Pages

Sunday, March 6, 2011

Sri Lankan Hot News Last update 06/03/2011



ලිබියාවේ සිටි අපේ අය තවත් 150 ක් යළි මව්බිමට
ලිබියාවේ සිටි අපේ අය තවත් 150 ක් යළි මව්බිමට
Mar 06,2011
ලිබියාවේ සිට තවත් පුද්ගලයින් 150 දෙනෙකු පමණ විශේෂ ගුවන් යානයකින් අද දිනයේ(06) මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු කරන බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

ඊයේ පස්වරුවේ ද ශ්‍රී ලංකන් ගුවන් සමාගමට අයත් විශේෂ ගුවන් යානයකින් ට්‍රිපෝලි හි සිට පුද්ගලයින් 148 දෙනෙකු දිවයිනට ගෙන්වා ගෙන තිබේ.

මීට අමතරව ඊයේ උදෑසන අවස්ථා 4ක දී පුද්ගලයින් 104 දෙනෙකු මෙරටට පැමිණ ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය ප්‍රකාශ කරයි.

ඒ අනුව මේ වන විට ලිබියාවේ සේවය කළ පුද්ගලයින් 450කට ආසන්න පිරිසක් මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු කර තිබේ.

විදේශ සේවා නියුක්ති කාර්යාංශය ප්‍රකාශ කර සිටියේ ලිබියාවේ උද්ගතව ඇති ගැටුම්කාරී වාතාවරණය හේතුවෙන් මොවුන් මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු කළ බවයි.

ඡන්ද පත්‍රිකා බෙදන්න අද දවස විශේෂයි
ඡන්ද පත්‍රිකා බෙදන්න අද දවස විශේෂයි
Mar 06,2011
ඉදිරි පළාත් පාලන මැතිවරණයට‍ අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීමේ විශේෂ දිනයක් ලෙස අද දිනය නම් කර තිබේ.

තැපැල්පති එම්‍.කේ.බී දිසානායක මහතා ප්‍රකාශ කර සිටියේ නිවාඩු දිනයක් වුවද අද දිනයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීමේ කටයුතු සිදු කරන බවයි.

ලබන 10 වැනි දින දක්වා ගෙයින් ගෙන ගොස් නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා ‍බෙදා හැරීමේ කටයුතු සිදු කරන බව ද තැපැල්පතිවරයා ප්‍රකාශ කළේය.
අදත් වැහි..!
අදත් වැහි..!
Mar 06,2011
දිවයිනේ ප්‍රදේශ රැසකට අද දිනයේ ද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

අපරභාගයේ දී හෝ සන්ධ්‍යාකාලයේ දී දිවයිනේ මධ්‍යම , සබරගමුව , බස්නාහිර සහ දකුණු පළාත් වල තැනින් තැන ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.

ගිගුරුම් සහිත වැසි ඇතිවන විට එම ප්‍රදේශ වල තාවකාලිව තරමක් තද සුළං ද ඇතිවිය හැකි බව ඔවුන් කියා සිටියි.

නැගෙනහිර පළාතේ සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ ද වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ප්‍රකාශ කරයි. 

ජාත්‍යන්තර විශ්ව විද්‍යාල 5 ක් ස්ථාපිත කරන්න සූදානම්
ජාත්‍යන්තර විශ්ව විද්‍යාල 5 ක් ස්ථාපිත කරන්න සූදානම්
Mar 06,2011
ජාත්‍යන්තර විශ්ව විද්‍යාල 5ක් මෙරට ආරම්භ කිරීම සඳහා මේ වන විටත් සැලසුම් ඉදිරිපත් කර ඇති බව උසස් අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

උසස් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න මහතා ප්‍රකාශ කර සිටියේ නව පනත සම්මත කර ගැනීමෙන් අනතුරුව එම විශ්ව විද්‍යාල ආරම්භ කිරීම සඳහා අනුමැතිය ලබා දෙන බවයි.

සුදුසුකම් රාමුව , ප්‍රමිති ආරක්ෂණ සහ වරප්‍රදාන කවුන්සිල් පනත ජාත්‍යන්තර විශ්ව විද්‍යාල ‍මෙරට පිහිටුවීම සඳහා සම්මත කර ගත යුතු බව ලේකම්වරයා ප්‍රකාශ කළේය.

මේ වන විටත් කැබිනට් අනුමැතිය සඳහා මෙම පනත ඉදිරිපත් කර ඇති අතර කැබිනට් අනුමැතිය ලැබීමෙන් පසු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර පනත සම්මත කර ගැනීමට නියමිතය.

මෙරට ජාත්‍යන්තර විශ්ව විද්‍යාල පිහිටුවීම සඳහා අයදුම්පත් 25ක් පමණ ඉදිරිපත් වූ බව උසස් අධ්‍යාපන අමාත්‍ය ලේකම් ‍සුනිල් ජයන්ත නවරත්න ප්‍රකාශ කළේය.

ඉන්දියාව , ජපානය , ඔස්ට්‍රේලියාව , අමෙරිකාව සහ එංගලන්තය යන රටවලින් මෙම අයදුම්පත් ඉදිරිපත් වී ඇති බව ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.

No comments:

Post a Comment