Pages

Wednesday, March 2, 2011

Sri Lanka Hot News Last update 02/03/2011



කැසිනෝ මාවත සූදානම්-කැබිනට් පත්‍රිකාවට ජනාධිපතිවරාත් අත්සන් කරලා
කොළඹ ඩී.ආර් විජේවර්ධන මාවතේ පවත්නා රජයේ හෝ පෞද්ගලික ගොඩනැගිලි හා ඉඩම් සියල්ල රජයට පවරාගෙන ඒවායේ කැසිනෝ හල් ඉදිකරන්නට ආණ්ඩව විසින් මේ වන විටත් පියවර ගනිමින් සිටින බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම්,ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පවසයි.

ඩී.ආර් විජේවර්ධන මාවත"කැසිනෝ මාවත"ලෙස නම් කොට රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශය යටතට පවරා ගනිමින් මේ කටයුත්ත සිදුකිරීමට අදාළ කැබිනට් පත්‍රිකාව මේ වන විටත් සකස් කොට ඇති බව මන්ත්‍රීවරයා කියා සිටියි.

අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා කියා සිටියේ අදාළ කැබිනට් පත්‍රිකාව මේ වන විට කැබිනට් මණ්ඩල අනුමැතිය සඳහා ඉදිරිපත් කර ඇති බවයි.

අදාළ කැබිනට් මණ්ඩල පත්‍රිකාවට රාජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයා වශයෙන් ජනාධිපතිවරයාද අත්සන් තබා ඇති බවට හෙතෙම චෝදනා කළේය.

කොළඹ ඩී.ආර් විජේවර්ධන මාවතේ තැපැල් දෙපාර්තමේන්තුවට අයත්,වරාය අධිකාරියට අයත්,දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් වටිනා ගොඩනැගිලි බොහොමයක් පවත්නා බවත්,ඒවායේ වැදගත් කම නොසලකා මෙවැනි කටයුත්තක් සිදුකිරීම ඉතා කනගාටුදායක බවද හේරත් මහතා සඳහන් කළේය.

සදාචාරය පෙන්වමින් දුරාචාරය ස්ථාපිත කරන වත්මන් ආණ්ඩුව එදා කැසිනෝ පනත රැගෙන ආවේ මේ අයුරින් රටේ අග නගරය සුද්දන්ට,කැසිනෝකාරයින්ට රිසි සේ කටයුතු කරන්නට අවස්ථාව සලසා දීමට බවද ඔහු පෙන්වාදුන්නේය.
කැලණියට රතු හෝ කොළ කොඩි නෑ-විෂ්ණු දෙවියන්ට ගැලපෙන්නේ නෑ
කැලණිය ප්‍රදේශයේ තිබුණු ජනතා විමුක්ති පෙරමුණේ හා එක්සත් ජාතික පක්ෂයේ කොඩි සියල්ල තමන් විසින් කපාදැමූ බව මහජන සබඳතා හා මහජන කටයුතු අමාත්‍ය ආචාර්ය මර්වින් සිල්වා මහතා පවසයි.

කැලණිය විෂ්ණු දෙවියන්ගේ අඩවිය බැවින් හා විෂ්ණු දෙවියන් දෙවුන්දරින් ගෙනා වර්ණය නිල් පාට බැවින් නිල් පාට කොඩි මිසක් රතු පාට හෝ කොළ පාට කොඩි කිසිවක් කැලණියට යෝග්‍ය නොවන බව අමාත්‍යවරයා අවධාරණය කළේය.

අද(02)කිරිබත්ගොඩ දිසා රෝහලේ නිරීක්ෂණ චාරිකාවකට එක් වූ සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා පිළිගැනීම වෙනුවෙන් පැවති උත්සවයකදී මර්වින් සිල්වා අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

රතු පාට කතරගම දෙවියන්ගේ වර්ණය බැවින් කපා දැමූ රතු කොඩි වැල් සියල්ල කතරගමට පිටත් කර හැරිය බවත්,කොළ පාට මුස්ලිම් බැතිමතුන්ගේ වර්ණය බැවින් කපා දැමූ කොළ කොඩි සියල්ල මුස්ලිම් පල්ලියකට පිටත් කර හැරිය බවත් හෙතෙම කියා සිටියේය.

