Pages

Friday, March 11, 2011

Sri Lanka Hot News Last update 11/03/2011

  1:30pm

ජපන් සුනාමියෙන් ශ්‍රී ලංකාවට හානි නෑ

ජපන් සුනාමියෙන් ශ්‍රී ලංකාවට හානි නෑ
ජපන් මුහුදු සීමාවේ හටගත් භූ කම්පන තත්ත්වයෙන් හා සුනාමි තත්ත්වයෙන් ශ්‍රී ලංකාවට හානියක් සිදුවෙතැයි අපේක්ෂා කළ නොහැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

අප කළ විමසුමකට පිළිතුරු දෙමින් කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ චමින්ද ද සිල්වා මහතා අවධාරණය කර සිටියේ ශ්‍රී ලංකාවට එයින් කිසිදු බලපෑමක් ඇතිවිය නොහැකි බවයි.

කෙසේ වෙතත් ටෝකියෝ නගරයට කි.මි 400 ක් දුරින් ගැඹුරු මුහ‍දේ රිච්ටර් මාපක අගය 8.9 ලෙස සටහන් වූ භූ කම්පනයක් සිදුව ඇති අතර එයින් ජපානයේ ප්‍රදේශ කිහිපයකට සුනාමි තත්ත්වයක් හටගෙන තිබේ.

මේ වන විටත් ගොඩනැඟලි,රථවාහන,බොහෝ ප්‍රමාණයකට හානි සිදුව ඇති අතර සිදුව ඇති හානිය කෙතරම්ද යන්න ගණනය කිරීමක් සිදුකර නොමැති බව විදෙස් මාධ්‍ය උපුටා දක්වයි. 

හොරට කිරා 26 ක් මාට්ටු
Mar 11,2011
කිරුම් මිනුම් නීති කැඩූ ව්‍යාපාරිකයන් 26 දෙනෙකුට එරෙහිව නඩු පැවරීමට පියවර ගෙන ඇති බව ගාල්ල මිනුම් ඒකක හා ප්‍රමිති දෙපාර්තමේන්තුව පවසයි.

අඩු බර පාන් විකිණීම, නිසි ප්‍රමිතියකින් තොරව තරාදි භාවිත කිරීම යනාදී චෝදනා ඔවුන්ට එරෙහිව එල්ල කර ඇති බව එම දෙපාර්තමේන්තුව පෙන්වාදෙයි.

අදාළ නීති කඩ කිරිම් සම්බන්ධයෙන් යක්කලමුල්ල, අක්මීමන, ගාල්ල සහ හබරාදුව යන ප්‍රදේශවල වෙළෙඳුන් මේ අයුරින් නීතියේ රැහැනට හසුකර ‍ගෙන තිබේ.

ඔවුන් ගාල්ල සහ කොට්ටව මහේස්ත්‍රාත් අධිකරණවලට ඉදිරිපත් කිරීමට නියමිතව ඇතැයි සඳහන් වේ. 

අගමැති දි.මුට ඉන්දියාවෙන් ප්‍රතිචාර
අගමැති දි.මුට ඉන්දියාවෙන් ප්‍රතිචාර
Mar 11,2011
තමිල්නාඩුවේ එල්.ටී.ටී.ඊ කඳවුරු පවත්නා බවට ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය දි.මු ජයරත්න මහතා කරනු ලැබූ ප්‍රකාශය මුළුමනින්ම ප්‍රතික්ෂේප කරන බව ඉන්දීය විදෙස් කටයුතු අමාත්‍යංශය සඳහන් කරයි.

ශ්‍රී ලංකා රජය මෙවැනි කරුණක් සම්බන්ධයෙන් කිසිදු ආකාරයකට රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් දැනුවත් කිරීමක් හෝ අදහස් ප්‍රකාශ කිරීමක් කර නැති බව ඉන්දීය විදෙස් කටයුතු අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක ශ්‍රී විෂ්ණු ප්‍රකාශ් මහතා පවසා තිබේ.

තමිල්නාඩුවේ එල්.ටී.ටී.කඳවුරු පවත්නා බවට නිසි තොරතුරක් ඇත්නම් කළ යුතුව ඇත්තේ රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් ඒ පිළිබඳ අවධානය යොමු කිරීම බවද ශ්‍රී විෂ්ණු ප්‍රකාශ් මහතා පෙන්වා දෙන බව ඉන්දීය විදෙස් කටයුතු අමාත්‍යංශයේ නිල වෙබ් අඩවිය උපුටා දක්වයි.

එසේම ඊයේ දිනයේ තමිල්නාඩු ප්‍රාන්ත පොලිස් අධ්‍යක්ෂ ජෙනරාල් වරිය ද ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් බී.බී.සී මාධ්‍යය අමතා ප්‍රතිචාර දක්වා තිබිණි.

