Pages

Saturday, March 5, 2011

Sri Lanka Hot News Last update 05/03/2011



කොදෙව් ක්‍රිකට් කණ්ඩායම ගමන්ගත් බස් රථයට ප්‍රහාරයක්
කොදෙව් ක්‍රිකට් කණ්ඩායම ගමන්ගත් බස් රථයට ප්‍රහාරයක්
Mar 05,2011
බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායම ගමන් කරමින් සිටි බස් රථයට කෝපයට පත් බංග්ලාදේශයේ ක්‍රීඩාලෝලීන් පිරිසකගෙන් ප්‍රහාරයක් එල්ල වී තිබේ.

ඊයේ(04) පස්වරුවෙහි බංග්ලාදේශ කණ්ඩායම සමග පැවති ලෝක කුසලාන ක්‍රිකට් තරගයෙන් පසුව කොදෙව් ක්‍රිකට් කණ්ඩායම බංග්ලාදේශයේ මීර්පූර්හි ෂෙර් -එ -බංග්ලා ක්‍රීඩාංගණයේ සිට පිටතව පැමිණෙන අවස්ථාවේ මෙම ප්‍රහාරය එල්ල වී ඇති බව සඳහන්ය.

බංග්ලාදේශ කණ්ඩායම සමග ඊයේ පැවති තරගයෙන් කඩුලු 09 ක විශිෂ්ට ජයග්‍රහණයක් අත්කරගැනීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත්විය.

මෙම හදිසි ප්‍රහාරය එල්ල වන අවස්ථාවේ අවට ප්‍රදේශයේ විදුලිය විසන්ධිවීමක් සිදුවී තිබූ බවත්, රාත්‍රී කළුවර නිසා ප්‍රදේශය අඳුරුව පැවති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ප්‍රහාරය නිසා කිසිදු ක්‍රීඩකයකු තුවාල ලබා නොමැති අතර ක්‍රීඩකයින් ගමන්ගත් බස් රථයට සුළු අලාභ හානි සිදුව ඇති බව වාර්තා වේ.

අදාළ සිදුවීම සම්බන්ධව බංග්ලාදේශ ක්‍රිකට් මණ්ඩල සභාපති මුස්තාෆා කමල් මහතා විසින් සමාව අයැද ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 

පාසල් කාලය දීර්ඝ කිරීම සුදුසු නෑ
පාසල් කාලය දීර්ඝ කිරීම සුදුසු නෑ
Mar 05,2011
පාසල් කාලය දීර්ඝ කිරීමට පියවර ගැනීම සුදුසු නොවන බව ලංකා ගුරු සංගමය පවසයි.

පාසල් කාලය දීර්ඝ කිරීම අධ්‍යාපන මනෝ විද්‍යාවට පටහැනි බව එම සංගමයේ ‍ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාලින් මහතා සඳහන් කරයි.

මෙරට පාසල් පද්ධතිය තුළ පාසල් කාලය තීරණය කර තිබෙන්නේ අධ්‍යාපඥයින්, අධ්‍යාපන මනෝ විද්‍යාඥයින් ඇතුළු පිරිස් සාකච්ඡා කිරීමෙන් බවත්, එය කාලාන්තරයත් පුරා ක්‍රියාත්මක වන ක්‍රියාවලියක් බවත් ජෝසෆ් ස්ටාලින් මහතා පෙන්වාදෙයි.

එම ක්‍රියාවලිය වෙනස්කිරීම පිළිබඳව කිසිවකු හෝ සමග සාකච්ඡා නොකර තමන්ගේ අදහසක් මත අධ්‍යාපන අමාත්‍යවරයා මෙවන් පියවරක් ගෙන ඇති බවට ඔහු චෝදනා කරයි.

අමාත්‍යවරයා සිය තනි මතයට අනුව මෙසේ පාසල් කාලය දීර්ඝ කිරීමට කටයුතු කරන්නේ නම් ඊට සම්පූර්ණයෙන්ම විරුද්ධ වන බව හෙතෙහ වැඩිදුරටත් අවධාරණය කරයි.

අමාත්‍යවරයා සඳහන් කරන පරිදි පාසල් 1000 ක් හරහා සිදුවන සංවර්ධනයක් සිදුවන්නේ නම්, පවතින පාසල් 9662 න් සෙසු පාසල් පිළිබදව තත්ත්ව කෙසේදැයි ස්ටාලින් මහතා විමසයි.

එහෙත් සියලු සම්පත් සංවර්ධනය කොට මෙම පාසල්වල අධ්‍යාපනය ඉහළ නංවන බව බන්දුල ගුණවර්ධන අධ්‍යාපන අමාත්‍යවරයා ප්‍රකාශ කරයි.

ඒ අනුව ලබන ජනවාරි මාසයේ සිට මෙම පාසල් 1000 හි ආරම්භ පියවර වශයෙන් ගුණාත්මක අධ්‍යාපනය ඉහළ නැංවීම සඳහා පෙරවරු 7 .30 සිට පස්වරු 3 .00 දක්වා පැවැත්වීමට කටයුතු කරන බව ඔහු පෙන්වාදෙයි.

එවැනි කාලයක් පාසල් තුළ අකමැත්තක් දක්වන රජයේ සේවකයින්ට සෙසු පාසල් වලට මාරුවීම් ලබාගත හැකි බව ද අධ්‍යාපන අමාත්‍යවරයා පවසයි.

මෙම පාසල් 1000 තුළ දිසාපාමොක් පරපුරේ ගුරු ශිෂ්‍ය පිරිසක් ගොඩනගන බව ද බන්දුල ගුණවර්ධන මහතා අවධාරණය කරයි. 

