අනෝමා ජනාදරී
Anoma Janadari, Sri Lankan Actress, Cinema

අනෝමා ජනාදරී අන්තර්ජාතික සම්මාන දිනූ දක්ෂ චරිතාංග නිළියක්. ‘තනි තටුවෙන් පියාඹන්න’ චිත්‍රපටයේ රඟපෑම් උදෙසා ඇය 2003 සිංගප්පූරු අන්තර් ජාතික චිත්‍රපට උළෙලේ හොඳම නිළිය සඳහා වන සම්මානය දිනාගත්තා. මේ ඇය සමඟ කළ සතුටු සාමීචියයි.
අනෝමා මේ දවස්වල මොනවද කරන්නේ?
”මම අලුතින් නිපදවන වේදිකා නාට්‍යයක රඟපානවා. අද හොඳ චිත්‍රපට නම් නොහැදෙන තරම්. ඒ නිසා මම වගේ නිළියකට ඒක ප්‍රශ්නයක්. මෑතදී තැනුණේ හොඳ චිත්‍රපට දෙකයි. එකක් ‘අක්ෂරය’. අනෙක ‘ආකාස කුසුම්’. ටෙලි නාට්‍යවල නම් රඟපාන්න දෙයක් නැහැ. හොඳ චරිතයක් ලැබුණොත් විතරක් රඟපානව මිසක් ලැබෙන හැම ටෙලිනාට්‍යයක්ම භාරගන්නේ නැහැ.
මොකක්ද ඔබ රඟපාන වේදිකා නාට්‍යය?
”ඒකේ නම ‘මහාරාජිනි’. ඉතාලි ජාතික ඩාරියෝ ෆෝගේ නාට්‍යයක අනුවර්තනයක්. නාට්‍යයේ අනුවර්තනය හා නිෂ්පාදනය ධර්මජිත් පුනර්ජීව. මේක මාධ්‍ය හැසිරීම ගැන කියැවෙන නාට්‍යයක්. මාධ්‍ය මඟින් ජන ආකල්ප වෙනස් කරන හැටි ගැන තමයි මේ නාට්‍යයේ කතාවෙන්නේ. මම රඟපාන්නේ මාධ්‍ය ආයතනයක හිමිකාරීනියගේ චරිතය.
ඔයා මීට ඉහත ධර්මජිත් පුනර්ජීව නිෂ්පාදනය කළ ‘සිංහබාහු’ ඉංගිරිසි නාට්‍යයේ සුප්පා දේවිගේ චරිතය නිරූපණය කළා. මේ චරිතය හරියට පූලාන් දේවි වගේ වුණු බව ‘සිංහබාහු’ නිර්මාතෘ මහාචාර්ය සරච්චන්ද්‍රයන්ගේ බිරිය – ලලිතා සරච්චන්ද්‍ර මහත්මිය ප්‍රකාශ කරලා තිබුණා. මේ චෝදනාව ගැන ඔයාට මොනවද කියන්න පුළුවන්?
’ඒක නිෂ්පාදකවරයාගේ අර්ථකථනය. ඔහුගේ අර්ථකථනයට අනුවයි මම රඟපෑවේ. ඔහුට ඕනෑවුණේ නැහැ සුප්පාදේවී හඬාවැටෙන, විලාප තියන ගැහැනියක් කරන්න. සුප්පා දේවි කියන්නේ එඩිතර ගැහැනියක්. තමන්ගේ ජීවිතය සම්බන්ධයෙන් එඩිතර තීරණ ගත් ගැහැනියක්. ඒ වගේ රාජ කුමාරියක් සිංහයකු වැනි දඩබ්බරයකු සමඟ ජීවත්වන්නට හදපු එකම එඩිතර තීරණයක්. ඇය සාම්ප්‍රදායික චරිතයක් නෙමේ.
ඔබ කියන්නේ මහාචාර්ය සරච්චන්ද්‍රයන් මවපු සුප්පා දේවි හඬා වැටෙන ගැහැනියක් කියලද?