තමා එකී කටයුත්ත සිදුකරනු ලැබුවේ ඉතාම ශ්‍රද්ධාවෙන් බවද,තමන් කතරගම දෙවියන්ට පවා ඉතාමත් ගරු කරන බවද අමාත්‍යවරයා පෙන්වාදුන්නේය. 
ලැබූ විජයග්‍රහණය කිසි විටෙක පාවා දෙන්නේ නෑ
ලැබූ විජයග්‍රහණය කිසි විටෙක පාවා දෙන්නේ නෑ
Mar 02,2011
මානුෂීය මෙහෙයුමෙන් ලැබූ යුදමය විජයග්‍රහණය කිසි විටෙක පාවාදෙන්නට තමන් සූදානම් නැති බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

අද අපට ගොඩනැගීමට ඇත්තේ ත්‍රස්තවාදීන් විනාශ වූ රටක් බවත්,ඒ සඳහා ත්‍රිවිධ හමුදාව ඉදිරිපත්ව සිටින බවත් ජනාධිපතිවරයා පෙන්වා දෙයි.

ශ්‍රී ලංකා‍ ගුවන් හමුදාවේ 60 වන සංවත්සරයට එක් වෙමින් අදහස් දැක් වූ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේ ගුවන් හමුදාව මෙරට ඉතිහාසය තුළ අති විශිෂ්ට කාර්යය භාරයක් ඉටු කළ බවයි.

ගුවන් යානා 4කින් ආරම්භ කළ ගුවන් හමුදාව අද නියමුන් රහිත ගුවන් යානා ඇතුළු නවීන අවි ආයුධ වලින් සම්බන්ධ ප්‍රබල හමුදාවක් බවට පත්ව ඇතැයි ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

ත්‍රස්තවාද‍ය විනාශ කිරී‍මේ සටනේ දී ගුවන් හමුදා ප්‍රහාර වලින් සාමාන්‍ය වැසියන්ට කිසිදු අනතුරක් නොවූ බව පැවසූ ජනාධිපතිවරයා එසේ වූයේ නම් මෙරට ඉතිහාසය වෙනත් අයුරකින් ලියවීමට ඉඩ තිබුණු බව ද සඳහන් කළේය. 
වැඩි වන බඩු මිලට එරෙහිව කැලණියේ විරෝධතා බෑ
වැඩි වන බඩු මිලට එරෙහිව කැලණියේ විරෝධතා බෑ
Mar 02,2011
බඩු මිල වැඩි බව පවසා කිසිවෙකුටත් විරෝධතා පැවැත්වීමට කැලණියේ ඉඩක් නොතබන බව මහජන සබඳතා සහ මහජන කටයුතු අමාත්‍ය ආචාර්ය මර්වින් සිල්වා මහතා පවසයි.

මානුෂීය මෙහෙයුමෙන් කුරිරු යුද්ධයක් නිමා කොට රට වේගයෙන් සංවර්ධනය කරගෙන යාමේදී පොකුරු බොරු කියන රනිල්-සජිත්,ජේ.වී.පෙ හොර නඩය වපුරන බොරු බීජ වලට උසිගැන්වී වම්බටු ගෙඩියක්,පතෝල කරලක්,බණ්ඩක්කා කරලක් අරන් පාරට බහින බව අමාත්‍යවරයා කියා සිටියේය.

කැලණිය සුදර්ශනාරාමයේදී අඩු ආදායම් ලාභීන් දහසකට සහන මල්ලක් බැගින් ප්‍රදානය කිරීමේ උත්සවයකට සහභාගී වෙමින් ඔහු මේ බව පැවසුවේය.

පසුගියදා ගංවතුර උවදුරෙන් රටම විනාශ වෙද්දී කැලණියට කිසිදු උපද්‍රවයක් සිදු නොවුණේ තමන්ගේ දක්ෂතාවයත්,කැලණියේ ජනතාවගේ පින් මහිමයත් නිසා බවද හෙතෙම පෙන්වා දුන්නේය.