 ශ්‍රී ලංකා -ඕස්ට්‍රේලියා තරගය බලන්න කලින් එන්න
ශ්‍රී ලංකා -ඕස්ට්‍රේලියා තරගය බලන්න කලින් එන්න
ශ්‍රී ලංකාව හා ඕස්ට්‍රේලියාව අතර අද(05) පැවැත්වෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගය නැරඹීම සඳහා හැකිතාක් කලින් පැමිණ ක්‍රීඩාංගණයේ අසුන් ගන්නා ලෙස ක්‍රීඩාලෝලීන්ගෙන් සංවිධායක මණඩලය ඉල්ලයි.

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඒ කාණ්ඩයේ තරගයක් වන ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර තරගයකොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතය.

එම තරගය පස්වරු 2.30 ට ආරම්භ වීමට නියමිතව ඇත.
මෙරට ධීවරයින් ඉන්දීය අත්අඩංගුවට පත්වීම වැළකීමට පියවර ගෙන තිබෙනවා
Mar 05,2011
ශ්‍රී ලාංකික ධීවරයින් ඉන්දීය අත්අඩංගුවට පත්වීම වැළැක්වීම සඳහා අවශ්‍ය පියවර ගෙන ඇති බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

ඉන්දීය අත්අඩංගුවට පත්වීම වැළැක්වීමට ගත යුතු තීරණ පිළිබඳ මෙරට ධීවරයින් දැනුවත් කිරීමට කටයුතු කරන බව ඔහු සඳහන් කරයි.

කෙසේ වෙතත් දැනටමත් ශ්‍රී ලාංකික ධීවරයින් ඉන්දීය වෙරළ ආරක්ෂක බලකායේ අත්අඩංගුවට පත්වීම ක්‍රමයෙන් අඩුවෙමින් පවතින බව ද රාජිත සේනාරත්න අමාත්‍යවරයා පෙන්වා දෙයි.

ඉන්දීය අත්අඩංගුවේ පසුවූ ධීවර කාර්මිකයින් සිය දෙනා සහ ධීවර යත්‍රා 21ක අතුරින් ධීවර කාර්මිකයින් 94 දෙනෙකු සහ යාත්‍රා 20ක් නිදහස් කර ගැනීමට හැකි වු බව හෙතෙම පවසයි.

නිදහස් කෙරුණු ධීවරයින් අතුරින් 81 දෙනෙකු සහ යාත්‍රා 15ක් ශ්‍රී ලංකාවට පැමිණ ඇති අතර සෙසු ධීවර කාර්මිකයින් 13 දෙනා සහ යාත්‍රා හය ඉදිරි සතියේ දී ශ්‍රී ලංකාවට පැමිණෙනු ඇති බව රාජිත සේනාරත්න අමාත්‍යවරයා කියා සිටියි. 

දේවාරූඪයෙන් මුදල් වංචා කළ කතට 50,000ක ඇප

Mar 05,2011
දේවාරූඪයෙන් රෝගීන් සුවකිරීම, නිධාන හා රැකියා ලබාදෙන්නේ යැයි පවසමින් රුපියල් ලක්ෂ විසිතුනහමාරක් වංචා සහගත ලෙස ලබාගත්තේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතව සිටි කාන්තාවක් මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් ඒ. එම්. එන්. පී. අමරසිංහ මහතා රු: 50000 ක මුදල් ඇප හා ලක්ෂ 15ක ශරීර ඇප මත මුදාහැරීමට නියෝග කළේය. මෙලෙස මුදාහැරීමට නියෝග ලැබුණේ ආඬිඅම්බලම කෝවින්න ප්‍රදේශයේ කාන්තාවකටය.
කටුනායක හා ආඬිඅම්බලම ප්‍රදේශයේ පදිංචි කාන්තාවන් තිදෙනෙකුගෙන් හා පුද්ගලයන් දෙදෙනකුගෙන් මෙලෙස මුදල් වංචා සහගත ලෙස ලබාගෙන තිබේ. මේ තැනැත්තිය ආරූඪ වී පූජාවට්ටියට මුදල් තබන ලෙස පැමිණිලිකරුවන්ට දැනුම් දෙයි. එක් කාන්තාවකට ලක්ෂ 5 ක් තබන ලෙස දැනුම් දුන් විට ඇය අදිමදි කරමින් සිටියේය. මෙලෙස දේව ආශිර්වාද ලබා ගත්තේ නැත්නම් දරු දෙදෙන මිය යන බව සැකකාරිය ආරූඪ වේශයෙන්ම පවසා තිබුණි. පැමිණිලිකාරිය ලක්ෂ 5 පූජාවට්ටියට තබා ඇත්තේ ඉන් අනතුරුවය.
එක් අයෙක් කටුනායක ගුවන්තොටුපළේ රැකියාවක් ලබාගැනීමටද, තවත් තැනැත්තියක් ඉඩමේ තිබෙන නිධානයක් ලබාගැනීමටද මුදල් දී ඇත. නීතිඥ ගොඩ්ප්‍රිකුරේ මහතාගේ මෝසමකට අනුව නඩුව කැඳවා තිබුණ අතර මාසයේ තුන්වන සතියේ සෑම ඉරුදිනකම සැකකාරියට මීගමුව විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ පෙනී සිටින ලෙස නියෝගයේ වැඩිදුරටත් සඳහන්ව තිබූ අතර විදේශ ගත වීමද තහනම් කර තිබුණි

No comments:

Post a Comment