Pages

Sunday, April 1, 2012

උදාරිගේ තැනට නෙහාරා රිංගයි




අපේ නළු නිළියෝ මාධ්‍ය නොසලකා හැරීම දැන් දැන් පුරුද්දක් කරගෙන.

අනර්කලී ආකර්ශා මාධ්‍යට එහෙම දාපු සද්දයක් ගැන පසුගිය දවසක අපි කිව්වනේ.

ඔන්න දැන් නෙහාරටත් මේ උණ බෝවෙලාලූ.

නෙහාරව සම්බන්ධ කරගන්න හදපු ජනමාධ්‍ය ආයතන කිහිපයක්ම හිතාමතාම මග ඇරපු නෙහාරා එහෙම කරන්නෙ ඇයි කියලත් අපි හෙව්වා.

මෙගා නාට්‍ය බහුතරයක පෙම්වතා විදියට රංගනයේ යෙදෙන මේනකගේත් නෙහාරගේත් තිරයෙන් පිටුපස පේ‍්‍රම අන්දරයට පහුගිය කාලේ මාධ්‍ය වලින් හරි හරියට ප‍්‍රචාරයක් දුන්නා.

ජනප‍්‍රිය චරිත වලට මාධ්‍යයන්ගෙන් ඒ විදියෙ ප‍්‍රතිචාර ලැබෙන එක මහ පුදුමයක් වුණු නෙහාරා මාධ්‍ය වලට කුඩම්මාගේ සැලකිල්ල දක්වන්න ඒවත් හේතු වෙන්න ඇති.

ඒ විතරක් නෙවෙයි මේනක රංගනයේ යෙදෙන හැම නාට්‍යකටමත් රිංගන්න නෙහාරා දැන් පටන් අරගෙන මේනක සහ උදාරි ප‍්‍රධාන චරිත නිරූපණය කරන "සිහින පියාපත් ටෙලිනාට්‍යයෙන් සමුගන්න උදාරි මේ වෙද්දි තීරණය කරලා ඉවරයි.

ඒ හිස්තැනටත් රිංගන්න බලාගෙන නෙහාරා ඇහැගහගෙන ඉන්නවා කියලා තමයි අපිට නම් ආරංචි උනේ.


No comments:

Post a Comment