”ඔව්. හැම වෙලේම ඇය කරන්නේ විලාප තියන එක. පරණ පිටපතට අලුත් අර්ථකථනයක් දීමේ අයිතිය නිෂ්පාදකවරයාට තියෙනවා. ඒ නිෂ්පාදනය කළ සුප්පා දේවි වෙතින් පූලාන් දේවියක් මතුවුණා නම් ඒක නිෂ්පාදකවරයාගේ සාර්ථකත්වය. මොකද ඔහුට ඕනෑ කළේ එබඳු චරිතයක් නිර්මාණය කිරීමයි. නිළියක වශයෙන් මම කළේ ඔහුගේ අර්ථකථනයට අනුව රඟපෑමයි.
ඔබ ‘කුපාඩියා’ යන නමින් යුතු චිත්‍රපටයක රඟපානවා කියලා පසුගිය දවස්වල පත්තරවල තිබුණා.
”ඔව් මම රඟපෑවා. මේ චිත්‍රපටයේ තිරරචනය පිළිබඳ ප්‍රශ්න තිබුණා. තිර රචනයේ මගේ චරිතය මට ඕනෑ විදියට වෙනස් කරගන්න ඉඩ දෙනවා නම් රඟපානව කියලා මම කිව්වා. අධ්‍යක්ෂවරයා ඒ සඳහා එකඟවුණු නිසා මම රගපෑවා”.
’තනි තටුවෙන් පියාඹන්න’ චිත්‍රපටයේ ඔබ නිරුවතින් රඟපෑවා. අද ආපහු හැරිලා බලද්දි ඔබට ඒ ගැන කිසියම් ආකාරයක පශ්චාත්තාපයක් ඇතිවෙන්නේ නැද්ද?
’රඟපෑම මගේ වෘත්තිය. මගේ වෘත්තිය සම්බන්ධයෙන් මම අවංකයි. වෘත්තීය නිළියක් වුණාම (මං දන්නේ නැහැ මං මේ අපේ සංස්කෘතියට අදාළව ද කතා කරන්නෙ කියලා) ඕනෑම චරිතයක් ඕනෑම විදියට රඟපාන්න පුළුවන් වෙන්න ඕනෑ.
එහෙම රඟපාලා ඒ හිටියේ මම නෙමෙයි කියලා මම කියන්න යන්නේ නැහැ. ඒ වගකීම මම භාරගන්නවා. ‘තනි තටුවෙන් පියාඹන්න’ චිත්‍රපටයේ චරිතය ඉල්ලා සිටි දේ මම කළා.
ඉදිරියටත් මම එහෙමයි. කුල ප්‍රශ්න, ජාතික ප්‍රශ්න, ආගම් ප්‍රශ්න අපිට වඩා දැඩිව තියෙන ඉන්දියාවේ නිළියකට පුළුවන් වුණා නම් පූලාන් දේවිගේ චරිතය නිරුවතින් රඟපාන්න ඇයි මට බැරි ඒ වගේ නිරුවතින් රඟපාන්න කියලා මට හිතුණා. ඇත්තටම මට පූර්වාදර්ශයක් වුණේ ඒ චරිතය රඟපාපු නිළිය.
චිත්‍රපටයක අමුනිරුවතින් රඟපෑවයි කියලා ඔබට සාමාජික වශයෙන් ප්‍රශ්න මතුවුණේ නැද්ද?
”කිසිම ප්‍රශ්නයක් මතුවුණේ නැහැ. ප්‍රශ්නයක් මතුවුණේ ගෙවීම් සම්බන්ධයෙන් පමණයි. මගේ කැපකිරීමට මට සාධාරණය ඉටුවුණේ නැහැ. වෘත්තීමය වශයෙන් මට අසාධාරණයක් සිද්ධවුණා. මගේ ශ්‍රමය අවතක්සේරු වුණා. එහිදී මං පුරුෂාධිපත්‍යයෙන් බැට කෑවා කියලා අද මට හිතෙනවා.
’තනි තටුවෙන් පියාඹන්න’ චිත්‍රපටයෙන් පසුව ඔයා ‘අක්ෂරය’ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟපාන්න සූදානමින් හිටියද?
”ඔව්. මම විශ්වාස කළා, මට ඒ චරිතය ලැබෙයි කියලා. මං ඒ චරිතයට සුදුසුයි කියලා මට හිතුණා. හැබැයි මට ඒ චරිතය රඟපාන්න දෙනව නම් පෙර පුහුණුවීම් ඕනෑ කියලා මම කිව්වා. මොකද ඒක බොහෝම බරපතළ චරිතයක්. මම ඒ චරිතය අධ්‍යයනය කළා. නමුත් මට ලැබුණේ නැහැ.
