Pages

Friday, March 11, 2011

sansala with fans

කෙළින්ම හමුවෙයි දෙනෙතට

මගේ සාමාන්‍ය ජීවිතයත් සංසලා හා ළඟින්ම සැසඳෙන නිසා මට මෙය එතරම් අපහසු වුණේ නැහැ.

සරසවියට හිතැති පාඨකයින් පස් දෙනෙකි. ඔවුන් අතරින් අද පැමිණියේ සිවු දෙනෙකි. අද උදෑසන සිට ඔවුන් පෙර මග බලා සිටින්නේ තමන් ආදරය කරන කලා තරුව පැමිණෙන තුරුයි.
මේ කණ්ඩායම සරසවියට පැමිණීමට හේතු සාධකය මෙලෙස සටහන් කරන්නෙමු. ඒ සරසවිය අප හඳුන්වා දුන් කෙළින්ම කතාව විශේෂාංගයයි. කලාකරුවන් දිදුලන්නේ ප්‍රේක්ෂක ආදරය මතය.
ඔවුන් හා පුවත්පත සමඟ කෙළින් අසන්න තිබූ අවස්ථාව තවත් ඉඩකඩ සකසමින් මාසයකදී පාඨකයන් අතරින් තෝරා ගැනුණ පස් දෙනෙකුට කෙළින්ම තම ආදරණීය තරුව හමුවන්නට ඉඩ සැලැස්වීමයි. මේ සඳහා තරග වැදුණු සංඛ්‍යාව අති විශාලය. මේ අතරින් වැඩිම ප්‍රේක්ෂක මනාපය ජනවාරියේ හිමි කර ගන්නා ලද්දේ යෞවනයේ හද බැඳ ගත් තාරකාවක් වූ උදාරි වර්ණකුලසූරියටයි.
මොරටුච ඩඩ්ලි ගෝමස්
පිළියන්දල එච්. එම්. ආරියවංශ
සීදූව සජානී මහේෂිකා
දෙහිවල අනුරුද්ධ අබේසිංහ
රසිකයකුගෙන් පුංචි තිළිණයකුත් ලැබිලා

මේ සිවු දෙනා මේ සිටින්නේ ඇය එනතුරුයි. එමෙන්ම, සුවිශේෂී හේතුවක් නිසා මේ අවස්ථාවට පැමිණීමට නොහැකි වූ සරසවිය පාඨක පෝද්දල ඒ. යූ. කරුණානායකත් මෙහිදී සිහි වෙයි. මේ සියල්ල සිදුවෙමින් පවතින අතරේ මොහොතකින් උදාරි පැමිණියාය.
සුරඟනක ලෙසින් සැරසී පැමිණි උදාරිව සරසවිය ඡායාරූපාගාරයේ සිට පාඨකයින් පිළිගත්තේ ඉතාමත් හරසරිනි. වසර හතලිහක පමණ සිට නොකඩවා සරසවිය පාඨකයෙක් ලෙස එක් වූ ඩඩ්ලි ගෝමස් මෙන්ම තවමත් පාසල් අධ්‍යාපනය හදාරන සජානි මහේෂිකා ද මෙම රසිකයන් අතර වීම සුවිශේෂී සිදුවීමකි.
ලොකු පොඩි කොයි කා අතරත් ජනප්‍රිය උදාරි දුටු පාඨකයින් ඉතාමත් සුන්දර හමුවීමක සොඳුරු මොහොත මෙසේ ආරම්භ කළේය. මේ හමුවීම තෙවැනි ඇසේ සටහන් කිරීමට සරසවිය ජ්‍යෙෂ්ඨ ඡායාරූප ශිල්පී ටෙනිසන් එදිරිසිංහ ද ලහි ලහියේ සූදානම් විය.
ඩඩ්ලි ගෝමස්,
ඔබ සිනමාවට පිවිසියේ උදයකාන්ත වර්ණසූරියගේ ‘පායා එන්න හිරු සේ’ චිත්‍රපටයෙන්. ඔබ ඔහුගේ ඥාතියෙක් ද? නැතිනම් එහෙම සම්බන්ධයක් නැති ද?
(සිනාසෙමින්)
මෙහෙමයි, මම දෙරණ ලස්සනම කුමරිය තේරීමේ තරගයට සහභාගි වුණා. එහිදී ලස්සනම පාද හිමි යුවතිය ඇතුළු අංග පහකට සම්මාන ලැබුණා. ඊට පස්සේ දෙරණ ජූක් බොක්ස් වැඩසටහන ඉතිරිපත් කළා නිවේදිකාවක් විදියට.
මේ අතරතුර තමයි මම උදයකාන්ත වරණසූරියගේ ‘පායා එන්න හිරු සේ’ චිත්‍රපටයට සම්බන්ධ වුණේ.