එකී ගංවතුරට ගසා ගෙන ගොස් අලි කුණ පවා ගස් උඩ රැඳෙන විට රනිල්ගේ හෝ සජිත් ගේ වම්බටු හෝ බණ්ඩක්කා ඉතිරිවන්නේ කෙසේදැයි අමාත්‍යවරයා ප්‍රශ්න කළේය.

එළඹෙන පළාත් පාලන මැතිවරණයේදී එකදු කොළපාට පළා පනුවෙක් වත්,යක්ෂයාගේ පාට රැගත් එකම එක කටුස්සෙක්වත් කැලණිය ප්‍රදේශීය සභාවට පත්කර නොඑවිය යුතු බවත්,විෂ්ණු දෙවියන්ගේ පාට වන නිල් පාටින් කැලණිය ප්‍රාදේශීය සභාව බැබලවිය යුතු බවත්ඔහු සඳහන් කළේය.

මැතිවරණයෙන් පසු ප්‍රාදේශිය සභාව පාලනය කරන්නේ තමන් බවද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් අවධාරණය කළේය. 


පැරෂුටයෙන් පාත්වූ කෙනා මගෙන්
වතුර ඉල්ලාගෙන බීවා
- සිද්ධිය ඇසින් දුටු පවිත්‍රා චාන්දනී කියයි


Mar 02,2011
සිරිමෙවන් කස්‌තුරිආරච්චි

"විශාල පිපිරුම් ශබ්දයක්‌ ඇසී මම කඩයෙන් එළියට ඇවිත් බලන විට කඩයට පිටුපස මීටර් 100 ක්‌ පමණ දුරින් කළු පාටින් දුම් ගොඩක්‌ දුටුවා. ඒ සමඟ කඩය පිටුපස ඉඩමට පැරෂුටයකින් කෙනෙක්‌ පාත්වුණා. එයා අපේ කඩය පිටුපස පිහිටි නිවසට පැමිණ මගෙන් වතුර ඉල්ලාගෙන බීලා ජංගම දුරකථනයෙන් කතා කර ගුවන් අනතුර පිළිබඳව කාටද දැනුම් දුන්නා. එහිදී ඔහු අනතුරට පත් යානයේ නියමුවා බව මම දැනගත්තා" යයි කොස්‌හේන ප්‍රදේශයේ පදිංචිකාරියක වන පවිත්‍රා චාන්දනී මෙනෙවිය පැවැසුවාය.

"ඔහුට පිටින් පෙනෙන කිසිම තුවාලයක්‌ තිබුණේ නැහැ. ඔහු හොඳ සිහි කල්පනාවෙන් යුතුවයි හිටියේ. මගෙන් වතුර බීලා අපේ නිවස පිටුපස වාඩිවී පැය භාගයක්‌ පමණ සිටියා. අනෙක්‌ යානයේ නියමුවාට මොකද වුණේ කියා බලන්න ඕනෑ කියලත් කිව්වා" යෑයි චාන්දනී මෙනෙවිය වැඩිදුරටත් පැවැසුවාය.

