Pages

Wednesday, March 16, 2011

Sri Lanka Hot News Last update 16/03/2011

3:00pm

 සා/පෙ ප්‍රතිඵල දැන් අන්තර් ජාලයෙන්
2010 අ.පො.ස(සා/පෙ) විභාගයේ ප්‍රතිඵල මේ වන විට නිකුත් කරනු ලැබ තිබේ. ඒ අනුව www.doenets.lk වෙබ් අඩවියට පිවිසීමෙන් පසුගිය සා/පෙ ප්‍රතිඵල පරීක්ෂා කර බැලිය හැකිය

 ඥාතීන් නේපාලයේ නෑ-කාටවත් අත්සන් කළෙත් නෑ
ඥාතීන් නේපාලයේ නෑ-කාටවත් අත්සන් කළෙත් නෑ
තම පවුලට සම්බන්ධ කිසිදු අයෙකු නේපාලයේ දේශපාලන රැකවරණය පතා එහි ගොස් නොමැති බව අනෝමා ෆොන්සේකා මහත්මිය පවසයි.

තම සැමියාගේ මැතිවරණ මෙහෙයුම් කාර්යාලයේ සේවය කළ කිහිපදෙනෙකු මේ අයුරින් නේපාලයේ රැකවරණ පතා ඇතැයි තමන්ට දැන ගන්නට ලැබී ඇතැයිද ඇය අද දෙරණට කියා සිටියාය.

එසේ වුවද එකී කිසිවෙකුටත් දේශපාලන රැකවරණ ඉල්ලා කරනු ලැබූ ඉල්ලීම් ලිපි වලට තමා අත්සන් නොකළ බවත්,ඇතැම් විටෙක තම අත්සන හොරට තබා ගනිමින් රැකවරණය අපේක්ෂා කළාදැයි තමන් නොදන්නා බවද ෆොන්සේකා මහත්මිය සඳහන් කළාය.

මැතිවරණ මෙහෙයුම් කාර්යාලයේ මාධ්‍ය ඒකකයේ සේවය කළ මෙම පිරිස තමන්ගේ ආරක්ෂාව හා කරුණු සනාථ කිරීම සඳහා තම අත්සන භාවිතයට ගන්නට ඇතැයි තමන් සිතන බවද ඇය කියා සිටියාය.

කෙසේ වෙතත් නීතිඥයාගේ උපදෙස් නොමැතිව කිසිදු ලියවිල්ලකට අත්සන් නොතබන ලෙස තමාට උපදෙස් ලැබී ඇති බවද ඇය වැඩිදුරටත් කියා සිටියාය.

ශ්‍රී ලංකාව හා ජපානය අතර ගුවන් ගමන් වැඩිකරන්න ඉල්ලයි
ශ්‍රී ලංකාව හා ජපානය අතර ගුවන් ගමන් වැඩිකරන්න ඉල්ලයි
Mar 16,2011
ශ්‍රී ලංකාව හා ජපාන‍ය අතර සිදුකෙරෙන ගුවන් ගමන් වාර ගණන වැඩි කරන ලෙස ශ්‍රී ලංකන් ගුවන් සමාගම ඉල්ලීමක් කර ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

එසේ වුවද ජපානයේ සිට ශ්‍රී ලංකාවට පැමිණීම සඳහා විශාල තදබදයක් නොමැති බව එම අමාත්‍යාංශය සඳහන් කරයි.

ජපානය තුළ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කිරීමට තරම් වාතාවරණයක් නොමැති බව ද එරට රජය විසින් දැනුම් දී ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශය පෙන්වාදෙයි.

ජපානයේ රැදී සිටින ශ්‍රී ලාංකිකයින් පිළිබඳ තොරතුරු රැස්කිරීම එරට පිහිටි විහාරස්ථාන හරහා සිදුකෙරෙන බවද විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

ශ්‍රී ලාංකිකයින්ට අදාළ විහාරස්ථාන හරහා ජපානයේ පිහිටි තානාපති කාර්යාලය සමග තොරතුරු හුවමාරු කරගත හැකි බව ද එම අමාත්‍යාංශය පෙන්වාදෙයි.