නිසි කරුණු සනාථ කිරීමකින් තොරව ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයා විසින් තමිල්නාඩුවේ එල්.ටී.ටී.ඊ කඳවුරු පවත්නා බවට සාවද්‍ය ප්‍රකාශයක් කර ඇති බව පොලිස් අධ්‍යක්ෂ ජෙනරාල් ලතිකා සරන් මහත්මිය බී.බී.සී මාධ්‍යයට පවසා ඇත.

මීට පෙරාතුවද අග්‍රාමාත්‍ය දි.මු ජයරත්න මහතා විසින් චෙන්නායි හි පිහිටි බෞද්ධ විහාරයට කිසියම් පිරිසක් විසින් පහරදීමක් සිදුකළ පසු එය සිදුකරනු ලැබුවේ තමිල්නාඩුවේ වෙසෙන එල්.ටී.ටී.ඊ පිරිස් විසින් බව ප්‍රකාශ කර තිබුණු බව පොලිස් අධ්‍යක්ෂ ජෙනරාල්වරිය ‍සිහිපත් කර ඇත.

එය සිදුකරනු ලැබුවේ තමිල්නාඩුවේ සිටින ශ්‍රී ලංකා ද්‍රවිඩ හිතවාදීන් පිරිසක් විසින් බව ද ඇය සඳහන් කරයි.

හදිසි නීතිය පිළිබඳ වන යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් අග්‍රාමාත්‍ය දි.මු ජයරත්න මහතා විසින් පසුගිය දිනෙක තමිල්නාඩුවේ එල්.ටී.ටී.ඊ කඳවුරු පවත්නා බවට ප්‍රකාශයක් කරනු ලැබිණි

ශ්‍රී ලංකාව අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි
සිම්බාබ්වේ කණ්ඩායම සමග අද(10) පල්ලේකැලේ ක්‍රීඩාංගණයේ පැවති තරගය ජයග්‍රහණය කිරීමත් සමග 2011 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට තේරීපත්වීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්ව තිබේ.

එමෙන්ම ප්‍රසාද ලකුණු 07 ක් හිමිකරගනිමින් ලෝක කුසලාන ඒ කාණ්ඩයේ ප්‍රමුඛස්ථානයට පත්වීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්කම් දක්වා ඇත.

අද පැවති තරගයෙන් සිම්බාබ්වේ කණ්ඩායම පරදා ලකුණු 139 න් ජයග්‍රහණය වාර්තා කිරීමට ශ්‍රී ලංකාව සමත් වූ අතර තරගයේ වීරයාට හිමි සම්මානය අද දිනයේ සුපිරි දස්කම් පෑ ටී. එම්. දිල්ශාන් විසින් දිනාගනු ලැබීය

සිම්බාබ්වේ පරදා ශ්‍රී ලංකාව විශිෂ්ට ජයක් ලබයි
සිම්බාබ්වේ පරදා ශ්‍රී ලංකාව විශිෂ්ට ජයක් ලබයි
ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ අතර අද(10) පල්ලේකැලේ ක්‍රීඩාංගණයේ පැවති ලෝක කුසලාන ක්‍රිකට් තරගයෙන් සිම්බාබ්වේ පරදා ලකුණු 139 න් ජයග්‍රහණය තහවුරු කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.

‍ තරගයේ කාසිය වාසිය දිනාගැනීමට සමත් වූ සිම්බාබ්වේ කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කරනු ලැබීය.

‍ ඒ අනුව නියමිත පන්දු වාර 50 අවසානයේදී ශ්‍රී ලංකාව කඩුලු 06 ක් දැවී ලකුණු 327 ක් රැස්කරනු ලැබීය.

‍ පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ සිම්බාබ්වේ කණ්ඩායමට පන්දු වාර 39 ක් තුළ සියලුම ක්‍රීඩකයින් දැවී රැස්කරගත හැකිවූයේ ලකුණු 188 ක් පමණි. 

දිල්ශාන් කුළුදුල් ලෝක කුසලාන ශතකය වාර්තා කරයි
දිල්ශාන් කුළුදුල් ලෝක කුසලාන ශතකය වාර්තා කරයි
සිය ලෝක කුසලාන ක්‍රිකට් තරග ඉතිහාසයේ ප්‍රථම ශතකය සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව වාර්තා කිරීමට ශ්‍රී ලංකාවේ සුපිරි පිතිකරු ටී. එම්. දිල්ශාන් සමත්වී තිබේ.

අද(10) තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට සිම්බාබ්වේ කණ්ඩායම සමත් වූ අතර ප්‍රථමයෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව ශ්‍රී ලංකා කණ්ඩායමට ලබාදෙනු ලැබීය.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම මේ වනවිට පන්දු වාර 33 ක් තුළ කිසිවෙකු නොදැවී ලකුණු 196 ක් රැස්කරගෙන සිටියි.

නොදැවී පන්දුවට පහරදෙන ටී. එම්. දිල්ශාන් ලකුණු 109 ක් ද, උපුල් තරංග ලකුණු 82 ක් ද ලබාගෙන ඇත‍.

