ඔව්. මම ඡන්දේ ඉල්ලනවා – අනර්කලී-Anarkaleeta Jaya Weewaa!!!- ‘My people’, says Anarkalli
ඔව්. මම ඡන්දේ ඉල්ලනවා – අනර්කලී
සිංහල සිනමාවට ආකර්ෂණයක් එක් කළ අනර්කලී ආකර්ෂා දේශපාලනයට පිවිසෙන බවට පසුගිය දිනවල දී රාවයක් පැතිර ගියා. ඒ පිළිබඳ ඇත්ත නැත්ත අනර්කලීගෙන් ම අහන්න අපි හිතුවා.
“ඔව් ඉදිරි දකුණු පළාත් සභා ඡන්දයට මම රජයේ පාර්ශ්වයෙන් තරග කරන්නයි සූදානම් වෙලා ඉන්නේ. මං හිතනවා ඒ සඳහා සුදුසුම කාලය දැන් එළඹිලා කියලා.
ඇත්තටම මට දේශපාලන පසුබිමක් තියෙනවා. මගේ සීයා ආරිය ජයතිලක ක්‍රියාකාරී දේශපාලනයේ නියැළුණු කෙනෙක්.
ඒ වගේ ම මගේ ආච්චිගේ සහෝදරයා එඩ්වින් සමරක්කොඩි මාතර කඹුරුපිටියෙන් දේශපාලනයට පිවිසියේ. මේ මොහොතේදීත් ජනාධිපතිතුමාට මම මගේ උපරිම සහයෝගය ලබාදෙමින් දේශපාලන කටයුතුවල නියැළෙනවා.
ඒ අතරේදියි ඉදිරි දකුණු පළාත් සභා ඡන්දයට තරග වදින්න මට ආරාධනාවක් ලැබුණේ.
ඉතිං ඒකීය ලංකාවේ අපේ ම රටේ සියලු පුරවැසියන් වෙනුවෙන් යහපත් දායකත්වයක් ලබාදෙන්නයි මම දේශපාලනයට එන්න තීරණය කළේ.
No comments:
Post a Comment