ශ්‍රී ලංකා සංචාරක තානාපතිවරයෙක් ලෙස ක්‍රිකට් විචාරක ටෝනි ග්‍රෙග් නම් කෙරෙයි

ප්‍රවීණ ක්‍රිකට් විචාරක ටෝනි ග්‍රෙග් (Toney Greig) මහතා ශ්‍රී ලංකාවේ සංචාරක තානාපතිවරයා ලෙස පත්කර තිබේ. ශ්‍රී ලංකා සංචාරක මණ්ඩලය මගින් මෙම පත්වීම කර ඇත. ලෝක කුසලාන තරගාවලියේ දී සහ ඉදිරියේදී පැවැත්වෙන ඉන්දියන් ප්‍රීමියර් ලීග් (Indion Premier League)තරගාවලියේදී සහ තවත් ක්‍රියාකාරකම්වලදී මොහු ශ්‍රී ලංකාවේ සංචාරක තානාපතිවරයා වශයෙන් කටයුතු කරයි.
2011 සංචාරක වසරේ මාස 12 විවිධ තේමාවන් යටතේ හඳුන්වා දී ඇති අතර මෙම මාසය ක්‍රීඩා හා ත්‍රාසජනක ක්‍රීඩා වෙනුවෙන් වෙන්කර ඇත.  එහි එක් අදියරක් ලෙස මෙම පත්වීම සිදුකර ඇත. නව සංචාරක තානාපතිවරයා වැඩ භාර ගැනීමෙන් අනතුරුව ක්‍රීඩා හා ත්‍රාසජනක ක්‍රීඩා සම්බන්ධයෙන් පැවැති ප්‍රථම සම්මන්ත්‍රණය පසුගියදා (28) සංචාරක මණ්ඩල ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි. මෙහිදී අදහස් දැක්වූ නව තානාපති ටෝනි ග්‍රෙග් මහතා.
“විශේෂයෙන්ම ශ්‍රී ලංකාව ඉදිරියේදී සංචාරක ක්ෂේත්‍රයේ ප්‍රගතියක් අත්කර ගන්නා බවත්, ඒ සඳහා තමාට ඉටුකළ හැකි කාර්යභාරය නොපිරිහෙලා ඉටුකරන බවත් පැවැසීය. විශේෂයෙන්ම ශ්‍රී ලංකා ජනතාවගේ ආගන්තුක සත්කාර ඇගයීමට ලක්කරන බවත් එය ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනයට රුකුලක් වී ඇති බවත් වැඩිදුරටත් පැවැසීය. අංගම්පොර සටන් කළා සංදර්ශශනයකින්ද මෙම සංදර්ශනය විචිත්‍රවත් වූ අතර පැරණි සටන් කලා ක්‍රම පිළිබඳව ජාත්‍යන්තරය දැනුම්වත් කිරීමටද ඉදිරියේ ශ්‍රී ලංකා සංචාරක මණ්ඩලය බලාපොරොත්තු වෙයි.
.