පළමු කඩුල්ල වෙනුවෙන් දිල්ශාන් හා තරංගගෙන් වාර්තාවක්
පළමු කඩුල්ල වෙනුවෙන් දිල්ශාන් හා තරංගගෙන් වාර්තාවක්
ලෝක කුසලාන ක්‍රිකට් තරග ඉතිහාසය තුළ පළමු කඩුල්ල වෙනුවෙන් ක්‍රීඩකයින් දෙදෙනෙකු අතර පැවති ඉහළම ලකුණු ප්‍රමාණය සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව වාර්තා කිරීමට ටී. එම්. දිල්ශාන් හා උපුල් තරංග සමත්ව තිබේ.

ඒ දෙදෙනා අතර ලකුණු 194 ක සබඳතාවයක් ගොඩනගා ගනිමිනි.

අද(10) තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට සිම්බාබ්වේ කණ්ඩායම සමත් වූ අතර ප්‍රථමයෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව ශ්‍රී ලංකා කණ්ඩායමට ලබාදෙනු ලැබීය.

මේ වනවිට නොදැවී පන්දුවට පහරදෙන ටී. එම්. දිල්ශාන් ලකුණු 117 ක් ද, උපුල් තරංග ලකුණු 94 ක් ද ලබාගෙන ඇත‍. 

කාසියේ වාසිය සිම්බාබ්වේට -පන්දුවට පහරදීමට ශ්‍රී ලංකාවට ඇරයුම්
කාසියේ වාසිය සිම්බාබ්වේට -පන්දුවට පහරදීමට ශ්‍රී ලංකාවට ඇරයුම්
Mar 10,2011
ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ කණ්ඩායම අතර අද(10) පල්ලේකැලේ ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට සිම්බාබ්වේ කණ්ඩායම සමත්විය.

ඒ අනුව ප්‍රථමයෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව සිම්බාබ්වේ කණ්ඩායම විසින් ශ්‍රී ලංකා කණ්ඩායමට ලබා දී ඇත.

ජාතික හැඳුනුම්පත දිනකින් ලබාදීම නැවත අරඹයි
ජාතික හැඳුනුම්පත දිනකින් ලබාදීම නැවත අරඹයි
Mar 10,2011
දිනක කාලයක් තුළ ජාතික හැඳුනුම්පත ලබාදීමේ සේවාව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තුමේන්තුව මගින් නැවත ආරම්භ කර තිබේ.

ඒ සඳහා රුපියල් 500 ක ගාස්තුවක් අයකරන බව ද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තුමේන්තුව සඳහන් කරයි
ඉන්ධන ප්‍රවාහනයට චන්ද්‍රිකා ඇස යොමුවෙයි
Mar 10,2011
ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ සියලු ඉන්ධන ප්‍රවාහන ක්‍රියාවලිය චන්ද්‍රිකා තාක්ෂණය ආධාරයෙන් නීරීක්ෂණය කිරීමට කටයුතු යොදා තිබේ.

කොළොන්නාවෙන් හා මුතුරාජවෙලින් බවුසර් රථවලට ඉන්ධන පිරවු අවස්ථාවේ සිට ඉන්ධන පිරවුම්හල් වෙත ඒවා ගෙන ගොස් භාරදෙන අවස්ථාව දක්වා සියලු ක්‍රියාවලිය මෙමගින් නීරීක්ෂණය කිරීමට නියමිත බව ඛනිජ තෙල් කර්මාන්ත අමාත්‍යාංශය සඳහන් කරනු ලැබීය.

මෙලෙස නීරීක්ෂණය කිරීම ‍හේතුවෙන් නියමිත මාර්ග හැර වෙනත් කිසිදු මාර්ගයක ගමන් කිරීමට ඉන්ධන බවුසර් රියදුරන්ට අවස්ථාව නොලැබෙන බව එම අමාත්‍යාංශය පවසයි.

ඉන්ධන බවුසර් රථ ධාවනය ‍වන මොහොතේම එම රථ පිළිබඳ සියලු තොරතුරු පරිගණකගත කිරීම විශේෂත්වයකි
එළවළු මිල ගණන් 30% න් පහළ බසියි
එළවළු මිල ගණන් 30% න් පහළ බසියි
Mar 10,2011
පසුගිය සතියට සාපේක්ෂව පහත රට එළවළු මිල ගණන් 30% න් පමණ අඩුවී ඇති බව සමූපකාර හා අභ්‍යන්තර වෙළෙඳ අමාත්‍යාංශය පවසයි.

දඹුල්ල වෙළෙඳපොළ ආරංචිමාර්ග පවසන ආකාරයට ‍එළවළු වර්ග රැසක මිල ගණන් පහළ බැස ඇති බව එම අමාත්‍යාංශය පෙන්වා දෙයි.

මේ අතර යාපනයෙන් ද එළවළු කිලෝ ග්‍රෑම් ලක්ෂ 5ක් පමණ දෛනිකව දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ලැබෙමින් පවතින හෙයින් රතු ළූණු , අමු මිරිස් , බීට්රූට් , වට්ටක්කා සහ මාළු මිරිස් යන එළවළු වර්ගවල මිල පහත වැටී තිබේ.