තේ පැන් සංග්‍රහය අතරතුරදී

මේ සියල්ල දෙස ඉතා ඕනෑකමින් බලා සිටි සජානි ප්‍රශ්නයක් යොමු කළා.
‘අක්කේ ඔයාට නටන්න පුළුවන් ද?
ඇත්තටම නංගි මම නර්තනය විශේෂයෙන් හදාරා නැහැ. නමුත් මගේ ඇඟේ තියෙනවා නර්තනය. ඒ නිසා මම ඩාන්ස් ස්ටාර් චාන්ස් තුළින් ඒ හැකියාවට නව පණක් දුන්නා.
මේ සියලු කතා අසාගෙන උදාරී දෙස මහත් ඕනෑකමින් බලා සිටි වයස අවුරුදු දහනවයක් වූ අනුරුද්ධ අබේසිංහ උදාරීට මේ පැනය යොමු කළා.
උදාරී ඔබ වේදිකා නාට්‍ය රඟපාලා තියෙනවාද?
මුවට සුපසන් සිනාවක් නගා ගත් උදාරි මෙලෙස පිළිතුරු දුන්නා.
මම පාසල් යන කලේ නම් ශේක්ෂ්පියර්ගේ පරිවර්තන නාට්‍යවල රඟපෑවා. නමුත් ප්‍රසිද්ධ වේදිකාවේ රඟපාලා නම් නැහැ. ආරාධනාවක් ලැබුණොත් රඟපානවා.
පාඨක පිරිස උදාරි සමඟ සමූහ ඡායාරූපයකට පෙනී සිටිමින්.

එම්. ආරියවංශ උදාරී දෙස නෙත් නොහෙලා බලා සිටී. මේ සතුටු සාමීචිය ඉතාමත් උද්යෝගයෙන් යුතුව ගලා යයි.
විටෙක උදාරිගේ කෙහෙ රැල්ලක් සජානිගේ වුවන සිප ගනී. උදාරිගේ ඇති නිරහංකාරකම නිසාම සජානී ඇය ළඟින්ම වාඩි වී සිටින්නේ තම සහෘද බව කියාපාමිනි.
ඔබ බොඳ මීදුම් හි ‘සංසලා’ ලෙස රඟන චරිතය ගැන සෑහීමකට පත් වෙනවා ද? එච්. එම්. ආරියවංශ ඇසුවේ ඒ අතරවාරයේයි.
උදාරි වර්ණකුලසූරිය සමඟ අපූරු රසික කතා බහක්

ජනප්‍රියතම නවකතාවක් වූ ‘බොඳ මීදුම්’ හී ප්‍රධාන චරිතයක් වන සංසලා ලෙස මා තෝරා ගැනීම ගැන සතුටු වෙනවා.
මගේ සාමාන්‍ය ජීවිතයත් සංසලා හා ළඟින්ම සැසඳෙන නිසා මට මෙය එතරම් අපහසු වුණේ නැහැ. අනික නවකතාවට වඩා බොහෝ වෙනස්කම් මේ නාට්‍ය තුළ තිබෙනවා. ඉතින් සංසලා මම බොහොම කැමැත්තෙන් රඟපාන චරිතයක්.
ඩඩ්ලි මේ අතරතුර නැවත හඬ අවදි කරයි. ඔබට සරසවිය පුවත්පත හරහා මෙවැනි ජනප්‍රියතාවක් හිමි වුණා. ඔබ ඒ වෙනුවෙන් මොනවද කරන්නේ.
උදාරිගෙන් සමරු සටහන්.

ඇත්තටම සරසවිය පුවත්පතේ ‘කෙළින්ම හමුවන්න’ විශේෂාංගයට වැඩිම කුසපත් ප්‍රමාණයක් මට ලැබීම ගැන තියෙන්නේ පුංචි අහිංසක සතුටක්. සරසවිය මගෙන් ඕනෑම උදව්වක් ඉල්ලූ සැනින් එන්නේ ඒකනේ.
මේ සියල්ල අතරතුර තේ පැන් සංග්‍රහයක් ද ඔවුන් වෙනුවෙන් පැවැත්වුණා. මෙහිදී උදාරි අතින්ම සංග්‍රහය විඳීමට පාඨකයන්ට වාසනාව හිමි වුණා. සංග්‍රහය විඳින අතරතුරදී උදාරී හා කුළුපග ලෙස සතුටු සාමිචියේ යෙදීමට ද ඔවුන් අමතක කළේ නැහැ.
මේ සියල්ල අතරතුර තම තමන් ගෙනා සමරු පොත්වල සමරු සටහන් ලබා ගැනීම ද පිරිස අමතක කළේ නැහැ.
උදාරි එකවරම පුදුමයෙන් බලා සිටින අතරතුර ආරියවංශ පුංචි තිළිණයක් ඇයට බාර දුන්හ.
මේ සොඳුරු අවස්ථාවේ ඡායාරූප ද උදාරිගේ අත්සනින් යුතුව අපේ ළබැඳි හිතවතුන්ට ලැබුණා.
රූපවාහිනිය, සිනමාව විචිත්‍රවත් කළ තවත් තරුවක් හා වාසනාවන්ත පාඨකයින් සමඟ මෙවන් ප්‍රීති ප්‍රමෝදයට පත් වූ කෙළින්ම හමුවීමක් මේ මාර්තු මාසයේදී නැවත සිදු වේවි.

No comments:

Post a Comment