ගිනි ජාලා මැදින් යානය කඩා වැටුණා ඇසින් දුටුවෝ මෙසේ කියති

Mar 02,2011
අපේ නිවෙස උඩින් ගුවන් යානා (5) පහක් පියාසර කරමින් තිබුණා. පිටු පසින් ගිය දෙකක් එකට ගැටුණා දැක්කා. එවිටම විශාල කළු දුමක් නැගුණා. ටික වෙලාවකට පසු මගේ නිවෙසට යාබද එක් ගුවන් යානයක් දුම නඟමින් කඩා වැටුණා. ඉන් පසු රතිඤ්ඤා පුපුරන්නාසේ සද්දයක් ඇසුණා. මම කඩේ සිට දිවගෙන ආවා ඒ දෙසට. එවිටම පැරිෂූට් එකකින් ගුවන් නියමුවකු අපේ නිවෙස පිටුපසට බැස්සා. පසුව ගුවන් නියමුවා අපේ නිවෙසට ආවා. ඇවිත් අක්කේ මට වතුර ටිකක් දෙන්න කියා ඉල්ලුවා. එසේ පැවසුවේ උඩතුත්තිරිපිටිය නෙල්ලිගහමුල පදිංචි පවිත්‍රා චාන්දනී මෙනවියයි.
ඊඩා කමලා ද සිල්වා මහත්මිය ප්‍රකාශයක් කරමින් සිද්ධිය පිළිබඳ මෙසේ කීවාය. අද (1) උදේ 9.35 ට පමණ මම නිවෙස ඇතුලේ සිටින විට විශාල ශබ්දයක් සමග මගේ නිවෙසේ වහලය කඩා වැටුණා. ඒ සමඟම මම නිවෙසින් එළියට පැන්නා. එවිට ගෙදර සිටියේ මා විතරයි. මට කිසිවක් සිතා ගන්න බැරිව ගියා. අල්ලපු වත්තේ රතිඤ්ඤා පිපිරෙන හඬක් ඇසුණා. පසුව ගුවන් යානයක් අනතුරට පත්වී ඇති බව දැක්කා. යානයේ තටු කැබැල්ලක්ද මගේ වත්තේ තිබුණා. දෙවියන් බැලුවා වගේ මේ අනතුරින් ප්‍රදේශයේ පුද්ගලයන්ට හානියක් උනේ නැහැ.
රමණී රණසිංහ මහත්මිය ප්‍රකාශයක් කරමින් මෙසේ කීවාය උදේ 9.30 පමණ මම වළං සෝදමින් කුස්සියේ හිටියා. එක පාරටම ගිනි ජාලාවක් පිට කරමින් කුස්සියේ බිත්ති කඩා වැටුණා. ගිනි ජාලාව මැද්දෙන් මං කඩේ දෙසට දිව්වා. එවිට විශාල ශබ්දයක් නගමින් පුපුරන හඬක් ඇසුණා. මට සිතාගන්න බැරිව ගියා මොකක්ද වුණේ කියලා. පසුව කඩමණ්ඩියේ පිරිස මා සොයාගෙන ආවා. අපි සැවොම දුටුවා මගේ නිවෙසට බරපතළ ලෙස අලාභ වී ඇති බව. ගේපිටුපස ගිනි ජාලාවක් දුටුවා. ජනතාව කෑ ගැසුවා ගුවන් යානයක් කඩා වැටිලා කියලා.
නෙල්ලිගහමුල මංජු නමැති අය මෙසේ කීය. හන්දියේ සිට මීටර් 100 ආසන්නයේ එකපාරටම ගුවන් යානයක් ගිනි ගනිමින් පාත්වුණා. ප්‍රදේශයම මහ හඬක් නැගුණා. සිද්ධියවූ තැනට යාමට හැකි වුණේ නෑ. පැරිෂුට් වලින් ගුවන් නියමුවන් බිමට බසින ආකාරය දැක්කා. ඊයේ (1) පෙරවරු 9.35 ට පමණ සිදුවූ කෆීර් යානා අනතුරින් එක් නියමුවකු මිය ගොස් තිබේ.
බස්නාහිර පළාත් නියෝජ්‍ය පොලිස්පති හා අනෙකුත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අනතුර සම්බන්ධව පරීක්ෂණ පවත්වති. සිද්ධිය වූ ස්ථානයට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාද පැමිණි අතර ප්‍රදේශයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුද රැස්ව සිටියහ. මෙම ස්ථානයට අතිවිශාල ජන සංඛ්‍යාවක් පැමිණීමෙන් මාර්ග තදබදයක්ද ඇති විය.

ගුවන් නියමු මොනාෂ් පෙරේරා

Mar 02,2011
ශ්‍රීලංකා ගුවන් හමුදාවේ හැටවැනි සංවත්සර උළෙල වෙනුවෙන් පෙර පුහුණුවීම්වල යෙදී සිටියදී හදිසි අනතුරකට ලක්ව ඊයේ මියගිය බළපන්ති ලුතිනන් එම්. මොනාෂ් පෙරේරා 28 හැවිරිදි අවිවාහක නිලධාරියෙකි. ඔහු දෙහිඕවිට ඊරියගොල්ල ප්‍රදේශයේ පදිංචිව සිටියේය. 1982 දී උපත ලබා ඇති මොහු ගාල්ල මහින්ද විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි.
1999 දී එම පාසලේ කැඩෙට් කණ්ඩායමේ කැපී පෙනෙන සාමාජිකයෙක්ව සිට පාසලෙන් සමුගත් පසු 2004 වර්ෂයේ දී ශ්‍රී ලංකා ගුවන් හමුදාවට බැඳුණි. එම වසරේ ජූනි 18 වැනි දින පුහුණුව අවසන් කර ගුවන් හමුදා පියාසර නිලධාරියෙකු ලෙස සේවයට එක්වී ඇත. ඔහු පසුගිය කාලයේ උතුරු නැඟෙනහිර ක්‍රියාන්විත රාජකාරියේ යෙදෙමින් රට දැය එක්සේසත් කිරීමට දායක වු දක්ෂ නිලධාරියෙකි.