යාචක වෙස්ගෙන කුඩු විකුණා මාට්ටු

Mar 16,2011
සිඟමන් යදින්නියක ලෙස වෙස්ගෙන බොරැල්ල මැගසින් පාරේ “ හෙරොයින් “ විකුණමින් සිටි කන්තාවක් කුඩු පැකට්ටු 12ක් සමඟ පෙරේදා (14) කොළඹ දකුණ කොට්ඨාස දුෂණ මර්දන අංශය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට පත් සැකකාරිය දෙහිවල ප්‍රදේශයේ පදිංචි 32 හැවරිදි තැනැත්තියක බව පොලිසිය පවසයි.
සැකකාරිය මත්කුඩු පැකැට්ටුවක් රුපියල් 1000ක මිලකට අලෙවිකර ඇති අතර ප්‍රදේශයේ මත්ලෝලීන් කලක සිට ඇගෙන් කුඩු පැකට් මිලදී ගෙන ඇති බව අනාවරණය වී ඇත.  ඇය සතුව තිබූ කුඩු පැකට්වල ග්‍රෑම් 2 1/2 ක් පමණ බර හෙරොයින් ප්‍රමාණයක් තිබී අත්අඩංගුවට ගෙන තිබේ.  සිද්ධිය පිළිබඳ පොලිස් අධිකාරී සංජීව ධර්මරත්න මහතාගේ උපදෙස් මත කොළඹ දකුණ කොට්ඨාස දුෂණ මර්දන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක අසේල ගෝවින්න මහතා ඇතුළු නිලධාරීහු පරීක්‍ෂණ පවත්වති.

සරසවි සිසුන්ගෙන් පහර කෑ

ජ’පුර ආචාර්යවරයකු ඇතුළු 5ක් තුවාල ලබා රෝහලේ

භක්ති ධර්මප්‍රිය මෙන්ඩිස්
  Mar 16,2011
ශ්‍රීජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසකගේ පහර කෑමට ලක්වූ ආචාර්යවරයකු ඇතුළු පස් දෙනෙක් කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කරනු ලැබ සිටිති. මේ සිසුන් පිරිස විසින් තවත් ආචාර්යවරයෙකු ඇතුළු විශ්වවිද්‍යාල පාලක අංශයේ කිහිප දෙනකු පැය කිහිපයක් ඔවුන්ගේ ග්‍රහණයේ තබා ගත් බවත් පොලිසිය කැඳවා එම පිරිස ශිෂ්‍ය ග්‍රහණයෙන් මුදා ගත් බවත් උපකුලපති ආචාර්ය එන්. එල්. ඒ. කරුණාරත්න මහතා දිනමිණට පැවසීය.
පහර කෑමට ලක්වූ පුද්ගලයන් අතර නේවාසිකාගාර පාලකවරයා සහ ආරක්ෂක නිලධාරීන් සිටින බවද උපකුලපතිවරයා සඳහන් කළේය. සිද්ධිය සම්බන්ධයෙන් මිරිහාන පොලිසිය විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබේ. ශිෂ්‍යයන් විනය විරෝධී ක්‍රියාවක පෙරේදා (14) සවස නිරත වූ බවත් එය වැළැක්වීමට නිලධාරීන් ක්‍රියා කිරීමට උත්සාහ ගත් අවස්ථාවේ මෙලෙස පහරදීම සිදු කොට ඇති බවත් උපකුලපතිවරයා සඳහන් කළේය
ජපානයේ න්‍යෂ්ටික බලාගාර පිපිරුම ගැන බිය විය යුතු නෑ
Mar 15,2011
ජපානයේ සිදුව තිබෙන න්‍යෂ්ටික බලාගාර පිපිරුම සම්බන්ධව බියට පත්නොවන ලෙස ශ්‍රී ලංකාවේ පරමාණුක බල ශක්ති අධිකාරිය ජනතාවගෙන් ඉල්ලා සිටියි.

