ගම්පහ ප්‍රදේශයේ සමෘද්ධි නිලධාරීයෙකු ගස් බැඳීමේ සිදුවීම සම්බන්ධයෙන් පත් කළ විනය පරීක්ෂණ කමිටුව සාක්ෂි විමසීමේ කටයුතු අවසන් කර තිබේ. මේ වන විට සටහන් කර ගත් සාක්ෂි වලට අනුව අවසන් වාර්තාව සකස් කිරීමේ කටයුතු සිදු කරමින් සිටින බව එම කමිටුවේ ප්‍රකාශකයෙකු සඳහන් ක‍ළේය.

මෙම ත්‍රිපුද්ගල විනය පරීක්ෂණ කමිටුව මර්වින් සිල්වා මන්ත්‍රීවරයාගෙන් ද සාක්ෂි සටහන් කර ගෙන ඇත. ඒ අනුව සකස් කරනු ලබන අවසන් වාර්තාව ඉදිරි සතිය ඇතුළත ජනාධිපතිවරයා වෙත භාර දීමට බලාපොරොත්තු වන බව විනය පරීක්ෂණ කමිටුවේ ප්‍රකාශකයෙකු අද දෙරණට ප්‍රකාශ කළේය.

No comments:

Post a Comment