මීට අමතරව පිපිඤ්ඤා , කැකිරි , පතෝල , ‍නෝ‍කෝල් , වැටකොළු යන එළවළු වර්ග වල මිල ගණන් පසුගිය සතියට සාපෙක්ෂව පහත වැටී ඇති බව සමූපකාර හා අභ්‍යන්තර වෙළෙඳ අමාත්‍යාංශය සඳහන් කරනු ලැබීය.

සංස්ථාව වැඩි පාඩු ලබන්නේ මණ්ඩලයට අඩු මිලට ඉන්ධන දීම නිසයි
සංස්ථාව වැඩි පාඩු ලබන්නේ මණ්ඩලයට අඩු මිලට ඉන්ධන දීම නිසයි
Mar 10,2011
ලංකා ඛනිජ තෙල් සංස්ථාවට සිදුවන පාඩුවෙන් 80%ක්ම විදුලිබල මණ්ඩලයට අඩු මිලට ඉන්ධන සැපයීම නිසා සිදුවන බව ඛනිජ තෙල් කර්මාන්ත අමාත්‍යාංශය පවසයි.

දැවි තෙල් ලීටරයක් රුපියල් 81ට මිලදී ගත්ත ද විදුලිබල මණ්ඩලයට දැවි තෙල් ලීටරයක් ලබාදෙන්නේ රුපියල් 40ක් වැනි මිලකට බව එම අමාත්‍යාංශය පෙන්වා දෙයි.

මේ නිසා දැවි තෙල් ලීටරයකින් 50%ක පමණ අලාභයක් සිදුවන බව ඛනිජ තෙල් කර්මාන්ත අමාත්‍යාංශය පවසයි.

ලෝක වෙළෙඳ‍පලේ තෙල් මිල ඉහළ ගිය ද මෙරට තෙල් මිල ඉහළ නොදමා සහන මිලට ඉන්ධන ලබාදීම නිසා ද ඛනිජ තෙල් සංස්ථාව යම් කිසි පාඩුවක් දරන බව එම අමාත්‍යාංශය සඳහන් කරනු ලැබීය.
පාසල් පෙම් යුවළ බොල්ගොඩ ගඟට පැනලා
Mar 10,2011
අපි දෙන්නා එකට මැරෙමු” යි අත් පටලවාගෙන හිරණ පාලම මතින් බොල්ගොඩ ගඟට පැන සිය දිවි නසා ගැනීමට තැත් කළ යුවළකගෙන් තරුණියගේ දිවි බේරී තරුණයා මියගොස් ඇතැයි පාණදුර පොලිසිය කියයි.
මෙසේ මියගොස් ඇත්තේ පිළියන්දල මඩපාත පොල්හේන පදිංචිව සිටි වැල්ලවත්ත ප්‍රදේශයේ පාසලක ඉගෙනුම ලබන කවිඳු දිල්ෂාන් (17) නැමැති අයයි.
ඔරු පදින්නකු විසින් තරුණියගේ ජීවිතය බේරා ගනු ලැබ ඇතැයි පොලිසිය කියයි. දියේ ගිලී අතුරුදන් වු තරුණයාගේ මළ සිරුර ඊයේ (09) නාවික හමුදා කිමිදුම් කරුවන් සොයාගෙන ඇත.
මියගිය තරුණයා මිලදී ගෙන දුන් ජංගම දුරකථනය තරුණියගේ මවුපියන්ට හසු වීමෙන් පසු මොවුන් දෙදෙනා පෙරේදා (08) දහවල් නිවෙස්වලින් පිට වී රෑ බෝ වන තුරු මහ මඟ ගතකර ඊයේ (09) අලුයම පාලම මතට පැමිණ ඇති බවට පරීක්ෂණවලදී හෙළි වී ඇතැයි පොලිසිය කියයි. තරුණිය මීටර් 250ක් පමණ ගඟේ පහළට ගහගෙන ගොස් නතර වී තිබියදී ඇයගේ කෑ ගැසීම ඇසී ඒ දෙසට ගොස් බේරාගත් බව ඔරු පදින්නකු වන අජිත් කුමාරසිරි මහතා පැවැසීය.
පාණදුර කොට්ඨාස භාර පොලිස් අධිකාරි එඩ්මන්ඩ් මහින්ද මහතාගේ අධීක්ෂණය යටතේ පාණදුර මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක කුමාරදාස හෙට්ටිආරච්චි හිරණ පොලිස් මුරපළේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක සී. කේ. මාතරආරච්චි, උප පොලිස් පරීක්ෂක වසන්ත අනවරත්න පොලිස් සැරයන් ධර්මරත්න මහත්වරු පරීක්ෂණ පවත්වති.

