Pages

Monday, April 2, 2012

චිකන් බිරියානි Hadamu



මෙන්න මේ චිකන් බිරියානි එක තමයි අද හදන්න යන්නෙ!!

ඒක කන්න මින්චි සම්බෝල, මික්ස් රයිතා සහ චිකන් ග්‍රේවී (හොද්ද) හදන හැටිත් කියලා දෙනවා!!

මුලින්ම හදා ගන්න ඕනේ බිරියානි මසාලා පව්ඩර් එක.



1.කොත්ත මල්ලි
2.සූදුරු
3.මාදුරු
4.වසාවාසි
5.ගම්මිරිස්
6.ස්ටාර් අනීස්
7.කරදමුංගු
8.කරාඹුනැටි
9.කුරුදු
10.බේ ලීෆ්
ඊට අමතරව රතු මිරිස් කුඩු සහ කහ කුඩුත් ස්වල්පය බැගින් අවශ්‍ය වෙනවා!!

මේ සියල්ල කබලේ යන්තම් බැද කුඩු කර ගන්න.

මේ ඔක්කොම දාලා බිරියානි මසාලා එක හරියට ආවෙ නැත්තම් ඔක්කොම අප්සෙට්!!
අනෙක ස්ටාර් අනීස් හොයන්න ගියාම පණ යනවා!!

ඒ නිසා දැනට මාකට් එකේ තියන හොදම රෙඩිමේඩ් මසාලා එක පාවිච්චි කරමු!!





මීළගට තියෙන්නෙ චිකන් ටික මැරිනේට් කරන එක!!

අවශ්‍ය දුව්‍ය-

චිකන් ඩ්‍රම්ස්ටික් හෝ තයිස් ග්‍රෑම්500 -750ක්
Shan Bombay Biriyani Masala Powder paket 1/2
ලුණු කුඩු තේ හැදි 1ක්
මුදවපු කිරි මිලි ලිටර් 250ක්


මුලින් චිකන් ඩ්‍රම්ස්ටික් හෝ තයිස් ගෙන රූපයේ විදියට කැපුම් යොදා ගන්න!!



ඉන් පසු භාජනයකට දමා මසාලා සහ ලුණු දමා හොදින් මිශ්‍ර කරන්න. පසුව මුදවපු කිරි දමා මිශ්‍රකර ශීතකරණයේ පහල කොටසේ පැය 2ක් පමණ තබන්න.


මීලගට අවශ්‍ය දේවල්-


4.මිංචි කොළ
5.කොත්තමල්ලි කොළ
6.බී ලූනූ
7.තක්කාලි
8.අමු මිරිස්
9.සුදු ලූනූ
10.ඉගුරු


සියල්ල පහත රූපයේ ආකාරයට කපා ගන්න.





භාජනයක් ලිපේ තබා තෙල් ටිකක් දාගන්න.




කැපූ ලූණූ ටික දමා රන්වන් පාට වන තුරු බැද ගන්න.



දන් සිහින්ව කපා ගත් ඉගුරු සුදුලූනු එක්කර බැදගන්න.



දැන් මැරිනේට් කරගත් චිකන් එක්කරන්න.



අමතර 2.කුරුදු 3.කරාඹුනැටි 4.ස්ටාර් අනීස් 5.බේ ලීෆ් 6.වසාවාසි 7.කරදමුංගු ටිකක් එක්කරන්න.



පසුව කැපූ තක්කාලි හා අමු මිරිස් දමන්න.



දැන් කොත්තමල්ලි හා මිංචි කොළ එක්කරන්න.


පියනකින් වසා මද ගින්නෙන් සෙමින් පිසින්න.



මී ළගට බාස්මතී හාල් හුණ්ඩු 2 1/2ක් (ග්‍රූම් 500ක්) පමණ අරගෙන සෝදා විනාඩි 15ක් පෙගෙන්න තියන්න. ඉන්පසු රයිස් කුකර් හෝ සාස්පානක දමා සහල් ප්‍රමාණයට සමාන ප්‍රමාණයක් වතුර දමන්න. තෙල් මේස හැන්දක් හා රම්පෙ කෑල්ලක් දමා බත බෙරි නොවී පිසගන්න.



බත් ඇට එකිනෙක වෙන්වන සේ හොදින් කූරුගාගන්න.බත හොදටම තැම්බී නැතිවුනාට කමක් නෑ!!



දැන් තවමත් ඉදෙමින් පවතින චිකන් එක උඩට දමන්න.



පසුව Egg Yellow Colouring බින්දු 4-5ක් ගෙන වතුර මේස හැදි 2-3ක දිය කර රවුමට වත්කර, පියන වසා ඉතා අඩු ගින්දරේ
විනාඩි 5-10ක් තබන්න.



පසුව බත් ඇට නොකැඩෙන සේ හෙමින් බත පෙරලන්න. ඉඩ ඇති භාජනයකට දමා ගත්තොත් වඩා හොදයි!!


දැන් බිරියානි / බුරියානි ලෑස්තියි!!

No comments:

Post a Comment