’තනි තටුවෙන් පියාඹන්න’ චිත්‍රපටයේ ඔයා කළ රංගනයට අන්තර්ජාතික සම්මාන ලැබුණා. එය ඔබ ලද සුවිශේෂී ජයග්‍රහණයක්. ඔබ රටට විශාල කීර්තියක් ගෙන ආවා. එහෙත් ඒ වෙනුවෙන් ඔබට ඔබගේ වෘත්තීය ක්‍ෂේත්‍රයෙන් නිසි ගෞරවය ලැබුණයි කියලා හිතනවද?
පැහැදිලිවම නැහැ. එහෙම ගෞරවය නොලබන්න මොකද්ද මම කරපු වරද? අපි රඟපාපු විදිය වැරදිද? එහෙම නම් ඒක විවේචනය කරන්න ඕනෑ. අඩුම ගාණේ රඟපෑම් අපිට දිරවන්නේ නැහැ කියලවත් කියන්න ඕනෑ.
කොටින්ම අන්තර්ජාතික සම්මාන ලැබුණ කියලා ‘කුපාඩියා’ චිත්‍රපටය තෙක් ඔයාට රඟපාන්න කිසිම චිත්‍රපටයක් ලැබුණේ නැහැ?
”මට විතරක් නෙමෙයි නීටා ප්‍රනාන්දු වැනි ප්‍රවීණ නිළියකටවත් අන්තර්ජාතික සම්මාන දිනාගත්තයින් පසුව කවුරුත් රඟපාන්න චිත්‍රපට දුන්නේ නැහැ. ඒ නිසා ඇයටම සිද්ධවුණා තවත් චිත්‍රපටයක් නිෂ්පාදනය කරන්න.
ඉතින් අන්තර්ජාතික සම්මාන දිනූ දමිතා අබේරත්න ගැන, නිම්මි හරස්ගම ගැන මා ගැන කවර කතාද? සිනමා ක්‍ෂේත්‍රයේ කුහකත්වයක් තියෙනවා. ඒක අපිට තේරෙනවා.
ඇයි ඔයා අනික් නිළියන් එක්ක ගත්දි ඔවුන්ගෙන් ඈත්ව හුදෙකලාව ඉන්නේ?
”මට තියෙන්නේ ඇතැමුන් කොයිතරම් අවංක ද කියන එක පිළිබඳ ප්‍රශ්නයකුයි.
ඔයා දැන් තනිවම නේද ජීවත් වෙන්නේ?
”ඔව්. මම ස්වාධීනත්වයට බොහෝම කැමැති ගැහැනියක්. මම විශ්වවිද්‍යාලයට ගියෙත් ස්වාධීනත්වය හොයාගෙන. එහෙම නොගියා නම් ගෙදර අය මාව කාටහරි කසාද බන්දලා දෙන්න ඉඩ තිබුණා.
තනියම ජීවත්වෙද්දි පැවැත්ම පිළිබඳ ප්‍රශ්න මතුවෙනවා. ඔයා කොහොමද ඒවාට මුහුණ දෙන්නේ?
”මේක අර්බුදකාරී බව මම දන්නවා. එහෙත් මට මගේ වෘත්තියෙන් පූර්වාදර්ශ තියෙනවා. එක් කෙනෙක් තමයි අපේ පුරෝගාමී නිළි රුක්මණී දේවි. අනිත් නිළිය තමයි ස්වර්ණා මල්ලවආරච්චි.
ඒ කියන්නේ නැවත විවාහවෙන්න අදහසක් නැහැ?
”නැහැ. මම තනියම ජීවත්වෙනවා.
අශෝක හඳගම (ඔයාගේ හිටපු සැමියා) ඔහුගේ චිත්‍රපටයක රඟපාන්න ආරාධනා කළොත් ඔයා ඒ ඇරියුම පිළිගන්නවද?
