Pages

Saturday, March 12, 2011

Sri Lanka Hot News Last update 12/03/2011 11:00am




හතමුණ පාලම අසලදී බසයක් පෙරළී 28 ට තුවාලයි
හතමුණ පාලම අසලදී බසයක් පෙරළී 28 ට තුවාලයි
Mar 12,2011
පොළොන්නරුව, හිඟුරක්ගොඩ මාර්ගයේ හතමුණ ප්‍රදේශයේ දී බස්රථයක් පෙරළීමෙන් පුද්ගලයින් 28 දෙනෙකු තුවාල ලබා තිබේ.

හතමුණ පාලම අසල දී අඩි 15 ක් පමණ ප්‍රපාතයකට බස්රථය පෙරළී ඇති බව හිඟුරක්ගොඩ පොලිසිය සඳහන් කරනු ලැබීය.

බස්රථයේ රෝදවල ඇති වූ කාර්මික දෝෂයක් හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බව සඳහන්ය.

අනතුරින් තුවාල ලැබූවන් පොළොන්නරුව සහ හිඟුරක්ගොඩ රෝහල්වලට ඇතුළත් කර ඇති බව ද පොලිසිය සඳහන් කරනු ලැබීය. 
දැවි තෙල් මිල ඉහළ දැම්මොත් විදුලි ගාස්තු වැඩිකරන්න වෙයි
Mar 12,20111
විදුලි බල මණ්ඩලයට සහන මිලට දැවි තෙල් ලබාදෙන්නේ මෙම වසර තුළ පමණක් බව ඛනිජ තෙල් කර්මාන්ත අමාත්‍යාංශය පවසයි.

ඛනිජ තෙල් සංස්ථාව ලබන පාඩුවෙන් 80% ක්ම විදුලි බල මණ්ඩලයට අඩු මිලට දැවි තෙල් ලබාදීම හේතුවෙන් සිදුවන බව එම අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක සඳහන් වෙයි.

ඒ අනුව රුපියල් 40 ට ලබාදෙන දැවි තෙල් ලීටරයක් ලබන වසරේ සිට රුපියල් 82 ක මුදලකට ලංකා විදුලි බල මණ්ඩලයට ලබාදෙන බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්ය.

රුපියල් බිලියන 5ක ලාභයක් ලැබූ බව පසුගියදා නිවේදනය කළ ලංකා විදුලි බල මණ්ඩලය අයත් විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය භාර අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගෙන් මේ පිළිබඳව අද දෙරණ විමසීමක් කරනු ලැබීය.

රුපියල් 26 ට ලබාදුන් දැවි තෙල් ලීටරය රුපියල් 40 බවට පත්කිරීමත් සමග විදුලි බල මණ්ඩලයට අතිරේක වියදමක් දැරීමට සිදුවූ බව අමාත්‍යවරයා පවසයි.

අදාළ තෙල් මිල ගණන් තීරණය කරනු ලබන්නේ ඛනිජ තෙල් නීතිගත සංස්ථාව හෝ විදුලි බල මණ්ඩලය නොවන බවත්, මහා භාණ්ඩාගාරය හා මහජන උපයෝගීතා කොමිසම එක්ව ගන්නා තීරණයක් බවත් ඔහු කියා සිටියේය.

ඛනිජ තෙල් සංස්ථාවට ගෙවනු ලබන මුදලින් දෙගුණයක් පමණ විවිධ සංවර්ධන කටයුතු සහ අනෙකුත් කටයුතු සඳහා විදුලි බල මණ්ඩලය සමාජ දායකත්වය සපයන බව ද හෙතෙම පෙන්වාදෙයි.

ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මෙන්ම ලංකා විදුලි බල මණ්ඩලය ලාභ ඉපයීම නොව සමාජ ප්‍රතිලාභ අරමුණින් පවත්වාගෙන යන බව චම්පික රණවක මහතා පෙන්වාදෙයි.

ඛනිජ තෙල් සංස්ථාවට පවතින්නේ විදුලි බල මණ්ඩලය නිසා ඇතිවූ ගැටලුවක් නොව දැනට පවතින පිරිපහදුව ප්‍රමාණවත් නොවීම, කාර්යක්ෂමතාව පිළිබඳ ගැටලුව සහ අතිරේක ව්‍යාපෘති නතරවීම වැනි ගැටලු නිසා ඇතිවුණු අර්බුදයක් බව අමාත්‍යවරයා පෙන්වාදෙයි.

දැවිතෙල් මිල රුපියල් 40 සිට රුපියල් 82 දක්වා ඉහළ දැම්මොත් ඒ අනුව විදුලි ගාස්තු ද වැඩිවනු ඇති බව මහජන උපයෝගීතා කොමිසමට දැනුම්දීමට සිදුවනු ඇති බව පාඨලී චම්පික රණවක අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කර සිටියේය.

විදුලි බල මණ්ඩලය අසීරු මූල්‍ය අර්බුදයකින් ගලවාගත් බවත්, ඇතැම් පිරිසකට එම තත්ත්වය දරාගැනීමට අපහසු වී තිබීම ගැන කණගාටුවට පත්වන බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
අයර්ලන්තය පරදා කොදෙව්වන් පෙරමුණට
Mar 11,2011
බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හා අයර්ලන්තය අතර අද පැවති තරගයෙන් වැඩි ලකුණු 44 න් ජය ලැබීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත්විය.

අද මොහාලි හි පී.සී.ඒ ක්‍රීඩාංගණයේ දී තරගයේ කාසියේ වාසිය දිනා ගත් අයර්ලන්ත කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීම සඳහා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට ආරාධනා කරන ලදී.

එහිදී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ සියලු දෙනාම දැවී ලකුණු 275 ක් ලබාගත් අතර පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ අයර්ලන්ත කණ්ඩායමට පන්දුවාර 49 ක් තුළදී සියලුදෙනාම දැවී ලබාගත හැකි වූයේ ලකුණු 231 ක් පමණි. 
 ජනපති ජපානයට කනගාටුව පළ කරයි
ජනපති ජපානයට කනගාටුව පළ කරයි
Mar 11,2011
ජපානයේ ඇති වූ හදිසි සුනාමි ඛේදවාචකය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජයේ කනගාටුව ප්‍රකාශ කරන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

මෙම ව්‍යසනය පිළිබඳ ජනාධිපතිවරයා සිය බලවත් කනගාටුව ප්‍රකාශ කළ බව ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කරයි
.
ජපන් සුනාමියෙන් ශ්‍රී ලංකාවට හානි නෑ


No comments:

Post a Comment