ගුවන් හමුදාවට 60යි සමරු උලෙළ අද ජනපති ප්‍රධානත්වයෙන්

Mar 02,2011
ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 60 වැනි සංවත්සරයේ සමාරම්භක උළෙල ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ගේ ප්‍රධානත්වයෙන් රත්මලාන ගුවන් හමුදා කඳවුර පරිශ්‍රයේ දී අද (02) පෙරවරුවේ අති උත්කර්ෂවත් අයුරින් පැවැත්වේ. අද ඇරඹෙන ප්‍රදර්ශනය හා සැණකෙළි සංදර්ශන මේ මස 08 වැනිදා දක්වා පැවැත්වෙන බව ගුවන් හමුදාව පවසයි. අද (02) හවස 2 සිට මේ ප්‍රදර්ශන භූමිය මහජනතාව වෙනුවෙන් විවෘත වෙයි.
හෙට (03) සිට පෙරවරු 10.00 සිට රාත්‍රී 11.00 දක්වා විවෘත වෙයි. ගුවන් හමුදාවේ 60 වසක අභිමානය ඇතුළත් ප්‍රදර්ශන කුටි, යුද්ධයේ විවිධ අවස්ථා, ගුවන් යානා හා ගුවන් හමුදාවට අයත් රථ සියල්ල එහි දී දැක බලා ගත හැකි ය. සමහර යානා වලට ඇතුළු වී ඒවා නැරඹීමට ද අවස්ථාව ලැබේ. ගුවන් කරණම්, පැරෂුට් සංදර්ශන ආදී විවිධ සංදර්ශන සහිත සැණකෙළි ද මෙහි දී පැවැත්වීමට කටයුතු යොදා ඇති බව ගුවන් හමුදාව සඳහන් කරයි.

මේ අතර ගුවන් හමුදා සංවත්සරය නිමිත්තෙන් අද විශේෂ සමරු මුද්දරයක් ද නිකුත් කෙරේ. තැපැල් සේවා ඇමැති ජීවන් කුමාරතුංග මහතාගේ උපදෙස් පරිදි තැපැල් දෙපාර්තමේන්තුවේ මුද්දර කාර්යාංශය එය නිකුත් කරයි. රුපියල් පහක වටිනාකමින් යුත් මෙම තැපැල් මුද්දරය මත ප්‍රථම දින මුද්‍රා තැබීම ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් රත්මලාන ගුවන් හමුදා කඳවුරේ පැවැත්වෙන උත්සවයේ දී අද පෙරවරුවේ සිදු කෙරේ.