ඕස්ට්‍රේලියාවේ වියානාහි අන්තර් ජාතික පරමාණුක බල ශක්ති ආයතනය සමග සම්බන්ධීකරණ කටයුතු පවත්වාගෙන යන බව පරමාණුක බල ශක්ති අධිකාරියේ සභාපති මහාචාර්ය විමලධර්ම අබේවික්‍රම මහතා අද දෙරණ වෙත සඳහන් කළේය.

මේ අතර ජපානයේ ෆුකුෂිමා න්‍යෂ්ටික බලාගාරයේ පිපිරුමක් සිදුවී තිබේ.

එහි දෙවන බලාගාරයේ මෙම පිපිරුම සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ජපානයට බලපෑ භූමිකම්පාවෙන් සහ සුනාමි ව්‍යසනයෙන් පසුව මෙම න්‍යෂ්ටික බලාගාර ආශ්‍රිතව සිදුවූ තෙවන පිපිරුම මෙය බව සඳහන්ය.

ඊයේ(14) දිනයේ දී සිදුවූ පිපිරුමෙන් පුද්ගලයින් 11 දෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වේ.

එම පිපිරුමත් සමග ප්‍රදේශය පුරා දැඩි දුමක් ව්‍යාප්ත වෙමින් පවතින බව සඳහන්ය.

මෙම බලාගාරවල සිසිලන පද්ධතිය අක්‍රිය වීම මෙම පිපිරුම්වලට හේතු වී ඇති බව බලධාරීන් පවසයි.

පසුගිය සිකුරාදා දිනයේ ජපානය‍ට බලපෑ භූමිකම්පාවෙන් සහ සුනාමි ව්‍යසනයෙන් දහස් සංඛ්‍යාත පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර ලක්ෂ 5ක පමණ ජනතාවක් පීඩාවට පත්ව තිබේ.
 ලංකාවට අයර්ලන්තයේ තුන්කොන් ක්‍රිකට් තරගාවලියක් Mar 15,2011
අයර්ලන්තය,, ස්කොට්ලන්තය සමඟ ශ්‍රී ලංකාව තරග වදින තුන්කොන් එක්දින තරගාවලියක් ජූලි මාසයේ දී අයර්ලන්තයේ පැවැත්වීමට කටයුතු යොදා ඇති බැව් ඒ.එෆ්.පී. පුවත් සේවය වාර්තා කළේය.
ටෙස්ට් වරම් නොලැබූ රටක් ලෙස මෙවර ලෝක කුසලාන තරගමාලාවට සහභාගි වී සිටින අයර්ලන්තය ලෝක කුසලාන තරගමාලාවෙන් පසුව ප්‍රධාන රටක් සමඟ එක්දින තරගයකට මුහුණ දීමට සැළසුම් කර තිබුණේ ලබන අගෝස්තු 25දාය. ඒ එංගලන්ත පිල සමඟ ය. කෙසේ නමුත් දැන් අයර්ලන්තයට ශ්‍රීී ලංකාව සමඟ එක්දින තරගමාලාවකට සහභාගි වීමට ද අවස්ථාව උදාවී ඇත.
ලබන ජූලි මාසයේ 11 වැනිදා ශ්‍රී ලංකාව සමඟ තරග වදින අයර්ලන්තය ඊට පසු දින ස්කොට්ලන්තය සමඟ තරග වැදීමට නියමිතය. ශ්‍රී ලංකාව හා ස්කොට්ලන්තය අතර තරග පැවැත්වෙන්නේ ජූලි මස 13 වැනිදාය. ශ්‍රී ලංකාව ලොව විශිෂ්ටතම ක්‍රිකට් කණ්ඩායමක් බව දැනටමත් ඔප්පු කොට තිබෙනවා. ලෝක කුසලාන තරගාවලි තුළ දස්කම් දැක්වීමට නම් අපට ශ්‍රී ලංකාව වැනි ප්‍රධාන රටවල් සමඟ වැඩි වැඩියෙන් එක්දින තරගවලට සහභාගිවෙලා අත්දැකීම් ලබා ගත යුතුව තිබෙනවා. අයර්ලන්ත පිලේ පුහුණුකරු ෆිල් සිමන්ස් ප්‍රකාශ කළේය.
.

