Pages

Tuesday, August 28, 2012

රාත්‍රී සමාජ ශාලාවකට නාගයෙක් ඇවිත්


රාත්‍රී සමාජ ශාලාවකට නාගයෙක් ඇවිත්


කොළඹ කොල්ලුපිටිය ප්‍රදේශයේ රාත්‍රී සමාජ ශාලාවකට නාගයෙක් රැගෙන පැමිණි කාන්තාවක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
එම කාන්තාව ඊයේ (27) රාත්‍රී නාගයෙකු රැගෙන සමාජ ශාලාවේ රැගුම් දක්වා තිබේ.

පිළිමතලාව ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් වන ඇය අදාළ රාත්‍රී සමාජ ශාලාවේ සේවිකාවක් වශයෙන් කටයුතු කරන බවද පොලිසිය අනාවරණය කර ගෙන ඇත.

ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් අද (28) පෙරවරුවේ අදාළ කාන්තාව අත්අඩංගුවට ගෙන ඇති අතර ඇය අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බව පොලීසිය පවසයි.

No comments:

Post a Comment