දළදා කරඬුව වැඩමවීමේ භාග්‍ය ලද

“මිල්ලන්ගොඩ රාජා” ආහාර ගැනීමේ අපහසුවෙන්

Mar 10,2011
 
මිල්ලන්ගොඩ රාජා
ආසියාවේ දිගම දළ ඇතා වශයෙන් පිළිගැනෙන “මිල්ලන්ගොඩ රාජා” ඇතාට පෝෂණීය ආහාර ලබාදීමට වනජීවී දෙපාර්තමේන්තුව පියවර ගනී.
“මිල්ලන්ගොඩ රාජා” ඇතාගේ සෞඛ්‍ය තත්ත්වය පිරිහීම පිළිබඳව වනජීවී දෙපාර්තමේන්තුව මගින් පරීක්ෂා කර ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට වාර්තා කිරීමෙන් අනතුරුව ජනාධිපතිතුමන් විසින් මෙම හස්තියාට දෛනිකව පෝෂණීය ආහාර ලබාදෙන ලෙස එම දෙපාර්තමේන්තුවට නියෝග කැර තිබේ.
වනජීවී හා ගොවිජන සේවා ඇමැති එස්. එම්. චන්ද්‍රසේන මහතා පෙරේදා (09) පෙරවරුවේ මොලගොඩ මිල්ලන්ගොඩ ඇත් ගාලට පැමිණ මෙම ඇතාගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව තොරතුරු විමසා බැලීය.
දැනට මාස කීපයක සිට මුඛයේ දත් හැලීයාම හේතුවෙන් ආහාර ගැනීමේ අපහසුතාවයෙන් පසුවූ මෙම හස්තියා දුර්වල තත්ත්වයෙන් පසුවන බව සබරගමුව පළාත් සභා මන්ත්‍රී ආනන්ද මිල්ලන්ගොඩ මහතා ජනාධිපතිවරයාට දැනුම්දීමෙන් පසු වනජීවී දෙපාර්තමේන්තුවේ පශු වෛද්‍ය තුල්මිණි දීයාගොඩ මහත්මිය ඇතුළු වෛද්‍ය කණ්ඩායමක් පැමිණ ඇතාගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව පරීක්ෂා කර බලා ජනාධිපතිතුමන් වෙත වාර්තාවක් ඉදිරිපත් කර ඇත.
ඉන් අනතුරුව මෙම හස්තියාට අවශ්‍ය විශේෂ පෝෂණීය ආහාර සපයන ලෙස ජනාධිපතිතුමා වනජීවී දෙපාර්තමේන්තුවට නියෝග කර ඇත.
 
වනජීවී හා ගොවිජන සේවා ඇමැති එස්. එම්. චන්ද්‍රසේන මහතා විශේෂ ආහාර පරීක්ෂා කරමින්...
දැනට වසර හැත්තෑ දෙකක් පමණ වයසැති මෙම ඇතා 1945 වර්ෂයේ දී ආනමඩුව නවගත්තේගම ප්‍රදේශයෙන් අල්ලාගත් බව ඇතාගේ හිමිකරු වන එස්. ආර්. ඒ. මිල්ලන්ගොඩ මහතා පැවසීය.
වසර විසිපහකට අධික කාලයක් මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දළදා කරඬුව වැඩම කිරීමේ භාග්‍යය ලත් “මිල්ලන්ගොඩ රාජා” හස්තියා වෙනත් දේවාල හා විහාර පෙරහර මංගල්‍යයන්හිදී ද සධාතුක කරඬුව වැඩම කරවීමේ භාග්‍යය උදාකර ගත්තෙකි.
වනජීවී හා ගොවිජන සේවා ඇමැති එස්. එම්. චන්ද්‍රසේන මහතා:- ”අලි ඇතුන් අපගේ සම්පතක්. ශ්‍රී ලංකාවේ අලි ඇතුන් ඉතාම අලංකාර බැවින් විදේශීය සංචාරකයන් අලි ඇතුන් නැරඹීමට ශ්‍රී ලංකාවට පැමිණෙනවා. වැඩිහිටියන්ට සැලකීමේ පුරුද්ද අපේ වටිනා චාරිත්‍රයක්.
වසර ගණනාවක් දළදා මාලිගාවේ කරඬුව හා වෙනත් පෙරහර අලංකාර කළ “මිල්ලන්ගොඩ රාජා” හස්තියා දැන් වයෝවෘද්ධව සිටිනවා. මෙම හස්තියාට අවශ්‍ය පෝෂණීය ආහාර සපයන ලෙස වනජීවී දෙපාර්තමේන්තුවට ජනාධිපතිතුමා නියෝග කළා. වැඩිහිටියන්ට සලකන ප්‍රතිපත්තියක් සහිත අපි මෙවැනි වයෝවෘද්ධ අලි ඇතුන් ද රැකබලා ගැනීමට ක්‍රියාකරනවා”යැයි මෙහිදී කීය.
වනජීවී අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය චන්ද්‍රවංශ පතිරාජ මහතා ද මෙම අවස්ථාවට සහභාගි වූහ.

තෙවන වසරේ දැරියක් පිහිනුම් තටාකයට වැටී මිය ගිහින්
Mar 09,2011
මහනුවර පොල්ගොල්ල ප්‍රදේශයේ පුද්ගලික පාසලක දැරියක් පිහිනුම් තටාකයකට වැටීමෙන් මිය ගොස් ඇති බව අද දෙරණ වාර්තාකරු පවසයි.