නිරිතදිග ජපානයේ තවත් ගිනි කන්දක් පුපුරයි

Mar 15,2011
ජපානය මුහුණ දුන් දරුණුතම භූමි කම්පාව හා සුනාමි තත්ත්වය පහව යෑමටත් පෙර පෙරේදා ඉරිදා ෂින්මොඩාකේ ගිනිකන්ද මේ වසරේ දෙවැනි වතාවටත් පුපුරා ගියේ අළු ගල් කැබැලිද අහස වෙත නිකුත් කරමිනි.
නිරිත දිග ජපානයේ කිරිෂිමා කලාපයේ පිහිටා ඇති ෂින් මොඩාකේ ගිනිකන්ද පුපුරා ගියේ සති දෙකක් පුරා කි. මී. 4 ක් තරම් උසට අළු සහ ගල් කැබිලි නිකුත් කරමින් සිටිමිනි. බලධාරීන් ගිනි කඳු පුපුරා යෑමේ අවදානම පිළිබඳ නිවේදනයක් නිකුත් කර ඇත.
පසුගිය ජනවාරි මස 19 වැනිදා මේ ගිනිකන්ද ක්‍රියාත්මක වීම හේතුවෙන් කිලෝමීටර 2 ක පමණ කලාපයෙන් පදිංචිකරුවන් ඉවත් කෙරිණි. ඉරිදා ඇතිවූ දෙවැනි ක්‍රියාකාරීත්වය ජපානයට බලපෑ භූමි කම්පාව නිසා සිදු වූවක් දැයි යන්න පිළිබඳ බලධාරීන් තවම නිශ්චිත නිගමනයකට එළැඹ නැත.
ජපානයේ ඊසාන දිග වෙරළ තීරයේ ඇතිවූ භූමි කම්පාව මීටර් 7 ක් උසට රැලි දිවෙන සුනාමි තත්ත්වයක් ඇති කරමින් මහත් විනාශයක් ඇති කළ අතර ඉන් අනතුරුව පැය ගණනාවක් පුරා කම්පන 50 ක් පමණ සිදු වූ බවට වාර්තා වෙයි.
ජපානයේ පොලිස් වාර්තා අනුව 987 ක් මිය ගොස් 707 ක් අතුරුදන්ව 1128 ක් තුවාල ලබා ඇත. සෙන්ඩායි වෙරළ තීරයෙන් මේ මළ සිරුරු හමුවී ඇති අතර මෙම සංඛ්‍යාවන් තවත් වැඩි විය හැකි බවට අනුමාන කෙරෙන්නේ මිනාමියෙන්රිකු නගරයේ දහ දහසක ජනතාවට සිදුවූ දේ පිළිබඳ කිසිදු තොරතුරක් නැති බැවිනි.

මංගලගේ රැලියට ගිය කත මෝටර් රියෙන් ඇදවැටී මරුට

එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති ජන රැලියකට සහභාගිවීම සඳහා මෝටර් රථයකින් යමින් සිටි කාන්තාවක ඉන් ඇදවැටී මියගොස් ඇත.
තොටමුණ පදිංචි චන්ද්‍රානි පුංචිහේවා (65) නමැති කාන්තාව මෙසේ මියගොස් තිබේ. එජාපයේ ක්‍රියාකාරී සාමාජිකාවක වූ ඇය මෝටර් රථයේ දොරඋඩ ගමන් කර ඇති අතර, ඉන් ඇදවැටී බරපතළ තුවාල ලබා මියගොස් ඇති බව ගන්දර පොලිසිය ප්‍රකාශ කළේය.

ඡන්දය දා සුරාසල් වසයි

Mar 15,2011
පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන බල ප්‍රදේශවල මේ මස 17 වැනිදා සුරාසල් වසා තබනු ඇතැයි සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.
මැතිවරණය නොපැවත්වෙන ප්‍රදේශවල මේ නීතිය ක්‍රියාත්මක නොවනු ඇතැයි නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් ටී. වසන්ත කුªමාර මහතා පවසයි. එදින මැතිවරණ පැවැත්වෙන ප්‍රදේශවල බලපත්‍ර කොන්දේසි කඩ කරමින් මත්පැන් අලෙවි කළහොත් ඔවුනට දැඩි දඬුවම් පැමිණවීමට පියවර ගන්නා බවද වසන්ත කුමාර මහතා පැවසීය.