ත්‍රි’මලේට-අනුරපුරට මහ වැසි
Mar 02,2011
අනුරාධපුර සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලට යළිත් මහ වැසි ලැබෙමින් පවතී.මේ හේතුව නිසා වී අස්වනු නෙළා ගත නොහැකිව එම ප්‍රදේශවල ගොවීහු මහත් අපහසුතාවයනට පත්ව සිටිති. පෙරේදා (28) හා ඊයේ (01) තුළදී ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයට ධාරාණිපාත වැසි ඇද හැළීම නිසා පැසුණු ගොයම් කපන හා ගොයම් කැපීමට සූදානම්ව සිටි ගොවීහු මහත් අපහසුතාවකට පත්වූහ.
ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මුත්තූර්, සේරුනුවර, තඹලගමුව වැනි ජනපද පසුගිය මහ ගංවතුරින් විශාල ලෙස අනතුරට පත්වූ අතර කන්තලේ, මොරවැව, වාන්ඇළ, ගෝමරන්කඩවල ජනපදවල කුඹුරුවලට වැඩි හානියක් වූයේ නැත. එම ගංවතුරින්ද බේරුණු කුඹුරු වල අස්වැන්න මහ වැසි හේතුවෙන් නෙළා ගැනීමට නොහැකි වී ඇත. ඇතැම් ජනපදයන්හි කපන ලද ගොයම වැස්සෙන් දැනටමත් විනාශ වී තිබේ.
තව දින තුන හතරක් මේ අයුරින් වැසි ඇද හැළුනොත් අස්වනු මුළුමනින්ම විනාශ වනු ඇතැයිද ගොවීහු පවසති. මේ අතර අනුරාධපුරය දිස්ත්‍රික්කයට යළි මහ වැසි ඇද හැළෙන ලකුණු පහළ වී ඇත. පෙරේදා (28) අනුාධපුර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ ගණනාවකට ධාරාණිපාත වැසි ලැබිණ. ජනවාරි හා පෙබරවාරි මස ඇතිවූ මහ වැස්සෙන් ගංඟා ඇළ දොළ උතුරා යෑමෙන්ද වැව් අමුණු කැඩී යාමෙන්ද අනුරාධපුර ජනතාව ව්‍යසනයකට ගොදුරු වූහ.
ශ්‍රී ලංකාවට එරෙහි යළි යුද අපරාධ චෝදනා අවදානමක්..!
ශ්‍රී ලංකාවට එරෙහි යළි යුද අපරාධ චෝදනා අවදානමක්..!
Mar 01,2011
 ශ්‍රී ලංකාවට එරෙහිව ජාත්‍යන්තර යුද අධිකරණයක් හමුවේ යුද අපරාධ චෝදනා ගොනු කිරිමේ අවදානමක් යළි මතුවී ඇතැයි එක්සත් ජනපද ඉහළපෙළ නිලධාරියෙකු විසින් පෙන්වා දී තිබේ.

ශ්‍රී ලංකාවේ පැවති යුදමය වාතාවරණයේ තීරණාත්මක වූ අවසාන මාස කිහිපය තුළ සිවිල් වැසියන් දහස් ගණනක් මරුමුවට පත්ව ඇති බවට ශ්‍රී ලංකා රජයට චෝදනා එල්ල වී ඇති බව සඳහන් වේ.

2009 මැයි මාසයේදී අවසන් වූ යුදමය තත්ත්වය ‍පිළිබඳ මේ ආකාරයට ජාත්‍යන්තර විමර්ශනයක්පැවැත්වීමේ අවදානමක් පවතින බවට ඇමරිකා එක්සත් ජනපදයේ දකුණු හා මධ්‍යම ආසියානු සබඳතා පිළිබඳ සහකාර ලේකම් රොබට් ඒ බ්ලේක් මහතා "ස්කයි නිව්ස්" මාධ්‍යයට අද පවසා තිබේ.

එසේ වුවද ජාත්‍යන්තරය විසින් පිළිගත් නීති රීති හා තත්ත්වයන් ට අනුකූලව ශ්‍රී ලංකාව විසින්ම විමර්ශනයක් සිදුකිරීම වඩා සුදුසු බව ශ්‍රී ලංකාවේ හිටපු ඇමරිකානු තානාපතිවරයා වූ රොබට් ඒ බ්ලේක් මහතා වැඩිදුරටත් පෙන්වා දී තිබේ
.
 ලසිත් මාලිංගට හැට්රික්-ශ්‍රී ලංකාවට 143 ක ඉලක්කයක්
ලසිත් මාලිංගට හැට්රික්-ශ්‍රී ලංකාවට 143 ක ඉලක්කයක්
Mar 01,2011
සුපිරි වේග පන්දු යවන්නෙකු වන ලසිත් මාලිංග විසින් පිට පිටම කඩුලු 3ක් සහිතව(හැටිරික්)ලකුණු 38 ට කඩුලු 6 ක් දවාගැනීමට සමත්විය.

ඒ අද කෙන්යාවට එරෙහිව කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවති තරගයේදීය.

කෙන්යානු කණ්ඩායම පන්දුවාර 43 යි පන්දු 4 ක් තුළදී සියලුදෙනාම දැවී ලකුණු 142 ක් ලබා ගන්නා ලදී.

2011 ලෝක කුසලාන තරගාවලියේ අද(01) දින කොළඹ ආර්.ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවතියේ 14 වන තරගයයි. 

No comments:

Post a Comment