මෙම දැරිය ලිස්සා පිහිනුම් තටාකයට වැටීමෙන් මිය ගොස් ඇති බවත්,ඇය පුද්ගලික පාසලක තෙවන වසරේ ඉගෙනුම ලැබූ බවත් සඳහන් වේ.

මෙම දැරිය අද වෙනත් පාසලක පිහිනුම් ක්‍රීඩා තරගයක් සඳහා පිටත්ව ගොස් ඇති බවත්,මිය ගොස් ඇත්තේ එහිදී බවත් වාර්තා වේ.

දැරියගේ මළ සිරුර දැනට කටුගස්තොට රෝහලේ තබා ඇති බව  වැඩිදුරටත් කියා සිටියි
සවස 3.00 දක්වා පාසල් අනිවාර්යය නෑ
සවස 3.00 දක්වා පාසල් අනිවාර්යය නෑ
Mar 09,2011
 රජයේ පාසල් ප.ව 3.00 දක්වා පැවත්වීම කිසිසේත්ම අනිවාර්යය කර නැති බව ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා පවසයි.

මේ වන විට රජයේ පාසල් ප.ව 3.00 දක්වා පැවැත්විය යුතු බවට විවිධ පාර්ශව වලින් විවිධ මති මතාන්තර එල්ල වෙමින් පවතින නිසා ජනාධිපතිවරයා මේ සම්බන්ධයෙන් දරන අදහස පැහැදිලි කළ යුතු බැවින් මේ බව කියා සිටින වග හෙතෙම සඳහන් කරයි.

අදාළ පාසල්වල ගුරුවරුන්ගෙන් දරුවන්ගෙන්,මව්පියන්ගෙන් හා අදාළ වෙනත් පාර්ශවයන්ගෙන් කරුණු විමසා ඒ පිළිබඳ කැමැත්තක් ඇත්නම් පමණක් පාසල් කාල සීමාව දීර්ඝ කිරීමට කටයුතු කළ යුතු බව ජනාධිපතිවරයා ‍ගේ අදහස බව ලේකම්වරයා කියා සිටියි.

අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ සංකල්පයක් අනුව දිවයින පුරා පාසල් දහසක් සංවර්ධනය කිරීමේ වැඩපිළිවෙළක් සූදානම්ව පවතින බවත්,එසේ වුවද එකී සියලුම පාසල් වල දරුවන්,දෙගුරුන්,ගුරුවරුන් ආදී සියලුම පිරිස් වල අනුමැතිය ඇතිව මිස ප.ව.3.00 දක්වා පාසල් නොපවත්වන බව හෙතෙම අවධාරණය කරයි.

ජනාධිපතිවරයා රටේ දරුවන් කෙරෙහි සංවේදී දරුවන්ට බොහෝ ආදරය කරන නායකයෙකු නිසාම දරුවන්ට අනර්ථකාරී ලෙස බලපාන කිසිදු ක්‍රියා මාර්ගයක් නොගන්නා බවද,මේ පිළිබඳ ඊයේ අමාත්‍ය මණ්ඩලය සමග සාකච්ඡා කළ බවද ජනාධිපති ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේය. 

රනිල්-සජිත් හබය නිසා එජාප අපේක්ෂකයෝ 23ක් සන්ධානයට

වැලිගම ප්‍රාදේශීය සභාවට තරග කරන අපේක්ෂකයන් දෙදෙනෙක් ඊයේ එක්වෙති
Mar 09,2011
එක්සත් ජාතික පක්ෂයෙන් වැලිගම ප්‍රාදේශීය සභාවට තරග කරන තවත් අපේක්ෂකයන් දෙදෙනෙක් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුවී එක්සත් ජනතා නිදහස් සන්ධානයට එක්වූහ. මෙයට පෙර රටපුරා ප්‍රාදේශීය සභාවල එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයන් 21 දෙනකු සන්ධානයට එක් වූ අතර වැලිගම අපේක්ෂකයන් දෙදෙනා සමඟ සන්ධානයට එක් වූ සංඛ්‍යාව 23 කි.අරලියගහ මන්දිරයේ දී ඊයේ (8) ජනාධිපතිවරයා හමු වූ මේ පිරිස රට ගොඩනැංවීමට ජනාධිපතිතුමා ගෙනයන වැඩපිළිවෙළට සහාය පළ කරන බව ද පැවැසූහ.
එක්සත් ජාතික පක්ෂයෙන් අංක 19 යටතේ වැලිගම ප්‍රාදේශීය සභාවට තරග කරන ආර්. ඩී. ජයන්ත කුමාර, සහ අංක 20 යටතේ තරග වදින ආර්. පී. මනෝජ් තරංග යන මහත්වරු ඊයේ (08) අරලියගහ මන්දිරයට ගොස් ජනාධිපතිතුමා හමු වී රජයේ වැඩපිළිවෙළ ශක්තිමත් කිරීමට උපරිම සහාය ලබාදෙන බවට ප්‍රතිඥා දුන්හ.රනිල් - සජිත් හබය නිසා අද එක්සත් ජාතික පක්ෂය ඇද වැටෙමින් පවතින බව පෙන්වා දුන් මොව්හු එ. ජා. ප තුළ තම දේශපාලන ජීවිතයට කිසිදු අනාගතයක් නොමැති බව ද කියා සිටියහ.
එක්සත් ජාතික පක්ෂයේ සිටිමින් රටට හා ජනතාවට සේවය කිරීමට කිසි දිනක නොහැකි වෙන බව ද ඔව්හු පෙන්වා දුන්හ. මේ තත්ත්වය යටතේ උපන් මාතෘ භූමිය වෙනුවෙන් යුතුකම් ඉටු කරන්නට ජනාධිපතිතුමාගේ රට ගොඩනැංවීමේ වැඩපිළිවෙළ සමඟ එක්වීමට තීරණය කළ බව මේ අපේක්ෂකයෝ ප්‍රකාශ කර සිටියහ. ඩලස් අලහප්පෙරුම, මහින්ද යාපා අබේවර්ධන ඇමැතිවරු ද මේ අවස්ථාවට එක්ව සිටියහ.

