Pages

Thursday, August 6, 2009

Thursday, August 6, 2009

මයිකල් ජැක්සන්ගේ මරණින් පසු ගිය කටකතා
Gossip of the World


සුපිරි පොප් ගායක මයිකල් ජැක්සන් ජීවත්ව සිටියදී ඔහුගේ ගීත ඇල්බම මිලියන ගණනින් ලොව පුරා අලෙවි වුණු අතර ජැක්සන්ගේ මරණින් පසුව ඔහු පිළිබඳ වූ කටකතා ද ඊට නොදෙවෙනි වේගයෙන් ලොව පුරා ව්‍යප්ත විය.

ඒ අනුව මුලින්ම බිහිවූ කටකතාවන් ලෙසින් විදෙස් වාර්තාවන් හුවා දක්වනුයේ ජැක්සන් පරිහරණය කළ ඇදුම් පැලදුම් හා ඔහුගේ මුහුණු සහ සමෙහි වර්ණය වෙනස් කිරිම පිළිබඳ තොරතුරය.

ඉන්පසුව ව්‍යප්ත වූයේ මයිකල් ජැක්සන් නැමති සුපිරි පොප් තරුව මිය ගියාද? නැතිනම් ඔහුව මරණයට පත් කළාද? යන්නයි. එමෙන්ම ඔහුගේ ලමයින්ගේ සැබෑම පියා ජැක්සන් ද යන්න පිළිබඳ ප්‍රශ්ණාර්ථය ද ලොව හමුවේ ඇති වූයේ ඇසි පිය හෙළන වේගයෙනි.

මීට අමතරව ජැක්සන්ගේ අනුස්මරණ දේව මෙහෙය පැවැත්වීම සම්බන්ධයෙන් ද අපූරු කතාවක් ගොඩ නැඟුනි. එනම් දේව මෙයෙට රැගෙන ආ රන්ආලේපිත මිනී පෙට්ටිය තුළ දේහය නොතිබුණු බවටත් එම පෙටිට්ය හිස් එකක් බවටත් ඇතැම් විදෙස් මාධ්‍යයන් වාර්තා කර තිබෙනු දක්නට ලැබුණි. කෙසේ වෙතත් ‘මොර්ටවුන්’ නිර්මාතෘ බෙරී ගෝර්ඩි මේ පිළිබඳ අදහස් දක්වමින් ප්‍රකාශ කර තිබුනේ එය මුළුමණින්ම අසත්‍ය බවයි. ජැක්සන්ගේ දේහය එම මොහොතේ දේවමෙහෙයට රැගෙන ආ බව ඔහු එක හෙලා ප්‍රකාශ කර තිබේ.

ජැක්සන්ගේ රසිකයින්ගෙන් සඟවා තැබීම පිණිස මෙම දේහය රහසිගත ස්ථානයක මේ වන විට මිහිදන් කර ඇති බවද ප්‍රකාශ වේ.

එමෙන්ම තවත් ස්ථානයන්හී දරුණු ලෙසින් ගොස් ඇති කටකතාව නම් මෙම “සුපිරි පොප් තරුව” තවමත් ජීවතුන් අතර සිටින බවයි. එම කටකතාවද විදුලි වේගයෙන් ව්‍යප්ත වී ඇති බව විදෙස් පුවත් අණාවරණය කරයි.

කෙසේ වෙතත් පසුගිය ජුනි 25වනදා පනස්වන වියෙහි පසුවුණු ජැක්සන් ලොස්ඇන්ජලීස් හී ඔහු නැවතී සිටි කුලී නිවහනේදී මිය ගිය බව එහි හදිසි මරණ පරීක්‍ෂකවරයා සිරුර පරික්‍ෂා කොට නිල වශයෙන් ප්‍රකාශ කළේය. එම පළමු මරණ පරීක්‍ෂණයෙන් අනතුරුව ජැක්සන්ගේ සිරුරද පවුලේ උදවියට ලබා දීමට පියවර ගෙන තිබුණි. ඉන් අනතුරුව දෙවන මරණ පරීක්‍ෂණය වාර්තාවද නිකුත් වුණු බව ඒජන්සි වාර්තා සඳහන් කර තිබුණි.

කෙසේ වුවද තවමත් මෙම සුපිරි තරුවේ මරණය කුම්න හේතුවකින් සිදුවීද යන්න නිවැරදිව ප්‍රකාශ කර නොතිබීම බොහෝ දෙනාගේ අවධානයට මෙන්ම කුතුහලයට ද ලක්ව තිබේ.

එමෙන්ම මයිකල්ගේ මරණයට හේතුව වේදනා නාශක වැඩි මාත්‍රා ප්‍රමාණයක් ශරීරගත වී යැයි ද කටකතාවක් ව්‍යප්ත වෙමින් පවතී. මේ සම්බන්ධව පරීක්‍ෂණ පවත්වනු ලබන නිලධාරීන් තවමත් මුණිවත රකින අතර ජැක්සන්ගේ මරණය සිදුවීමට පැය 24ක් ඇතුළත කාලය තුළ ඔහුට ප්‍රතිකාර කළ වෛද්‍ය කොන්රඩ් මරේ පිළිබඳ කතාබහට ලක්වන තොරතුරු එතරම් සුබදායී නොවේ.

මේ අතර ලා ටෝයා ජැක්සන්, තම සොහොයුරාගේ මරණය සැක සහිත යැයි මුලින්ම ප්‍රකාශ කරනු ලැබූ තැනැත්තිය වේ.

එමෙන්ම තවත් බොහෝමයක් කටකතාවන් මයිකල් ජැක්සන්ගේ දරුවන් පිළිබඳව විදෙස් මාධ්‍යයන් පසුගිය දිනයන්හී දිගින් දිගටම වාර්තා කර ති‍බෙනු දක්නට ලැබුණි.

කෙසේ වෙතත් මෙවායෙන් සත්‍යය කුමක්ද යන්න කවුරුන්වත් නොදනී.

‘ත්‍රිලර්’ සිට ‘බෑඩ්’ හරහා ‘හිස්ට්‍රි’ දක්වා ජැක්සන් සිය සංගීත දිවියේ මං සළකුණු තබන විට ඔහුට මල් මෙන්ම ගල් වරුසාද එල්ල විය. කෙසේ වෙතත් මේවායේ සත්‍ය කුමක් දැයි දැනගෙන සිටින්න ඇත්තේ ජැක්සන්ගේ හෘද සාක්‍ෂිය හා දෙවියන් පමණකි.-ලංකා පුවත්

No comments:

Post a Comment