Pages

Tuesday, August 14, 2012

Romesh Sugathapala Wedding

Romesh Sugathapala's Engagement - රොමේෂ් විවාහ ගිවිස ගනී

දිගු දෑස දු‍ටුවාම..
හැ‍ඟෙනවා පෙර සේම..
උන්නු හැටි මගෙ ගාව..
ඔය හිතට අමතකද..
බිඳ දමා මගෙ සිහිනේ..
ඇයිද ඔබ හැංගෙන්නේ..
මට දෙන්න මගෙ සිහිනේ..
ළඟ ඉන්න පෙර වාගේ.....

මේ ගීතය මේ කාලේ නිතර දෙවේලේ ඇහෙන ජනප්‍රියම ගීතයක්.. ගායනා කරන්නෙ නව පරපුරේ දක්ෂ, ජනප්‍රිය ගායන ශිල්පියෙක් වන රොමේෂ් සුගතපාල.

ප්‍රේමයෙන් පැරදුනු පෙම්වතෙකුගේ දුක්බර හදවත මෙම ගීතයෙන් මනාව පිලිබිඹු වෙනවා. ඒත් මේ ගීතය ගායනා කරන ගායකයා නම් තමන්ගේ ප්‍රේමය ජය අරන් කියල අපිට ආරංචි උනා. පාසල් කාලයේ පටන් බැඳුනු පෙම විවාහය දක්වා ගෙන ඒමට තරම් රොමේෂ් වාසනාවන්තයෙක් වෙලා.

රොමේෂ්ගේ ගම් පළාත වන කඩුගන්නාවෙම කෙනෙකු වන ඇය නමින් වින්ධ්‍යා ඕමාලි හේරත්ය.

පහුගිය මාර්තු 12 වැනිදා විවාහ ගිවිස ගත් මේ දෙන්නාගේ විවාහය අගෝස්තු මාසයේදි ගන්නලු හිතාගෙන ඉන්නෙ.

රොමේෂ් ඕමාලි පෙම් කතාවට මුල් කාලයේදී වැඩිහිටියන්ගේ තදබල වීරෝධතා එල්ල උනත්,අන්තිමේදී මේ දෙන්නගෙ අදරේ ජයගත්තා.

මේ වෙනකොට රොමේෂ් පදිංචි වෙලා ඉන්නෙ ජා-ඇල ගෙදරක. රොමේෂ්ගෙ බලාපොරොත්තුව ඕමාලිව කසාද බැඳලා ඒ ගෙදරට එක්කගෙන එන්නයි. එත් ඉක්මනට ඉඩමක් අරගෙන තමන්ගෙම කියල අලුත් ගෙයක් හදගෙන යන එක තමයි රොමේෂ්ගෙ ලොකුම හීනය..

රොමේෂ්,ඕමාලිගේ හීන සැබෑ වෙන්න කියල  ප්‍රාර්ථනා කරනවා.

Romesh Sugathapala Wedding

 

No comments:

Post a Comment