නුගේගොඩ කාන්තා විදුහලක සිසුවියකට පෙම්වතා හා තවත් තුන්දෙනෙක් අතවර කරලා

Mar 09,2011
නුගේගොඩ ප්‍රසිද්ධ කාන්තා විදුහලක සිසුවියක් රැගෙන ගොස් දුෂණය කිරීමේ සිද්ධියක් සම්බන්ධව එම සිසුවියගේ පෙම්වතා යැයි කියන තවත් පාසල් සිසුවකු ඇතුලු සිව්දෙනෙක් මිරිහාන පොලිසිය මගින් ඊයේ (08) දහවල් අත්අඩංගුවට ගෙන තිබේ. පෙම්වතා ජයවර්ධනපුර ප්‍රදේශයේ පාසලක 11 වසර සිසුවෙකි. අතවරයට ලක් වූ සිසුවියගේ පාසලේම තවත් සිසුවියක් සහ එම අපරාධයට සහය වූ බව කියන දෙදෙනෙක්ද අත්අඩංගුවට පත් වූ අය අතර වෙති. මෙම සිසුවිය පසුගිය 28 වෙනිදා අතුරුදන්ව ඇති බව ඇගේ මවුපියන් පොලිසියට පැමිණිල්ලක්ද කර තිබුණි. 
එදින ඇය පාසල් යන බව කියා නිවසින් පිටව ගොස් පෙම්වතා සමග ඔහුගේ නිවසට ගොස් තිබේ. එහිදී ඔහු ඇයව දුෂණය කර ඇත. ඇය නිවසට ආපසු යාමට අකමැති වූ නිසා සිසුවියගේ හිතවතකුගේ ගරාජයක නවත්වා ඇත. එහිදී එම ගරාජය පවත්වාගෙන ගිය පුද්ගලයාද එම සිසුවිය දුෂණය කර තිබේ. ඇයගේ යෙහෙළිය සහ පෙම්වතා ඊට උදව්කළ බව කටඋත්තරවලින් හෙළි වී ඇත. පසුව මෙම සිසුවිය ඊයේ (08) ඇගේ දෙමාපියන් සොයා ආපසු නිවසට පැමිණ තිබේ.
මෙම සිසුවියන් දෙදෙනා එම කාන්තා පාසලේ 10 වෙනි වසරේ ඉගනුම ලබන අය බව පොලිසිය කියයි. ඇයට සිදුව ඇති අතවරය සම්බන්ධයෙන් වෛද්‍යවාර්තාවක් ද ලබාගෙන ඇත. මොවුන් සියලු දෙනාම ඊයේ (08) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි. නුගේගොඩ ප්‍රදේශභාර පොලිස් අධිකාරී දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් යටතේ කාන්තා පොලිස් පරීක්‍ෂක කුසුම් මහත්මිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