ඉන්දීය ජාතික ශිෂ්‍යාවක් දූෂණය කර මරා දමලා

ශ්‍රී ලාංකික තරුණයෙක් සැක පිට ඔස්ට්‍රේලියාවේ දී අත්අඩංගුවට
Mar 15,2011
ඉන්දීය ජාතික ශිෂ්‍යාවක් දූෂණය කර මරා දැමීම සම්බන්ධයෙන් 19 හැවිරිදි ශ්‍රී ලාංකික තරුණයෙකු ඕස්ට්‍රේලියානු පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
24 හැවිරිදි ටෝෂා ටක්නර් නම් වූ මේ තරුණිය ඝාතනය කිරීමෙන් පසු සිඩ්නි නගරයේ උද්‍යානයක පිහිටි ඇළකට දමා තිබියදී ඕස්ට්‍රේලියානු පොලිසිය මගින් පසුගියදා සොයා ගත් බව වාර්තා වෙයි.
මියගිය තරුණිය රැඳී සිටි නිවසේ මෙහෙකාරිය ඉන් ඉවතට පැමිණෙන තුරු බලා සිට මෙම ශ්‍රී ලාංකික තරුණයා එම නිවෙසට ඇතුළු වී තිබෙන අතර පසුව ඇයව දූෂණය කර මරා දමා ඇතැයි තානාපති ආරංචි මාර්ග සඳහන් කරයි.
ගණකාධිකරණය පිළිබඳ උපාධියක් හදාරා තිබෙන මෙම ඉන්දීය ජාතික තරුණිය ඝාතනය කළේ කුමක් නිසාද යන්න මෙතෙක් අනාවරණය වී නොමැති අතර අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියානු පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වන බව වාර්තා වෙයි.
ඊට අමතරව ඇයගේ මරණය සම්බන්ධයෙන් සිදුකෙරෙන පරීක්ෂණ අවසන් වූ පසුව මෘතශරීරය ඉන්දියාවට යැවීමට නියමිතව ඇත.

බදු අහෝසිය නිසා ආදාය‍ම් දෙපාර්තමේන්තු නිලධාරීන් අමාරුවේ
Mar 14,2011
තොග සහ සිල්ලර වෙළඳාම මත අයකරමින් තිබු ව්‍යාපාර පිරිවැටුම් බද්ද අහෝසි කිරීම හේතුවෙන් පළාත් ආදාය‍ම් දෙපාර්තමේන්තු නිලධාරීන් 95%ක් පමණ දුෂ්කරතාවට පත්ව ඇති බව වාර්තා වේ.

මේ වසරේ අය වැය තුළින් අදාළ බද්ද ජාතිය ගොඩනැගීමේ බද්ධ යටතට පත්කර ඇති බව සමස්ත ලංකා පළාත් ආදායමේ සේවා එකමුතුව පවසයි.

අදාළ තීරණය හේතුවෙන් තම රැකියා අහිමි වීමේ අවදානමක් මතුව ඇති බව එම සේවකයින් පෙන්වා දෙයි.

එසේම අදාළ බදු පරිපාලනය සිදුකළ පළාත් ආදායම් නිලධාරීන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට අන්තර්ග්‍රහණය කළ යුතු බවට ද ඔවුන් ඉල්ලීමක් කරයි.

මේ අතර දේශීය ආදායම් සේවාවේ බදු නිලධාරීන්, තක්සේරුකරුවන් සහ නියෝජ්‍ය කොමසාරිස්වරුන් අද(14) වෘත්තීය ක්‍රියාමාර්ගයකට යොමුවීමට තිරණය කර තිබේ.

පළාත් ආදායම් කාර්යය මණ්ඩල‍ය දේශීය ආදායම් සේවාවට අන්තර්ග්‍රහණය කිරීමට විරෝධය පළ කිරීම ඇතුළු කරුණු කිහිපයක් මුල් කරගනිමින් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ගෙන ඇති බව සඳහන්ය.

No comments:

Post a Comment