”පැහැදිලිවම පිළිගන්නවා. කොන්දේසි විරහිතව මම ඔහු යටතේ රඟපාන්න කැමැතියි. හැබැයි මගේ ශ්‍රමය අගය කිරීම උඩ. සිනමාවේ යතුරු තහඩුව මාරු කරන්න කියලා මම හඳගමගෙන් ඉල්ලා සිටිනවා.
අපේ නිළියන් ගැන, රංගනය ගැන ඔබ මොකද හිතන්නේ?
”රංගනය කියන දේ අධ්‍යාපනික කාර්යයක් කියන ස්ථාවරයේ අද මම ඉන්නවා. අද මේ වෘත්තිය මෝස්තර නිරූපිකාවන් විසින් ආක්‍රමණය කරලා ඉවරයි. එහෙත් රසිකයන් ඔවුන් ප්‍රතික්ෂේප කරන දිනය වැඩි ඈතක නැහැ.
මොකද මෝස්තර නිරූපණයයි රංගනයයි කියන්නේ දෙකක්. අපේ නිළියන්ගෙන් මාලිනී ෆොන්සේකා විතරයි යාවත්කාලීන බවින් රඟපාන එකම නිළිය. ඇය ඒ යාවත්කාලීන බව අඛණ්ඩව පවත්වාගෙන ගිහින් තියෙනවා. එහෙම නිළියකට ඉන්නේ ඇය විතරයි. වෙන කවුරුත් නැහැ.
සුමිහිරි - Silumina


මගේ පළමු පුහුණුකරු කාල්ටන් බර්නඩෙත්. ඔහු ගේ උපදෙස් සහ අපේ වේගපන්දු පුහුණුකරු අනූෂ සමරනායක සමඟ ඔහුගේ ආශීර්වාදය සමඟ පුහුණුවීම් කරනවා.
(කොළඹ, ලංකාපුවත්, අගෝස්තු 25) අන්තර්ජාතික ටෙස්ට් ශ්‍රේණිගත කිරීමට අනුව ශ්‍රී ලංකාව දෙවැනි ස්ථානය හිමිකර ගැනීමට සමත් වී තිබේ.
On May 19th ,the super leaders of the LTTE and their other leaders ended up at the Nandikadal Lagoon. The LTTE came by an unexpectedly disastrous end in the fourth Eelam war, despite being considered as the world’s only guerilla movement to have had an Air power . 

/>අතීතයේදී හික්‌කඩුව වූ කලී ශ්‍රී ලංකාවේ අතිශය සුන්දර වෙරළ තීරයකට හිමිකම් කියන ඉතා අහිංසක සංචාරක පුරවරයකි. සුපිරිසිදු සිනිදු සුදු වැලි තලාවකින් සුසැදි වෙරළ තීරයකිනුත් ඊට ඔබ්බෙන් වූ සුනිල දිය පිරි නොගැඹුරු මුහුදු තීරයකිනුත් ඊටත් එපිටින් වූ අලංකාර ස්‌වාභාවික කොරල් පරයකිනුත් ඒ කොරල් අතර නිරතුරුව සැරිසරන විසිතුරු මත්ස්‍ය සම්පතකිනුත් පොහොසත් මේ වෙරළ තීරය හොයා එදා ලෝකයේ සතර දිග් භාගයෙන් බුරුතු පිටින් සංචාරකයෝ ලංකාවට ආ බව අපට හො¹කාරවම මතක ඇත.
තවත් පිරිසක් එදා ද ලංකාවට ඇදී ආවේ තවත් අරමුණු වලටය.
අපේ ඒ අතීත කතා සියල්ල අවසන්ය. ප්‍රභාකරන්ගේ ත්‍රස්‌තවාදයට අප වීරෝදාර හමුදාවෝ නැවතීමේ තිත තැබුවාත් සමඟම හික්‌කඩුව පුරවරය යළිත් විකසිතව සිනා වෙන්නට පටන් ගත්තේය. අගෝස්‌තුවෙන් ඇරඹෙන සංචාරක සමය (සීසන් එක) දෙස හික්‌කඩුවේ ජනතාව විශ්වාසයෙන් යුතුව දෑස් දල්වා බලන්නට පටන් ගත්හ.























