ටෙලි නාට්‍ය ශිල්පී තරිඳු විජේසිංහගේ මරණයට හේතුව
ප්‍රකාශ කිරීම තාවකාලිකව අත්හිටුවයි
Mar 09,2011
ජනපි‍්‍රය ටෙලි සහ සිනමා නළුවෙකු වන තරිඳු විජේසිංහ මහතා අභාවප්‍රාප්ත විය. පුංචිතිරයේ චාතුර්යා සුදුසේල, කුරුළු පිහාටු, පතිණි, දූ කුමාරියෝ, සොඳුරු වසන්තය සහ රෝස දිගන්තය වැනි ටෙලි නාට්‍ය ඇතුළු චිත්‍රපටි රැසක රඟපා සිය සහජ කුසලතා දැක්වූ විසිහත් හැවිරිදි තරිඳු විජේසිංහ මහතාගේ මරණ පරීක්ෂණය ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ දී පැවැත්විණි. මරණ පරීක්ෂණය ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ හදිසි මරණ පරීක්ෂක සාම විනිසුරු විජේසිරි ගමගේ මහතා විසින් පැවැත් වූ අතර, මෙහිදී සාක්කි දුන් සජනි ඉෂාරා අබේසේකර (27) මෙනෙවිය මෙසේ පැවසුවාය.
“මිය ගොස් ඇත්තේ මා විවාහ වීමට සිටි තරිඳු විජේසිංහ යන අයයි. මා දෙමාපියන් හා සහෝදරියන් සමඟ තලවතුගොඩ ප්‍රදේශයේ පදිංචි වී සිටිනවා. මියගිය තරිඳු දැන හඳුනාගෙන වසරක් පමණ වෙනවා. මා දන්නා තරමට ඔහු මීට කලකට පෙර විවාහ වී එම විවාහයෙන් වෙන් වී සිටිනවා. ඔහු නීතියෙන් වෙන් වී තිබෙනවාද කියා ස්ථිර වශයෙන් කීමට දන්නේ නැහැ. ඔහු විවාහ වී ඇත්තේ ඔහුගේ ගම වන කළුතර නාගොඩ ප්‍රදේශයෙන් බව දන්නවා. මිය ගිය තරිඳු ටෙලි සහ සිනමා ශිල්පියෙකු ලෙස කටයුතු කරමින් සිටියා.
 
මිය ගිය තරිඳු විජේසිංහ
මා දන්නා තරමින් ඔහුට වසර පහක පමණ කාලයක සිට දියවැඩියා රෝගය සෑදී එයට ප්‍රතිකාර ගනිමින් සිටියා.  පසු ගිය දිනවල රෝගය උත්සන්න වී ඔහු ෆාමසිවලින් ඉන්සියුලින් ගෙන ඔහුම විද ගත්තා. ඒ නිසා රෝගය තරමක් දුරට අඩු වූ බව මා සමඟ පැවසුවා. තරිදු අපගේ නිවසට පැමිණ සිටියදී මිය යාමට පෙර දින රාත්‍රි ඔහුට වමනය යාමට පටන් ගත්තා. ඒ සඳහා ඔහු බෙහෙත් කිසිවක් ගත්තේ නැහැ. පසු දින සුව වී තිබුණත් එදින උදෑසන තරිඳු ආහාර කිසිවක් ගත්තේ නැහැ. අනතුරුව මා ඇපල් ගෙඩියකින් කෑලි දෙකක් කපා දුන්පසු තරිඳු එය කෑමට ගත් අතර මඳ වේලාවකින් එළවළු සුප් ටිකක් සාදා බොන්නට දුන්නා.
එදින රාත්‍රිය ද තරිඳු අප නිවසේ සිටි අතර පසු දින අලුයම 5.30ට පමණ මා නිදා සිටි කාමරයට පියා පැමිණ කිව්වා තරිඳුගේ ඇඟ සීතල වී ඇති බව. අනතුරුව අක්කාග් විවාහ වී සිටින චාලින්ද අයියාත්, පියාත් එකතු වී තරිඳුව රෝහලකට රැගෙන ගියා.  මඳ වේලාවකින් රෝහලේ සිට පියා දුරකථනයෙන් කථා කර කිව්වා ජයවර්ධනපුර රෝහලට ඇතුළත්කරන විටත් තරිඳු මිය ගොස් සිටි බවට වෛද්‍යවරුන් පවසා සිටි බව. අනතුරුව මම රෝහලට පැමිණ තරිඳුගේ සිරුර බලන විට ඔහුගේ සිරුරේ මුහුණපුරා ද ගෙල ආශි‍්‍රතව සහ ඇඳුම්වල කළු පැහැති යමක් තැවරී තිබුණා. එසේම තරිඳුගේ මරණයට හේතුව කීමට දන්නේ නැහැ. මේ නිසා මරණය සම්බන්‍ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලා සිටිනවා.
මෙහිදී ශාන්ති අබේසේකර (73) කමලසිරි විජේසිංහ (54) යන අය ද සාක්කි දුන්නේය. පශ්චාත් මරණ පරීක්‍ෂණය දකුණු කොළඹ ( කළුබෝවිල) මහ රෝහලේ සහකාර අධිකරණ වෛද්‍ය නිළධාරි එස්. ආර්. පී. සමරනායක මහතා විසින් සිදු කරන ලදී. ඉදිරිපත් වූ සාක්කි විමර්ශනය කර, වෛද්‍ය වාර්තා අනුව සිරුරේ කොටස් වැඩිදුර පරීක්‍ෂා කිරීමට නියෝග කර සිටි මරණ පරීක්‍ෂකවරයා මරණයට හේතුව ප්‍රකාශයට පත් කිරීම තාවකාලිකව අත්හිටුවන ලදී. තලංගම පොලිසියේ පො. සැ. ( 56897) හේරත් සහ ජයවර්ධනපුර රෝහල් පොලිසියේ පො. කො. (60647) සුමිත් යන මහත්වරු සාක්කි මෙහෙය විය.
.

No comments:

Post a Comment